ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 17 March 2010
කයි-කතන්දර : දේශපාලන විද්‍යා තලකැරලි වෙළදාම
මං කැමතිම එක් කවියෙක් වෙන, රසික සූරියආරච්චිගේ "සිව් සිත් කව්" කියන කවි පොත ගැන ඊයෙ ලිව්ව මතකයි නේද?
පොර ලිව්ව ගී පද මාලා කීපයක් මෙන්න මෙතනින් බලන්න පුළුවන්.
අද මට හිතුන රසික ගෙ පොතේ තියෙන මං කැමතිම එක කවියක් උපුටා දක්වන්න. මේ කවියට වස්තු බීජය වෙලා තියෙන්නෙ රැකියා විරහිත උපාධිධාරයෙක්. මෙන්න ඒ කවිය.
දේශපාලන විද්‍යා තලකැරලි වෙළදාම
අඩක් නොවැසුන ළයේ
නැගෙන දාඩිය බිංදු
සුලං පහරට බයේ මැකෙනවා
ගතේ වීරිය අරං
කුසේ ගිනි හිර කරං සයිකලය ඉදිරියට පදිනවා
වසරකට පෙර කලේ
මේ මගේ නිරතුරුව
පා නැගුව අයුරු සිත පෙළනවා
තක්සලා බිම පුරා
කැන්ටිමෙන් කැන්ටිමට
තල බෝල තල කැරලි බෙදනවා
දේශපාලන විෂය සිව් වසක් ප‍්‍රගුණ කල පින මදි ද?
ආංඩුවෙ කරුණාව ලබන්නට
පංති සාමාර්ථය ලබාගත් සහතිකය පල නැති ද?
දිවිය ගැට ගසන මග සොයන්නට
වීදියෙන් වීදියට
පත්තරේ පේලියෙන් පේලියට ජීවිතය දිය වුනා
සිය ගනං ලියූ ලිපි
දිගැති මුද්දර කවර ලියුම් කොළ නිකරුනේ වැයවුනා
ආංඩුවෙ රැකියාව
හිරු උදා කරන'යුරු බලන්නට මවගෙ පින මදි වුනා
පියා නැති සොයුරු කැළ
කුසගින්න කෙසේ හෝ නිවන්නට අදිටනක් ඇතිවුනා
කොටා තල පැණි දමා තල බෝල තල කැරලි සදන ලද
මනා කොට අසුරලා කුඩා පෙට්ටියෙ දමා තදින් බැඳ
දමා කලිසම් කමිස සයිකලෙන් යනෙන පුතු දකින සඳ
සැදූ දහසක් සිහින බොඳ වෙලා
අම්මෙ නුඹ අද කඳුළු සලනවද?
[රචනය-රසික සූරියආරච්චි]
දුකයි නේද? ඔය කවියට වස්තුබීජය දුන්නු උපාධිධාරියා පස්සෙ පුවත්පත් කලාවේදියෙක් වුනා කියලයි ආරංචිය.
මාත් මුලින් ම ගිය ජොබ් එකෙන් පොර සේ අස්වෙලා ඇවිල්ල ජොබ් එකක් නැතුව මාස හයක් විතර කට්ට කාපු පොරක්. ඒ දවස්වල මාත් කලේ සයිකලෙන් ගෙදරත් ලයිබ්‍රියත් අතර පැදපු එක තමයි.
එහෙම වුනත් අන්තිමේදි කලිසම් සයිස් එක අඟල් විසි අටේ ඉඳල තිස් හතර දක්වා වැඩිවුනා!!!
මේ කයි-කතන්දර වැඩි ජොලියක් නෑ නේද? ඊ ලඟට දාන්නං කො හොඳ ජොලි කතාවක්!
කතන්දරකාරයා
Subscribe to:
Post Comments (Atom)
රජයේ රැකියාවක් ලබා ගන්නවාට වඩා තල කැරළි විකුණන එක හොඳය. මේ විහිළුවක් නොවේ. ස්වයං රැකියාවක යෙදෙන්නකුට තමන් මහ ලොක්කන්ය සිතා ඉන්නා එවුන්ගේ ගෙම්බර් බලන්නට ඕනෑ නැත. හැකියාව ඇත්නම් අනුන්ට කඩේ නොගොසින් දියුණුවන්නට අවස්ථා ඇත. තල විකුණන්නා වාසනාවන්තයෙකි. කවියාගේ අනුකම්පාව හිමිවිය යුත්තේ අප වන් රජයේ රැකියා කරන්නන්ටය. (මා තල කැරළි නොවිකුණන හේතුව එවැනි කරුමාන්තයක් වත් ඉගෙන ගන්නට බැරිවීමය.)
ReplyDelete@ ටැබූ
ReplyDeleteඅනේ ටැබූ, ස්ථිර රුකියාවක් තියෙන එකේ තියෙන සැනසීම මට නං හොඳයි. කොන්ත්‍රාත්තු කරන කාළෙ තමා ඒ වග තේරුනේ.
අනික, අපි නොදන්න විස්ස විජ්ජාල ලැච්චරස් ලගෙ ජොබ් එක.
දවසක් අල්ලල ලියන්න ඕනැ විස්ස විජ්ජාල ගැන කතන්දර තුන හතරක් ම!
- ක.කා. හෙවත් ක.සූ. හෙවත් ක.වා. හෙවත් ක.රා. හෙවත් කයි-කතන්දර
The problem lies with the higher education policy as it does not cater the present job market.
ReplyDeleteIn this scenario student should use his own judgment,
'the pessimist complains about the wind,the optimist expects it to change, the REALIST adjust the sails'-Willum Arthur