ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday, 26 March 2013
හාෆ් ඩේ එකක් දැම්මෙමි - Half day casual leave
ඉස්සර මං අර කෝපරේසොමේ (බොසී යටතේ) වැඩ කරන කාලේ අපිට අවුරුද්දට දවස් හතක් අනියම් නිවාඩු තියෙනවා. ඊට අමතරව දවස් විසි එකක් ලෙඩ නිවාඩු තියෙනවා. තවත් දවස් හතක්ද කොහෙද ඇනුවල් ලීව්!
කැෂුවල් ලීව් දැම්මට ඔය ලෙඩ නිවාඩු විසි එකෙන් දවස් බාගයක් හරි ගන්න එක හැබැයි හරිම පාඩු වැඩක්.
මොකද දවස් විසි එකම ලෙඩ නිවාඩු දාන්නේ නැතුව ඉතුරු කර ගත්තොත් ඊලඟ අවුරුද්දේ ජනවාරියට දවස් තිහක අමතර පඩියක් බෝනස් විදියට ලැබෙනවා.
ඒත් ඒකෙන් දවස් බාගයක් හරි අඩුවුනොත් කෙලින්ම තුනෙන් එකක් කැපෙනවා. දවස් විස්සයි දශම පහක පඩිය විතරයි ලැබෙන්නේ. ඉන් පස්සේ ගන්න හැම දවසක ලෙඩ නිවාඩුවකටම දවසක පඩියක් අර බෝනස් එකෙන් අඩුවෙනවා.
ඉතිං ඒ දවස්වල අපිට අසනීප වෙන්නේ එහෙමත් දවසක ඉතාම කලාතුරකින්. කොහොමටත් ඒ දවස්වල මං යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු දෙකක්වත් නොගිය කොල්ලා!
පස්සේ අර චරිත සහතිකය හෙම අරගෙන එක්තරා තිප්පොලක වැඩට ගියාට පස්සේ නම් නිවාඩු දාන්න වුනේ නෑ කසාඳ බඳින්නවත්. කොන්ෆරන්ස් එකකට සට යන්නයි පොඩි පස්තාච්චි වැඩකට ගිහින් එන්නයි විතරයි නිවාඩු දැම්මේ.
ඒකටත් එක්ක මේ කාලේ!
දැන් ඉතිං පවුල් පන්සල් වෙලා නිසාත්, ක්ලොක් එක කැරකෙන නිසාත්, විටින් විට නිවාඩු දාන්න වෙනවා.
ඔන්න අද මං දැම්මා හාෆ් ඩේ එකක්.
උදේ නමය හමාර විතර වුණා වැඩ පොලට යනකොට. අපේ බොසා අද නෑ. පොර ගිහින් පොඩි කන්ෆරන්ස් එකකට මැලේෂියාවේ එන්නේ ලබන සුමානේ.
හදිසි වැඩ දෙක තුනක් අහවර කරලා, තේ කෝප්යක් බීලා, දවල්ට හාමිනේ හදලා දුන්නු සැන්විච් දෙක කාලා දවල් එක හමාරට විතර ඔෆීසියෙන් ආවා.
සති දෙකකට පාරක් අපිට මේ වගේ කැෂුවල් හාෆ් ඩේ එකක් දාන්න පුළුවනි.
හැබැයි පුතෝ මේකයි කේස් එක!
නිවාඩු දාන්න ලේසියි. නමුත් හෙට වැඩට ගියාට පස්සේ මංතුමාම මගේ වැඩ ටික කරන්න ඕනෑ. ආයේ වෙන කවුරුවත් නෑ මං නැති වෙලාවේ මගේ වැඩ ටික කරලා තියන්න.
එහෙම බැලුවාම ඉතිං නිවාඩු දැම්මත් නිකං නොදැම්මා හා සමානයි.
මේකට තියෙන එක විකල්පයක් තමයි වැඩ ගෙදර ගේන එක. ඉස්සර මං එක, එක තිප්පොලවල්වල වැඩ කරන කාලේ මගේ රාජකාරිවලින් සෑහෙන කොටස් කෙරුවේ ගෙදරදී.
ඒ ගොනා මං විකුණුවා මීට අවුරුදු හයකට කලින්.
දැන් නං ඉතිං ඔෆිස් එක ගෙදර ගේන්නේ නෑ, නෑ, නෑ ම යි!
දෙවෙනි විකල්පය තමයි කෝච්චියක් එලවනවා වගේ ජොබ් එකකට මාරු වෙන එක. මොකද එහෙම වුනොත් මං නැති වුනත් කොච්චිය දුවනවානේ. මං හෙට ගියාම තියෙන්නේ අළුත් කෝච්චියක්. ඊයේ එක නොවෙයි!
-කතන්දරකාරයා
ප/ලි:
ගෙදර පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් තිබුණා කාලයක් තිස්සේ අතපසු වුණු. අද කලින් ආපු නිසා බාස්සුන්නැහේ කෙනෙකුට එන්න කියලා ඒක අහවරක් කර ගත්තා.
කළුවර වැටුනාට පස්සේ මිදි යුෂ ටිකක් එක්ක හැප්පුණා. සියේට දහතුන හමාරක් වුණාට ඒවත් නරකම නෑ!
(image: http://erikagsimon.com/unemployed-and-overqualified-the-benefits-of-underachieving/lazy-rubics-cube/)
Subscribe to:
Post Comments (Atom)
අනියම් නිවාඩු දාලා කකා අනියම් වැඩ කරනවද මන්ද..
ReplyDeleteමම අද 1 ද ?
අද ඔබ එක!
Deleteමගේ සුබ පැතුම්. ඇයි සිල් ගන්න ගියේ නැතෙයි?
සිල් ගත්තේ නෑ... පොඩි කොටයක් තිබිලා සීල් ගත්තා.
Deleteසෙන්ටිමීටරයක් දෙන්න ද ?
පිස්සුද හලෝ?
Deleteමේ මැදින් පුර පසලොස්වක පෝය දවසේ?
ඔහේ නං අපාය සහාය මිත්‍රයෙක්!
http://kathandara.blogspot.com/2010/05/blog-post_22.html
!
ඕකනේ ඉතින් බැරි..
Deleteබොන්නත් ඕන. ඒත් පෝය නිසා බොන්නත් බෑ.
හරි අපි වෙන දවසක සෙන්ටිමීටරේ අඟල කරලා ගහමු.
අපිනං පන්සිල් ගන්න එකයි කලිසං ඇදං පන්සල් යන එකයි නවත්තලා ගොඩක් කල්
Delete@ Naleen Dilruksha
Deleteඒ කියන්නේ දැන් ඇඳුම් නැතුවද පන්සල් යන්නේ? බුදු අම්මෝ!
අර කැපිටල් අකුරෙන් කමෙන්ට් කරන අංකල් දැක්කොත් මොනවා නොකියයිද?
YALUWO DANNNA WADA HALF DAY EKAK DAANNA SIDDA UNA HETHUWA, KIYANNATH LAJJAI, JOKA IRUNA, EETA PASSE CHOO, PADA, JEE, GIYA, EKA PALIYE THIBBA NISA SUKRATH GIYA, DAN MEKA MAGE HONDAMA YAHALU RASIKA MAHATTAYATA RAHASEN KIWWA. BADUMA THAMA.
ReplyDeletenice comment mate
Delete'හාෆ් ඩේ එකක් දැම්මෙමි' කියන එකත් ලිපියක් ලෙස ඉදිරිපත් කරන්නට තරම් මාතෘකා අතින් දුප්පත් වුයේ ඔබ මාතෘකා නෂ්ඨකාමයෙන් හෝ අදහස් ද්වජභංගයෙන් පෙලෙන නිසයි.
ReplyDeleteඔබේ නොදැනුවත් කම නිසා මේ කමෙන්ටුව දමා ඇතැයි සිතමි.
Deleteබ්ලොග් යනු වෙබ්+ලොග් ය. එනම් වෙබ් එකේ තබනා සටහන් ය.
http://en.wikipedia.org/wiki/Blog
මා දවස ගත කළ හැටි මගේ බ්ලොග් එකේ නොදමා ඔබේ බ්ලොග් එකේද දාන්නේ?
දැන් ඔබේ බ්ලොගයේ දාන්නට ඔබ අදහස්වලින් පිරී ගොස් නිකං ක්‍ෂණික මෝචනය වගේ දවසට දෙතුන් පාර පෝස්ට් වැටෙනවා ඇති නේද?
http://kathandara.blogspot.com/2012/06/misfired.html
කකා මේක හොද පිළිතුරක්.
Deleteතර්කානුකූලයි. අලංකාරයි. හාස්‍යජනකයි. අදෝමැයි.
සියුම් අරුත් තේරුම් ගත්තානම් ඇනෝ එහෙම කියන එකක් නැ.
Deleteකුමක් හෝ වින්දනාත්මක දෙයක් හෝ දැනුමට යමක් හෝ එකතු කරනවා විනා මෙවැනි රුපියල් දෙකයි සත පනහේ පෝස්ට් දැමීමෙන් අපට නම් වැඩක් නැත. ඔබ දමන අනියම් නිවාඩුවෙන් අපට කුමන නම් පලක් ද ?
Deleteමුල් කාලීනව ඔබ ලියූ පෝස්ට් හා මෑත කාලීන පෝස්ට් නැවත කියවා බලන්නැයි මා ඔබට ආරාධනා කරන්නෙමු. එම පෝස්ට් අතර පරතරය අහසයි පොලවයි වැන්නකැයි මා වැනි ඇනෝ පාඨකයින්ට සිතේ. ඒ කිම්දයත් මුල් කාලීන පෝස්ට් කියැවීමෙන් විනෝදයට හෝ දැනුමට යමක් එකතු වේ. නමුත් මෙවැනි පෝස්ටු තුලින් ගත යුත්තක් නොමැති අතර නිරපරාදේ අන්තර්ජාල දත්ත සඳහා බිලක් වැය වීම පමණක්මැ සිදු වේ.
ආනන්දෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් වන ලිපියක් හෝ දැනුමට යමක් ලියන්නැයි මා ඔබට ආරාධනා කරමි.
-මුල් කමෙන්ටුව දැමූ ඇනෝ.
හිතවත් ඇනෝ
Deleteමගේ මේ කතන්දරයෙන් ඔබට සිදු වූ අයහපත ගැන මට සමාවෙන්න. මා එවැනි අයහපතක් කිරීමට අදහස් කලේ නෑ.
මද ඔබද දිය හැකි ලේසිම පිලිතුර නම්, මගේ ෆොෆයිල් එකේ මා 2009 ජූලිවල සිටම අද දක්වා පෙන්වා ඇති පරිදි මා මේ බ්ලොග් එක ඇරඹුවේ මං කැමති කතන්දර ලිවීමටය කියන කරුණයි.
නමුත් මට ඊට වඩා වැඩි දෙයක් කියන්නට තියෙනවා.
අප එකිනෙකා ගේ රස විඳීම, රුචි අරුචිකම්, අදහස් එකිනෙක වෙනස් නේ. නමුත් සමහර වෙලාවල මේවා සමපාත වෙනවා. ඔබ කැමති වී ඇති මගේ කතන්දර ඒ ආකාරයට අප දෙදෙනාගේ අදහස් සමපාත වු අවස්ධා ලෙස කියන්න පුළුවනි.
අද එසේ නොවේ. හෙට යලි එසේ වීමට ඉඩ ඇත. එසේම අප දෙදෙනා දැනට ගමන් කරන්නේ එකිනෙකට ප්‍රතිවිරෝධී දිශා දෙකක, මාන දෙකක නම් අපේ වින්දනය නැවත සමපාත නොවන්නටද ඉඩ තියෙනවා.
මෙන්න මේ කතන්දරය බලන්න.
http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html
මේ අද ඔබ අකමැති මගේ "හාෆ් ඩේ එකක් දැම්මෙමි" පෝස්ටුවේ අන්තර්ගත වී ඇත්තේ මගේ අවංක අත්දැකීම් සහ අදහස්වල එකතුවකි. ඒ ගැන වෙනම කමෙන්ටුවක් දාන්නම්!
ඔබ කියන පරිදි ඔබේ උසස් රස මට්ටමට ගැලපෙන කතන්දර පමණක් ලියන්නට ඇත්තම් අගෙයි. නමුත් එකම ප්‍රශ්නය තමයි මේක ලියන්න ඉන්නේ මං විතරක් වීම. මෙහි පල කෙරෙන සියල්ල මගේ
පුද්ගලික සීමාවන් වලට වඩා ඉහලට යන්න බෑ.
කෙසේ වෙතත් ඔබට ඉතා ස්තුතියි.
ඔබේ අදහස ඇත්තටම මට ඉතා වැදගත් එකක් වුණා!
මේ කතන්දරයේ ඇතුලත් මට වැදගත් දේවල් මෙසේය.
Delete1. නොගන්නා ලෙඩ නිවාඩු සඳහා පඩි ගෙවන නිසා එදා අපි ලෙඩ නොවී සිටිය හැටි
2. අද පවුලේ, නිවසේ වැඩ නිසා අපට නිතරම නිවාඩු දාන්න වෙන හැටි
3. අවුරුදු ගණනාවක් තුල ජීවිතය වෙනස් වුණු හැටි
4. කරන රැකියාවේ ස්වාභාවය අනුව නිවාඩු දැම්මත් වැඩ අඩු නොවෙන නිසා ආපසු වැඩට ගිය පසු ඊයේ කළ හැකිව තිබූ වැඩ කොටසත් කරන්නට වෙන හැටි
5. ප/ලි යේ ඇති අමතර ටිට්-බිට්ස්
from 6 - 10 am. - comments 0 = how poor is this blogger.
ReplyDeleteඔහේට මං උදේ හතට වැඩට ඇවිත් පැයෙන් පැයට අප්ඩේට් දෙන්න කියල නේද කිව්වේ?
Deleteමින් පසු මීට වඩා පිළිවෙලට වැඩ කරන්න ඉගෙන ගන්න.
6.00 am till 12 noon no comments.
ReplyDeleteකෝ හලෝ උදේ එකොලහට දෙන්න කියපු අප්ඩේට් එක?
Deleteඔහෙත් ගියාද පන්සල පැත්තේ අද පෝ දවසේ සිල් දානේ හොරෙන් කන්නවත්?
නිවාඩු ගොඩක් ඕනි නම් ඉන්ට තිබුනේ ලංකාවේ. දවස් 365 න් දවස් කීයද මන්දා කට්ටිය වැඩ කරන්නේ. ඒ කරලත්, වැඩ වැඩී මහන්සියි කියනවත් එක්ක...:)
ReplyDeleteඇත්තටම අද ඔයා හාෆ් ඩේ ගියාද? :D
ඔව්නේ. අද පෝය දවසේ ඇයි බොරු කියන්නේ?
Deleteමාසෙට දවස් 29ක්ම මුචලින්ද නාගරාජයන් අරින එකේ මේ පෝයට විතරක් මොකෝ කතා විසෙසක්?
Delete6.00 a.m. - 2.15 pm. comments 0 - kakama ano comments tikkak da gathatha nam honda nedda.
ReplyDeleteමං මොකටද, ඔය ඔහේ ඉන්නේ ඒ ජොබ් එක කරන්න.
Deleteහප්පේ මිදි යුෂ ටිකක් බොන්න ඇත්නම් මක් කොරන්න බැරිය.. මම හිතුවා සිල් ගන්න වත්දෝ කියලා...
ReplyDeleteබසින් පාලි අපි පන්සිල් පද කියමු
Deleteසිතින් එහි අරුත කිසිවිට නොම සිතමු
උදෙන් සිල් ගනිමු හවසට වයින් බොමු
කටෙන් දිවෙන් නොම ගෑවෙන බොරු කියමු!
ඉතින් මේ වගේ කවි ලියන්නකෝ අනේ.. හස්තද්වාරණයෙන් ඒවාට වඩා පට්ට රහයි...
Deleteමිදි යුෂ රතු එකද සුදු එකද ගත්තේ. මං නං ආස රතු එකට.
Delete@ නලීන්
Deleteරෝස පාට ඒවත් තියෙනවා!
ඇයි කහපාට ඒවා?
කතන්දර හාෆ් ඩේ එකක් දාන කොට මම හාෆ් සෙන්චරියක් දාලා ඉන්නේ.......පුලුවන් උනොත් හැන්දෑවට හාෆ් එකකුත් දා ගන්නවා,,,,,,,
ReplyDeleteදැක්කා, දැක්කා මං ඒක වාර්තාවක් නේද?
Deletehttp://www.espncricinfo.com/magazine/content/story/149351.html
මේක ඊයෙ ලියපු එකක්යැ?
ReplyDeleteමට නම් ඉතින් නිවාඩු දවසට තමයි වැඩ තියෙන්නෙ.
මේක ඊයේ එකක්. අද ඉතිං පෝය දවසේ බරටම වැඩ ඇති නේද?
Deleteමං වැඩ කරපු කාර්යාලයක බොස්, කවුරු හරි අසනීපයි කියපු ගමන් “නිවාඩු ගන්න, හොඳ වෙලා ම වැඩට එන්න“ කියල නිවාඩු දෙනවා. බැලින්නම් ලෙඩ වෙච්ච කෙනාට අනුකම්පාවට නෙවෙයි අනෙක් අයට ලෙඩ බෝවෙලා හැමෝ ම නිවාඩු දායි කියන බයට.
ReplyDeleteඅපේ කොම්පැනියේත් ප්‍රතිපත්තිය ඒක තමයි. හැබැයි අවුරුද්දට ලෙඩ නිවාඩු සහතික එක්ක වුනත් දහයට වඩා ගත්තොත් කේස්.
Delete1. මමත් නිවාඩු දාන්න අකමැති ප්‍රධානම හේතුවක් තමයි පහුවදාට ඔය කියන පරිප්පුව කෑම. සමහර විට පොළියත් හම්බ වෙනවා. ඒ කියන්නෙ මං නිවාඩු දාට වෙන එකෙක් ඇවිත් වැඩ ටික අනල තියන්නත් ඉඩ තියනවා.
ReplyDelete2. // "සියේට දහතුන හමාරක් වුණාට//
සියේට හතළිස් තුනේ එකට බාගෙට බාගයක් ෂැන්ඩි (වතුර හරි ස්ප්‍රයිට් හරි) දාපුවාම සියේට විසි එක හමාරයි. ඒකෙන් කාලක් වෙනුවට සියේට දහතුන හමාරෙන් බාගයක් ගැහුවම බඩු වැඩිත් එක්කලා.
හැබැයි, නිවාඩු ගන්න දවස්වල තියෙන මීටින්වලදී සෙට් වෙන වැඩ නිවාඩු අයට වැටෙන්නේ නැති එක ලොකු දෙයක්.
Delete2. ඒ වුනාට මිදි වගේද ළමයෝ බාර්ලි?
Delete@Mobileman,අනුමාපන, ප්‍රමාණාත්මක විශ්ලේෂණ, ගේලුසැක් නියමය, ?????
Deleteකක්කෝ....
ReplyDeleteකෝ මේකා
පිස්සු හැදිලවත්ද ?
අද පෝය දා ඔහේට නං පිස්සු තදවෙලා වගේ!
Deleteමාත් මේ දවස්වල annual leave ,හෙට වැඩට ගියාම තමා රගේ තේරෙන්නේ
ReplyDeleteඇනුවල් ලීව් ගියාම නං ආපහු ඬැඩට ගිල් මුල් දවසත් නිකං ලීව් වගේ තමයි මට නං!
Deleteඅපි කියන්නෙ නම් අනිමල් ලීව්.. මොකෝ ඇනිමල් වැඩ නේ ඒ ටිකේ කරන්නේ...
Deleteමංගල දැන්වීමකි.
ReplyDeleteගලහිටියාවේ වෙසෙන සිංහල බොදු උගත් දෙමව්පියෝ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි 28 වියැති 5'4'' කඩවසම් උගත් දුසිරිතෙන් තොර ඉංජිනේරු පුතුට උගත් රූමත් චරිතවත් දියණියක් සොයති. කුජ ශනි යෝග ඇත. සියලු විස්තර කේන්ද්‍රය දුරකථන අංකය සමග අමතන්න.
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
මන් හිතුවා කකා වේලාසන ආව නිසා කකාම විදුලි උපකරණෙ හැදුවා කියලා.
ReplyDeleteපිස්සුද කොල්ලෝ... කකා ඉන්නේ ඒවා හදන්න යෑ.
Delete@ මඩිස්සලේ නිශාන්
Deleteමේක වයරින් වැඩක්. ලයිෂන් තියෙන පොරකටම කියලා කරවා ගන්න එක ඇඟට ගුණයි.
උදේ හොඳ පිං වැඩක් කලා දානයක් දුන්නා හාමුදුරුනමකට,හවසට සියේට හතළිස් තුනකින් පොඩ්ඩක් ගන්නයි ඉන්නෙ.
ReplyDeleteඉතිං අර උදේ පින්ටික හවස පවෙන් බ්ලාස් වෙලා ගියා නේද?
Deleteහ්ම්ම් හ්ම්ම්..නිවාඩු දාන්න ගිහාම ඒකටත් ඇබ්බැහි වෙනවා නේද කකා මහත්තයෝ....
ReplyDeleteපවුලේ චැඩවලට ප්‍රධාන තැන දෙන්න ඕනෑනේ!
Delete"කොහොමටත් ඒ දවස්වල මං යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු දෙකක්වත් නොගිය කොල්ලා!" ඒ කියන්නේ කකා ගියේ සිරි ලංකාවේ යුනිවසිටි එකකට නෙවේද? නැත්තන් හැම පන්තියකදිම ඩබල් ප්‍රමෝෂන් ලැබිලා කලින් යුනිවසිටි ගියාද? ඒ දවස්වල......එක්කෝ ඕන නැ ...:)
ReplyDeleteපුතා මෙහෙමයි, කසාද බැඳලා තාත්තා කෙනෙක් වෙන දවස වෙනකම්ම කොල්ලා කියලා තමයි හිතෙන්නේ.
Deleteඔබේ කමෙන්ටුවෙන් තේරෙන්නේ ඔබ තවම ඒ අත්දැකීම ලබා නැති බවයි. ඔය උපුටා1 දක්වා ඇති වාක්‍යයේ සඳහන් කාලයේ මගේ වයස අවුරුදු විසිපහකි.
මට නං ඉතින් හිතේ සැනසිල්ලෙන් නිවාඩුවක් ලැබෙන්නේ සිංහල අවුරුද්ද දවසට විතරමයි. සෙනසුරාදටත් නිවාඩු වුණාට වැඩ දවසක් අතර වෙනසක් නැති තරම්.
ReplyDeleteඔවු එතකොට පුලුවන් නේ රජ පවුල අවුරුදු සමරන හැටි බලන්න.
Deleteme gon katha liyana ekata wada balana un gonnu.
ReplyDeleteදැනට ගොන්නුන් ගේ පුරප්පාඩු නැති බව කණගාටුවෙන් දන්වමි.
Deleteඅවශ්‍යනම් වෙනත් සත්ව තනතුරක් සඳහා ඔබේ ඇයදුම්පත සලකා බැලිය හැක.
වැඩි විස්තර සඳහා:
http://kathandara.blogspot.com/2012/12/song-from-yesteryear-about-sinhala.html
ඔබේ ඇයදුම්පත මේ ලිපියනට එවන්න: kathandara@gmail.com
ඉතිං ඔයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නේද? එහෙ පීසා හට් වගේ තැනක වැඩට ගියත් එච්චරයි. හාෆ් ඩේ එකට අවුලක් නෑ.
ReplyDeleteබැංකුවක කවුන්ටරේ වැඩ කළත් පහුවදාට අර ඉයේ කස්ටමර්ස් ලා නෑ නේද?
Deleteමගේ පෝය දවස ගෙවුණු විදිය ගැන මම අද ලියල දැම්මා... කිතුනු උණත් ඔන්න මමත් ඊයෙ පන්සල් ගියා.. තව පින් අතේ වැඩ ටිකක් කළා...
ReplyDeleteඔෆීසියෙ වැඩ ගෙදර නොගෙනෙන කාරණයට නං මමත් එකගයි...
ඇයි ඔබේ ලිපියේ ලින්ක් එකක් මෙතන නොදැම්මේ? දැන් මේක බලන අයට දෙතුව් තැකන් ක්ලික් කරන්න වෙනවා ඒ ලිපිය කියවන්න. පසුව බලන අයට තවත් අමාරුයි!
Deleteමෙන්න තරුරසී ලියූ "මිලාන නෙතගට හිනාවක් ගෙනෙන්නට" නම් වූ ලිපිය.
Deleteමෙය මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නෑ. ඔබේ RSS Feed වල ප්‍රශ්නයක් විය හැක.
http://tharurasi.blogspot.com/2013/03/blog-post_27.html
ස්තුතියි... ලින්ක් එක දැම්මට.... කමෙන්ට් කරන අය මගේ බ්ලොග් එක පැත්තෙ ඒවි කියල මං හිතුවෙ නැහැ... ප්රපශ්නෙ විසදගන්නෙ කොහොමද කියල මං දන්නෙ නැහැ... අනික එහෙම අවුලක් ඇති කියල මං දැනගෙන හිටියෙත් නැහැනෙ... බලන්නම් හොදේ...
Deleteඕස්ට්‍රේලියාවේ නේද ඉන්නේ? පීසා හට් එකේ වැඩ කරත් එරියස් නැනේ. :)
ReplyDeleteඒ වගේද කෝච්චියක් එලවන්න තියෙනවා නම්?
DeleteKAKKO kewada Piduru.
ReplyDeleteසරසවියගේ ඉන සැඟවූ යතුර අරන්
ReplyDeleteඇඟේ නිවහනේ තඩි පිත්තල ඉබ්බා ඇරන්
මගේ හිස ඇඟේ මුදු ලැමට තුරුලු කරන්
හිටිවන කවි කියන්න මට දෙන්න වරන්
-හුරතල් ඇනී-
දැන් බැංකුවල මැනේජර මහත්තුරුන්ට හෙම අනිවාර්ය නිවාඩු තියෙනවා...
ReplyDelete