Monday 26 August 2013

ඩ්‍රැකියුලාවියක් සමග ගත කළ මොහොතක් - A close encounter with Countess Dracula!


ඩ්‍රැකියුලා කිව්වාම මතක් වෙන්නේ අර යුරෝපයේ හිටියාය කියන සිටුවරයා හා සම්බන්ධ කතන්දර නේද?

ඒ විතරක් නෙමෙයි. සිරිලංකා ඩ්‍රැකියුලා ලා ත් ඉඳලා තියෙනවාලු!

"මහ හේනේ ඊරි යකා" කියලා කතන්දරයක් ගැන අහලා තියෙනවද? අන්න ඒක ලෝකල් ඩ්‍රැකියුලා කෙනෙක් ගේ කතාවක්. ලියලා තියෙන්නේ විමුක්ති කුමාරතුංග ගේ මව් පාර්ශවයේ සීයා හෙවත් හිටපු අගමැති සොලමන් බණ්ඩාරණායක. මං හිතන්නේ චිත්‍රපටියකුත් තිබුණා ඒ කතාවෙන් හදපු!

තවත් "ලෝකල්" ඩ්‍රැකියුලා ලා ඉන්නවා ඇති, ඒ අය ගැන කතන්දර ලියවිලා නොතිබුණාට!

මටත් මේ සෙනසුරාදා ඩ්‍රැකියුලාවෙක් එක්ක පොඩි ගණුදෙනුවක් කරන්න වුණා. ඒ හින්දා තමයි මං පලකරපු "කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?" කියන කතන්දරේ පැය දොළහක් විතර ප්‍රමාද වුණෙත්.

මට ඩ්‍රැකියුලාව මුණ ගැහෙන්න යන්න කියලා අණ ලැබුණේ දැන් කාලෙකට කලින්. නමුත් ඕකට තියෙන අකමැත්ත නිසාම කල් දම-දම හිටියා.

මේකට එක හේතුවක් තමයි, මේ සුවිශේෂී ඩ්‍රැකියුලාව හම්බවෙන්න යන්න අර නිකං එක එකාව හම්බ වෙන්න යනවා වගේ ආවට ගියාට යන්න බෑ. ඒ සඳහා සුවිශේෂී විදියට පේවෙන්න ඕනෑ!

රාත්‍රී අටට විතර කෑම අරගෙන එතැන ඉඳන් නොකා නොබී ඉන්න ඕනෑ. වතුර බොන්න පුළුවනි, නමුත් තේ, කෝපි බෑ!

පහුවදා උදේ නැගිටලා හිස් බඩට වතුර විතරක් බීලා තමයි ඩ්‍රැකියුලාව මුණ ගැහෙන්න යන්න ඕනෑ.

කොච්චර බඩගිණි තිබුණත් තේ එකක්වත් බොන්න බෑ. බිව්වොත් කිලි! කෙම හරියන්නේ නෑ.

මට මතකයි මීට මාස කිහිපයකට කලින් මං ඔය වගේ රෑ තිස්සේ නොකා ඉඳලා කුස ගින්නේම ගියා ඩ්‍රැකියුලා ගේ කන්තෝරුවට.

මෙන්න මට කියපි, පැය බාගයක් විතර යයි කියලා පෝලිමේ මගේ වාරය එන්න.

මගේ බඩගින්න ඉහටත් උඩින්. තව පැය බාගයක් කොහොම ඉන්නද?

උන්ට බම්බු ගහගන්න කියලා මං ආපහු හැරිලා ගිහින් උදේට කෑවා!

නමුත් මේ පාර එහෙම කට් එක දාන්න ලැබුණේ නෑ.

හාමිනේගෙනුත් ඕඩර්ස් එකක් ආවා වැඩේ තවත් කල් දාන්න එපාය කියලා.

ඒ නිසා කලින් කියපු විදියට සිකුරාදා රාත්‍රියේ ඉඳලා පේවෙලා ඉදලා, සෙනසුරාදා උදේ හිස් බඩින්ම ගියා ඩ්‍රැකියුලා මුණ ගැගෙන්න.

එතනට ගිහින් බැලින්නම් පෝලිමේ කවුරුත් නෑ.

ඔන්න මං ඩ්‍රැකියුලා ගේ කාමරේ ඇතුලට ගියා.

බැලින්නම් මේ ඩ්‍රැකියුලා කියන්නේ ගෑණු කෙනෙක් නේ...!!!

කමිසේ අත උඩට කරලා වැලමිට හරියට කටුවකින් ඇණලා තමයි ඩ්‍රැකියුලාවිය ලේ ගත්තේ. මං ඇස් දෙක පියාගෙන දැක්කා නොදැක්කා විදියට හිටියා.

පොඩි පර්යේෂණ නල දෙකක්ම පිරෙන්න ඩ්‍රැකියුලාවිය ලේ අරං තිබුණා.



මට ඉතුරු වුණේ අතේ පැච් එකක් විතරයි.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය ලේ ටෙස්ට් කරන වැඩේට මං අකමැති වෙන කිසිම දෙයක් හින්දා නොවෙයි.

රිසල්ට් ආපුවාම ටෙස්ට් රිසල්ට්ස් නෙගටිව් වෙලා තිබුණාම "අයියෝ අපරාදේ නේ මෙච්චර මහන්සි වෙලා මේ ටෙස්ට් එක කෙරුවේ!" කියලා හිතට නැගෙන දුක හින්දාමයි.

ඒත් මට හිතාගන්න බැරි අර දුවන, පණින, බර උස්සන, සයිකල් පදින සෙල්ලං කරන කෂ්ටිය ඇයි ඒ ටෙස්ට් රිසල්ට්ස් පොසිටිව් වුණාමත් විස්සොප වෙන්නේ ඇයි කියලයි!

බලමු මේ පාරවත් මට පොසිටිව් රිසල්ට් එකක් ඒවිද කියලා!

(image:http://www.novamagazine.com.au/article_archive/2009/2009-11-reclaimingcholesterol.htm)

88 comments:

  1. එදා පරක්කු වුනේ ඒකයි එහෙනම්.

    ReplyDelete
    Replies
    1. මගේ පොඩි ඉල්ලීම ඩ්‍රැකියුලා සම්බන්ධව නොවේ.

      නිහාල් ගුරුසිංහගේ තොරතුරු අසා ඔහුගේ රසිකයෙකු මට ඊමේලයක් එවා තිබුනා.
      කරුණාකර දන්නා කෙනෙකු ඉන්නවා නම් සොයා බලන්න.

      Delete
    2. කිසිම තොරතුරක් හොයා ගන්න නැහැ. මා හැකි පමණ උත්සාහ කර බැලුවා.

      නිහාල් ගුරුසිංහ යනු අන්වර්ථ නාමයක් යැයි කතාවක් තියෙනවා.

      Delete
    3. http://www.lookupanyone.com/results.php?ReportType=8&qs=CA&qc=El+MacEro&qf=Nilendra&qn=Gurusinghe&recordid=061WHM8QJ7G
      මොවුන්ගෙන් ඇසුවොත් යම් ප්‍රතිඵලයක් ගන්න පුලුවන් වේවි..... අනේ මන්දා....

      Delete
    4. නිහාල් G ගැන හොයන්න පුළුවන් හැම උත්සාහයක්ම ගත්ත.සිංහල අවුරුදු දිනවල මට විදියට අන්තිමට ලිපියක් පළවුනා දින කීපයකින් උපන්දිනය කියා.නමුත් එපා ලිපියට දැමු කොමන්ට් වලට පවා පිළිතුරු දී තිබුනෙ නැහැ.
      නරක ආරංචියක මේලයක් මමත් කොහෙ හරි දුටුව.

      Delete
    5. http://nihalw.wordpress.com
      මෙයාද දන්නෙ නෑ හොයන්නෙ ?

      Delete
    6. නිහාල් ගුරුසිංහ කියන්නේ ආරූඪ නමක් නම් ඉතින් හොයන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම බ්ලොග් කාරයෙක් බස් එහෙකට යට වෙලා මැරුණත් හොයාගන්න ක්‍රමයක් නැහැ නේද .නිහාල් ගුරුසිංහ සුවෙන් ඇතැයි යැයි සිතමු. . .

      Delete
    7. එයා ගැන තමයි බං.
      ඇයි විස්තර මොනව හරි දන්නවද?

      Delete
  2. හදිසියේම ගියේ ශරීරයේ කොහෙ හරි වෙනසක් දැනුනද?

    ReplyDelete
    Replies
    1. රූටීන් චෙක් එකක්!

      කෙන්ජිත් චෙක් කර ගත්තොත් නරකද?

      Delete
    2. මම හැම මාසෙම අන්තිම සතියෙ යනවනෙ.

      Delete
  3. අයියෝ කකා උදේ පාන්දර භය මුඩ් එකක් දාගෙන කියවන්න සෙට් උනේ ..... එත් මේක කොමඩියක්නේ ....

    ReplyDelete
    Replies
    1. හලෝ, මෝඩ රාළ කොහොමද?

      Delete
    2. කොමඩිය තේරෙයි, බ්ලඩ් ටෙස්ට් එකේ රිසල්ට්ස් ආපුවාම!

      Delete
  4. මම හිතුවේ ඊයේ කලින් පොස්ට් එකට පස්සේ පෑඩ් එකක් වත් ගලවල බලන්න ගිහින් කියල. අර මදුරුවා දිවය ලෝකෙ ගිහින් ඉල්ලපු ඉල්ලීම දන්නවනෙ නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ. අර දිව්‍ය ලෝකෙ ගිහින් මට කාන්තාවන්ගේ ලේ හුඟක් බොන්න ඕන කිව්වම දෙවියෝ ටක් ගාල පොරව ඔය ජාතියේ පෑඩ් එකක් කරලු. ඕකෙම මදුරුවා වෙනුවට ධ්‍රැකියුලා වර්ෂන් එකකුත් තියනවා.

      Delete
  5. මටත් හෙට අනිද්දම එන්න කියලා ලියමනක් එවලා තියනවා.. ගොඩක් වෙලාවට ඉන්නේ ඩ්‍රැක්‍යුලාවියෝ තමයි. මට තියන ලොකුම කේන්තිය තමයි.. චූට්ටං ලේ බින්දුවක් අරගෙන පිටු ගනන් රිපෝට් හදලා මූණ ඇඹුල් කරගෙන අරවා වැඩියි මෙව්වා වැඩියි කියන වෙලාවේ... වැඩි ටික අහක් කරලා, අඩු එව්වා ඇතුල් කරලා වැඩේ ඉවරයක් කරලා දාන්න ක්‍රමයක් හොයාගන්නෙ නැත්තේ ඇයි කියලා.

    ReplyDelete
    Replies
    1. එය කතාව මාත් කියනවා.
      මොකද ඔය ටෙස්ට් කළාය කියලා සනීප වෙන ලෙඩක් නෑනේ. නැති ලෙඩ ඇතිවෙනවා මිසක!

      Delete
  6. PISSU NATHNAM GOOD

    ReplyDelete
  7. ඔය 'ඩ්‍රැකියුලා'ට මගෙත් තියෙන්නේ පුදුම බයක්.
    හැබැයි ඉතින් වැම්පයර් එඩ්වඩ්ට නම් පොඩ්ඩක්වත් බය නෑ.:)

    ReplyDelete
    Replies
    1. අනේ, මාර වැඩේ නේ? ගිහිං ඇල්ලේ පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න.

      Delete
    2. පොඩි කුමාරි
      අරයා ගේ නම එඩී ද?
      ඒ කියන්නේ ඩියුක් ඔෆ් එඩින්බරෝ වගේ කෙනෙක්ද?

      Delete
  8. DRACULA EKKA SIHINA LOKAWALA INNAWATA WADA HONDA NEDDA MAHA POLOWE PAYA GAHALA INNA EKA.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියුලාට චු,පඩ එහෙම යන්නේ නැද්ද?

      Delete
    2. @කැපිටල් ඇනෝ

      කොයි ලෝකෙද බං ඉන්නේ?
      මෙතන මං කියන්නේ ඩ්‍රැකියුලාවියෙක් ගැනයි.
      සිහින නොවෙයි හැබෑ ලෝකේ!

      Delete
  9. @කකා,

    සත්‍යය කුමක්දැයි ඇත්තටම දැන ගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. රෑට ජොකා ගහගෙන, ගොනා කානුවෙන් හරිපාරට දාගෙන නිදා ගන්න, උදේට ඒක තෙත්වෙලා නං සත්‍ය ලීක් වෙලා.

      Delete
  10. කකා ලේ දන් දීලා නැද්ද...?

    ReplyDelete
    Replies
    1. පිස්සුද මේ කුණා ඒවා කරයිද? මූට පින් පව් නෑනෙ..... හරක් මස් කෑල්ලක් ගිලලා බුදියන එක තමයි කරන්නෙ...... ලෙඩ නැත්තම් තමා පුදුමෙ.....

      Delete
    2. මෙන්න හරක් මස් ගැන කුකිං කතන්දර කිහිපයක්:

      1. කළේ පැන් නැවුම් රහ නැති කාලේ, ස්ටර් ෆ්‍රයි හදමු රාලේ : Beef stir-fry
      http://kathandara.blogspot.com/2012/12/beef-stir-fry.html

      2. "බීෆ් කතන්දර ස්ටයිල්" සමග "පිරිමි මස් උයන්න දක්‍ෂයෝ ද?" - Are men better cooks (Beef KK style: recipe included)
      http://kathandara.blogspot.com/2011/10/are-men-better-cooks-beef-kk-style.html

      කියවන්න, උයන්න, රස විඳින්න!

      Delete
    3. ඔබ මුග්ධත්වය නිසා නන් දොඩවන බව පෙනේ..... පව්.... මාළු ඔළු කන්න බුද්ධිය වර්ධනය වේවි....

      Delete
    4. @ ඉවාන්
      නෑ. හැමෝගෙන්ම ලේ ගන්නේ නෑ!

      Delete
  11. සනත් ගුණතිලක මහණ වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ? හැබෑට සනත් කෙන්ජි අයියගෙ යාළුව නෙව.

      Delete
    2. ඉතින් අපිට පුකද?

      Delete
    3. ඉතින් අපට පාන්යැ!

      Delete
    4. ඇත්තමයි අප්පා පාන් වලට වඩා පු......ඤඤක්කු ලාබ නැද්ද?

      Delete
    5. විරාගයටත් බුවා ලොකු කැප කිරීමක් කොලා තිස්ස අයිය එක්ක එකතු වෙලා.
      මේ සැරෙත් ඇත්තටම මහණ වෙලා මොන කෙලියක් කරයිද මන්ද..?
      හැබැයි දන් ටික නම් වෙලාවට ලැබෙයි රෝසි අක්කාගෙන්,සිරිය නැති නිසා.

      Delete
    6. ටැම්පරියක්. සතියකටලු. අලුත් ෆිල්ම් එහෙක චරිතෙකට එක්ස්පීරියන්ස් ගන්නලු. එහෙම බැලුවම මිනිහ විරාගයෙ වගෙම තව හොඳ වැඩක් කරන්න යන පාටයි. හැබැයි අසපුවක මහන නොවෙන නිසා හොඳයි. නැත්තම් සනා සුනා තමයි.

      Delete
    7. සතියක්වත් අබ්‍රහ්මචරියා වේරමණී කලොත් මදෑ!

      Delete
  12. "බලමු මේ පාරවත් මට පොසිටිව් රිසල්ට් එකක් ඒවිද කියලා!"

    ඈ...අපි කිව්වා කකාට පිරිමි එක්ක අනාචාරේ යන්ට එපා කියලා. ජරා ලෙඩ හදාගත්තා නේද? තට්ටයෝ ඔහොම්ම්යි. සාදුලත් එහෙමනි. කක්කි නේද කකා?

    ReplyDelete
    Replies
    1. හරිද? දැන් සතුටුද?
      ඔන්න කමෙන්ට් එක දැම්මා!

      Delete
  13. සාහිත්‍ය මාසෙත් කිට්ටු කිට්ටු.
    ==========================

    සාහිත්‍ය මාසේ ළංවෙද්දී මට හිනාගිහින් ඇඬෙනවා. හිනා යන්නේ පොත් ප්‍රදර්ශනේ මතක් වෙලා. ඇඬෙන්නේ කකා කයිකතන්දර දානවා නේද කියලා මතක් වෙලා. කොටින්ම සැප්තැම්බර් ලංවෙද්දී මට නින්ද යනවත් හොරයි. තවත් බලන් ඉන්න බැරිතැන මේ වැඩේ කරන්න හිතුවේ. කකාගේ කයි කතන්දර වලට නිහඬ සාමකාමී විරෝධය පළකරන්න. මේ කමෙන්ට් එකට රිප්ලයි කරලා තමන්ගේ අකමැත්ත පෙන්නන්න. ලොකු පිරිසක් විරුද්ධ උනොත් කකා කයි කතන්දර දාන එකක් නෑ කියලා මට හිතෙනවා.

    සාහිත්‍ය මාසේ කයි කතන්දර එපා...! ඔබ එකඟද? නැද්ද?

    ReplyDelete
    Replies
    1. කයි පද බැඳිලි එපා!

      Delete
    2. වදින්නම් කකා සාහිත්‍ය මාසෙවත් සාහිත්‍යට කරන සේවයක් හැටියට සාහිත්‍යය කන්නෙ නැතුව ගෙදරට වෙලා හරක් මස් කෑල්ලක් කාලා බුදිය ගනින්........ කයි පද.... කයි කතන්දර නම් එපා.....

      Delete
    3. සාහිත්‍ය මාසේ කයි කතන්දර එපා.. සාහිත්‍යය කන්න එපා.....

      Delete
    4. අපට කයි එපා ! කයි පද බඳින්න එපා !

      Delete
    5. දැන් සාමකාමි එවුවා තමා කරන්ඩ වෙන්නේ. නැත්නම් දිගට හරහට වෙඩි තියෙනවා නෙහ්

      Delete
    6. ඇනෝ
      අනිවාර්යෙන් මාත් සපෝට්. කකා ඔක්තෝබර් වලටත් සාහිත්‍ය මාසෙ කයි කතා දැම්ම.

      Delete
    7. කයි කතන්දර එපා......කරුණාකරලා මිනිස්සුන්ගෙ රුචිකත්වයට ගරහන්න එපා....

      Delete
    8. NO Poems !! Do not eat literature !!

      Delete
    9. @ All
      ගිහින් කියන්න පොන්ත නෝනාට!

      Delete
    10. සාහිත්‍ය මාසෙ කන්න එපා.....

      Delete
    11. කකාගේ කයි කතන්දර වලට නිහඬ සාමකාමී විරෝධය......................සාහිත්‍ය මාසෙ කන්න එපා.....

      Delete
    12. අසූචි ගොඩක වහලා ඉන්න මැස්සා හිතන්නෙම අසූචි සුවඳ තමා ලෝකයේ තියෙන හොඳම සුවඳ කියලා. ඌ වෙන සුවඳක් ගැන හිතන්නෙම නෑ.

      Delete
    13. සප්තැම්බර් මාසයේ අජූත පෝස්ට් දැමීම සාහිත්‍යයට කරන නිගරුවක් සේ සලකා ඔබගේ කයි පතන්දරය දිගහැරීමෙන් වලකින්න...... සාහිත්‍යය කන්ඩ එපා....

      Delete
    14. සාහිත්‍ය මාසේ කයි කතන්දර එපා.

      Delete
  14. කකා,

    හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වට මොකුත් වෙන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. සෙන්ටිමීටරයක් බිව්වට පවු නෑ.

      Delete
    2. අත වෙවුලනවා නම් ඔබට ලෙඩක්. වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

      Delete
  15. කකා කොහොමද ඩ්‍රැකියුලාවියක් කියලා යුනිකෝඩ් වලින් ලිව්වේ.
    මම ටයිප් කරම එන්නේ ද්‍රකියුලා කියලනේ.

    ReplyDelete
  16. නෙගටිව් වුනොත් අනේ අපරාදේ කකාගේ ලේ ටික..:D

    ReplyDelete
    Replies
    1. හෙටත් එන්නකෝ.
      කකා කයිය පද බැදලා තියයි. කරතියාගෙන යන්ඩයි තියෙන්නේ.

      Delete
    2. @ චමී4යූ~chami4u

      ලේ ධාතුව නම් ආපහු වැඩෙනවා කියනවා නේ!

      ගතවුණු කාලයයි, අර පැය දොලහේ නොකපු, නොබීපු ඒවයි කොහොමද ආපහු කන්නේ, ලබා ගන්නේ!

      Delete
  17. මටත් ඩ්රැකියුලා හම්බවෙන්න යන්න වෙනවා මේ මාසෙ අන්තිමට විතර,කිව්වත් වගේ ඉන්න තරං ඩ්රකියුලාවියොනේ,කාලයක් මම වතුර විතරක් බීලා උදේ අටට ගියාම ලේ ගන්නේ දොළහට,ඉතිං කාටද කියන්නේ

    ReplyDelete
    Replies
    1. ටෙස්ට් රිසල්ට්ස් පොසිටිව් වෙන්න ප්‍රාර්තනය කරන්නද, නොගටිව් වෙන්න ප්‍රාර්තනය කරන්නද?

      Delete
  18. ජරාහන්ත පෝස්ට් ලිවේඉමේ සීමාවක් නෑ කකාට. ඔහේ ලියනවා ඉතින්. අපරාදේ පෝස්ට් එක ලියන්න වැය කරපු බයිට්ස් ටික. ඒ ටික ලමයෙක්ගේ ඉගෙනීමකට යෙදෙව්වා නම් මේකාට වැරදිලා තියෙයි !

    ReplyDelete
    Replies
    1. ඔවු බං කිසි හිරිකිතක් නැතුව අජපල් පෝස්ට් ලියනවා !

      Delete
    2. මේ ළමයි දෙන්නා ඇයි මෙතන?
      යන්න ගිහින් චක්කරේ පාඩම් කරන්න, ගුටි නොකා!

      Delete
  19. යූරින් එකකුත් චෙක් කරගන්න වෙයි වගේ! ;)

    ReplyDelete
    Replies
    1. අන්න එංගලන්ත ටීම් එක නං පිටිය මැද්දේ චෙක් කරනවාලු!

      Delete
  20. අතින් ලේ ගත්ත එකත් පෝස්ට් එකක් කරලා. අද හෙටම සෙම සාම්පල් ගත්ත හැටි, මුත්‍රා සාම්පල් මලපහ සාම්පල් ටෙස්ට් කරන්න දීපු හැටිත් පෝස්ට් වලින්ම දැකගත හැකියි.

    ReplyDelete
    Replies
    1. මගේ ජීවිත අත්දැකීම් තමයි මේ බ්ලොග් එකේ දාන්නේ!

      ඇයි අවුල්ද?

      Delete
  21. අපො ලේ ටිකක් දෙන්න ඔච්චර බයද

    ReplyDelete
    Replies
    1. බය ලේ දෙන්න නොවෙයි, ඩ්‍රැකියුලාටයි!

      Delete
  22. කකා බැයිද මේ පැත්තෙ එන්න? මං ලේ සාම්පල් ගද්දි නං ෆාස්ටිං ඕන් නෑ.

    ReplyDelete
  23. No chance of a STD I guess?

    ReplyDelete
  24. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 79
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 8
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 22
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 22
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 27

    ReplyDelete
  25. ඔය ඩ්‍රැකියුලාලාගේ ඇඟට දැනෙන්නෙවත් නැතුව ලේ බොන්නේ ආසිරි එකේ අය. ඒ නිසා මම යන්නේ එතනට..

    ReplyDelete
  26. හඃ හඃ හඃ
    ඔයිට හපන් ලේ දෙන්න ගියාම . නර්ස් අක්කා ලස්සනට කට්ට බස්සනවා . එත් පස්සේ ඉතිං ලේ ගන්න ඉන්නේ අටන්ඩන්ලානේ . උන් දන්නේ නෑ . උන් ලේ පැකට් එක හොලව හොලව ඉන්නවා . එතකොට ලේ බටෙත් එක්ක කටුවත් හෙලවනවා . එතකොට තමා උගේ අම්මව මතක් වෙන්නේ . ;) ;)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.