ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 6 January 2013
අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ? - Maestro Amaradeva copies a Hindi movie song!
කොප්පේ ගහපු සින්දු ගැන මං මීට කලින් කීප වතාවක් ම ලියලා තියෙනවා මතකයි නේද?
1. සුද්දෝ අපෙන් කොපි කරපු සින්දු
(http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)
2. විට්ටර් අංකල් ගේ කොප්පේ සින්දුව හෙවත් පෙම්බර "මඩූ"
(http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)
මේ සතියේ මූණූ පොතේ සැරිසරන වෙලේ මට මිතුරෙකු ගේ අප්ඩේට් එකක තිබිලා හම්බ වුණා මේ වගේම අමරදේව අංකල් කොප්පේ ගහපු එකකුත්.
මගේ මිතුරා සංගීතය තරමක් දන්නා කියන නැගී එන ගායකයෙක්. උත්තර භාරතීය සංගීතයටයි වැඩියෙන්ම කැමති. මොහමඩ් රාෆී ද, ගසල් ද, අරව ද මේව ද අහනවා උදේ හවා.
මෙන්න පොර බුකියේ දාලා තිබුණු යූ-ටියුබ් කලිප් එකේ ලින්ක් එක.
දර්ශන දෝ ඝණශ්‍යාම් නාත් කියන මේ සින්දුව කියන්නේ හේමන්ත් කුමාර් කියන ගායකයා මේක 1957 දී තිරගත වුණු හින්දි චිත්‍රපටියක තිබුණු සින්දුවක්.
අහලා තියෙනවා නේද මේ ටියුන් එක?
ඔව් ඒක තමයි අමරදේව (සහ සුනිල් එදිරිසිංහ) ගායනා කරන "පටු අදහස් නම් පවුරෙන්" නමැති සින්දුව.
මෙන්න අමරදේව ලා ගේ රෙන්ඩිෂන් එක.
මුලින්ම මට හිතුනේ "අයියෝ! අමරදේව අංකලුත් කොප්පේ ගහලා තියෙනවා නේද? ඉඳලා වැඩක් නෑ!" කියලයි.
නමුත් පස්සේ කල්පනා කළාම ඒකේ වැඩි අවුලක් නෑ.
මොකද ඔය "පටු අදහස් නම් පවුරෙන්" කියන පදවැලේ අදහසත් මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික කවියෙකු වූ රබීන්ද්‍රනාත් තාගෝර් ගේ කවියකිනුයි.
මෙන්න තාගෝර් ගේ මුල් බෙංගලි කවියේ ඉංගිරිසි පරිවර්තනය.
Where the mind is without fear and the head is held high;
Where knowledge is free;
Where the world has not been broken up into fragments by narrow domestic walls;
Where words come out from the depth of truth;
Where tireless striving stretches its arms towards perfection;
Where the clear stream of reason has not lost its way into the dreary desert sand of dead habit;
Where the mind is led forward by thee into ever-widening thought and action-
Into that heaven of freedom, my Father, let my country awake
මෙන්න මහගම සේකර ගේ අනුවර්තන පදමාලාව.
පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යබයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරුකතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යගයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණුවන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරියවෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජයට මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ
හුහ්, අමරෙ ලා, මහගම ලා ට විතරද පුළුවන් හින්දි සින්දු කොපි කරන්න? මාත් පටන් ගන්න ඕනෑ ඔය වැඩේ!
http://kathandara.blogspot.com/2012/06/hindi-movies-and-songs.html
-කතන්දරකාරයා
ප/ලි:
ඩෝල්ටන් අල්විස් ලියපු නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" සින්දුවත්, මහගම සේකර ලියපු අමරදේව ගයන "සන්නාලියනේ" සින්දුවත් දෙකමත් මේ ආකාරයටම ඉන්දියානු කවිවල අදහස අරගෙන ලියපු ඒවා.
"සන්නාලියනේ" සින්දුවේ අදහස ආවේ කොහෙන්ද කියලා නම් හුඟ දෙනෙක් දන්නවා. ඒක සරෝජිනි නායිඩූ ගේ "වීවර්ස්" කියන කවියේ අනුවාදයක්. වීවර්ස් කියන්නේ ඇඳුම් මහන සන්නාලියන්ට නොවෙයි රෙදි වියන අයටය කියන එකත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්.
හැබැයි අර "උඩඟු ලියන්" සින්දුවේ මුල් කවිය ගැන නම් අපි වැඩි දෙනෙක් දන්නේ නෑ.
හුඟ දෙනෙක් හිතන්නේ මේකත් තාගෝර් ගේ කවියක් ඇසුරෙන් ඩෝල්ටන් අල්විස් ලිව්වාය කියලයි. කොටින්ම සුනිල් ආරියරත්න පවා (http://www.silumina.lk/punkalasa/20090830/_art.asp?fn=ar09083011) එහෙමයි හිතන්නේ.
නමුත් ඇත්ත ඊට වඩා වෙනස් බව මගේත් ගුරුවරයෙක් වෙන සංගීතයට ලැදි පුද්ගලයෙක් හොයා ගෙන තියෙනවා.
ඒ විස්තරය ලබන සතියේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.
(image: http://roflrazzi.cheezburger.com/totallylookslike)
Labels:
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා,
සින්දු,
සිංහල සින්දු
Subscribe to:
Post Comments (Atom)
බලනකොට අපේ කෙළිකාරයොත් නරකම නෑ. ඒ දවස්වලත් කොප්පෙ ගහල තියනවා. අද බණ කිව්වට නේද කකා.
ReplyDeleteමහගම සේකර ලියපු නන්දා මාලනී ගයන "උඩඟු ලියන්" සින්දුවත්, ඩෝල්ටන් අල්විස් ලියපු අමරදේව ගයන "සන්නාලියනේ" සින්දුවත්
ReplyDeleteනම් දෙක මාරු වෙලා නේද?නැත්නම් හිතලම මාරු කලාද?
Thanks, that was a mistake. Now, corrected.
Deleteකොප්පේ ගහනවා සහ අනුවාදනය, අනුවර්තනය අතර ලොකු වෙනසක් තියෙනවා කකා !!
ReplyDeleteගණන් ගන්න එපා කකා, පිට දීප දේශ ජය ගත්තේ ආදී "සිංහලුන්" විතරයි! අප අයත් වෙන්නේ අනුකාරකවාදී පරම්පරාවට.
ReplyDeleteමම එකද?
ReplyDeleteඅමරදේවයන් “ගයන නිම්හිම් සෙව්වා මා සසරේ“ කියන ගීතයේ ම තනුවට ගැයෙන ඉංග්‍රීසි ගීයක් අසා තිබෙනවාද?
ReplyDeleteඅවාසනාවට එම ගීයේ මුලු පද අමතකයි.
Deleteමැද මෙහෙම තියෙනව
“FOR THE YESTERDAY TODAY OR TOMORROW“ (හමුවී යුගයෙන් බැඳි යුගයේ)
As far as I know, that's not a copy, the same lyricist wrote both..
DeleteVamp
it is sung by Desmond Silva with Amaradewa
DeleteWhen did I meet you my love
was it yesterday, today or tomorrow?????
ඕකේ ටියුන් එක ඔරිජිනල් කියා ෂුවර් ද? යුරෝපිය ටියුන් එකක් කියා කවුරුහරි කිව්ව බවක් මතකයි. පට්ට වෝල්ට්ස් ටියුන් එකක්. ඒ ඇසුරෙන් කවුරු හෝ හදපු වෝල්ට්ස් ඩාන්ස් ඒකෙ යු ටියුබ් එක සුපිරි.
DeleteSong is When did I meet you my eternal love , is it today , yesterday or tomorrow
Deleteඅද නම් හොද කතාවක් කකා. ඇත්තටම අමරදේව ශූරීන් ගැන අපේ සංගීත ලෝලීන්ට තිබෙන අතිමහත් ගෞරවය නිසාම සමහරවිටෙක මෙවැනි කතාවක් ද්වේශ සහගත එකක් විදිහට සලකලා මහා සමාජයෙන් නොසලකා හරින්න පුළුවන්. නමුත් වැදගත් කාරණාව වන්නේ සැබෑ යථාර්තය දැන ගැනීමයි.
ReplyDeleteජෝතිපාල ,,මිල්ටන් යුගළය සහ ඔවුන්ගේ පූරවකාලීනයන් සහ සමකාලිනයන් උත්තර භාරතීය ජනප්‍රිය සංගීතයේ ඇතැම් නිර්මාණවල තනු ඇසුරෙන් ගීත බිහිකරායැයි කියන දේ අපි කවුරුත් දන්නවානේ. ඉතින් ඒ ගීත අප රස විදිනවා. මේක කොපි කරපු එකක් ය කියන අර්ථයෙන් ගත්තත් ඒක අපේ රසවින්දනයට බලපාන්නේ නැහැනෙ. අමරදේවගේ මේ ගීතය ගැන වුණත් මට හිතෙන්නේ කකා මතු කරාපු මේ කාරණාව ගීතයේ රසවින්දනයට බාධාවක් නෙවෙයි කියලයි.
කසුන් කල්හාරගේ සඳ මිතුරී ගීතයටත් ඔහොම චෝදනාවක් ආවානේ..
ඇයි පේමසිරි කේමදාස කියන පුද්ගලයා තමන්ගෙ තනු ඔක්කොම නිර්මාණය කරේ ලෝකයේ විවිධ රටවල සන්ගීත ඛන්ඩ අරගෙන... සමහර වෙලාවට ගෙඩි පිටින් කොපිකලා..... නමුත් හෙලයේ මහා ගාන්දර්වයා කියලයි නම වැටුනෙ....
Deleteනෑ නේද හෙළයේ මහා ගාන්ධර්වයා කියන්නෙත් අමරදේව මාස්ටර්ටම තමයි. හැබැයි කේමදාසගේ සංගිත නිර්මාණයන් විශිෂ්ටයි ..වෙනත් රටවල සංගීත භාණ්ඩ භාවිතා කරයි කියන එක කොපි කරා කියන කාරනාවට සමපාතවෙන්නෙ නැ කියලයි මට හිතෙන්නේ?
Deleteසංගීත ඛණ්ඩ කියා ලියලා තියෙන්නේ.
Deleteමූට පේන්නෙම හරහටනෙ...කොහෙද කුල වාදෙ ඔලුවට ගහලනෙ.....විශිෂ්ඨ පිටරට හදපු සන්ගීත ඛන්ඩ.... මෙවා කොපිකරන එක කේමදාස කරේ ඔහු ගාව තිබ්බ අති විශාල සන්ගීත ඛන්ඩ කලෙක්ශන් එක රී මික්ස් කරලා....ඔහුගේ තිබුනු එකම විශිෂ්ඨත්වය තමයි ඔහු සතුව තිබූ ඉහල මතකය..... මේ වැඩේට ගන්න ඕනි අහවල් මියුසික් කෑල්ල කියලා ක්ෂෙනිකව සිතන්න ඔහුට පුලුවන් වුනේ ඒ නිසා....
Deleteසොරි මචං. මට හරහට පෙණුනේ උඹ කියනවා වගේ. ඒ ගැන එකගයි.
Deleteආදරනීය රතූ... හරහට පෙනීම ඔය රතු කෑල්ල ගෑවිච්ච බොහෝ දෙනෙක්ට පොදු වෙලා තිබුන දෙයක්....
Deleteකේමදාස මාස්ටර්ගේ කතා තව ගොඩක් තිබුනත් කියන්න අමාරුයි... ඒ අතින් අමරදේව දෙයියෙක්....
ඒත් ඉතින් කතන්දර තරම් නිදහස් නිවහල් ගීත රචකයෙක් හොයාගන්න ලොවෙත් නෑ....
එකම වැරැද්ද කොමෙන්ට් මොඩරේට් කිරීම....
මචං ඇනෝ ,
Delete,කේමදාස මාස්ටර් ගැන මට මේ වගේ කතා ගොඩක් අහන්න ලැබිලා තියෙනවා. වතාවක් අනිල් මිහිරිපැන්නයන් මුණගැසුණු වෙලාවක ඔහු මට කීවෙත් කේමදාස දන්නා සංගීතයක් නොමැති බව. නමුත් ඔහු පවා පිළිගත්තා කේමදාසට සුපිරි කළමනාකරණ හැකියාවක් තිබුණයි කියලා. හැබැයි අනිල් මිහිරිපැන්න උනත් භාරතීය සංගිතයේ දරුවො නෙව.අපි මහලොකුවට කියෙව්වට අපිට මහා සංගීත සම්ප්‍රදායක් කවදාවත් උරුම වෙලා තිබුණේ නෑ. ඉන්දියානු උත්තර භාරතීය සංගීතය තමයි අපේ අයට සංගීතය. මම පිළිගන්නව සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා. ඒ අර්ථයෙන් ගත්තම බටහිර සංගීතය ගැන මහාලොකු ඇසුරක් නොමැති අපි වගේ උදවියට කේමදාසගෙ සමහර සංගීත නිර්මාණ මාර රහක් ගෙනත් දුන්නා.
මොන කැත වැඩක්ද කකා මේ? කොමෙන්ට් මොඩරේට් අයින් කරලා හොද- උණුසුම් සංවාදයකට ඉඩකඩ සලස්වලා දෙමුකෝ.
ReplyDeleteබොලා අමරදේව ගැන කියනවා. කකා මේ සිංදුව දාලා තියෙන්නෙ මේ දවස් වක කකාගේ බ්ලොග් එකෙ උනු සිද්ධි වලට පිළිතුරක් විදිහට. පටු අදහස් තියෙන ගෑණුත් එක්ක මේ බ්ලොග් කෙරිල්ල හරි අමාරුයි වගේ කකාට
ReplyDeleteපටු අදහස් තියෙන ගෑනු කොහෙත් ඉන්නවා. කකා ඕවා අත්දැකීමෙන්ම දන්නවා. ඒ හන්දා ඕවා සීරියස් ගන්නෙ නෑ. මොකද පටු අදහස් තිබුණාය කියලා මරන්නයැ!
Deleteස්ත්‍රිය පිඩාවට පත්වීම ඉතාම කනගාටුවට කරුණක්. මා දකින දියුණුව නම් ස්ත්‍රිය බිය නැතුව බ්ලොග් ලියන සමාජයක් බිහිවීමයි. ලෝකය වෙනස්වේවි, අපේ ජීවිත කාලයේ නොවූවත්, එය වෙනස්වේවි … කකා මීට වඩා ශිෂ්ට විය හැකි මොළයක් තියෙන සතෙක්!!!!!
Deleteබයිලනෙ මල්ලි!!!!! ස්ත්‍රීන්ට පීඩා කරන්නෙ කොහොමද බ්ලොග් ලියල? අනික කකා කුණුහරුප කොමෙන්ට් අයින් කරනවනෙ. වෙලා තියෙන්නෙ මේ බ්ලොග් ලියන ස්ත්‍රීන්ට යමක් කිව්වම එයාලට දෙන්න උත්තර නැත්තම් නහයෙන් අඩන එක. මතකනෙ එක්කෙනෙක් කකාගේ කොමෙන්ට් එකකුත් මැකුව.
Delete@කතන්දර,
ReplyDeleteඔයා තාමත් නිර්මාණය සහ නිර්මාණය නමින් පෙනී සිටින 'අණ්ඩපාලවාදය' අතර වෙනස දකින්නේ නැහැ!!!!!!!!!!
මිනිස්සු කැමැති නිසා විතරක් නෙමෙයි සින්දු අහන්නෙ. 'ආගමික' විදියට ඇපල් ෆෝන් එකට මැරෙන්න හදන්නෙත් ඒ මිනිස් ස්වභාවය නිසාමයි. ඒත් එය නිර්මාණයට ඇති ආසාව නිසා ඇතිවූවක් නෙමෙයි. කිසිම වාදයකට පෙර සිට තියෙන මිනිස් ස්වභාවයක්.
බුද්ධිය පාවිච්චියට මනස ගන්න නිසා කැමැති නිසා පමණක් සින්දු අහන්න මිනිස් ස්වභාවය වෙනස් කරගන්න හැකියාව තිබි පමණින් එසේ කරන අය වැඩිපුර නැත්තෙ යම් සමාජ ක්‍රමයක් නිසා නෙමෙයි. කැමැති නිසා පමණක් සින්දු අහනවාට වඩා සතුටක් මිනිසාට එතැනින් එහාට තවත් දුරට සින්දු අහන විට ලැබෙන නිසා. එය ලොව අමරදේව හිටියත් වෙන කවුරු හිටියත් වෙනස් වෙන්නෙ නැහැ.
මිනිසාට සින්දු අහන්න නුදුන්නාය කියල එහෙම ලැබෙන තෘප්තිය වෙනස් කරන්නත් බැහැ!!!!!! (දැක්කනෙ බ්ලුම්බර්ග්ගෙ සෝඩා පාලනයට විරුද්ධව ස්ට්‍රන්ගෙ බෙඩ්ෆෙල්ලොව්ස් එකතු වෙලා සටන් වදින හැටි.)
සමස්ත පද්ධතිය අවුල් නිසා මුළු එකම හදනකම් අපි පොඩ්ඩක් කට වහගෙන ඉන්න කියන සංකල්පයට එකඟ නැහැ. මේ වරද සැහෙන වරදක්. අනික ඒක මතුවී පැතිරීගෙන යන කාලයක් මේ. අමරදේවට කොපි කරන්න එපා කියන එක සාධාරණ ඉල්ලීමක්. ඒ සම්බන්ධ දැනුවත් කිරීම වරදක් නොවේ. ඒ වගේම කොපි කිරීම නිසා අමරදේවගේ නිර්මාණ වර්ජනය කරන්න පුළුවන් නම්, අනිත් අයට ඒ ක්‍රමයම යොදා ගෙන අමරදේවගේ නිර්මාණ සීමා කරවන්නත් හැකියි නේද?
ReplyDeleteඑතැනදී සංගීත රසිකයින් නොවන අයට වගකීමක් තියෙනවා මේකේ ඇත්ත තක්කඩියන් විනා අමරදේව ඉලක්ක නොකරන්න.
ඇත්තටම මලේ විශ්ව සාහිත්‍යයේ හෝ සංගීතයේ ආභාශය ලබලා කෘතියක් කළාට වරදක් නෑ. අමු අමුවට ෆොටෝ කොපි ගහන එකයි වරද. කොහොම උනත් අමරදේවයන් ගැන අහිතක් හිතන්නවත්, කියන්නවත්, හිත හදාගන්න බෑ.
ReplyDeleteඔය හින්දි සින්දුව මං ඉස්සෙල්ලම ඇහුවේ slum dog millioner එකේ අන්ධ ළමයා කියන විටයි.
ReplyDeleteඅපේ ජාතික ගියයි , ඉන්දියාවේ ජාතික ගීයයිත් එමට ටියුන් එකට යන එකේ ඕවා මොනාද ? .
ReplyDeleteවෙනත් රටක කලා නිර්මාණයක් ඇසුරින් නිර්මාණයක් කලාට කිසිවරදක් මම දකින්නේ නෑ . විශේෂයෙන්ම අමරදේව මාස්ටර් වගේ ලොකු ටෝක් නැති නිහතමානි කලාකරුවෙක් . තනි අකුරේ ඒක පුද්ගල ප්‍රසංග වලට ප්‍රසිද්ධ සමහර ප්‍රබුද්ධයො වගේ භාරතීය සංගීතයට "දේශීය " ලේබල් ගහගෙන අනික් සම්ප්‍රදායන් විවේචනය කරන්න ගිය කෙනෙක් නෙවෙයි මාස්ටර් . ඔහු අතින් නිම්හිම් සෙව්වා වගේ ගීතත් බිහිවෙන්නේ ඒකයි !
අපේ ජාතික ගීයයි ඉන්දීය ජාතික ගීයයි යන්නෙ එකම ටියුන් එකට? මෙන්ටල්ද?
Deleteකී බෝඩ් එකක් අරන් දෙකම පොඩ්ඩක් වාදනය කරල බලන්න , සමාන ගතිය දැනෙයි . මම අහල තියන විදිහට ඔය දෙකටම යමන් රාගයෙන් ආභාෂය ලැබිලා තියනවා, ආනන්ද සමරකෝන් මහත්තයා තාගෝර්ගේ ගෝලයා ඒ නිසා අරකෙන් ආභාෂයක් ආපු එකේ අරුමයක් නෑ . සංගීත සර් කෙනෙක් ගෙන් අහල බැලුවත් ඔය ගැන කියයි , මොකද මාත් ඒ ඔය කථාව කීවේ එහෙම කෙනෙක්ගේ අදහසක් අනුව
Deleteතාගෝර් ගැන තියන විකිපීඩියො පිටුවෙත් මේ ගැන තියනවා
Deleteආනන්ද සමරකෝන් තාගෝර්ගේ ගෝලයෙක්ද නැද්ද මා දන්නේ නැහැ, නමුත් ඔහු නමෝ නමෝ මාත නිර්මාණය කරන කාලයේ ජන ගණ මන යනු අප්‍රකට සාමාන්‍ය ගීතයක් පමණයි. මේ ගීත දෙකම නිර්මාණය කළේ ජාතික ගී වශයෙන් නෙවෙයි. ඒවා ජාතික ගී වූයේ පසුවයි. ජන ගණ මනහි ඇති දෙමත් විරිත නමෝ නමෝඅ මාතාහි නැහැ. ඔය හැමෝම කියන බොරු පිළි ගන්න එපා.
Delete@Anonymous January 6, 2013 2:56 PM,
Deleteමේ බූරු බුවාට ඉන්දියන් උණක් තියෙනව. මූට ඕනම ඉන්දියන් ගූ ගොඩක් හරි ඉස්තරම්!
@AnonymousJanuary 6, 2013 8:38 PM- රූ .. දිලා තියන විකි පිඩියා පිටුවෙත් ඔය ගැන සඳහනක් තියනවා . සමහර විට ඔබ හරි ඇති .
Deleteකොපි කිරීමයි ආභාශය ලබා ගැනීමයි දෙකක් හැටියටි මම දකින්නේ. කොහොමත් ලංකාවට මුල්ම ශිල්ප 18 ආවා කියන්නෙත් ඉන්දියාවෙන්නේ. මම දන් නැහැ ඇත්තද බොරුද කියලා. නමුත් පිලි ගැනීම එහෙමනේ. නමුත් වර්තමානයේ කරන හිරිකිත කොපි කිරීම් වලට වඩා මේක සාර්ථකයි.
ReplyDeleteමටනම් කකා නිර්මාණය හොඳ නම් එච්චරයි
ReplyDeleteහැබැයි ඉතින් ගෙඩි පිටින් කොපි ගහන එක නම් හරි නෑ
ප්‍රතිරූප වන්දනාව උත්තම කොට සලකන සමාජයක බ්ලොගක ඇරෙන්න මේවැනි මාතෘකාවක් කරළියට ගන්න හිතුවොත් ඒකගේ අවසානය තමා. ඒ තරමටම මේ අයියලා සමාජයේ සිවිල් පොරවල්. එත් කරලා තියෙන්නේ ප්‍රෝඩාව. ඕක කෙළින්ම කියලම ගත්තනං අහවරයිනේ.
ReplyDeleteමහින්දගේ ප්‍රතිරූපයට වදින උඹ ඕක කියන කොට ඇඬෙනව බන්
Deleteකෝප්පේ ගැනනම් කතන්දර ගොඩාක් කියන්න පුළුවන් කකා ,සින්දු විතරක් නොවේ චිත්‍රපටත් එහෙමයි මට තියෙන ප්‍රශ්නේ අපේ ලාංකීය නම් කොහොමද
ReplyDeleteහින්දි දෙමළ අයගෙත් තියෙන්නේ ,කවුද ඉස්සෙලා කොප්පේ දැම්මේ ?
අමරදේව මාස්ටර්ගේ 'නිම් හිම් හෙව්වා' සින්දුවත් බයිලා ගායක ඩෙස්මන්ඩ් සිල්වාගේ 'Yesterday Today or Tomorrow' සින්දුවේ කොප්පයක්....!
ReplyDeleteඔරිජිනල් එකට වඩා කොපිය හොඳ වෙන අවස්ථාත් තියනවා. අමරදේවගේ ගීතය ලස්සනයි පද මාලාව කොපියක් උනත් අදටත් හරි යනවා "එහෙව් නිදහසේ ස්වර්ග රාජ්යබයට මාගේ දේශය සිංදු කියලා නොවෙයි වතුර ගහලවත් අවදි කරන්න බැරි විදියට ජනතාව ටෙලි නාට්‍යය බලල නිදා ගන්න කාලයක් මේක. අනිත් එක දැන් ඉන්දියාවේ සින්දුව ඔරිම ඔරිජිනල් කියල කොහොමද ඔප්පු කරන්නේ පරණ රාගයක අභාෂය ඕකේ ඇති.තාගෝර් කිසිම කෙනෙක්ගෙන් නොගත් අදහස්ද ඔරිජිනල් එකේ තියෙන්නේ? කිසිම දෙයක් ඔරිජිනල් නෑ හැමෝම තමන්ට පෙර ආ දෙයින් තමයි උකහා ගන්නේ.
ReplyDeleteමම අහල තියෙනව ඉගෙන ගන්නවා කියන්නේ කොපි කිරීමක් කියලා. මෙතන අමරදේව/මහගම සේකර යුගලය ඉගෙන ගත්තා වෙන්න බැරිද ? අමරදේවයන් සංගීත අධ්‍යාපනය ලබන්නේ භාරතයෙන්. ඉතිං ඔවුගේ ගීත තුල භාරතීය ලක්ෂණ තිබීම වරදක්ද ?
ReplyDeleteමේ වගේ තව එකක් මතක් වුනා සිසිර සේනාරත්න මහත්මයාව කොපි කරපු ජාටින් ලතිෆ්
සුදු පාට මල් නෙළාලා
කුච් කුච් හෝතා හේ
මම නම් ඕකේ වෙනසක් දකිනව කකා. අමරදේවලා, මහගමසේකරලා ඉන්දියානු දේවල් භාවිතා කරන්න ඇති. හැබැයි ඒක නොකියා කලා නම් ඒකත් වැරදියි තමා. මම දකින වෙනස මේකයි. අමරදේවලා, මහගමසේකරලා ඕවා පාවිච්චි කරලා තියෙන්නේ හොඳ යමක් මිනිස්සුන්ට දෙන්න මිසක්, අර මුල් කෘතිවල ජනප්‍රියත්වයෙන් මුදල් හම්බකරගන්න නෙමෙයි. මොකද ඔය සමහර මුල්කෘති, කාලෙකට පස්සෙ මෙන්න මේවා කියලා (කකා මේ දැන් කියනව වගේ) කවුරුහරි කියනකම් කවුරුත් දන්නෙවත් නෑ. ජෝතිපාලලගෙ තිබ්බ වැරැද්ද තමා ජනප්‍රිය වෙච්ච හින්දි තනු, උණු උණුවේ අරගෙන ලේසියෙන් ලියන්න පුලුවන් කියලා හිතෙන පද රචනා වලින් ගීත නිර්මාණය කිරීම. හොඳ දෙයක් භාවිතා කරලා හොඳ දෙයක් කිරීමට වඩා, අර මුල් කෘතියේ ජනප්‍රියත්වය පාවිච්චි කිරීමක් විදිහට මම ඒක දකින්නේ.
ReplyDeleteමෙම ගීතය ක්‍රිෂ්ණ භජන් ගීතයක්. උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් සංගීතය නිර්මානය කලේ රවි කියන සංගීතවේදියා. අපේ ලංකාවෙ ගායක ගායිකාවො ගයන බොහොමයක් ගීත උත්තර භාරතීය රාගධාරී සංගීතය ඇසුරින් කල නිර්මාන තමයි. අපි රාගධාරී සංගීතය නොදන්න නිසා අපිට ඒව තේරෙන්නෙ නැහැ. හොඳ සංගීතය, හොඳ නිර්මාණය හොඳ මිත්‍රයෙක් වගේ හොඳ දේ අගය කරන කවුරුත් ඒවා ඇසුරු කරනව.
ReplyDeleteමහින්ද ලොක්කා ගෙඩි පිටිං නිශ්ශංක මල්ලව කොපි කරන්නේ ඕවා මොනවද කකා.මොනවා උනත් අමරදේව කියන්නේ භාතිය සංතුශ්ලා එක්කත් සින්දු කියපු විවෘත මනසක් තියෙන මනුස්සයෙක්.
ReplyDeleteලයනල් රන්වල වතාවක් කියූ කතාවක්: පිටරටක සංගීත වැඩසටහනක අපේ රටේ ගීතයක් කියන්න කිව්වම ඔහු "ප්"රකට ගාන්ධර්වයෙකුගේ" [මේ කියන්නේ නෝන්ඩියට] ගීයක් කිව්වලු. එතන හිටපු ඉන්දියන් එකෙක් කිව්වලු ඕක ඔයාලගේ වෙන්නේ කොහොමද ඕක අපේ අහවල් රාගයෙන් ගයන ගීයක් කියලා.
ReplyDeleteඇත්තෙන්ම මම හිතන හැටියට 75% සිංහල සින්දු ඔයාකාරයෙන් ඉන්දීයකරණය වෙනවා. කොමර්ෂල් එකක කොපි නොවුනත් බොහෝ විට ශාස්ත්‍රීය ඉගැන්නුමක කොපියක්. එහෙ එකෙකුත් ඒකෙන්ම කොපියක් ගත්තම අපේ එකයි උගේ එකයි සහෝදරයින් වෙනවා. ඒවා කෙලින් නොවේ, වක්‍ර කොපි.
ක්ලැරන්ස් ගැන මොකද හිතන්නේ? ඔහුගේ ගීතත් කොපිද?
අපේ සංගීතයට තාම විශාරද දෙන්නේ ඉන්දියාවේ හෝ ලන්ඩන් වල වෙච්චි කොට කොපි කිරීම නවතන්න බැහැ. ඒකෙ වරදකුත් නැහැ. ආගමිකභාවය [නච්ච ගීත වාදන සිල්වතුන්ට අනුචිතයි කියපු] අස්සේ උන්නු රටක සංගීතය දියුණු වෙන්නේ නැහැ. ඒත් බටහිර හා ඉන්දියාවේ සංගීතය දෙවියන් වර්ණනයට යොදා ගත්තු මෙවලමක්. ඒක නිසා අපි අපේම සංගීතේ කියලා ස්වර දෙක තුනක හිර වේවි ඉන්නවට වඩා හරියට සංගීතය තියෙන තැනකින් ගත්තට වරදක් නැහැ.
//තන හිටපු ඉන්දියන් එකෙක් කිව්වලු ඕක ඔයාලගේ වෙන්නේ කොහොමද ඕක අපේ අහවල් රාගයෙන් ගයන ගීයක් කියලා.
Deleteබෙංගාලි ජතිකයන්ගේ බෙංගාලි සංගීතයත්, පන්ජාබයෙන් ගසලුත්, ද්‍රවිඩස්ථානයේ සංගීතයත් ඇරෙන්න ඉන්දියාවට වෙන සංගීතයක් නැහැ. විශේෂයෙන්ම හින්දි කතාකරන, ඉන්දියාව කියන්නේ හින්දි සංස්කෘතියය කියල හිතන් ඉන්න ඉන්දියන් ගොන් හැත්තට කිසිම සංගීතයක් ඇත්තෙම නෑ. ඔහොම කිව්වේ අනිවාර්යයෙන් හින්දි කතා කරන එකෙක් වෙන්න ඕන. රංවල අහල බැලුවේ නැද්ද දන්නේ නෑ මේක ඕගොල්ලන්ගෙ වෙන්නෙ කොහොමද, මේක පකිස්තාන් කාරයන්ගෙනෙ කියල.
//මේක පකිස්තාන් කාරයන්ගෙනෙ කියල.//
Delete++++
well said ano
( better late than never)
මෙන්න මේ සින්දුව කී පොළකින් කොපි කල එකක්ද?
ReplyDeletehttp://www.youtube.com/watch?v=3kFRyWvoKMY
@කතන්දර,
ReplyDeleteඔබ තුල ඇති වඩාත්ම හොඳ යහපත් වූව නාමයෙන්, මේ ලෝකය එහි වඩාත්ම නරක වූ අයට පාවා දෙන්න එපා. ඔබ ආරක්ෂා කරන අගැයුම් නාමයෙන්, මිනිසා කවුදැයි කියා ඔබ හිතාගෙන ඉන්නා වූව, ලෝකයේ ඉන්නා දුෂ්ට, නීච, සිතන්න නොහැකි, මිනිසා යන නාමයට නුසුදුසු වූ අය අතින් විකෘති වී යන්නට ඉඩ දෙන්න එපා. මිනිසාගේ නිසි හැදියාව නම් කෙළින් හිටගෙන ඇවිදින, සම්මුතීන්ට හිර නොවූ මනසක් ඇති, අසීමිත පාරවල් වල ඇවිදගෙන යා හැකි වූවෙක් යන ඔබේ දැනුම කිසිදිනෙක නැතිවී යන්නට ඉඩ දෙන්න එපා. යාන්තම් ඇති, ඒ ළඟින් ගියාම ඇති, තාම බැහැ, දැනට ඕනෙ නැහැ, කිසිම විදියකින් වෙන්නෙ නැහැ, යනාදියෙන් ඔබ තුල ඇති ගින්න, යළි ඇතිකරනු නොහැකි සේ පුපුරෙන් පුපුර නිවී යන්නට ඉඩදෙන්න එපා. ඔබ අපේක්ෂා කරන සම්පූර්ණ සතුටු ජීවිතය එයාකාරයෙන්ම මුදුන් පමුණුවා ගත නොහැකි වූ පමණින් හුදකලා වූ ඉච්ඡාභංගත්වයෙන් ඔබේ හදවතේ ඉන්නා වීරයා විනාශ කරන්න එපා. ඔබේ මාර්ගය නැවත විමසා බලන්න. ඔබේ සටන කුමක් දැයි නැවත විමසා බලන්න. ඔබට රිසි ලෝකය දිනාගත හැකියි. එය පවතින්නකි. එය සත්‍යයකි. එය ලබාගත හැකිවූවකි. එය ඔබේය.
ඉන්ටිබල් ඉවර වෙලා වගේ....ලංකාවේ කොපි නොකල සංගීතවේදීයෝ ඉන්නේ මකුලොලුව මහත්තයයි...රන්වල මහත්තයයි විතරයි..අනිත් අය සේරම භාරත සංගීතයේ රාගයක් හරි කොපි කොරලා තියෙනව නෙව....
ReplyDeleteEhew nidahase swarga rajjaye, Pol gediyak rupiyal panahai, Ehew nidahase swarga rajjaye Paan gediyak rupiyal panahai, Gandabo hondata me tika dan aha ganta, Saptha swaraya behe badaginnata kanta, Lajja nathi kamata koi sarigamath yatai, Angata asoowai, oluwata masa dekai. >>> SURATH << Ravaya, 19.12.2010.
ReplyDeleteඕවනම් මොනාද කකා. සමහර චිත්‍රපටිය පිටින්ම කොප්ප ගහලා තියෙන්නේ.
ReplyDeleteකවුරුවත් විශ්වාස කරයිද මන්ද...මීට අවුරුදු 10 කට පමණ පෙර මම ඇහුව මාලිනි බුලත්සිංහල ගයන " හැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා" ගීයට 99% ක්ම සමාන මෙක්සිකන් තනුවක්.
ReplyDeleteමේකට හේතුව සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන සංක්ලපය විය යුතුයි
ඔන්න ඔහේ සිංදුව අහලා රසවිඳලා ඔවුව අමතක කරමු.. සංගීතය විශ්ව භාශාවක් නම් ඒකට කොහෙද වැට කඩුලු ? කවුද මේ ලොකේ තනියම ස්වාධීනව සංගීතයක් කල කෙනා ? කපුටා.. ඌ අනුන්ගෙන් තාල හොරකම් නොකර හැමදාම කාක් කාක් කියනවා.කවුරුත් ඌව අගයන්නේ නෑ..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකතාගෙන ඇර මේවා වෙන කාගෙන අහන්නද? මේ වගේ අය තමයි, ජෝතිපාලලාව මරාගෙන කන්න හැදුවේ 70 දශකයේදී. ඒ කාළේ ගැන දන්නෙ නැති උන් හිතන්නේ මෙයාලා මේ වඳින්න පුදන්න ඕන කස්ටියක් කියලා. ඔය ශ්‍රී ලංකා කාරයෝ කොහොමත් කරන්නෙ ඔය වගේ වැඩ එයාලා ඉංග්‍රීසි හා ළෝකය ගැන ඉගෙන ගන්න කොට. අනිකට ඒ චාන්ස් එක දෙන්නෙ නෑ. නමුත් ජාලේ නිසා එයාලගේ හෙළුව එලි වෙනවා. බලාගෙන ගියාම මෙයාලට වඩා අපි උසස් කලාකාරයො නේ. තව එකක් තියෙනවා ඒ තමයි විශ්ව සාහිත්‍ය අගය කර කර ඒවා පසු පස යෑම . එහෙම ගියාම මේ වගේ දේ සිඳුවන එක සාමාන්‍ය දෙයක්.
ReplyDeleteThere is no any "copy cat" or mix up here. This particular song I have heard number of times aired by local radio channels. Once there was an explanation also.
ReplyDeleteAccording to that it is a one particular "Raga" used in original form to compose the music - I can not remember the name of the "Raga" - , but any how it explains why the similarity...
machanla amaradewa , dayarathna , sunil edirisinha , kemadasa amu amuwe karapu songs godak thiyenawa eth ewa godaka aya danne nattte gazel wage song ahanne nathi nisa namo nmao matha patta copyaka
ReplyDeletelanka we jathika geeya wenna oni sunil shantha uthura nagenhira geethaya eka ahanakota angta mara fit ekak danenne.
රාගධාරී සංගීතය ගැන පොඩි අදහසක් තියනවනම් හේතුව තෙරුන් ගන්න පුළුවන් ඇයි තනු දෙක ඒක සමාන උනේ කියල. ඉන්දියානු සංගීතයේ කොදු නාරටිය කියන්නේ රාග. රාගයක් කියන්නේ එක්තරා අනන්‍ය හැගීමක් ජනිත කරන්න පුළුවන් ස්වර එකතුවක්. තව ටිකක් පැහැදිලි කරොත් රාගයක් කියන්නේ සංගීතයේ තියන මුලිකම අවස්ථාවක්. මොකද සංගීතය කියන්නේ හුදෙක් ම හැගීම් එකතුවක් නිසා..
ReplyDeleteඑතකොට සම්භාව්‍ය සංගීතය රාග ද ධාරී සංගීතය මත පදනම වුනා. එතකොට ජනයන් අතර භාවිත වෙච්ච සරල සංගීතයට අදාල ගීත ගයන වර්ග ( ධමර්, තරනා, බටියාලි, ගසල් ) වලට භාවිත කරේ රාග වලින් ජනිත වෙච්ච තනු. ඒක නිකන් මේ වගේ.. රාග නිකන් ගණිතය වගේ ඒක භාවිත කරලා හදපු දේවල් විද්‍යාත්මක දීවල් ඒ ගීත වර්ග වගේ..
හින්දි සිනමාව ඉන්දියාවේ ප්‍රචලිත වීමත් සමගම චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂක වරු රාග එලෙසම ගීත වලටත් භාවිතා කරා. එතින් රාග ධාරී සංගීතය දන්න කව්රුහරි මෙතන ඉන්නවනම් දන්නවා මුල් යුගයේ හින්දි සිනමා සංගීතය කෙතරක් අමු අමුවේ රාග ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක ද කියල. කොතරම් කියනවනම් රාග පිළිබද හොද දැනීමක් ඇති අයෙකුට ඉතා පහසුවෙන් එම ගීතය කුමන රාගයක් ඇසුරෙන් හැදුනු එකක් ද කියල කියන්න පුළුවන්..
එතින් මෙතනත් වෙලා තියෙන්නේ අ වගේ දෙයක්. අමරදේව වත් ඉහත ගීතයේ කව්රුවත් කව්රුවත් කොපි කරලා නා. නමුත් ඊට අදාල රාගය ( සංගීතයේ මුල් හැගීමක්) ආශ්‍රය කරලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාම කරලා තියෙන්නේ ඒක භාවිත කිරීම. නමුත් අහන්නෙකුට තනු දෙක සමානයි කියල තේරෙනවා. නමුත් ගැඹුරින් බැලුවොත් අයෙත් අසමනයි කියලත් තේරෙනවා...
ඔය වගේ සමාන තනු තියන ලංකාවේ ගීතත් තියනවා එකම රාගයෙන් වියුත් පන්න වෙච්ච.. සංගීතය ටිකක් කනට පුරුදු නම් මම කියන ඒක හොදටම තේරේවි.. යමන් කියන රාගයෙන් හැදිච්ච පහත ගීත වල තැනුවේ ඉතා සමාන කම තියනවා...
1. සොදුරිය ඔබගේ උවන මනා නම්
2. සැන්දෑ අහසේ හිරුට මුවාවී කාලය
3. හදේ කොතැනක හෝ හිදී ඔබ
4. ඔබ පෙම් කරනා ඔබේ කුමරී.
මේකෙන් කියන්නේ නෑ ඔය ගීත ගයනා කරන වික්ටර්, සුනිල්, කපුගේ කොපි කරලා කියලා...
මේක ලියපු මහත්මයත් පොඩ්ඩක් දේවල් ලියන්න කලින් විශේෂයෙන්ම සංගීතයේ කෙල පැමිණි අමරදේව වගේ සංගීත වේදියෙකුට මෙහෙම කතාවක් කියන්න කලින් පොඩ්ඩක් විචාරශීලී මනසකින් බැලුවනම් පොඩ්ඩක් හොදයි..
එහෙන් පිටින්ම කොපි කරපු තනු ඕනෑ තරම් තියනවා. හැබැයි මේක එහෙම නෙවී.
හොඳයි මොකක්ද මේ කියන රාගය?
Deleteමට නං පේන්නේම කොප්පයක් කියලායි. කොහොමටත් පදමාලාවේ අදහස නම් කොප්පයක් නේ!
රාගය නම් කෙදාර් කියන රාගය. අනිත් එක හොද දෙයක් නම් කොපි කරනම් මොකද තියන ප්‍රශ්නේ. මේ ලෝකේ ගොඩක් ම දේවල් කොපියක් තමයි. තාක්ෂණය චිත්‍රපටිය ගීතය හැම දෙයක් ම වගේ. අයෙත් මුල ඉදන් ම හැම දෙයම කාරණාවන් මානව ශිෂ්ටාචාරය මෙච්චර දුර එන්නේ නෑනේ. නැත්නම් එතින් පොල්පොට් චින්තනයෙන් තමයි හිතන්න වෙන්නේ. හැබැයි වැදගත්ම දේ තමුන් එක කොපි කරනම් එක කාගෙන් ද කොහෙන්ද කියල කියල තිබ්බ නම් ඇති.
ReplyDeleteතව කරුණක් ඔබට පේන්නෙම කෝප්පයක් කියන එක සත්‍යයක් වෙන්නේ කොහොමද? එක ඔබේ දැනුමට සංගීත රසවින්දනයට සාපේක්ෂයි නේද? එහෙම තියෙද්දේ මේ වගේ ඍජු (solid) ලිපි දැන එකෙන් මේ ගැන නොදන්නා පාඨකයන් නොමග යාමේ අවදානමකුත් තියනවා නේද?
https://www.youtube.com/watch?v=NbchuCfqBls
මේකත් කෙදාර් රාගයෙන් නිර්මිත තවත් ඒ වගේ ගීතයක්. ගොඩක් සමානකම් තියනවා. හැබැයි ලේසියෙන් පෙන්නේ න. මොකද ලය (beat) එකයි තාලයයි වෙනස් .
"Patuadahas nam pawurin" only a part of Hindi "Darshan" of Suda Malhothra & Hemanth Kumar, but Pandith Amaradewa 100% copied the following
ReplyDelete( http://oslvs.blogspot.com/2016/11/blog-post.html )
Original D Palushkar ( https://www.youtube.com/watch?v=x5bXKem6bGg )
So much better than Baila copies from Caribbean sing by silly gypsies
ReplyDeleteඋතුමානෙනි චිත්‍ර පටය Insafka Tharasu හිංදි චිත්‍රපටයේ කොපියක්. බලා හිදිමි පෙර මග නෙතු දල්වා Richard Marx-ගේ I will be right here waiting for you ගීයේ අදහසද මිශ්‍ර කර ගත් එකක්.
ReplyDelete