Saturday 23 February 2013

නිරුවත හෙලිවීම (මෙය හිකිස් හිකිස් කේස් එකක් ගැන නොවේ) - Nakedness Exposed!


අප සැම උපන්නේ නිරුවතිනි.

එහෙත් දැන් අපි රෙදි ඇඳ පැලඳ සිටිමු.

මොන රෙද්දෙන්, වස්ත්‍රයෙන් ගත වසා ගත්තද ඇතුලේ තිබෙන්නේ නිරුවත ය.

නිරුවත යනු යථාර්තයයි. නිරුවත හෙලිවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ යථාර්තය හෙලිදරව් වීමයි. හක්කේ දල්වා ගෙන ඇති බුදු රැස් නිවී බොක්කේ ඇති දඩමස් පෙනෙන්නට වීමයි.

මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලියන්නේ එවැනි නිරුවත හෙලිවීමක් පාදක කරගෙන ලියවුණු කවියක් ඔබට ඉදිරිපත් කිරීමටයි.

* * *

කලකට ඉහත එක්තරා සමයෙක ජාතිවාදී සංසිද්ධියක් ඇතිවී එදා මා ජීවත් වූ උප සංස්කෘතිය හෙල්ලුම් කෑවේය.

ජාතිවාදීන් ජාතිවාදී කටයුතුවල නිරතවීම පුදුමයක් නොවේ. එය උන් ට පැවරුණු කාර්යයයි. එහෙත් මෙහිදී කැපී පෙණුනු එක් දෙයක් වූයේ වෙනදා සහෝදරත්වය, මානුෂිකත්වය ගැන කයිවාරු ගසමින් සිටි ඇතමුන් ගේ ක්‍රියාකලාපයයි. කතාබහයි. තවත් සමහරුන් ගේ නිහැඬියාවයි.

මේ මා එදා ලියූ කවියයි. ඉතා කෙටි එකකි.

ජාතිවාදයේ බිරුසන් හඬ මැද
සමාජවාදය සැඟවී ගිය සඳ
සහෝදරත්වයෙ සළුපට ගිලිහුණි
අමානුෂිකත්වයෙ නිරුවත හෙළිවුණි!


එදා පමණක් නොව වඳ කෙසෙල් ගස් තර්ක මොටයි දමනා අද ද මගේ කවිය මට එදා අරුතම ගෙන දෙයි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මා ලියූ (2009) තවත් කවි පන්තියකට සබැඳියක්. එහි මාතෘකාව "නූතන ජනකවි".

http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html



(image: http://www.123rf.com/)

28 comments:

  1. //එහෙත් මෙහිදී කැපී පෙණුනු එක් දෙයක් වූයේ වෙනදා සහෝදරත්වය, මානුෂිකත්වය ගැන කයිවාරු ගසමින් සිටි ඇතමුන් ගේ ක්‍රියාකලාපයයි// සත්තකින්ම දුක මේ ගැන....

    ReplyDelete
  2. කකාගෙත් නිරුවත පහුගිය දවසක එලි උනා කියලා ආරංචි උනා. ඒ කියන්නේ කකාගෙත් යථාර්ථය හෙලි උනා කියන එක නේ.

    හුරේ.. මම අද එක !

    ReplyDelete
  3. සෑම කලුවලාවකම රිදී රේකාවක් තියෙනවා කියන්නේ මෙවැනි දේ නිසාය. මේ මිනිසුන් ගැහැනුන් හෙලුව වසා ගන්නට ඇඳ සිටින සිල් රෙදි ගැලවී යාම ලොකු දෙයකි.

    ReplyDelete
  4. මාරයාගේ පෝස්ටුව බ්ලොග් ළෝකයට කලේ විශාල මෙහෙවරකි. මගේ පෝස්ටුවක් තුලිනුත් මිනිසුන් කවුදැයි හඳුනාගත්තද. නියම යක්ෂයින් හඳුනාගතේ මාරයාගේ පෝස්ටුව තුලිනි. ඇනෝවරුන් ලෙස නොපැමින තම අදහස් කෙලින්ම පැවසීම ගැන අප ඔවුනට ස්තූති වන්ත විය යුතුය. උදිත හා රාමචන්ද්‍ර කියනා පරිදි මෙය ඔවුන්ගේම වරදක් නොවේ. මේ රටේ කාළකන්නි දේශපාලකයන් හා අධ්‍යාපන ක්‍රමයේ වැරද්දයි. අපට ළෝකයක් හදන්නට නොහැක. බුදුන්ට, ජේසුටද නොහැකි විය. අපි අපේ දරුවන්වත් මනුෂ්‍යයින් කරමු කකා. සතුටට කරුන නම්. සත්පුරෂ මිනිසුන්ද මේ අය අතර සිටීමයි.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔයා නම් ලස්සනට විහිලු කරනවා.දැන් ගානට අපි නිකන් විහිලුවට ඇඬුවේ කියන්න නේද යන්නේ. කියපන් කියපන් උබේ රෙද්ද ගැලවිලා ඉවරයි.

      Delete
    2. නියම යක්ෂයින්?? ඔය කියන සත්පුරුෂ මිනිස්සුන්ට ජීවත්වෙන්න වාසනාව ලැබුනෙ යක්ෂයො , පරාස්සයො ටික ඉවර කරපු හන්දයි. යකුනේ, බොලාට කතාකරන්න ඕනෙ නං , රටේ වෙන අනිත් අසාධාරණ ගැන කතා කරපල්ලා, මේ කුණු ගොඩ අවුස්සන්නෙ නැතුව.
      ඩයස්පෝරාව ඒ ගැන මඳි නොකියන්න වග බලා ගනීවි

      Delete
    3. කොන්දක් තියෙනවනම් මේ වගේ දේකදි ප්‍රෝෆයිල් එකක් හදලා මේ වගේ උත්තර දෙන්න. නැත්නම් අපිට හිතන්න වෙන්නේ. ඊළාම්වාදින් හෝ ජිහාඩ්වාදින් ලෙසයි. අපේ මතයේ කිසිම වෙනසක් නැත. තිරිසනුන් කවුදැයි හෙලිවි අවසානය.

      Delete
    4. >>මේ රටේ කාළකන්නි දේශපාලකයින් හා අධ්‍යාපන වැරද්දයි.අපට ලෝකය හදන්නට නොහැක.බුදුන්ට/ජේසුට [ඇයි අල්ලාහ්]නොහැකි විය.අපි අපේ දරුවන්වත් මනුෂ්‍යයින් කරමු.<<රත්තරන් වටින වචන සැට් එක.මේ වචන ටික මොලේ කචල් කට්ටිය උදේ හවස දින 7ක් ගාථාවක් වගේ කියෙව්වොත් සමහර විට "කචල්"ගතිය නැති වෙලා යාවි!!!

      Delete
  5. මචං උඹෙ සරම කැඩිල උඹ හෙළුවෙන් !!
    පල හු*** යන්න තොගෙ සරමෙ හිලක්, ඇයි තොට ඒක පේන්නෙ නැද්ද !!!

    "අපේ" එකට ගැහුවොත් ඒ ගුටිය හරි උනත් රිදෙන්නෙ "අපේ" කමටනෙ. ඉතිං "අපේ උන්" තඩිබානව ආපිට ! "අපේ" කම ‍රැක ගන්න.

    "අනුන්ගේ" එකට ගැහුවොත් ඒ ගුටිය වැරදි උනත් රිදෙන්නේ "අනුන්ගේ" කමටනෙ. ඉතිං "අපේ උන්" හුරේ දානව ආපිට ! ඒත් අපේ කම ‍රැකගන්න.

    "අපේ කම" හැමැවිටම නිවැරදියි !!! ඉජුහ් !

    අපි සරළ, අවංක, පරෝපකාරී, සොඳුරු මිනිස්සු !! හික් !

    අනේ මටත් පිං කැමැත්තෙක් ඩොලර් එකක් ???? අපි ඉන්නෙ කෙළවන්නමයි !

    නොදෝම කිං !!

    ReplyDelete
  6. බොගේටද පිස්සු?කකාටද පිස්සු?නැත්නම් මේව බලන අයටද පිස්සු..
    * සෙනසුරාදාට සන්ඩේ ඉස්පෙසල් එකක්...?

    ReplyDelete
    Replies
    1. ආ, අද සෙනසුරාදාද? එහෙනං හොඳ ළමයා වගේ කඩේට ගිහින් ඉරිදා පත්තරක් අරං එන්නකෝ!
      http://kathandara.blogspot.com/2012/07/sunday-come-early.html

      !

      Delete
  7. //යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව//

    කකා 2009දී කාලතරණය කර අනාගතය දැක තිබේ...

    ReplyDelete
  8. ජාතිවාදය හිස ඔසවනවා කියන්නේ ආයේ රට අරාජික වෙනවා කියන එකයි!

    ReplyDelete

  9. අපිට කියන්න නං ලේසියි. තුවාලෙ අමාරුව දන්නෙ තුවාලෙ තියන එකා මිස, පිටරට ජීවත්වෙන අය නෙමෙයි. දකුණේ හෝ උතුරේ හෝ වේවා ඝාතන සංස්කෘතියට මම කවදත් විරුද්ධයි. කෙනෙක් හැඬු පමණින්, කෙනෙක් ඇල්කැමියාට වඩා හොඳ යැයි කීමට ඇති සාධක මොනවාද. අපි කවුරුත් රහත් වෙලා නෑ, අවස්ථාව අනුව , ආවේගාත්මකව කිවූ දෙයක් වීමටත් ඉඩ තියනවා. මිනිසුන් අවස්ථානුකූලව , කියන කරන දේ වෙනස් වෙනවා, ඒක තමා මිනිස් ගතිය. එදා දකුණේ නඩු නැති ඝාතන ගැන ජිනීවා යන්න තරම් "සංවේදී" හදවතක් තරුණකාලෙ මහරජාටත් තිබ්බනෙ.

    The ugly truth is, we all wanted to finish the goddamn war, and someone had to do the dirty work for us. Now, we are pointing the finger , and did we ever told them to how to fight the war? LTTE was one of the most brutal terrorist ever existed, and you can't fight with them by the book. If that killing happened, yes, it is wrong, but Balachandran was aliability. If you were the decision making authority,what would have being your action? Well, you could have cry and play the "officer and a gentleman" , and failed miserably. Ranil and Vijaya , both already tried that , I guess.

    ReplyDelete
    Replies
    1. දැන් මේ ඔක්කොම කට්ටිය ලියන්නෙ මම ගැනද ?
      මාව පොරක් කරන්න එපා... මම පොරක් නෙවෙයි...

      මට හිට්ස් වැඩකුත් නෑ... මට හදාගන්න කල්ලියකුත් නෑ... මට ලියන්න අවශ්‍ය දේ මම ලියනවා. මට හිතෙන දේ මම ලියනවා... මම ගුරුකුළයක් හදාගෙන නෑ... මගේ ලිපි බලන්න ඕනම කෙනෙකුට නිදහස තියනවා. මාව අතාරින්නත් ඕනම කෙනෙකුට නිදහස තියෙනවා. මට කාව වත් අල්ලගෙන ඉන්න අවශ්‍යතාවයක් නෑ,.
      මම කවදාවත් ඇනොනීමස් ලියන්නෙ නෑ... මට කොන්දක් තියෙනවා හරි හෝ වැරදි මම හිතන දේ ලියන්න...
      මම මේ දවස්වල ටිකක් වැඩ අධිකයි... මේ ගැන මම පිළිතුරක් ලියන්නම්..... පසුව...

      Delete

    2. අප්පට හුඩු , මේක ඇලා ලිව්වයි කියල හිතෙනවද? ඔක්කෝම අතැරලා හැමෝම එකෙකුටම කොටන්නෙ , කෙසෙල් වලට අකමැති පොලොස් කොට්ටෝරුවොද මන්දා?

      Delete
    3. මේ කයි කතන්දරය මා ලිවුවේ ඇල්කෙමියා ගැන සුවිශේෂීව හිතා නොවේ. පොදුවේ මේ ළමා මරණය ගැන අනුකම්පා විරහිත අදහස් පළකල සියලු දෙනා ගැන සිතාය. ඇල්කෙමියා ගේ නම එයට ඈදා ඇත්තේ වෙනකෙකු විසිනි.

      මා පුද්ගලිකව බ්ලොග් නම් සඳහන් කර ලිපි ලියා ඇත්තේ අරුණී ෂපීරෝ ගැන සහ පොඩි කුමාරිහාමි ගැන පමණි.

      1. අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි - බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම: http://kathandara.blogspot.com/2011/06/blog-post.html

      2. අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

      3. පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්! http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

      4. පොඩි කුමාරිහාමිට ලොකු ප්‍රශ්ණයක් http://kathandara.blogspot.com/2011/09/big-question-for-little-princes-to.html

      මෙතනදී එවැනි නම් සඳහනක් නොකලේ එවැනි ලයිස්තුවක් ඉතා දිගු වෙන නිසාය.

      Delete
    4. ඉහත කමෙන්ටුව පහත පරිදි තවත් වැකි කිහිපයක් එකතු කොට ඊට විනාඩි දෙක තුනකට පසුව ඇල්කෙමියා ගේ දිනපොත බ්ලොගයේ ඔහුගේ "බාලචන්‍ද්‍රන්ගේ මරණය තුළින් එළිවන පරමාදර්ශීය ඇල්කෙමියාගේ නිරුවත………" නම් ලිපියට ප්‍රතිචාරයක් ලෙස දැම්මෙමි.

      ===============================
      ඇල්කෙමියා

      ඔබ මේ ලිපියේ සඳහන් කර ලින්ක් එකක් දමා ඇති කයි කතන්දරය ලිවුවේ ඇල්කෙමියා ගැන සුවිශේෂීව හිතා නොවේ. පොදුවේ මේ ළමා මරණය ගැන අනුකම්පා විරහිත අදහස් පළකල සියලු දෙනා ගැන සිතාය. ඇල්කෙමියා ගේ නම එයට ඈදා ඇත්තේ වෙනකෙකු විසිනි.

      මා පුද්ගලිකව බ්ලොග් නම් සඳහන් කර ලිපි ලියා ඇත්තේ අරුණී ෂපීරෝ ගැන සහ පොඩි කුමාරිහාමි ගැන පමණි.

      1. අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි – බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම:
      http://kathandara.blogspot.com/2011/06/blog-post.html

      2. අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට!
      http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

      3. පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!
      http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

      4. පොඩි කුමාරිහාමිට ලොකු ප්‍රශ්ණයක්
      http://kathandara.blogspot.com/2011/09/big-question-for-little-princes-to.html

      මේ ලිපියේ සඳහන් කයි කතන්දරයේ දී එවැනි නම් සඳහනක් නොකලේ එවැනි ලයිස්තුවක් ඉතා දිගු වෙන නිසාය.

      මා ඔබ සමග හෝ වෙනත් අයෙකු සමග කිසිදු පුද්ගලික අමනාපකමක් නැත.

      එයට හේතුව මෙන්න.
      http://kathandara.blogspot.com.au/2012/08/2-voltaire-no-more.html

      ඔබ කලින් ලිපියක ප්‍රතිචාරයක සඳහන් කර තිබූ පරිදි මතු දිනයක හමුවෙමු!

      Delete
  10. ඈ බොල ක‍තෝ, උඹ මේ බොරදියේ මාළු බානව වත්ද? :)

    ReplyDelete
  11. ada kakkaeka thuma kai padayak pamanak liwwe mokada? niruwatha wasa ganta Kakka thuma gen jokek ganta puluwanne.

    ReplyDelete
  12. හික්ස්.
    කතා බලාගෙන හිටියේ අනේ අපොයි කියලා මනුස්සකම් පෙන්වන මිනිස්සු තවදුරටත් ඉඳි කියලාද?
    සිංහල බ්ලොග් අවකාශේ කියන්නේ චූ කතායි, බොන කතායි, පොර කතායි, වයර් අස්සේ වේගයෙන් වීරයෝ වීමයි ඇරෙන්න මනුස්සකම් තියෙන තැනක් නෙමෙයි කියලා අපි නම් දැනගෙන කාලයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි පොළු කතා සහ ණය කතා?

      Delete
    2. වෙන එකෙක් දාන්න කලින් උඹම දාපු එක හොදයි... ඉන්දික, මොකද වැඩේ උනේ අර බල්ල සල්ලි දුන්නද?

      Delete
  13. කතන්දරගේ නිරුවතත් හෙළිවෙලා ගොඩක් කල් නේද?

    ReplyDelete
  14. මමත් ඉස්සර අයි.ටී.එන් එකේ ක්‍රිකට් විස්ටර විචාරය කරනව වගේ කරපු යුද්ධ නිවුස් උනන්දුවෙන් අහපු සාමාන්‍ය මිනිහෙක්.

    ප්‍රභාකරන් සිය පවුල පිටින්ම අවසන් යුද්ධයේදි මැරුනා කියලා සතුටු වුනු කෙනෙක්.

    ඒත් කාලෙකට පස්සේ පින්තූරටක් එලියට ඇවිත් ප්‍රභාකරන්ගේ පොඩි පුතා අවසන් යුද්ධෙදි මැරුනා නෙමේ බංකරයක තියාගෙන ඉඳලා බිස්කට් එහෙම කන්න දීලා පස්සේ වෙඩි තියලා මැරුවා කියලා කියනවා දැකලා හදවතින්ම දුක්වුනු කෙනෙක්.

    ඒ දුක් වුනේ මහ එකාගේ වැරදි වලට පොඩි දරුවෙක් අමානුෂික විදිහට මරන එක මගේ හර්ද්‍ය සාකිෂියට අනුව කොයිම විදිහකින් වත් සාධාරණය කරන්න බැරි නිසා.

    උගේ අප්පා බස් වල බෝම්බ තියලා මිනිස්සු දාස් ගානක් මැරුවා, බඩේ උපදින්න ඉන්න ළමයි බඩවල් කපලා අරගෙන මැරුවා සොල්දාදුවෝ නිලදරුවෝ දාස් ගානක් මැරුවා අබ්බගාතයෝ කලා.

    එහෙව් එකේ අවසන් සටනෙදි පොඩි එකාත් මැරුනු බව ඇසීම මහ එකාගේ බස් බෝම්බෙන් ලොකු පොඩි වෙනසක් නැතුව හැමෝම මැරුනාම දුක් වුනා වගේ පොදුවේ දුක් වීමක් හෝ සතුටු වීමක්.

    ඒත් මහ එකාගේ අර මිනීමැරීම් වලට ලෙයට ලෙය පලිය ගන්න පොඩි එකාව අමානුෂික විදිහට මරපු එක සාධාරණයි කියලා කොහොමවත් කියන්න බෑ . .

    එහෙම කියනවනම්, මිනීමරුවන්ගේ, දූෂකයන්ගේ වගේ සමාජ ද්‍රෙහීන් ඔක්කෝගේම ළමයි මරන්න ඕන. උනුත් ලොකු උනාම මහ එවුන් වගේ ව්යි කියලා.

    අනික අපි කියන බඩේ ඉන්න දරුවෝ බඩ කපලා මරන්න හමුදාව නඩත්තු කරන්න, බස් වල බෝම්බ තියන්න බෝම්බ ගන්න, ආමි එකේ සොල්දදුවෝ නිලදරුවෝ මරන්න ආයුධ ගන්න වාහන ගන්න මෙකී නොකී හැම දේකටම සල්ලි පොම්ප කරපු කේ.පේ. ට සමාව දෙන්න හොඳයි . . .

    උගේ සල්ලි වලින් ඒවා කරවපු එකාගේ දරුවා සර්පයගේ දරුවා සර්පයා කියලා මරන්න ඕන නිසා.

    මට හිතා ගන්නත් බැරි කොටින්ට සල්ලි පොම්ප කරපු කේපීට . . මිනිස්සු සිය දාස් ගානක් මරවපු මරපු කරුනට ලැබුනු සමාව අර පොඩි එකාට අකැපයි කියලා අපේ මිනිස්සු හිතන්නේ කොහොමද කියලා.

    ReplyDelete
  15. ආදරයේදීත් යුද්ධයෙදීත් වෙන දේවල් වලට අටුවා ලියන එක පලක් නැති වැඩක් ............

    ReplyDelete
    Replies
    1. ඇනෝපිලිස් .... කියන්න ඕන දේ සරලවම කියල තියෙනවා. වෙන කියන්න දෙයක් නැහැ !

      Delete
  16. නව සිංහල පුලුල් ජාත්‍යන්තරවාදී චින්තනයක් වෙනුවෙන් කැපවී ලියන කතන්දර ඇතුලු හැම දෙනා,

    ජාතිවාදීන්ගේ
    දුශ්ඨ සිතුවිලි රටාවට
    අමනුස්ස කමට
    පටු අසිංහල
    මිලිටරි චින්තනයට
    එරෙහිව ගෙන යන අරගලයට
    මැදහත් සිතින් බ්ලොග් කියනවන ලියන හැමෝගේම ආශිර්වාදය ලැබෙනවාට නොඅනුමානය.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.