ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 24 September 2011
ගෙදර යන්න කලින් දා - A day before the vacation
පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ අපේ පළමුවෙනි වසර ඇරඹුනේ ඔක්තෝම්බර් මාසේ පළමු සතියේ සඳුදා.
ඒ දවස්වල අධ්‍යයන අවුරුද්දකට වාර තුනක් තියෙනවා. මැද්දේ නිවාඩු දෙකයි, දෙසැම්බර් සහ අප්‍රියෙල්වල. වසර අවසානයේ තමයි විභාග.
මේ කවිය මං ලිව්වේ අප්‍රියෙල් මාසේ.
දැන් නං මේ කයි-කතන්දර (කියවපු අයට) එපාවෙලා ඇති නේද? මොනව කරන්නද ඉතිං සාහිත්‍ය මාසෙ වෙච්චි කොට?
විඳගන්න බැරිනම් විඳවන්නම වෙනවා!
අවුරුද්දට ගෙදර යන්න කලින් දා
පේරාදෙනි ගිණි අව්වේ තැම්බී ගිය සිතට ගතට
කෝස් වර්ක් ඩ්‍රෝවින් කඩු පොත් මැද ගෙවෙනා දිවියට
සිසිලක් සතුටක් සුවයක් සැනසිල්ලක් ලබා දෙන්න
අවුරුදු එනවා, නව වසරක් එළැඹෙනවා
මැස්සන් මකුණන් පිරිච්ච කාමරවල දුක් විඳිමින්
කැන්ටින් බත් ගිල දමමින් දිනෙන් දිනම කෙට්ටු වෙවී
නිදි නොලබා දුක් විඳි දිවියට හෙට සිට විරාමයක්
අවුරුදු කුමරිය එනවා මාත් එක්ක හිනාවෙවී
අම්මා උයනා රසවත් බත් කන්නට හැකිවෙන්නේ
සයිකලයෙන් ගම පුරාම ඇවිදින්නට හැකිවෙන්නේ
නිදි නොමරා සුව යහනේ නිදාගන්න හැකිවෙන්නේ
සියල්ල අමතක කරළා සිනාසෙන්න හැකිවෙන්නේ
පොල්පිති බැට් එක අරගෙන මිදුල පුරා ක්‍රිකට් ගසා
වතුර මලෙන් මලකඩ නොව සීතල ලිඳකින් නාලා
අවුරුදු දා පන්සල් ගොස් වේලුණු සිත සනසාගෙන
තුටින් සිටිය හැකි වේවී කැවුම් කෙසෙල් ගෙඩි කාලා
කම්මල් බිම දුක් විඳින්න හිරගෙය වෙත එන්න කලින්
ජීවිතයේ නියම සුවය විඳිමින් කල් යැවූ ලෙසින්
ආයෙත් සති දෙකක් තුනක් සිත සතුටින් කල් යවන්න
අවුරුදු එනවා, නව වසරක් එළැඹෙනවා෴
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.
-කතන්දරකාරයා
ප/ලි
ගෙදර යනවා කියන එකත් ඉතිං මෙහෙමයි වෙන්නේ. මුල් මාසේ හැම සතියෙම ගියා සිකුරාදා හවස ගිහින් ඉරිදා හවස එන්න.
පස්සේ ඒක සති දෙකකට වරක් යන්න අඩු කළා.
ඊලඟට මාසෙකට පාරක් වගේ.
ඒත් ඉතිං, ඒ මට ගෙදරට තිබුනේ හැතැප්ම පනස් පහක් විතර හින්දා. යාපනේ, මඩකළපුව, ත්‍රිකුණාමලේ කෂ්ටිය නං මං හිතන්නේ ගෙදර ගියේ වාරාවසාන නිවාඩුවට විතරයි.
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://www.primeradio.lk/)
Subscribe to:
Post Comments (Atom)
කාරණා වශයෙන් හැම එකකටම එකඟ වෙන්න පුලුවන්, හැබැයි කලින් තිබුනු කයි-කතන්දර තරම් කාව්‍යමය රසයක් නම් දැනුනේ නෑ... කොට ඒවා වඩාත් හොඳද මංදා...! :)
ReplyDeleteඔය අධ්‍යයන වාර ක්‍රමය අපේ අවුරුද්දේ ඉඳන් සමාසික ක්‍රමයට වෙනස් වුනා නේ. ඒ නිසා කකාලට වගේ දීර්ඝ අවුරුදු නිවාඩුවක් ලැබුනේ නෑ අපිට :( වසරකට සමාසික දෙකයි නේ...
ගෙදර යෑම ගැන කිව්වොත් කකා කිවා වගේ තමා... මුලින් හැම සතියෙම ගියත්, පස්සෙන් පහු ඒක අඩුවෙලා ගියා මාසෙකට වරක් ගානට. මම අවසාන වසරේ ඉන්න කාලේ අපේ ගෙදර ඈයො පදිංචියටම පේරාදෙණිය ප්‍රදේශයට ආවත්, මම නෙවෙයි ගෙදර නැවතුනේ!
ඔය වතුර මලෙන් මලකඩ වතුර එන එක නම් තාම තියෙනවා. තාමත් කාලයක් නිවාඩු දීලා තිබ්බොත් මලකඩ වතුර එන්නේ. යකඩ බට නේ.
ReplyDeleteඅල්ලපු ගෙදර නැගණිය සුදු සමන්මලී....
ReplyDeleteඉන්නේ බලා මා එනතුරු ඇඟිලි ගැනී...
අම්මට හොරෙන් සඟවාගෙන වලළු පැණී...
දෙන්නේ කෙසේදෝ දන්නේ කවුරු දනී?
මේක කවි සාගරයක්නේ.. ඒ උනාට දැන් නම් ටයර්ඩ් ලොක්කෝ.. මේ මාසෙට දින කීයද..?
ReplyDelete@ ගීතක
ReplyDeleteගෙදර කෑමට වඩා අක්බාර් හෝටලේ කෑඟ හොඳ වෙන්න ඇති පේරාදෙනියේ වෙලත් හෝල් එකේ ම නතර වුනේ?
@ මධූරංග
ReplyDeleteයකඩ විටමින් සහිත පෝෂ්‍යදායී ජලය!
@ ගිම්හානී
ReplyDeleteඅල්ලපු ගෙදර නැගණිය සුදු බව ඇත්ත
එනමුදු නොබැලුවෙමි මම නම් ඒ පැත්ත
@ මාතලන්
ReplyDeleteමං කයි-කතන්දරේ ලියාල තියෙනවා වගේ කවි විඳින්න බැරිනම් විඳවන්න!
@මාතලන් අය්ය
ReplyDeleteමාතලන් අය්යට ඊයක් එව්වා ලැබුනද?
එකේ පොඩි රහසක් ඇති කාටවත් කියන්න එපා හොඳේ
@ Gimhani
ReplyDeleteඅහන්න ආසයි, අපිටත් කියන්න!
//පේරාදෙණි ගිණි අව්වේ තැම්බී ගිය සිතට ගතට//
ReplyDeleteපේරාදෙණියෙත් ගිණි අව්ව නම්.....
කතන්දරගෙ ගම නුවරඑලිය වෙන්ට ඕනෑ මයෙ හිතේ.
@ ඇනෝ - 9:41 AM
ReplyDelete1. එහෙම තමයි කවි ලියන කොට අතිශයෝක්තිය ඕනෑනේ.
http://kathandara.blogspot.com/2011/09/letter-from-open-prison.html
2. අනික, මේ කවිය ලිව්වේ මාර්තු/ අප්‍රියෙල්වල. හැමදාම පේරා පරිසරය සෞම්‍ය නෑ.
මම නම් මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ.ලෙවල් කට්ට කාලා හොඳ රිසල්ට්ස් අරගෙන කැම්පස් යන්නෙ විඳින්න කියලා. කසූ නම් කැම්පස් ජීවිතේ විඳවලා කියලා තමයි පේන්නෙ මේ පහුගිය දොහේ දාපු කවි සෙට් එක දැක්කාම.........!
ReplyDeleteමේව දැක්කහම මගේ කැම්පස් සිහිනය බොඳ වෙච්ච එක ගැන මම ඒ කාලෙ විඳෙව්වෙ (පොඩි කාලෙකට ) අපරාදේ නේද කියලා ආයෙත් හිතෙනවා....
//නිදි නොමරා සුව යහනේ නිදාගන්න හැකිවෙන්නේ
ReplyDeleteසියල්ල අමතක කරළා සිනාසෙන්න හැකිවෙන්නේ//
කතන්දර නම් අවුරුද්දට ගෙදර ගිහිලලා සැපට නිදා ගන්න වාසනාවන්තයි. අපේ කාලෙ හැමදාම විභාගෙ තිබුනෙ අප්‍රේල් අග හරි මැයි මාසෙ වගේ නිසා ගෙදර ගියත් නිදි මරන්න වුනා.
කොහොම වුනත් ඉස්සර කැම්පස් ඉදලා ගෙදර ආවහම අම්මා අහනවා “ඇයි හොස්ටල් ඇෙඳ් මකුණො ඉන්න හින්දද මාස ගානකින් නිදා ගත්තෙ නෑ වගේ ගෙදර ඇවිල්ලා නිදා ගත්තෙ කියලා“
"දැන් නං මේ කයි-කතන්දර (කියවපු අයට) එපාවෙලා ඇති නේද? මොනව කරන්නද ඉතිං සාහිත්‍ය මාසෙ වෙච්චි කොට? "
ReplyDeleteහත් ඉලව්වයි... එතකොට සාහිත්‍ය කියන්නේ කයි කතන්දරවලට විතරක්මද..?
අනේ ඇත්තට මට හොස්ටල් හමුබ්නේ නෑනෙ,
ReplyDeleteඒත් එව්ව දැක්කම දුකයි විස්සවිද්දියාලෙ ගැන,
ඒ නිසා ගෙදර ඉදන් යනවා.
එල කවිය,
ඒත් ඔය කියන තරම් පායන එක නම් දැනෙනවද මංදා..
@ කකා:
ReplyDelete:)
මම කිව්වා වගේ, ගෙදර උදවිය පේරා ආවෙ මම අවසන් වසරේ ඉඳිද්දි. ඒ වෙනකොට මම හිටියේ නිෂ්මි හෝල් එකේ... ඒකෙ කෑම අක්බාර් එක සාපේක්ෂව සෑහෙන්න හොඳයි! අනික මම නම් පුද්ගලිකව ඔය කෑම කියන එක ලොකූ ගැටලුවක් කරගත්තේ නෑ...
අනික කොල්ලො එක්ක සෙට් වෙලා ගත්ත ආතල් එක අතාරින්නත් බෑනේ :)
@ ගිම්හානී
ReplyDeleteඔහේ කියනවනම් කාටවත් කියන්නේ නෑ..
නමුත් කීවත් අවුලක් නෑ මයේ හිතේ..
ඝණ අඳුරු එක් රැයක
ReplyDeleteතනිව මගෙ කුටිය තුල
නිදන විට සයනයේ
සිහි වුණා නුඹව මට
කොහේ හෝ දුර ඈත
හද ගැසේ මගේ ළඟ
නෙතු පියන් වසාගෙන
නිදන් ඇති මට යටින්
සොඳුරු නිල්මිණි දෑස
පියාගෙන තද කරන්
නිදන විට සොඳුරියේ
සොඳුරු මුව පොඩි කරන්
රහසේම ඔබෙ ළඟට
පැමිණ නුඹ ඉඹින්නට
සිතෙනවා මගෙ සිතට
දැනුණ ලෙස මුල් දිනේ
ආදරයදෝ මසිත්
ඔබට බැඳි ලෝභයද
නොදන්නෙමි සොඳුරියේ
මෙවන් සිත මැවෙන විට
එහෙත් මම හොඳහැටිව
දනිමි එක දෙයක්නම්
නොදන්නෙමි මගෙ සිතින්
මැකෙන දින අහිමි නුඹ
කතන්දර අයියේ
දැන් වෙලාව 11.35 යි,
මේක හිතට ආවෙ විනාඩි 10කට විතර කලින්,
මට බලවත් චිත්ත වේගයක් ආව මේක ලියන්න කියලා,
මට බ්ලොගයක් කරන්න හිතෙනවා මෙව්වා දාලා,
මගෙ අද්දැකීම දාලා,
මගෙ වත්මන් බ්ලොගයේ මේවා දාන්නෙ නෑ කියලා මං හිතුවා.
ඒත් මට හිතෙන්නෙ ඒක වැඩක් නෑ කියලා.
කොහොම වුනත් හිතුනා මේක ඔයාගෙ බ්ලොගයේ දාල බලන්න.
මේක විසි කරන්න එපා.
අනේ ඒ වගේම මේක කියවන කිසි කෙනෙක්ගේ හිත නොඇවිස්සේවා!!!
උඩම තියෙන පින්තුරෙ, පේරා ගේට්ටුවද? හිකිස්....
ReplyDeleteපළමු වසරෙ මෙහෙම උනත්, පස්සෙන් පහු වසරවල් වෙද්දි සමහරු ගෙදර ගියේම නෑලු ඕං......
ReplyDeleteදැන් කතන්දර පරිණත වයසට එළඹිලා හින් දද මන් ද දැන් ලියන තාල තියෙන පද 4 කවි , මේ කවි පන්තියට වඩා ගොඩක් හොඳයි.
කතන්දර ගෙන් අහන්නම හිටියේ , කවි ලියන්න , සාහිත්‍ය වැඩ හෙම පටාන් ගත්තේ විශ්ව විද්‍යාල කාලයේ දී ද?
@ All
ReplyDeleteඅවුරුදු දාසයෙදි දුම්රියෙ යන කාලේ
කෙල්ලන් දිටිමි බැන්දෙමි කවි මනමාලේ
ඒ කවි ලියූ පොත් ගොඩ විතරක් සාලේ
මගෙ කවි කමේ නටඹුන් ලෙස ඇත රාලේ
නොම ලියවුනත් කවි කෙදිනක දිවිය පුරා
කවි රස විඳුම කළ හැක සිත සතුට දරා
ලක්‍ෂ්මී වැජඹෙතොත් නිවසේ කිරුළ අරා
කුමටද සරස්වති නාමෙන් කවිය මරා
කතන්දරකාරයා ට ජේආර් ගෙන් ඔවදනක්
ReplyDeleteකවි ලියලා, කතන්දර ලියලා ඒ මාර්ගයෙන් සල්ලි හොයලා පුළුවන්ද මෝටෝ කාර් එකක් වත් නඩත්තු කොරන්ට?
@ Gordonia ceylanica
ReplyDeleteහිතෙට වැදෙන කවියක්. මාත් කැමතිම දුක් ගී වලටයි!
මේ කවියේ ගැම්ම අනුව කියන්න පුළුවන් ඔයා තාම තරුණ අයිඩියලිස්ට් කෙනෙක් කියලා.
හොඳම කවි බූට් කවිද කියලා මං පෝස්ට් එකක් සෙට් කරලා තියෙන්නේ ලබන සතියට.
@ මාතලන්, ගිම්හානී
ReplyDeleteඅන්න, අන්න රහස් කියනවා. නෝටි ළමයි!
@ මාරයා
ReplyDeleteඅපෝ නෑ, සාහිත්‍ය කියන්නේ කයි-කතන්දර වලට විතරක් නෙමේ. ඇයි පොත් ප්‍රදර්ශනය බලන්න යන ගමන් විස්තර.
ඒවා වෙනුවට මං දාන්නේ පේරාදෙනියේ පරණ කවි!
@ රූ, දුමී, ගීතක
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරවලට.
@ All
ReplyDeleteස්තුතියි ප්‍රතිචාරවලට.
අද ඉරිදා - සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා බලන්න අමතක කරන්න එපා!
ow appa mama thaama 21 kolu patiyek,
ReplyDeleteeh oya <3 seen eka wenama kathaawak,
uncommon seen ekak maye hithe
nidi maruwath cantime bath kamin dan ekale
ReplyDeleteoka thama malliye nube hoda kale
noma ei oya wage dawasak mathu kale
gewapan malliye sathutin oya lake