ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 1 September 2011
කල්පාන්තයක ආරම්භයක් - පේරාදෙනියේ දී ලියූ කවි
මේ කවිය මං ලිව්වේ පේරාදෙනියේ ඉංජිනේරු පිඨයට මුලින්ම ගිය දිනය ගැනයි.
මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ. උදේම නැගිටලා සීතලේම ඇඟ හෝදලා, සුදු ඇඳුම් ඇඳගෙන, පානුයි පරිප්පුයි ගිලලා, කඳු බැහැලා, ගඟ තරණය කරලා මං එදා උදේ හත හමාරට විතර ඔය උඩින් තියෙන රොකට් එන්ජිම තියෙන තැනට ගියා මට අද වගේ මතකයි!
අවුරුදු දාහතරක පාසල් ගමණක් අවසාන කරලා, වයස අවුරුදු දහනමයක තරුණයෙක් විදියට, එදා ඒ ගමන ගියේ කොච්චර සතුටක් හිතේ පුරෝගෙනද?
මුළු ලෝකෙම ජයගත්තා වගේ, හිමාල කන්ද තරණය කළා වගේ හැඟිමක් තමයි හිතේ තිබුණේ!
කල්පාන්තයක ආරම්භයක්
හිතේ හිරවුණු සතුට බිය සැකය එකට දරාගෙන
මද සිරිපොදයේ
අරුනළු වැටෙන පැයේ
කඳු මුදුනක සිට පහලට දිව විත්
මල්ගොමු ගංගා පසුකරගෙන විත්
වසන්ත උයනේ
කොණක ඉකිබිඳින
වැලිකතරක වූ
රොකට් එන්ජිමක් ලඟ නැවතුනු සඳ
හිමිදිරි උදයේ පිනි හා දිලිසෙන
තණපත් අතරින් හිස ඔසවන
නිදිකුම්බා මල් කැකුලක් සේ
සුපිපුණු පියුමක් සේ වූ වුවණයි
සුන්දර නෙත් කලු
කෙස් කළඹයි
තැඹිලි පැහැති සලු පටින් වැසී ගිය
පින්බර මුදු සිරුරයි
සිතට සතුට සැනසල්ල උදාකර
හදට මිහිර හසරැල්ල ලඟාකර
ඔබෙ රුව
නෙත ගැටුණා!෴
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
-කතන්දරකාරයා
ප/ලි
අද සිට ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙන් මං මේ කයි-කතන්දර දාන්න හිතාගත්තා.
සුපුරුදු කතන්දර වලට බාදා නොකරමින් මේ කයි-කතන්දර පල කෙරෙනු ඇත්තේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවලයි.
සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන් හි කතන්දර ද, ඉරිදා ට සන්ඩේ ඇක්ට්‍රා ස්පැෂල් එක ද සුපුරුදු ලෙස පල කෙරෙනු ඇති.
Labels:
කයි-කතන්දර,
සාහිත්‍ය මාසය
Subscribe to:
Post Comments (Atom)
කවිය රස වින්දා
ReplyDeleteඔය කියන්නේ සරසවි කුරුටු ගී ගැනද?:D
ReplyDeleteරොකට් නෙවෙයි ජෙට් ජෙට්. ඕක ජෙට් එන්ජිමක්
ReplyDeleteප්‍රොෆ් මහලිංගම්ට හම්බු වෙච්ච තෑග්ගක් ඕක.
ප්‍රොෆ් මහලිංගම් ඕක ඉල්ලලා තියෙන්නෙ ළමයින්ට ඉගෙන ගන්න කියල. ඒ වුණාට ඕකෙන් ඉගෙන ගන්නවා මමනම් දැකල නෑ ඕක පරිපාලන ගොඩනැගිල්ලෙ ලස්සනට තියල තියනව මිසක
කවිය රස විදිමට ආයෙත් හන්දැවේ තමා එන්න වෙන්නේ... කොහොම නමුත් සතියම කකා එක්ක ඉන්න පුලුවන් කියන එක නම් අද උදේම අහපු වටිනම පුවතක්
ReplyDeleteඅවුරුදු 14 ක පාසල් දිවියක් කිව්වේ අයියේ? අපේ කාලේ නම් අවුරුදු 12 1/2 වගේ තමයි ඉස්කෝලේ ගියේ! හිහි
ReplyDeleteමොනා උනත් කවිය උපරිමයි...
පරණ නිර්මාණ ළඟ තියෙන එක මොනතරම් සතුටක්ද . මේකේ සමහර කොටස් ගෑනු ළමයෙක් ගැනද . අපි ඉතින් ප්‍රදර්ශනයක් බලන්න අරුණු විට පේරා ගිහින් නැහැනේ . හැබැයි ඉතින් නවකතා වලින් කියවල පොඩි කාලේ ඉඳන්ම කැම්පස් එකක් කිව්වම හිතේ ඇඳෙන්නේ පේරාදෙණිය තමයි. අහල පහල වුනත් අනික් විශ්ව විද්යාල ගැන දැන ගත්තේ පස්සේ .
ReplyDeleteකසු අවුරුදු 14 ක් ඉස්කෝලේ ගියා කිව්වේ හේතුවක් නැතුව වෙන්න බැහැ.
@ Bindi
ReplyDeleteඅවුරුදු 14ක් විතර යනව නේද O/L ඉවර වෙලා ඉන්න කාලෙත් එක්ක.
කතන්දර කාරය මේ ඊ මේල එවා තිබුණා
ReplyDelete"I cannot comment from offfice due to some error. Can you make a comment on these grounds, please?
Count from the day you enter the school until you get results and get the school leaving certificate from the school.
That will be equal to 14 years.
Then you'll realise that 2 years have been lost "in transit".
ජෙට් එංජින් එක දම්ම ගමන් හිතුනා අයියා ලියන්න යන්නේ කම්පස් එකේ වෙච්ච එකක් කියලා.
ReplyDeleteකලාකවයේ නිර්මාණ නම් මම් කාලයකින් අප්ඩේට් වෙනවා දක්කේ නෑ. නිර්මාණ අහේනියක්ද මන්දා.
කොහොම හරි සතියෙම කතන්දර,,,,,,,, ඒකත් හොඳයි
ReplyDeleteඔය කවිය ලිව්වේ ගිය අලුත කිව්වා නේද ?
ReplyDelete(ගිය අලුත කවි ලියන්න හිතේ ෆ්‍රී එකක් තිබ්බද අප්පා... :D )
මේ අර කියාපු රොකට් එන්ජිම වෙන්න ඇති නේහ්...
රොකට් එන්ජිමක් ගැන ඔච්චර හොදට විස්තර කරල තියෙනව දැක්කමයි.
ReplyDeleteදවසේ වෙහෙස සූරන්ට
ReplyDeleteඉඳ පරිගනක මූන ඉදිරියේ
කියවී ඔබ ලියු කව එදවස
සේදුනි, දැන් සිත් සන් සුන්
ආආආ අපිට දිගටම කතන්දර කියවන්න ලැබෙනව එහෙනම්. බොහොම ස්තුතියි කසු. හැමදාම කියෙව්වට කමෙන්ට් දාන පලවෙනි වතාවද කොහෙද??????
ReplyDeleteකතන්දරගේ සොඳුරු මතකයක් ......
ReplyDeleteලස්සන පද වැල් ටික හොඳට රස වින්ඳා ....
ඔය ඇන්ජිමත් එහෙනං අර පුස්ථකාලවල තීන සමහර ලොකු වැදගත් පොත් වගේ තමයි! කබඩ්වල දාං පරිස්සන් කරනව මිස කාටවත් වැඩක් ගන්න වෙන්නෙ නෑනෙ.
ReplyDeleteකකා තුමා මිකැනිකල් මැවිසුරුවෙක්නං වෙන්නම බෑ වගේ.
නියමයි...පදවැල.
ReplyDeleteඒත් ...මේ කවුරැ ගැනද..අප්පා..මේ තරම් රසට ලියලා තියෙන්නේ.
පේරාදෙණියේ මැදුරු තියෙනවා
ReplyDeleteඒවා රන් ටැම් සේ දිලිසෙනවා
රෑ ඇඳුරේ මිණි පහන් දිලෙනවා
සිරකල කුමරියො එහි නිවසනවා
කවිය ලිව්ව පේරාදෙණි කවියගේ නම මට හරියටම මතක නෑ . ගුණදාස අමරසේකරද මන්දා
කතන්දර ඒ කාලෙත් අපූරුවට කයි පද බැඳලා තියනවා වාගෙයි. කවිය බොහොම අපූරුයි. ඒ වගේම සාහිත්‍ය මාසය මතක් කරලා දුන්න එකට ස්තුතියි.
ReplyDeleteඅපූරු කවිය!!! මමත් ඔතනට ගිය පළමු දවස මතක් වුනා...
ReplyDeleteඔය ජෙට් එංජිමෙන් ඉගෙනගන්නවා දැකල නෑ කියල Chanaka Aruna Munasinghe කියල තිබුනට මට මතකයි ප්‍රොෆෙසර් සිවසේගරම් තාපගතිවිද්‍යාවෙ තලබමන යන්ත්‍ර (Turbo-machinery) පාඩම උගන්වද්දී අපිව ඔතනට එක්ක ගිහින් පැහැදිලිකිරීම් කලා... හැබැයි ඒ යාන්ත්‍රික මැවිසුරු ශිෂ්‍යයොන්ට විතරයි!
@ All
ReplyDeleteඅවිවේකී බව මැද වුවද පොඩි කරුණක් කිව යුතුයි.
1. මේ පින්තුරය පේරා ඊ-ෆැක් එකේ තියෙන ජෙට් එන්ජිමයි. මගේ කවියේ රොකට් එන්ජිමක් යැයි කියා කියා තියෙන්නේද මේ භාණ්ඩයටමය. කවියක් යනු වාර්තාවක් නොවේ. එනිසා එහි වරදක් නොමැත. කවි බසින් විශ්ච විද්‍යාලයම හිර ගෙයක් ලෙස පෙනෙන්නටද ඉඩ ඇත.
@ All
ReplyDelete2. පාසලේ අපි කොයි තරම් කල් හිටියාද?
ඟෙය සොය ගැනීමට පාසලෙන් අස්වූ දිනෙයෙන් පාසල් ගමන ඇරඹූ දිනය අඩු කරන්න. එවිට අවුරුදු දාහතරකට ආසන්න කාලයක් පිලිතුර ලෙස ලැබෙනු ඇත.
මේ කාලයේ සාමාන්‍ය පෙල ලියන්නේ වසර එකොලහකට පසුවය. ප්‍රතිපල ඇවිත් පාසලේ උසස් ඵෙල අරඹන්ණට මාස හයක් ගතවේ. උසස් පෙල විභාගය තියෙන්නේ තවත් අවුරුදු දෙකකටත් වඩා කල් ගතවූ පසුවය.
මං නං විභාගයෙන් පසුවත්, අස්වීම ගන්න කියා කියන කංම, කැම්පස් යන්ණ මාස දෙකකට විතර පෙර දිණයක් තෙක්ම, පාසල් ගියෙමි.
ඔය ජෙට් එන්ගිම අපේ ජෙය්ෂ්ට තුමාල අපිට හඳුන්වා දුන්නේ " ඩීන් ගේ පදාර්ථය " කියලා!!!
ReplyDeleteකල්පයටත් වඩා කල් ගෙන ද
ReplyDeleteනොනිමි ඒ කල්පාන්තය
දහස් ගණනින් බිලිගෙන නිමා වූ කල
නව කල්පයක් බිහිවී
වෙනස් වසන්ත උයනක්
නෙත ගැටුණු වෙන රුවක්
නැවුම් හසරල්ලක් මිහිරක් සැනසුමක්
අලුත් ජෙට් එන්ජිමක්
නිමාවම වේ ඇරඹුමක්
තවත් කල්පයකට
දවසකට දෙකකට කඩේ වහපු එකේ යහපත් ප්‍රතිපල.
ReplyDeleteසතියට දින හයක්. හැමදාම උදේ හයට.
මාරයි නෙ.
වැඩක් ගන්නේ නැති එව්වා කටුබැද්දට වත් දෙන්නේ නෑ නෙව...
ReplyDelete;-)
@ All
ReplyDeleteවරදවා හිතන්න එපා.
මේ කවිය ලිව්වේ මං එහේ ගිහිං සති දෙකකින්. මගේ වයස අවුරුදු 18 යී සති 51 යි.
එතන ඉඳන් පේරාදෙනියේ ගතකල අවුරුදු හතරයි මාස දෙක තමයි මගේ ජීවිතයේ හැම අතින්ම හොඳම අත්දැඛීම ලබාගත්තු කාලේ.
මුලින්ම ඉච්ඡාභංගත්වය ඇතිවෙනවා. අනික අපි කාගෙත් අවශ්‍යතා එකක් පිරෙන කොට තවත් එකක් එනවානේ.
දිගටම මේ කවි දාන නිසා පස්සේ කතාව අදාල පරිදි කියන්නම්.
කවියෙ බත් ෴෴මා කියන කෑල්ල නෑනෙ !
ReplyDelete