ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 29 June 2010
යුධ බිමේ අත්දැකීම් - විමල් ගේ සුරතින් ලියවෙයි!
මං හොඳින් අඳුණන පොරක් ඉන්නව මෑන් ටිකක් එක විදියක එකෙක්. (සමහර විට පොරක් නොවෙන්නත් පුළුවන්. මොකද පොර කියන එක සාපේක්‍ෂ වර්ගීකරණයක්නේ).
කොහොම වුනත් මිනිහගෙ ඊ-මේල් අත්සනේ තියෙනව මෙන්න මෙහෙම.
"මා යුද්ධයට කැමති එය හොලිවුඩ් හි සාදන ලද්දේ නම් පමණි."
I only like war if it is made in Hollywood.
පොරට එහෙම වුනාට මට නං හැබැයි හොලිවුඩ් වෙන්නම ඕනැ නෑ, බොලිවුඩ් වුනත්, කොලිවුඩ් වුනත් ප්‍රශ්ණයක් නෑ.
හාන්සි පුටුවෙ ඉඳන් යුද්ධ කරනව වගේම ජොලි වැඩක් තමයි හාන්සි පුටුවෙ ඉඳන් යුද්දෙ ගැන කතන්දර බැලීම.
මං පුංචි කාලෙ ආච්චිලගෙ ගෙදර නිවාඩු කාලෙට ගියාම ආච්චියි, සීයයි පෙට්ටගමක එකතු කරල තිබුණු පරණ රසවාහිනී කියන සඟරාවේ පිටපත් බලන එකමයි වැඩේ කියල කිව්වනේ දවස් කීපෙකට කලින් දාපු කතන්දරේ.
ඒ සමහර රසවාහිනී සඟරා මං උපදින්නත් කලින් (බුදු අම්මෝ ඒ කියන්නේ සෑහෙන්න පරණයි!) මුද්‍රණය කරපු ඒවා.
රසවාහිනී සඟරාවල නොයෙකුත් ආකාරයේ ලිපි තිබුණා. ඒ අතරින් මං කැමතිම ලිපි මාලාවක් තමයි යුධ බිමේ අත්දැකීම්.
යුධ බිමේ අත්දැකීම් ලියල තිබුනෙ, විමල් කියල ලේඛකයෙක්.
ඒක ආරූඪ කරගත්තු නමක් ද, හරි නමේ මුල් කොටසද දන්නෙ නෑ. විස්තර හොයල බලන්න ඕනැ. ආරූඪ කරගන්ත නම් ඔයිට වඩා ටිකක් හොඳ නමක් දාගන්න එපායැ නේද? කොහොම වුනත් මේ කියන විමල් තමන්ගෙ අත්දැකීම් ලබල තිබුනෙ දෙවන ලෝක යුද්දෙ කාලෙ ඊජිප්තුව, ඉතාලිය වගෙ රටවල් කිහිපයකයි.
මේ ලිපි පෙලට දීල තිබුණු නම කොහොම වුනත් ඒකෙ වැඩියෙන්ම තිබුණෙ යුද්ධ, සටන් සහ මිනීමැරීම් ගැන නම් නෙමේ, ගමන් විස්තර, කාපු බීපු හැටි ආදී අත්දැකීම් ගැනයි. අද කාලෙ නං මේ ලිපි එකතු කරල පොතක් ගහනව ෂුවර් එකටම.
යුධ බිමේ අත්දැකීම් අතර තිබුණු කතන්දර කීපයක් මට තාමත් යාන්තමට වගේ මතකයි.
ඔන්න එක ඉතාලියානු කෙල්ලෙක් විමල් ට කියනව කල්ලන්ව විස්වාස කරන්න බෑ කියල. පොර මේ කෙල්ලව බඳින්න ඇහැව්වද මන්ද? එතකොට විමල් කියන්නෙ හැබැයි දුඹුරු පොරවල් එහෙම නෑ කියලයි.
තවත් කතාවක තියෙනව ඊජිප්තුවෙදි විමල් දැක්කලු ගෑනියෙකුයි බූරුවෙකුයි අතර ලයිව් ෂෝ එකක් තියෙනව කූඩාරමක් ඇතුලෙ සල්ලි අයකරල පෙන්නන. ඒක විස්තර කරල තිබුණෙ නෑ. පොර ගියේ නැහැල්ලු ෂෝ එක බලන්න. ටිකට් මාර ගණං හින්දද, අප්පිරියා හිතුන හින්දද මන්දා?
විමල් ගෙ තීරු ලිපි පෙල කෙසේ වෙතත්, දෙවෙනි ලෝක යුද්දෙ ගැන තියෙන පොත් බොහොමයකම යුද්දෙකදි වෙන ජීවිත හානිය ගැන ලොමු දැහැගැන්වෙන ආකාරයේ විස්තර තියෙනව.
අපේ රටෙත් මෑත ඉතිහාසයේ යුද්ධ, යුද්ධ කොච්චර තිබුනද? ඔය යුද්ධවලට සමාන්දරව කොච්චර අහිංසකයෝ මළා ද? මං ලියපු "පොලිසියට බයේ දිව්ව කොල්ලා කතන්දරේ" මතකනේ?
ඒ මරණ ගැන අපිට ටික ටික අමතක වෙලා යනවා. අනූ ගනංවල මැද හරියේ නං හරි හරියට මිනී වළවල් හෑරුවා. ඒත් වෙච්ච මගුලක් නෑ. එහෙන් මෙහෙන් මිසක් සැබෑ සත්‍යය නම් නිරාවරණය වුනේ නෑ.
තව කොච්චර ඒ ආකාරයේ මිනී වළවල් ඇද්ද අර ඊරියගොල්ල ගේ සින්දුවේ කියවෙන "ඒ පැත්තේ, මේ පැත්තේ, අර පැත්තේ, අපේ පැත්තේ, තොපේ පැත්තේ, එක කොඩියේ දෙරණේ"?
අද කාලෙ හැටියට ලංකාවේ ජුරිස්ඩික්ෂන් එක ඉන්දීය සාගරේ හතර පැත්තටත් හැතැප්ම ගානක් විහිදිලා යන බවත් අමතක කරන්න බෑ, නේද?
දකුණු අප්‍රිකාවෙ වගේ තැන්වල, චිලියේ හෙම, දැම්ම ටෲත් කොමිසන් කියල ඒවා.
අපිටත් කොමිසන් නම් දාන්න තිබුණා අර බෙරේ පලුව හරිගස්ස ගත්තනං!
හැබැයි ඉතිං මුලින්ම බැකෝ යන්ත්‍ර ටිකක් ගෙනත් පොළොව ඇද තැන් ඇද හරින්න ඕනැ!!
ඒ මොනව වුනත්, කවද හරි දවසක ඒ සොහොන් බිම්වල නටපු විමල් ලා ටම තමයි ඔය සත්‍යයත් ලියන්න පුළුවන්.
මරණ මංචකවලදිවත්, කීප දෙනෙකුටවත්, ඇත්ත කියන්න හිතුනොත්?
-කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත හොයාගන්නේ කොහොමද?. මරණ මංචකයේදී කියපු ඇත්තත් තව එකෙක්ගේ මරණ මංචකයේදී බොරු වොයි. ඌ කියයි කලින් එකා කිව්වේ බොරු මම තමයි ඇත්ත කියන්නේ කියල. එහෙම වෙන්න බැරිද මේ රටේ?
ReplyDeleteරසවාහිනියේ මේ ලිපි පෙළ පසුව පොතක් හැටියට පළවුනා. මා කියවා ඇත්තේ ඒ පොත. (අපේ ගමේ පුංචි පුස්තකාලයේ පාඨ ග්‍රන්ථ හැරුණු විට අනෙක් පොත් සියල්ලම කියවා ඇති පාඨකයකු මා.) හුඟාක් පොඩි කාලේ කියැවූ නිසා කතන්දර කියූ ආකාරයේ කතා මට මතක නැහැ. එහෙත් පෙට්‍රල් වත්කළ වැලි ගොඩක් උඩ ටින් එකක් තියා වතුර රත්කර තේ හදාගත් හැටි, ලංකාව රටක් බව නොදැන එය ලොකු තේ වත්තක් කියා ඔහුගේ සගයින් විශ්වාස කළ හැටි යනාදිය මතකයි.
ReplyDeleteමගේ ලඟ තිබුනු අහම්බෙන් හමු උනු රසවාහිනී සඟරා කීපයකින් මමත් ඔය ලිපි කීපයක් කියෙව්වා. ඔය කියන පොත මට සොයා ගන්න තැනක් කියන්න පුළුවන්ද?
Deleteමගේ ලඟ තිබුනු අහම්බෙන් හමු උනු රසවාහිනී සඟරා කීපයකින් මමත් ඔය ලිපි කීපයක් කියෙව්වා. ඔය කියන පොත මට සොයා ගන්න තැනක් කියන්න පුළුවන්ද?
Deleteකතන්දර මාමෙ ඔයා එන්න එන්න වයසට යන නිසාද දැන් කතන්දර එච්චර රස නැත්තෙ?
ReplyDeleteහැබැයි මාමෙ ඔන්න මං final exam එක fail උණොත් එහෙම ඔන්න ඔයා නිසා තමයි ඕං.
ඈයි ඉතින් ඔයා කතන්දර ලියන නිසානෙ අපි ඒව කියවන්නෙ.
:D:D:D:D:D
බෙරේ පලුව හරිගස්ස ගත්තනං! කීවේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද..
ReplyDeleteලොකුම ටෲත් කොමිසම තමන් ළඟ. ඒත් අනිත් අයටත් ඇත්ත දැන ගැනීමේ අයිතියක් නම් තියනව තමයි. සමහර වැලලී ගිය සත්‍ය හෙළිවුනානම් ලෝකය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා. ඒ වගේම තමයි තවත් සත්‍යයන් අපි නොදැන ඉන්න තරමට හිතට හොදයි ඇඟටත් ගුණයි.....
ඔක්කටමත් වැඩිය මට හිතෙනව දැන් ( ගැහැණු හිත නෙ)කතන්දර දැන් වෙනස් වෙලා කියල....
ඔය කතාවේ කියන "බුරුවා" මිනිහෙක් වෙන්නැති.
ReplyDeleteඇත්ත කාලයක් යනකොට එලිවෙයි. හැමදාම කොලේ වහන්න බැහැනේ..
ReplyDeleteනමුත් ලංකාවේ නම් වෙන්නේ, හංගන්න ඕන සිද්ධියක් ආවම, ඒ ගැන එක එක කට කතා සීයක් විතර පතුරන එකයි.. එතකොට ඇත්ත එළි උනත්, ඒකත් කටකතාවකට වඩා වැඩි වෙන්නේ නැහැ.
හරියට විජේවීරයි, ප්‍රභාකරනුයි මැරුන වගේ...
ප/ලි:
ඔක්කොමත් හරි.. අර කූඩාරමක් ඇතුලේ තිබ්බ ලයිව් ෂෝ එක මොකද්ද අප්පා...
ඔය කූඩාරම ඇතුළෙ තිබ්බ ලයිව් ෂෝ එක වගේ එකක් මමත් බලල තියනව.... හිකිස්...
ReplyDeleteනියම කතාව
ReplyDeleteකන්තදර තිත්ත ඇත්ත ලස්සනට ඔතලා දෙන්න දක්ශයි (මේ තාක් දාපු හැම කතාවක්ම )
කැමති අයට ඇරල බලන්න පුලුවන්, කැමති නම පිට කවරේ බල බල ඉන්න පුලුවන්
ආනන්දයෙන් ප්‍රඥාවට යන්න පටංඅරන් වගේ!
ReplyDelete//ආරූඪ කරගන්ත නම් ඔයිට වඩා ටිකක් හොඳ නමක් දාගන්න එපායැ නේද?// :D
ReplyDeleteඅනේ අනේ කතන්දර
ගහනවා කියලා ඔහොමත් ගහනවාද මනුස්සෙයෙකුට
අනේ මන්ද මගේ රසඥතාවයේ අවුලක්ද කියල :|
ReplyDeleteමේ කතාව කියවනකොට මේ කතාවේ පොර වගේම අමුතු පොරක්ව මතක් වුනා. ඒ පොරත් අමුතුයි. මෑන්ටත් යුද්ධේ පේන්න බැහැ. හරියට නයාට අඳුකොළ වගේ. තවත් සරළව කියනවානම් යූ. එන්. පී. කාරයන්ට විමල් වීරවංශ වගේ. මිනිහා කියනවා හිට්ලර් එක්ක යුද්ද කරපු එකත් වැරදිලු. අනේ මන්දා කාට කියන්නද කියලා.
ReplyDeleteපිස්සු හැදෙන සඳ
ReplyDeleteබාන්කී මූන් පව් නේද කකා ;)
ReplyDeleteවෛශ්‍යාවල්ලි භාෂාද්වාර = whore-friendly mouths??
ReplyDeleteI also have read this series in Rasawahini. This Magazine was really good and I have not seen any other one that can match with that.
ReplyDelete@ All
ReplyDeleteමේ ලිපිය ලියුවේ එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ලංකාවේ යුධ අපරාධ ගැන කොමිසමක් දැමීමට යන ආරංචිය ලැබුණු කාලයේය.
සඳ පළුව ඇති කී ටැග් එකද පොඩි ඉඟියකි.
මා සඳහන් කර ඇති ටෲත් කොමිසමක් (උගත් පාඩම්) ද පසුව ක්‍රියාත්මක වුනද, සිදුවුණු කෙහෙල්මලක් නැත.
අතීතය රිපීට් වෙමින් පවතී!