ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 30 September 2011
කොහෙද යන්නේ රුක්මණී? Where are you going my pretty maid?
"කොහෙද යන්නේ?" කියල අහන එක, අපේ කෂ්ටියගේ ප්‍රියතම ප්‍රශ්ණයක් හරියට සුද්දෝ "හව් ආ යූ?" කියල අහනවා වගේ.
හැබැයි "හව් ආ යූ?" කියල ඇහැව්වාම, මොන මහලෙඩේ හැදිල තිබුණත්, "අයෑම් ෆයින්, තෑන්ක් යූ!" කියනවා මිසක් "අයෑම් නොට් වෙල්, අයි හෑව් අ හෙඩේක්" වගේ ඇත්ත කියන්න යන්න නම් හොඳ නෑ!
නමුත්, "කොහෙද යන්නේ?" කියල කවුරු හරි හිංගලෙන්ම අහන කොට නම් අපිට වෙනවා මොකක් හරි පිළිගත හැකි උත්තරයක් දෙන්න.
"ඇයි අහන්නේ? මගේ පුද්ගලික ගමන් බිමන් පිළිබඳ විස්තර මක්කටෙයි ඔහේට?" වගේ පොර ටෝක් දෙන්න යන එක නං ඇඟට ගුණ නෑ.
මේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි, "මං මේ ලඟට යනවා" හරි එහෙම නැත්තං, "මං මේ පොඩි ගමණක් යනවා" වගේ හරි උත්තරයක් දීලා ඇඟ බේරගන්න එක.
නැතුව "මං මේ කොටුවක් පනින්න යනවා", "මං මේ ගෑල්ලමයෙක් හම්බ වෙන්න යනවා", "මං මේ මුල්ල පටස් ටිකක් බොක්කට දාගන්න යනවා", "මං මේ අයිස් ක්‍රීම් උම්මා එකක් දෙන්න යනවා" වගේ ඇත්ත කතන්දර කියන්න නං යන්න එපා!
මේ "කොහෙද යන්නේ" සීන් එක ගැන කතන්දර ගොඩයි. අද එකක් විතර කියන්නම්.
ඔන්න අපේ ඇන්ටි කෙනෙකුට දොස්තරලා උපදෙස් දුන්නා හැමදාම පැය භාගයක් විතර ඇවිදින්න. ඇන්ටි ඉතිං කලේ පහුවදා ඉඳලාම ගමේ පාරේ ඇවිදින්න පටන් ගත්තු එකයි.
නමුත් ඒක දවසක් දෙකකින් ම නතර වුණා.
හේතුව අහල බැලුවාම මෙන්න මේකයි වෙලා තියෙන්නේ.
ඔන්න එදා මුලින්ම ඇවිදින්න පටන් ගත්තු දවසේ, ඇන්ටි ගෙදර ඉඳන් යාර සීයක් ගියා විතරයිඃ
"ආ, මිස් කොහෙද මේ බෑරක්ද?"
ඉතිං ඇන්ටි නැවතිලා ඒකට උත්තර දුන්නාලු.
තව අඩි කීපයක් ගියා.
"ආ, මිස් මොකද මේ අද පයින්ම?"
තවත් විනාඩියක් ඒකට.
"මිස් හවස් වෙලා නෑගං යනවා වගේ?"
"අනේ මිස්ව මං හම්බවෙන්නමයි හිටියේ."
"මිස් අපේ ගෙදරටත් ගොඩවෙලා තේකක් බීලා යන්නකෝ"
මුල් දවසේ ඇවිදිල්ල එච්චරයි.
මේ දෙවෙනි දවසේ.
"ආ මිස් අදත් මොකද පයින්ම?"
"මිස්, කොහෙද යන්නේ, වීල් එකක් හම්බ වුනේ නැද්ද?"
"මිස්, මොකද තනියම? කෝ රාලහාමි?"
"ආනේ මේ මිස් නේ? මට ඒත් ඊයේ කුසුමා කීවා එහේ ඇවිත් තේ බීලා ගියා කියලා. යං යං මිස් අපේ ගෙදරටත් ගොඩ වැදිලා යන්න."
දෙවෙනි දවසේ ඇවිදිල්ල එච්චරයි.
තුන්වෙනි දවසේ මිස් ගෙදර!
ඔහෙලා දන්න "කොහෙද යන්නේ?" කතන්දර තියෙනවා නං යටින් ලියල යන්න. මගේත් තව ලියපු තියෙනවා දෙක තුනක් සඳුදා ට විතර දාන්නං.
-කතන්දරකාරයා
ප/ලි:
ඔය පොලිටිකල් බ්ලොග්වල ඇතිවෙන විවාද වලදී නම් "කොහෙද යන්නේ?" ප්‍රශ්ණෙට ලැබෙන්නේ "මල්ලේ පොල්!" වර්ගයේ උත්තර විතරයි!
(image: http://healthjunction.org/)
Labels:
අපේ සිරිත්,
මල්ලේ පොල්
Subscribe to:
Post Comments (Atom)
මමත් ඇඟ බස්සගන්ට උදේ පාන්දර 5ට විතර පාරට ගියා,
ReplyDeleteඑක්කො ඊටහ් කලින්ද කොහෙද..
යුධ පුහුණුවෙ ගැම්ම අරං උදේම අඩි තිය තියා
බොටම ඇඳන් කැන්වස් දෙක දාගෙන ගමනේ ගියා
උදේ 5ට මොන යකෙකුත් පාරේ නෑනේ කියා
ගියාට පසු තමා දැක්කෙ රොත්තක් පාරේ කියා
ඒක නිස ඉතින් එක දවසින් අක්සයිස් සුං.
"කොහෙද යන්නෙ ?"
ReplyDelete"මල්ලෙ ලැප්ටොප්"
කියලා කව්ද ඒක මොඩිෆයි කරල තිබ්බෙ..මන් මුලින්ම දැක්කෙ ඔබා අයියගෙ බ්ලොග් එකේ ඔය මොඩිෆිකේශන් එක.
අර ගෑණූ කෙනා දැන් ගෙදර වටේ ඈවිදිනවද දන්නේ නෑ...
ReplyDeleteඔයිටම සමාන සිද්ධියක් මගේ යාලුවෙක්ගෙ තාත්තෙක්ට වුනා . හදවත් රෝගයක් නිසා ඇවිදීම නිර්දේශ කරලා . විශ්‍රාම ගිය ගුරුවරයෙක් මේ තාත්තා . ඉතින් කොහේ ඇවිදිනවද. පාර දිගට ගෝලයෝ. ලිෆ්ට් දෙන්න අහනවා ඉවරෙකුත් නැහැ . පස්සේ දුවගේ පොඩි දෝනිව බයිසිකලේ තියල ඒකට ලනුවක් දාල ඇදගෙන යන්න පටන් ගත්ත . කතාවට නැවතුනොත් කෙල්ල කෑගහනවා . කවුරුත් ලිෆ්ට් දෙන්නෙත් නැහැ .කවුද කැමති කෙල්ලෙකුයි බයිසිකලෙකුයි වාහන වලට පටව ගන්න
ReplyDeleteකොහෙද යන්නේ එකේ අනිත් එක මොකද ආවේ කියන එක.
ReplyDeleteරොබට් නොක්ස්ගේ පොතේ තියෙනවා ලංකාවේ මිනිස්සු එක පාරටම ආපු කාරනේ කතා කරන්නේ නැහැ ඒකේ සැර මරන්න නිකම් ආවා කියලා පස්සේ බුලත් විටක් කාලා එහෙමලු ඇත්ත සීන් එක කියන්නේ.
ඒකට හොඳ උපහාසෙකුත් කරනවා.
දෙවියන් වහන්සේ හැමෝටම එක එක හැකියාවන්, අනම් මනම් දේවල් ප්‍රදානය කරන දවසේ සිංහලයෝ ගියාම දෙවියෝ ඇහුවලු. මොකද ආවේ කියලා.
අපේ අය පුරුද්දට වගේ කිව්වාලු "නිකම් ආවා" කීයලා. දෙවියටත් මල පැනල කිව්වලු "තොපිලා නිකම් ආවා නම් නිකම්ම පල" කියලා.
ඒකනේ අපේ රටේ හුඟාක් අය හුඟාක් වෙලාවට නිකම් ඉන්නේ :))
කොහෙද යන්නේ රුක්මනී?
ReplyDeleteමල කඩන්න යන්නෙමී
....මල් වට්ටිය කෝ අනේ?
...මේ වෙන මලක් අනේ
ගෙදරින් පිට ඇයි අනේ?
ගෙදරත් හැකි නෙව බොලේ?
අම්මට ඇහෙනවා බොලේ
මල්ලිගේ ඇන්ටෙන කනේ ..
This comment has been removed by the author.
ReplyDeleteOrbitrek එකක් ගන්නනෙ තිබ්බෙ
ReplyDeleteආ . . . නානවද ???
ReplyDeleteනෑ . . මං මේ නානව . .
ඒක හොඳයි . . . මං හිතුවෙ නානව ලියල
මේ විදිහට දිගටම ඇවිද්දනම් ,අන්තිමට රුක්මණීගේ සීනි ලෙවෙල් එක වැඩි වෙනව ,ඇයි දෙයියනේ කට්ටිය මිස්ව තේ බොන්නත් එක්ක යනව නෙව.
ReplyDeleteහැබැයි ඉතින් , ගොඩක්ම වෙලාවට ලංකාවේ මිනිස්සු හෙම අහන්නේ උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙමෙයි.නැත්තම් කියාවි , “ අපෝ ඒ මිනිහගෙ තියෙන ආඩම්බර , උදේම මූණට මුලිච්චි වෙලත් කතා කරේ නැහැ “ කියල.
ඒක නෙමෙයි කතන්දර , කතන්දර ඉන්න රටේ මිනිස්සු , ඔය වගේ අහන්නේ , හොඳටම අඳුරන අයගෙන් විතර ද? නැහ් මම මේ එහෙම ඇහුවේ පිට රටවල් වල ඔය එක තැන දුවන , ඇවිදින මැෂින් නිෂ්පාදනය වුනේ වගේම භාවිතයට ගැනුනේ බටහිර රටවල නිසා, දැන් නම් ලංකාවෙත් ගොඩක් ගෙවල් වල එකතැන දුවන ,ඇවිදින මැෂින් තියෙනවා.හැබැයි ඉතින් මහත දේහත අයත් 5් ගෙදරම ඉන්නව...........
කොහෙද යන්නෙ?
ReplyDeleteමං මේ නාන්න යනව
බාල්දියය්, සබන් එහෙමය්, අරං යනකොට මං හිතුවෙ නාන්න යනව කියල (මොන මගුලකට දන්නෑ එහෙනං ඇහුවෙ)
නෑ නෑ නාන්න යන්නෙ
එක මිසක්ක මං ඇත්තටම හිතුවෙ නාන්න යනව කියල
@ Weni,
මල්ලෙ ලැප් ටොප් කතාව මාත් බ්ලොග් එහෙකින්ම ඇහින්ද එකක්.
ඔන්න එකෝමත් එක දවසක මන් උදේම පන්ති යනවා .ඔන්න ඉස්සරහට හම්බුනා අපේ ගමේ හුසේන් මාමා මගෙන් සුපුරුදු ප්‍රශ්නෙම ඇහුව "කොහෙද යන්නේ?
ReplyDeleteමමත් ඉතින් කිව" මන් පන්ති යනවා" කියල ,එතකොට නිකන් නොන්ඩියට වගේ මා දිහා බලපු මේ මනුස්සය කියනවා ."අද අපේ අවුරුදුනේ දුව අද නිවාඩු දවක්නේ කියල ,මන් ඉතින් කිව්වා එවුනට අද අපිට පන්ති තියනවා මොකද අපේ පන්තියේ එක මුස්ලිම් ළමයෙක්වත් නැති නිසා කියල "
එපාර මෙයා අහපි "පන්තිය තියෙන්නේ කොය් හරියේද දුව?" හත්වලාමේ අපේ අම්මවත් මෙච්චර ප්‍රශ්න කලේ නැනේ කියල හිත යටින් බැන බැන "අපේ පන්තිය තියෙන්නේ අර අහවල් පාරේ අහවල් තැන හුසේන් මාමාත් ඒ පැත්තේ ආපු වෙලාවක පන්තියට ඇවිත් යන්නකෝ" කියල මන් මාරු වුනා.
ඔන්න ඔහොම්ය් අපේ මිනිස්සු හිතවත් කම වැඩි කමට ප්‍රශ්න කරන්නේ :)
*වසිලිස්සා*
අපොයි ඕක අපේ රටේ මිනිස්සුන්ගෙ හැටියක්. නාන කොටත් නානවද අහන රටක් නෙ මේක. :))
ReplyDeleteනාන්න යනව වගේ...
ReplyDeleteනෑ මං මේ නාන්න යනවා..
අනේ ඇත්තද මම හිතුවේ නාන යනවා කියල..
එහෙනම් ගිහින් එන්න මම නාන්න යන්නම්..
හෙමීට කින්ඩියකුත් දාලා තියෙන්නේ.
ත්‍රෙඩ් මීල් එකක් ගන්න කියල අච්චර ඇඩ් දානවා...... ඒකනෙ ඒ මිනිස්සු ඕව හදන්නෙ... කෝ මේ මිනිස්සු අහන එකක්යැ..
ReplyDeleteඅන්තිම පේලියේ http://tlr.thelastrow.net/ කතා පබ්ලිෂ් කරන්නෙකු සහ සිංහල බ්ලොග් වල කොමෙන්ට් කරුවෙකු වන "බුරතෙනෝ" ගේ පියාණන් පරලෝ සැපත් වී ඇති බව රන්දිල් ගේ බ්ලොග් අඩවියේ පොස්ට් එකකින් දැනුම් දී ඇත. බුරාගේ පියාණන්ට නිවන් සුව පතමු.
ReplyDeletehttp://ranrandil.blogspot.com/2011/09/50.html?utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+blogspot%2FuCaNT+%28%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%29&utm_content=Yahoo%21+Mail
අපේ අවංක අවිහිංසක ගැමි ගතිය තියෙන්නේ ඔය වගේ වෙලාවකට කරදරයක් කියල හිතෙන දේවල් වල කියල තමා මට හිතෙන්නේ. කොලබදී එහෙම නැත්නම් මෙහෙදී එහා ගෙදර ඉන්නේ කවුඅඩ් කියල දන්නේ නැති අපි ගමේ ගියාම වටේ පිටේ ගෙවල්වල ඉන්න මිනිස්සු ඔක්කොම අපේ අම්මල තාත්තල අදුරන හැටි දැක්කම වෙලාවකට පුදුම හිතෙනවා.
ReplyDeleteඅපේ ගම් පලත් වල ඉස්සර තෙල බස්සන්න ඇවිදින කස්ටිය හිටියෙ නෑනෙ, වත්තක් පිටියක්, කුඹුරක් එතකොට ගෙදර දොරේ වැඩ මහන්සිවෙලා කරනවා නම් ගමේ මොකට ඇවිදින්න යනවද, ඕපාදූපෙකට, වලක් බහින්න ඇරුනහම්?
ReplyDeleteකතන්දරට කියන්ට මේ පලාතේ කට්ටිය ඇවිදිනකොට මුලිච්චි උනොත් අහන්නේ Are you alreet? කියලා...වයසක කෙනෙක් නම් ඒකට pet කියලා කෑල්ලකුත් එක්කහු කරනවා. ඉතින් අපිත් Aye, Ahm alreet, an yee? කියලා යනවා...
මේකත් ඔය හෙල්ත් එකට සම්බන්දව, ශරීරයේ බර අඩු කරගන්න ඇවිදපු අයගේ කතාවක්. මගෙ නෑ වෙන අයිය කෙනෙකුත් මේ වගෙ ඇවිදිනව කාලෙක ඉඳල. පස්සෙ ඇවිදින අය හැමදාම හම්බෙන හින්දා කට්ටිය දැන අඳුන ගෙන, එකට ඇවිදිනවලු කයියක් ගහගෙන. "සෙට්" එකේ ඉන්න මගෙ අයියා බිස්නස් කාරයෙක්, තව එකෙක් ගනකාධිකාරයෙක්, තව එකෙක් ඩොකෙක්, තව නානාප්‍රකාර රැකියා කරන අය එකතුවෙලා ඇවිදිනවලු හවසට හවසට. ඇවිදින ගමන් ඩොකා දෙනවලු හෙන දේශනයක් මේ ඇවිදීම නිසා බර අඩුවෙලා, තෙල් අඩුවෙලා, සංසරනය වැඩිවෙලා ඇඟ , සෞඛ්‍ය හොඳ වෙන්නේ කොහොමද කියලා. මරු ආතල් වැඩේලු.
ReplyDeleteඑක දවසක් ඇවිදින්න ඩොකා ඇවිත් නැහැ. කට්ටියම කෝල් දෙනවලු, ආන්සර් කරන්නෙත් නැහැලු. දෙවැනි දවසෙත් ඩොකා නැතිලු, කට්ටියම මාර අප්සෙට් එකේ ඇවිදන් යනවලු. ඔය අතරේ මගෙ නෑ වෙන අයියා දැක්කලු දැකල පුරුදු මූනක් පෝස්ටරේක. කිට්ටු කරල බැලින්නම් ඒ ඩොකාගේ මරණ දැන්වීම.
@ dawkinssdodo
ReplyDeleteඒක නම් හරි දුක හිතෙනවා.යාළුව මැරුණ වග දැන ගත්තෙ නැද්ද....
ගොඩක් කලකින් dawkinssdodo...
@සොඳුරු සිත.
ReplyDeleteදුක හිතෙනව විතරක් නෙවෙයි, මේකෙන් පස්සේ මගෙ අයියා ඇවිදින වැඩේ නතර කරා. සෙට් එකම ඇවිදින එක නතර කලාලු.
ඒ දවස්වල කැම්පස් එකේ ප්‍රේම කථා වස්සානයක් තිබුනා. ඒ කියන්නෙ යාළුවෙන්න අහන ඒවා, යාළුවෙන කථා ගොඩයි.
ReplyDeleteඒක නිසා ඒකාලෙ අපි කවුරුත් කාගෙන්වත් “කොහෙද යන්නේ“ කියලා අහන්නේ නෑ. හදිසියේ හරි උත්තරේ විදිහට “නංගි මම ඔයාට කැමතියි“ කියලා කිව්වොත්.
ඇවිදින සියල්ල "රත්තරන්" නොවේ...!!!
ReplyDeleteමාතෘකාව දැක්කම මට කවියකුත් මතක් උනා. ඒවා කමෙන්ට් කරන්න නම් බෑ.
ReplyDeleteදැන දැන අහන එවුන් නම් හෙනට ඉන්නවා.
Gimhani ගෙ කවි ටික මරු!
ReplyDeleteඔය එක එක්කෙනා හම්බෙන එක මග ඇරගෙන එස්සයිස් කරන හැටි ගැන මගේ ඌරන්ට මොන සවුක්යද පාඩම් මාලාව කියෝලා මැගසින් එක ගෙන්නගත්තු අය නම් දන්නවා ඇති.
අනික තමා අපේ අර යුරෝ දෙකේ අක්කනම් කරෙ ඇවිදින එක නෙමේ. එයා උදේම නැගිටලා එක එක චැනල් මාරු කර කර සරීර සුවතා නරඔනවා. ඇස්දෙකට මරු එස්සයිස් එක උදේම....:D
සමහර වෙලාවට නම් හිතෙනවා කෙනෙක් කොහෙද යන්නේ කියලා අහන එක මහ වදයක් කියලා ..!
ReplyDeleteඒත් ඔය වැදගත් ගමනක් යන්න හොඳට ඇඳ පැලඳගෙන මම යන තැන මවා පාමින් යන්න ට්‍රයි කරද්දී එකෙක්වත් අහන්නෑ කොහෙද යන්නේ කියලා ..
'ඔයා මොකද මෙහෙ?'
ReplyDelete'මං මේ ආවා නැව් බලන්ඩ'
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුති වේවා! මංඩලේ වැඩ නිසා වැඩි වෙලාවක් නෑ උත්තර බඳින්න. සියළු විස්තර ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන්.
බුරාතීනෝ ගේ පියාට නිවන් සුව පතමි!