Tuesday 10 September 2013

පොඩි ජෝක් කෑලි කීපයක් සහ a good piece of satirical writing


හදිසියේම මට පොඩි ජෝක් කෑලි දෙක තුනක් මතක් වුණා.

1.
ඔන්න මිනිස්සු දෙන්නෙක් කතා බහ කරමින් ඉන්නවා.

"මගේ ගෑණි එක්ක නං බේරෙන්න බෑ මචං."
"ඇයි බං?"
"හැමදාම උදේට වැඩට එන්න හදන කොට මගෙන් සල්ලි ඉල්ලනවා බං?"
"ඉතිං?"
"ඔන්න මේකි පෙරේදා රුපියක් දාහක් ඉල්ලුවා, ඊයේ රුපියල් දෙදාහක් ඉල්ලුවා, අද ඉල්ලුවා රුපියල් පන්දාහක්ම."
"ඉතිං බං ඔය ගෑණි මොනවද ඔච්චර සල්ලිවලින් කරන්නේ?"
"කවුද බං දන්නේ, මං කවදාක්වත්ම දෙන එකක්යැ?"

2.
ඔන්න ගෑණු දෙන්නෙක් කතාබහක යෙදිලා ඉන්නවා.

"අනේ අපේ එක්කෙනාගෙන් නං බේරෙන්න බෑ අනේ!"
"ඇයි අනේ?"
"එයාට හැමදාම රෑට සෙක්ස් ඕනෑ අනේ!"
"ඉතිං?"
"නෑ මං කියන්නේ, හිතන්න බලන්න. දවස් දෙකකට කලින් දවසේ රෑ ඔන්න ඕනෑ වුණා. පෙරේදා රෑ දෙපාරක්ම ඕනෑ වුණා. ඊයේ රෑ තුන්පාරක්ම!"
"ඉතිං, එයාට සෙක්ස් කරලා එපා වෙන්නේම නැද්ද අනේ?"
"කවුද අනේ දන්නේ? මං අත ගසා දාලා අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවානේ!"

ඔය ජෝක් කෑලි දෙක මං අහපු, කියෝපු ඒවායේ පරිවර්තර්ත.

ඉස්සර බ්ලොග් ලියපු රංග-අසේලත් ඔය වගේ කතා පරිවර්තනය කරලා දැම්මා ඒ දවස්වල. අපේ මාතලන් ගොයියත් ඒ වගේ ජෝක්ස් දානවා ඉඳලා හිටලා!

මේ අතරේ මට ලඟඳී හමුවුණා ඒ වගේ විනෝදාත්මක කෙටි විහිළු කතා පල කරන බ්ලොග් එකක්.

මේකේ නම ජෝකර් මල්ලී.

ජෝකර් මල්ලී සාමාන්‍යයෙන් දාන්නේ ඉංගිරිසියෙන් අපි අහලා තියෙන ජෝක්ස්වල සිංහල පරිවර්තන වුණාට මං ගිය සතියේ ඒ බ්ලොග් එකේ තිබිලා කියවපු රතුපස්වල සීඩී/ඩීවීඩී කියන කතාව නං ඔරිජිනල් එකක් මං හිතන්නේ. අන්තර්ගතය පට්ට. ඒ වගේම ඒ කතන්දරෙන් පේන රචකයා ගේ නර්මාණාත්මක හැකියාව ඉතා ඉහලයි.

මේ පෝස්ට් එක දාන්නේ ඒ ජෝකර් මල්ලී ගේ නිර්මාණය තවත් පිරිසක් අතරට ගෙනියන්නයි.

මෙන්න ජෝකර් මල්ලි ගේ නිර්මාණයට පාර.
http://jokermalli.wordpress.com/2013/08/24/rathupaswala-cd/

-කතන්දරකාරයා

ප/ලි
තවත් හොඳ ජෝක්ස් දෙකක් මෙන්න මෙතන තියෙනවා.
http://kathandara.blogspot.com/2010/06/blog-post_09.html


(image: http://viewallpaper.com/joker-wallpaper-desktop.html)

34 comments:

  1. JOKER MALLIGE JOKES ELA MAMA HAMADAMA BALANAWA.

    ReplyDelete
  2. ගිහිල්ල කියවන්න ඕන.

    ReplyDelete
  3. කකා, තව ජෝකර් මල්ලිලා මොටද බං උඹ ඉන්න කොට?

    ReplyDelete
  4. කතාට පින්... පරිවර්ථන නිසා වැඩි අවධානයක් යොමු කලේ නෑ.. පරිවර්ථන අපේ කරලා ලියන්න පුළුවන් කිසි අවුලක් නැතිව. මෙච්චර හොඳ නිර්මාණ කරන්න පුළුවන් නම්..

    ReplyDelete
  5. අද උදේම මුලින්ම ඩුඩ් හඳුන්වලා දුන්න අලුත් මල්ලි. මෙන්න ලින්කුව "අලුත් මල්ලි , මේක බලන්න කකා මිනිහා හදලා තියෙනවා කවි ලියන අයට ඉතාම වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක් මේ තියෙන්නේ එකට ලින්කුව "සී පද ...
    දැන් ජෝකර් මල්ලි, එල

    ReplyDelete
  6. ජෝකර් මල්ලි කියන්නෙ මම දැන් හැමදාම බලන අඩවියක්. කකා කිව්ව වගේ රතුපස්වල කතාව තමයි හොඳම "ජෝක්" එක.

    ReplyDelete
  7. කකා අවුරුද්ද පුරාම දාන ජෝක් එක්ක බැලුවම මේ ජෝක් කැලේ.

    ReplyDelete
  8. දෑන්ම ගිහිල්ල බලමු

    ReplyDelete
  9. ඔයි ජෝකර් මල්ලි ‍ෆේස්බුකියේ "hilarious රස කතා page" එකෙත් කතා දානවා ..... කකා දාපු ඒවට වඩා රස කතා ඒකෙනම් තියනවා

    ReplyDelete
  10. යන්න ඕන.. තැන්කුයි කකා...

    ReplyDelete
    Replies
    1. ගියාට කමක් නෑ, හැබැයි 18- අය එහෙමත් යන්න හිතන් ඉන්නවනම් මේකත් කියවන්න ..........................
      .ජෝකර් මල්ලි විසින්ම කියන දෙයක් ඈ .................
      "ජෝකර් මල්ලි අඩවියේ පලවන බොහෝ කතා වැඩිහිටියන්ට පමණක් වර්ගයේ ඒවාය. ඒ නිසා පුංචි ළමයි බලලා කලබල නොවන්න.

      හාමුදුරුවනේ, පියතුමණි, පූජකතුමණි, අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නැන්දේ, මාමේ, බාප්පේ, පුංචි අම්මේ, ආච්චි, සීයේ,

      කුඩා දරුවෙක් මෙම අඩවිය කියවනවා දුටුවොත් කණට දෙකක් ගසා ඔවුන් එළවා දමන්න. ඔබ මෙය කියවන්න."
      (/ තේරෙනවද මන්ද ඕකේ තියන හීන් ටොක්ක/ . දැන් ඉතින් මුලින්ම ඕකට යන්නේ 18- ළමෝ තමයි'''''''''' )

      Delete
  11. @කකා,

    "ජෝක් කෑලි" හා "satirical writing" කියන්නේ එකක් නොව දෙකක්!

    ReplyDelete
    Replies
    1. ඔව්!

      ඉතිං කවුද ඒවා සමාන තේරුම් තියෙනවාය කියලා කිව්වේ.

      ඔබ මේ අදහස් කරන්නේ මගේ අද කතන්දර පෝස්ටුවේ මාත්‍යකාව නම් පොඩ්ඩක් අනිත් කතන්දරවලට මං දාලා තියෙන මාතෘකාත් බලන්න.

      මෙන්න උදාහරණ විදියට පසුගිය දිනවල දාපු කතන්දර තුනක්.

      1. පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend!
      2. කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms
      3. ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up

      ළමයෝ මෙතන "ජෝක් කෑලි" කියන්නේ මං දාපු ජෝක් කෑලි දෙකයි.

      satirical writing කියන්නේ ඔය ලින්ක් කරලා තියෙන රතුපස්වල සීඩී ලියවිල්ලයි.

      Delete
    2. කියන්ඩ එපායැ! හැබැයි කකා කියවද්දි ඔය ලින්ක් එක මට මිස් වුණා. ඔන්න 'රතුපස්වල සීඩී/ඩීවීඩී' කියන තැනම ලින්ක් එක දුන්නා නම් අහු වෙනවා. කොහෙද කකා ලින්ක් එකක වත් දා ගන්න දන්නෙ නෑනෙ තවම. ඉතින් අපි නොමඟ යනවා.

      මේවටත් ලින්ක් දාල නැත්තෙ නොදන්නාකමටද?

      1. පාරේ ඉන්න ගණිකාවක් අඳුණා ගන්නේ කෙසේද? - Watch out when you are walking along with your girlfriend!
      2. කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms
      3. ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up

      Delete
    3. ඔන්න ටයිටල් එක පොඩ්ඩක් වෙනස් කළා! රතුපස්වල කතන්දරයට ලින්ක් දෙක තුනකුත් දැම්මා.

      Delete
  12. කකා මේ ඔයාගේ යාලු ඇනොල දෙතුන් දෙනෙක්ව මටත් හදුන්වල දෙන්නකෝ මෙයා.... එයාලා හරි සෝයි කොමෙන්ට් දානවා අනේ

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක දෙන්න බලන්න.

      Delete
    2. රාල,දීල කෙලව ගනින්.

      Delete
    3. කකා හා ඇනෝලා අතර ඇත්තේ මහින්ද රාජපක්ෂ හා ජනතාව අතර ඇතිවාක් මෙන් සම්බන්ධයකි. දෙගොල්ලන්ටම 'අනෙකා' නැතිව බැරිය.

      Delete
  13. Going by what I have read of your posts your satirical writing is way better than your jokes. I maybe prejudiced bcoz I like dead pan, sniggering, tongue in cheek stuff than LOL kind. You should write more satire, KK.

    ReplyDelete
  14. කකාගෙ ජෝක් වලට තරමක් හිනා උනත් ජෝකර් මල්ලිගෙ කතාව දැක්කම දුක හිතුන.

    ReplyDelete
  15. එතන ජෝක් එකක් නැහැ. අපේම හෙළුව තියෙන්නේ කකා..අපි අපේම හෙලුවට හිනා වෙනවා.

    ReplyDelete
  16. ගියෙමි බැලුවෙමි,හුදෙක්ම ජෝක් වලට වඩා යමක් සමහර ජෝක් වලින් උකහාගත හැක

    ReplyDelete
    Replies
    1. ඉතින් උකහා ගත්ත ද ?

      Delete
  17. හක්ක පටස් !

    ReplyDelete
  18. කතන්දර කරුන්කරලා ඇනොනිමස් පහසුකම නැති කරලා දාන්න පහත් අසාවන් තියෙන තිරිසන් අය ගොඩක් වැරදි වැඩ කර්ටනවා ඒවට මුව වලා

    ReplyDelete
    Replies
    1. ඇනෝනිමස් පහසුකම කකාගේ සීයලා මුත්තලා කිත්තලා කිරිකිත්තලා මේ බ්ලොග් එක කරන කාලයේ සිට අපට ලබා දී තිබුණු පහසුකමකි. එය ඉවත් කරනවාට මගේ සම්පූර්ණ විරෝධය ප්‍රකාශ කරමි.

      Delete
    2. එතකොට චාමි ෆෝ යූ කියන්නේ ඔයාගේ උප්පැන්නේ නම වෙන්න ඇති නේ ? ඔය B අකුරේ පින්තූරේ ඔයාගේ මූන වෙන්න ඇති නේ ? අනේ යකෝ... කෑවා නම් බීවා නම් දෙයියනේ කියලා නිදාගනින්. පවු නොදී !!

      Delete
  19. සහන් හරි. අපිටම තමා හිනාවෙන්නේ. අපේ වැඩත් ඔහොමනේ. හේහ.

    ReplyDelete
  20. වැඩිය කමෙන්ට් නොදැම්මට අපිත් මෙහෙ ඇවිත් පොස්ට් කියවල යනවා හොඳේ.. ස්තුතියි වේවා ලින්ක් එකට. ගිහින් බලන්නම්!

    ReplyDelete
  21. සියළු දෙනාටම ස්තුතියි. රතුපස්වල සීඩී ලියවිල්ල රස විඳින්නට ඇතැයි සිතමි!

    ReplyDelete
  22. රතුපස්වල කතාවට කට්ටිය හිටු කියල කමෙන්ට් දාද්දි බැලුවා කවුද මේ මාව උස්සල අරන් තියෙන්නෙ කියල. ස්තූතියි කතන්දර කාරයා. ඒක ඔරිජිනල් පෝස්ට් එකක් තමයි.

    මෙන්න මේකත් ඔරිජිනල් එකක්. උස්සල අරන් දෙන්න.

    අළුත් දේස ප්‍රේමී කිරි ජාතිය

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.