Sunday 30 October 2011

මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් - Such is life!


උපන් දිනෙන්, උපන් දිනේ ගෙවිල ගිහිං, අපිත් ටික ටික නාකි වෙනව. දෙමව්පියන් ගේ මරණයේ දුක අත්විඳින්න වෙනව. තව ටික කාලෙකින් අපේ දරුවන්ටත් ඔය දුක එන එකත් වලක්වන්න බෑ.

පහුගිය දවස්වල යාළුවෝ දෙතුන් දෙනෙකු ගේ ම අම්මල තාත්තල නැතිවුණා.ඒ වගේ වෙලාවලදී මළ ගෙදරට මල්වඩමක් ගෙනියන වැඩේ සෙට් කළේ අපේ යාළුවෙක්. පොර ගේ නම ජයරත්න.

දෙතුන් පාරක් ඔය සිද්ධිය වුණාට පස්සේ තමයි අපේ කෙනෙකුට මතක් වුනේ ඔය මාතෘකාවට දාලා තියෙන "මල් නම් ජයරත්න, ජයරත්න නම් මල්!" කියන අතීත ආවර්ජනා පාඨය.

ඒක ඉස්සර රේඩියෝ ඇඩ්වර්ටීස්මන්ට් එකක ගිය එකක්. මං දන්න දන්න තරමින් ඒක "දීලීප පොඩි පුතු" ගේ තාත්තා ගේ නිර්මාණයක්. පොර ඒ දවස්වල හිටිය ගීත රචකයෙක් වගේම ගුවන් විදුලි වෙළඳ සේවා වැඩ සටහන්වල නිවේදකයෙක්.

මෙතන ජයරත්න කියන්නේ ජයරත්න මල් ශාලාවටයි. පහුගයි කාලේ දශක දෙකක් විතර නැගලා ගිය බිස්නස් එකක්. හැබැයි, දැන් අවුරුදු දෙකක විතර කාලේ ඉඳලා ඒ ගොල්ලන් ගේ බිස්නස් බැහැලා මගෙ හිතේ. චන්දෙ කාලෙට විතරයි පොඩි බෝනස් එකක් වත් හම්බ වෙන්නේ.

ඔය වෙළඳ දැන්වීමේ එහෙම කිව්වට, අපිට නං ඉස්සර පොඩි කාලේ ඉඳලාම මල් කිව්වාම මතක් වෙන්නේ පන්සල් යෑමයි.

මෙන්න මගේ බෑයා පොඩි කාලේ කියපු ඇම්ඇස් ප්‍රනාන්දු ගේ "රස ආහර කවලා.." සින්දුවේ කොටසක්.

".....වත්තෙ මල් පිපෙන්නේ නෑ
ගෙදර සිරියාවක් නෑ
පන්සල් යන්නට බෑ....."

ඒ දවස්වල අපේ ගෙදර වටේ වත්තේ පොල් ගස් යට නිකං ඔහේ හැදෙනවා සපත්තු මල් කියලා ජාතියක්. හරිම ලස්සනයි. ඒවා ඉගුල්ලුවාම පේනවා ලූණු ගෙඩිවගේ ජාතියක් කියලා.

අපේ එක ක්‍රීඩාවක් තමයි ඒ දවස් වල ගල් කැටවලින් ඈත ඉඳල ඒ මල්වලට ඔට්ටුවට ගහන එන.

දැන් නං එහෙම නෑ. මල්වලට හරිම ආදරෙයි!

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක දාන්නෙත් අපේ වත්තේ කැලේට වගේ වැවිලා තියෙන මල් ජාති ටිකක් පෙන්නන්නයි.

මෙන්න එහෙනම් ඒ මල් ජාති.





















-කතන්දරකාරයා

ප/ලි:
එක කහ පාට මලක් තියෙනවා. තරමක් ලස්සනයි.


ටික දවසකට පස්සේ මෙන්න මෙහෙමයි ඒකේ ස්වරූපය. වේළිලා, පරඬැල් වෙලා ගිහින්.


ඉන් පස්සේ පොඩි සුළඟකට අහුවුනත් මෙන්න මේකයි වෙන්නේ.


මල් නම් ජයරත්න, ජයරත්න නම් මල්!

44 comments:

  1. මල් නම් මල්-ජයරත්න නම් ජයරත්න...

    අර අන්තිමට දාලා තියෙන එකනං වල් පැලෑටියක් මම දන්න විදියට..

    ReplyDelete
  2. lassana mal tika. Gedara Nuwara Eliye hadena malne wawala thiyenne. Hodai. Kathandara hamine weda danna kenek wage.

    ReplyDelete
  3. ඊලග පාර ට්‍රිප් එකට අපි පේරාදෙනිවත් හග්ගල වත් කොහෙවත් මල් වත්තකට යන්නේ නැ.. කතන්දරේගේ ගෙදරට තමා එන්නේ....

    කොහොමත් අද නම් කාකා කනවා ගුටි... මේ මල් පෙන්නලා බ්ලොග් කියවන අක්කලා හුල්ලලා මේවා නැති වෙලා ගියොත් එහෙම... හිකිස්...

    ReplyDelete
  4. සෝක් මල් ටික

    ප. ලි.
    කතන්දර බෑයගේ සින්දුව දැකල මගේ බෑයගේ ඒ කාලේ සින්දුවක් මතක් වුනා.
    'උතුර නැගෙනහිර කුණුවල අසලද එක කොඩියේ සෙවනේ'

    ReplyDelete
  5. මල් වලට ගල් කැටවලින් ගහනව ඇහුවමයි..
    කොහොම උනත් උදේ පාන්දර දකින්න වටින පින්තූර ටික..

    ReplyDelete
  6. Spring කාලෙට ඉතින් මිදුලවල්වල මල් පිරිලනෙ... මේ සැරේ වැස්ස නිසාද මන්දා අර පලඟානක් විතර ලොකු රෝස මල් නම් අපේ පැත්තෙ දැක්කෙ අඩුවෙන්....

    අර පහල ඉඳන් පස්වෙනියට තියෙන Bottle Brush තමයි අපේ වත්තෙ වැඩිපුර තියෙන්නෙ... අපේ අසල්වැසියට ඒවා alergic..... ඉතින් මේ කාලෙට අපි මාර පරිප්පුවක් තමයි කන්නෙ....

    ReplyDelete
  7. ලස්සන මල් ටික. ඊරිසියාවේ බෑ.

    අන්තිම මල දැක්කාම මතක් වෙන්නේ ජයරත්න නේන්නම්...:)

    ReplyDelete
  8. බලාගෙන ගියා ම කැලෑ මල් තමයි ගොඩාක් ම ලස්සන පේන විදියට!

    ReplyDelete
  9. ගෙදර තියෙන්නේ මල් වත්තකද ..මල් වත්ත තියෙන්නේ ගෙදරද?

    ReplyDelete
  10. අර අන්තිම මල් වර්ගෙත් එක්ක අපි පුංචි කාලේ ​සෙල්ලම් කලා. වත්තෙන් එකක් කඩාගෙන ගිහිං තාත්තාගේ පිටිපස්සෙන් ගිහිං ඔලුව උඩින් පාවෙලා යන්න පිඹිනවා....

    ReplyDelete
  11. මම අහල තියෙන එම්.එස් ප්‍රනාන්දු ගේ සිංදුවේ තියෙන්නේ
    ".....වත්තෙ මල් පිපෙන්නේ නෑ
    ගෙදර සිරියාවක් නෑ
    නුඹනැත්තම් ඒ දේවල් නෑ....."
    කියලයි.

    ReplyDelete
  12. අපිත් දන්නා මල් විකුණන කෙනෙක් හිටියා "උපුල්" කියලා මිනිහව නිතරම පොලිසියෙන් අල්ලන් යනවා , අපේ ගමේ උන් කියන්නේ " මල් නම් උපුල් උපුල් නම් මල් " කියලා

    ReplyDelete
  13. කතන්දර මාමෙ.....
    මටත් දෙන්න බැරිද මල් ටිකක්...
    අපෙ ගෙදර දැන් රෝස ගහනය වැඩි වේගෙන යනවා..
    මම දැණ් බද්ද කොරනවා රෝස....
    මට ආය ආසාවක් ඇති වුනා මල් හදන්න්න.....
    මට පේන්නෙ මාමගෙ ගෙදර නිකන් නුවර-එළියෙ බංගලාවක් වගේ...

    ReplyDelete
  14. අර ලුණු ගෙඩිය වගේ තියෙන ගහට අපි කිව්වේ ලුණු මල් කියල . සුවඳක් නැහැ . හැබැයි ලස්සනයි . සපත්තු මල් කියන්නේ වද මල් වර්ගයක් නේද . මේ හාමිනේ අමාරුවෙන් වවන මල් ටික කකාට පෙන්නේ ඉබේ කැලේට වැවෙන මල් වගේද . ගේ නම් තියෙන්නේ ලංකාවේ නෙවේ වගේ . අපිටත් ආයේ මල් කලේ ඇවිත් . මල් කුඩා බැඳගෙන [ වැඩිපුරම ගැහැණු අය] බයිසිකලෙන් යනවා විකුනන්න .
    අර අන්තිම මල වගේ තමයි අපේ ජිවිත .

    ReplyDelete
  15. ගල් ගහන මල් වලට අපි කිව්වෙ ගොඩ මානෙල් කියලා..ඒක තමයි නියම නම.. ඒකෙ මලේ දන්ඩට හරි ගල් පාරක් වැදුනොත් එතනින් පටස් ගාලා කැඩිලා මල විසි වෙනවා පැත්තකට.. අපි ඔට්ටුවට ගල් ගහන්නෙ එහෙම කැඩෙන්න..
    පහල තියෙන්නෙ උපුටා ගැනීමකි .
    //සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැ‍ගෙනහිර පළාත සඳහා යෝජිත පළාත් පුෂ්පයයි.
    ගොඩ මානෙල් හා තොලබෝ යනුවෙන් සිංහල බසින් හඳුන්වන මෙම පුෂ්පය දෙමළ භාෂාවෙන් විචා මුන්කිල් නමින් හඳුන්වයි. චක්රන්ගි, චක්රපෝආ සහ මඩු පර්නිකා යනුවෙන් සංස්කෘතෙන් හැ`දින්වේ.
    සෑම වසරකම ජනවාරි සිට ජුනි දක්වා වූ කාලයේ මල් හටගන්නා මෙම ශාකය ලූනු පවුලට අයත්වේ. බල්බයක් හෙවත් භූගත කඳකින් පැල හටගන්නා ගොඩ මානෙල් ශාකය ශී‍්‍ර ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, අම්පාර හා තිස්සමහාරාමය වැනි වියළි කාලගුණයක් සහිත ප‍්‍රදේශවල සරුවට වැවේ. ඉන්දියාව, බුරුමය හා අපි‍්‍රකාව වැනි රටවලද බහුලව හමුවන ගොඩ මහනෙල් ශාකය විසිතුරු පැලයක් ලෙස වගා කැරේ.
    පත‍්‍රවල උඩුපැත්ත දීප්තිමත් කොළ පැහැතිය. යටි පැත්ත අඳුරු කොළ පැහැයකින් යුක්ත වන අතර දිගින් සෙන්ටිමීටර 80 ක් පමණ වූ සිහින් පත‍්‍ර හටගනී.
    ආයුර්වේද ඖෂධයකි. කනේ ආබාධයනට ප‍්‍රතිකාර කිරීමටද යොදා ගැනේ.//

    ReplyDelete
  16. අනේ කුනු සංසාරේ හැටි ඔහොම තමයි. මල් නම් ජයරත්න වුනාට ඊලඟට කනත්ත.

    ReplyDelete
  17. මල් නං මල් හතයි! හත්පෙති මලක් නැද්ද? අපේ ගෙදර වලට හැදෙනව ඕන්නං ගෙනත් දෙන්නං!!!

    ReplyDelete
  18. ඔය කැලේට වැවෙන මල්වලින් අපිටත් පැල දෙකක් තුනක් ගන්න බැරි වෙයිද .......

    ReplyDelete
  19. ඇයි ඔහේ විතරක්.. අපිත් ආදරෙයි මල් වලට..

    මල් නම් තණමල්විල...
    තණමල්විල නම් මල්...

    ReplyDelete
  20. නියමයි මචො...උබලගේ වත්ත දිහා බලං ඉන්නකොට හිතත් රිලැක්ස් වෙනව ඇති...

    ReplyDelete
  21. කතන්දර සපත්තු මල් කියන ජතියට අපි කිවුවෙ "වල් ලූනු" කියල . . . ඉස්සර අපේ වත්ත පල්ලෙහෑ එක යායට පිපෙනව

    ReplyDelete
  22. වසිලිස්සා30 October 2011 at 12:05

    මල් නම් ලස්සනයි , එත් ඔය මල්වලට කාකාලගේ ගෙවල් පැත්තේ කියන නමයි අපේ රටේ බාවිතාවන නමයි දැම්මනම් තව අගේ වැඩියි නේද?
    අන්තිමට තියන මල් එක්කලනම් පොඩි කලේ හරියට සෙල්ලම් කලා.ඒ මල ජිවිතේ වගේ තමයි.

    ReplyDelete
  23. අනේ කතන්දර මල් පැල ටිකක් එවන්න බැරිද ?

    ReplyDelete
  24. රජෝ හරණං.....“ කිව්වා වගේ තමා වටෙන්නෙ දීලා තියෙන්නෙ. කකාගෙ මේ පෝස්ට් එක ඉතිහාස ගතවෙයි. මොකෝ පලි කැල්ලත් මලෙන්මනෙ ගිහිල්ලා තියෙන්නෙ.

    ReplyDelete
  25. අර සපත්තු මල් කියල කියපු ජාතියට අපි චූටි කාලේ කිව්වේ ස්පීකර් මල් කියලා ..

    පස්සේ ළූනු මල් වුනේ එව්වා තමා . . .

    වත්තේ මල් ටික නම් සුපිරි . .

    ReplyDelete
  26. අන්තිමට දාල තියන මල වල් පැලැටියක් වගෙ පෙනුනට එකෙ නම ඩැන්ඩිලයන්. මම දන්න ඊස්ටන් යුරොපියන් අය එකෙ කොල කනවා. සැලඩ් වලට මික්ස් කරන්න . තවද මේ මලෙන් ඩ්‍රින්ක් එකක් බෲ කරනව. ඒකට වොඩ්ක දාල ස්පයික් කරනව සමහරු.

    ReplyDelete
  27. මේ මල ඩේසි පවුලෙ එකක්. මම රුසියාවෙත්, කැනඩාවෙත් නොදර්න් යුරොපයෙත් දැකල තියනවා. ඔස්ට්‍රලියාවෙ තියන වග දැනගෙන හිටියෙ නැ. මම කවදාවත් ඔස්ට්‍රලියාවෙ ගොහින් නැ නෙව තවම. ශානි කල්‍යණරත්න ට ඇවිද්ද පය දහස් වටි. කතන්දර ගෙ ඇසින් දුටු ඔස්ට්‍රෙලියන් කැලැ මල්. ස්තූති වෙවා.

    ReplyDelete
  28. අම්මා ගෙදර නෑ
    පොඩි මල්ලි අඬනවා
    මලක් කඩල අතට දීලා
    නලව ගන්නවා


    කාගෙ වත්තෙ මල් පිපෙන්නේ මල් පිනේනෙ මල් පිපෙන්නේ
    කාගෙ වත්තෙ මල් පිපෙන්නෙ මෙන්න මේ උදේ

    ඔය කියන මල් අර ග්‍රෑම්ෆොන් මල් නෙමෙයි ද... මෙන්න මෙවුවා.....

    ReplyDelete
  29. මම දන්න විදිහට අන්තිමට දාල තියන මල වල් පැලැටියක්.මේක DANDELION නොවේ . මේ මල් වල ඇට සුළඟ මගින් විසිරිලා හැම තැනම හැදෙනවා, හරිම කරදරයක් .. තකහනියක් මේ post එක දැම්මෙ ක. කා. හෙට උදේම නැගිටලා සේරම වල් පැල ටික කාලා මොනවායින් මොනවා වෙයිද කියන බයට :D

    Please read the attached link for more details about Dandelion
    http://www.herbsarespecial.com.au/free-herb-information/dandelion.html

    ReplyDelete
  30. කතන්දර මල් වත්තකනෙ ඉන්නෙ. ඒක නෙවෙයි අර ඕනය කිව්ව වගෙ, ඔය කතන්දර සපත්තු මල් කියන එකට අපිත් කිව්වෙ වල් ලූණු කියලා තමයි. සමහර විට එකම ඩයලෙක්ට් එක නිසා වෙන්න ඇති. අනික සපත්තු මල කියලා බස්නාහිර පලාතෙ අපි කියන්නෙ අර පෙති පහේ වද මලට. අර විද්‍යාවට කපන්නෙ, කලංකය හෙම පෙන්නන්න.
    henryblogwalker the Dude

    ReplyDelete
  31. happata sir gaja.... kaleta wawila thiyana ewa me wage nam hamine hadala thiyana mal kohoma athda mage deyyaneee... ewaye poto kali deka thunakuth dammanam mal hathai..........

    ReplyDelete
  32. මට පුංචි කාලෙ සින්දුවක් මතක් උනා "මලක් කඩා හෙනවිත් බුදු සාදුට පිදුවා.....එය දැක බුදු සාදු මදෙස හිමිහිට බැලුවා......"

    මාතලං තමයි මසුරං කතාව කියල තියෙන්නෙ ඒකට ඌනපූර්නයක් "මල්ලොවේ නොමැකෙන නාමය...ලොව ජය ගත් මල්... තනමල් විල මල්......"

    X-Porter

    ReplyDelete
  33. ප්‍රතිවාරවලට ඉතා ස්තුතියි.

    පොඩි නිවරද කිරීම් / දැන්වීම් කීපයක්.

    1. අපි ඔට්ටුවට ගල් ගහපු මල් සපත්තු මල් නොවේ. ඒවා යේ නම වල් ලුණු හෙවත් ස්පීකර් මල් විය යුතුයි. හැඩය පරණ කාලේ ලවුඩ් ස්පීකරයක් වගේ.

    2. අන්තිම මල වල් පැලෑටියක්. ශානි එන්න බලලා යන්න. සාදරයෙන් පිළිගනිමු.

    3. උඩින් තියෙන ෆොටෝ එක තාත්තා ගේ ආදාහනය වෙලාවේ දුම් පිටවුණු ආකාරයයි.

    ස්තුතියි, නැවත හමුවෙමු.

    ReplyDelete
  34. මේ රේඩියෝ ඇඩ්වර්ටීස්මන්ට් මතක චමින්දලා මල්කාන්තිලා ලඟ පාත ඉන්නවාද?
    'හා හා ඔය රෙදි ගලේගසා නාස්තිකරන්න එපා"
    'මොන ------ද පුතා ටෝර්ච් එකට කලේ"?
    "ගෙදරට එන අමුත්තන්ට මෙය හොඳයි, රස ගුන දත් වෛද්‍යවරුන් එය කියයි්"

    ReplyDelete
  35. Correction:
    රට පිලිගත් වෛද්‍යවරුන් එය කියයි

    ReplyDelete
  36. කරුණාරත්න අබේසේකර මහත්තයාගේ full slogan එක
    'සොම්නස දොම්නස - පවසන ගොළු බස!'
    මල් නම් ජයරත්න - ජයරත්න නම් මල්..!

    ඔය වල් ලූණු මල් නොයෙක් පාටින් තියෙනවා...වැඩි පුරම තියෙන්නේ පීච් පාට එව්වා. සුදු පාටත් තියෙනවා නම් තමයි..ඒත් Weni කියන 'ගොඩ මානෙල්' කියන්නේ මේකටමද කියලා සැකයි. ඔය මල් කඩනකොට නටුවෙන් ඇහෙන සද්දේ නිසා අපි පොඩි කාලේ ඔව්වට කිව්වේ 'බොඹුටු මල්' කියලා..! :D

    ReplyDelete
  37. මේක මතකද? ".............. ඒ හඞ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙනි....."
    දිලීප පියාගේ තවත් මොකක්ද "සව්සිරි" කතාවකුත් තිබ්බා. මේ චමින්දට හරියට මතක නැහැ.

    - සනාත

    ReplyDelete
  38. ඒ කාලෙ කොල්ලො මෙහෙමත් කිව්වා.."ජයරත්න නම් මල්, මල් නම් තවත් මල්..."

    ReplyDelete
  39. හරි ලස්සන කැලෑවක් නේ...

    අර ඔයාල ගල් ගහන මලට අපි නං කිව්වෙ වල් ලුනු කියල... වත්ත පුරාම වැවුනම හරිම ලස්සනයි ඒව... පොඩි ලිලී මල් වගේ..

    සපත්තු මල් කියන්නේ වද මල් වලට නේද???

    ReplyDelete
  40. පොඩ්ඩක් ෆෝකස් වෙනකන් ඉදලා පින්තුර ගත්තනම් පංකාදු පහයි.

    ReplyDelete
  41. @ All
    නැවතත් සියළු දෙනාටම ස්තුතියි.

    වල් ලූණු තමයි නිවරද නම. මට ළොකු ටැපලීමක් වෙලායි සපත්තු මල් කියලා ලියලා තියෙන්නේ. ඒ ස්පීකර් මල් කියන එක වැරදියට සිහියට ආපු හැටියි.

    මේ කතන්දරයේ සැඟවූ අරමුණ ලොවේ අස්ථිර බව පෙන්නීමයි. මල් අද තිබුණා හෙට පරවුණා.

    පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
    කායො තථා යාති විනාස භාවං

    ReplyDelete
  42. "සපත්තු මල ලා රතු පාටයි...
    තුවක්කුවට ඔබ හැඩ පාටයි...
    පුවත්පතක ලියැවුණු බහටයි...
    මම ලිව්වේ ඔබට නිකමටයි..."

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.