Friday 19 November 2010

බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ


මං ලෝයර්ස් ලා ගැන ලියපු කතන්දරේ කියවපු බැංකුකාරයෝ දුක් වෙන්න ඉඩ තියෙන නිසා මේ කතාවත් ලියල දාන්න ඕනැ කියල හිතුන.

ඔන්න අපේ කතන්දර හාමිනේ ගාව තිබුණ පොඩි කාලෙ ඉඳල එකතු කරගත්තු සල්ලි වගයක්. රුපියල් පනස්දාහක් වගෙයි මට මතක. ඕක නිකං ගෙදර පුස් කකා තියාගන්න ඕනැ නැති හින්ද, අපේ ඇනෙක්සිය ලඟම තිබුණු සෙයිලං බැංකුවෙ ස්ථාවර තැන්පතුවක දාලයි තිබුණෙ.

ඔහොම ඉන්න අතරේ, මං තුමාට අල්ලපු රටේ දවස් හතර පහක අධ්‍යාපන කටයුත්තකට යන්න කාරණා කටයුතු යෙදුණ. ඒ වැඩෙන් පස්සෙ පොඩි ට්‍රිප් එකක් දාන්නත් එක්ක හිතාගෙන හාමිනේත් මේ ගමනට සෙට් වුණා.

ප්ලෑන් කලාට විතරක් මදි, ට්‍රිප් යන්න නං සල්ලිත් ඕනි නේ. ටිකට් එක ගන්න, හෝටලේට වැඩිපුර ගෙවන්න, සාරි ගන්න, එනකොට ඩියුටි පී‍්‍ර එකෙන් බඩු ගන්න.

ඉතිං මේ වෙලාවේ සිහියට ආවේ අර සෙයිලං බැංකුවේ දාල තියෙන පනස්දාහේ ෆික්ස්ඩිපොසිට්ටුවයි.

ඔන්න ඉතිං පහුවදාම හාමිනේ ගියා අල්ලපු වැටේ බැංකුවට තමන් ගේ සල්ලි පොජ්ජ විත්ඩ්‍රෝ කොරං එඤ්ඤං කියල, එදා හවස කොළඹ ගිහින් ටිකට් එක ගන්නයි අපි ප්ලෑන් කලේ.

පැය භාගකට විතර පස්සෙ හාමිනේ ගෙට ගොඩ වැදුණ. මට දුන්න රුපියල් හතලිස් දාහක්.

ඇයි ඔයා ඉතුරු දහදාහෙන් ඩොලර්ස් ගත්තද? මං ඇහැව්ව.

කතා කරල බැලින්නං වෙලා තියෙන්නේ මේකයි.

සෙයිලං බැංකුවේ ෆික්ස්ඩිපොසිට්ටුව ගන්න ගිය වෙලේ එතන හිටිය බැංකුකාරය ගෙ ටෝක් එකට රැවටිලා හාමිනේ ෆික්ස්ඩිපොසිට්ටුව එහෙමම තියෙද්දී ගෙදර ඇවිත් තියෙන්නේ උං ගෙන් ලෝන් එකක් අරං.

ෆික්ස්ඩිපොසිට්ටුවට පොලිය සියේට දහතුනයි. ලෝන් එක අරං තියෙන්නේ සියේට දාසයක පොලියට.

ඒ මදිවට, දැන් මේ ලෝන් එක අරං තියෙන්නේ ෆික්ස්ඩිපොසිට්ටුව ඇපේට තියල නිසා, ලෝන් එකේ උපරිමය ෆික්ස්ඩිපොසිට්ටුවේ ගානෙං කොටසක් විතරයි.

සෙයිලං බැංකුකාරය කරල තියෙන්නේ හාමිනේ ගේ ම රුපියල් පනස්දාහෙන්, හතලිස්දාහක් හාමිනේ ට ම ණයක් විදියට දීල ඒ මදිවට ඒ ණයට සියේට තුනක පොලියක් අය කරන එක බව පහදල දෙන්න අන්තිමේදී මට පුළුවන් වුනා.

අල්ලපු රටේ රස්තියාදුව ගහල ඇවිල්ල පහුවදාම කලේ ෆික්ස්ඩිපොසිට්ටුව දියකරල ඒකෙං බැංකුවෙ ණය බේරපු එකයි.

මේ වැඩෙන් රුපියල් පන්සීයකට විතර කෙලවුණා විතරක් නෙමේ, තව පැයක විතර කාලයකුත් නාස්තිවුණා.

කොහොමද බැංකුකාරයෙන් ගේ වැඩ? බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ

-කතන්දරකාරයා

ප/ලි
අපේ කතන්දර හාමිනේ ගැන කියනවනං, එතුමිය තමන් ගේ ෆීල්ඩ් එකේ විශේෂඥයෙක්.

ඒත් ඉතිං, බැංකුකාරයින් ගේ එක එක විජ්ජාවලින් - ගැලවිජ්ජා වෙන්න ඒවයින් බෑ.

ඒකටත් එක්ක ඉතිං මං තුමා. ජැක් ඔෆ් ඕල් ටෙ‍්‍රඩ්ස්!

40 comments:

  1. Isn't this worse?

    රවටනු ලැබු ගැහැණිය | The deceived woman

    http://taboosubjects.wordpress.com/2009/08/28/01-20

    - Taboo

    ReplyDelete
  2. මම දන්න තරමින් හැම බැංකු කාරයාම එහෙම නැහැ. සමහරවිට මම ගණුදෙනු කරන්නේ මම හොඳටම අඳුනන මගේ හොඳම හිතවත් බැංකු කාරයෝ එක්ක හින්ඳා වෙන්ඩ පුළුවන්.

    ReplyDelete
  3. ඔව් ඔව් ඔය බැංකු කාරයෝ ලෝකේ නැති කතා කියලා මිනිස්සුන්ව අන්දන්න මාර දක්ෂයි.

    ReplyDelete
  4. අනේ මන්දා. කොහොම වුණත් සමීර අයියා වගේ හොඳ බැංකුකාරයොත් ඉන්නවා නේද ?

    ReplyDelete
  5. "ඒකටත් එක්ක ඉතිං මං තුමා. ජැක් ඔෆ් ඕල් ටෙ‍්‍රඩ්ස්!"
    එහෙම වෙලත් අපරාදෙනේ බැංකුවට කතන්දර හාමිනේ යැව්වේ.

    ReplyDelete
  6. බෑන්කු කාරයො = මුදල් මිලදීගෙන මුදල් විකුනනො

    ReplyDelete
  7. The full saying is apparently,
    'Jack of all trades but master of none'

    ReplyDelete
  8. ඉතින්, කතන්දර හාමිනේ ගොඩාක් සාරි ගෙනාවද?

    ReplyDelete
  9. මං තුමා නිසා ..හොඳයි ඉතින් නේද ?

    ReplyDelete
  10. දැන් එක බැංකුවක මේ දවස්වල පෝස්ටරයක් ගහගෙන යනවා මෙහෙම.
    "සල්ලිත් have !
    බඩුත් have !
    පොලිත් have !"
    මේක තමයි අලුත්ම සුත්තරේ !
    ප/ලි : කතන්දර එහෙනම් ගොඩ පෙරකදෝරු වැඩත්දන්නව වගේ !

    ReplyDelete
  11. ethumiyage link eka click kala vita evanniyak nomathi bava pavasayi.

    ReplyDelete
  12. මමත් ඔය විදිහටම ණයක් ගත්තා
    තාම ගෙවනවා වෙලාවකට පාඩුයි කියලා හිතුනත් මටනම් හිතෙන්නේ වාසියි කියලා
    මොකද අවසානයේ මගේ මුදල තියෙන නිසා
    ඒක අරන් වියදම් කලානම් ඉවරටම ඉවරයි
    මන් කීයටවත් ඒ මුදල ඉතුරු කරන්නේ නම් නැහැ ඒත් මන් ණය නම් ටික ටික ගෙවනවා

    ReplyDelete
  13. @Taboo
    ලින්ක් එකට තුති.
    අනේ මාත් ඉස්සර ඉතිරිකීරීමේ බැංකු කාඩ් එකක මුද්දර අලවලා එකතු කරන්න හැදුවා. අවුරුදු දහඅටක් ගියාට පස්සේ කලිසම් රෙද්දක් අරං මහ ගත්තා මුළු සේසතම විදම් කරලා.

    ReplyDelete
  14. @Jeew
    බලාගෙනයි, මතකනේ පාපමිත්‍ර සේවනය?
    http://kathandara.blogspot.com/2010/05/blog-post_22.html

    ReplyDelete
  15. @පූසා
    තම තම ණැන පමණින් රැවටිය යුතු!

    ReplyDelete
  16. @Hasitha
    ඔය සමීර අයියගේ සරමේද අර සමර ගෑවුනේ?

    ReplyDelete
  17. @Priyantha
    අන්න ඔහේලාගේ උඩරට කුමාරිහාමි උත්තරේ දීලා තියෙනවා!

    ReplyDelete
  18. @නිශ්
    ඔහොම එන්නකෝ!

    ReplyDelete
  19. @Podi Kumarihami
    අම්මෝ පොඩ්ඩිත් දන්න දේවල්!
    කතන්දර කීමේ කලාව තමයි එකයි, එකයි දෙක කියලා කියන්නේ නැතුව හිතාගන්න අරින එක.
    මං කිව්වේ හාමිනේ විශේෂඥ මම ජැක් කියලනේ.

    ReplyDelete
  20. @ඇනෝ
    මේ, අනුංගේ සාරි ගනං කරන්නේ නැතුව ඉන්න මෙයා.
    හාමිනේ ගේ සාරි කතාවක් දැං ලියලා තියෙන්නේ. තව සතියකින් විතර දාන්නං.

    ReplyDelete
  21. @Wath
    මං තුමා තමයි දවසකටවත් මිනිහා!

    ReplyDelete
  22. @serendipity
    ගොඩ සහ දියේ දෙතැනම වැඩ මං දන්නවා. ඇයි අපේ ලෝයරස් ලා ගැණ කතන්දරේ බැලුවේ නැද්ද?
    http://kathandara.blogspot.com/2010/11/blog-post_17.html

    ReplyDelete
  23. @ම
    හහ්,හහ්.
    ඉන්නේ ගම්පහ නේද? අහන්නත් දෙයක් යැ. මේ කතන්දරෙත් ඒ හරියේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට මන් මේ ආයි සැරයක් ඒ ජාතියේම ණයක් ගන්න කියලා හදන්නේ කලින් පාර මන් ණය ගෙවලා ඉවරයි මගේ සල්ලිත් ඉතුරුයි වැඩේත් කෙරුනා. ඕක සල්ලි ටික අරන් කලා නම් අන්තිමට වැඩේ කෙරිලා සල්ලි ඉවර වෙලා :-D

      Delete
    2. ඔය කිව්වට වැඩේට ගිය ගාණට වඩා බැංකුවට ගිහින් තියෙනවා පොලීත් එක්ක.

      මෙතනදී වෙන්නේ තමන්ගේ මුදල් කලමණාකරණයේ නොහැකියාව නිසා ඇති රිස්ක් එක බැංකුවෙන් ආවරණය කරගෙන ඒ සඳහා බැංකුවට මුදලක් ගෙවීමයි.

      නිශ්චල දේපලක් ඇපයට තබා ණයක් ගැනීම වෙනස්. තියෙන සල්ලි ඇපයට තබා ණයක් ගන්න වෙන්නේ තමන් ගේ හික්මීමක් ණැති කම නිසයි.

      Delete
  24. කතන්දර අයිය සෑහෙන්න මලකින් ලියපු එකක් වගේ...

    පැහැදිලි කරන්න ගොඩක් දේවල් තිබුණත් මුකුත් නොකියම යන්නේ ඒ නිසා...

    ReplyDelete
  25. ඇත්ත තමා බැංකු කාරයෝ නම් ලෝක අමාරු කාරයෝ තමා. වෙලාවකට මල වදයක්.

    ReplyDelete
  26. කසූට

    මේ ඉන්නේ මම කිව්ව බැංකුකාරයා.......
    sansarasidu

    ReplyDelete
  27. ඔය වගේ අද්දැකීම් ලබන්න තිබ්බා අපිත් FD දැම්මනං! අපිට කොහෙන්ද එහෙම චාන්ස්!

    මට තියෙන අද්දැකීම මේකයි බැංකුකාරයො ගැන.

    මම දාහක් දාන්න පෝලිමේ ඉද්දි දහදාහක් දාන්න ආපු මිස්ට කුමාරගේ සල්ලි ටික, මගේ ඔලුව උඩින් අරං වැඩේ කරලා පොත මාක් කරලා "ඕකේ.....මිස්ට කුමාර" කියලා දෙවෙනි පාරත් මගේ ඔලුව උඩින්ම දෙන එකයි. අපි වගේ දාහේ කෑලි ගැන කිසිම අනුකම්පාවක් නෑ ඒ ගොල්ලං.

    මම එකවුන්ට් එක අයින් කරගත්තෙ නැත්තෙ "වසර අවසාන මහා දිනුම් ඈදීමෙන් සුපිරි දෙමහල් නිවස කෙසේ වෙතන් අඩුගානේ ඈල්ටෝ කට්ටක්වත් ඈදෙයි කියලා"

    මට ඔය "පුංචි පුංචි තෑගි දිනලා" මටත් ඈතිවෙලා අප්පා තියෙන්නෙ.....!:D

    ReplyDelete
  28. කතන්දර
    ඔහොමත් banku-කාරයන්ට කොල්ලොප්පම් කරනවද?

    ReplyDelete
  29. හනේ හපොයි!! මම හිතුවෙ කතන්දර හාමිනේ රැවට්ලා තියෙන්නෙ එක සැරයයි කියලා, දැන් බලනකොට සෙයිලන් බැන්කුවටත් රැවටිලානෙ.

    ReplyDelete
  30. @sansarasidu
    බැංකුකාරයින් එක්ක මගේ තරහක් නෑ. මේව මේ ජොකියට ලියන කතන්දරනේ.

    නමුත් බැංකුවෙන් දුන්නු ඇඩ්වයිස් එකෙන් වාසිය බැංකුවටයි. හාමිනේට වුනේ පාඩුවක්.

    එහෙම වෙලාවක, ඇඩ්වයිස් දෙන වෘත්තිකයින් ගේ සදාචාරාත්ම යුතුකම තමයි ලෝන් එක ගැනීමෙන් බැංකුවට මෙච්චර වාසියක් වෙනවා, කස්ටනර්ට මෙච්චර වැඩිපුර සල්ලි යනවා කියලා ප්‍රකාශ කිරීම.

    ReplyDelete
  31. @prasanna86k
    ඇතුවත් බැරි නැතුවත් බැරි බැංකුකාරයෝ...!!!

    ReplyDelete
  32. @බුද්ධි
    ඇල්ටෝ අපි නං බිව්වේ පොඩි කාලේ. දැං බොන්නේ ගහේ බඩු!

    ReplyDelete
  33. @ඇනෝ
    බැංකුකාරයෝ අපිට කොලොප්පං, අපි උන්ට කොලොප්පං!

    ReplyDelete
  34. @රූපිකා
    රුවටුනා නෙමෙයි කතන්දරකාරයා ට නිබ්බුත පද කිව්වා.

    ReplyDelete
  35. මට මේ බ්ලොග් එක ගන කිව්ව කෙන කිව්වා 'ඔබ තුමා' තායිලන්තෙ ඉගෙනගත්තෙ මම ඉගෙනගත්තු තැනමයි කියල. ඒක එහෙමමද කියන්න මම දන්නෙ නෑ. එත් එහෙදි මට ඉගැන්නුව 'take now give later' කියල...(ෆයිනෑන්ස් පංතියේද කොහෙද - time value of money කියල එකක් ගැන) ඉතින් අර කිව්ව වගෙ 3% වැඩිපුර ගෙව්වත් loan ගෙවල ඉවර වෙද්දි බඩුත් have සල්ලිත් have නේ ... :)

    ReplyDelete
  36. කතන්දර හාමිෙන් ඔබතුමාට රැවටුන ඒෙක් බැංකුෙව් මහත්තුරුන්ට රැවටෙන ඒක පුදුමයක්ද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.