Monday 13 September 2010

ඇම්.පී.ත්‍රී. සහිත හන්තානේ ලව් සෝන්ග් එක


ජීවිතේ අවුරුදු හතරක් ගතකරපු මහනුවර පැත්තේ තිප්පොල ගැන කතන්දර ලියනවට වැඩිය මං කරල තියෙන්නේ, ඒ ලියපු එකම කතන්දරේට ලින්ක් දාන එකයි.

බලමු. ඔහොම ඔහොම යනකොට තව එකක් දෙකක්වත් ලියවෙන්නෙ නැතෑ.

තලෙස්ට්‍රෝ එකේ නං යනව තිප්පොලේ කතන්දර ඉඳල හිටල. ලියන්නේ කස්සා. මකරට නං දැන් දැන් ඕවට වෙලාවක් නෑ මගෙ හිතේ, දේශපාලන සත්වයෙක් නේ!

තිප්පොලේ ගතකරපු කාලය ඉතාවත් සුන්දර ඉතිහාසයක්. ඉගෙන ගත්තු දේවල් බොහොමයි, "ඉගෙන ගත්තු" දේවලුත් බොහොමයි.

දෙවෙනි ආකාරයේ ඉගෙන ගැනීම් ගැන නං වෙනම බ්ලොග් එකක් ලියන්න වේවි.

තිප්පොලෙන් චුත වෙලා ගිහිල්ල කොළඹ කට්ට කන කාලෙ තමයි අතීතයේ වටිනාකම වැඩි වැඩියෙන් දැනේනන ගත්තේ. ඉතිං, කවි සින්දු ලියවෙන එක අහන්න දෙයක් නෙමේනේ?

මෙන්න ඒ වගේ ලියවුණු ගී පදමාලාවක්.

ඉස්සර දවසක
ලස්සන සවසක
අත්වැල් බැඳ ගෙන අප දෙන්නා
මහවැලි ඉවුරේ
නන්දන උයනේ
මතකයි හෙමිහිට පිය මැන්නා

හන්තානේ කඳු
පිසගෙන සුසිනිඳු
සීතල පිණි පොද හමාගියා
සිත සන්සුන් කල
හද කුල්මත් කල
සුන්දර ගී හඬ ගලා ගියා

නාදළු පහසක
මල් පෙති රහසක
රස පිරි සමයයි ගෙවී ගියේ
කොළොම් පුරවරේ
ගිනිදැල් අතරේ
තාමත් ඒ සුව මතක තියේ

අවුරුදු ගානකට පස්සෙ ඔය කවිය දැන් සින්දුවක් වෙලා.

ගායනයඃ ධම්මිකා දේවසුරේන්ද්‍ර
පදමාලාවඃ රසික සූරියආරච්චි

කැමති අයට මෙතනින් සින්දුව අහන්න පුළුවනි.



මෙතනින් බාගන්න පුළුවනි.
http://www.divshare.com/download/12535548-525

-කතන්දරකාරයා

ප/ලි
මේ සින්දුවයි, තවත් සින්දු බර ගාණකුයි එක්ක, ධම්මිකා ගේ සී.ඩී. එක ලඟදීම නිකුත් වෙනවා. වැඩි විස්තර එතකොට දෙන්නම්.

තව මේ වගේ ඇම්.පී. ත්‍රී. සහිත කතන්දර තියෙනවා. ඉල්ලුම අනුවයි සැපයුම.

ෂිහ්, මගේ නාන කාමරේ සින්දුවට තාම තනුවක් දාලා මියුසික් කරගන්න බැරි වුණා නේ!

20 comments:

  1. ලස්සන පද වැල වෙන කාගෙද. අපරාදේ මම හිතුවේ මේකත් කතන්දරගේ පද වැලක් කියල... කතන්දරට කතන්දර වගේම කවි , සින්දු ලියන්න පුලුවන් කියල මම දන්නව... ඒත් ඒ ගීත වලට කතන්දර තරමටම කෂ්ටිය කැමති නැහැ වගේ...

    ඒත් ඉතින් මම නම් කැමති... මට පේන විදිහට කතන්දර වම් මොළය වගේම දකුණු මොළයෙනුත් වැඩ ගන්න දස්සයෙක් වගේ...

    ReplyDelete
  2. අයියෝ පද මාලාව වෙන කාගෙද.
    හිතාලන්න පුළුවන්.
    මොනව උනත් හොඳ සිංදුවක් දැන් මේක කයි, කතන්දර, සිංදු තව....
    තනිකර කලා ලොකයක් වෙලා.

    ReplyDelete
  3. කොහොමත් මමනං කතන්දරගෙ කතන්දර වලට වඩා කැමති පොරගෙ කවි වලට. ඇත්තටම පොර අපූරු කවියෙක්. එහෙවු කවියෙක් හොඳ ගීතරචකයෙක් වෙන එක අරුමයක් නෙවෙයි.

    ප. ලි : ඔය පොර කියන වචනෙ කතන්දර වැඩියෙම්ම කැමති ආමන්ත්‍රණය නිසයි එහෙම දැම්මෙ.

    ReplyDelete
  4. ඔය ඉතින් අදත් දාල තියෙන්නේ එකම කතන්දරේට ලිංක් එකක්. හික්.
    පොඩි අවුලක් තියනවා.. ධම්මිකා දේවසුරේන්ද්‍ර දෙවෙනි verse එක විතරයි නේද කසූගේ පද මාලාව විදිහටම ගයල තියෙන්නේ.
    පදමාලාව නම් ගයනකොට හැබෑවටම ලස්සනයි.
    කසූට ජය!!!
    (බැරිද අනිත් සින්දු ටිකත් express කෝච්චියකම දාල එවන්න?)

    ReplyDelete
  5. මම මොකෙක්ය කිවුවා ??
    මම දැන් ඉන්නෙ අලුත් තිප්පොලක නොවැ.

    මමත් තිප්පොල ගැන කතන්දර 4 5ක්ම ලියල තියෙනවා.

    http://status-chanaka.blogspot.com/2009/07/blog-post_1609.html

    http://status-chanaka.blogspot.com/2008/09/ice-cream-photo-from-ces-university.html

    http://status-chanaka.blogspot.com/2008/12/purse.html

    http://status-chanaka.blogspot.com/2009/09/pen-drives-3-in-one.html

    http://status-chanaka.blogspot.com/2009/07/blog-post_19.html

    ====

    මෙන්න අලුත් තිප්පොල ගැන කතාවකුත්

    http://status-chanaka.blogspot.com/2010/08/blog-post.html

    ReplyDelete
  6. Nice song.waiting for bath-room song too!

    ReplyDelete
  7. Hmmmmm....Pem Gee wadiya lassanai wage

    ReplyDelete
  8. ලස්සන පද මාලාව.. තව දිගටම ගීත ලියමු.

    ඇත්තට කාගෙත් එක්කද අර අත්වැල් බැඳගෙන පිය මැන්නේ? කතන්දර හාමිනේ නම් වෙන්න බෑ... පොඩි පොඩි ලව් කතා ලියල තිබ්බට ඔය පියමං මැන්න කේස් එකක් ගැන නම් මොකුත් ලියල තිබ්බේ නෑ...

    ReplyDelete
  9. @රාවණා
    ස්තුතියි, මහ රජාණෙනි!

    ReplyDelete
  10. @වත්
    ඔයාගේ රචනා වලටත් සංගිතය විතරයි අඩු. සින්දු දෙසීයක්ම තියෙනවා නේද?

    ReplyDelete
  11. @ප්‍රියන්ත
    කැලෑ පත්තර විතරයි අඩුනේද?

    ReplyDelete
  12. @උන්නැහේ
    එහෙනං උන්නැහේත් දන්නවා කතන්දරකාරයා පොරක් තමයි කියලා, නේද?

    ReplyDelete
  13. @කාංචන දිනූක
    ධම්මිකා ගේ කටහඬ හරි ලස්සනයි නේද? සංගීතයත් නරකම නෑ. සංගීතධයගේ නම අහගත්තා, දාන්නම්.

    ReplyDelete
  14. @මකරා
    දැන් ඔබ තුමා දේශපාලන සත්වයෙක් වෙලා. ළඟදි දැම්ම පෝස්ට් සේරම 18 ගැන නේද? ඒකනේ දැන්, දැන් කීවේ!

    ReplyDelete
  15. @SameeraUSA
    සමහර සිද්ධි කතන්දර වෙනවා, සමහර සිද්ධි සින්දු වෙනවා. ඔහොම තමයි ජීවිතේ හැටි!

    ReplyDelete
  16. උන්නැහේ වගෙම තමා මමත්. මමත් කැමති පොරගේ කවි වලට. මට නං පොරගේ පට්ටම කවි සෙට් එක තමා දිවියලෝකේ ගිය ​කතාව ගැන කියවෙනක කවිටික.
    උන්නැහේගේයි මගෙයි වෙලාව හොඳනං පොර ලබන පෝස්ට් එකෙන් එතැන්ට යන්න අපිට සංගිලි පාලමක් සැට් කරයි!
    ..............
    කකා නං සිරසෙ ''කෙලින් කතාවෙදී'' කේමදාස මාස්ටර් කිව්වා වගේ කියම කලා කාරයෙක් වගේ නේද....... කීදෙනෙක්ගෙ නං සිහින කුමාරයා වෙන්න ඈද්ද

    ReplyDelete
  17. ගේය පද රචක... කතන්දර සූරීන්ට අපගේ උණුසුම් සුබ පැතුම්!

    පිච්චෙයිදත් මන්දා...

    ReplyDelete
  18. මෙ සිංදුවනම් මරු...
    මගෙ හොර වැඩෙ දැන් කිව්වට කමක් නැ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.