
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම, සිසුන් ට, ගුරුන් ට, ජංගම දුරකතන තහනම සමග දැන් දැන් ඇහෙනවා සිංහල තලිබාන් ලා ගැන කසු කුසුවක්.
ලඟදීම අනේ හැම පිරිමියාම උඩුරැවුලත් වවන්න ඕනි කියයි ද මන්දා?
මං මේ කියන්න යන්නේ, නොදැනුවත්වම වගේ කතන්දර කාරයාත් මේ මාතෘතාව කතා කරලා තියෙනවා දැන් ටික දවසකට කලින්. හැබැයි වෙනිං පසුබිම් යටතේ.
සීලවතී සිල් අරගෙන කතන්දරේ මතකද?
පිරිමි ගුරුවරු කලිසම් ඇන්දට, ගැහැණු ගුරුවරියන් ට සාරි, ඔසරි විතරයි කැප. අනික්වා තහනම්.
ඒ තලිබාන් නීතිය දශක ගණනාවක් තියෙන එකක්.
එතකොට පන්සල් යන්න සරොං අඳින්න කියලා නාලන්ද ලා මට නීති දැමීම එක?
ඒකත් සිංහල තලිබාන් වර්ගයේ එකක්. අවුරුදු ගණනකට ඉස්සර කතාවක්.
ඩේ ජා වූ (Deja Vu) ගතියක් මට නම් දැනෙන්නේ මේ අළුත් තලිබාන් කතා අහලා.
කතන්දරකාරයා
තලිබාන් කතන්‍දරේ නම් විහිළුවක් නොවෙයි රජෝ ...
ReplyDeleteආණ්ඩුව පිස්සු කෙළිනවා
ReplyDeleteඅදයි තලිබාන් කතාව කියෙව්වෙ...මම හොඳට දන්නව ඒ ගොල්ලන්ගෙ හැටි. ඊට පස්සෙ ටී වී එලියට දමල කුඩු කරනව. සිනමා හෝල් ගිනි තියනව..ස්ත්‍රීන්ට රස්සාවල්, අධ්‍යාපනය තහනම් කරනව...දිගටම ඉඩ දුන්නොත් පිරිමින්ට මූණ පුරා රැවුල් වවන්නයි, ගැහැනුන්ට මූණෙ ඉඳන් දෙපතුලටම බුර්කා ඇඳන් වහ ගෙන ඉන්න වෙයි...දල්ල කාලෙම කඩල දමන්න වෙයි...
ReplyDeleteලංකාවෙ ගුරුවරු ඉතින් අද වෙනකල් වෙන මොකුත් ඇන්දෙත් නෑ නෙ. විද්‍යා පීඨෙදි පුරුදු කරලනෙ එවන්නෙ සාරි ඔසරි ඇදල ජීවත් වෙන්න. දැන් ඉතින් කිසි කරදරයක් නෑ සාරි ඇදගෙන පොල් ගහක උනත් නගින්න පුලුවන්.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමම පෞද්ගලිකවම කැමතියි කාන්තාවක් සාරියක් හරි ඔසරියක් හරි ඇඳන් ඉන්නවා දකින්න
ReplyDeleteඒ උනාට ඒකෙන් කියන්නේ හැමෝටම සාරි අඳින්න කියන එක නෙමෙයි
ඒත් ඒ ඇඳුම කාන්තාවන් ඇඳලා ඉන්නවා දැක්කම හිතට පුදුම විදියේ සිංහල කමක් දැනෙනවා
ඔන්න ලින්ක් දැමිල්ල පටන් අරගෙන හෙහ් හේ..... මුල ඉදලා මේ කියවගෙන එන ගමන්..,!
ReplyDelete