ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 1 September 2012
කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!
ලිට්රේචර් කියලා කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් මාර සිරා ගේම් එකක් තියෙනවා, කවුද දන්නේ? මේක දිනන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනෑ. අන්තිමට මං ලිට්රේචර් සෙල්ලං කෙරුවේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර දවසකයි.
හැබැයි අපි සාමාන්‍යයෙන් ලිච්රේචර් කියන්නේ සාහිත්‍යයට නේ. අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට සාහිත්‍යය වෙනනම විෂයයක් විදියට ඉගෙන ගන්න නොලැබුනත්, දෙකේ පන්තියේ පොතේ තිබුණු ඩෙංකුටු පෙරහැර කවිය, තුනේ හතරේ පහේ පන්තිවල පද්‍යා රසය පොත්, පහේ පොතේ තිබුණු සුබලයා ගේ පින කතාව වගේ ඒවායින් අපේ සාහිත්‍යය ගැන ඇල්ම ඇතිවුණාය කියලා හිතෙනවා.
අද සිට ඇරඹෙන සැප්තැම්බරය අපේ රටේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදියටයි පනස් ගණංවල ඉඳලා. ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පටන් ගත්තා "කයි-කතන්දර" කියලා අළුත් ෂෙනාරයක කතන්දර පල කරන්න.
ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.
අන්තිමේදි මට මේ කයි-කතන්දර කොච්චර නැගලා ගියාද කියනවා නං, අපේ ඔබාමා දැන් සැප්තැම්බර් ඉවරයි, ඔක්තෝම්බර් උදාවුණා කියලා මට දැනුම් දෙන තුරුම මං කයි කතන්දර දාගෙන ගියා.
ගිය අවුරුද්දේ කයි-කතන්දර විදියට මං දැම්මේ මං පේරාදෙනිය තිප්පොලේ හිටිය මුල් අවුරුදු දෙකේ ලියපු කවි ටිකයි.
මේ අවුරුද්දේ හිතන් ඉන්නේ තුන්වන සහ හතරවෙනි අවුරුදු දෙකේ ලියපු කවි ඇතුලත් කරලා කයි-කතන්දර ගොතන්නයි.
කවි ලියනවා ගැන කිව්වාම මට මතක් වුනා මං පරණ ශ්‍රී සඟරාවක කියවපු කතන්දරයක්.
ඔන්න යාළුවෝ හතර දෙනෙක් ගමණක් යනවාලු. මේ අය ඉස්සරහින් ඇවිත් තියෙනවා කකුලක් නැති මනුස්සයෙක්.
අපේ සදාචාරය අනුව මේ වගේ අය කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ "කොටා" කියන සුරතල් නාමයෙන්. මේ හතර දෙනා දැකලා මේ කොටා පාර තිබුණු වලක වැටෙනවා.
දැන් ඉතිං මොකද කරන්න තියෙන හොඳම දේ?
ඔව්, අන්න ඒක තමයි!
යාළුවෝ හතර දෙනා කතා වුණා අපි මේ සිද්ධිය ගැන කවියක් කියමුය කියලා.
ඔන්න එකෙක් පටන් ගත්තා,
එක දවසක් කොටා
දෙවෙනියාත් එකතු වුණා,
ගමනක් යන කලටා
තුන් වෙනියා ගේ වාරය,
වැටුණි ඌ වලටා
දැන් අන්තිමයා ගේ වාරය, නමුත් ඉතිං මුළු සිද්ධියම කවි පද තුනෙන් කියවිලා ඉවරයි.
ඒ කියලා කවිය සම්පුර්ණ වෙන්නේ නෑ නේ පද හතරක් නැතුව. පොරත් අත ඇරියේ නෑ. අන්තිම පදේ එකතු කළා මෙන්න මෙහෙම.
හුටා!
දැන් මෙන්න ඒ අසහාය සාහිත්‍ය නිර්මාණය සම්පූර්ණයෙන්ම.
එක දවසක් කොටා
ගමනක් යන කලටා
වැටුණි ඌ වලටා
හුටා!
-කතන්දරකාරයා
ප/ලි:
මං ආපහු කයි-කතන්දර ලියනවාය කියලා දැක්කාම සමහරුන්ට ඔය අන්තිම පදේ කියවෙන්න ඉඩ තියෙනවා.
(image: http://www.lakehousebookshop.com/pdesc.php?id=599)
Labels:
කයි-කතන්දර,
සාහිත්‍ය මාසය
Subscribe to:
Post Comments (Atom)
Eeye liyala thibune mokakda pandi kathawak danawa kiyala neda?
ReplyDeleteඒ සතියේ පඬි වදන ගැනයි, ඒවා සතියට එකයි!
DeleteMama kalin comment eka damme kathawa kiyawanne nethuwa, meyage kathawalata comment karanna kathawa kiyawanna oone nehe. meka kiyewwama anthima pade witharak novei, thawa honda honda pada mathak wenawa.
ReplyDeleteමතකය හොඳයි වගේ, සුබ පැතුම්. Enjoy your life!
DeleteAmawathura pothe photo ekakuth dagena me liyana pal heliwalata apata kiyanna thiyenne, hu.a kiyali.
ReplyDeleteදන්නැති අයට පැහැදිලි නෑ වගේ.
Deleteඅමාවතුර ලිව්වේ ගුරුළුගෝමී. පොර තමයි සිංහල සාහිත්‍යයේ සිම්බල් එක. මේ ලිපිය සාහිත්‍ය මාසය ගැන සඳහන් එකක්.
"ඔය නින්දා කිරීමයි ප්‍රසංශා කිරීමයි යන දෙකම අතීතයේ ඉඳන් පැවත එන්නක්.අද ඊයෙක පටන් ගත්ත දෙයක් නෙවෙයි.ඒ වගේමයි ලෝකේ නින්දා නොලබන කෙනෙකුත් නැත.කතා නොකරන කෙනාටත් නින්දා කරනවා..වැඩියෙන් කතා කලත් නින්දා කරනවා..ටිකක් කතා කලත් නින්දා කරනවා..එහෙම වෙද්දී කොහොම කලත් නින්දා නොලබන කෙනෙක් මේ ලොකේ නැත. ඒ වගේමයි අතීතයේවත් අනාගතයේදීවත් අදවත් නින්දාවටම හෝ ප්‍රසංසාවටම හෝ භාජනය වෙච්ච කිසිවකුත් නැත.. ඔය දෙකම..එනම් නින්දාව හා ප්‍රසංසාව යන කාරණා දෙකම අපි හැමෝටම විඳින්න වෙන දේවල්"
ReplyDeletehttp://ctkumara.blogspot.com.au/
මෙන්න බුදු හාමුදුරුවන්ගේ බුද්ධිමය දේපළ හොරකම් කරලෝ! අඩු ගානෙ උපුටා ගත්තය කියල සඳහනක් වත් නෑ. මූට නඩු දාපියෝ!
Deleteමේකත් උපුටා ගැනීමක්! යටින් ලිපිනය තියෙන්නේ.
Deleteමගේ කතන්දර නම් අපහාස ගැන නෙමේ. කයි-කතන්දර කියන්නේ කවි ගැන කතන්දර!
අනාගතයේ තවත් හොද සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට හැකිවේවා!
ReplyDeleteඒ පැතුමට ඔබට තුති!
DeleteIn your dreams Mahesh!
Delete"මං ආපහු කයි-කතන්දර ලියනවාය කියලා දැක්කාම සමහරුන්ට ඔය අන්තිම පදේ කියවෙන්න ඉඩ තියෙනවා."
ReplyDeleteමතෘකාව දැක්ක ගමන්ම හිතුණා.. :)
මං හිතුවා, ඒකනේ ප/ලි ය ලිව්වේ!
Deleteකවි කියවන්න අකමැති වුණත් කැමති එකක් තිබුණොත් කියවලා යන්නම්කෝ :)
ReplyDeleteමේවා කයි-කතන්දර, ඇයි ඔහෙත් ලිව්වේ කුංකුනාවේ හාමුදුරුවෝ කියපු කවි ගැන?
Delete@ Kathandara Karaya
Deleteකයියත් එක්කම කතන්දරයක් තියේ නම් කම් නැත :)
Machan, Kaka, Oya Anolage comment walata baya wela, hangila inna epa, eliyata awith hitapan, hariyata Kammale Balla wage hitapan.
ReplyDeleteකොහොමටත් ඇනෝලාට මං ආදරෙයි!
Deleteඅනික කම්මලේ හිටියා නේ අවුරුදු හතරක් ම!
හරි! එහෙනං පටංගනිමු බලන්න
ReplyDeleteඔය පටන් ගත්තේ හුටා කවියෙන්.
Deleteරුහුණු තිප්පොලේ කවි නැද්ද?
ගිය පාර කකාගේ කයි කතන්දර මට මිස් උන නිසා මේ පාර වත් බලන්නම්කෝ...
ReplyDeleteඇත්තමට අර ඩෙංකුටු කවිය මටත් යන්තම් වගේ තාමත් මතකයි....
//ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.//
මාත් මේ ජාතියේ.....
සැප්තැම්බරුත් පටන් ගත්තා නේ......
/* ගිය පාර කකාගේ කයි කතන්දර මට මිස් උන නිසා මේ පාර වත් බලන්නම්කෝ... */
Deleteඒවා මකලා දාලා නෑ තාමත් තියෙනවා. මෙන්න පාර:
http://kathandara.blogspot.com.au/2011_09_01_archive.html
CARD KUTTAMEN KARANA MARA SIRA GAME EKAK MEHETH THIYANAWA, EKATA KIYANNE BOORUWA GAHANAWA KIYALA. FUNERAL HOUSES WALATH GAHANAWA. HORENUTH GAHANAWA. HABAI POLOSIYEN PANNOTH BADUMA THAMA. KAKA TH, THAMA HANGILA, POLOSIYEN PANALA WATHDA?
ReplyDeleteමොකද ඔහේ ගේ යතුරු පුවරුව අපර්කේස් එකේ හිරවෙලාද?
Deletehuta ada comments 0 . huta, mare maru, ware,wa.
ReplyDeleteඔබේ අහිංසක සතුට ගැන මට සතුටුයි. එය මුලාවක් බව දැන දුක් නොවෙනු ඇතැයි සිතමි.
DeleteMOODA CHOON GANNA ANOLAGE UTHSAHAYA DAN SARTHAKI. 3 1/2 hrs. gihillath comments 0. dan ithin me pal hali balanna yakek wath enne nehe. Aniv. ada comments nil.
ReplyDeleteඉතිං කමෙන්ට්ස් නිල් කියමුකෝ, ඔහේට මොකද ඒකට?
Deleteඒ ගැන මං දුක්වෙයි කියලද ඔය සතුටු වෙලා තියෙන්නේ?
මම ඔබට අනුකම්පා කරමි.
KAKA why no comments today. if you have recd. any comments select the favourable comments. Delete the mud comments, (if there are) Publish all selected comments at once, just 5 minutes before you publish your next post, in 2 - 3 days. Let them hang. That is how I do.
ReplyDeleteI think nearly all comments received were published.
DeleteKaka macho,ada kavuruwthama siyambala genathla nedda? Genath thiyanawanam passe pothu,ata, ahak karala mada tika ganna beruwei.- naki gamarala -
ReplyDeleteමල්ලේ පොල්, සියඹලා නොවෙයි!
Deleteහුටා !!
ReplyDeleteහා, මචං!
Deletekaka dan wale wetila, huta huta, hute huta.
ReplyDeleteබබාට හලී තන්තෝතයි නේද?
Deleteමේ පාරත් සැප්තැම්බර් ඉවරයි කියල මතක් කරන කල් කවි ලියන්ඩ! :)
ReplyDeleteමතක් කරපු පොර නැති එක ගැන නම් දුකයි!
DeleteME mase apata kai paha, paha inna puluwan - huta -
ReplyDeleteඇයි වෙනදත් කරන්නේ ඕකමනේ, නේද?
DeleteKaiya pada banda gena, Kai pada kara thaba gena, ..................koi yanawada udesana. .........huta, ithuru hariya mathaka nehe.
ReplyDeleteමං දන්නවා, හැබැයි කියන්නේ නෑ!
Deleteමම නං 'නයි කතන්දර' වලට වඩා 'කයි කතන්දර' වලට කැමැතියි.
ReplyDeleteතව ලියන්ට පුළුවන්:
1. බයි කතන්දර (බත් ගැන කතා)
2. ගොයි කතන්දර (ගොවීන් ගැන කතා)
3. මැයි කතන්දර (කම්කරු දිනේ ගැන)
4. ටයි කතන්දර
5. ටෝයි කතන්දර
6. ඩයි කතන්දර (කොණ්ඩෙ ඩයි කරපු හැටි)
7. තායි කතන්දර (පස් තාච්චි ඇදපු කාලේ)
8. දොයි කතන්දර (නින්ද ගැන කතා)
9. හයි ෆයි කතන්දර
දහ වැනි අංකෙට එකක් තමයි හිතුනේම නැත්තෙ. නැත්නම් රවුම් ගාණකින් ඉවර කරන්ට තිබුණා.
මං ලියන්නේ නං "මයි කතන්දර" (මට ඕනෑ ඒවා) විතරයි.
Deleteඔන්න මමත් සාහිත්‍ය උත්සවයක වෙච්චි කතාවක් කියන්නම්.
ReplyDeleteලංකාවේ ප්‍රසිද්ධ සාහිත්‍යකරුවෙක් එක්තරා සාහිත්‍ය උත්සවයක දේශණයක් කරනවළු.මුළු ශාලාවෙම ඉන්න සාහිත්‍ය රසය හොදින් දන්නා හදුනන සාහිත්‍යධරයන්ලු.අපේ මනුස්සයා කතා කරන්නේ නිසැදැස් ගැනලු.
"ඇත්තටම නිසදැසකින් කෙනෙකුට සමාජයට වටිනා පණිවුඩයක් දෙන්න පුළුවන්. භාෂාව සරලව හසුරවලා රසයක් සමඟ නිසැදස ඉදිරිපත් කරන්න පුළුවන්.කවි ලිවීමේ හැකියාවක් නැති අයට වුනත් කවි ලිවීම අරඹන්න හොදම ක්‍රමේ තමයි නිසැදස.කවියක් නිර්මාණය වෙන්න පද පේලි කිහිපයක අවශ්‍ය වුවත් නිසැදසක් නිර්මාණය කරන්න පද පේලි අවශ්‍ය නෑ වචන කීපයකින් වුවත් නිසැදසක් ඉදිරිපත් කරන්න පුළුවන්."
අපේ දේශකයා මෙහෙම කියනකොට ඉස්සරහම පේළියේ වාඩිවෙලා හිටපු තරුණ සිංහළ ගුරුවරියකට ටිකක් අප්සෙට්ලු.වචන කීපයකින් කොහොමද නිසැදසක් ලියන්නේ...
ඉවසන් ඉන්න බැරි තැනම නැගිටලා ඇහුවළු.
"වචන කීපයකින් නිසැදසක් ලියන්න පුළුවන් කියන එකට මම තදින් විරුද්ධයි.ඔබතුමාට මම අභියෝගයක් ඉදිූිපත් කරනවා පුළුවන්නම් වචන කීපයකින් නිසදසක් මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. "
අපේ දේශකයා කණ්ඩාඩිය යටින් ගුරුවරිය දිහා බැලුවළු.ගුරුතුමී තරුණයි.හැඩයි.ටිකක් මහත නිසාම ඇගේ හැට්ටය ශරීරයට කුඩා බව පැහැදිළිව පෙනිනි.
මද සිනහවක් පෑ තරුණ දේශකයා ගුරුතුමියගේ ලැම දෙසට නෙත් යොමා
"අනේ....
පනේ.....
_නේ......
පෙනේ...... "
කිව්වළු.ගුරුතුමිය කොහේ ගියාද කියල හොයා ගන්න බැරි වුනාලු.
සමහරු කියනවා ඔය කුමාරතුංග මුණිදාස ගේ වැඩක්ය කියලා.
Deleteඉහත කතාව ඇත්තටම වෙච්ච එකක් උනත් හදපු එකක් උනත්, එයින් කියවෙන්නේ ඔය කියන නිසඳැස් කවියේ තියන අරුත්බර බව නොවේ. ඒකෙ අනික් පැත්තයි. මේ සිද්දිය උනා කියන්නේ (හෝ හදල තියෙන්නේ) ලංකාවේ නිසඳැස් නැගල යන කාලේ. මේ සංවාදයදී කෙනෙක් කියුවහම සඳැස් වලින්, නිසඳැස් කවි වලින් තරම් සරලව අඩු වචන පාවිච්චියෙන් අරුත්බර දෙයක් කියන්න බැහැ කියලා, ඒකට අභියෝගයක් ඉදිරිපත් කටපු කාන්තාවට තමා අර කවිය කියලා තියෙන්නේ. සඳැස් කවි වලට පෙනී හිටපු කුමාරතුංග මුනිදාස මහතාගේ වැඩක් කියල තමයි මාත් අහල තියෙන්නේ. ඒක බොරුවක් වෙන්න පුළුවන් උනත්, කතාවේ අර්ථය එකෙන් වෙනස් වෙන්නේ නැහැ. මුනිදාස මහතාගේ මේ ලස්සන ළමා කවියෙන් මා අවසන් කරන්නම්.
Deleteහා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා
කොළ දෙකටක් කෑවා
නැහැ තවත් එකක්!
ගඟින් ගෙනා
උගේ ගොනා
ගඟේ පැනා
පීනා නා
තව එකක්!
එන්න කිට්ටු
දෙන්න තුට්ටු
ගන්න තට්ටු
කන්න පිට්ටු
-anaatha
Dan welawa 12.15 - Comments total 16 lu. In 09 kma mage.ethakota outsiders o7. - dan me boga kakagei magei. kaka eka eka ewa lialiya danawa. mama ewata comment danawa. - huta huta hutta patas. baye behe. mage comment delete karaida.
ReplyDeleteකමෙන්ට් දහයක්ම දැමීම ගැන ඔබට මගේ ස්තුතිය. ඒ එකකින්වත් වෙන කාටවත් වැඩක් නැති වුණාට, මෙලෙස කමෙන්ට්ස් දැමීමෙන් ඔබ ලබාගන්නා වින්දනය ගැන මට සතුටුයි.
Deleteඔබට මේ භවයේදී හෝ නැතිනම් මතු ආත්මයක දී හෝ ඔයිට වඩා හොඳ වින්දනයක් ලැබෙන ජීවිතයක් ලැබේවා යි මං අවංකවම ප්‍රාර්ථනය කරනවා.
බිපෙසි!
Deleteකවිය අසා තිබේ.....
ReplyDeleteවෙන්න පුළුවන්!
Deleteඔය කයිය තිබුනේ ශ්‍රී සගරාවෙ ගිය සකිරිපිංචිගෙ කතා වල නේද.?? යාන්තමට මතකයි ඒ වගේ.. :)
ReplyDeleteශ්‍රී කියන්නේ සිංහල රීඩරස් ඩයිජෙස්ට් වගේ එකක්. මං ලබපු සඟරා අම්මා එකතු කරපු ඒවා, ඒ කියන්නේ මුතුහර වගේ ඒවා එන්න කලින්. මේ කියන සඟරාව 1960 ගනං වල එකක් වෙන්න ඕනෑ.
Deleteමගෙ ගාවත් තියෙන්නෙ නැන්දලා පුංචි අම්මලා එකතුකරලා මම එයාලාගෙන් ඩැහැගත්ත ශ්‍රී සඟරා මිටියක් තමා.. හැබැයි ඒ ගොඩේ නම් 60 ගනන් වල ඒවා නෙවෙයි තිබුනේ, 70 දශකයේ අගභාගයේ හා 80 දශකයේ මුල්භාගයේ ඒවා..
Deleteඔය මං හිතන්නේ ශ්‍රී සඟරාව මාක්-2. ඔය කියන දෙවෙනි යුගය කාලේ සඟරාව ලොඛඔ කොල දෙකට නවලා ඒ 4 පෝට්රේට් විදියට මැද්දෙන් ස්ටේපල් කරලායි පලවුනේ.
Deleteමං කියන මේ මුල් කාලේ සඟරා ලෑන්ඩ්ස්කේප් අර අපි පාවිච්චි කරපු චිත්‍ර පොත් වගේයි පල කෙරුනේ.
එහෙම වෙන්න ඇති, ඔය දෙවිදියෙන්ම - පෝට්‍රේට්(බහුතරයක්) හා ලෑන්ඩ්ස්කේප්(2,3ක්) - ශ්‍රී සඟරා තියෙනවා මගේ එකතුවේ..
Deleteශ්‍රී සඟරා තියෙනවනම් බලන්න "විවාහයක් අවශ්‍යමද?" කියලා ලිපියක්. ඒක මගේ තාත්ත ලියල තියෙන්නේ. හැබැයි ඒක ලියලා මාස ගානකින් තාත්ත බැඳලා !!!
DeleteOnna dan kai mathak wenawa. E mokada dan ira mudun wela oluwa rath una. = onna kai = kaiya pada banda gena, kai pada kara thaba gena. koi da seeye me udesana. Onna macho, mewwa kunu harupa newe, kunuharupa kiyala kapana wa hema newe. = meka issara ape hodi pothe thibichcha kaviyak.
ReplyDelete
Deletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
දෙවනි කයි කතන්දර සීරීස් එකට සුභ පැතුම්..!
ReplyDeleteමේ සීරිස් එකේ වත් අපිට කතන්දර හාමිනේ දැකගන්න ලැබෙයිද?
ඒ කියන්නේ ෆොටෝ එකකින්ද, කවියකින්ද?
Deleteදැනට ෆුල් නේකඩ් පට්ට පෝස් එකක් තියෙන ෆොටෝ එකක් දාන්න.. කෑල්ල හොඳ නම් මම ඇවිත් ________ ____ ___ ______ _____ _____ ____ ___ ______ _____ _____ ___________ ____ __________ (මේ ටික කකාට හොරෙන් කරන දේවල් නිසා මෙතන ලියන්නෙ නෑ)
Deleteකවියකටත් වඩා කයි කතන්දරයක් නම් හොඳයි..
Deleteමම වැරදි උපකල්පනයක් කලාද මන්දා කතන්දරගේ කැම්පස් ජීවිතේ තුන්වෙනි හතර වෙනි අවුරුදුවල කතන්දර හාමිනේ ඉන්නවා කියලා..
Kakata wage matath kai witharak dirawanta behe. Bite ekatha thawa monawa hari ekka oone. (maiyokka wage ) Ara thitha thyala thyana jathiyen shot ekak ekka. nama dammoth delete wenna puluwan.
ReplyDeletemenna thawa kaiyak mathal una:- Eka dawasak koi pata, Kalatuwawe yanawita, wetunai wewata, Huta.
ReplyDeleteUse this to type in Sinhala
Deletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
කකා කවි එපා.කක්කා කතාවක් ලියන්න්කෝ.හුටා.....
ReplyDeleteඔයා වගේ නෙමේ, මං කැමති කවි කන්නයි.
Deleteme kai masene - mage langa thiyanawa, honda honda kai pada bandala. Eva thiyenne kai poth wasayen. oone welawa ta ele dakawanawa. Pasu giya dawas wala hiku sandarsanaya kuth api thibba. Honda honda hiku api liwwa. huta.
ReplyDeleteහයිකුම ලියන්න. කියවන්න ලේසයි.
DeleteGiya para kai mis wechcha aya innawanam me para honda honda kai pada bandala penwanawa.huta.
ReplyDeleteමම ද ඔහේ ද?
Deleteහුටා! මේ මාසෙම කවි ...... හ්ම්ම්
ReplyDeleteඅපෝ නෑ, කතන්දර නැති දවස්වලට විතරයි!
DeleteAda nam comment wala niyama welawa penwala piliwela ta enawa wage penawa. kalin ehema da, Ude 6.00 post eka. Kalin dawase hawasa indala ANJANAM ELI karayo comment patan aragena. Huta.
ReplyDeleteඔහේටත් ප්‍රශ්න නැතුවටද අළුතින් ඒවා හදා ගන්නේ?
DeleteMage comment wala kisima inapproprite, kunuharupa, sadachara sampanna novena, kisima deyak liyala nehe. Bohoma sanwarawa,
ReplyDeleteshistatawa, thami wachana pavichchi karala thiyenne. Ema nisa wachanayak wath delete karanna hethuwak nehe.
මේවායින් ඔහේගේ කමෙන්ටු වෙන් කරලා අඳුණාගන්න බැරි එක තමයි ප්‍රශ්නේ!
Deleteබැරිද යටින් මොකක් හරි නමක් දාන්න?
ඕක ඉවර වෙන්නෙ "හුටා පටා" කියලයි.
ReplyDeleteතවත් හුටපටයක්ද?
DeleteISSARA mama eka kalayak Kandy weda kala. E dawas wala Peradeniya paththe, yana kota wessata ahuwenawa. Onna etha kota mama oya kaka kiyana thippolata yanawa.
ReplyDeleteEhema gihin thami mata oya kai liyanna puhunuwa awe. Huta.
සන්තෝසයි!
Deleteඔය කවි කිව්වම මතක් උනේ අපි ඉස්කෝලේ සිංහල සාහිත්‍යය කරද්දී සිංහල සර් කිව්වා ගුත්තිලෙන් කවි පහක් පාඩම් කරන් එන්න කියල පන්තියේ හිටපු කටකාර කොලුවෙක් නැගිටලා ඇහුව සර් කයි පහ පහ පාඩම් කරන් ආවම හරි නේද කියල ...කොල්ලට වැදුන කයි පැහෙන්නම හොඳවයින් දෙකක්!
ReplyDeleteකයි පහ පහ පාඩම් කළාට මදි ඉස්කෝලේ එනකොට කද බැඳගෙන එන්න ඕනෑ!
Deleteකයි කතන්දර ලියනවා නම් අවුලක් නැත...
ReplyDeleteකකා ලියන කවි පට්ට ය !!!
මේවා ඉස්සර ලියපු කතන්දර. අර කැන්ටිම ගාව ආට් සර්කල් පුවරුවේ පලවුණු ඒවා.
DeleteKakata comments 0 nil wunoth matath harima dukai.
ReplyDeleteඔයා ඉන්න කං එහෙම වෙන්නේ නෑ නේද රත්තරං?
DeletePost dameemenuth, comments dameemenuth, thama thaman kisiyam vindanayak labanawa.
ReplyDeleteඑහි කිසි වරදක් නෑ! මටත් පුදුම වින්දයක් තියෙන්නේ!
DeleteMage comments walin wagema, wenath ayage comments walinuth thawath ayata ethram wedak nehe. IF THEY ARE NOT CONSTRUCTIVE, DEBATABLE, & WRITTN WISELY. Mema blog ekata enne pitawal kasaganna.
ReplyDeleteඅංකල් මොනවා කියනවාද මන්දා?
DeleteSRI sangarawa print kale mata mathaka hatiyata Lankadipa yen. Drawing book hadayata. Readers Digest ahalakinwath thiyanna behe.
ReplyDeleteහැමෝම රීඩර්ස් ඩයිජෙස්ට් කියවන්නේ නෑ නේ. මං අම්මා එකතු කළ සඟරා කියවා රස වින්දා!
Delete6.00 p.m. - This is my 26th comment - During this 12 hrs. period, You congratulated me. Pleased about my pleasure, Sympathised me, You got angry, Questioned me?. Felt sorry for me. Thanked me. Preyed for me. Some of my comments were rude, and harsh. Forgive me for any inconvenience.
ReplyDeleteඅඬන්නද හිනාවෙන්නද මන්දා?
Deleteදවසක් මං අඳුණන පොරක් එයාපෝට් එකේ කල්මරලා තියෙන්නේ කතන්දර බ්ලොග් එක කියවමින්.
http://kathandara.blogspot.com.au/2011/04/blogging-as-social-service-for.html
ඔබේ පව කුමක්දැයි මට නොතේරේ!
ඔහු කතන්දර රසිකයෙක්දෑ.... එහෙමත් නැත්නම් ඒ කකාමදෑ..
Deleteඒ දණ්ඩෙන් කොටා
ReplyDeleteයන කොට කොට කොටා
වැටුණේය ගඟටා
.......... හුටා
:D :D :D
ReplyDeleteබලමු බලමු.
ReplyDelete