Friday 30 August 2013

සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexuals


සමලිංගිකත්වය ගැන අන්තර්ජාලයේ සිංහලෙන් කතා බහ කෙරෙන තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුව අපට පෙනී යන්නේ අද ලංකාව පසුවන්නේ ඉතා පසුගාමී තත්වයක බවයි. අප යාන්තමින් හෝ ඉදිරියෙන් සිටින්නේ අරාබිකරයට සහ පූටින් ගේ රුසියාවට පමණි!

සමාජයක තිබිය හැකි සෑම බෙදීමකදීම සිදුවෙන්නාක් මෙන් මෙහිදී ද බහුතරය වන විෂමලිංගිකයින් ගේ හෝමෝපෝබියා කෙනෙහිලිවලට මුහුණ දීමට සුලුතරය වන සමලිංගික "ගේ" සහ "ලෙස්බියන්" ලා ට සිදුවී ඇති බව පෙනේ.

මේ හෝමෝපෝබියා තත්වයට එක් හේතුවක් නම් සමහර විෂමලිංගිකයින් තුල පැලපදියම් වී ඇති "මා මිස අන් අය වැරදිය!" යන ෂෝවිනිස්ටික් (අවිචාරාත්මක භේදවාදී) හැඟීමයි.

ඊට අමතරව නොදන්නාකමද, අණුවනකමද මේ විෂමලිංගිකයින් විසින් සමලිංගිකයින් කෙරෙහි දක්වන විරුද්ධත්වයට හේතු වෙන බව මගේ අදහසයි.

මට වැටහී ඇති පරිදි සමලිංගිකයින් පිළිබඳව හෝමෝපෝබියාවෙන් පෙළෙන විෂමලිංගිකයින් තුල ඇති වැරදි අදහස් කිහිපයක් මෙසේය. මේවා බොහෝවිට කියවෙන්නේ පිරිමි සමලිංගිකයින් සම්බන්ධයෙනි.

1. සමලිංගිකත්වය මානසික රෝගයකි.
සැබෑ මානසික රෝගය නම් එලෙස සමලිංගිකයින් රෝගීන් යැයි සිතීමයි. සංඛ්‍යාත්මකව මානසික රෝගීන්ගෙන් බහුතරය විෂමලිංගිකයෝය.

2. සමලිංගිකයෝ නපුංසකයෝය.
නපුංසකයන් යනු ලිංගිකත්වයක් නැති ලිංගික ක්‍රියාවක නොයෙදෙන්නෝය. නමුත් සමලිංගිකයන් යනු ප්‍රායෝගිකව ලිංගිකව හැසිරෙන්නෝ වෙති.

3. සමලිංගිකයෝ කෞමාරකාමය (පෙඩොප්හීලියා) ඇත්තෝය.
කෞමාරකාමයේ හැසිරීම හෙවත් බාලවයස්කරුවන් සමග ලිංගික ක්‍රියාවන් හි යෙදීම යනු සාපරාධී ක්‍රියාවකි. එලෙස හැසිරෙන්නන් ගෙන් යම් ප්‍රතිශතයක් ඒ සඳහා ගොදුරු කරගන්නේ තමන් හා සමාන ලිංගික දරුවන් විය හැක. එසේ වූ පමණින්, කෞමාරකාමයේ හැසිරීම සමලිංගිකත්වය ලෙස සැලකිය නොහැක. බාලාපරාධකාරයන් අතර බහුතරයක් විෂමලිංගිකයින් යැයි මට සිතේ.

4. සමලිංගිකයෝ බහු-ආදර සම්බන්ධතාවල (පොලිඇමරි) බැඳෙන්නෝය.
සමලිංගිකයින් අතර බහු-ආදර සම්බන්ධතා තිබෙනවා විය හැක. නමුත් ඒ සමාජයේ ම බහු-ස්ත්‍රී සේවනය මෙන්ම බහු-පුරුෂ සේවනය ද නො-අඩුවම ඇත.

මීට අමතරව සමලිංගිකත්වය පුනරුත්පත්තිය හා සම්බන්ධ කරමින් ග්‍රැන්විල් ධර්මවර්ධන වැන්නෝ ද ලිපි ලියා තිබේ.

ඉහත කරුණු අනුව වැටහෙන්නේ පෙර කී කිසිවක් සමලිංගිකයින්ට පමණක් සුවිශේෂී වූ දේ යැයි වෙන් කළ නොහැකි බවයි. ඒ සියළු දේ සමලිංගික හෝ විෂමලිංගික වෙනසකින් තොරව පොදුවේ මුළු මිනිස් සංහතියටම අදාල දේ වේ.

ලිංගිකත්වයේ ඇති වෙනසට අමතරව සමලිංගිකයින් සහ විෂමලිංගිකයින් අතර කිසිදු වෙනසක් මට නම් නොපෙනේ.

සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය!

අන් අයසේ සමාජයේ ජීවත්වීමේ සමාන අයිතිය සමලිංගිකයින්ට ද හිමිය.

මානබව හිමිකම් සැමට පොදුය. ඒවා එක් එක් කණ්ඩායම්වලට වෙනස් වශයෙන් නොයෙදේ!

සමාජයක අසාධාරණයට ලක්වෙන සුළුතරයේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළ යුත්තේ ඒ සුළුතරයේ අය පමණක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එය බහුතරයේ ප්‍රගතිශීලී අදහස් දරණ අය ගේ යුතුකමද වෙයි. වර්ණබේදවාදය, සුළු ජාතීන් ට කෙරෙන අකටයුතුකම්, කුල බේදය, ආගම් බේදය වැනි ලෝකයේ විවිධ ස්ථානවල විවිධ කාලවකවානුවල දක්නට ලැබුණු අසාධාරණකම් හමුවේ ඒවාට විරුද්ධව සටන් කලේ ඒ අසාධාරණකම්වලින් පීඩා ලැබුවන් පමණක් නොවේ.

සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම ප්‍රගතිශීලි අදහස් දරන, සමාජ අසාධාරණය නොඉවසන, සමානාත්මතාවය අගයන විෂමලිංගික අපේ ද වගකීමක් බව මම සිතමි.

විෂමලිංගිකයින් පෙළන හෝමෝපෝබියාව නම් මානසික තත්වය නැතිවේවා, ලංකාවේ සමලිංගික අයිතීන්ට එරෙහිව සම්පාදනය වී ඇති මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන අසාධාරණ නීති අහෝසි වී ගොස් "ගේ" සහ "ලෙස්බියන්" විවාහ නීතිගත කෙරෙන දිනයක් නුදුරේදී ම උදාවේවා යැයි මම ප්‍රාර්තනා කරමි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ අදහස් කිහිපය මෙසේ ලියා තැබීමට සිත්වූයේ ඊයේ W3Lanka අඩවියේ පලවූ "සමලිංගික විවාහය හා ද්වි ලිංගිකයන්ගේ ආශා" නම් ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර සහ මා ඒ ලිපියට දැමූ ප්‍රතිචාරයට ඇතමුන් දක්වා තිබූ අදහස් කියවීමෙන් පසුවය.

ප/ප/ලි:
කලින් ලියූ ලිපියක්.
බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html


(image: http://www.bubblews.com/news/715868-human-rights-not-quotgayquot-rights)

134 comments:

  1. මටත් ඔබගේ අදහස් වලට එකග විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි. හොමෝපෝබියාව ඇත්තේ අවිචාරවන්තයින්ටයි.

      විචාර බුද්ධියෙන් සි2තන කෙනෙකුට වැටහෙනවා එක් අයෙකුගේ ලිංගිකත්වය තවත් කෙනෙකුට පටවන්න යෑම වරදක් බව.

      උදේට මා බත් කෑවා කියා පාන් කන අයට ගරහන්නට මට අයිතියක් කොයින්ද?

      Delete
    2. මම අද උදේට කෑවෙ බාස්මති බත් සමග කිරිහොදි සහ පොල් සම්බල්.
      ඔබ....?

      Delete
    3. මෙන්න කෙන්ජි අංකල්ගෙ විචාර බුද්ධිය බේරෙන කමෙන්ට් එකක්!!

      අපරාදෙ, කැවන්ඩීස් කෙසෙල් ගෙඩියකුත් කන්න තිබ්බෙ!!

      Delete
    4. කෙන්ජිට බත් කාලා සුප්පු කර කර ඉන්න ලොලිපොප් එකක් දෙන්නද?

      Delete
    5. තවත් අහ අහ ඉන්ඩ දෙයක් නෑ.
      කෙන්ජි දනගහලත් ඉවරයි :)

      Delete
  2. කකා සමලිංගිකයෙක් කියන ඇනෝලගෙ චෝදනාවට උඩගෙඩිදීල අද නම් කකා ඇදගෙන නාන්නයි යන්නෙ

    ReplyDelete
    Replies
    1. අනෝවෙක් මා සමලිංගිකයෙක් යැයි කීම නිසා මට ප්‍රශ්නයක් වන්නේ සමලිංගිකත්වය වරදක් නම් නේද?

      සමලිංගිකත්වයේ වරදක් නොදකින විෂමලිංගිකයෙකු වන මට ඒ කතා හුදු විහිළුවක් පමණි!

      ඒ ඇනෝලා හෙලිකරන්නේ ඔවුන්ගේ අණුවනකමයි!

      Delete
    2. අංක 5ට මේක දාන්න.
      5.සමලිංගික අයිතිවාසිකම් පිළිගන්නන් සමරුචියන්ය
      යමෙකු සම ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ගැන කතා කලහොත් ඔහු සම ලිංගිකයෙකු යයි හංවඩු ගසයි. මෙවැනි ලිපි වලට ලැබෙන කමෙන්ටු වලින් එය තහවුරු වේ.

      Delete
  3. ///මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන අසාධාරණ නීති අහෝසි වී ගොස් "ගේ" සහ "ලෙස්බියන්" විවාහ නීතිගත කෙරෙන දිනයක් නුදුරේදී ම උදාවේවා යැයි මම ප්‍රාර්තනා කරමි//

    ජනග්‍රහන වර්ධන අනුපාතය තවත් අඩුකරන වැඩක් තමා එහෙම කලොත්නම්... තරයේ හෙලා දකිමි :D

    ReplyDelete
    Replies
    1. තබා ඇති සිනා ලකුණ නිසා ඔබ කරන්නේ විහිළුවක් යැයි සිතමි.

      එසේ නොවේ නම් මෙන්න මගේ පිළිතුර.

      ===============================

      දැන් ජනගහන වර්ධන අඩු නොවී පවත්වා ගැනීමට ඔබේ විසඳුම කුමක්ද?

      සමලිංගිකයින් මිශ්‍ර විවාහවල බන්දවා බලෙන් සංසර්ගයේ යෙදවීමද?

      Delete
    2. අනේ කවුරුහරි මාව බලෙන් සංසර්ගයේ යොදවනකෝ අයිසේ

      Delete
  4. කකා,

    මට මේකට පැහැදිලි උත්තරයක්‌ දෙන්න.

    දැන් හදිසියෙවත් කකා දැනගත්තොත් කකාගේ දුව ලෙස්බියන් කියලා කකාට ඒක දරා ගන්න පුලුවන්ද? එතකොටත් මේ උපදෙස් දෙන විදියටම ක්‍රියා කරන්න කකාට පුළුවන් වෙයිද? මාත් පියෙක් හැටියටයි මේ ගැටලුව ඔබගෙන් අසන්නේ.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මං මෙච්චර පැහැදිලි කරලාත් ඔබ අහන්නේ වැරදි ප්‍රශ්නය නොවැ?

      සැබෑ ප්‍රශ්නය නම් ලෙස්බියන් ලිංගිකත්වය ඇති කාන්තාවකන් ගේ මානව හිමිකම් අහිමි කරන්නට විෂමලිංගික බහුතරයට අයිති වූ පමණින් ඔබට සහ මට ඇති අයිතිය කුමක්ද යන්නයි!

      සෑම අයෙකුම දුවෙක් හෝ පුතෙකි.

      විෂමලිංගිකයෙකු වන ඔබට සමලිංගික විවාහයක බැදෙන්නට කවුරුන් හෝ බල කළොත්?

      Delete
    2. ඒක හරි මඟුලක්නේ..!
      දුවෙක්ගේ හරි පුතෙක්ගේ හරි ලිංගිකත්වයට බලපෑම් කරන්න තාත්තට හරි අම්මට හරි තියෙන අයිතිය මොකක්ද..?

      දුව හෝ පුතා හෝ නීති විරෝධී දෙයක් කරනවනම් ඔන්න මවට හෝ පියාට ඒකට බලපෑම් කළ හැකි.

      Delete
    3. ප්‍රශ්ණයක් සාඛඡ්චා කරන්න බැරි කාළකන්නින් අවසානයට නගන තර්කය මුලින්ම නගලා තියෙන එක ගැනත් ආඩම්බර වෙන්න පුළුවන්. එයාගේ දුව එහෙම කලොත් කපලා මූදේ දානවද?

      Delete
    4. ඔබේ මගුල මගේ පුකයි.

      (පුක යනු කුණුහරුපයක් නොවේ- කතාන්දර කාරයා)

      Delete
  5. Well said Kathandara. I also don't understand why people so prejudice of same sex couples. It's their right to be a gay or lesbian and we should not judge them base on that. I got both gay and lesbian friends, however they are very nice people

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් තියෙන බ්ලොග් එක කියවන්න පුළුවන් නං සිංහලෙන් කොමෙන්ට් දාන්න බැරි මොකද?

      Delete
    2. කලු සුද්දෝ, සුද්දන්ට වැඩිය හපන් !!!

      Delete
    3. දැන් තොපි ඉස්කෝලෙදි පිනට ඉගැන්නනුව ඉංග්‍රීසි ඉගෙන නොගත්ත එකත් මේ ලියන මිනිස්සුන්ගෙ වරදද යකෝ? දැන්වත් හැදියන් ගොබ්බ ළිං මැඩියන් නොවී.

      Delete
    4. Katandara is one of a polemics in Singhalese blogs like W3Lanka, Ramachandrage adaviya etc.etc. But I refrain of add comments because of my software illiteracy in typing Singhalese.

      Could you/or any one kindly show me how to acquire that skill in efficiently communicate by typing in singhalese. This would be a big assistance for me.
      Thank you.

      Clement Peris

      Delete
    5. ක්ලෙමන්ට්,

      ස්තුතියි. මුලින්ම ඔය Singhalese යන වචනය සහ අකුරු මා හිතන හැටියට වැරදියි ඉංගිරිසියෙන් සිංහල භාෂාව යන්න හැඳින්වීමට.

      සිංහල භාෂාව = Sinhala Language විය යුතුයි.

      සිංහලෙන් ටයිප් කිරීම ඉතා ලේසියි.

      මා භාවිතා කරන්නේ කොළඹ විශව විද්‍යාලයෙන් සෑදූ බෙබ් පිටුවයි.
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

      ඉහත අඩවියේ සිංග්ලිෂ් විකල්ප දෙකෙන් එකක් ඔබට සුදුසු වේවි. (I use that Kaputadontcom option)

      එසේ නැතිනම් මේ ගුගල් transliteration මෙවලම බලන්න.
      http://www.google.com/inputtools/cloud/try/

      ඉහත මෙවලම් සියල්ලම ෆොනටික් යතුරු භාවිතා කරන නිසා (ඉංහිරිසි අකුරෙන් සිංහල ලිවීම) ඔබට ඒවා පාවිච්චිය ගැන හොඳ පරිචයක් ඉතා කෙටි කාලයකින් ලබාගත හැකිවේවි.

      If you ned help, send me an eMail: kathandara@gmail.com

      Delete
  6. මේක නියම ගෝත්‍රික සමාජයක්, 56 දී දෙකයි පනහේ හිඟන්නෝ, කවි කොල කාරයෝ, ගොවියෝ , සංඝයෝ වගේ කාළකන්නිත් ව්‍යවස්ථාවට සම්බන්ධ කර ගැනීමේ නියම ප්‍රථිපල බුක්ති විඳින්නේ අද. ඉහල සමාජයේ උන්න කාළකන්නියා කරපු ඒ දේ දරුවන්ට සහ ගහන්නේ ඒ කරපු අපරාදයටමයි. ඇස් පනාපිට විඳවනවා.

    අවුරුදු 90 කාන්තාවන් දූෂණය කරන, ඒ කාළකන්නියා රකින් සංස්කෘතික ඇමතිවරුන් ඉන්න රටක. යුනිසෙෆ් එකෙන් වාර්ථා කරන ළමා අපචාර බොරුයි කියන ළමා රක්ෂණ අධිකාරියේ පඩත්තල ගෑණු ඉන්න රටක. සුද්දියොන්ට පෝලිම දාන ප්‍රාදේශීය සභාපතිවරු ආරක්ෂා කරන නායකයන් ඉන්න රටක. රේප් කේස් පාටි වලට කතානායක හා අදීන ජඩමාද්දියවේදි කාළකන්නි දේශපාළඥයන් ජීවත් වන රටක. සමලිංගික අයිතිවාසිකම් තියා විශම ලි\ගිකයන්ටවත් ආරක්ෂාවක් තියෙනවද කතා..

    ReplyDelete
    Replies
    1. ආ ඔහේ එතකොට ඒ කාලේ මිනිස්සු මැරුවෙම නෑ? මෙන් බලපල්ලා භීෂණ සමයේ කොළ බළලෙක් යහපාලනේ ගැන කතා කරනවා.

      Delete
    2. එතකොට ඒ මිනිස්සු මේ සමාජයේ සාමාජිකයන් නොවෙයිද? ඒ අය සමාජයෙ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැර කරන්න කියලද ඔබ කියන්නේ .ඒක කොයි තරම් අසාධාරණ කතාවක්ද?මේ විදියෙ අසාධාරණ අදහස් දරමින් යුක්තිය වෙනුවෙන් ඔබ පෙනී සිටින්නේ කෙසේද?සල්ලි නැති බුද්ධිමත් ළමයින්ට ඉගෙන ගන්න ලැබුණේ නිදහස් අධ්‍යාපනය නිසයි.පරම්පරා සල්ලි තෙබෙන රදල ඔලමොට්ටලයන්ටත් පහතරට කසිප්පුකාර රේන්ද මුදලාලිලාගේ දරුවන්ටත් විතරද වරප්‍රසාද උරුම.

      Delete
    3. එහෙම එකක් කියලා නෑ නේ.. උන්ට බලය ගියාම රටට වෙලා තියෙන කරුමේ පේනවනේ.. මමත් ඒ පන්තියේම තමයි.. ඒ නිසා ඒ වරද මට හොඳට පේනවා...

      Delete
    4. @ මාතලන්

      ඔබේ කතාව ඉතා වැරදියි. රටේ ආර්ථිකයේ, ව්‍යවස්ථාදායකයේ, සමාජයේ සමාන කොටස්කරුවන් වෙන්න කවිකොලකාරයින්, දෙකයි පනහේ හිඟන්නන්, සංඝයින්, ගොවියන් හැමෝටම අයිතිය තියෙනවා.

      එහෙම නැතුව රටේ පාලනය යනු ක්‍ෂත්‍රියන්ට, රදලයින්ට පමණක් තවදුරටත් උරුම වූ එකක් නොවේයි.

      ඒ වැඩවසම් යුගය අපි පහු කළා.

      ඔබේ කතාව එක අතකින් මට සිහි කලේ අට පරණ ටෙලියක සිටි ඒ.බී.සී. ජෝර්ජ් වයි.

      Delete
    5. @ කතා

      ඔහේ මේ කරුමයෙන් ගැලවී සිටින නිසා ඔහේට ඒක දැනෙන්නේ නෑ.. අපි ඒක බොහෝ.......ම අපුරුවට විඳිනවා.. මම මේ කියන කතාව මට ඉස්සර නිශ්සංකමල්ල රජ්ජුරුවෝ අර මහා ගල පොතේ ලියලා තීයෙනවා. මොකෝ ඊට කලින් රජ්ජුරුවෝ කිව්වනේ, "මඩ සෝදාගත් කල ගොවියා රජ කමටත් සුදුසුයි" කියාලා.. ඊට පස්සෙ ආපු නිශ්ශංමල්ල කියලා තියෙනවා. ගොවියට රජ කම ගිය දාට මේ රටේ අවසානයයි කියලා. අද ඒක ඔප්පු වෙලා ඉවරයි. ඔහේගෙම පන්තියේ තමයි මාත්. ඒ නිසා අපේ පන්තිය ගැන මම හොඳට දන්නවා. ඒකම තමයි මේ රටට සිඳුවූ කරුමය. ඉගෙන ගෙන ගොඩ ගියාට, රටකට ගියාට අවුලක් නෑ. නමුත් රට පාළණයට ඔවුන් කිසි සේත්ම සුදුසු නෑ.. ප්‍රභූ පන්තිය රට පාළණය කළ කාලේ මීට වඩා මානුෂික අයිතිවාසිකම් රැකුනා. ඒකයි ඒ කාලේ නවී පිල්ලෙලා නොආවේ. පොඩ්ඩක් හිතන්න අද කොහොමට තියෙයිද 1972 කැරැල්ල නැවත ආවොත්. සක්කිලියන්ට ගිය රට.. තව මොන කතාද. ඇත්ත තිත්තයි කතා...

      Delete
    6. එතකොට මාතලන්, ඔය "ප්‍රභූ" පන්තිය ලොවට බිහි වුනේ කෙසේද? මිනිහෙක් ජන්මයෙන් වසලයෙක් හෝ ප්‍රභූවරයෙක් වෙන්නේ නැහැ කියන, ඉතා අලංකාර බුදු වදන ගැන ඔබට මොකද හිතෙන්නේ? 1972 හා 1977 ව්‍යවස්ථා දෙකම හැදුවේ ඔය "ප්‍රභූ" පැලැන්තිය තමා.අද පවතින තත්වයට ගෙනාවේ ඒ ප්‍රභූ පැලන්තියම තමා.ඔබ අද හා එදා සලකන්නේ එහි තියන සාපේක්ෂ බව අනුව. එයට හේතුව ඔබටම තේරුම් ගන්න අරින්නම්. අද තියන තත්ත්වය එක රැයකින් පහල වුන දෙයක් නොවේ. එය ඔබ කියන ප්‍රභූ පන්තියේ සහභාගිත්වයෙන් ක්‍රමානු කූලව වර්ධනය වුන දෙයක්. මෙහි තියන අන්තිම නරක දේ, එනම්, 1977 ව්‍යවස්ථාව ඔබ ඉහලින් වන්දනාවට පත් කරන ප්‍රභූ පන්තියේ නිෂ්පාදනයක්. ඒ ප්‍රභූ කට්ටියගේත් අතීතයට ගියොත්, රේන්ද කරුවන්, සුද්දන් එක්ක එකතු වෙලා ඉඩම් කොල්ල කරුවන්, කල්ලතෝනින් ආදී වශයෙන් පටන් ගත්ත ඔබ ඔය පහත් කරලා සලකන මූලයන්ගෙන් පැවතෙන්නන්. ඔබගේ ඔය තියරිය හරි නම්, මිනිස් ශිෂ්ටාචාරයක් නැහැ. තාමත් අප කැලයේ.

      Delete
    7. @මාතලන්&රයිගම්
      මාතලන්ගේ මතයට මා එකඟ නොවන්නේ රයිගම්ගේ අදහස් සහ තවත් කරුණු කීපයක් නිසාය.සමාජ සංවර්ධණය සඳහා වඩාත් දායකවූ ප්‍රභූ නොවන පුද්ගලයින් සහ කංඩායම් බොහෝය.

      Delete
    8. පහතට වංශවත්තු ගැන ඉගෙන ගන්න මාතලන් ගම්පෙරළිය සහ කඩුල්ල ආයි බල ආවොත් හොඳයි.

      තව උඩරට වංශවත්තු වෙච්චි එක්නැලිගොඩ, පිළිමතලව්වෙ වගේ අය ගැන තෙන්නකෝන් විමළානන්දගෙ පොත් වලින් දැනගතෑකි.

      ඉන් පස්සෙ කතා කරමු "සෝ කෝල්" වංශවත් පාලකයො ගැන.

      Delete
    9. @ මාතලන්
      මාතලන් අයියා අදීන කියන එකේ තේරුම දන්නවද?

      Delete
  7. ///සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය!... ///
    සියලු මිනිසුන් සමලිංගිකයෝ නොවේය. සමහර මිනිසුන් සම ලිංගිකයෝය. එහෙව් එකෙක් "මට කැමති කෙනෙක් සමග මම කැමති දේ කරන්න මට තියෙන අයිතිය මට දියෝ" කියල කියපු දාක "එහෙම කොහොමද? තෝ කරන්න ඕන මට කැමති දේ මට ඕනේ විදිහට මට ඕන කෙනෙක් එක්ක" කියලනේ මේ සමාජේ කියන්නේ.

    ReplyDelete
  8. තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගමු ද කකා ?

    සමලිංගිකත්වයට බර ඇනෝවෙක්

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් අහ අහ ඉන්නත් ඕන ද. කකා මෙහෙම පෝස්ට් එකක් දාපු එකෙන්ම කකාගේ අවශ්‍යතාවය පේනවා නේ !

      Delete
  9. සමලිංගික කතා....
    නිතර ගොතයි කකා...

    ReplyDelete
    Replies
    1. කකා හරිම සතා...
      ගෙට පලයන් පුතා...

      Delete
    2. රුපියල් සත පතා
      ඔසී ගියපු සතා
      කොළු සැප නිති පතා
      තට්ටෙ බායි පුතා

      Delete
    3. ගෙරි මස් කන සතා
      පන්සිල් නැත හිතා
      රුපියල් සත පතා
      විකුනති මව පිතා

      Delete
    4. මෙව්ව මඩ උනත් පට්ට බං :D

      Delete
    5. කකා නාකි සතා
      ඇනෝ හිට්ස් පතා
      ලියයි කවිද කතා
      මෙලෝ රසක් නැතා

      කකාගෙ පොඩි සතා
      නාකි උනත් ඉතා
      දුවයි ගුල්ම පතා
      ගඳින් පිරුණ ඉතා

      Delete
    6. මන්දා ඕයි කවි හැටියටනම් මරේ මරු.

      Delete
    7. කකා නරක නැතා
      කැත ඔයානෙ පුතා
      කකා එහෙම සිතා
      කතා ලියයි ගොතා

      කකා ගොතන කතා
      පෙලක් රසයි ඉතා
      නැති ඒවත් ඇතා
      තෝරගනින් හිතා

      (මම උදේට බත් කමි.පාන් කන අය සමග මගේ අහිතක් නැත.ඒත් බත් කන අය අතරට ගොස් පාන් promote කරන අය ගැන නම් මගේ පැහැදීමක් නැත)

      Delete
  10. කයි පද බලන්න උදේම ආවෙ.... චික් විතරක්.... උදේම චා සීන් එකක්.....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කවියක් ලිව්වා නම් හිරිකිතක් නැතුව ඉන්නත් තිබ්බා.
      මේවා මේ රෙද්දේ රෙවා ගත්ත පෝස්ට් !

      Delete
    2. කකා අද කයි පද බැඳලා නෑ. හෙට දිහාට එන්නකෝ. කයි පද බැඳලා තියයි ඇවිත් කර තියාගෙන යන්නකෝ.

      Delete
  11. අනේ මාලන් ගොනෝ,

    ලංකාවේ කොහොමත් සමලිංගික ක්‍රියාව නිතිවිරෝධීයි. ඔන්න වෙලාවට තමයි මට හිතන්නේ ඔහේගේ තාත්තා සමරිසියකු උනා නං හොදයි කියලා. මොකද එහෙම උනා නං ඔහේ වගේ ගොන් වහන්සේ කෙනෙක් අද නෑ නොව.
    මාළු ඔලු කන්න මොලේ පෑදෙන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බ්ලොග්කරුවන් බොහොමයකගේ තාත්තලා සමලිංගික වුණා නම් කොච්චර හොඳද කියලා මට නිතර හිතෙන දෙයක්. එහෙම නොවුණත් අඩුගානෙ සරම් කඩමාල්ලක් වත් තිබුණෙ නැද්ද උන්දෙලාට?

      Delete
  12. ඇමරිකාවට බනින උන්ට මෙන්න චාන්ස් එකක්.
    අද (අගෝස්තු 29, 2013) ඉඳන් ඇමරිකාව Federal Tax සඳහා same sex marriage පිලිගන්නවා.
    වංශවත් ලාංකික ඇනොනිමසයන් මිනිසුන් මිනිසුන් ලෙස පිළිගැනීමට කවදා ඉගෙන ගනීවිද?

    ReplyDelete
  13. //“Understand that sexuality is as wide as the sea. Understand that your morality is not law. Understand that we are you. Understand that if we decide to have sex whether safe, safer, or unsafe, it is our decision and you have no rights in our lovemaking.” // ― Derek Jarman

    කවුරු කීවා උණත් මේ කතාවේ ඇත්තකුත් තියෙනවා.

    ReplyDelete
  14. කකා,

    පාරේ තට්ටයෙක් හිටියා. ඌ මගේ දිහා බල බලා තට්ටේ අතගගා හිටියා. ඊට පස්සේ ඌ එක අතකින් තට්ටේ අතගාන ගමන් අනිත් අතින් මට කතා කාලා.

    අනාත කුකුලා

    ReplyDelete
    Replies
    1. මටත් ඔහොම සීන් එකක් උනා.

      මම දවසක් පාරේ යනකොට මනුස්සයෙක් තැඹිලි විකුණ විකුණ හිටියා. මම තැඹිලි ගෙඩිය බීලා ලොඳ කන්න ඕන නිසා පලලා දෙන්න කිව්වා. මනුස්සයා මන්නෙන් ගෙඩිය පලලා ලොඳ දුන්නා. මම ලොඳ කාලා තැබිලි ගෙඩියට සල්ලි දෙන්න හදනකොට සල්ලි එපා කිව්වා. මම එන්න හැරෙනකොට තැබිලි බීලා ලොඳ කන්න හෙටත් එන්න කිව්වා. මම හෙටත් යන්න ඉන්නේ.


      වෙනත් අනාත කුකුලෙක්

      Delete
  15. ඒ උනාට අච්චර හොදට තියෙන ජුන්ඩා වහන්සේ අර කක්කා පුච්චක ඔබන කොලුකාරයෝ හරිම හිරිකිතයි නේ?

    ReplyDelete
    Replies
    1. කොලු කාරයො විතරක් නෙමේ විවාහක අඹු සැමියන් අතර පවා ඔය දේ වෙනව.
      වෙලා තියෙන්නෙ සම හරක් ගොන් බිජු සැමියො කාරල කෙල බෙට්ටක්වත් නැතිව ඔය කර්තව්‍ය කොරල තුවාල කරන එක.
      දියුණු රටවල නම් ඕවට වෙනම ක්‍රීම්/ඔයිල් නිපදවල තියෙනව ප්‍රයෝජනයට ගන්න.
      මේ වගේ කතිවතාවක් ආවම සමහර ඇනෝ විදියට ඇවිත් කොමන්ට් කරන තරමක් බෙලහීන අය.

      Delete
    2. එතකොට කෙන්ජි කියන්නේ ඇනෝ කෙනෙක් නෙමේ නේද ?

      Delete
    3. මේකෙ "පොරවල්" ගොඩක් කෙන්ජිය කවුද කියල දන්නව.

      Delete
  16. සමාජයට හානියක් නැත්නම් තමන් කැමති ආකාරයට හැසිරීම වරදක් ලෙස මම නම් දකින්නේ නැහැ. එක තමන්ගෙ කැමැත්ත. ඒත් පාන් කනවද බත් කනවද කියන එකේ තියෙන වෙනස්කම වගේ සරලව මේ වගේ දේවල් සමාජය පිළි නොගන්නේ අවුරුදු ගානක් පරම්පරා ගානක් තිස්සේ මිනිස්සු විසින්ම ගොඩනගා ගත්තු සම්මතයන් නිසා නෙමෙයිද? (මම ඒවා හරිවත් වැරදිවත් කියන්න නෙමෙයි උත්සාහ කරන්නේ) මේ වගේ දේවල් ප්‍රශ්ණ වෙන්නේ ඒ දේවල් සම්මත කිරීමට උත්සාහ කරන නිසා නෙමෙයිද? මම නම් හිතන්නේ තමන් කැමති දේ කරලා, කැමති විදිහට හිතුවට කිසිම ගැටුමක් ඇති වෙන්නෙ නැහැ. ගැටුම් ඇතිවෙන්නේ අනික් අයට තමන් හිතන විදිහ හරියි කියන එක බලෙන් කියන්න ගියාම නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ අවුරුදු පරම්පරා ගානක් එක ගෙයි කාපු අපේ මිනිස්සු ඒක නැවැත්තුවේ සුද්දා දාපු නීති නිසා. අපේ ගෑනුන්ගේ බෙල්ලේ ඉදන් යටි පතුල් දක්වා වැහුවේ සුද්දා විසින්. සමලිංගික ක්‍රියාව තහනම් කලෙත් සුද්දා. ඉතින් පරම්පරා ගානක් තිස්සේ ගෙන ආපු ඒවා කියලා ඔය ගෙන යන්නේ සුද්දා දාපු ඒවා. සමාජ සම්මතයන් ඥාණය වැඩෙත්ම වෙනස් වෙනවා. ගස් ගල් වලට වැද වැද හිටපු අපේ මිනිස්සු බුදු දහම පැමිණීමත් සමගව යතාර්ථවාදී වෙනවා. සම්මතයන් බිහි වෙනවා. සම්මතයන් කැඩෙනවා. සංස්කෘතීන් බිහි වෙනවා. සංස්කෘතීන් කැඩෙනවා. ඒවා ඔක්කොම කරන්නේ මිනිස්සු තමයි.

      ඔවු ඇත්ත. ඔබ කියන්නේ ඇත්ත ' මම නම් හිතන්නේ තමන් කැමති දේ කරලා, කැමති විදිහට හිතුවට කිසිම ගැටුමක් ඇති වෙන්නෙ නැහැ. ගැටුම් ඇතිවෙන්නේ අනික් අයට තමන් හිතන විදිහ හරියි කියන එක බලෙන් කියන්න ගියාම නෙමෙයිද?'

      ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි ඒක තමයි වෙන්නේ නැත්තේ. සමලින්ගිකයෝ විරුද්ධලින්ගික අය එක්ක කායිකව එක වන්න ඉල්ලන්නේ නැහැ. ඒ අය ඉල්ලන්නේ තමන්ට ආදරය කරන කෙනාට පෙරලා ආදරය කිරීමේ නිදහස විතරයි. ඉතින් ඕකෙන් අනිත් අයට වෙන අගතිය මොකක්ද ? විශේෂයෙන්ම විරුද්ධලින්ගිකයන්ට?

      Delete
    2. ඔබ කියන දේට මම එකඟයි. ඒත් ආදරය කිරීමේ නිදහස ගැන මමනම් හිතන්නේ තමන්ට කැමති කෙනාට ආදරය කිරීමේ නිදහස හැමෝටම තියෙනවා...නීතියෙන් විවාහ වීම කියන්නෙ ආදරේ කිරීමේ නිදහසමද? තම තමන්ගේ දේවල් බලාගෙන නොඉඳ අනුන් හදන්න යන බොහොමයක් දෙනා නිසයි මේ ප්‍රශ්ණ ඇති වෙලා තියෙන්නේ මම හිතන විදිහට. විරුද්ධ ලිංගිකයන් තමන් හිතන පතන ඒවගේම සතුටු වෙන විදිහ ගැන අනික් අයට බලෙන් තේරුම් කරන්න යන්නෙ නැතුව ඉන්න ඕනි වගේම සමලිංගිකයනුත් ඒ දේවල් අනුන් මත බලෙන් පටවන්න අවශ්‍ය නැහැ කියලයි මට හිතෙන්නේ...

      Delete
    3. ආදරය කරන්න කාගේවත් අවසරය ඕනේ නැහැ. ඒක ඇත්ත. එත් ඔබ නොදකින දෙයක් මෙතන තියෙනවා. ඔබ ඔය කියන විරුද්ධලින්ගික විවාහයන්ට නීතිමය පිළිගැනීමක් තියෙනවා. එය ඇතුලත ඔවුන් නීතිමය වශයෙන් පිළිගැනෙනවා. එහිදී නීතිය ඇතුලේ ඔවුන්ව පිළිගැනීමත් සමලින්ගිකයන්ව නොපිලිගැනීමත් අතර මතු වෙන්නේ සමානාත්මතාවයක් නැතිව යාම. ආදරය කියන්නේ විවාහය නෙමෙයි. ඔවු ඇත්ත. ප්‍රශ්නය තියෙන්නේ එය විවාහය දක්වා දුර ගියහොත් පමණි. ඔබ කියන දෙය ප්‍රයෝගකිව ඔබට අත්විදින්න නොලැබෙන නිසා ඔබට මෙය එච්චර දෙයක් නොවන්න පුළුවන්. ඔබ දන්නවද සාමකාමී යුවළක් දිගු කලක් එකට ජීවත්ව ඉඳ යම් හෙයිකින් එක් සහකරුවෙක් මිය ගියහොත් අනෙකාට අඩුම තරමේ ඔහුගේ දේහය රෝහලෙන් නිදහසවත් කරගන්න බැරි බව. මිනිය නෙමෙයි ප්‍රශ්නය. වරදක් නොකර ජීවත් වෙන ඔවුන්ට විතරක් ඇයි නීතියෙන් පල්ලෙහා තැනක්.

      ඔබ කියනවා සමලිංගිකයන්ට ඒ දේවල් (සමලිංගික ආදරය) අනුන් තේරුම් නොගැනීම අනෙක් අය පිට පටවන්නේ නැතිව ඉන්නලු. ඔවු ඉන්න තිබ්බ ඔවුන්ට සමහර විරුද්ධලින්ගිකයන්ගෙන් බලපෑමක් නැත්නම්. සමකාමියෙකුගේ දෙමවුපියන් ඔහුව හෝ ඇයව බලෙන් විරුද්ධලින්ගිකයෙකු හා විවාහ කර දෙන්න හදනවා නම් ඒ සමකාමියා මොනවද කරන්න ඕනේ? තම සමීපතම යහළුවා සමකාමී බව නිසා තමාව කොන් කරනවා නම් මොනවද කරන්න ඕනේ ? ඔබ ඔය කියන විදිහට අනෙක් අය පිට පැටවීමක් නෙමෙයි මෙය. මෙය හුදෙක්ම අන් අයට සේම ඔවුන් ඉපදුන සේ ඔවුන්ටත් ජීවත් වීමටත්, අන් අයට සේම නීතිමය පිළිගැනීමකට ලක් වීමටත් අයිතියක් තියෙනවා. එය පැහැදිලි කිරීමක්. එය ඔවුන්ට නොලැබෙන නිසයි ඔවුන් එය ඉල්ලන්නේ. ඉපදුන දවසේ සිට මැරෙන මොහොත දක්වා නොකළ වරදකට නීතිය යටතේ සාපරධියෙකු ලෙස ජීවත් වීමට ඔබට සිදුවුනහොත් ඔබ මොකද කරන්නේ? සමකාමී බව නිසා පොලිසියේ ඉන්න වුනොත් ඔබ මොකද කරන්නනේ? සමකාමී බව නිසා ඔබට ගුටි කන්න වුනොත් ඔබ මොකද කරන්නේ ? සමකාමී බව නිසා මරුම්කන්න වුනොත් ඔබ මොකද කරන්නේ? සමකාමී බව නිසා රැකියාව අහිමි වී රැකියාවක් හොයා ගන්න බැරි වුනොත් ඔබ මොකද කරන්නේ ? මෙය ඔබ කියන තරම් සරල නැහැ මිත්‍රයා. ඔබ ඔවුන්ට කතා කලොත් දැනේවි කොහොමද මේ ලංකාව තුල ඔවුන්ට අන් අය සලකන විදිහ. එය නොදැන සිටීම තමයි ප්‍රශ්නය.

      Delete
    4. ඔබ කියන දෙය ඇත්ත. ඒ උනත් ඒ තත්වයම (සාමාන්‍යයි කියන පුද්ගලයින් සාමාන්‍ය නොවන පුද්ගලයන්ව සම තත්වයෙහි නොසැලකීම) හැම සමාජයකම තියෙන, නීතිමය රාමුවකින් පමණක් විසඳන්න බැරි ප්‍රශ්නයක් නෙමෙයිද? ඒක සාධාරණ නැහැ කියන එක මම 100% පිළිගන්නවා...ඒත්...නීතියක් ආපු පමණින් මිනිස්සුන්ගේ මේ හැසිරීම් රටා වෙනස් කරන්න බැහැ නේද? අන්ධ පුද්ගලයෙක්ව, රෝගයක් නිසා හෝ අනතුරක් නිසා කකුලක් කපා දැමු කෙනෙක්ව, මානසික රෝගියෙක්ව, නොකල වරදකට හෝ වේවා හිර ගෙදර එක වතාවක් හෝ සිටි කෙනෙක්ට, දික්කසාද වෙච්ච කෙනෙක්ට සමහර විට තමන්ගේ වරදක් නිසා නොවුනත් සමාජයෙන් කොයි තරම් බැට කන්න සිද්ද වෙනවද? හරිම දියුණුයි කියන බටහිර සමාජයේත් සුදු හමට වැඩිපුර තැනක් තාමත් ලැබෙන්නේ ඇයි? (ඔබාමා ජනාධිපති වුනු නිසා පමණක් කළු හමට සමානාත්මතාවය තියෙනවා කිව්වොත් ඒක බොරුවක්) ඒ නිසයි මම කියන්නෙ නීති දාල විතරක් මේ දේවල් හරිගස්සන්න බැහැ. නීතියක් තිබ්බ කියල මිනිස්සුන්ගේ හිත් වෙනස් වෙන්නෙත් නැහැ...ඒ නිසා ඒ නීති ගැන වද නොවී, සමාජ සම්මත වෙනස් කරන්න විප්ලව කරන්න නොගිහින්, ඒ වගේම තමන් හරියි කියල දන්නවනං අනුන් කියෝන දේවල් ගැන වද නොවී තමන්ගේ ජීවිත තමන්ට කැමති ආකාරයකට සහ අනුන්ට කරදරයක් නොවෙන විදිහට ගත කිරීමයි කල යුත්තේ කියල මට නං හිතෙන්නේ. මම වැරදි වෙන්න පුළුවන් සමහර විට...මම ඔයාල වැඩි දෙනෙක් වගේ සමාජය ගැන දාර්ශනික මත තියෙන කෙනෙක් නොවෙන්න පුළුවන්. :)

      Delete
    5. ඒ හා සම්බන්දව මම ඔබ හා එකඟ වෙනවා. නමුත් සමලිංගිකත්වය ලංකාවේ නීතියෙන් නිර්සාපරාධීකරණය නොවන තරමට මේ මිනිස්සු දුක් විදිනවා මේවා මීඩියා වල යන්නේ නැහැ. නමුත් මොවුන් මෙම 365 සහ 365අ වගන්ති නිසා වරදක් නොකර දුක් විදිනවා. ඔවු නීතිය වෙනස් වූ පමණින් සමාජ මතය වෙනස් වෙන්නේ නැහැ. ඒකට ඉතින් මේ පිළිබදව ඇති සමාජීය දැනුම වැඩි විය යුතුයි. එවැනි දෙකට මෙවැනි සංවාද රුකුලක්.

      Delete
  17. ඇනෝගෙන් ඇනෝලට ....

    ඔය ඇනෝලා දාල තියෙන කොමෙන්ටු දැක්කහම තේරෙනවා ඔවුන් තුල ඇත්තේ ද්වේශය මිස නැණවත් කතිකාවකට එළඹීමට ඇති උනන්දුව නෙමෙයි. ඉතින් ඔය කොමෙන්ටු වලට උත්තර දෙන එකත් මෝඩ කමක්. ඉන්දියාව ගත්තොත් මේ මාතෘකාව පිළිබද හොඳ සංවාද ඇති වෙනවා. ඔවුන් රුපවාහිනී නාලිකාවල පවා මෙම සංවාද ගෙන යනවා. පක්ෂ විපක්ෂ හැමෝම තම අදහස් කියනවා. එත් අපේ රටේ ? ඔන්න දාන කොමෙන්ටු. මෙවැනි පිරිස් වල මානසිකත්වය නම් හැංගිලා ඉඳල පොර ටෝක් දාලා තමන්ගේ පෞර්ශත්වයේ ඇති දුබලකම මකා ගන්නට තැත් කිරීමයි. දැනුමින් ඔවුන් ඉතා පහත්. කියන්න ඕනේ මොනවද කියල දන්නේ නැහැ. ඉතින් දෙව්ශයෙන් කෑ ගහනවා. මඩ ගහනවා. තුප්පහි විදිහට කතා කරනවා. ඔන්න ලංකාවේ මානසිකත්වය. මේ මාතෘකාව පමණක් විතරක් නෙමෙයි. හැම දේකටම ඔය ආනිසන්සේ තමයි. විද්‍යාත්මක කරුණු මුකුත් දන්නේ නැහැ. මේ වගේ අය තමයි ITN, රුපවාහිනී පිදුරු කන්නේ. ඕවට උත්තර දෙන්න යන්න එපා!

    ReplyDelete
    Replies
    1. හලෝ කකා කොහොමද?

      Delete
    2. හිකිස්!

      Delete
  18. ආශාවන් හා රුචිකත්වයන වෙනස් වූ මිනිසුන් තුල මෙයත් එක් ආශාවක් හා රුචිකාත්වයක් පමණි.
    වරක් , වරක් අශෝක හඳගම කිව්වා වගේ මිනිස්සුන්ගේ වැඩ ගැන මොකටද මම කරදර වෙන්නේ ,එයාලා එයාලට ඕන දෙයක් කරපුදෙන් , මම මට ඕන දේ කරනවා. මිනිස්සුන්ට යකා නටන්න ඕනේ නම් යකා නටපුදෙන් ,ඇයි අපි අනිත් ය ගැන කරදර වෙන්නේ ..........?

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගේ කතාව ඇත්ත.

      Delete
  19. සමලිංගික අයිතීන් පැත්තකින් තියමුකෝ. මේ රටේ අපට මේ මූලික අයිතීන් තියෙනවද?

    1. දූෂණය නොවූ වතුර පානය කිරීමේ අයිතිය (පිරිසිදු වතුර ඉල්ලුවොත් වෙඩි කන්නයි වෙන්නේ)
    2. නිදහසේ පාරක තොටක යාමේ අයිතිය (හැම දේශපාලුවකුටම පාර වහනවා)
    3. නිදහසේ රිය පැදවීමේ අයිතිය (දේශපාලුවන්ගේ කොන්වෝයි වලට ඉඩ දෙන්න ඕනෑ, ආමි එකට ඉඩ දෙන්න ඕනැ, ඡන්දෙ ඉල්ලන එකාලගෙ වාහන වලට ඉඩ දෙන්න ඕනැ)
    4. නිදහසේ (සාමාන්‍ය කපල් එකකට වුණත්) පෙම් කිරීමේ අයිතිය - මේ ගැන දිගින් දිගටම ලියැවී ඇති නිසා නොලියමි.
    5. (ගෑනු ළමයකුට ) නිදහසේ පාරක යාමේ අයිතිය
    6. අප කැමැති චිත්‍රපයටක් බැලීමේ අයිතිය / අප කැමැති චිත්‍රපයටක් හැදීමේ අයිතිය
    7. මාළු පාන්, සීනි සම්බල් පාන් කෑමේ අයිතිය (රජයේ කැන්ටින් බොහොමයක මේවා විකිණීම තහනම්ය.)
    8. අධ්‍යාපනය ලැබීමේ අයිතිය (ඉරිදා දවස් වල ක්ලාස් තහනම්. පුද්ගලික විශ්ව විද්‍යාල වලට හැමදාම වලි)
    9. බෞද්ධ නොවන වෙනත් ආගමක් ඇදැහීමේ අයිතිය
    10. තමන් කැමැති ඇඳුමක් ඇඳීමේ අයිතිය

    මේ වගේ ඉතාම සරල සාධාරණ මූලික අයිතීන් වලට ඉඩක් නැති රටේ සමලිංගික අයිතීන් ගැන කතා කිරීම විහිළුවක් නේද?

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ අවුරුදු ගණන් පුරා ඔය කියන list එක වැඩි වෙනවා. එතකොට කවද්ද මේ සමලිංගික ප්‍රශ්නේ කතා වෙන්නේ. මේ මිනිස්සු හැමදාම දුක් විදිනවා. ඇයි එතකොට ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? ඔබ නොදන්නා ඕන තරම් ඉන්නවා සමාජ, දෙමවුපිය ගැරහුම් නිසා සිය දිවි නසා ගත්ත. ඕව මීඩියා වල යන්නේ නැහැ. ඔබ ඔය දාන ලිස්ට් එක ඉවර වෙන්නේ ලෝක අන්තිමයේදී තමයි. එතකන් ඔබ කියන්නේ සමලිංගිකයන්ට දුක් විදින්න කියලද ? මහත්තයෝ මේක ''අරක' කරන්න නිදහස ඉල්ලන එකක් නෙමෙයි. මේක ජීවිත ප්‍රශ්නයක්. වටහා ගන්න. සමලින්ගිකයන්ගේ ගැටලුත් ඔය list එකේ තියෙන ගැටළු හා සමානව බරපතලයි තමයි.

      ජීවත් වීමේ අයිතියත් මුලික අයිතියක් තමයි. එත් ඔබ නොදන්නවා ඇති ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල ජීවත් වීමේ අයිතිය කියල දෙයක් නීතිමය වශයෙන් 'සැබෑවටම' නැහැ.

      Delete
  20. සමලිංගිකත්වය අගය කරන එක් විදේශ කතක් ප්‍රසිද්ද මාධ්‍යයකට කියා තිබුන පිරිමින්ගෙන් සිදුවෙන කරදර වලින් මීදී ප්‍රීතිමත් ජිවිතයක් ගතකිරීම සදහා තමාද ඇතුළු බොහෝ දෙනා සම ලිංගික සම්බන්දතා පවත්වන බව ...... ඔය කරනවත් එක්ක දිගටම හිතාගෙන යනකොට අනාගතයේදී කකාගේ ප්‍රර්ථනාව ඉටුවෙලා ලංකාවේ කෙල්ලෝ විතරක් බදින්න ගන්න බොහෝ ඉඩ තියෙනවා මොකද ලංකාවෙත් ගෘහස්ත හිංසනයෙන් සැහෙන්න ගැහැනුන් වැද විදින නිසා ..... එහෙම උනොත් අනේ දෙයියනේ සිංහල ජාතියට මොකක් වෙයිද ????..... ඒ නිසා ඔක්කොට කලින් ගෘහස්ත හිංසනය වැලක්විය යුතු කොරමයක් හදල ඉන්න වෙයි වගේ ....

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය වලින් කියන කතන්දර කොහෙත් එකයි බං.
      අර කෝට්ටෙ පලා බබා කියල තියෙන්නෙ සතුටින්ම ලංකාවෙ පවුල් කන්නෙ ඒ යුවල කියල.

      Delete
    2. KOtte pala baba??? kotte kiyanne palath sabawakda mahaththayo?

      Delete
  21. මගේ අත්දැකීම අනුව සමලිංගිකයන් ගැන ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේත් තිබුණේ ඉතාම ගතානුගතික අදහස්. පසු කාලෙක බටහිර වාමාංශිකයන් අනුගමනය කරමින් සමලිංගිකයන් ගැනත් යම් කතා කිරීමක් කළත් ලංකාවේ සියලුම වාමාංශික නායකයන් උත්සාහ කරන්නේ 'බඩුකාරයන්' විතරක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. පැරා දන්නවද ගල්මත්තෙ පොල්ලෙ සාජන්.... සමලිංගිකයින්ව පේන්න බෑ......

      Delete
    2. මාත් දන්නවා මචං ඔය කියන සාජන්ට්ව.ඕකට සමලිංගිකයෝ පේන්න බෑ..
      පන්න පන්න ගහන්නේ ! ගහලා ගහලා කෙලත් ගහනවා ! තුක් ඉතරක් !

      Delete
  22. The irony is that there are no GLBT rights in a country where sons of two Sri Lankan leaders too belong to the same category.

    Son of a former President is now living with his gay partner. He is a veterinary surgeon an has no intention of coming to politics. That is his right and I respect that. I am sorry that his mother, while fully accepting her son's sexuality did nothing to guarantee LGBT rights in Sri Lanka when in power.

    Youngest son of another VVVIP is Bi. I leave it at that because I have no intention of travelling in a white van.

    ReplyDelete
    Replies
    1. I don't think exposing the assumed or factual sexual identity of politicians or their family members is the way to ensure that LGBT rights are recognized in SL. I think along with the LGBT rights you should start talking about the right to privacy. For a long time the west has been harping on 'Coming Out' if you want to fight for rights... maybe that is where you are coming from. If you feel the need to be Anonymous , when commenting i am going to assume it is because you value your own privacy... so in future please try to think of other people's privacy too. I don't have any affiliation with either Chandrika or Mahinda but i think we should follow more principled approaches when talking about rights.

      Delete
  23. සමලිංගිකත්වය ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලත් වැඩක් නෑ.

    කකා ඒ සේරම වාරණය කරනවා ! කෝ මගේ කමෙන්ට් ටික ?

    කෑවද ඒවා ?

    ReplyDelete
  24. මෙවැනි මාතෘකා ගැන සංවාද බලාපොරොත්තු වීමත් අනුවන කමක් කකා. බොහෝ දෙනා අනුන්ගේ මත ඉවසන්නේ නැහැ. අවුරුදු 70 ක් සමාජවාදය යටතේ "දියුණු" වුන රුසියාවට පුටින් යටතේ අද ඇවිත් තියන තැන පෙනෙනවා නේද? අපගෙන් බොහෝ දෙනෙකුත්, පුටින් වීරයෙකු ලෙස සලකනවා. සමාජවාදය යටතේ ආපු ගමනක් වේ නම් එයත්, ඉන්පසු ප්‍රජාතන්ත්‍රවාදය යටතේ යන්න ආ මාවතත් හයිජැක් කරපු පුටින්ට වන්දනා මාන කරන ගමන්, දේශීය ඒකාධිපතියන් පන්නමු කියනවා. මෙවැනිම දෙයක් තමා සමලිංගික මිනිසුන්ට/ගැහැණුන්ට හා සුළු ජාතීන්ට ඇති ප්‍රශ්න මොනවාද කියා ඇහීමත්.

    ReplyDelete
  25. අනේ මමනම් දන්නේ නැහැ. මටනම් ඔය ජරා මිනිස්සු පේන්න බෑ. ඒ මම එහෙම නොවෙන නිසා. මම පටු ඇති. ඒ උනාට.. මම හිතන්නේ එහෙම... එච්චරයි... !
    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. උන්ටත් උඹ වගේ ජරා මිනිහෙක් පේන්න බැරුව ඇති. ඒ උඹ එහෙම නොවන නිසා.

      Delete
    2. ඇයි මචං උන් ජරා? උඹ තරං උන් ගඳ නැතුව ඇති.

      Delete
  26. මේ මාතෘකාව පිළිබඳව කිසිවක් නොකියමි

    ReplyDelete
    Replies
    1. එළ කොල්ලෙක් හිට්ස් ගැනීමේ ආසාවෙන් කුණුහරුප නොලියන ඔබ ගැන සතුටුයි.

      Delete
  27. විෂම ලිංගික අයට පවුල් ජීවිතය තුල විවිධාකාරයේ වගකීම් , යුතුකම්, බැඳීම් මහා ගොඩක් තියෙනවා ලිංගිකත්වයට අමතරව..ලිංගික කාර්‍ය්යය ඔය අව් අස්සේ කරන්න තියෙන එක දෙයක් විතරයි..සමලිංගික අයට කරන්න තියෙන එකම දෙය ලිංගික කාර්‍යයය විතරද දෙන්නා එකතු උනහම ? තමන් ආකර්ශනය වෙන ඕනිම විෂම ලිංගික හෝ සමලිංගික අයකු පස්සෙ ගිහින් කොහොම හරි දැලේ දා ගන්න දඟලන එකද සමරිසි අයකුගේ එකම කාර්‍යයය ? සමහරු සමලිංගිකයන් සාමාන්‍ය ලිංගික ඇසුරක් නැති මිතුරන් ලෙස ආශ්‍රය කරන්න කැමතියි ඔවුන් සමාජයේ කොටසක්ය ඔවුනුත් මනුෂ්‍යයයන්ය කියන උදාර චේතනාවෙන්. නමුත් වෙලා තියෙන්නෙ සමරිසි අය ඕක වරදවා තේරුම් ගන්නවා තේරුම් අරගෙන සමරිසි අකමැති නමුත් මානුෂිකව හිතන ඒ අය එක්කත් දඟලන්නෙ ලිංගික ඇසුරක් හදා ගන්න. එතනදි විවෘත මනසක් ඇතිව සමාජය දිහා බලන අයට විඳින්න වෙන ගැහැටට වග කියන්න ඕනි සමලිංගික අය..එහෙම අමිහිරි අත්දැකීමක් දෙකක් උනහම ආයිමත් ඒ වගේ අය එක්ක ආශ්‍රය කරන්න කැමති වෙන්නෙ කවුද ? ලිංගිකත්වය කුමක් වුවත් කවුරුත් සම්බන්ධතා වලදි එකිනෙකාට ගරු කරමින් එකිනෙකාව අන්‍යෝන්‍ය හඳුනා ගැනීමක් කරනවා නම් මේ ප්‍රශ්නය මෙච්චරම කථා කලයුතු මට්ටමට යන්නෙ නෑ..මූණු පොතේ මේ අමිහිරි අත්දැකීමට වරක් දෙවරක් නොව කීප වතාවක්ම මුහුණ දෙන්නට වීමේ ප්‍රථිපලයක් විදියට මට පුද්ගලිකව හිතුන කාරණය එයයි..

    ReplyDelete
    Replies
    1. දැන් උඹව එක මකුණෙක් කෑවාම උඹ ඔක්කෝම මකුණො මරණවාද?

      Delete
    2. නෑ බන් කාපු මකුණව මාව හොයා ගන්න බැරි තැනකට ගිහින් දාලා... අනිත් මකුණන්ට ඕනි ඕනි විදිහක හිටපිය කියලා මම මගේ පාඩුවෙ ඉන්නවා. ආයි මකුණෙක් කන්ඩ ආවොත් ඉස්සෙල්ලා කන්ඩ ආපු මකුණන්ට කලේ මොකද්ද කියලා පැහැදිලිව කියලා දෙනවා... තේරෙන් මකුණො තවමත් මාත් එක්ක බොහොම හොඳට ඉන්නවා..නොතේරෙන මකුණන්ට වෙන්නෙ ඉස්සෙල්ලා වෙච්ච මකුණන්ට වෙච්ච සෙතේමයි.. මකුණොත් දැන ගන්න ඕනිනෙ යමක්..

      Delete
    3. උඹ දොස්තර හොඳහිතද මකුණො එක්ක කතා කරන්න?

      Delete
    4. වනියෝ මේ මේ අන්තිම අනෝ කොමෙන්ට් එක පට්ට බන් ..

      Delete
    5. දැන් එතකොට විරුද්ධලින්ගික කොල්ලෝ කෙල්ලෝ එක්ක කුළුපඟ වෙන්නේ මිත්‍ර සම්බන්දයක් පවත්වා ගනීවේ උදාර පරම පිවිතුරු චේතනාවෙන් විතරද ? ප්‍රායෝගික වෙන්නේ. හැමෝම එහෙම නැහැ. ඔබ කොල්ලෙක් නම් ඔවුන් ආකර්ෂණය වෙන්නේ කොල්ලන්ට නම් ඔවුන් ඔබ ගැන ඇති හැගීම කිව්වහම ඇති වරද මොකක්ද ? ඔබ එකට කැමති නැත්නම් කැමති නැහැ කියන්න.

      කෙල්ලන්ව දා ගන්න යන හැම කොල්ලටම කෙල්ලෝ කැමති වෙන්නේ නැහැනේ. එත් කොල්ලෝ ට්‍රයි කරන එක නවත්තන්නේ නැහැ නේ. මිත්‍රයා ඔබ සමලින්ගිකයන්ව පිළිගැනීමෙන් කියවෙන්නේ ඔබ පිනක් දහමක් කර ගත්ත කියන එක නෙමෙයි.

      Delete
  28. සමලිංගිකත්වය සම්බන්ධව සිංහලෙන් ලියවුනු හොඳම කෙටි ලිපියක් බව මගේ අදහසයි.මේ ගැන කථාකිරීමට කවුරුත් බයය.නැත්නම් බය කරලාය.ආදරය හා බැඳුනු ලිංගිකත්වයේදි තමා ආදරය කලයුත්තේ හෝ ලිංගික කර්තව්‍යයේ යෙදිය යුත්තේ කා සමගදැයි තීරනය කරන්නේ තමා සහ සහකරු විසින්ම යැයි පිලිගැනීමට සමහරුන් මැලිවන්නේ සමලිංගිකත්වය එතැනට ආදේශ වුවහොත් පමනය.ගැහැණුන් කීපදෙනෙක් සමග නිදාගන්නා පිරිමියා පොරකි.එකම සහකරුවෙක් පමනක් සමග හෝ ජීවත්වන්නට කැමති සමලිංගිකයා දෙවියන්වහන්සේ විසින් එවන ලද යක්ෂයෙකි.
    ආදරය ගැන පොර ටෝක් දෙන,කවි ලියන ලොකු ලොකු අයියලා පවා මෙතැනදී දරන්නේ පොන්න ආකල්පයකි.කකා කියන පරිදීම සමලිංගිකයා යනු තවත් මනුෂ්‍යයෙක් පමනි.සමාජයේ බොහෝදෙනා සලකන්නේ මනුෂ්‍යයාට නොව නොදැනුවත්ව හෝ බලෙන් පටවන ලද ආකල්පවලටය.කථා කරන්නේ යෝධ සංවර්ධණයන් ගැනය.ආකල්ප සංවර්ධණය අතින් අපි තවමත් ගල් යුගයේය.
    අනුන්ගේ නිදන කාමරවලට ජනෙල්වලින් එබී බලන්නේ තමන්ගේ වැඩේවත් හරියට කරගන්න බැරි එවුන්ය.

    ReplyDelete
    Replies
    1. එකඟයි, මේක මමත් සිංහලෙන් මේ විෂය ගැන කියවපු හොඳම ලිපියක්. ඔබ කිව්ව වගේ කෙටි වුනාට, මටත් මේ ගැන තියෙන අදහස් සියල්ලම වගේ මෙතන ලියැවිලා තියෙනවා.

      අපේ මහ ලොකු සිංහල බෞද්ධ අයියලගෙ මෙව්ව එක හරියටම බලා ගන්න පුලුවන් මේ වගේ විෂයක් ගැන එයාලගෙ අදහස් දැන ගන්න විමසුවා නම්. මම මේ ළඟදිත් මේ විෂය සම්බන්ධ දෙයක් බුකියේ බෙදා ගත්තා. අර උඩ කොමන්ටුවක තියෙනව වගේ සමලිංගිකයින් ගැන කතා කලාම කතා කරපු එකත් සමලිංගිකයෙක් වෙලා ඉවරයි. කෝ බුදු දහමෙ තියෙනවයි කියන සමානාත්මතාවය?. ඒක ලෝකෙට පෙන්වන්න විතරක් තියන් ඉන්න එකක්ද?. ඔය මහ ලොකු බෞද්ධයො ටික ඕක ප්‍රායෝගිකව භාවිතා කරන්නෙ නැද්ද? ඔය මිනිස්සු කැමතිද තමන් ආදරය කරන්න ඕනි කාටද, බුදියන්න ඕනි කා එක්කද කියල වෙන කෙනෙක් තීරණය කරනව නම්??.

      Delete
    2. මෙ මහත්තය තුන් වෙනි සිල් පදේ තේරුම හරියට දන්නෙ නෑ වගෙ.....

      Delete
    3. මොකක්ද අප්පේ තුන් වෙනි සිල් පදේ ? ඇයි ඒකේ තියෙනවද පිරිමියෙක්ට තව පිරිමියෙක්ට හා ගැහැනියෙක්ට තව ගැහැනියෙක්ට ආදරය කරන්න බැහැ කියල ?

      Delete
  29. කකා...පෝස්ට් එකේ හෙඩිමේ ඉංග්‍රීසියෙන් IDEAS කියන වචනය ටයිප් වෙලා නැද්ද?නැත්නම් මම වැරදිද?

    ReplyDelete
    Replies
    1. මා සිංහල සහ ඉංගිරිසි මාතෘකා දාන්නේ ඒවා එකක් අනෙකට පරිපූරක වෙන පරිදි මිස එකක් අනෙකේ පරිවර්තනය වෙන පරිදිම නොවේ.

      ඒ කෙසේ වෙතත් මෙහිදි ideas යන්නේ තේරුම ඉංගිරිසි පාඨයේ (වචනය නොතිවුණාට) ඇතුළත් වෙනවාය කියන එකයි මගේ සීමිත දැනුමට වැටහෙන්නේ.

      Delete
    2. ස්තූතියි කකා දැණුවත් කිරීම සම්බන්ධව.

      Delete
  30. සමලිංගිකත්වය කතා කල යුතු දෙයක් ද යන්න පිලිබද ගැටළුවක් තිබේ. සමලිංගිකත්වය යනු පුද්ගලයින් තුල ඇති වන විවිධාකාර ලිංගික තේරීම් වලින් එකකි. මිනිස්සු එක එක විදියේ අයට කැමතිය. ඇතැම් පිරිමින් මහත කාන්තාවන්ට කැමති අතර තවත් සමහරු කෙට්ටු කාන්තාවන්ට කැමතිය. ඇතැම් ගැහැණු ලාබාල පෙනුමැති පිරිමින්ට කැමති වන අතර ඇතැමුන් තරමක් හැඩිදැඩි පිරිමින්ට කැමතිය. එවැනි ලිංගික තේරීම් ගැන මාධ්‍ය වල සාකච්ඡා නොවේ. බ්ලොග් වල ලිවිය යුතු නොවේ. විශේෂයෙන්ම මේ ආකාරයේ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් නොවේ. නමුත් ඒ ආකාරයටම තමන්ගේම ලිංගයේ පුද්ගලයින්ට කැමති මිනිසුන් හා ගැහැණුන් කොන් කරනු ලැබිමට ලක්වෙති.
    එමෙන්ම විවාහක වේවා අවිවාහක වේවා මිනිසකු ගැහැණියක සමග එකිනෙකාගේ කැමැත්ත මත ලිංගික සම්බන්ධතා පැවැත්වීම මාධ්‍ය වල සාකච්ඡා නොවේ. බ්ලොග් වල ලිවිය යුතු නොවේ. විවිධාකාර තර්ක විතර්ක ඉදිරිපත් නොවේ. එහෙත් තමන්ගේම ලිංගයේ අයෙකු හා එකිනෙකාගේ කැමැත්ත මත ලිංගික සම්බන්ධතා පැවැත්වීම බරපතල වරදකි.
    චාල්ස් කැමිලා, විලියම් කේට් හෝ බරක් මිචෙල් නොවේ නම් මිනිසකු ගැහැණියක හා ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් බවට පත් නොවේ. එහෙත් ඈත ගමක කොල්ලෙක් තවත් කොල්ලෙකුට ආදරය කලොත් එය ප්‍රවෘත්තියක් වනවා පමණක් නොව ඔවුන්ගේ ජීවිතයම අදුරු කරනු ලබයි.
    ඇනෝ මහත්වරුනි, මෙහි සාධාරණත්වය කුමක්දැයි පහදා දෙනු මැනවි.

    ReplyDelete
  31. ලෝකේ එක එක ජාතියේ අතල් තියනවානේ සමහර ආතල් වලට නීති වැඩියි කොයිතරම් නීති දාලා තිබුනත් ආතල් එක ඔනෑ එකා ආතල් එක ගන්නවා .. හරියට ගංජා ඔනෑ එකා ගංජා හිටෝලා හරි ගහනවා වගේ සමලිංගිකත්වය ඔනෑ එවුන් කොහොම හරි උන්ගේ අතල් එක ගනියි . උන්ගේ ආතල් එක වරදක් කියලා කියන්න අපිට බෑ .

    ReplyDelete
  32. ආව්.. ආව්.. කකාත් ළගදිම කොල්ලෙක් ගෙදරට එක්කන් එන්න වගේ හදන්නේ... ඒකත් ජයසිරි මංගලම්

    ReplyDelete
  33. Me vage post liyanna oyata lajja nedda @Kathandarakaraya..balanakotama athpriyai..mata vamane enava.

    ReplyDelete
    Replies
    1. KATHANDARA KIYANNE VIKURTHU ASAWAN THIYANA MINIHEK. EYATA OYA WENI KATHA THAMI LIYANNA DANNE. GANAN GANNA EPA.. DANNAWA NE MEYA LIYANA TOPICS.

      Delete
  34. ඉතින් මා සමලින්ගිකයෙකු නොවෙමි
    නපුන්සකයෙකුද නොවෙමි
    එහෙත් ලස්සන කෙල්ලෙකු දුටුවිටක ඈ සමග රමනයෙ යෙදෙන්නටද පිරිමිකම උතුරායන පිරිමියෙකු දුටු විටක එ පහස ලබන්නටද මට ඈවසිය
    කෙල්ලෙකු සමග යහන් ගත වු විට ගන්නා සතුට වෙනම එකකි
    එහෙත් පිරිමියෙකු හා යහන් ගත වු විට ගන්නා සතුට වෙනම සතුටකි
    පිරිමින් සමග යහන් ගතවන පිරිමින් ගෑනුන් වාසනවන්තය ඊ ඔවුන් අනිකාගෙ සතුට වෙනුවෙන් කෑපවෙන බෑවිනි
    මට සුන්දර බිරිදක්ද සුරතල් දරුවන් පිරි සුන්දර කෑදෑල්ලක් ද ඈත
    මගෙ බිරිදද රමනයෙ උපරිම සතුට ඈ විදි
    මා යහන් ගතවන පිරිමින්ද සිටින මුත් ම ඔවුන් ට පෙම් කරන්නට යන්නෙ නෑත
    මන්ද ඔවුන්ටද පෙම්වතියන් භාර්යාවන්
    සිටින බෑවිනි
    ඉතින් ජිවිතය විදින්න ප්‍රවෙශමෙන්

    ඉතින් ඔබ නොදෑන සිටියාට සමහර විටක ඔබෙ හොදම මිතුරා සහොදරයා මස්සිනා මගෙ යහනෙ සුව විදින්නෙකු විය හෑක
    ඔවුන් කිසිවිටකත් මානසික රොගින් නොවෙ

    මෙ සමාජයෙ වෑදගත් රෑකියා කරන බුද්දිමත් සුන්දර මිනිසුන් කොටසක් පනි
    ඔබත් ජිවිතයෙ රසය විදින්න නම් එක් වරක් හො පිරිමියෙකුගෙ පහස විද බලන්න එහෙත්


    ප්‍රවෙසමෙන්
    ඔබෙ පවුද්ගලිකත්වය හා සවුක්කිය අරක්ශා කරගන්නට අමතක කරන්න එපා


    ReplyDelete
    Replies
    1. U r director of cultural.... rite?

      Delete
  35. මා මෙවැනි ලිපි කියෙවුවට කොමෙන්ට් දාන්නේ නැහැ ,,කියෝලා නිකන් ඉන්නවා ,,ඇත්තමයි මාත් කතන්දර අයියා එක්ක එකගයි ,, විවිධ රටවල් වල ඇවිද මිනිස්සු දැක මා ලබපු අත්දැකීම් මත දැකපු දෙයක් දියුණු රටවල මිනිස්සු මේ වගේ දේවල් සාමාන්‍ය දේවල් මට්ටමේ මයි කතා කරන්නේ ,, සහ දකින්නේ ,,ඔවුන් ඉස්සරහට යනවා මිස දෙපැත්තේ ඉන්න අයගේ දේවල් හොයන්න සහ ඒවා හෙලා දකින්න ,පිළිකුල් කරන්න කාලේ නාස්ති කරන්නේ නැහැ ,,ඒ මිනිස්සු මානසිකව ,ආර්ථිකව දියුණු වෙනවා..
    සමලිංගිකත්වය අපි කොහොමද හෑල්ලු කරන්නේ,, අනික ඒක ඒ මිනිස්සු විහින් ඇති කරගත්ත දේකුත් නෙමේ ,,ඔවුන්ගේ ශරීරය හෝර්මෝන ක්‍රියා කරන විදිය,,ඔවුන් ගේ සතුට තියෙන්නේ තමන්ගේ වර්ගයේම අය මත, බහුතර අපේ ,,සමාජයේ අප්‍රසාදය වෙනුවෙන් ඒ කෙනා තමාගේ ජිවිතයට ශරිරයට දුක් දිය යුතුද ? ඔහු හෝ ඇය රැකියාවක් කරලා හොයන සල්ලි වලින් ජිවත් වෙනවා නම් ඒ කරන ලිංගික දේවල් රහසේ කරනවා නම් අනිත් අයට මොකද ? අපිට මේ ලැබුණු සීමිත කෙටි ජීවිතය තුල සමාජයට අයහපතක් නොකර සතුටින් ජිවත් වෙන එක නේද වටින්නේ ,,ලෝකයාගේ දේවල් වලට එරෙහි වෙන්න ගත කරන කාලේ අපරාදේ ,, මගේ අදහස විතරයි ,, නම් ගම් නැතුව ඇනෝ කොමෙන්ට් වලින් කවුරු මොනා කිවුවත් මට වැඩක් නැහැ ,, හොද ලිපියක් කතන්දර මාමේ

    ReplyDelete
    Replies
    1. කකා ගෙ ලිපියෙ නොතේරුම් ගිය අයට මේ දරුව තවත් තේරුම් ගන්න පුළුවන් ලෙසට ලියල තියෙනව.

      Delete
    2. අපූර්වී කොච්චර වේගෙකින් මේ කමෙන්ට් එක ලියාගෙන ගිහින්ද කීවොත්, මුලින් කතන්දර අය්යා පස්සේ මාමා වෙලානේ. :D

      Delete
  36. ඇත්තටම හොඳ පෝස්ට් එකක්.
    ඔබේ නිර්භීතත්වය අගය කරනවා...

    ReplyDelete
  37. ක්ලැරන්ස් විජේවර්ධනට දවසක් හිතුනලු මෙහෙම,
    "සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ?
    සඳ ඇතිදා කතාවෙන්න මගෙ පාළුව මකාගන්න මිතුරෙක් මා සොයගන්නදෝ?"
    මේ ගීතයේ ඇති අදහස ඔහෙලට තේරෙනවාද?

    ReplyDelete
    Replies
    1. කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
      ඇතත් ලෝ දහමින්
      සොදුරු වැස්සට දැවෙන කතරත්
      ආදරෙයි පණමෙන්
      ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
      ඒ වගෙයි මනරම්
      කරනුබැරි තහනම්

      Delete
    2. හි හි

      Delete
    3. මචං ඇනෝ (AnonymousAugust 31, 2013 at 6:34 PM), ඔතෙන්ට “මිතුරියක්“ කියල දැම්මොත් මාත්‍රා ගැලපෙන්නේ නැහැ.ඒකයි යහලුවන් යෙහෙලියන් දෙගොල්ලන්ට ම පොදුවේ භාවිතා කරන “මිතුරෙක්“ කියන වචනය යොදන්න ඇත්තේ.

      Delete
  38. සිකුරාදා සවස සහ සෙනසුරාදා දිනයේම ඉතා කාර්ය බහුලවීම නිසා ප්‍රතිචාරවලට උත්තර බඳින්නට තියා අළුත් කතන්දරයක් පලකරන්නටද අපහසු විය.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හරිම බිසී කාලයක් !

      වැඩ ! වැඩ ! වැඩ !

      Delete
  39. හැබැයි කකා .. අර වැනිය කිව වගේ සමරිසි අයගේ අයිතිවාසිකම් ඇත්ත.නමුත් ඔවුන් තමන්ට කැමති සමරිසි නොවන අය ඒ දේට පොළඹවා ගන්න එක ප්‍රශ්නයක්.මම දන්නා කෙනෙක් ඉන්නවා මෙහෙ.එයාගේ තාත්තගේ යාලුවෙක් නිසා අවුරුදු ගානක් බලපෑම්වලට යටත් වෙලා අද කසාද බඳින්න බැරුව මානසික උපදේශන ගන්නවා.

    ReplyDelete
  40. samalingikayange hengeem,owunge aithiwasikam pilibandawa therum gath obata mage gawurawa pranamaya!!!obata menma samaja yatharthya,sadaranathwaya therum geneemata siyaluma sri lankikayanta heki wewa!!!samaja saadaranathwaya wenuwen, peeditha sulutharaya wenuwen digatama penee siteemata obata shakthiya dairiya lebewa!!! obata budu saranai!!! siyalu dewi pihitai!!!

    ReplyDelete
  41. දැන් මෙතන ඉන්න කී දෙනෙක් සත්තු එක්ක හැසිරෙන එක ගන මොකඩ කියන්නෙ?ඒකත් මෙ විදිහට generalize කරල දැන්මම හරි නේද?

    ReplyDelete
    Replies
    1. Animals can't give consent for sex. If we can talk with animals (or if we can build a machine to translate what they are saying) and if they agree to sex, then I see no issue with that.
      Until that happens it's considered as a rape.

      Delete
    2. එතකොට ගොලු ස්ත්‍රියක් සමඟ සංසර්ගයේ යෙදුනොත් එයාගෙ කැමත්තෙන්....ඒකත් rape case එකක්ද?

      Delete
    3. If she can give consent by sign language, by writing or other means then that would be consented sex, not rape.
      But for an example if she doesn't have the metal capacity to agree for sex (like has downs syndrome or mentally handicapped) then one can't obtain consent. Then it would be rape.

      Delete
    4. http://www.lankadeepa.lk/index.php/articles/167092

      Delete
  42. මමද සමලිංගිකයෙකි.

    මම මෙතන සමලිංගිකත්වය රෝගයක්ද නැතිද යන්න තර්ක කරන්නේ නැත.නමුත් ඉහත සමහර අය කියන විදියට මේක ඇදට සිමා වු දෙයක් පමණක් නොවෙ යන්න පැවසිය යුතුය.ඔබලට එසේ පෙනිමද වරදක් නැත මන්ද අපිට නොහැක ඔබල මෙන් ඔබේ අදරවන්තය හෝ අදරවන්තිය සමග එකට අත් අල්ලන් ගමන් යාමට , මුහුදු වෙරලේ පෙම් කෙලින්න්ට , නිතියෙන් බැදී එකම නිවසක සිටින්නටද නොහැක. එ ඔබේම පටු අදහස් නිසාමය . ඔය පටු අදහස් නොමැති දවසක තෙරෙවි ඔබට මේය ඇදට පමණක් සිමා නොවුවක් ලෙස.තවද සමහරුන් පවසන විදියට අප අපගේ හැගිම් සිරා කරගෙන වෙනත් කාන්තාවක් සමග නිතියෙන් විවහා විය යුතුය,ඔබ දන්නෙයිද අපි එසේ කිරිම මහත් පාපයකි මන්ද පිරිමිය මෙන් ගහැණියද කම් සැප සොයයි.. අපට ඔහුනට එ සැප ලබා දිය නොහැක.. එම නිසා ඔහුන් වෙනත් පිරිමින් සොයා යයි.. එවිට වන්නේ අපි තවත් එක ජිවිතයක් විනාශ කිරිමක් නොවේද ? අපට සතුටු විය හැකි කරණයක් නම් අපි ගැන පටු අකල්ප නොදරන පිරිසක්ද මේ රට තුළ සිටිමය...

    ReplyDelete
  43. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 116
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 13
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 46
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 7
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 50

    ReplyDelete
  44. සම්මත අසම්මත,නිති රිති,සමාජ සංස්කෘතිය,ලස්සන කැත,හොද නරක මේවා හැදුවේ මිනිස්සුම තමයි ඔවා හදන කලය තුල මිනිසුන් සම්මතය අසම්මතය ලෙසත් අසම්මතය සම්මතය ලෙසත්,නිතිය රිතිය ලෙසෙත් රිතිය ලෙසත්,ලස්සන කැත ලෙසෙත්,කැත ලස්සන ලෙසෙත්,හොද නරක ලෙසත් නරක හොද ලෙසත් සැලකුවේනම් ,,, සිතන්න වෙනස් විය යුත්තේ කව්රුන්ද ??????

    හොද ලිපියක් කකා
    (සිතින් නොව සිහි බුද්දියෙන් සිතිය යුතු කලයකි)

    ReplyDelete
  45. අපි කවුරුත් දන්නවනේ අපේ රට සිංහල බෞද්ධ සංස්කෘතියක් මූලික කරගත්තු රටක්. ඊට අමතරව ඉන් දියානු සංස්කෘතිකාංගත් අපේ සංස්කෘතිය එක්ක මිශ්‍රවෙලා තියනවනේ. පොඩි උදාහරණයක් කීවොත් කාලිංග මාඝ අපේ රට අල්ලගෙන හිටිය කාලේ එතෙක් අපි සැමරුව නව වසර වූ වෙසක් මංගල්‍යය වෙනුවට අප්‍රේල් වල තියන සූර්‍යමංගල්‍යය අපේ සංස්කෘතියට එක්වුණා. දැන් කියන්න එපා ප්‍රාග් ඓතිහාසික යුගයේ අපේ රටේ මිනිස්සු සූර්‍යවන්දනාව කලා. අන්න එහෙමයි මේක ආවෙ කියලා. අනේ ඉතින් ඒ යුගයේ අපේ රටෙ මිනිස්සු බෞද්ධවෙලා හිටියෙත් නැහැ නේ. අනික ගස් ගල් ස්වභාවික වස්තූන්ට මිනිස්සු වන්දනා කරන්නේ ඇයි කියල බුදුරජාණන් වහන්සේ දේශනාකරල තියනවනේ. හරි හෝ වැරදි හෝ ඉන්දියානු සංස්කෘතිකාංග අපි අතර තියනවා. ඒත් එම අංග අපේ සංස්කෘතියත් එක්ක එකට එකතුවීම අමාරුදෙයක් උනේ නැහැ. මොකද අපේ සහ ඔවුන් ගේ සංස්කෘතීන් වල තිබෙන සමානකම් නිසා. ඒ වගේම මම ඒක වැරදි කියල කියන්නෙත් නැහැ.

    ඔන්න ඔය සංස්කෘතිය ගැන කතා කලොත් ලංකාවේ ඉස්සරකාලෙ සමලිංගිකත්‍වය තිබුණද නැද්ද කියන්න තවම සාධක ලැබිලා නැහැ මම හිතන්නේ. බුදුදහමෙත් සමලිංගිකත්වයට විරුද්ධව කිසිම අදහසක් ප්‍රකාශවෙලා නැහැ (ඒ වෙනුවෙන් මම වෙනම ලිපියක් දාල ඇති). නමුත් විනය පිටකයෙදී භික්‍ෂූන් වහන්සේලාට එවැනි ක්‍රියා තහනම් කරලා තියනවලු. ඉතින් භික්‍ෂූන්වහන්සේලාට ස්ත්‍රීන් සමඟ ලිංගිකව හැසිරීමත් තහනම් නේ. ඒත් බයිබලයේ සහ කුරාණයේ නම් සමලිංගික ක්‍රියා තහනම් කරල තියෙනවලු.

    ඉතින් ඔන්න අපේ රට අන්තිමට සුද්දෝ අල්ල ගත්තා. උන් එද්දී අපේ සමහර පැලැන්තිවල ගැහැණු ඉණෙන් ඉහලට ඇඳුම් ඇන්දේ නැහැ. සුද්දියොත් දැන් බාගෙට ඇන්දට ඒකාලෙ හොඳට වැහෙන්න ඇඳුම් ඇන්දා. සුද්දා දැම්මා අපේ ගැහැණුන්ටත් නීතියක් ඇඟ වැහෙන්න ඇඳුම් අඳින්න කියලා. ඔන්න ඔහොම එයාලගේ නිරීක්‍ෂණ එක්ක​, එයාලගෙ සංස්කෘතිකාංග එක්ක අපිටත් නීති රීති ආවා. ඔය නීතිත් එක්කම අපේ සංස්කෘතිය බටහිර සංස්කෘතිය එක්ක දෙමුහුම් වෙන්න පටන් ගත්තා. ඒකට තව උදාහරණයක් දෙන්නම්කෝ. ඉස්සර අපේ රටේ පිරිමි කොණ්ඩේ වවලා කරාබු දාලනේ හිටියේ. මට මතකයි අපේ සීයා කෙනෙක්ටත් දිග කොණ්ඩයක් තිබුණා. සුද්දා කොණ්ඩේ කොටට කපලා, කරාබු නැතුව​, කලිසම් කමිස ඇඳලා හිටියා. ඉතින් දැන් අපේ කොල්ලෙක් කොණ්ඩේ වවලා, කරාබු දාල හිටියොත් අපි ඌට කාඩයෙක් වගේ කියනවා. එතකොට කොණ්ඩේ කොටට කපලා, කලිසම් කමිස ඇඳලා ඉන්න එකා ඩීසන්ට් බෝයි. මෙන්න මේ විදියට වික්ටෝරියානු සංස්කෘතිකාංග අපේ සමාජයේ මුල්
    බැස ගත්තා. හැමදේටම බටහිරින් එන දීන ගති කිව්වට අපි එහෙම නැහැ කියල හිතාගෙන ඉන්න දේවල් බොහොමයකුත් එහෙන් ආව දේවල් තමයි කියල අද අපේ අය දන්නේ නැහැ.

    ඔන්න ඔය විදියට 1883 දී අපේ නීතිපොතට එකතුවුනා

    ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් පුද්ගලයෙකු සමඟ තදබල අශෝබන ක්‍රියාවක් කරන හෝ එබඳු ක්‍රියාවකට පාර්ශවකරුවෙකුවන හෝ එබඳු ක්‍රියාවක් යම් පුරුෂයෙකු ලවා කරවන හෝ කරවීමට තැත්කරන පුරුෂයෙකු වරදකට වරදකරුවෙකු වියයුතුය​. ඔහුට අවුරුදු දෙක දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කලයුතුය​. එසේම කසපහර දීමකින් දඬුවම් කරනු ලැබීමටද ඔහු යටත් විය යුතුය"
    ඇයි මේක පිරිමින්ට විතරක්? ඇතුළුකිරීම සඳහා අවයවයක් නැති නිසා ස්ත්‍රී සමලිංගිකත්වයක් තියෙන්න පුළුවන් කියල සුද්ද විශ්වාස කලේ නැහැල්ලු. නමුත් දැන් ලංකාවෙ ස්ත්‍රී සමලිංගිකත්වයට විරුද්ධවත් නීති තියනවා. එතකොට මේ නීතිය එද්දී ලංකාවේ සමලිංගිකත්වය තිබුණෙම නැද්ද​? මම කලින් ගහැණුන් අඳින විදිය සම්බන්ධව උදාහරණයක් දුන්නා. දැන් පොඩි කථාවක් කියන්නම්.

    ඔන්න ඝන වනාන්තරයක් මැද්දේ කිසිම දාක වෙනත් මිනිස් කොටසකගේ ආශ්‍රයක් ලැබිල නැති ගෝත්‍රයක් ඉන්නවා. කාලෙකදී වෙන මිනිස් කණ්ඩායමක් ඇවිත් මේ ගෝත්‍රය අල්ල ගන්නවා. අල්ලගෙන පාලනය කරනවා. ඉතින් ඒ අල්ලගත්තු උදවිය එයාලටම නීති දාගන්නේ නැහැ නේ. අර ගෝත්‍රයට තමයි නීති දාන්නේ. ඔන්න නීතියක් දානවා "රොකට් සැදීම සපුරා තහනම්" කියලා. මේකුන් රොකට් තියා බකට් වත් දන්නේ නැති ගෝත්‍රයක්. ඔන්න දැන් කට්ටිය හොයනවා, "රොකට් කියන්නේ කන දෙයක්ද​? බීමක්ද​? සතෙක්ද​? කව්ද බන් මේ රොකට් කියන ඩයල් එක​? ඇයි ඒක හදන්න තහනම්? " අන්න ඒ වගේ දේවල්. එතකොට එහෙම ගෝත්‍රයට එහෙම නීතියක් දාන්න අර පාලකයින්ට ආතල් එකක් නැතුව ඇති නේද​? ඒ නිසා මට නම් හිතෙන්නේ සුද්දා 365අ ගෙනාවෙත් අපේ රටේ නොතිබුණ දේකට නෙවි තිබුණු දේකටමයි කියලා.

    ReplyDelete
  46. අද අපි ගොඩාක් අයට අපේ සංස්කෘතිය වෙනස්වුණ විදිය ගැන කිසිම හැඟීමක් නැහැ. අපි හිතාගෙන ඉන්නව 2500ක මහඟු අතීතයේ අපේ ධීර වීර මුතුන්මිත්තන් ගෙන් ආව සංස්කෘතික ලක්‍ෂණ තමයි තවමත් අපි ගාව තියෙන්නේ කියලා. අපේ බෞද්ධ සාරධර්ම වලට අනුව සමලිංගිකත්වය වැරදි දෙයක් කියලා. ඒත් බෞද්ධ සාරධර්ම පද්ධතියක් ඇතිකල ධර්මය තුළ නම් එහෙම කිසිම දෙයක් සඳහන් වෙලත් නැතුව​, කොහොමද මෙහෙම ලක්‍ෂණ අපේ සංස්කෘතියට එකතුවුණේ? ගම්පොල​, මහනුවර යුග වලදී හින්දු දේවාල​, නක්‍ෂත්‍ර​, ජ්‍යෝතිෂ්‍ය කටයුතු පන්සල් වලට එකතුවුණා වගේද​? නැහැ. එහෙම වෙන්න බැහැ. මොකද හින්දු දර්ශනය තුලත් සමලිංගිකත්වයට තහංචි නැහැ.
    එතකොට ?
    අද අපේ උදවිය සමලිංගිකත්වය බටහිරුන් විසින් අපේ රටවල් විනාශකරන්න බලෙන් ඔබ්බවන දෙයක් කියල බෙරිහන් දෙනවා. නමුත් ඔවුන් දන්නෙ නැහැ බටහිරුන් තමයි ඒකට විරුද්ධවුනේ කියල.බටහිරුන් තමයි ඊට විරුද්ධව නීති දැම්මේ. ඉන්දියාව, චීනය වගේ අතීත ශිෂ්ටාචාරවල සමලිංගිකත්වය පැවතුණ බවට ඇති තරම් සාධක තියනවා. ලෝකේ සමලිංගිකත්වය පිලිබඳ පලමු මූලාශ්‍රය ලැබෙන්නේ අප්‍රිකා මහාද්වීපයෙන්. නමුත් වික්ටෝරියානු සංස්කෘතිකංග ඔඩුදුවපු අපේ සමාජය ඒ වගේ දේවල් ගැන විවෘතව හිතන්න ලෑස්ති නැහැ.නමුත් සමලිංගිකයන් සමලිංගික වන්නේ තෝරාගැනීමකින් නොවන බව දැන් ලෝකෙ පිලිගන්න දෙයක්. එක විෂමලිංගිකයන් විෂමලිංගික වන්නේ තෝරාගැනීමකින් නොවෙනවා වගේ. සමලිංගිකත්‍වය පාලනය වන්නේ අපිජනක ක්‍රියාවලියකින් බවත්, ඔවුන් ඉපදෙන අවස්තාවේදීම එය තීරණය වී ඇතිබවත් දැන් සොයාගෙන තිබෙනවා

    ReplyDelete
    Replies
    1. ඔය සමලිංගිකත්වය සතුන් අතර පවා ඇතැම්විට දක්නට ලැබෙන චර්යාවක් වදුරන්ගේ චර්යාවන් ගැන පර්යේෂණ කරන මගේ මිතුරෙක් ඒ ගැන පැහැදිලිවම නිරීක්ෂණය කරලා වාර්තා කරලත් තියෙනවා ඒ වගේම ස්වයං වින්දනය පවා පොදු චර්යාවක් මේක ආගම නීතිය සංස්කෘතිය කියල සීමා කරන්න බැහැ හුදෙක් චර්යාවක් පමණයි.සැබෑවටම පවතින යතාර්ථයක්. නීතිය සංස්කෘතිය කියන්නේ මහාසම්මතය ඒක කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන් වැරදිලාවත් සමලිංගිකත්වය මහාසම්මතය උනොත් ඒත් තත්වය ඕකමයි...

      Delete
  47. මෙම සංවාදය කාලො'චිතයි. මෙය මානසික රො'ග තත'වයක' නොවන බව පිලිගනිමි. උපතින'ම මොලයෙ' ජනිත වන ජාන රසායනික ක්‍රියාවලියක' මත සමලිංගිකයන' හො' විරැද'ධ ලිංගිකයන' වෙත නැඹුරැවන බව විද'යානුකුලව සොයා ගෙන ඇත. මෙ පිලබද තොරතුරැ ඈත ඉතිහාසය දක'වා දිවයයි: උදා.- ජුලියස' සිසර' / සර' අයිසකෙ' නිවුටටන'.
    ඹවුන'ගෙ' අවශ'යතාවයන'ට හා කැමැත'තට ඉඩදිම ප්‍රශ'ණයක' නැත. ගැටලුව මතුවන'නෙ' නිත'යානුකුල විවාහ අයිතිය දිම මතය. එනමි නිත'යානුකුල විවාහක දදෙනෙකුට, දරැවන' නොමැතිනමි, වෙනෙත' දරැවෙකු තම භාරයට ගෙන හදාගත හැක. එකම ලිංගික දෙදෙනෙකු එලෙස දරැවකු ගතහොත' එම දරැවාට මව හා පියා වෙනුවට සිටින'නෙ' පියවරැ දදෙනකෙ' හො' මවුවරැ දෙදෙනෙක' පමණි. (බටහිර රටවල මෙය සිදුවෙමින' පවතියි) එවිට හැදනෙ එවිට හැදනෙ දරැවාගෙ' තත'වය, මානසික තත'වය හා පෙෳරැෂය කෙබඳු වේද ? දරැවාගෙ' තත'වය, මානසික තත'වය හා පෙෳරැෂය කෙබඳු වේද ?

    මා කියවු මෙම බිලොගයෙ' " නෙතුපුල' - සැප'තැමිබර' 2,@ 8.47 එ'. එමි." දැක'වු අදහස' හරවත'ය,
    Chat Conversation End

    Camera

    ReplyDelete
  48. මතකද පාසල් කාලයේ ? පිල් දෙකකට බෙදිලා දෙයක් ගැන තර්ක කරපු හැටි ?

    අපේ හිතට දෙයක් හරිය කියල හිතුනොත් ඒක සාදාරනියකරණය කරන්න ඕනේ තරම් හේතු හොයාගන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තටත් එහෙමමයි..

    ඕකට කියන්නේ මිත්‍යාදෘෂ්ටිය කියල...

    මත්ද්‍රව්‍ය පාවිච්චියයි මිත්‍යාදෘෂ්ටියයි එක සමාන අකුසල් වැඩෙන ක්‍රියා...

    ReplyDelete
  49. sattakinma mama sama lingikayek. mama podi dawas wala idan kollanta asa kala. namut mama hithuwe mata ledak kiyala. mama hitala mage e hagim natikaragatta. mama kellek ekkat yalu una. e mata one handa neme samajayata mama kolukarayek neme kiyala oppu karanna. et mama hitiye mahat pidanayakin. mata kisima danimak, asawak , sathutak tibune naha e kella ekka indaddi. mehema tika dawasak yanakota e kellatat epa una. mama ahuwe naha kellagen ay mawa dala giye kiyalawat. mokada mama godak sathutu una. et mama mage hagim palanaya karan wena aya wage hasiruna. ape gedarata intanet genawa. mama mulinma face book ekak haduwa. mata eke mulma add una kenage wall eke tibuna "mama kollo gahamma kamati, ................................................................................... fun ekak ganna kamati aya mawa add karanna kiyala." jiwithe metek kalayak hangan hiti dewal tawat hangan inna bari una. mama add kala. eya mata hama dema akurak nara kiya dunna. et mama kawadawat tawama eyawa dakalawat naha. e fb eka fack ekak. antimata mage e fb ekat fack ekak bawata path una. etana tama mage gay life eke patan ganma. mama passe intanet eken hama deyakma hoyagatta. mam danagatta mama rogiyek neme kiyala. mama mage hithata ekagawa wada karanna gatta. mama adare hoyan giya. samahara aya magen prayojana aragena mawa ayik kalla damma. mama duk winda ewain. et mama tawamat sathya samalingika saha karuwek hoyanawa. mama dannawa mata eka kawada hari labey. DAN MAMA SAMALINGIKA UNE KOHOMADA? AY EHEMA UNE KIYALA MAMA DANNE NAHA. EKA NATIKARANNE KOHOMADA KIYALAT DANNE NAHA. MAMA DUK WIDIYANAWA MAGE SOBAWAYA NISA. E KIYALA MATA SIYADIWI NASAGANNAT BAHA. OYALA KIYANNA MATA MOKADA KARANNA ONE KIYALA. MAMA OYA UNANAM MOKADA KARANNE? OYALA MATA MOKADDA KARANNE? MAMA OYALAGE ASAL WASIYEK UNANAM OYALA MATA MONADA KARANNE? MAMA OYAGE LEYIN UPANNA DARUWEK NAM OYA MATA MOKADDA KARANNE? MAMA WARADI KARAYEKDA? MATA ME HAMA DEYAKATAMA AWANKAWA UTTARA DENNA PULUWANDA?

    ReplyDelete
  50. සමලිංගිකත්වය යනු කුමක්ද? එක සමාන ලිංගිකත්වය ඇති දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්දකම සරලව සමලිංගිකත්වය කියල නිර්වචනය කරන්න පුළුවන්.අපිට මුල ඉදන්ම මේ සමාජේ සංස්කෘතිය විසින් කියල තියන මේක හරි , මේක වැරදි කියන ඉගැන්වීමේ වැරදි කියන තැනට සමලිංගිකත්වය අයිති වෙනවා. අපි ආකර්ෂණය විය යුත්තේ විරුද්ද ලිංගිකයන්ට පමණයි කියන හැදෑරීම අපේ සංස්කෘතිය විසින් අපේ ඔලු වලට කාවද්දනවා. සමලිංගිකත්වය දණ්ඩ නීති සංග්‍රය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සටහන් වෙන අතර සමලිංගික විවාහ නීතියෙන් තහනම් කරනු ලබනවා. කොල්ලෝ ගැසීම,ආප්ප ගැසීම යන නම් වලින් සමලිංගිකත්වය සමාජයේ නිර්වචනය වෙද්දී පොන්නයන් සහ කොලු ගැණු එහෙමත් නැත්තන් ආප්ප කැලි නමින් සමලිංගිකයන් නිර්වචනය කරන්නට විය .gay සහ lesbian යන නමින් හදුන්වන එම සමාන ලිංගිකයින් විෂම ලිංගිකයින්ගෙන් වෙනස් කර සමාජය විසින් හදුන්වයි. මම කතා කරන්නේ ලංකාවේ සමාජය සහ එම සමාජයේ සමලිංගික කියවීම පිලිබදවයි.

    සමලිංගික යන වචනේ අහපු ගමන් ලංකාවේ බහුතරයකගේ ඔළුවල මැවෙන්නේ සමලිංගිකයින්ගෙන් ලිංගික ක්‍රියාවලියයි. තේරෙන බාසාවෙන් කිව්වොත් බොහොමයක් පිරිමි කුතුහලයට පත්වන්නේ ආප්ප ගහන්නේ කොහොමද ?කොල්ලෝ ගහන එක ආතල්ද යනුවෙනි .. සමලිංගික සම්බන්දකම් බිහි වන්නේ හුදෙක්ම ලිංගිකත්වය මතය සහ එය අසාමාන්‍ය , ජුගුස්පාජනක යැයි සමාජයේ බහුතරය මගින් තීරණය කර හමාරය. මිනිස්සු විවිධාකාර බව සහ රුචි අරුචි කම් වෙනස් ය යන සාමාන්‍ය , නොතේරෙන උන්ට මානව හිමිකම් සහ අයිවාසිකම් ගැන ඇති දැනුම ගැන කිව යුතු නොවේ

    සමලිංගික භීතිකාව(homofobia) ඇති වෙන්නේ මේ අතරය .මිනිසුන්ගේ එක් එක් මොඩල් නිර්මාණය වී ඇති ආකාරය මත ඔවුන් සමාජය සහ සම්බන්දකම් දකින කෝණය වෙනස් වේ. ආදරය කිරීමට ඇති නිදහස යටතේ තමන් ආදරය කිරීමට තෝර ගත යුතු කෙනාගේ ස්ත්‍රී පුරුෂ බාවය ගැන සදහන් වන්නේ නැත . නමුත් සමාජය විසින් සංස්කෘතික සීමාවන්ට යටත්ව විෂම ලිංගිකයින්ට පමණක් අප ආකර්ෂණය විය යුතුය යන්න සම්මතය කර ඇත .මේ සම්මතය කඩාගෙන ආදරය කරන්නන් සමාජ විරෝදීන් වන අතරම මානසික ලෙඩුන් බවටද නිර්වචනය කරයි.

    සමලිංගිකයන් යනු මානසික ලෙඩුන් හා සමාජය විනාශ කරනා මාෆියාවක් ලෙස හංවඩු ගසා ඇත. එම මිනිසුන්ව සමාජයට පෙන්නේන්නේ ඔවුන්ගේ ලිංගික බාවය මතය. ඉතාමත් නිර්දය ලෙස මිනිසුන්ගේ ලිංගිකත්වයට සීමා පනවන කුහකයන්ගේ මාෆියාව තදින් පැතිරී හමාරය . පොන්නයන් යැයි අපහාසාත්මකව හදුන්වන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්/ සමලිංගික පිරිමින්ගෙන් හොර රහසේ ආතල් ගන්නා මෙම කුහක රැල එළිපිට ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරයි. ලංකාවේ media විසින් ගොයියන්ට මැජික් මෙන් සමලිංගික සම්බන්දකම් ගැන ගවේෂණය කර ඔවුන් මානසික අසහනකාරීන් ලෙස ලේබල් කරමින් ලිපි පල කරනා අතර sex මැජික් වන අසහනකාරීන්ට එම ලිපි ආතල් එකක් වෙයි. රෙද්ද ගලවා සමලිංගික ගැහැණු ලිංගිකව හැසිරෙන නිල් චිත්‍රපට බලා ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි රෙද්ද ඇදගෙන එලියට පැමිණ ආප්ප ගසන ගැණු යැයි කියමින් ඉතාමත් නිර්දය ලෙස සමාන ලිංගිකයින් විවේචනය කරයි. කුහකයන්ගේ සහ බඩු කාරයින්ගේ නීති සහ තහනම් කීරීම් වලින් කප්පාදු වෙන ජීවිත බොහෝය .සමලිංගික සම්බන්දකම් අසුවී සිය දිවි නසා ගත් ප්‍රමාණය ඉහලය. සමාජයේ ගල් පහරට බය වී සැගවී ජිවත් වෙන සමානයන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වේ. මීනිමරුවන් , සමුල ඝඃතකයින්. බඩුකාරයින් රට පාලනය කරද්දී සමලිංගිකයින් රටේ අපරාධකරුවන් , මිනීමරුවන් ,සමාජ විරෝධීන් වී ඇත.

    ගැනුන්ගේ ආප්ප ගැසීම සියසින් විද ගැනීමට සහ ගැහැණු දෙදෙනෙක් සමග එකවර සැප ගැනීමට නොවිසිලිමත් ආසාවකින් පෙලෙන එමෙන්ම කොල්ලන්ට කියා ආතල් ගැනීමට පුරුදු වී සිටින සමාජයේ එළිපිට රෙද්දෙන් තමාගේ යකා වහගෙන සිටින කුහකයින්ට සම්බන්දකම් සහ මිනිසුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීමට ඉඩ දිය නොහැක. සීමා වැට බැදිය නොහැක. කතා කිරීමේ නිදහස කප්පාදු කර ඇත. නැරබීමේ නිදහස කප්පාදු කර ඇත. ලිවීමේ නිදහස කප්පාදු කර ඇත . නිදහස යන වචනයම කප්පාදු කර ඇත . මිනිස්සුන්ගේ ආදරය කිරීමත් ලිංගික බාවයත් කප්පාදු කර ඇත . ආදරය කරන්නේ ස්ත්‍රියක් සහ පිරිමියක් පමණි. ස්ත්‍රියන් දෙදෙනෙකු ආදරය කිරීම අසම්මතයයි. පිරිමින් දෙදෙනෙකු ආදරය කිරීම පොන්න කමයි. සමලිංගිකයින් පොන්නයින් වෙද්දී කුහකයින් සම්මතය රකින රෙදි අදින උන් බවට පත් වෙයි.

    හෝමෝෆෝබිය යනු සමලින්ගිකයින්ට දක්වන අසාමාන්‍ය වෛරය හා බීතියයි. විවේචනය කිරීමේ අයිතිය හා පන්න පන්නා පහර දීම අතර ඇත්තේ ලොකු වෙනසකි. අකමැත්ත හා කැමැත්ත සැගවීම අතර ඇත්තේ සෑහෙන්න වෙනසකි. හොරෙන් විදීම සහ ප්‍රසිද්දියේ ඒවා වාරණය කිරීම තුල ඇත්තේ කුහක කමකි.

    https://www.facebook.com/pages/Sri-Lanka-Gay-Community/222551524610833

    ReplyDelete
  51. සමලිංගිකත්වය කියන්නේ ජානගත දෙයක් නෙවෙයි, ඒක මානසික ලෙඩක්. මේක ඕන තරම් මනෝවෛද්‍යය වරුන් හොද කරනවා. බටහිර උන් නිසයි මේක මෙච්චරටම ප්‍රෝමෝට් වෙන්නේ උන්ගේ රටවල ජනගහණය පාලනය කරන්නයි, නැතුව වෙන දෙයක් නිසා නෙවෙයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.