Wednesday 4 September 2013

කෝච්චියේ ජෝඩු දමා ආවෙමි! - There is always a first time


ඊයේ හරි ජොලි දවසක්.

මොකද මගේ ජීවිතයේ පළමුවෙනි වරට කෝච්චියක දී ගෑණු පරාණයක් එක්ක ජෝඩු දාලා ආවා!

නිකං නොවෙයි, ලඟින් වාඩිවෙලා, හොඳින් හේත්තු වෙලා, නිකං බැඳපු ජෝඩුවක් වගේ.

මං වැඩට යන්නේ එන්නේ කෝච්චියේ බව කලින් කීප වතාවක්ම ලිව්වා මතකයි.

මං රස්සාවට කෝච්චියේ යන එන ගමන පටන් ගත්තු මුල් කාලේ කෙරුවේ ඒ වෙලාවේ පොත් බලපු එකයි. බාගයක් දුර පොත් බලනවා. අනිත් බාගේ දොයිය බබා කරනවා.

පස්සේ පටන් ගත්තා ලැපට කතන්දර කොටන්න.

ගිය අවුරුද්දේ දවසක මං පාවිච්චි කරපු හුරුබුහුටි ලැප කැඩුණා. දැන් පාවිච්චි කරන කිලෝ හතරේ දරහැව අතේ ගෙනියන්න බැරි නිසා, මේ දවස්වල කතන්දර මුලින් ලියන්නේ පොත්වලයි. එහෙම නැත්තං ගෙදර ඇවිත් ඒ මං දරහැව ය කියපු ලැපට කොටනවා.

කෝච්චියේ යනකොට පොත් කියෙව්වත්, පොත්වල ලිව්වත් ගමණින් බාගයක්ම නින්ද යන එක යනවාමයි.

ඒත් ඊයේ (සැප්තැම්බර් 3) හවස ගෙදර එන ගමණේදී නම් පොඩි වෙනසක් වුණා.

ඒක තමයි ජෝඩු දාලා, හේත්තු වෙලා කෝච්චියේ ගෙදර එන්න ලැබීම.

ඉස්සර අයිතිකාරයින් ගේ ඉස්කෝලෙට යන අවුරුදු දාසයේ කොල්ලා කාලේ මං කෝච්චියේ යද්දී එද්දී තමයි කවි ලියන්න උත්තේජනය ලැබුවේ. ඒත් කවි පොත් ගණනාවක් ම ලියවුණා මිස කවදාවත් කෝච්චියේ ජෝඩු දාලා යන්න එන්න නම් ලැබුණේ නෑ.

පසු කාලෙක ජෝඩු දාලා යන්න චාන්ස් ලැබුණත් ඒ බස්වල යන්න විතරයි.

ඒකයි අද දවස සහ මේ ලබපු අත්දැකීම මට පුද්ගලිකව ඉතා වැදගත්.

කතන්දරහාමිනේ ඊයේ උදේම ගෙදරින් ගියා මටත් කලින්. එයැයිට ඊයේ දවස පුරාම ඉන්ටර්වීව් ගණනාවක්ම කරන්න තිබුණා. ඒ මේසේ මේ පැත්තේ ඉන්න නොවෙයි, අනිත් පැත්තේ ඉන්ටර්වීව් පැනල් එකේ ඉන්නයි. මේ කියන ඉන්ටර්වීව් තිබුණේ අපේ ඔෆීසියට ටිකක් ලඟ තැනකයි.

වෙනදාට දවල් වරුවේ එකපාරක්වත් කතා කරනවා වුණත් අද වැඩ රාජකාරි නිසා අපි දෙන්නාට මල් කඩන්නත් අමතක වුණා!

වැඩ ඇරිලා ගෙදර එන්න ස්ටේෂමට ආපුවාම තමයි මතක් වුණේ හාමිනේව. කතා කරලා බැලින්නම් මං නගින්න ඉන්න කෝච්චියටම එයැයිත් නැගලා මට කලින් ස්ටේෂන් එකෙන්.

ඉතිං ඔන්න කෝච්චිය ස්ටේෂන් එකේ නවත්තපු ගමං ම වගේ මං ඇතුලට ගියා.

මෙන්න ඉන්නවා කතන්දරහාමිනේ!

මාව දැකපු හාමිනේ ගේ කට කණේ.

මට පුදුම ජොලියක් දැණුනා. ඒ කවදාකවත් අපි දෙන්නා තනියම කෝච්චියක එක ලඟින් වාඩිවෙලා ගිහින් නැති නිසා.

මගෙත් කට කණේ.

ඉතිං අපි දෙන්නා පොඩි පහේ සතුටු සාමීචියක යෙදෙමින් කෝච්චියේ ගෙදර එන්න පටන් ගත්තා.

නමුත් ඉතිං වෙනදා වගේම ඒ ගමණෙන් බාගයක් විතරයි.

අනිත් වෙලාවේ මං හොඳට හාමිනේට හේත්තු වෙලා වෙනද වගේ ම හොඳට නිදාගත්තා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ මගේ ඊයේ දවස ගතවුණු ආකාරයෙන් කෙටසක් රැගත් වෙබ් ලොග් = බ්ලොග් (Web Log = Blog) එන්ට්‍රියයි.

කලින් දවසක මා ලියූ "හාෆ් ඩේ එකක් දැම්මෙමි!" බ්ලොග් එන්ට්‍රිය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2013/03/half-day-casual-leave.html


(image: http://www.bolsoverphotos.com/tag/train/)

60 comments:

  1. DAN NAM HONDATAMA PISSU WAGEI.

    ReplyDelete
    Replies
    1. ඔබ එක වෙලා. මගේ සුභපැතුම් පිලිගන්න අංකල්.

      Delete
    2. හලෝ කැපිටල් ඇනෝ, ඔබ අද ඒක. අපිට හරි සන්තෝසයි.

      Delete
    3. THANKU THANKU

      Delete
  2. මට ඔහොම චාන්ස් එකක් ලැබෙන්නෙ ෆ්ලයිට් එහෙකදී තමා.

    ReplyDelete
    Replies
    1. සුදුපාට කොල්ලෙක් ලඟින් වාඩි උනොත්ද?

      Delete
    2. හෙහ්..හෙහ්..පාට ගැන තැකිමකුත් නැහැ,කොල්ලොම කියලත් නැහැ.
      60 ට අඩු සම හරක් ආන්ටිලත් 18 ටේ ගැට වලට වඩා දක්ෂයි.

      Delete
  3. හයියූ ........මදැයි කට ඇරං බලන්න ආවා උදේම...!

    ReplyDelete
    Replies
    1. අපෝ කට වහගන්න. ගඳ එනවා කටේ.

      Delete
  4. //අනිත් වෙලාවේ මං හොඳට හාමිනේට හේත්තු වෙලා වෙනද වගේ ම හොඳට නිදාගත්තා!//

    ගෙදරදි වගේද? නැත්නම් අර උඩ පින්තූරේ වගේද? :D:D

    ReplyDelete
  5. නාකි විසේ ගෙටත් උසේ! :D :D

    ReplyDelete
  6. අර ප/ලි: එකනම් රට්‍ටුන්ගේ(ඇනෝ?) කතා වලින් බේරෙන්න කලින්ම දුන්න පිළිතුරක් වාගේ.......

    ReplyDelete
  7. Replies
    1. හලෝ,
      ගුරුතුමා කොහොමද? ගුරුතුමා කියන්නකෝ බලන්න වයඹ ජන්දෙන් මහඇමති වෙන්නේ කවුද කියලා, ඔබගේ සාස්ත්‍රයට අනුව.

      Delete
    2. මොකෝ යකෝ !

      Delete
  8. /මොකද මගේ ජීවිතයේ පළමුවෙනි වරට කෝච්චියක දී ගෑණු පරාණයක් එක්ක ජෝඩු දාලා ආවා!/

    ඒ කියන්නෙ මෙච්චර දවස් ජෝඩු දාලා ගියේ පිරිමි පරාණ එක්ක කියන එකද?

    ReplyDelete
  9. හි හි හි. . . . . .

    ReplyDelete
    Replies
    1. හිරු තනිවෙලා...

      Delete
  10. මං හිතුවෙ මේ.........

    අම්මට සිරි. අර පිංතූරෙ කොහෙන්ද හොයාගත්තෙ?

    ReplyDelete
    Replies
    1. ඈ රාජ් කොහොමද? ලගදි බිව්වේ එහෙම නැද්ද?

      Delete
    2. මොකෑ නැත්තෙ ඊයෙ රෑත්.

      Delete
  11. මම මුල හරියේදී කියවන ගමන් හිතාගෙන ආවේ දැන් කතන්දර නැන්දා " ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ , ඒ හැතිරී කවුදෝ" කියල කියයි කියලා .

    ඒ උනාට ෂුවර් එකටම මේක තමයි කියන්න ඇත්තේ .

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි.
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මදුවිතක් උතුරන තැනත් ඔබ...
    තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

    අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
    සිසිලසක් දනවන තැනත් ‍ඔබ
    උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

    ReplyDelete
  12. @මයි ඩියර් කකා,

    අයි ඉමෙන්ස්ලි එන්ජෝයිඩ් දිස් පෝස්ට්. අයි ඕල්සෝ රිමෙම්බ'ඩ් ද ඩේස් අයි වෝස් ට්‍රැවලිං ටුගෙද' විත් මෛත්‍රි. ඔෆ් කො'ස් නොට් ඉන් ට්‍රේන්. අයි නෙව' ට්‍රැවල්ඩ් ඉන් අ ට්‍රේන් කකා, ඉෆ් නොට් ෆෝ ඉලෙක්ෂන් කැම්පේනිං. ඉස් ඉට් වන්ඩ'ෆුල් ටු ට්‍රැවල් ඉන් අ ට්‍රේන් කකා?

    - රනිල් වික්‍රමසිංහ ඔපොසිෂන් ලීඩ'

    ReplyDelete
  13. චැ ...... මම හිතුවේ වෙන කතාවක් කියලා ..... බලාපොරොත්තු චුන් උනා අප්පා

    ReplyDelete
    Replies
    1. උඹ වැදගත් තොරතුරක් තියෙන පෝස්ට් දැම්මට දාන කොමෙන්ට්ස් නම් මහ මෝඩ ම මෝඩ ගෙන්පාර්ට් නේ බං

      Delete
    2. හා... හා... හා. ගොඩක් පණ්ඩිතයෝ හිතාන ඉන්නේ අනික් ඔක්කොම එවුන් මෝඩයෝ උන් කියන්නෙත් මෝඩ කතා ලියන්නෙත් මෝඩ කතා කියලා ......

      Delete
  14. ශා... කකාටත් පුදුම පුදුම මාතෘකා හම්බවෙන්නේ.

    කෝච්චියේ ජෝඩු දමා ආවෙමි !
    බස් එකේ පොල්ලේ එල්ලි ආවෙමි !
    ත්‍රී වීල් එකකට ගොඩ උනෙමි.
    මම හාෆ්ඩේ එකක් දැම්මෙමි.

    ශා.. කොච්චර ලස්සන මාතෘකා ද ? කීපිටප් කකා කීපිටප් !

    ReplyDelete
  15. මං දැක්කා නරියා..ඌව බැලුවා... මා කිව්වා එපා කියලා...නරියා තමා එයා...එයා නෑ...නෑ... ඊට පස්සේ බකමුනා ආවා ඌ හිටියේ , ඈත ... බකමුනු මහත්තයා... බලාගෙනයි..මං ඔයාට කිව්වා..ආං අරෙහෙ..නරියා රෑ එලියට ගියා.ඔයා දන්නවනේ ඉතිං මං ඔයාට කිව්වා..ඊට පස්සේ එයාල ගියා. එතකොට නරියා රෑ හිටියා බකමුනත් හිටියා. ඒ උනාට එයා නැහැ..මාත් කිව්වා..මට නරියා ලගට යන්න උනා. ආ ඇයි බකමුනා ....

    වියට්නාමයේ වෙසෙනා 33000 පාඨකයෙක්

    ReplyDelete
  16. ඊයා...... මට නම් හරි ලැජ්ජයි අප්පා...

    ReplyDelete
  17. උදෙන්ම තනියෙන් හිනා වුණා.. මේ සටහන බලල...

    හාමිනේ පවි නේද.. එයා පාළුවෙන් කල්පනාවක් දාන් එන්න ඇති. නැත්නම් එයත් දොය්ය බබා ද?

    ReplyDelete
  18. ඔය තියන්නේ.. සඳ තාම තරුණයි .......හාද වෙලා යමන් පුතේ වෙසක් බලන්ටා .....

    ReplyDelete
  19. මම නම් නින්දට එතරම් කැමති කෙනෙක් නෙමේ.රෑට මම නිදියන්නෙ පැය 4ක් හෝ 5ක් පමණයි.
    හැබැයි දවල් කෑම කාල පැය 2ක් නිදා ගන්නම ඕන.

    ReplyDelete
    Replies
    1. Hi, Why are you commenting repeatedly about yourself? You were a "Palyboy"?

      If so write some of those indetails. Don't pass hints :P

      Delete
    2. ආ..අම්මට උඩු සුද්දෙකුත් මගෙ කොමන්ට් එක කියවල.
      දැන් කෝමද මම උත්තර දෙන්නෙ...?
      සුද්දට උත්තර දෙන්න කවුරු හරි බුවෙක් උදවු වෙයල්ලා බං.
      ඉංගිරිස් දන්නවනම් මම සිංහල බොගෙ අකුරු කොටන වැය.
      Please help me ...!!1

      Delete
    3. ඈ බං කෙන්ජි, එතකොට උඹ රස්සාවක් කොරන්නෙ නැද්ද?
      දවල්ට කාල පැය දෙකක් බුදියන්න ලැබෙන ජපානෙ රස්සාව මොකක්ද කියපන්කො

      Delete
    4. නෑ යකෝ....
      ගෑනිව රස්සාවට යවලා මූ කකා බිබී බුදියනවා !
      මෙහෙමත් පිරිමි !

      Delete
    5. කවුද බං නහින දෙහින කාලේ රස්සාවල් කොරන්නෙ?
      බොලාල එක්ක පිස්සු කෙල කෙල කට්ටියගෙන් වැඩ ගන්නව මිසක්ක.

      Delete
  20. හරිම අසෝබනයි :D

    ReplyDelete
  21. කෝච්චියේ තනිවූ කොල්ලා...

    වෙනදා ලගට එන...
    තට්ටෙන් සොමිය දෙන...
    බ්ලොගර් යයි පවසන....
    නාකි ගෝණා ඇදක් අරගෙන.....

    ReplyDelete
    Replies
    1. හාෆ් ඩේ බණ කතා.....
      කෝච්චියෙ නිදි ගත් කතා...
      නිති ලියන මේ පුතා...
      බුදියි අපෙ රුපියල් ශතා..

      මෙලොවටත් වැඩක් නැතී....
      එලොවට නම් ලොවෙත් නැතී....
      මෙලෝ රහකුත් නැතී....
      කකා වෙබ් ලොග් අපිව වනසතී...

      Delete
    2. කතන්දර ලියූ කාලේ...
      දැන් නෑ එන්නේ ආයේ..
      වෙබ්ලොග් ලියන රාලේ..
      අයියෝ මුගේ කාලේ..


      Delete
    3. තව තවත් ගෙරි මස් රස නොවේවා.
      නිර්මල බුදු දහමට නිගා නොදේවා.
      එවැනි සිතුවිලි සිතේ ඇති නොවේවා..
      පවිටු කකා නිවනින් සැනසේවා !

      Delete
    4. දත කට හොදින් මැදගෙන...
      වැඩට ආ විගසින...
      වෙබ් ලොග් දැකුමෙන....
      අහෝ චා විය මගෙ උදෑසන....

      කතන්දර වාඩියේ....
      කව් කතා නෙක ජාතියේ...
      වෙබ් ලොග් පජාතියේ...
      නෙපෙනීයන් මෙමතු ජාතියේ....

      Delete
    5. සමරිසි ජීවිතේ....
      අරුමයක් දැයි මාවතේ....
      බිරිද හා නිදි මතේ...
      කකා යයි මැද මාවතේ..

      Delete
  22. කෝච්චියේ තනිවූ කොල්ලා...

    වෙනදා ලගට එන...
    තට්ටෙන් සොමිය දෙන...
    බ්ලොගර් යයි පවසන....
    නාකි ගෝණා ඇදක් අරගෙන.....

    ReplyDelete
    Replies
    1. සමරිසි
      මැවිසුරු
      වනරිසි
      සුනුවිසුණු

      Delete
  23. ANE AHINSAKA HAMINE.DRIVE NOKARA ADAWATH NIDAHASE YANNA PULUWAN KIYALA HITHANNA ETHI.E..KATH IWARAY KIYALA DUKA UHULAGENA GEDARA YANNA ETHI ADA LORYY...YAK KARETHIYAGANA AWA KIYALA.

    ReplyDelete
  24. මමත් ආවේ වෙන දෙයක් හිතේ තියාගෙන .. අපරාදේ නේද කකා..

    ReplyDelete
  25. මෙම බ්ලොගට ආවේ අදම ය..තහනං ගහක ගෙඩි දකිනා නියායෙන් කෙළ පෙරාගෙන ආ මුත් නිකම්ම කෙළ පිසදා ගැනීමට සිදු විය..කබ්බෙක් වන මට ඔබ හඳුනාගැනීමට ලැබීම සතුටකි :)

    ReplyDelete
    Replies
    1. කෙල ප්‍රවේශම් කර ගන්න සමහර හදිසි අවස්ථා වලදී ප්‍රයෝජනවත් විය හැක.

      Delete
    2. ඒ වෙනුවට යොදාගත හැකි වෙනත් කෘතිම ආදේශක ඇති බව මා අසා තිබේ..

      Delete
  26. මගෙත් ජීවිත අත්දැකීමක් මතක්වුනි.ඒත් අමතක කල මතකය අමතක කලයුතුමය....

    ReplyDelete
  27. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  28. නොදකින් මූ...
    බත් පිඟානක් පෙන්නලා කැලේට විසික්ක කොරා වගේ වැඩක් නොවැ කරලා තියෙන්නෙ..

    ReplyDelete
  29. හෑ... අපි ඉතින් කවුරු එක්ක කියලා යන්න ද ? නැතත් මෙහෙ තියෙන කොච්චි ? බස් එකේ පිහිට තමයි

    Bora Diyaka Induwara

    ReplyDelete
  30. සික්කේ බලන්න ආපු එක නෙවෙයිනේ මේ!

    ReplyDelete
  31. ඇත්තටම කතන්දර කොච්චර වෙලා කෝච්චියේ යනවද?

    මමත් අර කිව්වා වගේ පොතක් කියවන්න පටන් ගන්නවා හැබැයි බාගයක් දුර යනකොට දොයි තමයි.
    පැයයි විනාඩි විස්සෙන් විනාඩි හතලිහක් හොඳට නිදි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.