Sunday 30 May 2010

ඡන්ද ප්‍රතිඵල විකාශන ඇන්ටර්ටේන්මන්ට් - හන්දියේ හෝටලේ චූ කතාව


සිංහල බ්ලොග් බලන ජනතාව වඩා කැමති කෙල්ල පෝසත් කොල්ල දුප්පත් ලව් ස්ටෝරීස් වලටද නැතිනම් කොල්ල පෝසත් කෙල්ල දුප්පත් ලව් ස්ටෝරීස් වලට ද යන්න සොයා ගැනීමේ මහා සමීක්‍ෂණය පැවැතවෙන බව දැන් මං දෙතුන් පාරක්ම කියලා කියලා එපා වෙලා ඇතිනේ.

මේ ඡන්ද ප්‍රතිඵල එනතුරු මෙකුත් ඇන්ටර්ටේන්මන්ට් කෑලි නැද්දැයි සයිබර් යාය ලියන කෙසෙල් කොටුවේ චූටි මහත්තයා අසා තිබේ.

මාසයක් මැලේසියාවේ හනිමූන් කා නොබෝදා පෙරලා ලංකාවට පැමිණි මුන්නැහේව අපි කොයි ලෙසින් ඇන්ටර්ටේන් කරන්නදැයි මට නොසිතේ.

කෙසේ වෙතත් හුදී ජන පාං සංවේගය පිණිස මෙන්න මේ පරණ කතාව ඇද බාන්නට සිතුවෙමි.

=====හන්දියේ හෝටලේ චූ කතාව==================

ඔන්න දුර ගමන් යන බස් පාරක එක් අප්‍රධාන හන්දියක පොඩි කඩයක් පටන් ගෙන තිබුණා. මුලින් ගමේ අයියලා බීඩියක් ගන්න, කහට එකක් බොන්න තමයි මෙතනට ආවේ.

පස්සෙන් පහු ඉඳහිට ලොරියක් දෙකක් නතර කරන්න පටන් ගත්තා. ඔන්න කඩේ ටික ටික දියුණු වෙනවා. කඩේ කරපු සිමියොන් අයිය සිමියොන් මුදළාලි වුනා. තේ ගහන්න කොල්ලෙක් ගත්තා. සීනි බනිස් දාන්න වීදුරු ෂෝ කේස් එකක් ගත්තා. පොඩියට කක්කුස්සියකුත් හැදුණා, කඩේට ගොඩ වෙන අයට එළියට පහලියට යන්න.

ඔන්න ඊට පස්සෙ මෙතන බස් නවත්තන්න ගත්තා. දවසකට දෙක තුනක්. බිස්නස් දැන් සරුයි.

මේ අව් අස්සෙ අල්ලපු ගමේ පොරකටත් පොඩි බිස්නස් අයිඩියා එකක් ආවා. මොකක්ද දන්නවද? මෙතනම තව තේ කඩයක් දාන්න.

හැබැයි මේ අළුතින් දාපු තේ කඩේට හැදුවෙ නෑ කක්කුස්සියක් අළුතින්. මෙතන තේ බොන අයත් යන්නෙ අර සිමියොන් ගේ කඩේ පිටිපස්සෙ තියෙන එකටමයි.

සිමියොන් ට මාර ජුවල්.

ඇයි වදේ, බිස්නස් දෙකෙන් එකට බැස්සා, ඒ මදිවට අළුත් කඩෙන් ගල් බනිස් කාල කහට ගහපු උනුත් චූ කරන්න එන්නේ තමන්ගේ තැනටයි.

ටික දවසකට පස්සෙ මෙන්න බොලේ කක්කුස්සියෙ දොරේ එල්ලා පොඩි පහේ දැන්වීමක්.

"අල්ලපු කඩෙන් තේ බී, මේ වැසිකිලියේ මුත්‍රා කරන්නා ද්‍රෝහියෙකි!"

=======පරණ ලංකාදීප පත්තරකින් උපුටා ගත්තකි===========

තවත් දන්න ඇන්ටර්ටේන්මන්ට් ස්ටෝරීස් හෙම තියෙනවනං ලියල යන්න.

ආ! වෝට් කරන්නත් අමතක කරන්න එපා.

කතන්දරකාරයා

13 comments:

  1. ඒක වෙන්නැති දැන් දැන් ඕවට අය කරන්නේ..... ද්‍රොහිකම යටයි සල්ලි වලට..
    වෝට් කරා ඔන්න.......

    ReplyDelete
  2. දේශද්‍රෝහියෙක් වෙන්නෙත් ඒ වගේ විදිහකටද ? :) :) ):

    ReplyDelete
  3. හැමෝම සල්ලි පස්සෙ දුවනවා.ඇත්තටම ඊමේල්, ඉන්ටර්නෙට්, මොබයිල්,පීට්සා නැතුවට ආදරේ කරන්න බැරිද?

    ReplyDelete
  4. -----ඡන්දය හා ඈන්ටටේට්මන්ට් කතාව----
    1. ඡන්දය අතරතුර සින්දු වැඩසහටහන්, ෆිල්ම් යද්දි,
    ''බලන්ඩකො ඉස්සර වගේ යැ දැං! ඡන්දෙ අස්සෙ හින්දි ෆිල්ම්, එක හිතකින් ඡන්දෙ බලන්ඩවත් නැ නේ මේ කෙහෙල්මල් එක්කලා''

    2. ෆිල්ම් එක නැගලා යන වෙලාවෙ ඡන්ද ප්‍රතිපලයක් ආවාම,
    ''ඔන්න ආයෙත් කෙහෙල්මලක් දාන්න නැවැත්තුවා. ප්‍රතිථල ටිකක් එකතු වෙනකං ඉදලා දැම්මනං ෆිල්ම් එකත් නිවීහැනහිල්ලෙ බලනවානේ,අපි ආයෙ ර​ට දාලා යනවයැ මේ හදිස්සිසෙ ඕක බලන්න''
    ..........................

    තවත් ඡන්ච ප්‍රථිපලයක්-
    මැලේසියා නෙමේ හදේ ගියත් අපේ සිංහල බ්ලොග් ගැන දන්න කව්රුත් මුලින්ම කියවන්නෙ මේ බ්ලොග් එකනේ. මමත් මැලේ ගිය ගමන් කලේ අපිව ස්පොන්සර් කරපු ධර්මේ අයියාගේ මැසිමට සිංහල දාලා කතන්දර බ්ලොග් එකට බුක්මාක් එකක් දා ගත්තු එක.

    දැං ධර්මේ අය්යාත් කතන්දරගෙ බ්ලොග් කියවනවා ''මල්ලි අර බුක්මාක් දාලා ගිය බ්ලොග් එකේ මාර කතානෙ යන්නෙ, මං දැං පත්තරේ බලල ඒකත් කියෝලම තමා වැඩට යන්නෙ''

    ''ආ.. එහෙමද අර සයිබර් යායත් කියෝනවා නේ ඔයා....''

    ''ම්..... සයිබර් යාය?, ඒ මොකද්ද මල්ලියා....මට අහුඋනේම නැනේ එහෙම එකක්?''

    ReplyDelete
  5. ඔන්න මේපාර කමෙන්ටුව දාන්න ඌබන්ටු එකෙන්ම ආවා.......
    හෙහ් හෙහ් වැසිකිලි කතාත් නැගලයවන වගේ. දැන් ඒපාර චූකතා පැත්තකින් තියල කස්ටියම වැසිකිලි කතා ලියයිද දන්නෙ නෑ නේද කකා අයියා..... ?? හික්ස්....

    ReplyDelete
  6. ක.සු ගෙ සමීක්ෂණයෙන් මග ඇරුණු මැද පන්තියේ ප්‍රේමය,,,ඔය රජයේ සේවකයින්ගෙ දූදරුවන්ගේ ආදරේ????

    ReplyDelete
  7. චූ කතා පිරිල හික් හික්.... ඔන්න චන්දෙ දැම්ම මමත්

    ReplyDelete
  8. ඔය දැන්වීම් වලට අපේ මිනිස්සූ සැලෙන ජාතියේ අය නෙවෙයි. දැන් බලන්න "මෙහි මූත්‍රා කිරීම බල්ලන්ට පමනයි" කියල බෝඩ් ගහල තියන තැන් ළගින් යනකොට තියෙන ගන්දස්සාරෙ මොකද බල්ලො සිංහල ඉගෙන ගෙන යැ !

    ReplyDelete
  9. එන්ටටේන්මන්ට් එකට කතාවක් ලියලා යන්න හිතුණා.හැබැයි මේක මම කියෙව්වේ කොහෙන්ද කියලානං මතක නෑ.සමහරවිට තවත් බ්ලොග් අඩවියකින් වෙන්න පුළුවං.ඒක එහෙමනං, සමාවෙන්න මේක උපුටගැනීමක් නෙවෙයි,මෙතනට ගැලපෙනව කියල හිතුණ නිසයි මේක දාන්නේ.

    ඔන්න දවසක බස් එකක සීට් එකක වාඩිවෙලා ජැන්ඩි පහට ඇඳලා කොල්ලෙක් යනවලු.

    මේ කොල්ලා ඉතිං අර මේ කාලේ මොඩ් වෙන්න දඟලන,ඉංග්‍රීසි බැරි උණත් පුළුවන් කියල පෙන්නන්න හදන,ඉරිච්ච ඩෙනිමක් ඇඳගත්තු පොරක්.

    දෙන්නෙක්ට වාඩි වෙන්න පුළුවන් මේ සීට් එකේ හිටියේ මේ කොල්ලා විතරයි.ඔන්න හෝල්ට් දෙකක් තුනක් යනකොට ලස්සන ගෑණු ලමයෙක් නැග්ගලු බස් එකට.ෆෝන් එකත් කනේ ගහන් කුටු කුටු ගගා උන්නු මෙ ගෑනු ලමයා වාඩි වුණාලු අර අපේ කොල්ලාගේ සීට් එකෙන්.

    දැන් ඉතින් මේ කොල්ලටත් හරි සනීපයිලු.මොකද ඉතිං ලස්සන කෙල්ලෙක්නේ ලඟින් වාඩිවුණේ.

    කොල්ලට ටික දුරක් යද්දි ආසාවක් ආවලු මේ ගෑනු ලමයත් එක්ක කතාවක් දාගන්න.හැබැයි පුරස්නෙ උනේ මේ ගෑනු ලමයගෙන් මුලින්ම අහන්නෙ මොනවද කියලා මිනිහට හිතා ගන්න බැරි උනාලු.

    ඔන්න ඔය අතරේ මිනිහ දැක්කා මේ ගෑණු ලමයගේ බෙල්ලෙ තිබ්බ මාලෙ තිබ්බ කුරුසයක්.
    ගණ දෙවි නුවණ පහල වුන අපේ කතා නායකයත් ඉතිං පුරුස ශක්තිය අරං කෙල්ල ෆෝන් එක තිබ්බ ගමං ඇහුවලු.

    "නංගි ඔයා ක්‍රිස්මස්ද (Christmas)?" කියලා.

    මිනිහට අහන්න ඕනි වෙල තිබ්බේ එයා ක්‍රිස්තියානිද කියලයි.හරියට නොදන්න කඩ්ඩ වනල ඔන්න නෑවලු.

    කෙල්ල මිනිහා දිහා කන්න වගේ බලං ඉන්නවලු බයවෙලා.

    එතකොට එක පාරටම මේ මිනිහා කියාපි

    "නෑ,නංගි බෙල්ලෙ චර්ච් (church) එකක් එල්ලං හිටපු නිසයි ඇහුවෙ" කියලා.

    ReplyDelete
  10. ටොයිලට් එක මැද තිබුන නම් කෝකද කියමු බලන්න අල්ලපු කඩේ. :) (වෙලාවට පිටිපස්සෙ කියල ලියල තියෙන්නේ)

    ඔය "කැතලික් නංගි" මං නං කියෙව්වේ මෙතනිං http://www.thelastrow.net/archives/249

    තාම වැඩිය කොපි කරල නෑ
    http://www.google.lk/search?hl=en&client=firefox-a&hs=Nw0&rls=org.mozilla%3Aen-US%3Aofficial&q=%E0%B6%B1%E0%B6%82%E0%B6%9C%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AF&btnG=Search&aq=f&aqi=&aql=&oq=&gs_rfai=

    මේං එකතැනක තියේ
    "ලින්ක් එක දාපු එක අප්සට්නම් කියපල්ලා..අයින් කරන්නම්.." කියලත්

    කෙසෙල්‍ කොටුවෙ චූටි මහත්තයත් මරු ප්‍රමෝට් පාරවල් නේ දාන්නේ.

    ReplyDelete
  11. සමාවෙන්න ඕනි .ඒත් මේක මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් නෙවෙයිනෙ.කොමෙන්ටුවක් විතරයිනෙ :)))

    ReplyDelete
  12. අර මනුස්සයට කරන්න තිබ්බේ ඔක නෙමෙයිනෙ, මිනිහට කරන්න තිබ්බෙ කාවහ‍රි දම්මල වැසිකිළියෙන් සල්ලි අයකරන්න පටන්ගන්න එහෙම කරානම් තේ වලින් බනිස් වලින් නැතත් වැසිකිළියෙන් හරි ගාන එනවතේ...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.