Friday 12 April 2013

කයි කතන්දරවල රහස - Sugar coating poetry


පසුගිය අවුරුදු තුනහමාරක කාලය ඇතුලත මං කතන්දර බ්ලොග් එකේ පොඩි පොඩි එක්ස්පරිමන්ට් කරලා තියෙනවා.

එයින් සාර්ථක ප්‍රතිපල ලැබුණු එක අත්හදා බැලීමක් තමයි මේ කයි කතන්දර කියන්නේ.

මෙන්න ඒ කයි-කතන්දර ගැන කතන්දරය!

සමහරු නොදන්නවා වෙන්න පුළුවනි, නමුත් මං මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 දීයි. ඒ මං ලියපු ගී පදමාලා දාන්නයි.

ඒ දවල්වල ඔය යුනිකෝඩ් ද අරවද මේවද නොතිබුණු නිසා මං කෙරුවේ කපුටා ෆොන්ට් එකෙන් කොටපු මගේ කවි ඉමේජ් විදියට බ්ලොග් එකට දාපු එකයි. ඒවාට වැටුණු කමෙන්ට්ස් කීපය වැටුනෙත් එක්කෝ තනිකර ඉංගිලිසියෙන්, නැතිනම් සිංගිලිසියෙන්!

ඒ බ්ලොග් එක වැඩි දෙනෙක් නොබැලුවාට, මට ඒකේ තිබුණු ගී පදමාල හය හතක්, ඇමෙරිකාවේ, ඉතාලියේ, ඕස්ටේ‍ර්ලියාවේ ඉන්න වෙන්ඩ ගායක-ගායිකාවන් දෙතුන් දෙනෙකුට අළෙවි කරගන්න ලැබුණා.

පෙදෙහි රස හව් විඳිනා
දෙනෙතා ඉතා දුලබෝ

කියලා ඉස්සර හිටපු පණ්ඩිතයෙක් කියලා තියෙනවා. ඒ කියන්නේ කවියක රස විඳින්න දන්නා අය අඩුයි කියන එකයි.

මං හිතන්නේ කවි ලියන පිරිසට වඩා අඩුයි කවි කියවන පිරිස. රස විඳීම වෙනනම කේස් එකක්.

බ්ලොග්වල පලවෙන කවි කියවන පිරිසත්, ප්‍රතිචාර දක්වන පිරිසත් සාපේක්‍ෂව කොච්චර අඩුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ!

ඒ බව මං දැනගෙන හිටියා. ඒ නැතිවුණත් මං මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තේ කතන්දර මිස කවි දාන්න නොවේ නිසා, මුල් කාලේ අර "මං කවියෙකු වුණු හැටි", "පෙම් කවියක් ලියු වගයි" වගේ කතන්දර ලිව්වට මං ලියපු කවි මේ බ්ලොග් එකේ දාන්න ගියේ නෑ.

මං මුලින්ම කවියක් විතරක්ම දැම්මේ මෙන්න මේ කවි.
1. අවකලනය සහ අවනීතිය - A Level කාලේ ලියපු කවියක්
http://kathandara.blogspot.com/2010/03/level.html

2. දේශපාලන විද්‍යා තලකැරලි වෙළදාම
http://kathandara.blogspot.com/2010/03/blog-post_17.html

හැබැයි ඒවා වැඩි පිරිසකට දිරෙව්වේ නෑ. පස්සේ මං කවිවලට රනින් කමෙන්ට්‍රි දෙන එක ටෙස්ට් කරලා බැලුවා.
1. කතන්දරකාරයා ගේ දෙව්ලොව ගමන
http://kathandara.blogspot.com/2010/03/akon-leaves-la-and-comes-to-sri-lanka.html

2. කටුබැද්දේ කුකුල් අන්දරය
http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

ඒ ප්‍රයත්න සාර්ථක වුණා!

නමුත් ඒ කවි පන්ති දෙකම සම්ප්‍රදායික සිව්පද ආරේ කවිකොල ලෙස ලියවුණු ඒවා.

භාවාත්මක නිසදැස් කවිවලට ඒ වගේ රනින් කමෙන්ට්‍රි දෙන්න අමාරුයි.

ඔන්න පය ප්‍රශ්නයට විසඳුමක් විදියට තමයි මං "කයි-කතන්දර" ලියන්න පටන් ගත්තේ.

සාහිත්‍ය මාසය සමරන්නය කියමින් මං 2011 සැප්තැම්බර් සහ 2012 සැප්තැම්බර් මාසවල කයි-කතන්දර විසි-තිස් ගාණක් පල කළා.

වැඩේ මට සාපේක්‍ෂව සාර්ථකයි.

කයි-කතන්දරවල ආකෘතිය සරලයි. කවියට පොඩි පසුබිමක් හදනවා කතන්දර කෑල්ලක්, පණ්ඩිත වාක්‍යයක් කියලා. ඊට පස්සේ කවිය දානවා. තැනේ හැටියට පසුකතාවකුත්, ප/ලි කෑල්ලකුත් දැම්මාම වැඩේ සම්පූර්ණයි.

කවි ඕනෑ අයට කවි කෑල්ල, කතන්දර ඕනෑ අයට කතන්දර කෑල්ල, ප/ලි ඕනෑ අයට ප/ලි කෑල්ල. කම්බිනේෂන් චොයිසස් තුනකුත් තියෙනවා.

හෙට ඉඳලා මං සති දෙකක විතර පොඩි නිවාඩුවක් ගන්නයි ඉන්නේ. නමුත් ඒ නිසා බ්ලොග් එක පාලුවට යන්න නොදී කයි-කතන්දර දෙක තුනක්වත් දාන්න ඕනෑය කියලා හිතෙනවා.

එහෙනම්,
එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තටම රනින් කමෙන්ට්‍රි නැතුවත් සිව්පද කවි අවුලක් නැතුව දාන්න පුළුවනි. මෙන්න උදාහරණ.

1. ඔබාමා චූන් එකෙන් ඔබ්බට
http://kathandara.blogspot.com/2012/11/page-from-my-january-2009-diary.html

2. මෙතේ බුදුන් දකිනා දින තවත් දුර
http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html


(image: http://www.flickriver.com/photos/christinhoepfner/3188630694/)

52 comments:

  1. //එයින් සාර්ථක පයිපල ලැබුණු එක අත්හදා බැලීමක් තමයි මේ කයි කතන්දර කියන්නේ.

    පයිපල කියන්නේ මොනවද කකා ?

    ReplyDelete
    Replies
    1. නිවරදි කළා, ස්තුතියි!

      Delete
    2. සුබ අළුත් අවුරුද්දක් වේවා කකා.

      Delete
    3. සුබ අළුත් අවුරුද්දක් වේවා කකා.

      -හුරතල් ඇනී-

      Delete
  2. කවි, නිසදැස් තරම් දිරවන්නේ නැති දෙයකට ආයෙ තියෙන්නේ එහා ගෙදර අංකල් ඩෝප් උනාම කියන නොන්ස්ටොප් විරිදු වගේ ජාතිය විතරයි- පොඩි කාලෙ දවසක රැස්වීමෙදි කවියක් කියන්න ගිහින් අම්බ චාටර් උන එක ගැන නන් ආයෙ කතා කරල වැඩක් නෑ- ඇයි අපේ සෙට් එක ගිය වෙසක් එකෙදි දන්සල් පෝලිමක සිංදු කවි කර කර ඉදලා පොලෝසියේ කූරු ගනන් කරන්නෙ නැතුව බෙරුනෙ ලොවෙත් පෙර ආත්මයකදි බස් වල සින්දු කිය කිය යන අංකල් කෙනෙක්ට බැතිසිතින් රුපියලක් දුන්නු පිනක ආනුභාවයෙන් වෙන්න ඇති-අනෙ ඉතින් කාට කියන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්නෙ-

    ReplyDelete
  3. හීනියට සර්පයෙක් ඇදිලා ගියා වගේ දැක්කා. නයෙක්ද මන්දා.
    අද මම 1 ද ?

    ReplyDelete
    Replies
    1. බලන්න ඔයාගේ එක තියෙනවද කියලා මුලින්ම .

      Delete
    2. මගේ එක නම් තියෙනවා.
      ඔයාට බලන්න එහෙම ඕන ද ?

      Delete
    3. //ඔයාට බලන්න එහෙම ඕන ද ?//

      එපා වෙසක් එකට පිලිකුල් භාවනාව වඩන අයට බලන්න පරිස්සම් කරල තියා ගන්න......

      Delete
    4. Anonymous April 12, 2013 at 1:12 PM
      ඔයා ෂෝ මෑන් කෙනෙක් ද?

      Delete
    5. හිකිස්.. බිකිස්..

      Delete
  4. දැන් කකාගේ කයි පද වැල් ඉවරයි !
    මායාවෝ කෘතියේ කවි ත් ඉවරයි !
    ඉංජිනේරු පීඨයේ නිර්මාණ පුවරුවේ දාපු කයි පදත් ඉවරයි !!

    ඒ නිසා ඉස්සර වගේ මාසෙට දහය දොලහා ගානේ දාන්න කයි පෝස්ට් නෑ.කකා දැන් කයි කතන්දර නශ්ඨකාමයකින් පෙලෙනවා.

    ReplyDelete
  5. සරසවියගේ ඉන සැඟවූ යතුර අරන්
    ඇඟේ නිවහනේ තඩි පිත්තල ඉබ්බා ඇරන්
    මගේ හිස ඇඟේ මුදු ලැමට තුරුලු කරන්
    හිටිවන කවි කියන්න මට දෙන්න වරන්

    ReplyDelete
  6. pie pala kiyanne PIE tree eke fruits.

    ReplyDelete
  7. සුබ ගමන් කතන්දර. කතන්දර රැසක් එක්ක ආපහු ඉක්මනින් එයි කියලා හිතනවා.:)

    ReplyDelete
  8. //මං හිතන්නේ කවි ලියන පිරිසට වඩා අඩුයි කවි කියවන පිරිස. රස විඳීම වෙනනම කේස් එකක්.//
    මේකනම් වෙන්න බැරිද කොහෙද. අඩු ගානෙ කවි ලියන එකා කවි කියවන්නෙවත් නැද්ද?
    චන්දෙ ඉල්ලන පිරිසට වඩා චන්දෙ දෙන පිරිස අඩු වෙයි කියන බයට තමයි එකාට මනාප තුන ගානෙ දාන්න චාන්ස් එක දීල තියෙන්නෙ !

    //බ්ලොග්වල පලවෙන කවි කියවන පිරිසත්, ප්‍රතිචාර දක්වන පිරිසත් සාපේක්‍ෂව කොච්චර අඩුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ!//
    කවි අරහං කියන මානසික රෝගය නැතිනම්, පොඩ්ඩක් උත්සාහ කළොත් කවියක් රස විඳින හැටි පුරුදු වෙන්න අමාරු නැහැ. කවි රස විඳින්න පුරුද්දක් අවශ්‍යයි. හරියට මොකක් වගේද කිව්වොත්, අපට නුපුරුදු ගේම් එකක් අපට රස විඳින්න බෑ වගේ තමයි. මට රගර් ක්‍රීඩාව රස විඳින්න බැහැ. ඒත් රගර් දන්න එවුන් රගර් මැච් එකක් බලන්නෙ පුදුම ආසාවකින්.

    හැබැයි මං රගර් ගහන අයට බනින්නෙ නෑ. ටී වී එකේ රගර් මැච් පෙන්නන්න ගත්තොත් ටී වී එකට බනින්න යන්නෙත් නෑ. "අපොයි සැප්තැම්බර්" කියන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙම කියමු.
      කවි ලියන පිරිසට වඩා අඩුයි කවි පොතක් අරගෙන කියවන පිරිස.

      මං නං හිතන්නේ අර පඬිවරයා කියපු "පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ" කතාව හරිය කියලයි.

      Delete
  9. 2011 නං මතකයක් නෑ. හැබැයි කකාගෙ 2012 සැප්තැම්බර් කවි වලට නං කිසිම කැමැත්තක් තිබුනෙ නෑ. කොටින්ම කතන්දර බ්ලොග්එක එපාවෙලා තිබුනෙ.

    ReplyDelete
  10. පෙදෙහි රස හව් විඳිනා
    දෙනෙතා ඉතා දුලබෝ ")

    ReplyDelete

  11. ඔබට සුබ නව වසරක් වේවා කකා ...!

    ReplyDelete
  12. කකාගේ කවි වලට වඩා මම ආස රත්නායක ජෝක්ස් වලට !

    ReplyDelete
  13. සීනී පිරුන ඔබ රෝස දෙතොලේ කියල කවි පෙළක් ලියන්න කියල හැදුව පැය හත අටක් තිස්සෙ.කොහෙත්ම වැඩේ හරිගියේ නැහැ.කරුමෙ මිසක් වෙන මොකක්ද කියල හිතාගත්ත.

    ReplyDelete
    Replies
    1. හායි කෙන්ජි අන්කල් !
      කෙන්ජි අන්කල්ටත් පවුලේ සියළු දෙනාටත් ලබන්නා වු සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුබ අළුත් අවුරුද්දක් වේවායි පතන්නෙමු. !

      Delete
    2. හායි මගේ සත්තලන් ඇනෝ පුතා;
      පුතු ඇතුළු පුතුලාගේ පැටිපස් පරාන සනුහරේට ම ජපන් වලින්ම සුභ පතනව,
      >>අකෙ මස්තේ ඔමදිතෝ ගොසයි මසු<<කියල...!!!

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. @ Kenji
      සෙලමත් තහුන් බරු, කෙන්ජි!

      Delete
    5. කකා ඔය උඩින් ජපන් සිතියම රෝල් කරල ඇරගත්ත කෙනෙක් කොමන්ට් කරලා.මගේ නමින්.

      Delete
    6. ෆේක් ප්‍රොෆයිලයකින් දැමූ කමෙන්ටුව මකා දමන ලදී.

      Delete
    7. ආහ්... කෙන්ජිය දෙපාරක් ඇවිල්ලා.

      Delete
  14. කෝ අද කැපිටල් ඇනෝ අංකල් නැද්ද ? කැපිටල් ඇනෝ අංකල්ටත් ජොකා ගැලවෙන, ජී, චූ,පඩ, ශුක්‍ර පහවෙන සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  15. හෙහ්. මේ කකාගේ කයි-කතන්දර සීන් එක මොකක්ද කියල දැං නෙව දන්නේ.. හෙහ් මාත් කයි-කතන්දරයක් දැම්ම තමා කලින්.. හෙනං එසේම වේවා!!!

    ඒක නෙමෙයි ඔයාගෙන් ගීත සාහිත්‍යයට වෙච්චි සේවය ගැන දාපු පෝස්ට්කටුව එහෙනං පට්ට බොරුවක්... හැක්..

    ReplyDelete
  16. THANK YOU WISH YOU SAME.

    ReplyDelete
  17. APE MAHA KAI KAKKA THUMAGE KAIYA,= METHUMA MA- WASURUWEKI METHUMA KAI PADA WAL KARA THIYA GENA YANNE KOPAMANA DUKAK WNDIMINDA, ESE YANA WITA JOKA IRENAWA, EWITA PADA, CHOO, JEE, SU KRA YANADIYA PAHA WENAWA. EWITA EKATH PALIYEYA.

    ReplyDelete
  18. කිව්වට අමනාප වෙන්න එපා කකා මහත්තයෝ. මම පහුගිය ටිකේ මෙහෙ ආවේ නැත්තේ, මේකේ වැටෙන කමෙන්ට් හරියට පොදු වැසිකිළියක බිත්තියක තියෙන ඒවා වගේ හින්දා.

    ReplyDelete
    Replies
    1. අනේ.. ඔවු අනේ.. ඔයාගේ හිට් එක ලැබිලා කමෙන්ට් එක වැටෙනකන් තමා කකා බලාගෙන ඉන්නේ. ඒ නිසා හැම පෝස්ට් එකටම එන්න.
      පුඃ ! මෙවුන් හිතන් ඉන්නේ මුන්ගේ රසාස්වාදය හරි උසස් කියලා.
      18+ කතාවකට උඩ පැනගෙන ගිහින් කියවලා පැණි කමෙන්ට් එකක් දාලා එන්න පුලුවන්. මෙතන කකා ලියන පෝස්ට් එකක් කියවලා කමෙන්ට් කරන්න තමයි බැරි !
      නාවට කමන් නෑ මහත්තයෝ. ඒ බයිට් ගානත් ඉතුරු කරගෙන 18+ කතාවක් කියවන්න.


      ප.ලි. - මේ කමෙන්ට් එක වාරණය නොවේ යැයි සිතමි.

      Delete
    2. අනේ සුදීක ඔයාගේ සදාචාරේ පරිස්සම් කරලා තියාගන්න.

      Delete
    3. අනේ සුදීක බොරු පඩ ෂෝ දාන්න එපා බන්.... දෙකයි පනහෙ ගූ පෝස්ට් වලට මදි නොකියන්න කැහැල.... බ්ලොග් අවකාශෙ කල්ලි වාදෙ පතුරවලා මෙතන ඇවිත් පොර ටෝක් දෙනව නේද?
      කකාට සද්ද දාන්න එපා අලුත්ගම මාලු ලෑල්ල ගාවින් බස්ස ගන්නව හරිද.... අපි වරාපිටියෙ හොද කරා ඩයල්....

      Delete
  19. කකාට සුබ ගමන් සහ සුබම සුබ අලුත් අවුරුද්දක වේවා.

    ReplyDelete
  20. ආ.... ඒක තමයි එහෙනම් කකා එහෙම දාලා තියෙන්නේ.මට නිකමට ඕක හිතුනා ;D

    ReplyDelete
  21. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 36

    මම දමපු ඇනෝ කමෙන්ට් ගණන 12
    වෙනත් ඇනොවරු දමපු ඇනෝ කමෙන්ට් ගණන 6
    කකා දමපු කමෙන්ට් ගණන 1

    ප.ලි. - මට මාර වැඩේ උනේ කකා. මම කොම්පියුටරේ ඉස්සරහා ඉන්නකොට අම්මා ආව.ඇවිදින්,
    තෝ උදේ හිටන් හැම නිතරම කම්පියුටරේ පත්තු කරන් ඉන්නවා ය. මෙලෝ වැඩක් කරන් නෑ ය. උබලෑ අප්පොච්චා දවල් තිස්සේ කුඹුරේ නැහෙනවා ය. තොට එයින් බාගෙක වත් වගේ වගක් නැත ය. කොයිවේලෙක්කත් බැලින්නන් කොම්පියුටරේ දිහා බලන් හිකි හිකි ගානවා ය කියලා අපේ අම්මා පොල් පිත්තක් කඩන් ඇවිදින් දෑත බදලා පිට මැද්දෑවට තඩිබෑව නැතෑ. දෙක වදිනකොට මං පුටුවත් පෙරලගෙන දුහලයි බේරුනේ. ඒ නිසයි අද කමෙන්ට් ගාන අඩු උනේ. සමාවෙන්න කකා.

    ReplyDelete
  22. කතන්දරකාරයටත් කතන්දරකාරය ගේ පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  23. maha kaiyeku yayi sithagena sitina kathandara karaya ugra katha higayakin pasuwe, Dan ohuta liweemata katha natha. liyana pal haeliwalin eya pene. me kathdara ge bahina kalawi.

    ReplyDelete
    Replies
    1. කතන්දර තුමාට සෙනසුරුගේ මහ දසාව ලබා ඇත. කරන කියන වැඩ කටයුතු වල එතරම් සාර්ථකත්වයක් දකින්නට නොමැති අතර. නිතර ගමන් බිමන් යෙදීම සිදුවේ.

      Delete
    2. ඇත්තටම මමත් බොහෝ දිනවල ටෙලර් යන්ත්‍රය අසලදී ඉවසීමේ ගුණය ප්‍රගුණ කරනවා. මට මුණගැහිලා තියනවා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම අය තම කාඩ්පත යන්ත්‍රයට ඇතුළු කර මුදල් ගැනීමේ ක්‍රමය නොදන්නා. වෙනත් කෙනෙකුට උදව් කිරීම හොඳ තමයි. නමුත් කාඩ් එකෙන් මුදල් අරන්දුන්නාට පසු ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙන නිසා මම එවැනි අයට කියන්නේ කළමනාකරු හමුවන්න කියලයි. මම මගේ විශ්‍රාම වැටුප ගන්නෙත් කාඩ් එක මගින්. මට හිතාගන්න බැහැ ඇයි සමහරු විශ්‍රාම වැටුප ගන්න පැය ගණන් පෝලිමේ ඉන්නේ කියලා. ඔවුන් කාඩ් එකක් පාවිච්චි කරන්න ඉගෙනගත නොහැකි තරම් නූගත් අය නෙවෙයි.

      Delete
  24. රාජපක්ෂ ඇතුළු ලේක් හවුස් කර්යමණ්ඩලයට සුබ අළුත් අවුරුද්දක් වේවා !
    මම අහවල් එක වටේ යන අහවලා.

    ReplyDelete
  25. ඇනෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  26. මේ කෙන්ජියා හොර එකාද ? ඇත්ත එකා ද ?

    ReplyDelete
  27. කකා ඇතුලු පවුලේ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    -සනාත

    ReplyDelete
  28. ඒකත් නියම උත්සාහයක්.... මමත් ලියල ඇති කවි කතා කිහිපයක්..ඇත්තම කතාව නම් හැම කවියක් පිටිපස්සෙම කතාවක් තියෙනවා... ඒ වගේම හැම කවියක් එක්කම කතාවක් උපදින්නත් පුළුවන්...

    මේ කාලයත් එක්ක බලද්දි මට හිතෙනවා නුවර යුගයේ වෙස්සන්තර ජාතක කාව්‍යය, යශෝධරාව, තුන්සරණෙ ලියවුණා වගේ සරලව මිනිස්සු අතරට යන කවි කලාවකුත් බිහි වෙන්න ඕන කියල... ඉතාම සරල අන්තිම නූගතාට උණත් තේරෙන කියවන්න ආස හිතෙන, කියෙව්වම හිතේ හිටින කවි කලාවක්...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.