
මේ පහුගිය සුමානේ කියල අහවර කරපු කතන්දරකාරයා මහණ වුනු කතන්දරේට ඌණ පුර්ණයක්. ඒ කියන්නෙ හිස් තැනක් පිරවීමක්.
පොඩ්ඩක් අතීතයට ගියොත් මේ කතන්දරේ මෙන්න මෙහෙමයි දිග හැරුනේ.
කතන්දරකාරයා මහණ වෙලා සිටි බව මුලින්ම එලිදරව් වුනා. පස්සෙ, ඒ සිද්ධිය පිළිබඳ පොඩි විස්තරයක් ලියවුනා. ඊටත් පස්සෙ ඒ මහණ වීම සිද්ද වෙච්ච තායිලන්තෙදි ගත්තු ෆොටෝ ටිකක් ප්‍රසිද්ධ වුනා. අන්තිමේදි, කතන්දරේ සුලමුල සේරම හතරවන කොටසින් කියවුනා.
මේ කතන්දරේ ට තරම් පාඨක ප්‍රතිචාර ලැබුණු වෙනත් කතන්දරයක් මේ කතන්දර බ්ලොග් එකේ ලියවිලා නෑ. සමහරු මට චෝදනා කළා රුවැට්ටුවා කියල. ඒත් එහෙම රවට්ටන්න හිතාගෙන නෙමේනෙ කතන්දරේ ලිව්වෙ. චේතනාව අනුව කර්මය එන හින්ද, මං හිතන්නෙ නෑ මෙතනදි මගෙ අතින් වරදක් වුනාය කියල.
කොහොමටත් ළමයෙක් මහණ වුනාම හතර වරිගෙම නිවන් යනව කියනවනේ. එහෙව් එකේ ටිකක් වෙලා සිවුර දාගෙන හිටපු මට ඔය වගේ සුළු දෙයකින් පවක් වැරදිලා හරි වුනත් ඒක ෂේප් කරගන්න එක සුළු දෙයක්.
ඉතිං මේ ඌණ පූර්ණය අවසන් කරන්නම් ඔය උඩින් තියෙන ෆොටෝ එක ගැන කියල.
ඕක ගත්තෙ, අපේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ රැස්වීම තිබුණු දෙසැම්බර් 19 දා ඒකට යන අතරේ බාබර් සාප්පුවකට ගොඩ වැදිලා කොණ්ඩෙ බූ ගෑව දවසේ හවස් වරුවේයි. උදේ වරුවෙ ගත්තු ෆොටෝත් බ්ලොග් කීපෙකම දාල තිබුන ඒ දවස් වල.
පසුගිය සුමාණෙත් මං ගාල දැම්ම තට්ටෙටම. ඒ නං ලියුකේමියා පදනමට සල්ලි හොයන්නයි.
කොහොම වුනත් දැන් නම් මට මහණ වෙන එක ඉස්සරට වඩා හරිම ලේසියි.
කතන්දරකාරයා
ප/ලිඃ ලියුකේමියා පදනමට සල්ලි හොයන්න කැපුවේ ගිය සුමානේ. ටික ටික වැවෙනවා. මෙන්න මේ දැන් රේසර් එකෙන් ගෑවා. කොහොමද ෆ්ලෑෂ් එකට දිලිසෙන හැටි...!!!
මාත් එකපාරක් තට්ටේ ගෑවා. තට්ටේ ගෑවම තියෙන සනීපේ. ආයි කොන්ඩේ වවන්න හිතෙන්නේ නැහැ
ReplyDeleteඔහොම කිව්වට මම නං අහල තියෙන්නෙ වෙන කතාවක්. කතන්දරේ දවසක් වැරදීමෙං කොන්ඩෙ බූගාලා වැඩට ගිහාම එතන ඉන්න ගෑනු ලමයි “sexy look” කියල කිව්වට පස්සෙ දැන් ඉතින් දිගටම බූගානව කියලයි මං අහල තියෙන්නෙ.
ReplyDelete@ ම
ReplyDeleteමාර සනීපයි තමයි. හැබැයි අව්වට පිච්චෙනවා.
@ Vasantha
වසන්ත ගේ කමෙන්ටුව මට හෙට පොස්ට් එකට වස්තු බීජය දුන්නා! තැන්ක් යූ වේවා!
ෂෝක් තටිටෙ. ආසාවේ බෑ, ටොක්කක් අනින්නමයි හිතෙන්නෙ.
ReplyDelete@ දසයා
ReplyDeleteදසයෙක්ම වගේ!
කොහොමද ෆ්ලෑෂ් එකට දිලිසෙන හැටි. ෂේව් කරල බලන්න.
Dialog pre-paid වාසි නෑ කියලා ඔට්ටුවක්වත් ඇල්ලුවද?
ReplyDeleteඅනේ මන්ද මොනා කියන්නද කියල මේවට. හාමුදුරුවරු කොණ්ඩෙ වවනව. ගිහියො කපනව. අබුද්දස්ස කාලේ
ReplyDeleteරොනී ලිච් එක දවසක් කිව්වා''තට්ටෙ ගාපු ගමන් මිනිහා ෆේමස් උනාලු.'' ඔයත් ඔය තට්ට ගෑවේ මොකක් හරි යටි අරමුණකින්ද දන්නැ?
ReplyDeleteමාත් පොඩි කාලේ තට්ටේ ගාලා තියනවා.. මොන්ටිසෝරි යන කාලේ.. මං බාබර් සාප්පුවෙන් එළියට ආව ගමන් තාත්තට කියලා තියෙන්නේ.. "ෂා.. ශෝක් තාත්තේ මගේ තට්ටෙට ශෝක් හුළගක් වැදුනා " කියලයි.. අම්මා තාමත් එක මතක් කර කර හිනා වෙනවා.
ReplyDeleteනියමයි..:D
ReplyDeleteහදිසියකට බිත්තරයක් වුනත් බැද ගන්න බැරියෑ....
Sha..නියම තට්ටගෙඩිය ආ.. ;)
ReplyDeletemaaara lassana tatte . . .
ReplyDeleteමචං . . . ඔළුවෙ උකුණෙක් ඉන්නව . . .
ReplyDeleteඋකණු කොහෙද බං මේ කාන්තාරේ?
ReplyDelete