Saturday 1 October 2011

කැම්පස් ජීවිතේ මල් (මල් වැනි කෙල්ලන් ගැන හෝ ඔතපු මල් ගැන හෝ නොවේ!) - Oh, what a feeling!


දැන් ජීවිතේ ගෙවෙන්නේ අක්බාර් එකේ. මාකස් එකේ ඉන්න කාලේ වගේ උදේටයි හවසටයි ඇවිදින්න නැති නිසා දැන් වැඩිපුර පැය බාගයක් ජීවිතේට එකතු වෙලා.

ඒ මදිවට ඉතිං දැන් අපිට රෑට බත් කන ගමන් බලන්න ටෙලිවිෂන් එකකුත් තියෙනවනේ.

ජීවිතේ මල් කියන්නේ මෙන්න මේකටයි.

මේ කතාව කැම්පස් කෙල්ලෝ ගැන හරි ඔතපු මල් ගැන හරි නොවේය කියලා මං කිව්වේ ඒකයි!

අක්බර් භෝජනාගාරයේ සිට ලියමි

ගල් තිබුණා බත්වල
ගෙඩි ගෝවා මැල්ලුම
පතෝල සහ මුංඇට
කාට හැකිද කන්නට

ඒ ඉස්සර

ගල් හැපුනාවේ ඔහේ
දිය රහ සිහියට නොයේ
බත් කෑවත්, නැතත් මොටද?
ටී.වී. අප හට තියේ

රස ගුණ නොම සිතපල්ලා
විගහට බත් ගිලපල්ලා
ටෙලිවිෂණය නරඹන්නට
බංකුවෙ පෙල ගැහියල්ලා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි
මීට අමතරව ඒ දවස්වල ජීවිතේ මල් තිබුණා නං ඒ ඉතිං බගන්දරා මල් තමයි!

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මවිසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: )

25 comments:

  1. අපේ හොස්ටල් වල නම් ටැලිවිශන් තිබ්බේ නෑ.ඒව තිබ්බෙ කැන්ටින් එකේ.

    ReplyDelete
  2. ඔව් ඔව් ඒ කතාව නම් ඇත්ත... TV බලන්න ඇබ්බැහි වෙච්ච සමහරු තමන් කන්නෙ මොනවද කියල දන්නෙත් නෑ තමා!

    අපේ කාලේ අක්බාර් එකට අළුත්ම අළුත් TV දෙකක්ම ලැබුනා... ඒ නිසා වෙනස් විදියේ රසඥතා ඇති අයට සාධාරණයක් වුනා. හැබැයි ඒ ක්‍රිකට් මැච්, සුපර් ස්ටාර් වගේ වැඩසටහන් නැත්නම් විතරයි. අක්බාර් එකේ TV බැලිල්ලට පුරුදු වෙලා නොහිටි කෙනෙක් වුනත්, ඒ කාලේ ගිය 'සිරස සුපර් ස්ටාර් - සීසන් 1' නම් නොවරදවා බැලුවා මමත්... :)

    ReplyDelete
  3. මම හිතාන උන්නේ කැම්පස් එකේ අය හොඳ පෝෂන ගුණයෙන් අනූන ආහාරපාන වර්ග නිතරම අරගන්නවා ඇති කියලයි ..!

    කිරි මැට්ට ගිලින කිඹුල්ලු හොඳයි නෙව . කැම්පස් පරපුර පවු නෙව !

    ReplyDelete
  4. අප කැම්පස් සිටින කාලේ හොඳ කවියක් තිබුනා අප්පා මතක නැහැනේ. හැබැයි අන්තිම පදෙ නම් මතකයි.
    "අම්මා දනී නම් ආයූර්වේදෙ තතූ
    වර බොල කොලුවො කියමින් ගෙනියයි මේ දුක් විදින පුතූ"
    කියලා තමයි ඉවර වුනේ. හැබැයි අද මතක් කරන කොටත් පුදුම සතුටක් එන්නේ ඒ තතු විත්ති.

    ReplyDelete
  5. කවි ටික නම් නියමයි.

    @නදී :
    අපේ ටීවි එකත් තිබ්බේ කොස්ටල් කැන්ටින් එකේ.

    ReplyDelete
  6. හොස්ටල් එකේ ටීවී බැලිල්ල ගැන කොමෙන්ටුවක් දාන්න හිටියත් බැරිවුනා. මේකත් ටීවී බලන්න ගිහින් වෙච්චි එකක්. මේක වුනේ අර කතන්දර පාන් කන්න ගිහින් චාටර් වුනු සංඝමිත්තා එකේ තමා. :)

    සංඝමිත්තා එකේ ටෙලිවිසන් එක තිබුනෙ පාඩම් කරන ශාලාවෙ කොනක. ඕකට අයිතිකාරයො වෙන සෙට් එකක් හිටිය නිසා අපි සාමාන්‍යෙයෙන් ටීවී බලන්න යන්නෑ.
    දවසක් ඔය ටීවී බලන කස්ටිය ටෙලිවිසන් එක ගාව වටවෙලා රන් දෙපැය වගේ ඉක්මනට ඉවර වෙන්නැති ඇඩ් විතරක් වැඩිපුර යන එකක් බල බල හිටියා. එවෙලෙම අපිටත් ඕන වුනා වෙන චැනල් එකක යන වැඩසටහනක් බලන්න. අපි ඉතින් හොඳ නෑනෙ තියලා අර ටීවි බලන සෙට් එකට කිවුවා අපිට අදට විතරක් මේ වැඩසටහන බලන්න දෙන්න කියලා. ඉතින් ආපේ වැඩසටහන පටන් ගන්න වෙලාව පහුවෙලා විනාඩි 5ක් විතරත් ගියා. මුන් චැනල් එක මාරුකරන්නේ නෑ. දැන් ඉතින් කෙහෙවලු පටල ගන්න සීන් එකත් තමා. බැන ගන්නවා,ඇනුම්පද කියනවා. වැඩ කෝටියයි. කොහොමින් කොහොම හරි අපිට එදා ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න බැරිවුනා. ඊට පස්සෙ අපි කලේ ටීවි එකේ රිමෝටී කොන්ට්‍රෝ එක අපි ගාව තියාන අනිත් කස්ටියට සතියක් විතර යනකම් ටීවී බලන්න දුන්නැති එකයි.
    (ඒ කාලෙ ටීවී එක වීදුරු පෙට්ටියකට දාලා ලොක් කරලා තිබුනෙ. ටීවි බලන්න ඕනි අය ශාලාධිපතිනියගෙන් රිමෝට් එක ඉල්ලගෙන එන්න ඕනි)
    දැන්නම් මතක් වෙද්දිත් හිනා යනවා.

    ReplyDelete
  7. වැලිකැට ගඩොල් කැට තිබුනත් මොකද අනේ
    එහෙමද පෙට්ටියේ කෙල්ලන්ගේ දඟර අනේ...
    සන්සලා අමන්දලගේ පෙම මරුනෙ අනේ..
    උපාධියට හෙන ගැහුනත් මොකද පනේ....

    ReplyDelete
  8. ටීවී එකෙ නිසා කෑම රසයි...ඒකත් හොඳ වැඩේ

    ReplyDelete
  9. @ නදී
    නදී ලියා ඇති දේ මට තේරෙන්නේ නෑ.

    අක්බාර් ශාලාවේ (Akbar Hall of Residence) අදත් ටෙලිවිෂනය තියෙන්නේ භෝජනාගාරයේ ම (Dining Hall) තමා මං දන්න විදියට.

    ReplyDelete
  10. @ ගීතක
    හැබැයි එක හොඳක් තියෙන්නේ අපි අත උඩ පිඟාන තියන් කෑවේ නෑ කවදාකවත්. මොකද, ඩයිනින් ටේබල් තියෙනවානේ.

    ReplyDelete
  11. සඳරූ
    දන්නව නං එදා ඇක්මන් අයියගේ මල ගෙදරට ආපු කැම්පස් කොල්ලන්ට නෙලනවා නේද?

    ReplyDelete
  12. @ වෙදනා
    ඔය කියන කවිය කැම්පස් ගොඩක තියෙන එකක්. ජපුරේ තමයි මුලින්ම තිබිලා තියෙන්නේ.

    ඔය ආයුර්වේදේ ගැන කියන්නේ කොයි කාලේද?

    ReplyDelete
    Replies
    1. Yes You are correct. This came to Rajagiriya Deshiya Vaidya after 1990 from Kelaniya Uni. It was very popular among many. There are few versions as well. Sorry for writing with English alphabet.

      Sihinen Pawa Mage Sukha Viharanaya Pathuu
      Amma Danee nam me Ayurvede Thathuu
      Mehewara Koluwo yay kiyamin Kandulu nethuu
      Genagos bohokal me duk vindina puthuu

      Delete
  13. @ මධුරංග
    එක වෙනස අපේ කාලේ තිබුනේ නේවාසිකාගාරයක් සහ භෝජනාගාරයක් වීමයි.

    ටෙලිවිෂනය තිබුනේ ඩයිනින් හෝල් එකේ ය.

    ReplyDelete
  14. @ Gimhani
    සංසල අමන්දල හිටියේ නැතිය එදා
    දොස්තර හොඳ හිතයි අපෙ මිතුරා සැමදා
    නන්දන වින්දනෙන් සැනසී හැම ඉරිදා
    කෑවෙමු පතෝල ද ගෝව ද අපි දිරි දා

    ReplyDelete
  15. @ කස්සා
    අනේද කියන්නේ. ඒ දවස්වල ටීවී එකේ සොසේජස් ඇඩ් යනකොට අපිට කෑම තවත් රස දැනෙනවා.
    ඇයි මීට් බෝල්ස්. කිරට මිරිසට.

    ReplyDelete
  16. බස් වල රේඩියෝ , කැන්ටිමේ ටීවී , මේ හැම දෙයින්ම කරනේනේ ප්‍රධාන සිද්ධියේ තියෙන අඩුපාඩුකම් කස්ටම්ර්ට නොදැනෙන්න හිත වෙනතක යවන එක තමයි. ඔය අතරත් ඉතින් හොඳ සංවේදන තියෙන පොරවල් නැත්තෙ නැහැ. එයාල තමයි පිඟන් පොළවෙ ගහන්නේ , කොන්දොස්තරගෙ බෙල්ලෙන් අල්ලන්නේ , ඇත්තටම එහෙම අය තමයි අනිත් අයව පියවි සිහියට අරන් ඇවිත් , බත් වල ගල් සහ බස් වල ඒසී මදි හැමතැනම නවත්තනවා කියන දේවල් ඇස් කන් පියාන ටීවී බලන රේඩියෝ අහන අයට කියා දෙන්නේ....

    කතන්දර වලියට බර පොරක් නෙමෙයි කියල දන්නව. ඒත් නැද්ද කැම්පස් වලි කතා මෙහ........

    ReplyDelete
  17. @ සොඳුරු සිත
    වලි කතන්දර නං තියෙනවා, නමුත් ඔහේලා වගේ අය බය නිසා ඒවාට අකමැති හින්දා දාන්න හිතෙන්නේ නෑ.

    මං කැමතියි හොඳ ළමයෙක් වෙලා ඉන්න.

    ReplyDelete
  18. ක. ශු. සාහිත්‍ය මාසය ඉවරය්. (නිකමට වගේ මතක් කලේ)

    ReplyDelete
  19. @ Observer
    සාහිත්‍ය මාසයේ අවසානය ගැන මං කලින් කියපු කතාව බලන්න.

    ReplyDelete
  20. TV එකේ රහට බත් පිඟානේ අවරහ මැකෙනවනේ එකත් හොඳයි

    ReplyDelete
  21. ගල් හැපුනාවේ ඔහේ
    දිය රහ සිහියට නොයේ
    බත් කෑවත්, නැතත් මොටද?
    ටී.වී. අප හට තියේ

    ලස්සන කවි ටික......

    මට නම් හොස්ටල් ජීවිතයක් නෑ. ගෙදර ඉඳන් යන්න තිබුණු එක ලොකු දෙයක් කියලා හිතුණ ට, හොස්ටල් ජීවිතේ රස කතා අහනකොට, මට නම් ටිකක් දුකක් වගේ එකක් දැනෙනවා අප්පා.........

    ReplyDelete
  22. කවිය සිරා බන් . . .

    හැම ගෙදරකම ලොකු අකුරින් ලියලා ෆ්‍රේම් කරලා තිබ්බත් පාඩු නෑ . .

    ReplyDelete
  23. කොළඹ campus එකේ "ඇරපු එකේ" (Open canteen) නං ටීවී එකක් තියෙනවා අපි campus ආපු දවසේ ඉදන්... අඟල් 21 ද කොහෙද... Cricket match එහෙම තියෙන කොට match එක තියෙන ground එකට දෙවැනි නෑ අපේ canteen එක. 200ක් 300ක් වට වෙලා ඉගෙන, හිට ගෙන, ඩෙස්ක් උඩ හිට ගෙන match එක බලනවා... කෑගහනවා ... හප්පා... ආය campus යන්න හිතෙනවා ........... කියල වැඩක් නෑ...

    ReplyDelete
  24. අක්බාර් එකේ ටීවි වගේම තව හොද හිත ඇදිල යන සුවදකුත් තියෙනව :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.