
අවශ්‍යතාවය කියන්නේ නව නිර්මාණවලට මුල කියලා කියනවානේ. මං සති කීපයකට කලින් කියපු කතන්දරේක සඳහන් වුණු ලංකේන්ඩියා භාෂාව ඒ වගේ එකක්.
රුසියාවට ඉගෙන ගන්න ගිහින් එක කාමරේකට වැටුණු ලංකාවෙ පොරකුයි, ඉන්දියාවෙ පොරකුයි කාටවත් නොතේරී අදහස් හුවමාරු කරගන්න සිංහල සහ හින්දි භාෂා දෙකටම පොදු මූලාශ්‍ර සපයන සංස්කෘත භාෂාවෙ වචන දාල හදාගත්තු ලංකේන්ඩියා භාෂාව ගැන මං කියපු ඒ කතන්දරේ එදා ලියන්න වෙලා මදිවුණු තව පොඩි කොටසක් තියෙනව අද කියල අහවරක් කොරන්න.
ඉතිං අපේ දකුණු ආසියානුවො දෙන්න "උත්තර් දිශා අපූර් ස්ත්‍රී විශාල් පයෝධර්" වගෙ ජොලි දේවල් රහසේ කතා වෙවී හිටියට එක දවසක් වැඩේ කෙලවුණයි කිව්වනෙ. ඒක වුනේ මෙහෙමයි.
රුසියන් කාරයො කියන්නෙ කොහොමටත් රුස්සො නෙ. ඒ ගොල්ලො වැඩියෙන්ම රුස්සො වොඩ්කා බොන්නයි. එහෙ යන අපේ කොල්ලොත් ඉතිං ඉබ්බො දියේ දැම්ම වගේ.
රුසියාවෙ ඉගෙන ගන්න ගිහින් ආපු පිරිමි පක්ෂයෙ කට්ටියෙ සමහරු රුසියාව ගැන අපිව කලකිරවන්න සී.අයි.ඒ. එකෙන් ද මුංට ශිෂ්‍යත්ව දුන්නෙ කියල අපිට හිතෙන තරමට බොන්නෙ ඒ කාලෙ පුරුද්දටයි.
ඉතිං අපේ ලංකේන්ඩියා භාෂා විශාරදයො දෙන්න දවසක් ගියා විශ්ව විද්‍යාලෙ පාටියකට. ඕකට රුස්සො ගෙනත් තිබුන නිකම්ම නිකං වොඩ්කා නෙමේ වොඩ්කා ස්ප්රිට් එක. ඇබ්සොලියුට් ඇල්කොහොල්, ඒ කියන්නෙ 98% විතරම මධ්‍යසාරය.
පොඩි ග්ලාස් එකකට මේ ස්ප්රිට් එකෙන් ටිකක් දාල කෙලින්ම උගුරට හලා ගන්න එක තමයි චාරිත්‍රය. ඕක ලේසි පාසු වැඩක් නෙමේ. කටේ දිවේ ගෑවුනොත් ඉතිං තත්වය දරුණුයි. තමන් නියම පොරක් කියල පෙන්න්න හොඳ අවස්ථාවක් තමයි මේක.
ඔන්න ඉතිං අපේ ලංකාවෙ පොර වොඩ්කා ස්ප්රිට් ෂොට් එක ගත්ත, පොර සේ කෙලින්ම ගිල්ල.
බුදු අම්මෝ, උගුර කට පිච්චිලා ගියා. පොරත්වය බින්දුවටම බහින වැඩක් නේ උනේ!
දැං ඉතිං අපේ මෑන් ට ඕනැ වුනේ අනිත් කාටවත් නොදැනෙන්න මොනව හරි වතුර වගේ දෙයක් බොන්නයි. හෙමින්ම ඉන්දියන්කාරයට කිව්ව ලංකේන්ඩියා භාෂාවෙන් "ජල්, ජල්" කියල.
මෙන්න බොලේ ඉන්දියන් කාරය කෙලින්ම සාක්කුවෙන් ලයිටරේ අරං පත්තු කරල දික්කලේ නැද්ද?
හින්දි වලින් ජල් කියන්නෙ දැවෙනවා, ගින්දර වගේ තේරුමකටයි. වතුර වලට කියන්නේ පානී කියලලු.
නොදන්න ලංකේන්ඩියා භාෂාව කතාකරන්න ගිහින් තව පොඩ්ඩෙන් ඇබ්සොලියුට් ඇල්කොහොල් වලටත් ගිනි ගන්නව.
ඔය රුසියාවෙ ගිය කෂ්ටියනෙ. අපේ කෂ්ටිය නං කලේ නොදන්න දෙමලෙට ගිහින් වරිගෙ නහගත්තු එකනෙ!
කතන්දරකාරයා
(Makara - sorry for the disappointment mate, "උත්තර් දිශා අපූර් ස්ත්‍රී විශාල් පයෝධර්" වගේ තව හොඳ හොඳ ජොලි කෑලි ඇති කියල නේද හිතුවේ?)
කසු කතන්දරේ අවසානය එච්චර හොඳ මදි. මීට වඩා හොඳ අවසානයක් තමා මම බලාපොරොත්තු වුණේ
ReplyDelete@ Hasitha
ReplyDeleteහා, හා, හා, තව කී දෙනෙක් වෙයිද මන්දා?
මේව මං හදන කාතා නෙමේ ඇත්ත ඒවා!!! මං කොහොමද අවසානය ඬෙනස් කරන්නේ?
කතාවෙනම් වරදක් නැහැ. මම කල්පනා කළේ මේ කියන තරමටම උගුරෙන් පහළට යන්න මේ තරම් සැර දේවල් මක්කට ( මොකට ) බොනවද කියල.
ReplyDeleteපොරොන්දු ඉටු කරන එක නම් ඉතාම හොඳ ගුණයක් ලු.
" මං සති කීපයකට කලින් කියපු ".
ReplyDeleteසති නෙවෙයි මාස 6කට කලින්. Grrrrrrr
මම හිතුවෙ ඔය ප්‍රාචීන භාෂා ප්‍රගුණ කරපු ස්ත්‍රී කෙනෙක්ගෙන් හොඳවයින් කතන්දර ටිකක් අහගත්තා වෙන්න ඇති කියලා.
98% ඇල්කොහොල් ?? ඒකනම් පොඩ්ඩක් විශ්වාස කරන්නත් අමාරුයි බීපු කෙනෙක් පණ පිටිං ඉන්නවා කියන එක.
බුදු අම්මෝ 98% ක අරක්කු බොන්න පුඵවන්ද? 33.3% ත් වෙලාවකට හරහ වට්ටද්දි.
ReplyDeleteඔය ලංකේන්ඩියා කියද්දි ඈතිවෙන සද්ද ද්වනියට අනුව මගේ හිතේ නං මැවෙන්නේ අලි පොල් ගෙඩි අකුරින් ලියවූනු පොටෝෂොප් නොට් බුක්එක වගේ විසාල පොත් රාජයෙක්.
ReplyDeleteකොහොම උනත් ඔය අලුත් බාසාවෙන්, පොඩි එක්ස්පෙරිමන්ට් එකකටත් එක්ක ඔයාට කතා ලියන්න පුලුවංනේ. කතා විතරක් නෙමේ ඔයා ඔය බාසාව උපයෝගි කරගෙන කවි ලිව්වොත් නියමෙට තියෙයි. මටනං හිතාගන්න බැහැ.
එතකොට කට්ටිය කියයි උත්කර්ෂ් කවී!චිත්තහ් ප්‍රීතී! කියලා. මොකද කියන්නෙ කවියක් ලියනවා නේ?
ස්ත්‍රී රූපන් උත්කර්ශන්
ReplyDeleteඒකී දිල්කා භයංකරන්
දිල්කා රුපන් උත්කරශන්
ස්ත්‍රී රූපන් අති සුන්දරන්
තේරුනාද මන් ද? කියවල බැලුවම මටත් තේරෙන්නේ නැහැ වගේ.
මීටවඩා හොඳ අවසානයක් මොකටද?
ReplyDeleteමකරා-මටත් සති කියනකොට ඕක තමා හිතුනෙ.
අග්‍ර චින්තනං. කවී ලිඛ්ත් උත්සාහ් කරෝ!
ReplyDeleteසමහර විට අවසානය නොවෙන්න පුළුවන් කතාවක හොඳම කොටස.
ReplyDeleteඋදාහරණයක් විදියට - රත්නායක ජෝක්ස් කතාවේ මං කැමතිම කෑල්ල තමයි ප/ලිඃ කොටස.
මේ, ලංකේන්ඩියා 2 කතාවේ මං කැමති කෑල්ල තමයි ඔය සී.අයි.ඒ. සහ රුසියන් ශිෂ්‍යත්ව ගැන මං ලියල තියෙන එක.
කකා
නුදුටු මිතුරන් සියළු දෙනාටම ස්තුතියි.
ReplyDeleteසමහරු චෝදනා කරනවා කතන්දර "කුට්ටි" කරනවා කියලා. දවසකට පැය දෙක තුනක් මේ බ්ලොග් කෙරුවාවට හොයාගන්න එකේ අමාරුව දන්නේ කරන අයයි. කුටුම්බය රැකගෙන මේක මෙච්චර කල් කීරිමත් ප්රාතිහාර්යයක් වගේ දෙයක්.
කකා
මොන මගුලට ඕක කටේ දා ගත්තද 98 %
ReplyDeleteපිස්සු හැදෙනවා.
වතුර ටිකක් ගහලා ඇරලා ගෙදර ආවනම් ඉවරනේ.
ඊයේ BBC එකේගිය එකක් මතක් උනා. හිංදි ඉංග්‍රීසි මිශ්‍ර කරල කතා කරන ඉංදියන්ස්ල ගැන. ඒකට කියන්නේ (Hinglish) හිංග්ලිස් කියලලූ.හරියට අපේ සිංග්ලිස් (Singlish) වගේම නේද කියල මට හිතුනා.
ReplyDeleteඔව් කකා ගේ කතාවත් ඇත්ත.................
ReplyDeleteකුටුම්බය රැකගෙන මේක මෙච්චර කල් කීරිමත් ප්රාතිහාර්යයක් වගේ දෙයක්.
ReplyDelete--කතාව ඈත්ත. කුටුම්බයක් තාම නැතුවත් මේක කොච්චර අමාරු කෙරුවාවක්ද කියලා මටත් කේරෙනවා.--