ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Tuesday 9 November 2010
වී.කේ. විරාජ් ගේ ජර්මානු ගමන
අපි හුඟ දෙනෙකු ගේ හිත් ක්‍රියාකරන්නේ එකිනෙකට වෙනස් අමුතුම විදිවලටයි.
හොඳට හිතල බලන්න, අවුරුද්දකටත් වඩා කාලයක් බ්ලොග් එකක් ලියන අයත්, ඒ වගේම දිග කාලයක් උදේ හවා බ්ලොග් කියව කියව ඉන්න අයත් ඉතිං එක්තරා ආකාරයකට අමුතු කට්ටියක් කියලයි මට හිතෙන්නේ. එහෙම නේද?
වී.කේ. විරාජ් කියන්නෙත් අමුතුම පොරක් ඒ කාලෙ.
මුලින්ම කියන්න ඕනැ, ඔය වී.කේ. කියන්නේ පොර ගේ ඇත්ත මුලකුරු නෙමේ. ඒවා පාප මිත්‍රයෝ දාපු අකුරු.
විරාජ් ගේ වැඩ හරිම ඉක්මං. එක තැනක ඉඳලා අනිත් තැනට යන්නේ නිකං හන්ඩ්රඩ් මීටර්ස් දුවන්න පුරුදු වෙනවා වගේ. ඒ අතිං හරිම කාර්‍යක්‍ෂමයි. කතාවේ වේගය ඊට එහා. තත්පරේකට වචන හැටක් විතර කතාකරන්න පුළුවන්. ඒක නං හැබැයි එච්චර කාර්‍යක්‍ෂමයි දෙයක් නෙමේ. මොකද පොර අපි එක්ක කතා කරන කොට, එකම දේ දෙතුන් පාරක් කියන්න වෙනවා. ඒ නිසා අන්තිමේදී සාමාන්‍ය වේගයෙන්ම තමයි අදහස් හුවමාරුව වෙන්නේ.
ඒ කියල තමන් ගේ වේගය අඩු කරන පොරක් නෙමේ, වී.කේ. විරාජ්!
ඒක හින්දම තමයි ඔය වී.කේ. කියන මුලකුරු පට බැඳුණෙත්.
වී. කේ. කියන්නේ වෙඩි කෑ කියන එකටයි. ඒක විරාජ් ගේ අධි වේගය ගැන කෙරෙන ප්‍රශස්තියක් කියල කියන්නත් පුළුවන්.
වේගය අතින් විරාජ් ට කිට්ටුවෙන් යන තව පොරක් හිටිය. මිනිහට කොල්ලො කිව්වෙ ඩී.බී. කියලයි. ඒ කියන්නේ දඩි-බිඩි.
වී.කේ. එකක් කියන්නේ දඩි බිඩි දාහකට කියලයි අර්ථ දක්වලා තිබුනේ.
වි.කේ. ගැන හොඳම තමයි කියන්න තියෙන්නේ. කාර්‍යක්‍ෂමකමවිතරක් නෙමේ පුදුම ධෛර්යයකුත් තිබුණ පොරක්. කොටින්ම අපිට පොඩි රිපෝර්ට් එකක් ලියන්න තිබුණ කියල හිතන්න. දැන් තියෙන වර්ඩ් ප්‍රොසෙසර් හොඳ නෑ කියල හිතුනොත්, පොරට පුළුවන්, ඒ වෙනුවෙන් අළුත් වර්ඩ් ප්‍රොසෙසර් එකක් ලියන්න. ඔන්නං, ඒක ලියන්න තමන් දන්න C++ වෙනුවට අළුතින් JADE වගේ එකක් මුල ඉඳලා ඉගෙන ගන්නත්.
ඔන්න මේ කියන කාලේ වී.කේ.ලයි, රත්නායකලයි, අපියි පස්තාච්චි ඇදලා ඉවරවෙන කාලේ. මේක ඉවරකරලා දොස්තර විභාගෙට යන්නයි හුඟ දෙනෙක් ගේ කල්පනාව. මේ කට්ටිය ගේ වැඩේ ඉතිං, USA වල, UK වල, Australia වේ යුනිවසිටි ගැන කතාකරන එකයි.
වී.කේ. ඉතිං ඔය කතාබහට වැඩිය සම්බන්ධ වෙන්නේ නෑ.
"ඈ බං වී. කේ., උඹේ අදහස කොහේ ගිහින් පී.එච්.ඩී. කරන්නද?"
"මචංමංපීඑච්ඩීකරන්නයන්නඉන්නේජර්මනියටයි."
"මොකක්ද වී.කේ. කිව්වෙ?"
"මංපීඑච්ඩීකරන්නයන්නඉන්නේජර්මනියටයිමචං."
"යකෝ අපිට තේරෙන්න හිමිං කියපංකො බං. උඹ කොහේ යන්නද ප්ලෑන් කරන්නේ?"
"ජර්මනියට!"
"ජ ර් ම නි ය ට ?"
"ඔව්බංමංයන්නහිතන්ඉන්නේජර්මනියටතමා."
"ඇයි, ඒ?"
"මේකනේමචංපීඑච්ඩීඑකක්කරන්නතරංමගේඉංග්ලිෂ්දැනුමහොඳමදිමංහොයලාබැලුවාජර්මනියේපීඑච්ඩීකරන්නඉංග්ලිෂ්ඕනෙනෑජර්මන්වලින්පුළුවන්."
"ඉතිං උඹ ජර්මන් දන්නවද?"
"නෑබංහැබැයිමංහෙටඉඳලාජර්මන්ඉගෙනගන්නවා."
-කතන්දරකාරයා
ප/ලි
අළුතින්ම ජර්මන් ඉගෙන ගෙන, ජර්මනියට ගිහිං පී.එච්.ඩී. තීසිස් එකක් ලියන්න ට්‍රයි කරන්නේ නැතුව, ඊට වඩා කෙටි කාලයකින් දන්න ඉංගිරිසි ටික වැඩි දියුණු කරගන්න පුළුවන් බව වී.කේ. ට ම තේරෙන්න ඇති.
ආචාර්ය වී.කේ. විරාජ් ට ජයවේවා!
Subscribe to:
Post Comments (Atom)
කොහොමහරිවීකේවැඩේකරගෙනවගේ....
ReplyDeleteකො හො ම හ රි වී කේ වැ ඩේ ක ර ගෙ න ව ගේ...
ඉතින්විරාජ්පිඑච්ඩීඑකගොඩදාගත්තද?
ReplyDeleteආහ්හරිහරිආචාර්වවිරාජ්කියලපලිකොටසේලියලතියෙන්නේ.
ReplyDeleteදැන් වී.කේ විරාජ් Phd එකක් එහෙම කරගෙනද තියෙන්නේ................. :)
ReplyDeleteනිකමට වත් අදුන්වල දෙන්න පපාගගග
ReplyDeleteඅපි පවූගගග!
ඔය කියන කාලෙවගේ නෙවෙයි දැන් . ජර්මන් නෙවේ ඕනෑම භාෂාවකින් Phd එකක් ගන්න එක අද කජු කනව වගේ වැඩක්. අවශ්‍ය සල්ලි විතරයි. ලංකාවෙන් අඩියක්වත් යන්නත් ඕනනෑ. අන්තර්ජාලයෙන් වැඩේ කරගත හැකි. ඔය තිප්පොලවල්වල ඉගෙන ගත්ත සමහරුත් එහෙම ඒවා අරං තියනවා.
ReplyDeleteදන්නෝ දනිති. අනේ අනිච්චං !.
pbw
විරාජ්ගෙ තර්කයේ ඇත්තක් තියෙනවා. මොකද සුද්දා ඉංගිරිසිය හදල තියෙන්නෙ සන්නිවේදනය සඳහාම නෙවෙයි. කෙනෙකු කතා කරන භාෂාව, භාවිතා කරන වචන, ඇක්සන්ට් එක යනාදී වශයෙන් අටෝ රාසියක් දේවල් වලින් කෙනකුගේ සම්භවය, පන්තිය, කුලමල හොයන්න පුළුවනි. (මේක අපට විතරක් නෙවෙයි එංගලන්තය තුළ සුද්දාටත් අදාළයි.) ඒක වෙනස් කරන්න පුළුවන් දැඩි උත්සාහයකින් පසු පමණයි.
ReplyDeleteමා දන්නා තරමින් අනෙකුත් භාෂා වල එහෙම ගැටළුවක් නෑ. අනෙක ජර්මන්කාරයෙක් තමන්ගේ භාෂාව ඉගෙන ගත්ත පිටරැටියකු කෙරෙහි බලන්නෙ ධන හැඟීමකින්. සුද්දා වගේ අවමානයෙන් නෙවෙයි. ඉතින් ජර්මන් අමුතුවෙන් ඉගෙනගෙන හරි ආචාර්ය උපාධිය කරන එක ලෙහෙසියි.
- Taboo
@ප්‍රියන්ත
ReplyDelete@වත්
ඔයදෙන්නටමවැඩේඅහුවෙලාතියෙන්නේ!
@හශිත,
ReplyDeleteඅපෝ නෑ. අවුරුදු කීපයක් ම ගියා!
@ඉංදික
ReplyDeleteතේරුනේ නෑ මෙයා.
@ඇනෝ
ReplyDeleteඅර වරායෙ ලොක්කා ගේ එකත් ඔය වගේ එකක් නේද?
ඇයි ඉතිං සෝමා ගන්න ගිය එක?
@ටැබූ
ReplyDeleteමේ තර්කය නම් වැරදියි. ඕනෑම භාෂාවක විවිධ වචන, භාවිත සහ ඇක්සන්ට් තියෙනවා. ලංකාවේසිංහලම ප්‍රභේද කීයක්ද?
මට මතක විදියට ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ගේ නිගෝෂියේටර් හෝ ඒ වගේ නවල් එකක ජරමන් සහ වෙනත් යුරෝපීය ඇක්සන්ට් වලින් මිනිස්සුන්ව හඳුණා ගන්නවා.
දැං ඉතිං ෆෝර්සයිත් කාරයා සුද්දෙක් කියල නං කියන්න එපා.
එංගලන්තේ යන්න ගිය කෙනෙකු ගේ ඉංගීරිසි දැනුම ගැන කතන්දරයක් මතක් වුණා. ඒක අනිද්දාට දාන්නම්!
ඊ ළඟට දඩි-බිඩි ගැන කතාවකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?!
ReplyDeleteකතන්දර කියූ විදිය හරි. ඕනෑම භාෂාවක පළාතට ආවේණික විවිධ වචන, භාවිත හා උච්චාරණ හුරු තියෙනවා. ජර්මන් කතාබහේ දි කොයි පළාතෙන් ද කියල අපි මක්කටැයි ආවේ වගේ කියද්දි දැනගන්න ජර්මන් අයට පුළුවන්. ජර්මනියේ ඊට අමතරව දැනුමේ මට්ටමට අදාලවත් වෙනසක් දකින්න පුළුවන්. හයි ජර්මන් කියන්නෙ උගත් අය කතා කරන ජර්මන් බස් හුරුව.
දැන් එතකොට කතන්දර අයියගේ නමට ඔය වගේ ඉස්සරහින් වැටුනු කෑලි තිබුනෙ නැතිද..????
ReplyDelete@අරුණි,
ReplyDeleteදඩි බිඩි ගැන කතා එමටයි. නමුත් 1000 DB = 1 VK නේ.
හයි ජර්මන් ගැන අහන කොට මතක් වුනේ පැරිණ රුසියාවේ හයි සොසයිටිය කතා කරළා තියෙන්නේ ෆ්‍රෙන්ච් වලින් නේද? එංලන්තේ එලිසබෙත්ලා නං දැං ජර්මන් අත ඇරලා ඇති. උඩරට කට්ටියත් ශී්‍ර වික්‍රමගෙන් පස්සේ දෙමල අත ඇරියා නේ.
අහුබුදු ගැන w3Lanka එකේ කතා දැක්කාද?
@හිරු ප්‍රභා
ReplyDeleteමටත් වුනේ අරුණීට වෙච්ච එකයි. කල් ගියා එපා වුණා. ඉතිං මාත් පිලෝසොෆර් කෙනෙක් වුණා!
අරුණි කියපු දේ හරි.
ReplyDeleteජර්මනියේ federal states දාසය තුලම ඒ ඒ පලාතට ආවේණික උන වචන පවා තියනවා.
මම නම් හිතන්නේ හැම භාශාවකම ඒ විවිධත්වය තියනවා.
නෝර්වීජියන් භාශාව ගත්තොත් මුලු රටේම කතාකරන්නේ නෝර්වීජියන් උනත් එහිම උතුරට වෙන්නට ඇති පලාත් වල අය කතාකරන නොර්වීජියන් දකුනේ ඇති ඔස්ලෝ හා ක්‍රිස්ටියන්සෑන්ඩ් [Kristiansand]වැනි පලාත්වල ජනයාට තේරුම් ගැනීමට පවා නොහැකි තරමට වෙනස්ලු.
කොහොම උනත් ඉංග්‍රීසි තරම් ලේසියෙන් ජර්මන් භාශාව ඉගන ගන්නට බැහැ කියලයි මට නම් හිතෙන්නේ.
කතන්දර කොහොමද දන්නේ උඩරට අය ශ්‍රී වික්‍රමගෙන් පස්සේ දෙමළ කතා කරන එක අත ඇරියා කියලා.
ReplyDeleteඔයගතිගුණවලටඅමතරවවිරාජ්කාරයාලගනොයිවසිලිමත්ගතියනිතරඈසිපියගැසීමවගේදේවලුත්තිබ්බදකතන්දර?
ReplyDeleteනැහැ තවම අහුබුදු ගැන කියෙව්වෙ නැහැ. ගිහින් බලන්නම්. පහුගිය දවස්වල ලොකු වට්ටක්කා ගෙඩියක් පලාගෙන දවස් ගානක් වට්ටක්කා කේක්, වට්ටක්කා plätzchen , වට්ටක්කා pie, වට්ටක්කා සුප් හද හදා හිටියානෙ!!
ReplyDeleteඔව් රුසියාව විතරක් නෙමෙයි, එංගලන්ත සමාජයත් ප්‍රංශ ඉහළ උගත්කමක් ඇති අය කතා කරන භාෂාවක් විදියට සැලකුවා. මුල් ඇමෙරිකාවේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ද ප්‍රංශ භාෂාව කතා කරපු අයෙක්.
මදැයි 1000:1 අර අළුතින් අරින සූදු පොළකින් ඔයිට වඩා දිනුමක් ඇහැකි ද?!
මම හිතන්නෙ සිංහල දන්න සමහර අයට ජර්මන් ඉගෙන ගන්න ලේසි වෙන්න හේතු දෙකක් තියනවා. අපි වගේම සමහර දේවල් හඳුන්වන්න ජර්මන්කාරයාත් පාවිච්චි කරන්නෙ මූලික වචන. උදාහරණයක්: plätzchen කියන්නෙ little flat things = cookies. ඉතින් යමක නම අමතක නම් ඒක විස්තර කරන වචනය කිව්වම නම නිවැරදිව ඉබේමත් කියැවෙනවා. හරියට අනික් හේතුව ජර්මන්කාරයා යුරෝපයත් රුසියාවත් අල්ල ගන්න ගියාට මේ පැත්තට ආවේ නැහැනෙ. ඉතින් අධිරාජ්‍යවාදී ද්වේෂයක් නැහැ හිතේ භාෂාවත් එක්ක.
සියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteඔබේ කඩ්ඩ හොරද? එහෙනං මෙන්න ශිෂ්‍යත්වයක්!