Friday 3 December 2010

ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි


මේ ලෝකේ උපදින හැම දෙනෙකුට ම වෙන දෙයකට මුහුණ දෙන්න දැන් සුළු මොහොතකට කලින් මට සිදු වුනා.

ඒ තමයි මගේ තාත්තා ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබීම.

හිතේ දුක් ගින්න දරාගැනීම මං මේ මොහොත වෙන තුරු හොඳට කරනවා.

මගේ තාත්තාට නිවන් සුව ලැබේවා!

මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි.


මිතුරා ට ලියූ ලිපිය

පියා මිය ගිය පුවත
ලැබ සිත වුවද කම්පිත
සඟවා කඳුළු නෙත
මා කියන බස අසන් පිය මිත

උපන්නොත් මෙලොවේ
දිනක මරණය හිමිවේ
මෙය බුදු දහම වේ
සියළු දේ ලොව නැසෙන සුළු වේ

ඔබ අද ලැබූ එම
දුක් බරිත පණිවිඩයම
මතු දිනයකදි මම
ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

එය අවසන නොවේ
දුක එලෙස නිම නොමවේ
අප පුතුනට ලොවේ
දිනෙක මේ දුක් පුවත හිමි වේ

අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී

අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට

දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස

ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ

පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු

-කතන්දරකාරයා

125 comments:

  1. katandara,

    'May the good memories of love you shared with your father comfort you now and in the days ahead.'

    අනේ කතන්දර හිතට හරිම දුකයි. හාමිනේට කමක් නැත්නම්, මට මේක ඉවර කරන්න පුලුවන්ද මෙහෙම කියලා.

    with love & hugs.

    ReplyDelete
  2. කශූගේ පියතුමාට නිවන් සැප ලැබේවා !

    ReplyDelete
  3. එතුමාට අමා මහ නිවන් සුව අත්පත් වේවා..!!! අපට ඉතසිතින් පැතිය හැක්කේ එපමණයි නේද? :'(

    ReplyDelete
  4. My deepest sympathies brother. May he attained Nibbana.

    ReplyDelete
  5. කාකා...

    කමෙන්ට් එකක් දාන්න පහලට අඅවිදගෙන එනකොට මෙ කොටුවෙ උඩින් තියෙන කතන්දරෙ ගැන මොකද හිතෙන්නේ කියන අකුරු ටික දැක්කම..මම කියන්න ගිය දේත් මට අමතක උනා..
    ඇත්තටම ජීවිත කතන්දරෙ ගැන අපිට මොකද හිතෙන්නේ...
    තව පිටුවක් ගැලඋනා වගේ නේද..?

    මම අමුතුවෙන් කාකාගේ හිත හදන්න ඔන නැහැ..කාකාම යතාර්ථය දන්නවා..
    ඔහුට නිවන් සුව ලැඛෙවා...

    ReplyDelete
  6. බොහොම කනගා‍ටුයි. එතුමාට නිවන් සැප අත්වේවා!

    ReplyDelete
  7. හැමදාමත් උදෙන් මෙහෙට එන්නෙ හොඳ දෙයක් දකින්න, ඒත් අද??? කතන්දර ශූරින් ගේ දයාබර තාත්තාට අමා මහ නිවන් සුව ලැබේවා!!!!

    ReplyDelete
  8. අපේ අප්පච්චිලාට ඔය පණිවිඩය ලැබුනා... අපිටත් ලැබෙයි.... අපේ දරුවන්ටත් ලැබෙයි... වෙනස තියෙන්නෙ කවදා කොයි වෙලේද කියලා නොදන්න එක විතරයි....

    මගේ සාතිශය සංවේගය පිළිගන්න කසූ......... හදවතින්ම දුක් වෙනවා මේ වෙලාවේ......

    ReplyDelete
  9. කසූගේ පියාණන්ට නිවන් සුව අත්වේවා..!

    ReplyDelete
  10. කතන්දර අයියාගේ තාත්තාට නිවන් සුව අත්වේවා!!!!!
    අයියාගේ කවිය කියෙව්වාම මගේ ඇස් වලටත් කඳුළු ආවා.

    ReplyDelete
  11. Kathandarage blog ekata mama awe langadi... mulma comment 1 me wage ekakata denna wei kiyala heenekinwath hithuwe naha....

    mata godak kanagatui... thaththata niwan suwa lebewa!!!!!!!!!!!!!

    ReplyDelete
  12. අද පෝස්ට් එකේ මාතෘකාව දැකලා ඒක කියවන්න ඇවිත් දාලා තිබුණු පින්තූරේ එහෙම දැක්කාට පස්සේ මට හිතුණා මේ වගේ දෙයක් තමයි අද කසූ කියන්න යන්නේ කියලා.

    කොහොම නමුත් පතන්නට යමක් ඉතිරිවෙලා තියෙනවා නම් ඒ ඔබේ පියාට නිවන් සුව ප්‍රාර්ථනා කරන එකයි. මේ සංසාර ගමනෙන් එතෙර වෙලා අමා මහ නිවන් සම්පත් ලැබේවා කියලා බෞද්ධයෙක් විදිහට මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  13. ඔහු අපේම කෙනෙක් වෙලා ඉවරයි. ඔපේ කතන්දර සමග ඔහු තව බොහෝ කාලයක් අප සමග ජීවත් වේවි....
    ඔබේ පියාට නිවන් සැප ලැබේවා......

    ReplyDelete
  14. මගේ සාතිශය සංවේගය කකා...

    ReplyDelete
  15. බොහොමත්ම කනගා‍ටුයි. එතුමාට නිවන් සුව පතමි!!!!

    ReplyDelete
  16. අපිටත් මතු දිනෙක මෙපුවත අසන්නට ලැබෙනු ඈත. එය ලෝ දහමයි

    නිවන් සුව අත් වේවා ඔබේ පියතුමන්ට, අපගේ බලවත් කණගාටුව....!!

    ReplyDelete
  17. තාත්තාට නිවන් සුව ලැබේවා කතන්දර.
    අර අන්තිම කොටසෙ ලියල තියෙනව වගේ ඒ තරම්ම හොඳ තාත්තෙක් වෙන්න ඔබට ආසිරි....

    ReplyDelete
  18. කසූගේ පියතුමාට නිවන් සුව අත් වේවා....කවිය හරිම සංවේදියි...

    ReplyDelete
  19. කකාගේ පියාට නිවන් සුව අත්වේවා!!!!
    මගේ සාතිශය සංවේගය..........

    ReplyDelete
  20. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවායි පතමි

    ReplyDelete
  21. කණගාටුයි :(
    උපදිනකොට නියත එකම දේ මරණය
    අපි ආවොත් යන්නම ඕනෙ
    නොගිහින් ආයි එන්න බෑ
    නැවත නැවතත් මේ ගමනේ නොයෙදී
    ඉක්මනටම අහවරයක් කරන්නට
    කතන්දරගේ පියාණන්ට හැකි වේවායි හිතමු !!

    ReplyDelete
  22. Please accept heartfelt expression of my sympathy and condolences on the death of your father.
    may he attain nibbana !

    ReplyDelete
  23. මේ හැම දුකක් ම විඳින්න වෙන්නෙ අපි ඉන්න නිසානෙ. මීට කලින් භවයන් කීයක මේ වගේ දුක් විඳින්න ඇද්ද? ඉදිරියට කොච්චර දුක් විඳින්න වෙයිද ?

    මේක තියෙන එකම සහ හොඳ විසඳුම තමයි නිවන් දැකීම

    ReplyDelete
  24. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවායි පතමි!

    ReplyDelete
  25. කතන්දරගෙ පියාණන්ට නිවන්සුව අත්වේවායි පතනවා...
    කවි ටිකනං හරිම සංවේදීයි.

    ReplyDelete
  26. අද අමුතුම කතන්දරයක්. පළමුවරට දුක ‍දැනෙන.
    ඔබේ පියාණන්ට නිවන් සුව !!!

    ReplyDelete
  27. ඒ අප්පච්චීට සසර ගමන කෙලවර කොට නිවන් සුව දකින්ට හේතු වාසනා ඇතිවේවා... කරුණාකර දන්නා කෙනෙක් ඇත්නම් මට අවසන් කටයුතු කෙරෙන තැන දන්වන්ට... යාමට බලාපොරොත්තු වෙමි...!!

    ReplyDelete
  28. ලැබුන ආරන්චිය පිලිබඳව ඉතාම කණගාටුවට පත් වුනා කතන්දර .

    ඔබේ පියාණන්ට නිවන් සුව පතමි. !

    ReplyDelete
  29. අර කියන්නා වගේ, උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ, මරණයක් කොටා ඇත නළලේ.. කවදාහරි දවසක අපිටත් ඒ පණිවුඩය එයි.

    ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවායි පතමි!

    I am sure he is proud of you..

    ReplyDelete
  30. පමාවට සමාව!!! පියානන්ට නිවන් සුව...!!!
    ඇත්තටම කොහේද අවසන් කටයුතු තියෙන්නේ? අපිව දැනුවත් කරන්න.

    ReplyDelete
  31. ඔබගේ පියාණන්ට නිවන් සුව පතනවා.
    ඔව්, ඔබේ පියාණන් ආඩම්බර වෙයි මේ වගේ දරුවෙක්ව හදපු වඩපු එකට.

    ReplyDelete
  32. කසූගේ පියාණන්ට නිවන් සුව අත්වේවා..!

    ReplyDelete
  33. ඔබගේ පියාණන්ට නිවන් සුව පතමි....!

    ReplyDelete
  34. ඔබේ පියා හට නිර්වාණට අත්වේවායි ප්‍රාර්ථනා කරමි.!

    ReplyDelete
  35. මළ ගෙවල් වල යන ගමන ඉලවු ගෙදර දොරකඩට පමණක් මම සීමා කරන්න ගත්තේ මගේ රත්තරන් තාත්තගේ මළ ගෙදරින් පස්සෙ... කෙනෙක් මළාම දැනෙන දුක වේදනාව මට හරියටම දැනෙන්න ගත්තෙත් මගේ තාත්තා මිය ගියාට පස්සේ...

    ඉතින් තාත්තල ගැන කියන්න මට වචන නැහැ කතන්දර...

    අපි බෞද්ධාගමිකයන් විදිහට පතන අවසන් සුවය "නිවන් සුව" මගේ තාත්තාට මෙන්නම ඔබේ ආදරණිය තාත්තාටත් අත් වේවායි පතමි...

    එතෙක් හමුවන සසර පුරාවට ලෝකෙ ඉන්න හොඳම තාත්ත හැමදාම අපේ තාත්තම වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්...

    ReplyDelete
  36. අපේ ශෝකය.
    ජීවිතයත් හැම දෙයක්ම වගේම සීමිතයි.
    ඒත් ඒ පිට ඉඳන් බලන අයට.

    -ලොකු

    ReplyDelete
  37. කතන්දරගේ තාත්තාට නිර්වාණයම අත්වේවායි පතන්න මමත් එකතු වෙනවා...

    ReplyDelete
  38. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ = ප්‍රියයන්ගේ වෙන් වීම දුකකි....

    ක.සූ ගෙ තාත්තට නිවන් සුව අත්වේවා........

    ReplyDelete
  39. කතන්දර අයියගේ අප්පච්චීට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.....!!!

    ReplyDelete
  40. මගේ සාතිශය සංවේගය කකා.
    කකා ගේ පියාට නිවන් සුව පතමි

    ReplyDelete
  41. My deepest sympathies brother.....I wish he would rebirth in a good place,and in the end,attain nibbana........

    ReplyDelete
  42. මගේ සාතිශය සංවේගය කකා.
    කකා ගේ පියාට නිවන් සුව පතමි

    ReplyDelete
  43. අතිශය කණගාටුව ප්‍රකාශ කරමි.
    පියාට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  44. මාගේ සාතිශය සංවේගය. ඔබේ පියාගේ ආත්මයට මොක් සුව ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  45. When you arrive in this world,
    The only absolute certainity is,
    You have to leave one day,
    Sooner or later,

    When, why, how & where,
    therein lies the difference,
    nevertheless you have to leave,
    Period,

    Dear Friend,
    My deepest sympathies,

    ReplyDelete
  46. එතුමාට නිවන් සැප අත්වේවා!

    ReplyDelete
  47. කකා ගේ පියානන්ට අජරාමර නිවන් සුව අත්වෙවා ..?

    ReplyDelete
  48. පියාණන්ට නිවන් සුව පතමි.

    ReplyDelete
  49. ඉතාම කණගාටුදායක පුවතක්..
    ඔබගේ පියාණන්ට නිවන් සුව පතනවා..!!

    ReplyDelete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. Kathandara, obage piyathumanta niwan suwa labeewa...!

    Helaya...

    ReplyDelete
  52. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවායි පතමි

    ReplyDelete
  53. My heartiest sympathy.

    Someone pls let us know where the funeral is held.

    ReplyDelete
  54. පියාණන්ට නිවන් සුව!

    ReplyDelete
  55. හරිම කණගාටුයි !
    මතු අත් බවේත් එතුමා ඔබගේම පියා වේවා !!!
    (මම ලඟදි කතන්දර බලන්න ආපු කෙනෙක් )

    ReplyDelete
  56. dukbara news ekak eth monawa karannada apita yatharthayata muna dennama wenawa malli. oyage thathtata niwansuwa parthana karanawa.

    ReplyDelete
  57. පතන්නාවූ බෝධියකින් නිවන් පුර දොර ඇරේවා තාත්තේ!!

    ReplyDelete
  58. මා පෙර පවසා ඇති පරිදි ඔබ වන් පුතෙක් හැදු උතුම් පියෙකු වන එතුමාට දෙව්ලොව කරක්ගසා සසර දුක් වැඩි නොකරගෙන උතුම් මනුසත් බවක්ම ලබා නිවන් මග සාක්ෂාත්කරගැනීමට ලැබේවා.

    ReplyDelete
  59. අමා මහ නිවනින් සැනසේවා පියාණෙනී..!!

    ඔබට නිවන් සුව..!

    ReplyDelete
  60. තාත්තා ඉපදුණු මාසයේම මේ ලෝකය අතැර ගියත් , සාමාන්‍ය තාත්තා කෙනෙක් වුණාට වඩා "කතන්දරගේ තාත්තා" වීම ගැන අප්‍රමාණ සතුටක් තියෙන්න ඇති...

    "කතන්දරගේ තාත්තාට" නිවන් සුව...

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
  62. කතන්දර අය්යාගේ පියාණන් වහන්සේට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  63. හදපිරි ශෝකය! ඔබගේ මතකයන් ඔබට ධෛර්යය ලබා දේ යැයි පතමි!

    ReplyDelete
  64. මගේ සාතිශය සංවේගය :(

    ReplyDelete
  65. "උත්පත්තියා සහෙවේදං,මරණං ආගතං සදා"
    කතන්දර ශූරින්ගේ පියාණන්ට නිවන් සැප ලැබේවා...

    ReplyDelete
  66. උඹේ තාත්තාට නිවන් සුව අත්වේවා . . .. !

    ReplyDelete
  67. කතන්දරෙ ගෙ පියාට අමා නිවන් සුව ලැබේවා....ඔබ වන් පුතකු ලද ඔහු සැබැවින්ම ආඩම්බරනීය පියෙකු ලෙස මෙලව හැර යන්න ඇති,

    ReplyDelete
  68. කතන්දරකාරයාගේ පිය තුමාට නිවන්සුව ලැබේවා

    ReplyDelete
  69. මගේ සාතිශය සංවේගය කසූ...

    ReplyDelete
  70. යාම දුකකි...ඒමද දුකකි..නොගොස් එන්නට බැරිය..නෑවිත් යන්නට බැරිය.. ලොව ඇත්තේ යාම් සහ ඒම්ය.
    (මලගිය ඇත්තෝ)

    කසු මම ඔයාගේ තාත්තවවත්, ඔයාවවත් පුද්ගලිකව දන්නේ නෑ. නමුත් තාත්තට ඔයා කොච්චර ආදරේ කරාද කියලා මේ බ්ලොග් එකෙන් දැක්කා. දරන්න බැරි වේදනාවක් තමා..

    කසුගේ තාත්තට නිවන් සුව පතනවා!!!

    ReplyDelete
  71. කතන්දර,
    තාත්තට හොඳ ඊලග ආත්මයකුත් අවසානයේ නිවන් සැපත් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  72. එතුමාට නිවන් සැප ලැබේවා

    ReplyDelete
  73. බොහොම කණගාටුයි කසූ... :( එතුමාට මතු උපදින බවයක නිවන් සුව ලැබේවා කියල පතනවා..

    ReplyDelete
  74. බොහොම කණගාටුයි කසූ... :( එතුමාට මතු උපදින බවයක නිවන් සුව ලැබේවා කියල පතනවා..

    ReplyDelete
  75. මම මේ බ්ලොග් එකක අඳුරගත්තෙ මෙවැනි පුවතකින්....

    ඔබේ පියා මේ භවයේයේදි නොලැබුනත්, ඉදිරි ආත්ම භාවයකදී නිවන් සුව අත්වේවා!!!

    මට බොහොම කණගාටුයි සහෘදයා. ම‍ගේ සංවේගය.......

    ReplyDelete
  76. හිතේ දුක් ගින්න මේ වනතුරු දරාගන්නවා කියල කියවද්දි මට තේරුනේ කසූ ජීවිතේ ගැන කොච්චර දුරට තේරුම් අරන් තියනවද කියලා... කොහොම වුනත් මමත් ප්‍රාර්ථනා කරනවා මේ නිමක් නොපෙනෙන සංසාර චක්‍රයේ කෙලවර දකින්නට කසූගෙ පියතුමාට කසූවන් පුතුන් ලද පිනත් හේතුවේවා කියා...

    ReplyDelete
  77. Please except my deepest sympathies on your great loss.

    ReplyDelete
  78. එතුමාට නිවන් සැප ලැබේවායි පතමි!

    ReplyDelete
  79. සාතිශය සංවේගය
    ඔබේ පියාට නිවන් සුව ලැබේවා කියා ප්‍රර්ථනා කරමි

    ReplyDelete
  80. දුකයි සහෝදරයා ! ඇත්තටම ..තාත්ත කෙනෙකුගේ අඩුව හොඳටම දන්න කෙනෙක් විදිහට මට ඔබේ දුක හිතාගන්න පුලුවන් ..

    මරනය අපි හැමෝටම උරුමයි ..අපි හැමෝම කෙදිනක හෝ ඊට මුහුන දීමට සූදානමෙන් සිටිය යුතුයි ..

    ඔබේ පියාණන්ට නිවන් සුව!

    ReplyDelete
  81. කතන්දරකාරයාගේ පිය තුමාට නිවන්සුව ලැබේවා
    ම‍ගේ සංවේගය

    ReplyDelete
  82. මරණය යනු ඉතා තාවකලික සමුගැන්මකි.උතුම් පිය පදවිය ඔහුව ඔබේ හදවතේ සදා ජීවත් කරවනු ඇත.එය ‍එසේමය.
    "පියාණනි ඔබ මතු බුදු වේවා..!"
    නන්නාඳුනන මට කළහැකි එකම කාර්යය මෙය පමණි.එය මා හදවතින්ම ඉටු කරමි.

    ReplyDelete
  83. කතන්දර ශූරින් ගේ දයාබර තාත්තාට නිවන් සුව ලැබේවා...!

    ReplyDelete
  84. කතන්දරගේ පියාණන්ට අමාමහ නිවන්සුව අත්වේවා....!!!

    ReplyDelete
  85. මේ අතිශය සංවේදී අවස්ථාවේ මාගේ කනගාටුව ප්‍රකාශ කරමි. සංයමයෙන් ඉදිරි වැඩකටයුතු කරගෙන යාමට දිරි පතමි.

    ReplyDelete
  86. ඉතාමත් ශෝක ජනක ආරංචියක්
    ඔබේ පියානන්ට නිවන් සුව පතනවා

    ReplyDelete
  87. හුගක් දුක හිතෙන ආරංචියක්

    ඔයාගේ තාත්තාට අමාමහ නිවන් සුව ලැබේවා

    ReplyDelete
  88. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවායි පතමි

    ReplyDelete
  89. කකාගේ පියාගේ අභාවය පිළිබද අපේ බලවත් කණගාටුව

    ReplyDelete
  90. ඔහුට අමා මහ නිවන් සුව අත්වේවා!!!

    ReplyDelete
  91. ඔහුට අමා මහා නිවන් සුව ලැබේවා

    ReplyDelete
  92. obe piyata niwan suwa labewa kiyala mama pathanawa .... ow kawiyea thibuna widiyata .. api hamoma dawasaka marenawa ... kaka piyata wenna ona yuthukam nopirihela itukarapu kenek nisa ea gana hithala duka thuni karaganna balanna ...

    ReplyDelete
  93. කනගා‍ටු දායක අරන්චියක්..
    දුක බෙදාගන්න හරි ලගට එන්න බැරි 1ක ගැනත් හිතට අමාරුයි...
    ක.ශු. හිතන විදිය හරි...

    පියානන්ට නිවන් සුව ලැබෙවා..!!!

    ReplyDelete
  94. ජීවිතේ හෑටි ඔහොම තමයි සහෝදරයා.ඔය අත්දෑකීම ලබද්දි මට වයස 18.හිත හදාගන්න.කාලයත් එක්ක දුක තුනීවෙලා යයි.අප්පච්චි වෙනුවෙන් පිං දහම් කරන්න.

    ඔබේ පියාණන්ට නිවන් සෑප ලෑබේවා!

    ReplyDelete
  95. "කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න!"
    මෙතෙක් දවස් කතන්දර කියවලා හිතපු දෙවල් වලට වඩා ගොඩාක් වෙනස් දෙයක්... ගොඩක් දුකයි. ඒ වුනත් කතන්දර කාරයා යථාර්තය දන්නවා කියලා පැහැදිලියි...
    සංවේගයෙන් පතමි. උපන්නාවු තැනක හිද උතුම් වු නිර්වානය සාක්ෂාත් කොට ගෙන මේ සසර ගමන කෙලවර කිරීමට වාසනාව ධෛර්යය ලැබේවා...!!!

    ReplyDelete
  96. කතන්දර සූරීන්ගේ පියතුමාට නිවන් සුව !!

    ReplyDelete
  97. අපිව දිවා රෑ නොබල වෙහෙස මහන්සි වී රැකගත්...අපේ ජීවිතයේ සාර්ථකත්වයේ සලකුන වූ...මොනම දුකේදි වත් අපිව හැර නොයන පියාණන් මේ දුකේදි අප හැර ගිහින්....මට නන් ඒ දුක දරා ගන්න බැරි වෙයි...ඒක නිසා කල හැකි එකම ප්‍රාර්ථනාව වන්නෙ පියාණන්ට නිවන්සුව පැතීම පමනි.

    ReplyDelete
  98. සියක් දෙනෙක් ඔබ වටා.. දුක බෙදා ගන්නට..
    තාත්තා ඔබ ගැන සතුටු වෙයි.. නොසැලී ඉන්න!

    ReplyDelete
  99. පිලේ පැදුරේ සාතිශය සංවේගය!

    ReplyDelete
  100. මාගේ සාතිශය කණගාටුව . . . !

    ඔබේ පියාණන් පතනා බෝධියකින් නිවන් මග සාක්ෂා කර ගනිත්වා . . . !

    ReplyDelete
  101. ඔබගේ පියා අයෙමත් මේ බියකරු සසරට නොවැටේවා..!
    උතුම් නිර්වාණය අවබෝධ කිරීමට ලැබේවා!!!

    ReplyDelete
  102. පියාට නිවන් සුව ලැබේවා!!!

    ReplyDelete
  103. මට බොහොම කණගාටුයි සොහෝදරයා .ඔබගේ පියතුමන්ගේ අභාවය වෙනුවෙන් මගේ සාතිශය සංවේගය පුදකර සිටිනවා

    ReplyDelete
  104. කතන්දරගේ තාත්තාට නිවන්සුව පතමු.

    ReplyDelete
  105. තාත්තාට නිවන් සුව අත්වේවා!!!!!

    ReplyDelete
  106. ඔබේ පියාණන්ගේ අභාවය ගැන කණගාටුව ප්‍රකාශ කරන අතර අවමඟුලට සහභාගි වීමට නොලැබීම ගැන කණගාටු වෙමි. (ප්‍රතිචාරය පමාවූයේ අවමඟුලට එන්ට සිටි බැවිනි. එහෙත් හදිසි කටයුත්තක් නිසා එන්ට නොලැබෙනු ඇත.)

    - Taboo

    ReplyDelete
  107. my deepest sympathy bro......

    තාත්තාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  108. කතන්දර අයියේ,සමාවෙන්න කියලා කියනවා මුලින්ම.මට ඔයාගෙ බ්ලොග් එකට එන්න බැරුව තිබුනේ.නමුත් දැන් හරි.
    මේ ආරංචිය දැනගත්තම ගොඩක් දුක හිතුනා..ඔබගේ පියාණන්ට නිවන්සුව අත්වේවා..!
    බුදුසරණයි...!

    ReplyDelete
  109. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවා

    ReplyDelete
  110. ඔබේ පියාට නිවන් සුව!!

    ReplyDelete
  111. ඒ ආදරණීය පියතුමාට නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  112. කශූගේ දයාබර පියාණන්ට නිවන් සැප ලැබේවා!!!!

    ReplyDelete
  113. කතන්දරගෙ පියාණන්ට නිවන්සුව අත්වේවා!

    ReplyDelete
  114. අප්පට සිරි මචන්. මම දැන් දැක්කේ. මගෙත් බලවත් ශෝකය පළ කරනවා. ඒ වගේම ඔබේ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. දුක ඇති තැනක ඉපදී නම් එම දුක නැති වන්නත් සුඛ ඇති තැනක ඉපදී නම් එම සැපය වැඩි වන්නත් ප්‍රාර්ථනා කරමි.

    /බිඟුවා...

    ReplyDelete
  115. අයියේ ඔයාගේ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  116. දුකයි යාළු. ඒ උනාට යාළු අපි ආදරේ කරන අයයි අපිට ආදරේ කරන අයයි අපිව දාලා ගියාට හැමදාම එයාලා අපි ගාව හැමදාම ඉන්නවා වගේ දැනෙනේවා . ඔබේ පියාට නිවන් සැප ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  117. පිය තුමාට නිවන් සුව ලැබේවා

    ReplyDelete
  118. ඔබේ කරුණාවන්ත වදන් අසා මගේ දුක කෙමෙන් නිවුනි.
    ස්තුතියි.

    මේ පොදු ස්තුතිය සහ තාත්තා ගැන මගේ මතකයන්.

    http://kathandara.blogspot.com/2010/12/blog-post_10.html

    කතන්දරකාරයා

    ReplyDelete
  119. සමාවෙන්න ඕනේ කතන්දර අයියේ අදයි මේ ලිපිය දැක්කේ.
    ඔබේ පියතුමාට නිවන් සුව අත්වේවා'යි මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  120. කතන්දර මල්ලී, සමාවෙන්න අදයි මම මේ ලිපිය කියෙව්වේ.

    මගේ පියා මිය ගිහින් දැන් වසර 18ක් වෙනවා. ඔබ කියූ පරිදිම පියවරුන් දූදරුවන් වෙනුවෙන් කල කීදේ අපරිමානයි. අද මමත් පියෙක්. ඒත් තවමත් මම ඒ ණය ගෙවන්නට වෙහෙසෙනවා. මගේ දියනිය පෙරපාසැල් කඩුල්ල ලග සිට "තාත්ත යන්න එපා" යයි මගේ ගෙල බදාගෙන හඩනා විට මමත් එලෙසම ඇඩූ හැටි, තාත්තා මා සැනසූ හැටි අදත් මට මතක් වෙනවා. එතකොට මට හිතෙන්නෙ මා ගෙවූ ණය, මහාමේරුව මත තැබූ පුංචි අබ ඇටයක් තරම් බවයි.

    "රැක්මට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..."
    "පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී...."

    ඔබේ කවියත් මේ අඩුව සපුරන්නට උදවු කරාවි.

    ඔබේ පියාණන්ට නිවන්සුව ලැබේවා!

    තෙරුවන් සරණයි.

    ReplyDelete
  121. මම අදමයි ඔයාගෙ බ්ලොගයට ආවෙ.. කොමෙන්ටුත් ගොඩක් දැම්ම වගේ මතකයි...
    ඒත් මේකටත් නොදා යන්නෙ කොහොමද.. මට හරිම කනගාටුයි අය්යෙ.. අපි කාටත් ජිවිතේ අවසන් ගමනක් තියේ.. නමුත් කොතනද කොයි මොහොතෙද කියල විතරයි නොදන්නෙ.. ඔයාගෙ තාත්තට මම නිවන් සුව ප්‍රාර්තනා කරනව..!!

    ReplyDelete
  122. ඒ තාත්ත පිනැත්තෙක්. නුඹ වන් පුතෙකු හැදු.
    දුටු නොදුටු හැමෝගෙම පින් අනුමෝදනා ලබන්නේ නුඹ නිසා
    (සයිබරේට මම අලුත් නිසා) මියගිහින් අවුරුද්දකින් අදයි මම දැක්කේ. තවත් කොච්චරක් නම් කාලයක් මේකට කොමෙන්ටු එකතු වෙයිද
    සංසාරේ වගේ .....
    ඒ උත්තමයට නිවන් සුව!

    ReplyDelete
  123. මගේ තාත්තත් ගිය 10 වෙනිදා (ගිය සතියේ) අපිව තනි කරලා සදහටම යන්න ගියා.

    ReplyDelete
  124. පමාවට සමාවෙන්න. ළඟදියි මේ site එක සම්පුර්ණයෙන් කියෙවිවේ. තාත්තාට සන්තෝෂ වෙන්න පුළුවන් පුතෙක් ඔබ. ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වේවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.