Friday 6 September 2013

කටුනායක ඩියුටි ෆ්‍රී එකේ වෙච්ච කේස් එකක් හෙවත් ඔහේ විකිණෙන්නේ ඩොලර් කීයකටද? - How much would you sell yourself for?


රට යන දවසක කටුනායක එයාපෝට් එකේදී ගෑනු පරානයකට ෆෝම් කොළයක් පුරෝලා දෙන්න ගිය වෙලේ සිද්දවුණු හුටපටයක් ගැන කතන්දරේ ලියන වෙලාවේ දී තමයි මේ අද ලියන කේස් එක සිහියට සැපත් වුණේ!

මේක රට ගිහින් ආපහු එන දවසක වෙච්ච සංසිද්ධියක්.

බ්ලොග් ලියන කියවන අය අතරේ, සෑහෙන පිරිසක් කටුනායක හරහා ගමන් බිමන් කරලා තියෙන නිසා ඒ අයගෙන් සමහරුන්ට මේ වගේ විතරක් නොවෙයි මීටත් වඩා හොඳ අත්දැකීම්, කකුල් දැකීම් තියෙන්න ඉඩ තියෙනවා.

සුපුරුදු පරිදි ඔන්න එදාත් අපි කටුනායකින් ගොඩ බහින කොට මධ්‍යම රාත්‍රිය පහුවෙලා. පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පැනගෙන ගෙදර ගිහින් නිදාගන්න කියලයි ඇගපත කියන්නේ.

ඒත් ඉතිං දන්නවානේ ගෙදර යන්න කලින් කරන්න අනිවාර්ය වැඩ කීපයක්ම තියෙනවා.

චුලානන්ද ගේ බෝයිස්ලාගෙන් පාස්පෝට් එකේ සීල් එක ගහගන්න එක එයින් එකක්. ඒකෙ ගේමක් නෑ. පූස්පාට් එකෙන් කරගන්න පුළුවනි.

ගමන ආරම්භ කරන කොට එයාලයින් එකේ නෝනලාට භාර දුන්නු අපේ ගමන් මලු දෙක තුන හොයාගෙන කස්ටොං ඔෆිසර්ස්ලාගෙන් ගැලවිලා යන එක අනික. ඉස්සර වගේ නොවෙයි ඒකත් දැන් නම් අන්තිම ලේසි වැඩේ.

ඔය වැඩ දෙක අතරතුරේ දී තමයි අනිවා ඩෙෆා කෙරිය යුතු දේවකාරියටත් වඩා වැදගත් රාජකාරිය තියෙන්නේ.

ඒක තමයි "ඩියුටි ෆ්‍රී වන්දනාව".

සාදු, සාදු!

මොන මොන වෙහෙර වැඳ නොගත්තත් ජොනී වෝකරාරාමය පැත්තේ නම් නොගිහින්ම බෑ.

මේ කියන දවසේ මට තිබුණා තවත් පොඩි භාණ්ඩයක් ගන්න. ඔන්න මං ඒක බලන්න ගියා ඉලෙක්ට්‍රිකල් බඩු විකුණනාරාමයකට.

"ඉලෙක්ට්‍රොනික් කී බෝඩ් තියෙනවද?"

එතන තිබුණා හොඳ සිලෙක්ෂන් එකක්, කැෂියෝ ද, යමහා ද, අරවා ද, මේවා ද, හැම ජාතියක්ම!

මං පොඩි එකෙකුට ගැලපෙන විදියේ සරල කී බෝඩ් එකක් තෝරා ගත්තා.

ඔන්න මං මැනිජර්ට මගේ පාස්පෝට් එක දුන්නා, බිල ලියන්න.

"සර් මෙච්චරද ගන්නේ?"

"ඔව්!"

"ඇයි ටීවී එකක්, ෆෑන් එකක්, ඒ.සී.එකක්, රයිස් කුකර් හෙම ගන්නේ නැද්ද?"

"නෑ, ඒවා තියෙනවානේ ගෙදර!"

"මේ පාස්පෝට් එකට සර්ට ගන්න පුළුවනි ෆ්‍රිජ් එකක් වුණත්."

"නෑ, මට ඕනෑ නෑ!"

"එහෙනං සර් මෙහෙම කරමුද? මං සර් ගේ නමට පොඩි ෆ්‍රිජ් එකකුයි, ඒසී එකකුයි දාන්නම්. සර්ටත් පොඩි වාසියක් කරන්නම්."

"මොන වගේ වාසියක්ද?"

"ඩොලර් පනහක් විතර මේ ගත්ත බඩුවෙන් අඩු කරන්නම්."

මට හිනා ගියා.

මං කිව්වේ මෙච්චරයි.

"ඩොලර් පනහට නං මං විකිණෙන්නේ නෑ! මං ඊට වැඩිය වටිනවා!"

මොකද දන්නවද මං එහෙම කිව්වේ. කොච්චර කයිය ගැහැව්වත් අපි හැමෝම විකිණෙන මිලක් තියෙනවා.

තමන් ගේ වටිනාකම තමන් දැනගෙන සිටීම ඉතා වැදගත්.

-කතන්දරකාරයා

ප/ලි:
ඔහේලා විකිණෙන්නේ ඩොලර් කීයකට විතර ලන්සුව ආවොතින්ද?

(image: http://www.lanka.info/Sri_Lanka/cms/kapruka_t1.jsp?docid=1246901918187)

106 comments:

  1. එහෙම ඩොලර් 50 අඩු කරල පිට වෙන බඩු තමා බම්බ,වැල්ලවත්ත ඉලෙක්ට්‍රිකල් කඩවල ගොඩක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඩියුටි ෆ්‍රී එක කොල්ලුපිටියේ තියෙන කාලේ වැඩේ හරි ලේසි වෙන්න ඇති!

      Delete
    2. සිස්ටම් එකේ ඇත්තේ එකම ලූප් හෝල් එක නම් ඩියුටි ෆ්‍රී එක කටුනායක තිබුණා, කොල්ලුපිටියේ තිබුණා කියා වෙනසක් නොවේ. මතක හැටියට ඩියුටි ෆ්‍රී එක කොල්ලුපිටියේ තිබුණේ අද මෙන් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සුලබ නැති කාලයේය. එසේම සාපේක්ෂව බදු වැඩි කාලයේය. එනිසා ඒ දවස් වල හොර පාරේන් පැන්නූ බඩු වලට වැඩි ඉල්ලුමක් තියෙන්ට ඇත. ඒ ඉල්ලුම නිසාම මේ ක්‍රියාවලිය වැඩිපුර සිදු වන්ට ඇත.

      Delete
    3. මා කිව්වේ කොල්ලුපිටියේ සිට ඔය කියන කඩවලට ප්‍රවාහන වියදම අඩු එක ගැනයි.

      Delete
    4. Abans eke thiyenneth wedi hariyak ohoma ewa thamai.

      Delete
  2. කී බෝඩ් එක නිකන් දුන්නනම් කතන්දර අද කතන්දරයක් ලියන්නේ නැහැ නේ?

    ReplyDelete
    Replies
    1. කී බෝඩ් එක නොමිලේ දෙනවා කියන්නේ මගේ මිල ඩොලර් 100 කට තක්සේරු කෙරුවාය කියන එකයි.

      මාව ඒ ගානට ගන්න බෑ.

      අද හැටියට මගේ මිල ඩොලර් මිලියන දෙකයි දශම දෙකයි පහයි. ඊට අඩු නෑ.

      Delete
    2. ෂෙහ්...මොකක්ද කකා ඒ ගාන.
      මට නම් ඔබව එයිට වඩා වටිනව.

      Delete
    3. ඔන්න බලන්න ඔය ෆ්‍රිජ් එක යටටද කොහෙද ඇදුණා, නයෙක් වගේ...

      Delete


    4. \\\\අද හැටියට මගේ මිල ඩොලර් මිලියන දෙකයි දශම දෙකයි පහයි. ඊට අඩු නෑ.\\\\

      ඒ කියන්නේ රුපියල් මිලියන 299ක් .. එච්චර ගාණක් දීලා අරන් මොනවද කරන්න තියෙන්නේ කකෝ ඔයාගෙන් , දන්නැති නිසා අහන්නේ හරිද..?

      මා ළඟ රුපියල් මිලියන 200 ක් තියේ නම් මම කරන්නේ මිලියන 60 ක විතර ඉඩමක් අරන් මිලියන 100 ක විතර ලොකු ගොඩනැගිල්ලක් හදනවා සුකොපභෝගී නිවාස සංකීර්ණයක මූලික අදියර විදිහට. ( ඉතුරු මුදල් තැන්පතු ලෙස ආරක්ෂා කරනවා ) ඊට පස්සේ ව්‍යාපාරය කොහොම හරි දියුණු කරගන්නවා . අවුරුදු 5 ක් විතර යද්දී දෙවෙනි අදියර පටන් ගන්න පුළුවන් වේවි..

      අවුරුදු 5 ක් අවසානයේ මම මිලියන 600ක විතර හිමිකාරයෙක්. කොහොමද වැඩේ.. කැමති නම් මාව ගන්න ලක්ෂ 3 , 4 කට.. වැඩිය නැහැ හරි ලාබයි..

      Delete
    5. මේ රටේ දේවල් සිද්ද වෙන හැටි ගැන නොදන්න කෙනෙකුට විතරයි මේ වගේ ගොන් ප්‍රකාශයක් කරන්න පුළුවන්. උඹ මිලියන 60ක් ඉඩමටයි තව මිලියන 100ක් ඉදිකිරීමටයි වෙන් කළාට කතාව එතනින් ඉවර නෑ. යට ඉඳන් උඩට පගාව ඉල්ලනවා. උඹ ඒව ටික ටික දීලා අන්තිමට ඔක්කොම ඉවර කර ගන්න කියලා හිතලා බැසිල් ලොක්කට තව මිලියන 50ක් විතර දෙනවා. එතනින් පාස් වුණාට පස්සේ පළාතෙ සංඝයා පාරට බහිනවා උඹ බුද්ධාගමට හානියක් කියලා. ඌටත් මිලියන 20ක් විතර දෙන්න වෙනවා. ඊට පස්සේ ඒ කොස්ට් එකට වෙළඳාමක් කරන්න බෑ. ලාභයක් තියා උඹට යට කරපු සල්ලිත් නෑ. ඊට වැඩිය හොඳයි කකා ඔය ඩොලර් ටික කිසිම දෙයක් නොකර සේප්පුවක දාලා තියෙන එකත්. (වේයො නැති තැනක ) රුපියල වැටෙන හැටියට තව අවුරුදු දහයකින් ඒක රුපියල් මිලියන 300ක් නෙවෙයි 600ක් වෙන්නත් පුළුවන්. යකෝ මේ රටේ උඹ හිතෙන විදිහෙ ව්‍යාපාර කරන්න බැහැ. ඔන්න දියුණුවක් ඕනෙ නම් දා ගනින් කේන්දර බිස්නස් එකක්. මොකද ආයෝජනයක් අවශ්‍ය නෑ. කස්ටො ඉන්නවා වැහි වැහැලා. ලොක්කෝ ටිකක් අල්ලගත්තාම ඉබේම ගොඩ. මේ රටේ හරි යන්නෙ ඒ වගේ එවුන්ට විතරයි. අවුරුදු කීපයකින් උඹට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක කමක් ගන්නත් පුළුවනි.

      Delete
    6. කතා දෙකක් නැහැ ඇනෝ 100% හරි.
      ලංකාවෙ නියම තත්වය ඕකයි.

      Delete
    7. @ Kenji

      ඩොලර් මිලියන දෙකයි දශම දෙකයි පහයි
      $2.25 million

      එය මා සංඛ්‍යාත්මකව ගණනය කර තිබෙන අගයක්.

      Delete
    8. ඔන්න සහන් අවස්ථාව ලැබුණා ලින්ක් එකක් දාගන්න!

      එදා ඔබ කළ ඉල්ලීම අද නිකම්ම වැඩ කළා නේද?

      Delete
    9. මාත් ඉවසුවා කකා අවස්ථාව එනකම්.. කල් මරලා , කල් මරලා , කල් මරලා අන්තිමටම අවස්ථාව ලැබුණා.. අවස්ථාව ලැබුණ හැටියේ ක්‍රියාත්මක උනා.. මට හරි සතුටුයි මේ වගේ අවස්ථාවක් උදා වීම ගැන.. ඔබට ස්තූතියි කකා ...


      ඒක නෙවේ කකා හොඳ වෙලාවට නේද මම මේ වගේ පෝස්ට් එකක් ලියලා තිබුණේ..? නැත්නම් අද මාව අසරණ වෙනවා මේ ඇනෝපාලයා ඉස්සරහ..:(

      Delete
    10. වැඩක් නෑ බං. බොරු හැටයි. නොදන්නා දේ හැත්තෑවයි. උඹ කොහොමත් අසරණ වෙලා තමයි.

      Delete
    11. අනේ පලයන් ඇනෝපාලයෝ යන්න. උඹයි මායි දන්න රටේ ආර්ථිකේ.. ආයේ ඉස්කෝලේ පලයන් මාසයක් වත්..

      Delete
  3. //ඔහේලා විකිණෙන්නේ ඩොලර් කීයකට විතර ලන්සුව ආවොතින්ද?//
    :D:D:D


    ReplyDelete
    Replies
    1. අහවලා හිනා තුනකින් කුමාරිහාමි ව සහේට අරගෙන වගේ!

      Delete
  4. //චුලානන්ද ගේ බෝයිස්ලාගෙන් පාස්පෝට් එකේ සීල් එක ගහගන්න එක එයින් එකක්. ඒකෙ ගේමක් නෑ. පූස්පාට් එකෙන් කරගන්න පුළුවනි.//

    මේ අර ඩොලර් පණහ දීලා කරගන්න එකද?

    // ජොනී වෝකරාරාමය//

    හී හී ....



    ReplyDelete
    Replies
    1. ආරාමය = Garden

      Beer garden = බියරාරාමය

      Delete
    2. Hey, I always wanted to organize a beer dansela for Poson. It might not be illegal (will have to check) b'coz I will not be SELLING. What do you think will happen? 1. I will be lynched by a Sena and NGO's and Western powers will be blamed for sponsoring me. or 2. The General secy of the Sena will partake (sorry, walandanawa) of what's offered and get in to a T shirt and drive. (now he is too powerful to be copped like the last time)

      Delete
    3. @ Pra Jay
      හොඳ ජෝක් එකකි!

      Delete
  5. ARAMAYAK KIYANNE MOKAKDA ? DANNE NATHI HINDAI AHANNE

    ReplyDelete
    Replies
    1. ආරාමය = garden, monastery, pleasance, pleasure garden

      Reference: http://maduraonline.com/

      Delete
  6. කකා මාමගේ මිල තීරණේ කලේ කව්ද ඉතිං ඈ? :D

    ReplyDelete
    Replies
    1. වෙන කවුද, මංතුමා ම තමයි.

      Delete
    2. මාමා කිව්ව නිසා පරණ කතන්දරයක් මතක් වුණා!

      http://kathandara.blogspot.com/2012/05/thus-have-i-heard.html

      Delete
    3. කකා මාමාගේ මිළ කකා මාමාට තීරණය කළ නොහැකිය. එසේ නම් අප සියළු දෙනාම අපේ මිළ අපට කැමැති ගණන් වලට තීරණය කරනු ඇත්තේය. කකා මාමාගේ (හා අප සියළු දෙනාගේ) මිළ තීරණය කරන්නේ වෙළඳ පොළ සාධක විසිනි. ඒවා අප කැමැති කැමැති ආකාරයට හැසිරවිය නොහැකිය.

      Delete
    4. මගේ මිල මට තීරණය කල හැකිය. මම යනු යුනීක් වස්තුවක් නිසාය. ඩුප්ලිකේට් නැත. මගේ සැපයුම් ශ්‍රිතය මිල අනුව වෙනස් නොවේ.

      Delete
    5. ඔබේ සැපයුමට කැමැති ගණනක් දා ගත හැකිය. මිළ කියන්නේ සැපයුම නොවේ. සැපයුම හා ඉල්ලුම කැපෙන ලක්ෂ්‍යයයි. මේ ඔබ ඔබට දී ගෙන ඇති වටිනාකම නම් එහි අරුත ඔබේ සැබේ මිළ මීට වඩා බොහෝ අඩු බවයි.

      Delete
    6. @ Anonymous September 6, 2013 at 8:43 PM
      මගේ සැපයුම් ශ්‍රිතය එක් ලක්‍ෂ්‍යයක් පමණි. ඒ මිළට එනතුරු විකිණීම සිදු නොවේ.

      මා කියා ඇත්තේද ඔබ කියා ඇති දේමයි.

      අප එකිනෙකා විකිණෙන මිලක් ඇත. ඒ ගානට ඉල්ලුම ආවිට අපි විකිණෙමු!

      මගේ අගය ඩොලර් මිලියන 2.25 කි.

      Delete
  7. හැබැයි සමහරුන්ට ඕකත් වටිනා වෙලාවල් තියෙනවා, රුපියල් පනහටත් විකිනෙන මිනිස්සු ඉන්න රටේ ඩොලර් 50 ක් කිව්වොත් පෝලිමේ එන්න කට්ටිය ඉඳියි.

    ReplyDelete
  8. මමත් ඔතනින් ඇවිල්ලා ගිහිල්ල තියෙනවා ඒත් ඔහොම දෙයක් නම් වෙලා නැහැ...

    ReplyDelete
    Replies
    1. ඔහේ ගේ වටිනාකම ඩොලර් බින්දුවයි!

      Delete
  9. මං නම් කීයකට ආවත් විකිණෙන්නේ නෑ... ආයේ එහෙම ඩොලර් වලට විකිණිලා පුළුවන්ද ඈ.. :D


    මම - Bora Diyaka Induwara

    ReplyDelete
  10. සහතික ඇත්ත.. තමන්ගෙ වටිනාකම ගැන හොඳ තක්සේරුවකින් ඉන්න ඕන.. නැත්නම් කුණු කොල්ලෙට් විකිනෙන අවස්ථා බොහෝමයි.. මමත් ඔයිට වඩා ඉල්ලනවා.. නැත්නම් වැඩක් නෑ නේ..

    ඔය ගානටම බඩු ගන්න පුළුවන් පිටකොටුවෙන්...

    ReplyDelete
    Replies
    1. මාතලන් ගේ ආස්කින් ප්‍රයිස් එක ඉහල බව කවුද නොදන්නේ!

      Delete
  11. එහෙම කියන්න බෑ..සමහර පොරවල් ඉන්නවා ගාණක් නැති අය..විශේශයෙන් සමහර ඉශුස් වලදී....හැබැයි එහෙම අය චීත්තේට නැවෙනවා....හැබැයි චීත්තේටයි, සල්ලිවලටයි දෙකෙටම නැමෙන්නෙ නැති අය නම් නෑ කියන එක මමත් පිලිගන්නවා....

    ReplyDelete
    Replies
    1. චීත්තෙ නොවෙයි වචනය!

      මට චීත්තේ කිව්වාම ආච්චිව නේ මතක් වෙන්නේ!

      Delete
  12. කකාව නම් නිකන් දුන්නත් ගන්නේ නම් නෑ. ඊට වඩා හොඳයි කාගේ හරි පරණ ජොක්කු ටිකක් ඉල්ලගෙන තියාගත්තා නම්...

    ReplyDelete
  13. එයාපෝට් ඩියුටි ෆ්‍රී ගැන නොදන්නා මට කියලදෙන්න කාටහරි පුළුවන්ද කකා ගනුදෙනුව කලා නම් කාට හරි පාඩුවක් සිදුවෙනවද කියල.

    ReplyDelete
    Replies
    1. පිළිතුරු දෙන්ට අසීරු ප්‍රශ්නයකි. කකා වැනි තවත් බොහෝ දෙනකු කටුනායක හරහා යති. එසේ හෙයින් එක අතෙකින් කකා ගණුදෙනුව නොකළා නම් වෙනකකු කරනවා නේද අසා කකා ගණුදෙනුව කිරීම හා නොකිරීම අතර වෙනසක් නැතැයිද තර්ක කළ හැකිය.

      එහෙත් කකා ගණුදෙනුව නොකළ නිසා එය සිදු නොවුණේය උපකල්පනය කළොත් එයින් අනිවාර්යයෙන්ම යම් ප්‍රතිලාභයක් ලැබූ අයෙකි ඔබ. (එනම් රාජ්) කකා ගණුදෙනුව නොකළ නිසා අදාළ උපකරණ බදු රහිත මිළට විවෘත වෙළඳපළට නොපැමිණේ. මේ නිසා ඒ උපකරණ අවශ්‍ය කෙනකුට, ඒවා මිළදී ගැනීමදී බදු ගෙවන්ට සිදුවේ. බදු ගෙවීම නිසා රජයේ ආදායම ඉහළ යයි. ඒ නිසා රජයේ සේවකයින්ට සාපේක්ෂව වැඩි වැටුපක් ගෙවන්ට රජයට හැකියාව ලැබේ.

      එසේම කකා එසේ නොකිරීම නිසා සිස්ටම් එක ආරක්ෂා වේ. සිස්ටම් ඇති වී තිබෙන්නේ යම් ප්‍රයෝජනයක් පිණිසය. එනිසා සිස්ටම් එක ආරක්ෂා වී තිබීම එසේ නොතිබීමට වඩා හොඳය.

      මේ නිසා කකා ගණුදෙනුව නොකිරීම නිසා රාජ් වැනි දහස් දස දහස් ගණනකට යහපතක් වීය සිතිය හැකිය. (සංඛ්‍යාත්මකව රාජ්ගේ ප්‍රතිලාභය සත දෙකක් පමණ විය හැකිය.) නමුත් කකා එසේ නොකරන්නේ යහපත් අරමුණකින් නොව ඩීල් එක තමන්ට මදි නිසාය. එනිසා ක්‍රියාව යහපත් වුවද කකා එහි ගෞරවය ලබා ගැනීමේ නිස්සකු නොවේ.

      Delete
    2. සමාවන්න. උත්තර බැඳ ඇත්තේ වැරදි ප්‍රශ්නයකටය.

      කකා ගනුදෙනුව කලා නම් කාට හරි පාඩුවක් සිදුවෙනවද?

      ඔව්. අනිවාරයෙන්ම! මාටද? ඔබට! එනම් රාජ්ට. පැහැදිළි කිරීම ඉහත.

      Delete
    3. කිසි කෙනෙකුට පාඩුවක් නෑ...කකා ගණුදෙනුව කලානම් ඔහුට ඩොලර් 50 ක වාසියකුත් ඩියුටි ෆ්‍රී මුදලාලිට ගණං බලා නොමැති වාසියකුත් හිමිවේ.

      Delete
    4. AnonymousSeptember 6, 2013 at 10:10 AM

      බොහොම පැහැදිලියි. කකා කිව්ව විදියට මට හිතුනෙ මෙතන බදු ආදායමට වඩා දෙයක් ඇති කියලයි. බොහොම ස්තුතියි.

      Delete
    5. @Helapa kade,

      මං මෙහෙම ඇහුවොත්. කකා ගනුදෙනුව කළා නම් කකාට ඩොලර් 50ක ලාභයක් හිමිවේ. ඒක ආවේ කාගේ සාක්කුවෙන්ද? (එනම් ඒ ඩොලර් පනහේ පාඩුව කාටද?)

      Delete
    6. \\\ (එනම් ඒ ඩොලර් පනහේ පාඩුව කාටද?)\\\\

      රේගු බදු ලෙස ශ්‍රී ලංකා රජයට ඩොලර් 50ක් අහිමි වේ. නියමිත අයුරින් ඇස්තමේන්තු නොකර ඇති හෙයින් ශ්‍රී ලංකා රේගුවට වන පාඩුව මීට වඩා වැඩි විය හැකිය.

      Delete
    7. ලංකා රජයට ලැබෙන්න තියෙන දෙයක් අහිමි වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් සත්‍ය වශයෙන් ඒ ගනුදෙනුව වුණා නම් කකාගේ සාක්කුවට යන්නේ මහජන මුදල්. උපතින් ලාංකිකයකු වුවත් අද විදේශිකයකු වන කකා අතට යන ඒ ඩොලර් පනහ ලංකාවේ ආර්ථිකයෙන් ඕස්ට්‍රේලියානු ආර්ථිකයට යනවා. වෙනත් විදියකින් කිව්වොත් ඒ නිසා ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් පනහකින් අඩු වී ඕස්ට්‍රේලියාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් පනහකින් ඉහළ යනවා. සෙල්ලම් නෑ.

      Delete
    8. @ රාජ්

      රජයේ බදු ආදායමෙන් කොටස් තමයි මට ඩොලර් 50 ලෙස දෙන්න ගියේ අනිත් කොටස කඩකාරයා සහ තැරුව්කරුවෝ ගන්නවා.

      දඩ කොලයක් නොලියා ඉන් අඩක් බනිස් කෑමට ඉල්ලා ගැනීම හා සමානයි!

      Delete
  14. හැම කෙනෙකුටම නියමිත මිලක් තියෙනව කකා...මුදලින්ම නොවෙන්න පුළුවනි.
    50 ට නොවිකිණෙන කෙනා 100ට විකිණෙනවා ආදී වශයෙන්...මම කීයකටවත් විකිණෙන්නෙ නෑ කියල පොර ටෝක් දෙනව වෙනුවට කකා තමන් විකිණෙන ගාණත් කියපු එක හරි අගෙයි.

    ReplyDelete
    Replies
    1. දුෂණය මඩින්න කියලා එන අයත් තමන්ගේ මිළ හරි ගියාම විකිනේනේ ඇස් පියාගෙන!

      Delete
  15. KAKA DOLLAR 100K THIYA SATHA 100K WATH WATINNE NEHE.

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ මේ එක කතන්දරය පසුපස කොයිතරම් වාරයක් ආවාද?

      මා ශත සීයක් නොවටී නම් එයින් හැඟෙන්නේ ඔබේ අගය ද ඉතා අඩු බවයි!

      Delete
    2. MA MEYA BALANNE OBAGE WATINAKAMA NISA NOWA OBAGE MODA KATHA WALATA LABENA COMMENTS WALIN LABENA VINODAYA NISAI

      Delete
  16. කකා මොකක්ද ඔබගේ පියා ගැන හිතන්නේ?
    මට නං මගේ තාත්තා කියන මිනිහා පෙන්නන්න බෑ.ඒකා එනවා හැම වෙලේම මගේ එව්වා හොයන්න. මකබැවිලා යන්නෑනේ ඒකා.

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම බොලයි නියම පියා අල්ලපු ගෙදර පිදාසය.

      Delete
    2. ඔය කිව්වට කෙන්ජිද දන්නෙත් නෑ. :-)

      Delete
    3. @ ඇනෝ - September 6, 2013 at 10:31 AM

      මෙන්න මගේ තාත්තා ගැන මා සිතන ආකාරය
      http://kathandara.blogspot.com/2010/12/blog-post_10.html


      Delete
    4. @ කෙන්ජි

      මෙන්න බලන්න මේකද ඔබ කියන පියාගේ කතාව කියලා?
      http://kathandara.blogspot.com/2010/04/blog-post_26.html


      Delete
  17. ආරාමයට අපහාසෙට නන් දොඩනා....
    හිස උඩිච්ච අං ගෝණා බස මරනා...
    ඔසී ඉදන් ගෙරි කටුවට ලොබ බදිනා....
    මෙලොවත් නැති එලොවත් නැති බව පෙනෙනා....

    ReplyDelete
    Replies
    1. යකෝ කවුද උඹට කවි ලියන්න කියලා දුන්නේ. විරිතක් ඇතුව ලියපන් මිනිහෝ.

      Delete
    2. අනේ මචන් කවියක් ලියලා පෙන්නපන්කො.... විරිත කියන්නෙ මොකක්ද බන්....

      Delete
    3. @ Anos

      ඒ කවියේ සැකිල්ලේ (විරිතේ) වරදක් නැත. අන්තර්ගතයේ තමයි වැරදි තියෙන්නේ.

      Delete
    4. විරිතක් නැති සිරිතක් නැති කතන්දරේ....
      බොරුය කියයි මගෙ කවියේ කතන්දරේ....
      ගෙරි මස් කන මත් පැන් බොන දන සසරේ...
      මහ දුක් විද සැම කල්හිම පැසෙයි නිරේ.....

      Delete
    5. මෙන්න ඔබේ මුල් කවියේ අන්තර්ගතයේ මා දකින වැරදි

      1. ආරාමයට අපහාසෙට නන් දොඩනා
      කිසි අපහාසයක් නැත. ආරාමය යන්නේ තේරුම ශබ්ද කෝෂයකින් බලන්න.

      2. හිස උඩිච්ච අං ගෝණා බස මරනා
      උඩිච්ච යුණවචනයක් නොවේ.
      මා ගෝනෙකු නොවේ
      මම බස නොමරමි

      3. ඔසී ඉදන් ගෙරි කටුවට ලොබ බදිනා
      බදිනා යනු ෆ්‍රයි කිරීමයි. ඔබ අදහස් කළේ බඳිනා යැයි කියන්නද?
      මා බීෆ් කන මුත් ලෝබ කමක් නැත
      මම කයු නොකමි. ඉවත ලමි

      4. මෙලොවත් නැති එලොවත් නැති බව පෙනෙනා
      මට මෙලොව ඇත. එලොව මට නොපෙනේ. නොපෙනීම නිසා නැති යැයි කීම වරදකි.

      Delete
    6. "යුණවචනයක්" කියන්නෙ මොකක්ද?

      මට යුනිකෝඩ් එකෙන් "ඳි" ලියන්න තේරෙන්නේ නෑ...

      Delete
    7. "උඩිච්ච 'යුණවචනයක්' නොවේ" යන්න "උඩිච්ච යනු වචනයක් නොවේ" යනුවෙන් නිවරද විය යුතුයි.

      Delete
    8. කකා ලියන පල් හෑලි වලට වඩා මේ කවිය දාහෙන් සම්පතයි !

      Delete
    9. //ඔය සැට් එකට යටින් එකතු කරගන්න මං තුමා හදපු මෙන්න මේ වචන දෙක.

      පෙනපිලුම් පුවරුව (surf board)
      මළු අතළුකරුවෝ (baggage handlers)//

      ඇයි ඊලියන් ද සිල්වාටයි ඔයාටයි විතරද වචන හදන්න පුලුවන්....

      Delete
    10. නෑ, ඔබටද හැදිය හැකියි. නමුත් එය භාවිතා කරන විට තේරුම පැහැදිලි කරන්න ඕනෑ.

      මට පේන විදියට ඔබ කර ඇත්තේ උඩිච්චිය (තේ උඩිච්චිය) යන වචනය කවියේ මාත්‍රා රැකීමට වාත්තු කර ගැනීමයි.

      කෙසේ වෙතත් ඔබේ මතක ශක්තිය ගැන මට සතුටුයි. හැට්ස් ඕෆ් ෆෝ යු ඇනෝ!

      Delete
    11. /මා ගෝනෙකු නොවේ
      මම බස නොමරමි/

      ඔබ මෙතැනම පළමු වැකියේ බස මරා ඇත. එය "මම ගෝනකු නොවෙමි." ලෙස නිවැරදි විය යුතුය. 'මා ගෝනකු නොවේ' කියා ලියන්නේ වික්ටර් අයිවන්ගේ බසෙනි.

      Delete
    12. /මම කයු නොකමි/

      මක් කිව්වා?

      Delete
    13. @AnonymousSeptember 6, 2013 at 4:40 PM
      මා ගොනකු නොවේ නිවැරැදිය.. එය අනුක්තයෙක් ලියා තිබේ. ("මම ගෝනකු නොවෙමි.)" ඔබ එය ලියා ඇත්තේ උක්තයෙනි. එයද නිවැරැදිය.

      Delete
    14. /මා ගොනකු නොවේ නිවැරැදිය./

      මේ කියන්නේ උඹ ගැන නම් ඒක වැරදියි නේද?

      Delete
    15. @කතන්දර කාරයාSeptember 6, 2013 at 3:37 PM
      //නොපෙනීම නිසා නැති යැයි කීම වරදකි.//

      Have you ever heard about the 'Russel's Tea Pot'? Just search in wikipedia.

      Anopala

      Delete
    16. ඔන්න ඔහොම නලින්, දැන් සිංහල පන්තියක් දැම්මොත් නරකද? සිංහලයෙන් ලිවිම ජිවන මාර්ගය කර ගත් අයවත් එය හරියට දන්නේ නැහැ. ඉතිං හුදී ජනයා ගැන කවර කතාද? "බටහිර අධිරාජ්‍යවාදීන් අපිව කති" කියනවා. කන අය පේන්නේ කොහොමද?

      Delete
    17. @ ඇනෝපාල

      කවි පදය සහ එහි තේරුම නැවත බලන්න. ඟෙහි කියවෙන්නේ මට එලොවක් නැති බව ඇනෝට පේන බවයි.

      Delete
  18. අනේ මම නම් පොර ටෝක් කඩවල් වල වැඩ කරන අහිංසක අයට දෙන්න යන්නේ නැහැ.. පොර ටෝකක් දෙනවනම් දෙන්න ඕනේ පොරක්ට මිස අහිංසකයෝ අල්ලන් නෙවේ කකා. තේරුණාද ඔහේට..?

    ReplyDelete
    Replies
    1. මොකක්ද පොර ටෝක් එක?

      මා කිව්වේ මෙපමණයි.

      "ඩොලර් පනහට නං මං විකිණෙන්නේ නෑ! මං ඊට වැඩිය වටිනවා!"

      Delete
  19. ETHAKOTA, LIQUER SHOPS, TAVERNS, PUBS, WAGE EWWATATH ARAMA KIYANNA PULUWANDA ?

    ReplyDelete
  20. “ලංකාවෙ අරක්කු බෝතලයක් දීලා මිළට ගන්න බැරි එක පත්තරකාරයෙක් නෑ” අපේ රටේ පත්‍ර මිත්‍රයින් ගැන මේ කතාව කාලයකට ඉහත කීවේ මංගල සමරවීරය.

    ඔහුට මෙතැනදී පොඩ්ඩක් වැරදුණාය හිතමි. ලංකාවේ අරක්කු බෝතලයට මිළට ගන්න බැරි පත්තරකාරයෝ ඕනැ තරම් වෙති. නමුත් අරක්කු බෝතලයට මිළ නොවන එකා විස්කි බෝතලයකට හෝ ගණිකාවක් සමඟ රැය පහන් කිරීමට මිළ වෙයි. මේ කිසිම දේකට මිළ නොවන පත්තරකාරයකු අද සිටී නම් ඒ කොළඹ කනත්තේ අඩි හයක් යට විය යුතුය. මේ බී. ඒ. සිරිවර්ධනලාගේ ඩී. බී ධනපාලලාගේ යුගය නොවේ. චන්ද්‍රප්‍රේමලාගේ කීර්ති වර්ණකුලසූරියලාගේ, නෝමන් පලිහවඩනලාගේ හඩ්සන් සමරසිංහලාගේ යුගයයි.

    මහා ලොකුවට රැවුල් වවාගෙන, දාර්ශනික පෙණුමක් ආරූඪ කරගෙන ලියෝ තෝල්ස්තෝයිලා, මක්සිම් ගෝර්කිලා, කාල් මාක්ස්ලා වගේ පෙනී හිටියත් ලංකාවේ පත්තරකාරයින් කියන්නේ සීනි බෝල වලට කෑදර මොන්ටිසෝරි ළදරුවන් වගේ බොළඳ මිනිස්සුය. ඔවුහු තමන්ගේ පත්තර පිටුපුරා අනුන්ට උගන්වන සදාචාරයේ නාමයක් වත් නැති කුහක, ආත්මාර්ථකාමී, ජඩයෝය. ඉහේ සිට පහළට කුණු ගඳ ගහන ඇවිදින අසුචි කඳුය.

    එසේම පත්‍ර මිත්‍රයින්ගේ මිළද ඔවුන් විසින්ම අඩු වැඩි වශයෙන් සකසාගෙන තිබේ. උදාහරණයක් හැටියට අබේසුන්දර යනු ඉතාම අඩු මිළකට විකිණෙන්ට ලැහැස්ති පත්තරකාරයෙකි. බොන්ට තියේ නම් භෝජන සංග්‍රහ හොය හොයා යයි. කිසිම ලජ්ජාවක් නැත. මේවාට යන්ටම වෙන්කළ පරණ හමගිය කබායක් හා දුම්කොළ බඳු කිලුටු ටයි කිහිපයක්ද ඔහු සතුව ඇත. හොඳට කා බී පසුවදා ඕනෑම ටොන් පචයක් ලුණු ඇඹුල් ඇතිව ලියා ලජ්ජාවක් නැතුව “අදත් පිටපත අබේසුන්දරගෙනි” කියා නම දා ගනී. එසේ නම දා ගැනීමද මහා ආඩම්බරයක් සේ සලකයි. උදව්වක් ගන්ට අවශ්‍ය නම් අරක්කු බෝතලයක් ප්‍රදානය කිරීම හොඳටම සෑහේ. ඉතුරු බාගේ පස්සෙ දෙනවා කියා බාගයක් දීමද සමහරවිට ඇතිය සිතමි. (සමහරවිට මංගල සමරවීර තමන්ගේ ‘අරක්කු බොතල්’ තියරිය අටවා ගන්ට ඇත්තේ මේකා නිරීක්ෂණය කිරීමෙන් පසුව විය යුතුය.)

    අයිවන්ගේ මිළ අබේසුන්දරගේ මිළට වඩා වැඩිය. උදාහරණයක් හැටියට අරක්කු බෝතයලක් හෝ ගෑනියෙක් පෙන්නීමෙන් අයිවන්ගෙන් වැඩක් ගත හැකිය මම නොසිතමි. (හරියටම නොදන්නේ තවම ඊට උත්සාහ කොට නැති නිසාය.) නමුත් මින් අදහස් වන්නේ අයිවන්ටද මිළක් නැති බව නොවේ. දක්ෂයා ඒ කුමක්ද සොයා ගත යුතුය.

    http://samanalaviplavaya.wordpress.com/2012/10/17/butterflyrevolution29

    ReplyDelete
    Replies
    1. සැම කෙනෙකුටම මිලක් ඇතිබව කකා කියයි. පගාව, විෂමාචාරය ගැන කියන කකා, කීව්වේ ඔහු නොවිකිනෙන බව නොව "ඩොලර් පනහට නං මං විකිණෙන්නේ නෑ! මං ඊට වැඩිය වටිනවා" කියාය.

      කකා ලංකාවේ පත්තර කාරයෙක් වූවානං - ඔහුද, ඔබද , මමද, සත පනහට විකිනෙනු ඇත. ඒ , පත්තරකාරයි කො‍ටුවී ඇති රාමුවෙන් - මේ විශම චක්‍රයෙන්, ගැලවීමට ඉතා අසීරු නිසාය. කාලයක් න්ම ‍රැකගෙන සිටි අයිවන්ද අවසානයේ විකිනුනේය. ඒ ඔහුගේ නියම මිලට සහෝදර සමාගම ලන්සුව තැබූ නිසාය. සහෝදර සමාගම හිටගෙන ගසා කන්නෙ මේ බව දන්නා නිසාය. , "චෞර රාජණිය" ලියු වික්ටර් අයිවන්වත් ඔහුන් ගැන පොත් ලියන එකක් නැත.

      වික්ටර් අයිවන හරිද නැද්ද , යන වග විවේචනය කිරීමට අපට සාධාරණ අයිතියක් තිබේද?, මට නං , ඔහු ගැන ඇත්තේ දුකකි. තරුණ කල විප්ලවය වෙනුවෙන්ද, ඉතිරිය රාවය වෙනුවෙන්ද කැපකල ඔහු, තවත් එක් විප්ලව වාදියෙක් වු, වීරවංශ මෙන් හම්බ කරගත් දෙයක් හෝ විඳි සැපක් නැත. ඔහු කල කැප කිරීම් කිරීමට අද මේ විවේචන කරන කී දෙනෙක් සූදානම්ද?

      Delete
  21. KK, I'm curious, that's why I ask. What was the reason for your refusal? The loss to SL customs by someone not entitled to it getting duty free goods using your entitlement or you simply felt insulted by the offer (by either offer itself or the low amount offered)?

    ReplyDelete
    Replies
    1. I think KK refused because he has to carry the items across customs and then hand over them to someone outside. It involves some physical effort and time. Not worth for $ 50.

      Delete
    2. මා ඒ යෝජනාව සිනහවකින් බැහැර කෙරුවේ එය පගාවක් මෙන් සැලකිය හැකි නිසයි.

      මා කිසි දින පගා දෙන්නේද ගන්නේද නැත. එය විෂමාචාරයකි.

      Delete
  22. Isn't KK an admirer of Abeysundara?

    ReplyDelete
    Replies
    1. මා ගාව මහින්ද ගේ කතා නමින් පලවුණු පෙතක් නම් තියෙනවා. එය මට ලැබුණේ මීට වසර පහලොවකට පමණ පෙර තෑග්ක් ලෙස. ඒ කාලේ මේ කවුද කියා මා දැනගෙන හිටියේ නෑ.

      තාමත් චැඩි අදහසක් නෑ.

      Delete
    2. Am disappointed you are either too busy or too discreet to comment on my comment on the beer dansela1

      Delete
  23. මම නම් එන හැම තිස්සෙම යාලුවෝ වෙනුවෙන් අඩුවට බඩු ගොඩක් ගේනවා ඔය ආරාමයෙන්ම .... ගන්න ටික කස්ටම් එකෙන් කරදරයක් නැතුව එලියට දා ගන්න ඔය ආරාමයේ එකාගේ බඩු ත් මගේ ට්‍රොලියේම අරන් එනවා ....... මොකද මම ආරාමේ එකාව දන්නවා ඌ කස්ටම් එකේ අයව දන්නවා ........ දැන් කට්ටියට පැහැදිලි ඇතිනේ .....

    ReplyDelete
    Replies
    1. ලංකාවට හොරට බදු නොගෙවා බඩු ගේන බහුතරයක් තම්ම්බි බව අපි දන්නවා මචන්.
      ලැජ්ජාවක් වත් නැතිව හොරකම කියන හැටි නම් හරි අපූරුයි !!! පජාතයි !!!

      Delete
    2. මා නම් කාටවත් පගා දී නැත, දෙන්නට අදහසකුත් නැත!

      Delete
  24. මිළට නම් ස්වයං තක්සේරුවක් දාගත්තැයි කියහංකො. විකිණෙන්නේ කොහොමද?ඒ ස්ට්‍රැටෙජිය හදලා දෙන එකාටත් මිළක් ගෙවන්න වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. සැපයුම තිබුණට ඉතිං ඉල්ලුමක් නැතිනම් විකිණෙන්නේ නෑ තමයි!

      තමන්ව මාකට් කරගන්න වෙනවා.

      Delete
  25. හෑමොටම මිලක් තියෙනව.හෑබෑයි නියම මිල දෑනගන්න එක ටිකක අමාරුයි.කකාට බෑරිද එ මිල සුත්‍රය කියල දෙන්න

    ReplyDelete
    Replies
    1. බඩු කොලිටිද? එහෙනං මිලක් වදියි!

      Delete
  26. මේ සිද්ධියට බොහෝ විට බඳුන් වන්නේ මැද පෙරදිග රැකියා කොට එන උදවියයි යන්න මගේ හැගුමයි.

    ReplyDelete
    Replies
    1. ඩියුටි ෆ්‍රී එලවන්ස් එක සෑහෙන්න තිබිය යුතුයි.

      Delete
  27. මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක
    කබරගොයත් තලගොයෙක්ලු කන්න ඕන දාක
    මනුස්ස කම තුට්ටු දෙකට බැස ,මළ ගිය සේක
    අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක

    ReplyDelete
  28. මමනම් හිතන්නෙ ඕක ඉතාම සරල දෙයක්...
    ඔය ගන්න බදු මුදල් තමයි ආන්ඩුව සහ දූෂිත නිළදාරින් කියන ජාතිය නඩත්තු කරන්නෙ...
    ආන්ඩුවෙ ඉන්න ඇමතිලා උඩින් යන්නෙ ඔය සල්ලි වල පවර් වලින්..
    ක්‍රමයක් කිව්වට කුමක් හෝ මොකක් හරි ක්‍රමයක් නඩත්තු කරල වැඩක් නැහැ.. ජරා ක්‍රමයක් නඩත්තු කරලා ජරා සත්තුන්ට හැදෙන්න මාධ්‍යයක් නිර්මාණය කරනවාට වඩා අපිත් ජරා වලේම ටිකක් පැත්තකට වෙලා ඉන්න එක ලේසියි..
    මම මුලින්ම අර වැඩේ කරනවා..
    දෙවනුව මම ඉහතින් කිව්ව විදියට වැඩේ සාදාරණ කරගන්නවා..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.