Sunday 21 August 2011

සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English?


මේ පෝස්ට් එකට මුල් වුනේ මං සිකුරාදා දාපු "පෙම්බර මධු කාගේද?" කියන කතන්දරේ නං නෙමේ. හින්දි උර්දු හෝ ඉන්දියානු චිත්‍රපට ගීතවල තනුවලට සිංහල සින්දු කියපු එක අද ඊයේ වෙච්ච දෙයක් නෙමේනේ.

පහුගිය දවස්වල පිණිපලසේ සහා මාළු ටැංකියේ ගිය සින්දු දෙකක් ගැන පෝස්ට් දෙක තමයි අද දාන මේ පෝස්ට් එකට මුල් වුනේ. ඒ දෙකේම තිබුනේ බටහිර ගීත තනු කොපි කරලා කියපු සිංහල සින්දු ගැනයි.

ඉංගිරිසි ටියුන්ස්වලට සිංහල පද දාලා ගායනා කරපු එකත්, අනාදිමත් කාලෙක ඉඳලා තිබුණු දෙයක් මේ කල්හාර ලා අළුතින් කරපු දෙයක් නෙමේ.

දැන් මෙන්න බටහිර තනුවලට අනුව හදපු පැරණි සින්දු කීපයක්. සමහර ඒවා යූ ටියුබ් එකේ තාම නෑ. (කවුරු හරි දාන්න එපායැ!).

ඉරිදා දවසේ විවේකීව බලන්න.

1. කඳුකරයේ සීතලේ - ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රාණි පෙරේරා
(මේ ඔරිජිනල් සින්දුව. වීඩියෝ එක්ක තියෙන ඒවා කියන්නේ ඉන්ද්‍රාණි එක්ක වෙනත් ගායකයෝ.)


English original - "By the rivers of Babylon" - The Melodians


English popular version - "By the rivers of Babylon" - Bonny M




2. ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ (මුල් ගායනය එම්.එස්. ප්‍රනාන්දු? මොරිස් දහනායක)

(ස්තුතියි හද ගී පොත)

English original by Harry Belafonte




3. අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී - මීනෝන් රත්නම්
(සිංහල සින්දුවේ යූටියුබ් වීඩියෝව සඳහා යෙදිය හැක්කේ සබැඳියක් පමණි.)
http://www.youtube.com/watch?v=F8qmy9EwMWY

English original by Diana Coupland in James Bond movie Dr No.




4. හැඩට වැඩට හරි සූරයෝ - එම්. එස්. ප්‍රනාන්දු වෝල්ටර් ප්‍රනාන්දු සහ ජෝතිපාල
මේ කියන්නේ නං වෝල්ටර් ප්‍රනාන්දු


English original - Obladi Oblada - The Beatles




5. ලුණු දෙහි - ජිප්සීස්


English version - Tiny Winey - Byron Lee



6. පෙම් ලෝකේ පුරා - ක්‍රිස්ටෝපර් පෝල්


English Original - Wooden Heart by Elvis Presley




මේවත් බලන්න.
ජිප්සීස් ල ගේ කුරුමිට්ටෝ :: Smurf song - Father Abraham



රෑට කමු අපි වම්බොටු - You can kiss me by Billy Towne



-කතන්දරකාරයා

ප/ලි:
මේ සින්දු හොයා ගැනීමට මට උදව් කළ මැක්ස් බූවා, අසංක බූවා සහ ලාල් බූවා කියන පොරවල් ත්‍රිත්වයට මගේ ස්තුතිය.

(image: http://rohantruth.blogspot.com/2011/06/kandyan-convention-by-rohan.html)

48 comments:

  1. ඉතිං ඔන්න ඔහොමලු වුනා කියන්නෙ නේද.. :)

    ReplyDelete
  2. විජය කුමාරතුංගගෙ පාළු රැයකදි මුහුදු වෙරළේ සින්දුව අහලා තියෙනවද?

    ReplyDelete
  3. මාරම සිංදු ගොඩක් කොපි කරලා තියෙනවනේ.

    ReplyDelete
  4. නිවී හැනහිල්ලෙ අහල බලන්න ඕනි අපේ සින්දුවද නැත්නම් අනිකද වැඩිය හොඳ කියල..

    ReplyDelete
  5. කො‍හොම උනත් අහගෙන ඉන්න පුලුවන් ලස්සන සිංදු ටික ....

    ReplyDelete
  6. මරේ මරු කසූ....මේ ගැන දැනුවත් කරාට ‍ගොඩක් ස්තූතියි....

    ReplyDelete
  7. ඇයි අර ජගත් වික්‍රමසිංහගේ "යං යං යං පාවී පාවී .. ඈත ලොවකට " කියන සිංඳුව ජපන් සිංඳුවක අමු කොපියක් නේද ?

    ReplyDelete
  8. ජෝතිගේ බහුතරයක් සිංදු ජනප්‍රිය හිංදි සිංදු ඇසුරින් නේද ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  9. චික්, සුද්දොත් මෙහෙම ජරා වැඩ කරනවද?

    ReplyDelete
  10. ක්ලැරන්ස් මහත්තයාගේ සින්දුවයි,බොනිඑම්ලගෙ සින්දුවයි කොච්චර අහලා තිබුනත් මේ කියනකං ඒක කොපියක් කියලා හොයාගන්ඩ බැරිඋනානේ........චැහ්... අවුරුදු කීයක් කියලද?

    ReplyDelete
  11. මේ ගීත වලින් මුල් එක විතරයි මම කලින් අහලා තිබුණෙ. තව කොච්චර ඇද්ද? නිවාඩු පාඩුවෙ අහන්න ඕනෙ. ස්තූතියි අයියේ

    ReplyDelete
  12. ඕං ඉතිං පේනව​නේ... අපේ දක්සකම්...!

    ReplyDelete
  13. අර ඇනෝ කියන පාලු රැයකදී සින්දුව නැද්ද ඇනෝ.
    පුලුවන්නම් දාන්නකෝ..

    කකා අය්යා ස්තුතියි නැවත් මතක් කරල දුන්නාට.

    ReplyDelete
  14. අද නම් 'සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා' ම තමා ...:D

    අර පින්තූරේ ඉන්න නිලමෙලායි, සුද්දෝ ටිකයි, ගිවිසුමක් ගහනවද 'සින්දුවල' අයිතිය ගැන?

    ReplyDelete
  15. බුද්ධි ගෙ කතාවට මාත් එකගයි ඒකට හේතුව බොනියම් ස් ලගෙ ගීතයෙ නාද මාලාව සහ ක්ලැරන්ස් මහත්මාගේ අනන්‍යතාවය ගීතය තුල ආරක්ශාවීම කියලයි මට හිතෙන්නෙ .
    සුපිරි ලිපියක් අපිත් එක්ක මේවගේ දුර්ලභ ගීත බෙදා ගැනීම පිලිබද ස්තුතියි . අද ඉරිදා දවසෙම මේ ටික අහන්න පුලුවන්

    ReplyDelete
  16. ඔන්න කතන්දර මමත් ඉංග්‍රීසි සින්දුවකින් සිංහල සිංදුවක් හැදුවා හොඳද බලන්න..ඔරිජිනල් එක මොකක්ද කියන්න පුලුවන්ද? සිංහල පද සහ ගායනය මං තුමා තමයි
    http://soundcloud.com/udithame/hima-rate

    ReplyDelete
  17. පින්තූරෙන්ම පේනව නේද අපි සුද්දට නැවෙන තරම. උන් ඉඳගෙන, අපි හිටගෙන. ඔන්න ඕකයි මම කලින් වතාවකත් කිව්වෙ නිළමෙල තමයි දුක පුන්නෙ කියල! (එක නිළමෙ කෙනෙක් මොකෝ අර අනිකකගෙ කකුළට කෝටුවකින් අනින්නෙ ? )

    ජිප්සීස්ලගෙ සින්දු බහුතරයක් කොපි උනත් අහන් ඉන්න පුලුවන් විදියට රීප්‍රොඩියුස් කොරල නැද්ද අර ක්ලැරන්ස් වගේ?

    ReplyDelete
  18. කොපි වුනත් ලස්සනයි අප්පා . කසුට ස්තුතියි මේවයේ සම්බන්ධය සොයා දුන්නට . කඳුකරයේ ගිය විතරයි කොපියක් කියල දැනන් හිටියේ . දුක් වෙන්න දෙයක් නැහැ . අච්චර හොඳ බොලිවුඩ් කට්ටියත් හොලිවුඩ් වලින් අමු අමුවේ කොපි කරනවා

    ReplyDelete
  19. Monawa unath sira sindu tika.. Thanks KK...

    ReplyDelete
  20. කතෝ මම නව පරපුර ටැලන්ට් නැද්ද කියන පෝස්ට් එකේ මේ ගැන කිව්ව.. (පොඩි ඇඩ් එකක්...) ඉන්දියාවේ ඒවුනුයි සුද්දොයි මහ ජරාම ජාතිය. විශේෂයෙන් ඉන්දියාවේ උන්. මොහොමඩ් රාෆී කියන්නෙම ජෝතිගේ සිංදු.. මිල්ටන් පෙරේරගේ ගොඩක් සිංදු උන් කොපිකරල ඒ මදිවට සංගීතය, තනුව උන්ගේ කියල උන්ගේ නමුත් දාගෙන.. "ආදරේ ඔබ මා හට නැතැයි කියා - පියල් සමග මරියසෙල්" ගේ එක ලම්බාඩා කියල ලැටින් වලින් ගහල..තව අපේ ප්‍රසිද්දම ලොක්කෙක්ගේ ගීත සෙට් එකක් පර මලයාලම් කාරයෝ කොපි කරල මම කේරලේ යාලුවෙක්ගෙන් ඇහුවේ.. මම යාලුවටත් බැන්න පතුරු යන්න.. ඔය ජෙට් එහෙම හදන්නෙත් අපෙ දඩු මොනරේ තාක්ශනයෙන් නේ.. පර සුද්දෝ.. ඉන්දියාවේ කල්ලතෝනීයෝ.. බුද්ධි මංකොල්ලකාරයෝ.. මම කාලයක් සංගීතා කියල බොගක් දැම්ම ඒකට තිසර එවපු කොමෙන්ට් එකේ කෑල්ලක් මේ
    උදා- Dean Martin (That's Amore), Trini Lopaz (This Land is Your Land), සිස වැලන්ටයින් - නිල් නුවන් (පට්ට කොපියක්), Nana Mouskouri (Never on Sunday), Lou Monte (Lazy Mary), Slipknot (Behind Blue Eyes)

    ReplyDelete
  21. අම්මේ ඔබෙ පුතෙකු වෙලා, මම එන්නම් සසර පුරා...

    http://www.youtube.com/watch?v=MjlqzKJgkLc&feature=fvst

    ReplyDelete
  22. ඔය එල්විස් උන්නැහෙත් Wooden heart සින්දුව කොපි කරපු එකක්නෙ. ඕකෙ මුල් ගීතය ජර්මානු ජන ගීතයක් වූ "mussi'denn" කියන සින්දුවයි.
    http://www.dailymotion.com/video/x3hl5k_muss-idenn-german-folksong_music

    ReplyDelete
  23. එහෙනම් මේකත් අහල බලන්න. මෑතකදී සිදුවුණු තවත් කොපි කිරීමක්..!!!

    වසන්තයේ - භාතිය සහ සන්තුෂ්
    http://www.youtube.com/watch?v=iLwrhf_KJhc&feature=related

    English Original - Air on the G String - Johann Sebastian Bach
    http://www.youtube.com/watch?v=E2j-frfK-yg

    ReplyDelete
  24. පාථ රැයකදි මුහුදු වෙරළේ සින්දුව Jamaica Farewell එකේ කොපියක්.
    www.mediafire.com/?jvry1rtlba10g35

    මෙතන තව එක එක වර්ගයේ කොපි තියනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1142161

    ReplyDelete
  25. @ඇනෝ,
    හරිම ලස්සන ගීතයක්. විරහ ගීතයක් නේද.නෙතට කදුලක් එක් කලා එය ගායනා කරන විජය කුමාරණයන්ද සිහිපත් වූ නිසා.
    ඉතින් හැමදාම ඇනෝ ලෙසින්මද ඉන්න හදන්නේ.. එදා පෙම්බර මදු ගැනත් කීවෙ ඔබ නේද? බොහොම ස්තුතියි....

    ReplyDelete
  26. මෙහෙම බැලුවම අපේ කට්ටිය මාර කොපි කිං ලනෙ..

    කොමෙන්ටුවක් නොව , පෝස්ට් එකක් නොව වෙනම බ්ලොග් එකක් ලියන්නට තරම් සිංහල ගීත අතර මෙවැනි ගීත තිබේ..

    මගෙනුත් දෙකක්...

    සුදු පාට මීදුම් ගලාලා - එච්. ආර් ජෝතිපාල
    Marguerita - Elvis Presley


    නදී ගංගා තරණයේ - චිත්‍රාල් සෝමපාල
    Many Rivers to Cross- Jimmy Cliff

    සින්දු ක්ලික් කරල අහල බලන්න...

    ReplyDelete
  27. කාලෙකට පස්සේ කතන්දර බ්ලොග් එකේ හොඳට හිතට වැදුනු පෝස්ට් එකක්....

    ReplyDelete
  28. සපතේරු උන්නැහේ,
    එල්විස් ප්‍රෙස්ලි ගේ සින්දුව අපි විතරක් නෙවෙයි, ඉන්දියාවේ ලොකු අයියලත් කොපි කරලා තියෙනවා.
    අහන්න කෝ http://www.youtube.com/watch?v=jN5lLXMYiYM
    බලාගෙන ගිහාම කවුරුත් එකයි..

    ReplyDelete
  29. කවුද බොලේ ඇලිස් ඉංගිරිසි එක මෙන්න

    http://www.youtube.com/watch?v=CsrfovOPcjk

    මම සංගීතය ගැන වැඩිය දන්නෙ නෑ. එකම රාගයෙන් සිංදු දෙකක් හැදුවොත් ඒවයෙ ස්වර එකම වගේ වෙනව නේද ?

    ReplyDelete
  30. මාර කොපි කැට්ස්ලනෙ අලෝ ශුද්දො

    ReplyDelete
  31. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    හෙට සිට නැවතත් සුපුරුදු "කතන්දර" බලාපොරොත්තු වන්න.

    සැපෙනි, සැපවේවා!

    ReplyDelete
  32. නියම කතන්දරය! දැනගෙන හටියේ නැති කොපි(කොපි කිව්වට වුනාට මම ඒවට විරුද්ධ නෑ!) කීපයකුත් දැනගත්තා. මේක දැක්කම මට මීටර්වුනා මේ ක්ලැරන්ස්ගේ “හිරු සඳු මැකිලා“, ඊටපසසෙ “රන්ටිකිරි සිනා“, තව “මීදුම් ගලා කන්දේ“ අනේ මන්දා ලිස්ට් එක දිගට දිගට යනවා :D

    ReplyDelete
  33. ගී තනු කොපි කිරීම ගැන වචනයක් දෙකක් කියන්න ඕනෑ. මං කුඩා කාලයේ වැඩිහිටි ඥාති සහෝදරයෙක් එක්ක වාදයකට පැටළුනා. මගේ තර්කය වුනේ, ලස්සන සිංදු (සිංහල) ඔක්කොම හින්දි කොපි කියන එක. අයියා කිව්වා එහෙම නෑ මෙහෙම මෙහෙම ගායකයො ඉන්නවා කියල. ඒ දවස්වල මමත් රසවින්දනය අතින් දුර්වලයි, කුඩා කාලෙ නිසා වෙන්නැති. අමරදේව මාස්ටර්ගෙ සිංදු එහෙම කම්මැලි සිංදු හැටියටයි දැනුනෙ. ජෝති, ඇන්ජලින්, සුජාතා නැගල ගිය කාලෙනෙ.
    කොහොම වුනත්, ජෝතිලා එහෙම හින්දි තනු කොපි කරපු බව ප්‍රසිද්ධ කාරණයක්. ඒ වුනාට වික්ටර්ලා එහෙම තත්වෙක හිටියෙ නෑ. "කළාතුරකින් අපිත් කොපි සිංදු කියල තියෙනවා" කියල මං දන්න තරමට වික්ටර්ලා කියලත් නෑ.
    "පිදුරු සෙවි කළ පැල්පතේ" කියන සිංදුවට මං ආසයි. ඒත් ඒක ස්වතන්ත්‍ර නිර්මාණයක්ලු. මගේ කුඩා කාලෙ තර්කය කැඩිල. "පෙම්බර මධු මගේ" සිංදුවත් මං ආස සින්දුවක්. තර්කය කැඩිලා නෑ.
    ඒත් දැනටත් බොහොමයක් පැරණි හින්දි කොපි වලට මං ආසයි. (අලුත් ඒව බොහොමයක් මට අල්ලන්නෙ නෑ)

    ඒ වගේම අද පෝස්ට් එකේ තියෙන සමහර සිංහල සිංදු වලටත් මං ආසයි. බටහිර තනු වලින් ලස්සනට කොපිය ගහල තියෙනවා.

    ගී තනු කොපි කිරීමේ දක්ෂකම වෙන්නෙ වචන ගැලපීමෙ අඩුවක් නැතුව ඒක කරන එක. හින්දි තනු කොපි කරන්න දක්ෂතමයා මං හිතන්නෙ කරුණාරත්න අබේසේකර ශූරීන්. ඒ වගේම, අංගුලිමාල චිත්‍රපටියෙ බුද්ධං සරණං ගච්ඡාමි ගීතයනම් තනුව විතරක් නොවෙයි අදහසත් කොපි කරපු ගීතයක්. (ඒක හඬ කවපු චිත්‍රපටියක්).

    විශ්ව මාධ්‍යයක් වූ සංගීතයෙදී තනුවත් කොපි කිරීම නරක දෙයක් කියල මං හිතන්නෙ නෑ. ඒත්, මං ගායනා කරන්නෙ ස්වතන්ත්‍ර නිර්මාණ විතරයි කියාගෙන කොපි ගහන එකනං හරි මදි.

    අනිත් එක, බෙංගාලි තනු කොපි කරල හෝ ඒවායෙන් ආභාෂය අරගෙන ගායනා කරපු සිංහල ගීත තියෙනවා.

    හැබැයි එකම රාගයෙන් හදන වලට එකම තනුව වැටෙන එක ඉතාම අහඹු සිද්ධියක්. ඒක වෙන්නම බෑ වගේ මං හිතන්නෙ.

    ලෝකෙ සිහිනයක් වගේය ලෝකෙ...(මොහිදීන් බෙග්)සිදුවට ටිකක් සමානයි නේද ගීත දේවි ශ්‍රී සරසවි..... (මේක ජනක් ජනක් ෆායල් බජී චිත්‍රපටියෙ නෛසෙ නෛසො මහිමිලාවො සිංදුවේ තනුව)සිංදුව.

    තවත් එකක්.
    "මෙරා ජීවන් කොරා කාගස් ඔරහි හෝ ගයේ" කියන සිංදුවෙන් නෙවෙයි "සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා" කොපි කරල තියෙන්නෙ.
    -ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  34. ඕකනේ මං කිව්වේ ස්ව තන්ත්‍ර සින්දු හිගයි කියලා. මට මතක වෙන්නේ දෙන්නයි. රන්වල [දේශීය ජන ගී කොපි කර ඇත], හා කේමදාස. දෙවැන්නා වුනත් කොපි කරන්න ඇති, ඒත් බුවා කරන ස්කේල් එකේ අපිට අහු වෙන්නේ නැහැ.

    ඔය රූකා ගේ පට්ට ටියුන් මධ්‍යම යුරෝපයෙන් ගත්තුවා ලු. අමරේ මාමා ගේ නිම්හිම් හෙවීමත් ජර්මනියෙන් කොපි කල බව අසා ඇත. එක පට්ට වෝල්ට්ස් ටියුන් එකක්. දන්නා අය ඉන්නවනම් ගනින්න වන් ටූ ත්‍රී. ආ කේ සුජීවා කෙල්ලගේ වැඩේම ආසියානු ආශ්චර්ය [චීනය] දිහාවෙන් කොපි කරන එක නේද?

    සුනාමියක තේරුම දෙන සේකර ලියු [දන්නා තරමින්] ඇල්විටිගල ටියුන් කල අමරේගේ "සිනිදු සුදු මුතු තලාවේ" ගීතය ස්වතන්ත්රද?

    ස්වම ස්ව තන්ත්‍ර හොයන එක වඩාත් අමාරුයි වගේ.

    ස්තුතියි සින්දු වලට. නෙට් එකෙන් බ්රේක් එකක් ගන්න හැදුවා විතරයි මෙන්න කට්ටිය ඇවිස්සෙන ටොපික් වලට බැහැලා.

    ReplyDelete
  35. බය් ද රිවර්ස් ඔෆ් බැබිලන්, කොඩි ගහ යට, ඉස්සර ඉඳලම ආසාවෙන් අහපු සින්දු.
    "කොඩි ගහ යට" හතර දෙනාම සුරයෝ චිත්‍රපටයේ ගාමිණී, විජය, ජෝ සහ දැන් මතක නැති නළුවෙක් නටමින් කියනවා මතකය්.

    ක. ශු. ආචාර්ය මිණිවන් පී. තිලකරත්නගේ පොත් දෙකක් හම්බ වෙලා කියෙව්ව. "කන්දෙන් ලන්දට" සහ "උසාවි සාවිය"

    ReplyDelete
  36. අර පෙම් ලෝකේ පුරා එකේ ඉංගිරිසි එක මම සොය සොයා හිටියේ මහත්තයෝ නම නොදන්නා නිසා... ඒකට බොහොම තුති...නනා මොස්කූරිත් ඒකෙම ජර්මන් ව‍ර්ශන් එකක් කියනවා නේද...?

    "ඔබ දකින්නට කාලෙකට මම" කියන්නේ මොරිස් දහනායක...

    මේක අපූරු පෝස්ට් එක...!
    ජය...!!

    ReplyDelete
  37. මම ටිකක් විතර පරක්කුයි වගේ.....

    මෙන්න මේ සින්දුවත් බල්ලනකෝ,

    නීලා වික්‍රමසිංහ කියන දවසක්දා ඒ වසන්ත සැණකෙළියේ

    මෙන්න බීච් බෝයිස්ලා නීලගෙන් කොපි කරපු Then I Kissed Her සින්දුව....

    ReplyDelete
  38. කතන්දර මේ සංවාදය දිගට අරන් යන්න බැරිද? තව තවත් සින්දු මතුවෙනවා. මේ පෝස්ට් එක යටපත් නොකරන ක්‍රමවේදයක් තියේද?

    ----------
    ජිප්සීස් ල මේ වැඩේ කොරේ බිස්නස් ඒකට.

    බැඳලා බැඳලා මම දැන් බැඳලා

    ආදරේ ඔබ මා හට ඇතිද කියා

    මං දන්නා තරමට "සිත සැනසුම දෙන්න සොයා" ගීතයටත් "කොපියක්" තියේ.

    කොටින්ම පොරවල් ඒ කාලේ එන ජනප්‍රිය ඉංග්‍රීසි සින්දුවට එහෙම්ම සිංහල එකක් ගහනවා. හොර බොරු වංචා නැහැ එළිපිටම.

    සුනිල්ගේ "යෙහෙළිය" කොරිනුත් වැඩේ ඇරියේ නැහැ ඔන්න.

    මීට ටිකක් එළියෙන් තියෙන සිද්ධියක් ගීත පරිවර්තනය කිරීම: "කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ" Long time ago in Bethlehem [Mary's boy child - Boney M] කියන ගීයේ පරිවර්තනයක් වන අතර where are you going my pretty maid ගීය කොහෙද යන්නේ රුක්මනී ලෙස පරිවර්තනය කර ඇත [අපි කලිනුත් කතා වුනා].

    එතකොට ඇන්ටන් පප්පගේ "සීගිරි ගිරිසිකරය" මෙන්න මේ සින්දුවේ පාෂල් කොපියක් ද?

    කට්ටිය කතාව පවත්වා ගෙන යන්න.

    ReplyDelete
  39. @උදිත;

    තනුව කොපි කලාට අවුලක් නැහැ. ඔබේ නිර්මානාත්මක හැකියාව ගැන මා පුදුම වුනා. ඉතාමත් හර්දයාංගම ගීතයක්.

    ආයිත් වැඩක් කලත් දැනුම දෙන්න. හැකියාව මිය යන්න දෙන්න එපා.

    ReplyDelete
  40. sitha sanasuma denna soya geethaye mul geethaya mokakda kiyala mata hoyala denna plz

    ReplyDelete
  41. මේ තියෙන්නේ මගේ බොලොගය මෙතැන අපේ උදවිය අනුකරණය කරපු ගීත 755 ක ඔරිමජිනල් ගීත ගැන තොරතුරු තියෙනවා
    http://lakmalbalapitiya.blogspot.com/2011/07/original-versons-of-sinhala-songs.html
    මේ තත්ත්වය අනාගතයේදී හෝ නිමාවෙවා................!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. අනාගතයේ හෝ මේ කොපි කිරීම නිම වේවා! ලක්මාල් බලපිටිය මේක ගෙඩි පිටින්ම කොපි කර ඇත්තේ මේ අඩවියෙන්

      Delete
  42. බලපල්ලකො ඒකෙත් හැටි, පර සුද්දන්ට ගීතයක් හදන්නත් හෙළයින්ගේ ගීත කොපි නොකර බෑ වගේ

    ReplyDelete
  43. එල්විස් ප්‍රෙස්ලි ගායනා කරන Wooden Heart නමැති ගීතය පැරණි ජර්මන් ජන ගීයක් වන Muss-i-denn හි කොපියකි.

    ReplyDelete
  44. මෙහි සඳහන් කර ඇති The Chordettes විසින් ගායනා කරනු ලබන Never on Sunday යන ගීතයත් ග්‍රීක චිත්‍රපට ගීයක් වන Melina Mercouri විසින් ගායනා කළ Τα Παιδιά του Πειραιά (Ta Paidia Tou Piraia) හි කොපියකි.

    ReplyDelete
  45. මරු ලිපියක්, එළකිරි සින්දු ටික :D

    ප.ලි. :- කොමෙන්ට් කරපු මේ සමහරුන්ගේ 'sarcasm'ද මෝඩකමද කියල මට තේරෙන්නේ නෑනේ....

    ReplyDelete
  46. Check this for more of these kind of songsl. This is my blog..http://rakee677.blogspot.com/

    ReplyDelete
  47. දවසක් දා රෑ වසන්ත සැනකෙළියේ
    https://www.youtube.com/watch?v=dEuWedvQcgo
    then he kissed me
    https://www.youtube.com/watch?v=cE_jOD2Fxvs

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.