Monday 2 September 2013

ඇනෝනිමස් ඉල්ලීමට අනුව සැප්තැම්බරයේ කතන්දර බ්ලොග් එක සැරසෙයි! : Fourteen shades of September - coming to a screen near you!


බ්ලොග් ලියන, කියවන අයට මේ "ඇනෝනිමස්ලා" කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෑ නෑ නේ?

මං මීට පෙර ඇනෝනිමස්ලා වර්ගීකරණයක් කරලා තියෙනවා. (හැබැයි හිත් පිත් නැති බොට් ඇනෝනිමස්ලා කියන්නේ නම් වෙනම ම කොටසක්.)

ඊට අමතරව ගුඩ් ඇනෝනිමස්ලා ට උපහාර පිණිස සුවිශේෂී කතන්දරයකුත්, නෝටි ඇනෝනිමස්ලාට (අපහාස පිණිස) කතන්දරයකුත් ලියලා පළකරලා තියෙනවා.

අද මේ හදන්නේ ඇනෝනිමස්ලා නිසා කතන්දර බ්ලොගයේ සිදුවෙන වෙනසක් ගැන කියන්නයි.

පහුගිය අවුරුදු දෙකේම මං සැප්තැම්බරයට යෙදෙන සාහිත්‍ය මාසය සමරන්න කයි-කතන්දර කියලා අමුතු කතන්දර වර්ගයක් හඳුන්වලා දීලා, දවසක් ඇර දවසක් ඒ කයි-කතන්දර මේ බ්ලොග් එකේ පළ කෙරුවා.

මේ සඳහා මං උපයෝගීකරගත්තේ මංතුමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ලියලා, ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ පළ කරපු කවි.

මේ කයි-කතන්දරවල පොඩි රහසක් තිබුණා. ඒ ගැන මං හෙළි කෙරුවා දැන් මාස කීපයකට කලින්.

මෙදා පාර සැප්තැම්බරය එන්නත් කලින් ඇනෝනිමස් නෝනා කෙනෙක් පොඩි විරෝධතා ව්‍යාපරයක් පටන් අරගත්තා කයි-කතන්දර එපෝ කියලා.

ඒ ප්‍රොටෙස්ට් එකට තවත් ඇනෝලා කීප දෙනෙකුගෙනුයි, ප්‍රොෆයිල්කාරයින් කීප දෙනෙකුගෙනුයි සහයෝගය ලැබුණා.

ඉතිං දැහැමෙන් සෙමෙන්, දස බ්ලොග් ධර්මයෙන්, බ්ලොග්කරණයේ යෙදෙන බ්ලොග්කාරයෙක් හැටියට මං තීරණය කළා ඒ ඉල්ලීම්වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න.

ඒ නිසා මේ සැප්තැම්බරයේ කයි-කතන්දර නෑ.

අගෝස්තුවල නං එකක් දැම්මා. ආයේ කයි-කතන්දර දාන එක ගැන සැප්තැම්බරයෙන් පසු සළකා බලනවා.

නමුත් සැප්තැම්බරයේ සාහිත්‍ය ප්‍රබෝධය නග්ගලා ගන්න යම්කිසි දෙයක් නොකරත් බෑනේ?

ඒ නිසා මං තීරණය කළා, හෙට ඉඳලා මං ලියපු ග්‍රන්ථ විචාර ඒ කියන්නේ "බුක් රිවීව්ස්" පළකරන්න. එහෙමත් නැතිනම් පොත් ගැන කතන්දර ලියන්න.

මේ සීරීස් එකේ මුල්ම ලිපිය හෙට උදේ හයට දාන්නයි ඉන්නේ!

මොකද කියන්නේ?

-කතන්දරකාරයා

ප/ලි
රාජ්‍යය කරන පොරවල්වලට උපයෝගී කරගන්න කියන දස රාජ ධර්මය වගේ බ්ලොග්කරණයේ යෙදෙන අප උපයෝගී කරගත යුතු "දස වැදෑරුම් බ්ලොග් ධර්මය" ගැන පස්සේ ලියන්නම්!

(image: http://www.globalgallery.com/features/shades-of-spring)

26 comments:

  1. තමුන්ගෙ බ්ලොග්එක තමුන්ට ඕන විදියට ලියන ගමන් අපිටත් සවන් දීම තමයි වෙන්න ඕන. ඉඳහිට කයි කතන්දරයක් දැම්මට අපේ අවුලක් නෑ. ඒත් කකා ගිය සැරේ ඔක්තෝබර් වලත් කයි කතා දැම්ම නෙව.

    ග්‍රන්ථ විචාර නං හොඳයි. කකාට ඒක කරන්න පුළුවන්. බූන්දියට රසික සූරියාරච්චි ලියපු විචාර ටිකක් බැලුව ලඟදි. අන්න ඒ ජාතියෙ ඒවට නං අපි මනාපයි. කකාටත් ඒ වගේම ලියන්න පුළුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි අනේ එක තමයි

      Delete
  2. book review is a good idea. thanks a lot.

    ReplyDelete
  3. මේ මොකද්ද අප්පා මේ කෙස් එක වැටෙන කොමෙන්ටු වලින්ම තමයි හරියට මීටරේට දාගන්න වෙන්නේ

    ReplyDelete
  4. හත්වලාමෙ කයි කතන්දර හොඳා ඔය පොත් විචාර වලට වඩා කියලා අපිට හිතෙයිද මන්දා !!!!

    ReplyDelete
  5. ඉදල හිටලවත් කයි කතන්දර දාන්ඩ ඈ..

    ReplyDelete
  6. ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ.

    ආහ් නෑ

    කවි එපා කියලා විචාර ගත්තා වගේ !

    ReplyDelete
  7. //හෙට ඉඳලා මං ලියපු ග්‍රන්ථ විචාර ඒ කියන්නේ "බුක් රිවීව්ස්" පළකරන්න.

    කවි මෙච්චර අජපල් නම් ග්‍රන්ථ කොහොමද කියලා හිතාගත්තෑකි.
    කකා මේ සැරසෙන්නේ තමන්ගේ පොත් ටික විකුණ ගන්න උපක්‍රමයක් දාන්න ද ?

    ReplyDelete
  8. @මයි ඩියර් කකා,

    අයි හෑව් එන්කවුන්ට'ඩ් යුව' බ්ලොග් ඇක්සිඩෙන්ටලි විත් ද පෝස්ට් ඔන් ගේස් ඇන්ඩ් ලෙස්බියන්ස්. ඉට් වෝස් වෙරි ඉන්ටෙරෙස්ටිං. අයි කුඩ් නොට් කමෙන්ට් ඔන් දැට් ඩේ ඉට්සෙල්ෆ් බට් තෝට් ඔෆ් කමෙන්ටිං ලේට'. අයි ඈම් ඩිලයිටඩ් ටු සී යු ප්ලෑන් ටු පෝස්ට් බුක් රිවිව්ස්. අයි ඩෝන්ට් මයිසෙල්ෆ් රීඩ් මෙනි බුක්ස් බට් අයි තින්ක් බුක්ස් ආ වෙරි ඉම්පෝටන්ට් ටු ද ජෙනරල් පබ්ලික්. අයි ඈම් වේටිං ටු රීඩ් සච් බුක් රිවිව්ස්. අයි විල් කමෙන්ට් ඉෆ් අයි හෑව් ටයිම්.

    රනිල් වික්‍රමසිංහ - ඔපොසිෂන් ලීඩ'

    ReplyDelete
  9. බොහොම අගෙයි....!!

    ReplyDelete
  10. ඒක හොඳයි. මම අද එකද මන්දා

    ReplyDelete
  11. කයි කතන්දරවලට වඩා හොදා..එහෙනං කියමු බලන්න.

    ReplyDelete
  12. දාන්ට අය්යා ... දාන්ට ඉක්මනට...

    "Book Review" එනකල් අපි බකන් නිලගෙන බඩ උලාගෙන ඉන්නවා.....

    -මම සීතල රටේ ඈනෝ

    ReplyDelete
  13. කකා, තවත් පේරා මවිසුරෙක් ලස්සන බ්ලොගක් කරනවා.....

    http://thilakasitha.blogspot.no/

    ගිහින් පොඩි "බකප්" එකක් දෙමුද?

    ReplyDelete
    Replies
    1. kakanam issara anunge blog wala thamange profile ekenma link dala thama blog eka tikak hari jana-apriya karagatte. oyath oyage profile ekenma link danna machan. lajja wenna epaa. tika dawasak blog liyaddi oya lajjawa nethiwenawa. chu katha gu katha pada katha liyanakota. hak hak

      Delete
  14. MOKUTH KIYANNE NEHE API BALANA INNAWA

    ReplyDelete
  15. හොඳ අදහසක්..

    ReplyDelete
  16. එළ! මාත් මේ දවස් වල ගන්න පොත් ලිස්ට් එකක් හදන ගමන්....

    ReplyDelete
  17. හරි ලියන්නකෝ බලන්න.. කියවන්න එන්න....

    ReplyDelete
  18. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 20
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 0
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 12


    ප.ලි. - මා මේ දිනවල රස්සාවකට යන බැවින් සංගණන වාර්ථා ඉදිරිපත් කිරීම ප්‍රමාද වේ. ඉඩක් ලද විගස සංගණන වාර්ථා පල කිරීමට මා සැදී පැහැදී සිටි. මා හට මේ වෙලාවේ සංගණන වාර්ථා ඉදිරිපත් කිරීමට හැකි වූයේ වර්ෂාව නිසා වැඩට යා නොහැකි වූ නිසා බව කරුණාවෙන් සලකන්න.

    සංගණන ඇනෝ

    ReplyDelete
    Replies
    1. දැවෙන ප්‍රශ්නයක් නිසා අහන්නෙ //මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2// වෙන්නෙ ඔය උඩ කමෙන්ට් එකත් එක්කද? නැත්නං ඒක නොසලකා හරිනවාද? ස්තූතියි

      Delete
  19. Hope you will review more than poetry. I have enjoyed your reviews of memoirs. Mostly nostalgic stuff.

    ReplyDelete
  20. :) හොදා හොදා ඉතින් :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.