Saturday 9 February 2013

කවියක් සින්දුවක් කරන හැටි - A new song by Hemal Jayawickrama


සින්දු කවි කරන හැටි නම් අපේ කෂ්ටියට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ නේ! බොහෝ විට දිනපතා ම, සතිපතා ම හෝ මාස්පතා ම කරලා සෑහෙන්න එක්ස්පීරීයන්ස් තියෙනවා මට නම්.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය කවියක් සින්දුවක් කරන විදිය ගැනයි. පාඩම් පොතක විදියට පියවරෙන් පියවර නෙමෙයි, එකෝම එක උදාහරණයකින්.

මෙන්න අහවලා ලියපු කවියක්.

දුරු රට පෙම්වතිය

නැගී දිලේවා සඳ අම්බරයේ
පිපී සැලේවා තරු මන්දාකිණියේ
නිමා නොවේවා මේ සුන්දර සිහිනේ
සදා ඔබෙයි මා පින්බර ළඳුනේ

වෙලිලා සීතල සුළඟේ
නැගිලා සුදු වළා රොදේ
පාවී එන්නම් මෙලෙසේ
පෙම් ගීයක පද විලසේ

යොදුන් ගනන් දුර දෙරණේ
තනි කමක් දැනේදෝ
සැබෑ ලොවේ නොව සිහිනේ
ඔබ මගේ නොවේදෝ


ඕක මං හිතන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් ලියවුණු එකක්.

කවිය ඔහොම තිබුණට සින්දුවක් වෙන්නේ නෑ. ඒකට මුලින්ම තනුවක් ඕනෑ.

ඔන්න තනුව දැම්මා හේමාල් ජයවික්‍රම.

නමුත් තනුවට ගැලපෙන්න නම් කවිය එහෙන් මෙහෙන් කෑලි කපලා, කෑලි අල්ලලා, අළුත් පද දාලා වෑල්ඩිං කරලා ගන්න වුණා.

කෝරස් කෑල්ලේ දෙවෙනි සහ තුන්වන පදවල මාත්‍රාවක් වැඩියි. කපලා දැම්මා කීස් ගාලා.

නැගී දිලේවා සඳ අම්බරයේ
පිපී දිලේ තරු මන්දාකිණියේ
නිමා නොවේවා සුන්දර සිහිනේ
සදා ඔබෙයි මා පින්බර ළඳුනේ


කෝරස් කිව්වාට ඒ කෑල්ලෙන් "සදා ඔබෙයි මා පෙම්බර ලඳුනේ" කොටස විතරයි කෝරස් වෙන්නේ.

මුල් වර්ස් එකේ දෙවෙනි පදේ දිග මදි හේමාල් ගේ තනුවට. ඉතිං හේමාල් වචනයක් වාත්තු කළා එතනට. ඒ මදිවට වර්ස් සෙට් දෙකට තව පදය ගානෙත් දැම්මා.

වෙලීල සීතල සුළඟේ
නැගීල සුදු මුදු වළා රොදේ
වෙලීල සීතල සුළඟේ
නැගීල සුදු මුදු වළා රොදේ
පෙරාල ගී රස සවනේ
පාවී එන්නම් මෙලෙසේ
පෙම් ගීයක පදවැල් විලසේ


සෑහෙන කාලයක් ගියා ඔය ඔපරේෂොන් එක ඉවර වෙන්න.

සංගීතය දැම්මා අශෝක් සිටිනාමලුව.

මෙන්න අවසාන ප්‍රතිපලය. මේ ක්ලිප් එක හැදුවේ ගායකයාමයි. මං නං කැමති ඇස් දෙක වහගෙන මේ සින්දුව රස විඳින්නයි!



මේ ටිකත් ලියන්න ඕනෑ. මං මේ බ්ලොග් එක කරන්නේ විනෝදාංශයක් විදියටයි. එහෙම නැතුව සම්භාව්‍ය නිර්මාණ කරලා කම්මැල්ලවීරට හරි අමරකීර්තිට හරි සටනක් දෙන්න නොවෙයි.

ඒ වගේම මේ සින්දු හදන, කියන, මියුසික් කරන අයත් මේවා කරන්නේ විනෝදාංශයක් විදියට. නැතුව අමරසිරී පීරිස්ට, රෝහණ විරසිංහට සටනක් දෙන්න නොවෙයි.

තවත් එකක් කියන්න ඕනෑ. මං ලියන ඒවායින් මට විනෝදයක් ලැබෙනවා වගේම කියවන අයටත් විනෝදයක් ලැබෙනවා නම් ඒක බෝනස් එකක්. හැබැයි ලියන එකාට ලැබෙන විනෝදය නැති වුණ දවසට ලිවීම නතර වෙනවා ඇති.

-කතන්දරකාරයා

ප/ලි:
කරුණාකර මේ කවිය ගැන හෝ ගීතය ගැන හෝ පොදුවේ ගීත සාහිත්‍යය ගැන පමණක් ප්‍රතිචාර දක්වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලමි.

(image: from google - exact source unknown)

45 comments:

  1. පොදුවේ සාහිත්‍ය ගත් කල්හි එය අතීතයේ ස්වර්නමය යුගයේ පැවතියත් අද වනවිට බ්ලොග්කාරයින් කරලියට පැමිනීම නිසා ක්‍රමයෙන් වලපල්ලට යන බවක් දක්නට ඇත
    එදා සිටි මහගමසේකර අද නැත මාටින් වික්‍රමසිංහ අද නැත බ්ලා බ්ලා බ්ලා
    හපෝ ඇති ඕයි.. ලියනන් කම්මැලි..

    මම එකද ?

    ReplyDelete
  2. ශා.... නියම ගීයක් කකා. සාහිත්‍ය රස වෑහෙනවා කකා.

    ReplyDelete
    Replies
    1. උපහාස රසයද වෑහේ!
      හැබැයි එය සුලබ උපහාසයකි.

      Delete
  3. බංග්ලාදේශ තරඟාවලියට ක්‍රීඩකයන් නම් කරීමේදී නවක ක්‍රීඩකයන් හට වැඩී අවස්තාවක් ලබා දීම වඩාත් උචිතය.
    ටෙස්ට් නායකයා ලෙස ප්‍රසන්න පත් කිරීම කාලොචිතම තීරනයයි.
    මැතිව්ස් හට ඇතිවන පීඩනය යම් තරමකින් අවම කිරීම ඔහුගේ උපරිමය ලබා ගැනීමට හේතුවකි.
    තවද චන්දිමාල් පිතිකරු ලැයිස්තිවේ ඉහලට ගෙන ඒමත් මැතිව්ස් අංක 4පිතිකරු කරීමත් ඔහුගෙන් උපරිමය ලබා ගැනීමට හේතුවේ.
    චන්දිමාල් පිතිකරුවකු වශයෙන් අසාර්තක අවස්තාවේ නායකත්වය පැවරීම එතරම් සුභදායක නොවිය හැක.

    ReplyDelete
  4. බොහොම අපූර්ව ගීතයක් හැදිලා නේ.... නියමයි කකා... මෙවන් විස්තරයක් එක්කම මේක දුන්නට. කවුද මේ කවිය ලියපු අහවලා..ඒ වගේම කවුද මේ සිංදුව කියන්නේ....

    මේ වගේම තමා මහින්ද දිසානායක ලියපු කවියක් තමා පසු කලෙක රුවක් ඇදෙනවා කියන සිංදුව බිහිවන්නේ.. එහිත් පද කීපයක් සංස්කරණය වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. අහවලා ගේ නම දැනගන්න තිබුණා ක්ලිප් එක බැලුවා නම්!

      සින්දුව කියන්නේ හේමාල් ජයවික්‍රම

      Delete
    2. මම අහවල් එක වටේ යන් අහවලා.

      ලින්ක් එකත් දාන්නකෝ නලින්. නමටත් එක්ක ලැජ්ජයි.

      Delete
  5. Replies
    1. උඩින් තියෙන ෆොටෝ එක නේද?

      Delete
  6. ///මං ලියන ඒවායින් මට විනෝදයක් ලැබෙනවා වගේම කියවන අයටත් විනෝදයක් ලැබෙනවා නම් ඒක බෝනස් එකක්///

    මං හිතං හිටියේ කතන්දරකාරයෝ කතන්දර කියන්නේ අහන් ඉන්න අයගේ ආතල් එකට කියලා..බලං ගියාම කතන්දර කියන අය එහෙම කරන්නේ ඒගොල්ලොගේ ආතල් එකටලුනේ...:)

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් අද ඔබ එක කරුණක් ඉගෙන ගත්තා!

      Delete
  7. /කරුණාකර මේ කවිය ගැන හෝ ගීතය ගැන හෝ පොදුවේ ගීත සාහිත්‍යය ගැන පමණක් ප්‍රතිචාර දක්වන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලමි./

    මෙන්න කවිය ගැන මගේ අදහස: ඉතාම විශිෂ්ඨයි. උත්කෘෂ්ටයි. ශ්‍රේෂ්ඨයි. අනභිබවනීය අනුපමේය නිර්මාණයක්. මට නම් හිතුණේ මහගමසේකර නැවත ඉපදිලාද කියලා. නෑ නෑ. වැරදුණා. මේ වගේ උත්කෘෂ්ඨ නිර්මාණයක් මහගමසේකර වගේ කෙනකුට කරන්න පුළුවන්ද? මේක නම් රවීන්ද්‍රනාත් තගෝර් මට්ටමේ නිර්මාණකරුවකුගෙන් වුණු නිර්මාණයක් වෙන්න ඕනෑ. කවුද මේ කවියා? ඉතාම නිර්මාණශීලී කවියෙක්.

    මෙන්න ගීතය ගැන මගේ අදහස: ඉතාම විශිෂ්ඨයි. උත්කෘෂ්ටයි. ශ්‍රේෂ්ඨයි. අනභිබවනීය අනුපමේය නිර්මාණයක්. ඒ අපූර්ව නිර්මාණය කළ මහා සංගීතවේදියානන්ටත් මගා ගායකයාටත් අපේ අකලංක ස්තූතිය පිරිනැමිය යුතුයි.

    මේ කවියාත්, ගායකයාත්, සංගීතවේදියාත් තුන්දෙනාම මහා යුග පුරුෂයෝ. ඔවුන්ට ලබන නිදහස් දින උළෙලේදී කලා කීර්ති සම්මාන පිරිනැමීමට මෙයින් නිර්දේශ කරමි.

    ReplyDelete
    Replies
    1. කකා කරුණාකරලා මාතෘකාවට අදාළව කතා කරනවාද? මා කළේ කවිය හා ගීතය ගැන විචාරයක්. ඒක හිනාවට කාරණාවක් නෙවෙයි. විචාරය කියන්නේ සීරියස් දෙයක්. ඔය වගේ සම්භාව්‍ය ගීත සාහිත්‍යය විහිළුවට ගන්න එපා.

      Delete
    2. නෑ අපිටනං හිනා යනවා. කාකාට නොගියට.

      Delete
    3. ස්තුතියි, නැවත එන්න.

      Delete
    4. පාං කෑවම ඔහොමම තමයි !

      Delete
  8. විනෝදාංශයක් විදිහට කරපු මේ ගීතයේ තනුව, ගායනට, සහ පද ඉතාමත් විශිෂ්ඨයි. ඒ වගේම මේ ලිපිය කියවලා මේ ගීතයට සවන් දීලා මට විශාල විනෝදයක් ලැබුණා. මගේ ක්මෙන්ටුව කියවලා ඔබතුමාටත් විශාල විනෝදයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා.
    (අනේ මචංලා විනෝද කමෙන්ට් විතරක් දාපල්ලා. කකා මේක නැවැත්තුවොත් අපි ආයේ කොහෙ ඇනෝ කමෙන්ට් දාන්නද?)

    ReplyDelete
  9. ඇත්තටම ඇස් දෙක වහගෙන ඇහුව්වා.රස විඳින්න පුළුවන් තත්වයක ඇත.එක නිසා තව තව කවි ගීත බවට පත් කරමින් අප අතරට ගෙන ඒවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      (මං නං ඇස් දෙක වහගන්නේ අර හින්දි නළුවන්ට අකමැති නිසයි!)

      Delete
  10. මොකද කකා මේ වෙලා තියන සංගෙදිය? ඔබට දැන් ජිවත් වෙන හැටිත්, බ්ලොග් ලියන හැටි ආදර්ශයට ගන්න පුළුවන් ආකාරත්, ප්‍රතිචාර දක්වන හැටිත් උගන්වන්න ගොඩක් දෙනෙක් ඉන්න එක ගැන නම් සතුටු වෙන්න ඕනේ නේද? විශේෂයෙන් අර දාල තියන බ්ලොග් ලැයිස්තුව බලා අලුතින් ලියන්න ගත්තා නම් හොඳ නැත්ද? :D ඒ කෙසේ වෙතත් මේ කොමෙන්ටු වාරණයක් ඇති කරන්න වෙලා තිබීමම, ඔබගේ නොව අනෙක් අයගේ තරම හොඳින්ම කියා පාන්නක්. ලෝකයට නිදහස බෙදන ගොඩක් දෙනා, අඩුම ගානේ තමන්ගේ කුඩා බ්ලොගයේත් ඒ නිදහස නොතිබීම ගැන හිතන්නේ කුමක්ද කියා මට නම් වැදගත් නැත්තේ, නිදහස නමින් ඔවුන් ලියන ගොන් තකතීරු කතා නිසා.
    අදාළ කතන්දරේට ආවොත්, මේ ගීතය නම් නරක නැහැ. විශේෂයෙන් මුල් පද පේලි ටික හොඳින් ආරම්භ වෙනවා. හැබැයි අන්තිම ටිකේ ඒ ගතිය නැතිවන වගක් හැඟෙනවා. මා ගීත මිසක් කවි ප්‍රිය කරන්නේ නැහැ. ජිවිතයටම සිංහල හෝ ඉංගිරිසි හෝ වෙනත් භාෂාවකින් කවි නම් රස විඳලා නැහැ. හැබැයි, ජිවිතේ එක කාලෙක සිරි ගුණසිංහ ගේ නිසඳැස් විතරක් පට්ට ගැහුවා. දැන් ඒ පොත් මා ළඟ නැති නිසා ඒ ඇයිද කියා කියන්න හරියටම අමාරුයි. මට නම් ගීත රචකයා ගැන තියෙන්නේ අර අමරදේව මහතා එක කාලෙක කියුව වගේ දෙයක්. එයා අඳුරේ ඉන්න කළු බළලෙකු වගේ. සංගීතඥයා හා ගායකයා නමැති එලි නැතුව එයාව අපට දැක ගන්න බැහැ. මා රස විඳින සිංහල හෝ ඉංගිරිසි (හා කලාතුරකින් අහන රුසියානු) ගීත වල පද රචනා කොලයක කියවීමෙන් කිසි රසයක් එන්නේ නැහැ.හැබැයි අද ලංකාවේ ඉන්න ප්‍රවීන යයි කියන ගීත රචකයින් ලියන සමහර ගීත වලට වඩා, ඔබගේ කවිත් හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. පෙදෙහි රස හව් විදිනා
      දෙනෙතා ඉතා දුලබෝ

      කියලා කියමනක් තියෙනවා. කවි රසය හැමෝටම දැනෙන්නේ නෑ. එය වරදක් නොවෙයි.

      මං අකමැතිම වැඩක් තමයි පුටුවල ඉඳගෙන ඒක ඵුද්ගල ගී සංදර්ශන බැලීම. මං කැමති කාර් එකේ යනකොට හෝ ගෙදර නිදහසේ සින්දු අහන්නයි.

      අපේ දරුවෝ වගේ කනට ඇබ ගසා සින්දු ඇසීමටත් මං ප්‍ර්‍රි නෑ.

      Delete
  11. මත වාරණයක් සිදු වේ

    ReplyDelete
    Replies
    1. පුහුල් හොරා කරෙන් දැනේද?

      මොකක්ද ඔයා ගේ මතය?

      Delete
    2. මගේ මතය වාරණය කරලා එනවා මෙතන ඔයාගේ මතය මොකද්ද කියලා අහන්න.
      යන්න කකා යන්න

      Delete
  12. වෙලීල සීතල සුළඟේ
    නැගීල සුදු මුදු වළා රොදේ

    සුරූපි දේහවිලාසෙ
    මැවේ මැවේ නයනේ..

    ReplyDelete
    Replies
    1. ඉන්දිකත් සින්දුව අහලා නෑ වගේ. ඔය ටියුන් දෙක සෑහෙන්න වෙනස්.

      Delete
    2. මම කිව්වනෙ බ්ලොග් බලන්නෙ කන්තෝරුවෙදි කියල. ඉතින් අහන්න වරම් නෑ.

      අනික ඇහුවනම් මට මේ සමානකම ගැන අදහසක් නො එන්නත් තිබ්බ.

      Delete
    3. මට දැනුයි සිහිවුනේ සිකුරාදා නිවාඩු සෙනසුරාදා වැඩය කියලා!

      Delete
  13. http://kathandara.blogspot.com/2011/01/writers-block.html

    ReplyDelete
    Replies
    1. ක්ලික් කලාම වැඩ කරන්න ලින්ක් එකක් දාන්නේ මෙන්න මෙහෙමයි.

      http://kathandara.blogspot.com/2011/01/writers-block.html

      ක්ලික් කලාම වැඩ කරන්න ලින්ක් එකක් දාන්නේ අන්න එහෙමයි.

      Delete
  14. @කකා,

    කමෙන්ට් එකක් කියන්නේ යම් බ්ලොග් පෝස්ට් එකක් කියවලා පාඨකයකුගේ හිතේ නැඟෙන සිතිවිල්ල. එය බ්ලොග්කරුවා හිතන දෙයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එසේම එය පෝස්ට් එකේ මාතෘකාවට අදාළ විය හෝ නොවිය හැකියි. හරියට චිත්‍රපටයක් බලලා කරන විචාරයක් වගේ. මාරයා මොකද්දෝ චිත්‍රපයටක් බලන්න ගිහිලා හෝල් එක ගැනත් කඩල කාරයින් ගැනත් ලිව්වා. මොකද චිත්‍රපටය ගැන ලියන්න දෙයක් නැති නිසා.

    අනේ මගේ කවිය ගැන පමණක්ම ලියනු කියලා නීති දාන්න තරමට කකා පහතට වැටෙන එක ගැන නම් අපට දුකයි. ඔය වචන ටිකක ඇද බෑවාට කවියක් වෙන්නෙ නෑ. මේ වගේ කවි ගැන ලියන්න දේකුත් නැහැ. නිකං හිස් කළයක් පෙන්නලා අනේ මේ කළය ගැන ලියන්න කියනවා වගේ.

    අර්ථාන්විත කමෙන්ට් ඕනෑ නම් අර්ථාන්විත පෝස්ට් ලියන්න. මොඩ පෝස්ට් වලට වැටෙන්නේ මෝඩ කමෙන්ට් තමයි. ඒ ගැන පුදුම වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔබ එක්කෝ අද ඊයේ කතන්දර බ්ලොග් එක බලන්න ආ කෙනෙක්. නැතිනම් දැන දැනම නොදන්නවා සේ කතා කරනවා!

      මං මුලින් බ්ලොග් එකක් ඇරඹුවේ 200 දී. මේ කතන්දර බ්ලොගය 2009 ජුලිවල අරඹා දැන් කතන්දර 775 ක් ලියා පල ඛලාට පසු මේ අද උදේ මං ඔබ ඔය සඳහන් කර ඇති පරිදි මේ කතන්දරයට සුවිශේෂීව හෝ පොදුවේ අදාල මාතෘකාවට අදාලව ප්‍රතිචාර දක්වනවා නම් කරන්ණ කියා කාරුණික ඉල්ලිමක් කලේ ඇයි කියා ඔබ සිතුවාද?

      දැන් ඔය උඩින් ඇති ක්‍රිකට් ගැණ තියෙන කමෙන්ටුව බලන්න. ඒ අදහස මේ කතන්දරය කියවා කෙනෙකුට එන්නේ කොහොමද?

      ටිකක් පස්සට හිගින් වෙනත් කතන්දර කිහිපයකුත් ඒවයේ කමෙන්ටුත් කියවා බලන්න.

      Delete
    2. ප/ලි:
      මේ පෝස්ටුවේ මෝඩකමක් තිබේ නම් එය මගේ මෝඩ කම නිසාම මට නොපෙනේ!

      Delete
    3. @කකා,

      දැන් යම් කමෙන්ට් එකක් අදාළ නැත්නම් ඔබට පුළුවන් එය පළ නොකර ඉන්න. ඇයි ඒක පල කරලා අදාළ නැති කමෙන්ට් ලියනවෝ කියල බනින්නේ? ඔබත් හරියට ලංකාවේ ඡන්දදායකයෙක් වගෙයිනෙ. පබාට ඡන්දය දීලා රට හැදෙන්නේ නැතෝ කියල බනිනවා.

      Delete
    4. @ Ano February 9, 2013 at 7:11 PM

      1. වාරණය මගේ ප්‍රතිපත්තිය නොවේ. මොඩරේට් කරන්නේ මත වාරණයට නොවේ. මං වාරණයට අකමැතියි නංගියේ.
      http://kathandara.blogspot.com/2013/01/i-hate-censorship.html

      2. මා කාටවත් බැන්නේ නෑ. බනිනවා නං බනින්නේ මෙන්න මෙහෙමයි.
      http://kathandara.blogspot.com/2012/04/few-rarely-heard-sinhala-words.html

      !!!

      Delete
  15. කතන්දරට බෝනස් හම්බවෙනවා මන් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. එය මට සතුටත්. ස්තුතියි.

      Delete
  16. 200 දී?? හුට්ටප්පර හැත්තෑවයි බ්ලොගර් පටන් ගන්නත් කලින්නෙ කකා බොග දාලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එය 2005 ලෙස නිවරද විය යුතුයි. ස්තුතියි.

      Delete
  17. KAIYAK SINDUWAK KARANNA, MULINMA KAIYYA PADA BANDINTA OONE. EETA PASUWA KAI PADA KARA THABA GENA UDENMA YANNA OONE. -- SEEYA --

    ReplyDelete
  18. ගොන් කොල්ලො බොට උපශාන්තය කිව්ව නේද සින්හලෙන් තැත් තැන් වල් ලින්ක් දාන්න එපා කියල.... බූරු පැටියො මුලින් පෝස්ට් එක කියවපන්.... ඊට පස්සෙ අදාල දෙයක් කතා කරපන්....

    ReplyDelete
  19. ෆයර්ෆොක්ස් අවුලක් නිසාද දන්නෙ නෑ, මෙතන යූටියුබ් ලින්ක් එකක් තියනවා කියලා මට පේන්නෙ නෑ.. නමුත් ගීතය අහන්න පුළුවන් බව කොමෙන්ට් කීපයක දැක්ක නිසා එක්ස්ප්ලෝරර් වලින් ඕපන් කලාම දැක්කා.

    මට නම් ගීතය ටිකක් වේග රිද්ම වැඩියි, ඒ නිසාම හින්දා වෙන්න ඇති ගායනයෙනුත් හැඟීම් මතු කරනවා අඩුයි. තව ටිකක් ස්ලෝ උනා නම් වඩා හොඳයි කියලා තමා හිතෙන්නේ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.