ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday 30 July 2009
පන්සල් යන්න සරොං අඳින්න ඕනැද?
අපේ ගමේ පන්සල පුරාණ රජ මහා විහාරයක්. සියම් නිකායෙ අස්ගිරි පාර්ශවයටයි අයිති. ඒ කියන්නෙ හාමුදුරුවරු එක උරහිස්සක් පේන්න සිවුර අඳින්නෙ, පාත්තර වල නෙමේ සාමාන්‍ය පිඟන් වලයි දන් වළදන්නෙ, සාමනේර හාමුදුරුවරු උපසම්පදාවට යන්නේ අස්ගිරියෙ මහා විහාරයටයි.
පන්සල ලස්සනයි. පරණ බුදු ගේ, අළුත් බුදු ගේ, බෝධිය, දාගැබ, ඝන්ටාරෙ, ආවාස ගෙවල් සහ බණ මඩුව ඇතුළු සියළු අංගෝපාංගවලින් සමන්විතයි. එකම නරක ඔය අස්සෙ දේවාලයකුත් තියෙන එකයි.
පොඩි කාලෙ ඉඳලම මං අම්ම එක්ක පන්සල් ගියා. පෝය දවස් වලට, අවුරුද්දෙ නොනගතේ ට, වස් කාලෙ තියෙන බණ අහන්න, ඒ එක්කම කිහිප දෙනෙක් බාර අරං තිබුණු මල් පුජා දවස් වලදි එහෙම.
තාත්ත නං පන්සල් ගියේම නෑ. එක එක දවසක් පවුලෙ කෙනෙක් මැරුණු කාලෙ හත් දවසේ හීල් දානෙ අරගෙන ගියා මිසක්. තාත්ත ආගමානුකූල ජීවිතයක් තවමත් ගත කරනව. සුරා සූදු පස් පව් නැහැ. මං හිතන්නෙ තරුණ කාලෙ පන්සල් ගිහින් තියෙනව. පස්සෙ නවත්තල. දවසක අහන්න ඕනි ඒ ඇයි කියල.
ටිකක් ලොකු මහත් වුනාට පස්සෙත්, ඒ කියන්නෙ, උසස් පෙල ඉගෙන ගන්න කාලෙත් මං පන්සල් ගියා. නමුත්, ඒ කාලෙ වෙනකොට මං පන්සිල් ගන්න එකත් නවත්තල. පන්සල් යන්න වැඩිපුරම හේතුව වුනේ ගමේ කෙල්ලො බලන්න.
අම්ම පන්සල් ගියේ සුදු සාරියක් ඇඳන්. මං ඇන්දෙ දිග කලිසමයි. කමිසයයි. බොහෝ විට ඉස්කෝලෙ අඳින ඒව. සමහර විට කළු පාට, දුඹුරු පාට කලිසම් උනත් ඇන්ද වෙනසක් නොබල.
මගෙ වයසෙම වගේ ගමේ කොල්ලෙක් හිටිය නාලන්ද කියල. නාලන්ද ගෙ පවුලම පන්සලේ හොඳ දායකයො. නිතරම පන්සලේ. දාන දෙනව. මල් පූජා තියනව. හාමුදුරුවොත් කට්ටියවම හොඳට අඳුනනව.
දවසක් පෝය දාක පන්සල් ගිය වෙලේ නාලන්දයි, තවත් ගමේ පොරවල් දෙතුන් දෙනෙකුයි මට හම්බ වුනා. කෂ්ටිය මොකක් හරි සාකච්ඡාවක් කර කරයි හිටියෙ.
මාව දැක්ක ගමන් මෙන්න බොලේ නාලන්දයි අනිත් උන් දෙන්නයි මට අවවාද දෙන්න පටන් ගත්ත. පන්සල් එනකොට කලිසම් අඳින්න හොඳ නැහැයිලු. අඳින්න ඕනැ සුදු සරමකුයි සුදු කමිසයකුයි ලු.
මේ නිකං විහිළුවට කියන දෙයක් නෙමේ සිරීයස් විදියටයි කතා කලේ.
මං ඉතිං මොකුත් කියන්න ගියේ නෑ. ඒත් කවදාක් වත් සරම් ඇඳන් පන්සල් ගියෙත් නෑ. සුදු සරම් ඇඳල අපි ඝන්ඨාර පෙන්නන්නෙ මොකටද? පන්සලේ හොඳ ඝන්ඨාර කුළුණක් තියෙනවනෙ.
ඇඩ්වාන්ස් ලෙවල් කලායින් පස්සෙ ගමේ ජීවිතේ ටික ටික අඩු වෙලා ගිය හින්ද නාලන්ද ල ගෙ ගමේ කොල්ලන් ට සරං අන්දවන ප්‍රොජෙක්ට් එකේ සාර්ථකත්වය මට විපරම් කරන්න වෙලාවක් ආවෙ නෑ.
පස්සෙ කාලෙක තමයි මට තේරුනේ එදා නාලන්ද ල ගෙ වැඩ පිලිවෙල ගොඩක් දුරට තලිබාන් වර්ගයේ එකක් නේද කියල.
මට හිතෙනව පෝය දවසක ගමේ ගිහින් බලන්න දැන් අවුරුදු ගානකට පස්සෙ තාමත් නාලන්ද පන්සලට අඳින්නෙ සරම ද කියල.
කැමති නම් comment කරන්න.
නැත්නම් ඊ-මේල් එවන්නත් පුළුවනි. kathandara@gmail.com
කතන්දර කාරයා.
Labels:
sarong,
temples,
village life,
නාලන්ද පියතිලක
Subscribe to:
Post Comments (Atom)
පිස්සුද ඌ දැන් කොට කලිසම් ඇදන් පංසල් එනවා ඇති........!! :P
ReplyDeleteපිස්සුනේ . . . හිතට එකඟවම කියනවනම් අපි හැමෝම තරුන කාලෙ පන්සල් යන්නේ කෙල්ලෝ බලන්න . . .කෙල්ලෝ පන්සල් එන්නේ දන්න තරමින් කොල්ලෝ බලන්න . . .චාම් විදිහට එන්න ඕන තමයි ස්ථානයේ ගෞරවය රකින්න. . . ඒත් බොරු වැඩ නැතුව . . . !
ReplyDeleteසරං හොදයි. හුලං ටික හොදට වදිනව. ගිහි පිරිතක් උනත් කියතෑකි හදිස්සියකට.
ReplyDeleteඒ වගේ ද ඇඩ් එක..
ප්‍රාදෙශීය සභා පලාත් සභා යෑමේ උපරිම ගං සුදුසුකමක් නෙ.
රනිල් ටත් හෙන ගැහුවෙ ඔය සරම නැති නිසා නොවැ. අදින්න සරම, ඕක ජාතික මට්ටමෙ වැදගත් කමක් නෙ.
ඔව් ඔව්.. අනේ පිඩු සිටාන්නනුත් පන්සල් ගියේ සරම ඇද ගෙනෙනේ.
ReplyDeleteමොකක් වත් නැතුව පන්සල් නොයා කලිසම ඇඳන් යන එකම මදෑ අපි වාගේ උන්..!
ReplyDeleteසරම , මට ඕක ඇදං නිදියන්නම බැ නේ ...
ReplyDeleteදවස් දෙකක් try කලා
ආයේ never.
සරමට වඩා ශෝට සංවරයි මම නං කියන්නේ..
එතකොට ඝාංඨාර පෙන්න්නන්න ඕනේත් නැ කිසි කරදරයක් නැ නේ
මමනම් ජීවිතේට සරම් අඳින්නේ නෑ. එකම දවසක් ඇන්දා මොන්ටිසෝරි යන කාලේ. නැගිටිනකොට සරමත් ඇඟේ නෑ. චූත් ගිහිල්ලා.
ReplyDelete