Monday 13 February 2012

බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!

හැම තිස්සෙම ලංකාවට කෙලවන්න බලන් ඉන්න බැංකි මූන් ගොයියා දන්නවා නේද?

අර පොඩි ළමයින්ට මංචී බිස්කට් දෙන්නේ, අන්න එයා ගැන තමයි මේ කියන්නේ.

මෙන්න බැංකී මූන් ගේ නවතම කුමන්ත්‍රණය හෙලිවෙලා!

පොර මේ සෙට් වෙන්නේ අර බටහිර කුමන්ත්‍රණවාදී සමරිසි කෑලි ලංකාව වගේ රටවල්වලත් වැඩි දියුණු කරන්නයි. මෙයා දැනටම මේ වැඩ සටහන පටන් අරං තියෙන්නේ අප්‍රිකාවෙන්.

මෙන්න බලන්න බොරු නම් මේ ප්‍රවෘත්තිය.


කුමන්ත්‍රණයේ වැඩි විස්තර මෙතනින් බලන්න.
http://allafrica.com/stories/201201290023.html

ගේ-ලෙස්බියන් සමරිසි අයගේ අයිතිවාසිකම් අනිවාර්යෙන්ම රකින්න ඕනෑය කියලා බැංකි-මූන් අප්‍රිකානු නායකයින් ට තරවටුවක් කරලා වගේ!

පොර ඊලඟට එයි ලංකාව වගේ අපේ කලාපයේ රටවල්වලටත් උපදෙස් දෙන්න.

හැබැයි අප්‍රිකාවේ නායකයෝ නං ඔය පිටතින් එන විවේචන වලට මෙච්චර කලක් නං බයවෙලා නැති පාටයි. උන්ට නැට්ටටම තදවෙනවා ලු මේ වගේ අප්‍රිකානු සංස්කෘතියට පිටස්තර දෙයක් වෙන ගේ-ලෙස්බියන් සමරිසි අයිතීන් ගැන විවේචන ඇහෙන කොට.

ඕනෑම සමරිසි සම්බන්ධයක එක සහකරුවෙක් ගැහැණිය ගේ භූමිකාවයි, අනෙත් සහකරුවා පිරිමියාගේ භූමිකාවයි කරන බව අහලා ඇතිනේ.

උදාහරණයක් විදියට එලන් ඩිජෙනරස් සහ පෝෂියා ඩීරෝසී විවාහයේ එලන් තමයි මිනිහා. එල්ටන් ජෝන් සහ ඩේවිඩ් ෆර්නිෂ් ගේ විවාහයේ එල්ටන් තමයි ගෑණි.

අපේ ව්‍යවස්ථාවෙන් ගෑණියෙක් මිනිහෙක් කරන්නයි, මිනිහෙක් ගෑණියෙක් කරන්නයි බැරි බව හිටපු ජනාධිපති ජේආරුත් කිව්වනේ.

ඒ කියන්නේ ඔය ගේ-ලෙස්බියන් සමරිසි වැඩ ලංකාවටත් ගැලපෙන්නේ නෑ!

බැංකි මූන්, කරුණාකර ඔහේ ගේ මේ ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය අකුලාගන්න.

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි.

අදාල වෙනත් ලිපි කීපයක් මෙන්න.
1.සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena
http://kathandara.blogspot.com.au/2011/08/homosexuality-is-natural-tendency-dr.html

2. අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?
http://kathandara.blogspot.com.au/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

(images: http://www.thesuperficial.com/ellen_portia_de_rossi_getting-05-2008
http://www.profindsearch.com/news/2005/12/21/PFS1351.htm)

66 comments:

  1. බැංකියා "ගේ" යැංකි සටන පරදවමු
    (විමලේ අය්යා දාමුද මේ පාරත් උපවාස පාරක්)

    ReplyDelete
    Replies
    1. හැබැයි මංචී ලෙමන් ෆෆ් ඕනෑ!

      Delete
  2. සමලිංගිකයන් යනු විකෘති තත්වයකි.එය සමාජ සම්මතයට ගෙන ඒම පරිහනයේ උත්සාහයකි.

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්නේ ෆැන්ටසියක කියල පේනවා

      Delete
    2. උඹේ ෆැන්ටසි ලෝකෙන් එළියට වරෙන් මිත්‍රයා!

      Delete
    3. මානසික රෝගීන් විකෘති තත්වයන්ය.. ඔවුන් සමාජයට ගෙන ඒම????

      Delete
    4. හරියටම හරි මේක මානසික ව්‍යාධියක්

      Delete
    5. අපි හැමටම එක එක ආකාරයේ මානසික ව්‍යාධි ඇත!

      Delete
  3. කකාගේ පෝස්ට් වලින් අපේ සංස්කෘතියට හානි වෙනවා. මේ වගේ මාතෘකා පිළිබඳ ලියවෙන බ්ලොග් වහලා දාන්න ඕනේ! මෙව්වා කියවන පොඩි ළමයි නරක් වෙනවා. ;)

    ReplyDelete
    Replies
    1. මෙව්වා කියවන පුසෝ නරක වෙන්නේ නැද්ද ?

      Delete
    2. ඤාව්

      Delete
    3. මැද්දට පැන්නට තරහ වෙන්න එපා. පූසා 100%ක් සමරිසි විරෝධී සතෙක්. ඇත්තටම ඌ සම රිසි නෙවෙයි සමවිරෝධී සතෙක්. ගොඩක් වෙලාවට මහ පූසන්ගෙන් පූස් පැටව් (පිරිමි) බේර ගන්න හරි අමාරුයි, මරල දානවා.

      Delete
    4. ඇනෝ : මෙව්වා කියවලාම තමයි මම නරක් වෙච්චි තරමක් නරක් උනේ! :D

      ටැෆික් ඇනෝ : පූසා සමවිරෝධී සතෙක්නේ එත්කොට සමරිසි වෙනත් සත්තු වර්ග ඉන්නවද? ඇත්තටම නොදන්න නිසයි අහන්නේ....

      Delete
    5. ඔව් ඇත්තටම ඉන්නවා. ඒක සත්ව ලෝකයේ ස්වාභාවික තත්වයක්, නමුත් පරිණාමික වශයෙන් කෙලින්ම ධනාත්මක බලපෑමක් නැතිවුනාට.

      Biological Exuberance: Animal Homosexuality and Natural Diversity
      කියන පොතේ මේ ගැන තිබුනා.
      Bruce Bagemihl is a Canadian biologist, linguist, and author of the book Biological Exuberance: Animal Homosexuality and Natural Diversity
      Biological Exuberance cites numerous studies on some 300 species (see List of animals displaying homosexual behavior) showing that homosexual and bisexual behaviors are common among animals and proposes a theory of sexual behavior in which reproduction is only one of its principal biological functions.[3] Bagemihl proposes that group cohesion and lessening of tensions, seen for example among bonobos, are other important functions of sexual behavior.

      Delete
    6. ස්තූතියි dawkinssdodo. හොයාගෙන කියවන්න වටින පොතක් බව පේනවා. ඒත් මගේ ඉංග්‍රීසි පොත් කියවීමනම් බොහොම දුර්වලයි. මම මෙච්චර කාලෙකට ඉවරවෙන්න කියවලා තියෙන්නේ එකම එක ඉංග්‍රීසි පොතක් විතරයි.(ඉගෙන ගන්න දේවල් වලට අදාල පොත් හැරුනාම)

      Delete
    7. ඩෝකින්ස්ඩෝඩෝ - ලිපියක් ලියලා තියෙනවාද මෙතන ලින්ක් එක දාන්න? බැලුවා දුටුවේ නෑ!

      Delete
    8. ස්තුතියි කතන්දර.

      තාම සමරිසි ගැන යමක් ලියා නැත.

      Delete
  4. මේ කොමෙන්ට් එක අර ලින්ක් එකට අදාළවයි. (මං ඒ පෝස්ට් එක බැලුවෙ අදනෙ). ඔය සිද්ධිය වුනා කියන්නෙ සෙකියුරිටි ගාඩ්ල දෙන්නෙක් අතර නෙවෙයි, සෙකුරිටි භාරව හිටපු ඩිරෙක්ටරයා සහ උගේ ඇසිස්ටන්ට් අතර. මාත් ඒ කාලෙ එහෙ වැඩ කළ නිසා මේක අමූලික ඇත්තක්. අනික, ඒ සෙකුරිටි ඩිරෙක්ටරයා අපට පෙන්නන්න බෑ ඒ දවස්වල.

    ReplyDelete
  5. කොමෙන්ට් කරන්න ඕනැ පරණ පෝස්ට් වලට නෙවෙයිනෙ.
    අප්රි්කාව කෙසේ වුවත් ලංකාවෙනං ඕකට පක්ෂ එවුන් සෑහෙන්න ඉඳියි. ලොකු ගැටුමක් වෙන්නත් බැරි නෑ. ඉස්සෙල්ලාම ඇර ගන්නෙ බ්ලොගර්ස් ලා. පේනවනේ සිංදුවක් හැදුවත් ලොකු ෆයිට් එකක් දෙන හැටි.

    ReplyDelete
    Replies
    1. වලි නං වලි!
      සාමෙ නං සාමේ!

      Delete
  6. මං ඇනෝ හැටියට ඇවිත් කුණූ හරප කොමෙන්ට් දාලා මාට්ටු උනා හයියෝ.
    මගේ මුරපදේ උස්සලා
    ඌඌඌඌ.......................

    (නුඳුන් රණවීරගේ අක්කා රංදිකා රණවීර)

    ReplyDelete
    Replies
    1. මේ මොන අංඩර දෙමලයක්ද, මේ?

      Delete
  7. අර සින්දුවට බැනපු එක වගේ මේකත් ජනප්‍රිය කරගන්න පුලුවන්ද කියල කතන්දර කරය පොඩි ටෙස්ටින් පාරක් මේ දාන්නේ.... අපි අහුවය් ඔව්වට

    ReplyDelete
    Replies
    1. මොන සින්දුවටද මං බැන්නේ?
      අනික බැංකි මූන් ජනප්‍රියයි කොහොමටත්!

      Delete
  8. මොනවද මේ කතා...... සමරිසි අයිතිවාසිකම් ගැන කතාකරන අයට කට හොලවන්න බැරිවෙන්න නිසි තැන මේ රටේ දීල තියෙනවා .... ඕනි නම් බලන්න විපක්ෂේ පැත්තේ

    ReplyDelete
    Replies
    1. බැංකි මූන් එහෙනං එන එකක් නෑ?

      Delete
  9. කිඹුලත් බඩගින්නට කිරිමැටි කනවනෙ...

    ඔය කෙල්ලොන්ගෙ නවාතැන් පලවල්වල තමයි මම හිතන්නෙ වැඩියෙන්ම සීන් යන්නෙ... මමත් ලිවුව ඔහොම සීන් එකක ගැන

    http://mamaiarui.blogspot.com/2011/09/blog-post_30.html

    ReplyDelete
  10. මේ වැඩපිලිවෙල පරද්දන්න අපි මොකක්ද කරන්න ඕන? මට හිතෙනඑක කියන්න බෑ. :;-)

    ReplyDelete
  11. මේ ලඟදී ක්ලින්ටන් නෝනාත් තරවටුවක් දාලා තිබුනා ඔය ගැනම කියලා... හැබැයි ඉතින් කවුරු කලත් අරාබි කාරයාත් එක්ක ඔය සෙල්ලන් දානවා බොරු.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඔව්ව කියා කියා වෙන්නේ නෑ. පිලිපින් ගේ උන් ගෙනියන්න එන්නේ හෙන පත කාර් වලින්,

      Delete
    2. හැබෑව...මං කිව්වේ ක්ලින්ටන් නෝනාගේ තරවටුව අරාබි කාරයෝ අහන්නෑ කියන එක.

      Delete
    3. එහෙනං යැංකි ඇජෙන්ඩා එකයි බැංකි ගෙනියන්නේ!

      Delete
  12. අනේ මන්දා. අපි නම් ඉතින් තාම පොඩි එවුන්නේ. මම දන්න විදියටත් ඕක මානසික ව්‍යාකූලතාවයක්.

    ReplyDelete
    Replies
    1. අනේ මේ බබාත් දන්න දේවල්!

      Delete
  13. සමරිසි කියන්නෙ ලෙඩක් වුනත් නොවුනත් ස්වාභාවික දෙයක් වුනත් නොවුනත් මෙතනදි සැලකිය යුතු කාරනාව තමයි ඕක කරන්නෙ බැංකි මූන් කියන කාරනාව.
    කවුරුවත් ඒ ගැන කතා කරන්නෙ නෑ වගේ.
    බැංකි මූන් හදන්නෙ සමරිසි මුවාවෙන් අන්තර් ජාතික කුමන්තරණයක් බවට විචාරකයෝ මත පළ කරල එහෙම නැද්ද කියල හොයල බැලුවනං හොඳා.

    ReplyDelete
    Replies
    1. ඒකට මූලිකත්වය දෙන්න තමයි මං මේ සමාජමාමක එලිදරව්ව කළේ!

      Delete
  14. //ඒ කියන්නේ ඔය ගේ-ලෙස්බියන් සමරිසි වැඩ ලංකාවටත් ගැලපෙන්නේ නෑ!

    බැංකි මූන්, කරුණාකර ඔහේ ගේ මේ ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය අකුලාගන්න.//

    ජය වේවා.... මේවා නීතිගත කරන්න කියන්නේ මානසික අසහන කාරයෝ

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට වෙද මහත්තයා අතවරයක් වත් කළාද?

      Delete
    2. බැංකි මූන් නං හොදටම අසහන කාරයා නේ!
      එකනේ නිකං කාලා ඇඳලා ඉන්නේ නැතුව අපේ රටේ ප්‍රශ්ණවලටත් අත දාන්න ආවේ!

      Delete
  15. Replies
    1. හිච්චි ඇගිල්ලා . . . තෙල් මිරිස් කන ලොල්ලෙක් ඇල්ලුවොත් . . . ඌයියා . . . !!!

      Delete
  16. මේකෙත් ඩිලීට් බට්න් එක නැහනේ, නැත්තං කොමෙන්ට් එකක් දාල මකල දාන්නවත් තිබ්බ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ ඩිලීට් බට්න් එකට මොකද වුනේ. රිප්ලයි ආවට පස්සේ ඒක අතුරුදහන්!

      Delete
    2. Reply ඇවිල්ලත් ටික කාලයක් Delete තිබුන. ඉස්සර කොමෙන්ට් වල වෙලාව වැටෙන්නෙ බ්ලොග් එකේ වෙලාව අනුව, දැන් වැටෙන්නෙ මගෙ හිතේ ඇමෙරිකන් වෙලාවක්ද කොහෙද.

      Delete
    3. Above comment was made at 0434 PM [Perth time]

      Delete
  17. එහෙනම් බැන්කිට මුලින්ම අරින්නේ පංචායුධ මාමා. මතකකේ හොරෙන් බිස්කට් කාපු ස්ට්‍රයික් එක

    ReplyDelete
  18. ගේ කුරුළු සීන් කොහෙද අපි ඉන්නකං.....බැංකියා ආ දෙන්කො මෙහෙට

    ReplyDelete
    Replies
    1. බැංකි මූන්ලට එන්න කියාපිය
      මේවට උත්තර දෙන්න කියාපිය!

      Delete
  19. ජනගහනය වැඩි වීමටත් ගෑනුන්ට පිරිමින්ගෙ ගෙම්බර් (ආඩම්බර කම් )බැලීමටත්, පිරිමින්ට ගෑනුන්ගෙ ගෙම්බර් බැලීමටත් ඇති විසඳුමක්. ඒ නිසා මෙය නවත්වනවා බොරු.
    කක්කා පැත්තටත් අගයක් ලැබීමට විරුද්ධ කුහකයෝ!
    වම්බටු ආදී එලවලු වර්ගවලට තැනක් එනවාට විරුද්ධ බෝංචි වැටකොලු පතෝල බංඩක්කා ගොවියෝ?

    ReplyDelete
  20. ගොඩක් අයට sarcasm තේරෙන්නේ නැති හැඩකි :D

    ReplyDelete
  21. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

    මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි.
    බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.

    read more

    http://andarademala.blogspot.com/2012/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. එකම කමෙන්ට් එක හතර තැනකම දාන්න වුනා නේද?

      Delete
    2. හුඟක් අය හිතන්නෙ අනිත් බ්ලොග් කියවන්නෙ ඒ අය විතරයි කියල

      Delete
  22. අපෙත් සෙට් එකක් බැහැලා කොන්ඩම් එකක් මොකක්ද ක්‍රීම් එකක් බෙදලා කියලා පත්තරේ දැක්කා..

    ReplyDelete
  23. කක මොකද ලෙස්බියන් සීනුයි ගේ සීනුයි ගැනම වැඩි පුර හොයන්නෙ ? :D

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් හොයන්න ඕනියැ, මේවා පත්තර කෑලිවල තිබිලා ඇහැගැටෙන ප්‍රවෘත්තිනේ!

      Delete
  24. ගේ සීන් එකේ ඇක්ටිවු නං අවුලක්ම නෑ කියමුකො . . පැසිවු උනාම හෙන කරුමයක් වගේ ඇති නේද ??? හාල් සේරුවයි . . එක බෙට්ටයි !!

    ප.ලි.
    මට මතක් උනා මෙයා සිංදුවක් . . .

    මලේ . . . මටත් හිතයි කරන්න ආදරේ . . .

    ReplyDelete
  25. උඹල මේ නොදන්නා දේවල් ගැන නොබුර හිටු.
    සමලිංගිකත්වය ඇක්සෙප්ට් කරන එක සන්ගිස්කෘතික දියුණුවේ ලක්ෂණයක්. ඒක තේරුම් ගන්න බැරි බොලා බ්ලොග් ලිව්වත් හණමිටි කරුවෝ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.