Monday 24 October 2011

සුදු සරොං සහ මැයි දින ජොක්කු - May day, May day, May day!


මං පොඩි කාලේ ජොක්කු ඇන්දේ නැති වුණාට, කණිෂ්ඨ විද්‍යාලයේ ඉඳලා සෙන්ට්‍රල් එකට ගිහින් කාලෙකට පස්සේ තාත්තා මහල දුන්නු වවුල් ජොකෙක් හෙවත් ලන්කට් එකක් අඳින්න පටන් ගත්තා.

ඉස්සර මට මතකයි ටවුමේ රෙදි කඩවල්වල එලියේම මේ රෙඩි මේඩ් වවුල් ජොක්කු මිටි ගණං එල්ලා තියෙනවා. ඒත් මං ඇන්දේ ගෙදර මහපු වවුල් ජොක්කු තමයි.

තවත් කාලයක් ගියාම නං වෙයාවෙල් වගේ ෆැක්ටරිවල මහපු ජොක්කු කඩෙන් අරං අඳින්න පුළුවන් වුනා.

වෙයාවෙල් වගේ ජොක්කු සාමාන්‍යයෙන් සුදු පාටයි. හැබැයි ගමේ පොරවල් ඇඳපු වවුල් ජොක්කු සාමාන්‍යයෙන් වෛර්ණයි.

ඒ දවස්වල "පමුණුව" කියලා ගමක් ගැන අපි අහලාවත් නොතිබුණාට මේ වවුල් ජොක්කු මහන්නත් ඇත්තේ කට් පීසස් වලින් ම තමයි මයෙ හිතේ. මේ ගැන චමින්දත් කියා තිබුණා.

ලන්කට් වවුල්ලු විතරක් නෙමේ අද කාලේ ජොක්කුත් තියෙනවා වෛවර්ණ, ඊස්ට්මන් වර්ණ, සමනල වර්ණ. ඒ වගේ ජොක්කුන් ට මගේ මිතුරෙක් නමක් දැම්මා "මැයි දින ජොක්කු" කියලා.

ඒ කතාව වුනේ පස්තාච්චි කාලේ තායිලන්තයේ දී යි.

සාමාන්‍යයෙන් කාන්තාවන් නං යට ඇඳුම් හෝදලා එළියේ වනන්නේ නෑ නොවැ. වැනුවත් ටිකක් හැංගෙන්න වගේ තමයි වනන්නේ.

ඒ ප්‍රශ්ණ අපිට තියෙනවා යැ.

මං තායිලන්තෙට ගිය ගමන්ම වගේ රන්සිට් ටවුමට ගිහින් ගෙනාවා ඇපල් ලකුණ දරණ වෛවර්ණ ජොක්කු හතේ සෙට් එකක්. රතු දෙකයි, නිල් දෙකයි, කොල දෙකයි, සුදු එකයි. සතියේ දවස් හතට අඳින්න පුළුවන්.

මේ ඇපල් ලකුණ දරණ ජොක්කු හොඳය කියලා මට රෙකමන්ඩ් කලේ රත්නායක මහත්තයා යි. පොර ගෙනත් තිබුණා ජොක්කු දොලහක සෙට් එකක්. අවුරුද්දේ මාස දොලහට අඳින්න පුළුවන් නේ!

ඉතිං මං එක සති අන්තෙක ඔය ජොක්කු හය දෙනෙක් විතර හෝදලා කාමරේ පස්සේ දොරෙන් එලියේ තියෙන පොඩි බැල්කනි කෑල්ලේ මං ඇදගෙන තිබුණු වැලේ වනලා තියෙනවා.

ඕක දැකපු මගේ වෙනත් මිතුරෙකුට මතක් වෙලා තියෙන්නේ ලංකාවේ මැයි දිනය රුස්වීමක්. මොකද, රතු, නිල් කොල කොඩි සේරම දාලා නේ!

මං එදා ඉඳලා කලේ යුනිවසිටියේ ලොන්ඩ්‍රියට රෙදි දාන්න පටන් ගත්තා. ඒක ගාස්තු කෑලි ගානට නෙමේ මාසෙකට නියමිත ගාණක්. ඉතිං ජොක්කු විතරක් නෙමේ සොක්ස් පවා ලොන්ඩ්‍ර්‍රියට තමයි දැම්මේ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න අපි පොඩි කාලේ අපේ ගමේ අවුරුදු උත්සවයක් තිබුණා. මේක තිබුනේ මං ඒ කාලේ ගිය ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ.

උදේ වරුවේ ගම හරහා දිවීම, ලිස්සන ගහ වගේ දේවල් තිබිලා හවස් වෙනකොට පටන් ගත්තා ස්ටේජ් එකේ තරග.

සාමාන්‍යයෙන් තියෙන අවුරුදු කුමාරී තරගයට අමතරව මෙදා පාර තිබුණා අවුරුදු කුමාරයා තරගයකුත්.

අවුරුදු කුමාරයා තරගයට ඉන්න අය අඳින්න ඕනෑ සරම සහ කමිසය.

මේකට අපේ ගමේ සහ අහල ගම්වලින් තරුණයෝ පස් දෙනෙක් විතර ඉදිරිපත් වෙලා හිටියා. තුල්හිරිය, වේටෙක්ස් පිජාමා සරොං, ටෙට්රන් කොට්න් ලා පාට කමිස ඇඳගෙන.

එකෙක් විතරක් හිටියා සුදු සරමක් සහ සුදු කමිසයක් ඇඳගෙන.

දැන් ඉතිං තරගකාරයෝ ටික වේදිකාවේ. නිවේදකයා එක එකා එක්ක කතාකරලා කියනවා, දැන් වේදිකාව වටේ රවුමක් ගිහින් ප්‍රේක්‍ෂක ජනතාවට ආචාර කරන්න කියලා.

අර සුදු සරොම්කාරයා රවුම ගිහින් තුන් පැත්තටම ආයුබෝං කියලා ආපහු අනිත් උන් හිටිය පේලියට යන්න අපිට පස්ස හරෝපු වෙලේ තමයි අපි දැක්කේ මූ සුදු සරමට යටින් ඇඳලා ඉන්නේ තද රතු පාට ජොකෙක් ය කියලා. ඒක නියමෙට කැපිලා පේනවා, වස ලැජ්ජාවයි! අන්ඩර්ග්‍රවුන්ඩ් චේ ගුවේරාකාරයෙක් මැයි දිනේට යන්න ලැහැත්ති වෙලා වගේ.

ඔය සිද්ධිය මට තාමත් සුදු කලිසමක් අඳින හැමදාම මතක් වෙනවා.

-කතන්දරකාරයා

ප/ලි:
ඉතිං මේ අවවාදය පිරිමි පක්‍ෂයටයි!

සුදු සරමක් හෝ සුදු කලිසමක් අඳින කොට යටින් සුදු ජොකෙක් ගහන්න අමතක කරන්න එපා.

(image: http://www.bigstockphoto.com/image-20157977/stock-photo-underwear-hanging-to-dry)

34 comments:

  1. හැබෑට කකා අය්යේ අර සාහිත්‍ය මාසේ වගේ ජොක්කු මාසේ කියලත් එකක් තියනවද අනේ අපි නොදන්න.. ඔයා දැන් මාසයක් තිස්සෙම ජොක්කු ගැනමනේ කතාව.

    ReplyDelete
  2. වතාවක්, ලංකාවේදී මැයි දින, ලංකට් එහෙමත් සීසීකඩ ගියාලු. :)

    ප.ලි. එකේ උපදේසය කාන්තාවන්ටත් අදාලයි නේද? ඔය ප්‍රසිද්ධ කට්ටියත් ඉඳ හිට වෛවර්ණ ජංගි මාර්කට් කරගෙන යන්නේ....

    ReplyDelete
  3. ෂ...කතන්දර බ්ලොග් එකේ මෙච්චර ජොක්කු කතා කියෙව්ව, ඇතා පිටේ ගිය පොරක් පිළිබඳව,මම ලියපු පොස්ට් එකේ ඇඩ් එකක් දාන්න අමතක වුනානෙ. ඕන් දැම්ම.

    ReplyDelete
  4. රා මදින අය අදින්නේ ලංකට්..ඒවයේ සිප් එකක් එක්ක පොඩි සාක්කුවක් තියෙනවා..පොඩි කාලේ මටත් හරි ආසාවක් තිබ්බා ඔය වගේ එකක් අදින්න..ඒක හරියට අර සුපර් මෑන් ගේ එක වගේ ..තාමත් මුහුදුබඩ රා මදින අය අදින්නේ ඕවා..අර නිල් පාට රෙදි කෑල්ලට යටින් ....

    ReplyDelete
  5. ෂහ්.. හරි වටින දේවල් නොවැ! ගිම්හානි කිවුවා වගේ මේක ජොක්කු මාසයද? :D

    ReplyDelete
  6. ඒයි බලාගෙන "ජොකා මහත්තයා" කියල නමක් වැටෙන්නත් පුළුවන්...

    ReplyDelete
  7. ඔව් ඔව් මටත් හිතෙන්නේ කකා මහත්තයා දැන් ජොක්කු මහත්තයා වෙන්න වගේ ලෑස්තිය. ඇත්තටම මේ ජොක්කු මාසෙද ?

    ReplyDelete
  8. ජොක්කු කතා වැහි වැහලා

    ReplyDelete
  9. වැරදියි වැරදියි සම්පූර්ණයෙන්ම වැරදියි. සුදු සරමකට-කලිසමකට සුදු ජොකෙක් ගැහුවොත් කලර් එක ඩබල්වෙනවා කියල අත්දැකීමෙන්ම මම දන්නව(රතු එකත් පේනව තමයි). සුදු එකකට අදින්න ඕන ඇගේ පාටට ටිකක් හුරු එකක්. හැබැයි එතකොට ජොකෙක් නැතුව ඉන්නව වගේ.(ඒක ඊටත් චාටර්).

    ReplyDelete
  10. කතන්දර ,
    ඔයා දන්නවා නේද , ඔයා පස්තාච්චි කරපු AIT එක, ගංවතුර නිසා වහලා කියලා.

    ReplyDelete
  11. ජොකා..ජොකා..ජොකා...ජොකා... මගේ ජොකා...කියලා කවුදෝ සිංදුවකුත් කිවුවලුනේ...හි..හි...ජොක්කු සීරිස් එක මරු ලොක්කා....

    ReplyDelete
  12. සුදු කලිසමට මොන ජොකා ඇන්දත් යට කරන ෂර්ට් එක ජොකාට උඩින් යට කරන්න ඕන, ජොකාට යට කලොත් තමා කේස් එක ..

    ReplyDelete
  13. කකා මහත්තයා...ජොකා මහත්තයා...

    ReplyDelete
  14. රාජ් කියල තියෙන එක ඇත්ත කියල තමයි මාත් අනුමාන කරන්නෙ.
    ගොඩක් අය සුදු සරමට හෝ කලිසමට අදින්නෙ කලුපාට ඒව තමයි.

    ReplyDelete
  15. සුදු පාට එකකට සුදු පාට ඇන්දත් පේනවා මං දන්නෙ විදිහටනම්

    ReplyDelete
  16. ඉතින් ඔහොම කෙලියන් නම් "සිවිල්" යන්න පුලුවන්නෙ.. හෙහ් හෙහ් ... ඔහේගේ බොගෙන්මයි ඉගෙන ගත්තේ...

    ReplyDelete
  17. ඔය ඉස්කෝලෙ යනකාලෙ ඉතින් මිස්ල සර්ලට "ආදරේට" නම් පටබඳින එක සිරිතක් නොවැ... අපේ ඉස්කෝලෙ හිටිය මිස් කෙනෙක්.. නිතර අඳින්නෙ සුදට හුරු සාරි... අපි දාල තිබුණු නම මොකක්ද දන්නවද... " පමුණුවෙ පෑන්ටි.. ! "

    ReplyDelete
  18. ගල්-ඔය මිටියාවතේ ඉගෙනගන්න කාලේ මගේ බැචෙක් හිටියා. ඌ රෙදි හෝදන්න වස කම්මැලියා. ජොකා හේදෙන්නේ වැවට නාන්න ගියදාට විතරයි. මොකද වැවට ගියාම විතරයි මොකක් හරි ඇඳගෙන නාන්නේ. මුගෙ තියරිය තමයි ජොකා දවස් හතරක් අඳින්ට පුළුවන්.
    1 වෙනි දවස සාමාන්‍ය විධියට
    2 වෙනි දවස කනපිට
    3 වෙනි දවස කනපිට ඉස්සරහ පස්ස මාරු කරලා
    4 වෙනි දවස හොඳපිට ඉස්සරහ පස්ස මාරු කරලා.

    කොහොමද ටිකිරි මොලේ!

    ReplyDelete
  19. කසු ගේ ජෝක්කු කතා සීරිස් එක කියවගෙන යනකොට මට ඊයක ආපු කතාවක් මතක් උනා. මේක ජෝක්කු නෙවෙයි පෑන්ටි ගැන. ටිකක් විතර මාතෘකාවට අදාල නිසා ඔන්න ඔහේ දාන්නම්.
    පොරක් ලංකාවේ සුප්‍රකට ගාමන්ට් එකක ජොබකට ඉන්ටවිව් ගියාලු. සාමාන්‍යයෙන් ඉන්ටවිව් යනකොට company එක ගැන study කරලා නේ යන්නේ. ඉතින් පොරත් search එකක් දැම්මම මේක පෑන්ටි සහ බ්‍රා මහන එකක් ලු (අපි හිතමු MAS Holdings කියල). ඌත් ඉතින් interesting subject එක කියල හොඳට study කරලා ලු ගියේ.
    interview එකේදී ඇහුවලු මෙහෙම ප්‍රශ්නයක්. "අපේ කොම්පැනි එකේ පෑන්ටි මහල පැක් කරන්නේ 5, 7, 12 කියන පැක් සයිස් වලට. ඒ මොකද කියල කියන්න"
    අපේ බුවා මුළු ජාතකේ ම study කරලා නේ ගියේ. ඉතින් ඌ මෙහෙම උත්තර දුන්න ලු.
    "7 පැක් එක ලංකාවට. සතියේ දවස් හතට එක ගානේ. 5 pack එක europe සහ US , සතියේ දවස් පහට පහයි. එහෙ ගෑනු weekend පෑන්ටි අඳින්නේ නැහැ.
    12 pack එක india වලට. මාසෙට එක ගානේ අවුරුද්දට pack එකයි"
    උට ජොබ් එක ලැබුන කියලයි ආරංචිය.

    ReplyDelete
  20. මම අහල තියෙන්නෙ 12 පැක් එක ලංකාවට කියල

    ReplyDelete
  21. Trafic Ano
    අද කතාවත්, පහුගිය කතා ටිකත් හැරුනාම ජොක්කු ගැන තවත් කතා තිබේද?

    ReplyDelete
  22. කපීකේකි24 October 2011 at 18:08

    සුදු ඇදුමට කළු යටඇදුම් තමා හොද.වෙන පාට ඇන්දම පේනවනේ.

    ReplyDelete
  23. මෙන්න මගේ ජොක්කු ස්ටොරිය කියවපු නැති අයට
    http://sabithl.blogspot.com/2011/10/blog-post_21.html

    ReplyDelete
  24. මටනං ඔය ප්‍රශ්නෙ නෑ . . . මම ජොක්කු අඳින්නෙත් නෑ . . . සරං අඳින්නෙත් නෑ . . . ගොල්පියට සෙන්ටර් කලාම වැඩේ ගොඩ . . .

    ReplyDelete
  25. මම මේ බැලුවේ කට්ටියම ජොකා ජොකා කියල පිරිමි යට ඇදුම් වලට කියල ගෑනුන්ගෙ එකට පෑන්ටියලු... ඇයි අප්ප කට ඇරල ඕකත් ජංගිය කියල කියන්න බැරි...
    කොච්චර සරලයිද? සුකුමයිද? ලාලිත්‍යයිද...?

    ජංගිය

    ReplyDelete
  26. මේ ජොක්කු මාසයද මන්දා !!
    ජොක්කු ගැනමනේ කතාව

    ReplyDelete
  27. lAkt| vlt pAwQ pqnmkOw~ wQbEn`. km|kr# pAwQ@y ayyQ vw~ @p`~sw~k@mn~ adE ayyQ @@vvr’”~”n vvE@l` a#n~q`, kOl~tRr”’~ pElEvn~ k`r@y`~ dQ ayQ a#s~ @j`k`l a#n~q. @g`vQ pAwQy iwQn~ kvqw~~ or~jQnl~ @q~XWy amE@d g#hEv`. a@p~ @g`vQ@y` aqQr`j&v`qW bthQr kOmn~wYnk`rQ @j`k~kO bl@v|gyt ahE u@n~ n#h#.

    ReplyDelete
  28. @ ඕනයා

    ඒක තමයි බොල මුළු අංගොඩම පාළුයි උඹෙ ගාන්ඨාරෙ සද්දෙ නැතුව.

    ReplyDelete
  29. රාජ් කීව හරි සුදු ඇඳුම් අඳිනවා නම් කළු ජෝක්කු තමයි සෙට් වෙන්නේ. සමහරු ෂර්ට් එකත් ජෝකාට යට කරනවා (හමුදාවේ අය විශේෂයෙන්ම) එතකොට බස් එකක යද්දී පොල්ල අල්ලන්න අත උස්සපුවාම එකා ජොලියේ

    ReplyDelete
  30. //අවුරුද්දේ මාස දොලහට අඳින්න පුළුවන් නේ!// he he e kiyanne maseta eka gane :)))

    ReplyDelete
  31. Keeping your youngster healthy must be your primary concern, so make certain you
    purchase only quality baby care products. MAPS not simply treats children in distress with delicate
    care but concerns the anguish and anxiety of each parent handling a child under
    chronic condition. Ask people around, perform a little research or
    ask elders before going buying your loved one.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.