ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday, 4 January 2011
සුද්දා එනතුරු කට ඇරගෙන බලා සිටියෙමු!
හබරල ගාලේ කබරගොයි විවාදය ගැන කතන්දරේ කියන වෙලේ මං මතක් කරපු පිස්සා ගේ පලාමල්ල කියන පරණ පත්තර තීරු ලිපිය මතකද? ඒකේ ලියල තිබුණු තව හොඳ ජොලි කතාවක් මතක් වුණා. විකල්ප පත්තරවල අවසානය කතන්දරේ වගේ, එහෙමත් නැත්තං රුපියල් විස්සේ පෙට්‍රෝල් කතන්දරේ වගේ 1994 ඉලෙක්‍ෂන් එකට සම්බන්ධ නැති වුණාට මේ කතන්දරයත් අනූවේ දශකයේ මැද භාගයේ එකක්.
මේ ලඟදිත් සාහිත්‍ය සම්මාන දිනපු සුමිත්‍රා රාහුබද්ද ඒ දවස්වල ලියල තිබුණ නවකතාවක් ඉටි පහන් කියල. මේ නවල් එකේ තිබුණෙ පියා නැති පොඩි ගැහැණු ළමයෙක් එක්ක ගමක ජීවත්වෙන අම්ම කෙනෙක් ගැනයි, ඒ ළමයා ලොකු වෙලා විශ්ව විද්‍යාලයට යන හැටි, එතෙනදි ජවිපෙ 1971 කැරැල්ලට සම්බන්ධවෙන හැටි සහ අවුරුදු ගානකට පස්සේ ඇගේ මරණය සිදුවෙන හැටි. කතාවෙ විදියට මේ දුව, කවුරුත් සුද්දි කියල හඳුන්නපු, ඉතා පැහැපත් ඡවි කළ්‍යාණයක් තිබුණු, ළමයෙක්.
මේ කතාවෙන් ටෙලිනාට්‍යයක් හදන්න ගත්තා අපේ සෝමරත්න අංකල්. පොර ඉස්සෙල්ලාම කලේ ඉටිපහන් කතාවට පෙර කතාවක්, ඒ කියන්නේ ප්‍රීකුවෙල් එකක්, ලිවීමයි. ඉතිං ඉස්සෙල්ලාම ඉටි පහන් කියලා අපි බලන්න ගත්තේ සුමිත්‍රා ගේ කතාව නෙමේ, සෝමා ලියපු පෙර කතාවයි.
මේ සෝමා මාමා ලියපු "පෙර කතාවේ" තිබුනේ මෙන්න මෙහෙමයි. ගමේ වලව්වක හැදුණු වැඩුණු, දෙමව්පියන් නැති අනාථ තරුණියක් ඉංගිරිසි ආණ්ඩුවේ අන්තිම කාලයේ, සුදු ජාතික ඒජන්ත කෙනෙකුගේ ලෙඩ වෙච්ච නෝනව බලාගන්න යනව. නෝන මළාට පස්සෙ සුද්ද එකක ඉඳල ළමයෙකුත් ලැබෙනව. මේක ආණ්ඩුවට ආරංචි වෙලා, ඒ විෂමාචාරය ගැන වරදකරු වුණු සුද්දට ආපහු තනියම එංගලන්තෙට යන්න වෙනව. අනාථ වෙච්ච අම්මයි, සුදු හම තියෙන පොඩි කෙල්ලයි ගමට එන එකෙයි කතන්දරේ.
ඔය පොඩි කෙල්ල ගේ චරිතය රඟ පෑ ළමය දැන් හොඳ කැරැක්ටර් එකක්! කවුද කියල දන්නව නේද?
කොහොමින් හරි මේ කතාව ඉටිපහන් කියන නමින් පෙන්නල ඉවරවෙලා ටික කාලෙකට පස්සෙ ඔරිජිනල් කතන්දරේ අනුසාරයෙන් හදපු ටෙලිය පෙන්නුවෙ ඉටිපහන් 2 කියලයි!
කොහොමද වැඩේ? සුමිත්‍රා රාහුබද්ද ගේ ඔරිජිනල් ඉටිපහන් කතාව, සෝමෙ අංකල් ගෙ ප්‍රීකුවෙල් එකට හදපු සීකුවෙල් එකක් වුණා!
ඉතිං ඔය කියන ඔරිජිනල් ඉටිපහන් කතාවෙ, අර පස්සෙ කතන්දරේ හිටිය සුද්ද ගැන කිසිම විස්තරයක් තිබුනෙ නෑ. ඒකෙ තිබුණෙ, ගමේ අයගේ විදියට වඩා පැහැපත් හමක් තියෙන, පියා නැති දරුවෙක් එක්ක ජීවත්වෙන කෙල්ලෙකු ගේ ජීවිත කතන්දරේ. මේ කෙල්ල ජේවීපී කරල අන්තිමේදි මැරෙනව. හිටපු ජේවීපී ලේකම් කෙනෙක් වුණු ලයනල් බෝපගේ යි, පස්සෙ එයාගෙ බිරිඳ වුණු, ඒ දවස්වල චිත්‍රා කන්‍යා සොහොයුරිය යි හෙමත් මේ ඔරිජිනල් ඉටිපහනේ චරිත.
නමුත් ඉතිං, ප්‍රේක්‍ෂක අපි ටෙලියේ මේ හරියට එන කොට අපේ හිතේ තියෙන්නෙම අර පිටරට යන්න වුණු සුද්දාට මොකද වුනේ කියන එකයි.
නමුත් ඉතිං, ඉටිපහන් 2 ටෙලිය ඉවර වෙලා, ඩේසි කියන කෙල්ල මැරිල (බෝපගෙයි, චිත්‍රයි කසාද බඳින ඒව හෙම පෙන්නුවෙ නෑ, මයෙ හිතේ!) පරලොව යනකම්ම සුද්ද නම් ආපහු ආවෙ නෑ.
මේ අසාධාරනේ දැකල හොඳටම කේන්ති ගිය කෙනෙක් තමයි මං මුලින් කියපු පිස්සා ගේ පලාමල්ල තීරුව ලියපු පොර. ඒ තීරු ලිපියේ ලියල තිබුණු සුද්ද ආපහු එයි කියල හිත හිත අන්තිම කොටස වෙනකම්ම අපි පේ්‍රක්‍ෂකයෝ කට ඇරං හිටිය හැටි ගැන විශ්ලේෂණය දැකල තමයි මට තේරුනේ අපි අහුවුණු ගැටේ.
සමහර විට චාමී (Rear Gate) ට මතක ඇති මේ කියන ලිපිය.
-කතන්දරකාරයා
ප/ලි
ඔය වගේම කේස් එකක් තමයි තිබුනේ පස්සෙ කාලෙක පෙන්නපු තිස්ස අබේසේකර ගේ පිටගම් කාරයෝ ටෙලියේ. කතාව පටන් ගන්න කොටම වගේ එළවළු කොටුවක මරල දාල හිටපු ළමයින් ගේ තාත්ත, මේ ළමයා සීයෙක් වෙනතුරුම, විටින් විට අවතාරයක් වගේ පෙනී නොපෙනී ගියත්, මාස හය හතක් ගිහින් ටෙලිය ඉවර වෙනතුරු ම කවුද ඒ තාත්තව මැරුවේ කියන එක තිස්ස අපිට කිව්වෙ නෑ.
මැජික් රියලිසම් ද, මාකටින් ට්‍රික්ස් ද, අනේ මන්දා?
Subscribe to:
Post Comments (Atom)
ඔය පොඩි කෙල්ල ගේ චරිතය රඟ පෑ ළමය = Anarkali
ReplyDeleteකතන්දර , ටෙලි නාට්‍ය වල , චිත්‍රපටි වල විතර ද? සැබෑ ජිවිතේත් මගෙ නම් ගොඩක් වෙලාවට එහෙමයි....
ReplyDeleteපටන් ගන්නේ කතන්දර බලන්න කියල විතරමයි. ඉවර වෙන්නේ කොහේ වත් නැති තවත් අලුත් බ්‍ලොග් එකක් බලල තමයි.
ඒ වගේම තමයි සුද්ද එනවමයි කියල සෝමෙ අංකල් කීවේ නැහැ වගේම. තාත්ත මැරුව කෙනා ගැන කියනවයි කියල තිස්ස අබේසේකර මහත්තයත් කීවේ නැහැ. කවුරුවත් නොකීව දේවල් ගැන හිතාගෙන පස්සෙන් ගිහින් අහවල් දේකට ඒ මිනිස්සු එක්ක තරහ වෙනව ද මන්ද?
ඒකත් හරියට කොල්ලෙක් හරි කෙල්ලේ හරි තමාට කැමති කියල හිතාගෙන ඉදල අන්තිමට නොකමති වුනාම " ඔයා ඇයි මාය රැවටුවේ ඃ තියල අහනව වගේ තමයි.
දැං ඉතින් සුද්දා නාවට සුමිත්‍රා මක්කොරන්නද?
ReplyDeleteමාකටින් මාකටින් පැහැදිලි මාකටින්.............
ReplyDeleteමටත් ඔය ටෙලිය ඉවර වෙනකල් තිබුන ප්‍රශ්නේ සුද්දට මොකද උනේ කියන එක.
ReplyDeleteමාත් ඔය ඉටි පහන් එහෙන් මෙහෙන් බැලුවා කියලා මතකයි. මම ගොඩක් කැමති ඒකෙ තිබුනු තේමා ගීතයට. සුද්දව, සුද්දගේ ආණ්ඩුව පැන්නුව උනත් ඌටත් යුතු කමක් තිබුනා අඩු ගානේ ලියුම් කරදහියක්වත් එවන්න. :) .... සමහර විට ඌ නැවෙන් ආපහු එංගලන්තෙට යනකොට පපුව පැළිලා මැරෙන්න ඇති.
ReplyDeleteපිටගම් කාරයෝ කතාව ගැන විවරණයක් තිස්ස අබේසේකරයන් ලියල තියෙනවා එතුමාගේ "අයාලේ ගිය සිතක සටහන්" කියන අපූරු පොතේ. ඔය "පිටගම් කාරයෝ" කියන නමේ තියෙන සරළ තේරුමට වඩා තේරුමක් ඒ කතාවෙ තියෙනවා. කැළණි මිටියාවතේ, ඒ කියන්නෙ ඔය කෝට්ටේ අවට පදිංචි වෙලා ඉන්න හැම මිනිහෙක්ම 'පිටගම් කාරයෙක්' කියලා තමයි උන්නැහේ නම් කියන්නෙ. ඒ පොතේ ඒක හරිම අපූරුවට ඉදිරිපත් කරලා තියෙනවා.
තව "පරංගියා කෝට්ටෙ ගියා වගේ" කියන කතාවටත් පරීක්ෂණ සහ නිරීක්ෂණ මගින් අර්ථ කථනයක් දීලා තියෙනවා. උන්නැහේ පෙන්නල දෙන්නෙ පරංගියා කෝට්ටෙ ගියේ කොළොම් තොටේ ඉඳන් ඌව ගෙනියන්න තිබුනු එකම පාරේ තමයි කියලා. මොකද ඒ කාලේ ඔය කොටා රෝඩ් එකයි, රජ වීදියයි එහෙම තිබුනේ නෑනේ..... ම්ම්ම් ඔය ඇති.... පොත කියෝලා බලන්න...!
අප හිතාන ඉන්නේ නිර්මාණකරුවන් හැමවිටම අපට හොඳ වින්දනයක් දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නිර්මාණ කරනවාය කියලයි. නමුත් ඔවුන්ටත් තමන්ගේ පැවැත්ම සඳහා ලොකු සටනක් දෙන්න වෙනවා.
ReplyDeleteටෙලි නාට්‍ය ගැන නම් මා වැඩිය දන්නේ නැහැ. චිත්‍රකතා ලෝකයේ සිදුවීම් කිහිපයක් කියන්නම් මගේ මිතුරකු කියාපු. (පොර චිත්‍රකතා ගැන ලංකාවේ ඉන්නා හොඳම විශේෂඥයකු විය හැකියි.)
චිත්‍රකතා පත්තර ප්‍රචලිත වූ යුගයේ ලොකු සටනක් තිබුණාලු පත්තර අතර සේම කතාකරුවන්, චිත්‍රශිල්පීන් අතරත් පැවැත්ම සඳහා. සාමාන්‍යයෙන් මොනම කතාවක් වත් එක දිගට ජනප්‍රිය වෙන්නේ නැහැ. (බ්ලොග් වගේ තමයි.) ඉහළ පහළ යනවා. අදින කොට පාඨකයින්ට තරහ යනවා. ඉතින් කතුවරයාගෙන් අණ ලැබෙනවාලු "ඉක්මණින් ඉවර කරනවා අයිසෙ" කියලා.
මේකෙන් ගැළවෙන්න ශිල්පීන් යෙදූ උපක්‍රම විවිධාකාරයි. 'ඉතින් ඊට පස්සෙ' ලියපු සරත්මධු දේදුණු-කැලුම් පෙම් කතාවෙ පෙම්වතුන්ට පළමුවරට නිවී සැනසිල්ලෙ, පාක් එකක වාඩිවෙලා කතා කරන්ට දෙන්නෙත් දෙසිය වැනි එපිසෝඩ් එක පැන්නට පස්සෙලු. ඒ කියන්නෙ අවුරුදු හතරක් තිස්සෙ කතාව පටන් අරගෙනවත් නැහැ! මොකද පටන් ගත්තෙවත් නැති කතාවක් කතුවරයාට තියා දෙයියන්නාසෙටවත් ඉවර කරන්ට බැහැනෙ!
තව එකෙක් හිටියලු (නම කිව්ව, මතක නැහැ.) කතා මැද අතුරු කතා පටන් ගත්තු. ඒ අතුරු කතාව මැද තව අතුරු කතාවක්ලු. ඉතින් චිත්‍ර කතාව හදිසියෙ ඉවර කරන්ට නම් අඩුම ගානේ සති තුනක් වත් යනවා. ඇයි කතා තුනක්ම ඉවර කරන්ට එපායැ! සෙල්ලංයැ!
පියල් උදය සමරවීර මුණ ගැහුණු මුලම දවසෙ මා ඔහුට හඳුන්වා දුන්නෙ "මං එතකොට පොඩියි තමයි, ඒත් මල් මාමගෙ නහයෙ මල් ඇටේ හිරවෙනව මතක ඇති කෙනෙක් මං" කියල.
මොකද දශක තුනකට පොඩ්ඩක් අඩු කාලයකට පස්සෙත් මා දන්න තරමින් තාම මල්මාමට මල ගලව ගන්න බැරිවුණා.
චාමිය රෑ රූ වල ලිව්ව වගෙ අපි නොවැ පුරුක් හදාගන්නේ...ඒකට සෝම වත් තිස්ස වත් පලියැ....
ReplyDeleteටැබූගෙ හෙලිදරව්ව වටිනව.....
ඔය කවුරුහරි පොතක් හරි ටෙලියක් හරි පිචෑර් පටියක් හරි කොරල එලියට දැම්මම අපේ විචාරක සත්වකොට්ඨාශය ඕකට භරතමුණිහෙ එකයි, ඩෙරීඩයි, කාල් මාර්ක්ස් ගෙ එකයි රටේ ලෝකෙ තියෙන ඔක්කෝම රාමුයි බස්සවල බලනව හැඩද කියල. මොන මෙලෝ හැඩයක් නෑ. එතිං හදපු එකාගෙ ඉඳල බලන එකාට වෙනකන් බනිනව. ඕය එකක් වත් හරියන්නෙ නෑ. ඕක පොඩි මාකටින් වැඩක් නෙ. [අරේ සහ මරේ]
ReplyDeleteසුද්දට මොනා උනත් ඉටි පහන් ලස්සන කතාවක්..හැබැයි ටෙලි නාට්ටිය නම් මට ඒ තරම් මතකයක් නෑ..ඒත් දුමී කිව්වා වගේ ඒකේ සින්දුව නම් ලස්සනයි...
ReplyDeleteප.ලි/..ඔය සුද්දෝ ඔහොමමයි අනෙ..එන්නේ නෑ ගියොත්..බලන් ඉන්න එපා...
නවකතාවක් සාර්ථක වෙන්න නම් කතාව කියවීමට කුතුහලයක් ඇතිවෙන්න ඕන
ReplyDeleteසමහර කතා මුල දීම guess කරන්න පුළුවන් ..කියවීම ඉක්මන්නින් එපා වෙනවා
හරියට James Bond 007 movies බලනවා වගේ කොහොමටත් JB අන්තිමට දිනනව නේද?
ඔය මොකවත් නෙවෙයි මෙයා, අපේ කුතුහලයෙන් එයාලා වැඩගන්න ආකාරය.. අර ටැබූ කිවුවා වගේ එයාලටත් පැවැත්මක් තියෙන්න එපායැ.. කතාවෙ අවසානය මුලදිම දන්නවනං මොකාද ඒක අන්තිම වෙනකං කියවන්නෙ (හෝ බලන්නෙ)..??
ReplyDeleteපලී: O Henry ගෙ කෙටිකතා මේ තරං ලස්සන වෙන්නෙ අවසාන ඡේදයෙන් (නැත්තං අවසාන වාක්‍යයෙන්) සම්පූර්ණ කතාවම අනිත් පැත්ත ගහන නිසා නෙවෙයිද..??
වෙන වෙන දේවල් පැත්තකින් තියමු. මේ අපිම කතන්දරගේ සමහර "මාතෘකා" දැකල බොහොම අවධානයෙන් කියවන්න පටන් අරන් අවසානයේ බලාපොරොත්තු සුන් කර ගත්ත අවස්ථා කීයක් තියද?
ReplyDeleteඑහෙමෙයි කියල අපි කතන්දර නොබල ඉන්න වද?
ඒ වගේ තමයි ඉතින්... බැන බැන බලනවා ...
ටැබු කිව්වම තමයි මටත් මල් මාමාව මතක් උනේ. දැනට අවුරුදු 25කට ඉස්සල්ලා මම විජය පත්තරේ ආසාවෙන් කියවපු කතාවක් තමයි ඒක. ඒක තාම යනවද?
ReplyDeleteඅනිත් එක තමයි මතකද "ගිරය" කියලා චාටර් ටෙලියක්? ඒකෙත් ලුසි හාමි ගිරය ඉනේ ගහන් ඉන්න එක, පොය දවසට මිසින් යන එක ලොකුවට mystry එකක් වගේ පෙන්නුවට අන්තිමට මුකුත් නෑ.
මගේ බ්ලොග් එකේ ප්‍රශ්නයක් නිසා උදේ කතාවෙ ඉතුරු හරිය ලියන්ට බැරිවුණා.
ReplyDeleteමා (මල් මාමා ගැන කියල) හඳුන්වා දුන්නායින් පසුව පියල් කියනවා මෙහෙම.
"ඇත්ත. මල් මාමගෙ නහයෙ මල් ඇටේ හිර වෙනකොට අපේ ගෙදර හිටිය බල්ලගෙ හතරවැනි පරම්පරාව තමයි අද ඉන්නෙ!"
මේ කතාව කිව්වෙ ටික කලකට උඩදෙ. දැන් වෙනකොට මල් මාම බල්ලගෙ පස් වැනි පරම්පරාවටත් ගිහින් ඇති.
ඔය කියන්නේ " යකාගේ මලක් " ද?
ReplyDeleteඇයි එතකොට "යෝධයා" එකත් එහෙමයි...
ඔය නාට්ටිය බලුවට මගේ හිතේ හරියටම රැඳුනේ නෑ.
ReplyDeleteපොත තමයි බොක්කටම වැදුනේ.
හැබැයි මේ ලඟදී කවුදෝ කිව්වා ඒක වෙන පොතක අනුවර්තනයක් කියලා . .
එහෙම බැලුවාම සුමිත්‍රා වෙන කෙනෙක් රැවැට්ටුවා පාඨකයො ඇන්දුවා.
සෝමේ අන්කල් සුමිත්‍රාව රැවැට්ටුවා එතුමා ඉතිං ප්‍රේක්ෂකයන්ව නම් කොහොමත් රවට්ටන කෙනා කියලා බැනුම් අහන කෙනානේ නැද්ද
දුකා ලියූ කරුණ ගැණ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්.
ReplyDeleteඔරිජිනල් ඉටිපහන් කතාව පදනම් වෙලා තියෙන්නේ ඇත්තටම ජීවත්වුණු කෙනෙක් වටායි. සුමිත්‍රා ඒ කාන්තාවගේ ඥාතීන් එක්ක කතා කරලා තියෙනවා කරුණු හොයා ගන්න.
ඊට අමතරව මං ලියලා තියෙනවා වගේ බෝපගේ සහ චිත්‍රාත් මේ කතාවේ චරිත දෙකක් නේ.
සුමිත්‍රා රැවටීමක් කරලා නැහැ.
@All
ReplyDeleteරාහුබද්ද විතරක් නෙමේ අති මහත් බහුතරයක් ලේඛකයෝ නිර්මාණ කරන්නේ සැබෑ පුද්ගලයෝ චරිතවලට අරගෙන.
කොළඹ කැම්පස් එකේ සරත් විජේසූරිය ට අවිඳු අඳුර ලිව්වාට පස්සේ ගමට යන්න බැරිවුණාය කියලා කව්දෝ මට කීවා.
ජයසේන ජයකොඩි තමන් ගේ මුළු ජීවිත කතාවවම නවකතාවකට ලියලා කියලා එයා ගේ නීති මගින් ඥාතියෙක් වුණු කෙනෙක් ආඬපාලි කියා තියෙනවා.
බලාගෙන ගියාම නවකතාත් වෙල්-නෝන් ආතල් නේ ද (as opposed to ඇනෝනිමස් ආතල් )
මේ ටෙලියෙ පොඩි ගෑනු ලමයාට ඉන්නෙ වසන්ති චතුරානිද? මම ඔය ටෙලිය බලනකොට මට අවුරුදු 7ක් විතර ඇති මගෙ හිතේ. දැන් තියෙන මෙගා ටෙලි නාට්‍යත් ඔය වගේමනේ. එදිනෙදාට ඕනේ තිර පිටපත ලියාගෙන අවුරුදු ගාණක් ඇදගෙන යන්නේ.
ReplyDeleteපිස්සාගේ කොලම් කීපයක් මතක තිබුනට මේක මතක නෑ. ඔය රබර් කතන්දර වල හොඳම උදාහරණයක් තමා මුවන් පැලැස්ස. මම පුංචි කාලෙදි උනත් මතකයි සමහර එපිසෝඩ් අහද්දි මට තේරිලා තියෙනවා මේ ඩයලොග් කියන්නෙ ස්ක්‍රිප්ට් එකක් වත් නැතුව කියලා.අන්තිමට "මොකද මේ කදිරා දුවගෙන එන්නේ?" කියලා ඉවර කරනවා.
ReplyDeleteඇත්තටම කසූ මුවන් පැලැස්ස ගැන එහෙම කතන්දර නැතෙයි?
If on a winter's night a traveler කියවල බලන්න. ඒකත් එහෙමයි. පොතේ අවසාන ඡේදය කියෙව්වම තමයි මොකක්ද කියල තියෙන්නෙ කියල තෙරෙන්නෙ. සිංහල පරිවර්තනයක් තියනව ගාමිණී වියන්ගොඩ මහත්මයාගෙ.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/If_on_a_winter's_night_a_traveler
@charmi
ReplyDeleteමම දන්න විදිහට නම් මුවන්පැලැස්ස තාමත් යනවා.(ආසියාවේ හෝ ලෝකයේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍ය )