Sunday 11 September 2011

ජෝ අබේවික්‍රම ගේ සරම එක්ක නෝ ජෝක්ස්, හරිය? - No jokes with Joe's Sarong!


කතන්දර බ්ලොග් එක ඉස්සරහට ගෙනියනවද, නවත්තල දානවද කියන උභතෝකොටිකය එක ගැන පොඩි ආත්ම නිරීක්‍ෂණ විශ්ලේෂණයක් කරලා, දවස් දෙකකට පස්සේ ඒ තීරණය අතහැරිය බව මං බ්ලොග් එකේ දැම්මේ ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදරක ගිය හැටි ගැන ලියවුණු කතාවක් එක්කයි.

ෆ්‍රෙඩී සිල්වා නළුවා ගැන ඒ කතන්දරේ ලියන වෙලාවේ දී මගේ චිත්ත සන්තානයේ ජෝ අබේවික්‍රම කියන නළුවාත් දෘශ්‍යමාන වුනා.

ඒකට හේතු කීපයක්ම තිබුණා.

එයින් පළමුවැන්න තමයි සරසවිය සිනමා පත්තරේ.

ඒ ලෙවල්ස් කරල කැම්පස් යනකං ගත කරපු ගන්ධබ්බ කාලේ මං ප්‍රාදේශීය සභා පුස්තකාලේ තිබුණු හැම පොතක් ම, හැම පත්තරයක් ම වාගේ කියෙව්වා.

ෆ්‍රෙඩී සිල්වා ගැන මං එදා ලියපු සමහර දේවල් මං ඉස්සෙල්ලාම කියවුයේ ඒ කාලේ සරසවිය පත්තරවල තිබිලයි. ඒ කාලේ සරසවියේ ජෝ අබේවික්‍රම ගැනත් නොයෙකුත් විස්තර සහිත ලිපි ගියා.

ඒ එක්කම, ප්‍රෙඩී සිල්වා වගේම ජෝ අබේවික්‍රමත් මුලින් ම නළුකම පටන් අරන් තියෙන්නේ විකට නළුවෙක්, එහෙම නැත්තං ජෝකර් කෙනෙක්, හැටියටයි. පස්සෙන් පහු තමයි පොර හොඳ සාරගර්භ, භාවපූර්ණ චරිතවලට පණ පොවන්න පටන් අරන් තියෙන්නේ.

මං මුලින් කියපු කාලේ සරසවිය පත්තරේ එක සතියක කියලා තිබුණා ජෝ අබේවික්‍රමගෙන් අහන්න ඕනෑ ප්‍රශ්ණ හෝ කියන්න තියෙන දෙයක් ලියලා එවන්නය කියලා. ඒ ස්පෙෂල් සප්ලිමන්ට් එකට මං ලියල යවපු අදහස මේකයි.

        "ජෝ, මා ඔබේ විශිෂ්ඨම රංගන දැක ඇත්තේ ඔබ රඟපෑ සරම ඇඳි චරිත තුලිනි. ඔබ කලිසම ඇඳගෙන රඟ පෑ මා දැක ඇති සියළු චරිත ගුජුප්සාජනක විකට චරිත විය. කරුණාකර මින් පසු සරොම් අඳින චරිත විතරක් රඟපාන්න!"        

සමහරවිට මංතුමා හැර වෙන මෙලෝ සතෙක් ජෝ අබේවික්‍රම ගැන තියා කිසිම නළුවෙක් ගැන ඔය වගේ ගාම්භීර විශ්ලේෂණයක් ඊට කලින් කරල තියෙන්න නැතුව ඇති.

නැත්තං මේක කියවපු සරසවිය උපකතෘ ට තේරෙන්න ඇති මගේ පොයින්ට් එක කොච්චරක් නම් තර්කාන්විත, තත්කාලීන, සප්‍රමාණ එකක් ද කියලා.

ඒ කොහොම වුණත්, එදා මං ලියපු ඒ ලියුං කෑල්ල, නියමිත දිනයේ සරසවිය පත්තරේ පළවුණා.

දැන් අපි බලමු ජෝ අබේවික්‍රම චිත්‍රපටිවල රඟපාලා තියෙන සරොං ඇඳපු විශිෂ්ඨ චරිත.

1. නිහාල්සිංහ ගේ වැලිකතර චිත්‍රපටියේ ගෝරිං මුදලාලි
2. මහගම සේකර ගේ තුංමං හන්දිය චිත්‍රපටියේ මාමා
3. ලෙස්ටර් ගේ දෑස නිසා චිත්‍රපටියේ නිරුදක
4. ලෙස්ටර් පීරිස් ගේ බද්දේගම චිත්‍රපටියේ සිළිඳු
5. ධර්මසේන පතිරාජ ගේ බඹරු ඇවිත් චිත්‍රපටියේ ඇන්ටන්
6. ධර්මසිරි ගමගේ ගේ පූජා චිත්‍රපටියේ ජේමිස් (අළුගෝසුවා)
7. සුනිල් ආරියරත්න ගේ සිරිබෝ අයියා හි සිරිබෝ අයියා
8. නිහාල්සිංහ ගේ මල්දෙනියේ සිමියොන්
9. බෙනට් රත්නායක ගේ අස්වැසුම චිත්‍රපටියේ ගුණේරිස්
10.ප්‍රසන්න විතානගේ ගේ පුර හඳ කළුවර චිත්‍රපටියේ වන්නිහාමි (තාත්තා)

මගේ විතර්කයෙන් පිට පනින්නේ මං හිතන විදියට මළට නොඑන බඹරු සහ පුංචි බබා චිත්‍රපටි දෙක විතරයි. ඒකේ දෙකේම ජෝ අබේවික්‍රම රඟපෑවේ කලිසම් අඳින නමුත් විශිෂ්ඨ රඟපෑම් සහිත චරිතයි මට මතක හැටියට.

අනිත් අතට බැලුවාම, ජෝ අබේවික්‍රම කලිසම් ඇඳගෙන රඟපාපු සෙසු චරිත මං හිතන්නේ සේරම නිකං සරල ජෝකර් චරිත. මෙන්න උදාහරණ කීපයක් (තව තියනවා ගොඩක්).

අල්ලපු ගෙදර
හතර දෙනාම සූරයෝ
හරි පුදුමයි

මේ කතන්දරේ අනිත් ට්විස්ට් එක මෙන්න මේකයි. අපි සහමුලින්ම විකට නළුවෙක් විදියට දන්නා ෆ්‍රෙඩී සිල්වා කියලා තිබුණා පොර රඟ පෑ චරිත වලින් වඩාත් කැමති චරිතය ළසඳා කියන චිත්‍රපටියේ රඟපෑ චරිතය ය කියලා.

මේ කියන චිත්‍රපටිය දැකල තියෙන අයට මතක ඇති, ඒකේ ෆ්‍රෙඩී සිල්වා රඟ පාන්නේ සරමක් ඇඳන්.

සරොං එක්ක නෝ ජෝක්ස් කියන්නේ ඒකයිනේ!

මං ජෝ අබේවික්‍රමට ලියල යවපු උපදේශය ෆ්‍රෙඩී සිල්වට දෙන්න බැරිවුණු එකයි මට තියෙන දුක!

හොඳ නළුවෙක් වෙන්න අත හිත දීම විතරක් නෙමේ, දුප්පත් සරොං කඩමාල්ලේ තවත් විවිධ ප්‍රයොජන තියෙන බව අමතක කරන්න එපා.

-කතන්දරකාරයා

ප/ලි:
ජෝ අබේවික්‍රම ලියපු එකම නවකතාව මහ බඹාට මූණු දෙකයි මං කියවල තියෙනවා කාලෙකට ඉස්සර. මරු කතාව. පුළුවන් නම් පොත හොයාගෙන කියවන්න.

ප/ප/ලි:
ජෝ අබේවික්‍රම ගැන කියවෙන කොට සාරගර්භ, භාවපූර්ණ, ප්‍රවීන, සම්මානලාභී, වයෝවෘද්ධ වගේ වචනත් එක්කම වෘක්‍ෂනාශක වගේ වචනත් කියවෙනවා.

ඒව නං අනේ බොරු වෙන්නැති නේද?

(image: http://kathika.lk/)

54 comments:

  1. ජෝගේ විශිෂ්ට විකට රංගනයක් කොළඹ සන්නියේ දැක ගන්න පුළුවන්. ජෝගේ ගම කළුවා ආපු ගමට අල්ලපු ගම.

    ReplyDelete
  2. ඒකනේ මමත් ගෙදරට සරම අඳින්නේ.

    ඉස්සර පන්සල් යන්නෙත් සරම ඇඳගෙන [සිංහල තලේබාන්ලා නිසා සුදු සරම් ඇඳගෙන නෙමෙයි, බතික් සරම් ඇඳගෙන] දැන් ඉතින් අහුවුණු එකක් දාගෙන යනවා :))

    ReplyDelete
  3. @ Hasitha
    එහෙනම් හසිතත් ගෙදරදී, ගමේ දී හොද විශිෂ්ඨ රඟපෑම් කරනවා වගේ.

    "දළුගම පැත්තේ" කරන්නේ ජෝකර් චරිතයක් ද?

    ReplyDelete
  4. සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ ජෝ රඟපෑවෙ සරම ඇඳලද කලිසම ඇඳලද..??

    ReplyDelete
  5. දළුගම පැත්තේ කරන්නේ මධ්‍යස්ථ රංගනයක්.

    මොකද ඒ පැත්තේ සරම් ඇඳගෙන හුඟාක් හොඳට විශිෂ්ඨ රංගනයක් කරන දෙන්නෙක් ඉන්නවානේ. එක්කෙනෙක් අපේ කැම්පස් එකේමයි, අනික් එක්කෙනා ගැන ඉදින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දන්නවානේ :))

    ReplyDelete
  6. අර වෘක්‍ෂනාශක කතාව නම් ටියුබ් ලයිට්

    ReplyDelete
  7. @ Buratheno
    සොල්දාදු උන්නැගේ මං දැකලා නෑ.

    මං හිතන්නේ පරණ කලිසමක් ඇඳන් තමයි හිටියේ ඒ චරිතය.

    ReplyDelete
  8. @ Hasitha
    මං වැඩියෙන් දන්නේ පලමුවෙනි පුද්ගලයාවයි.

    දෙවැන්නාව ඇහැටවත් දැකලා නැහැ, ටෙලිවිෂන් එකෙන් හැර.

    ReplyDelete
  9. @ ChammA
    ජෝ කාලයක් දැව සංස්ථාවේ ක්‍රියාකාරී අධක්‍ෂක ලෙස දේශපාලනය කළා! ඉතිරි හරිය ගැන මට මූලාශ්‍ර නෑ.

    ReplyDelete
  10. දෑස නිසා, පූජා, පුරහඳ කඵවර විතරනෙ බලන්නෙ තියෙන්නෙ අර ලිස්ට් එකෙන්. කැළෑ පාඵ වැඩේ කලත් නොකලත් ජෝගෙ රඟපෑම්නම් ඉතින් නොම්මර එකයි තමයි.

    ReplyDelete
  11. @ Outsider
    ඒකනේ කියන්නේ. ඔය රඟපෑම එන්නේ තනිකරම සරමෙන්.

    ReplyDelete
  12. මොනව උනත් අල්ලපු ගෙදර චිත්‍රපටය රූපවාහිනියෙන් බලලා බඩ අල්ලන් හිනා වුණා.දැන් තියෙන විකට යයි කියන චිත්‍රපට වලට වඩා අල්ලපු ගෙදර ගව්ගානක් ඉදිරියෙන් ඉන්නවා.

    ReplyDelete
  13. සරම එක්ක සෙල්ලං නෑ කියලා මාත් මතක තියාගන්නම්...

    ReplyDelete
  14. පුරහද කලුවර හා තුංමං හන්දිය නම් මං ගොඩක් ආසා කරන චිත්‍රපටි දෙකක්! ඇත්තටම ඒ දෙකේම ජෝගෙ රගපෑම විශිෂ්ටයි! ඒත් මං නම් හිතන්නේ නෑ කතන්දර කියපු නිසාම ජෝ මහත්මයා සරම් අදින චරිත වලට මාරු උනාය කියලා! හික් හික්!

    ReplyDelete
  15. 'සාරවිට' කියන චිත්‍රපටියේ ජෝ අබේවික්‍රම රඟ පෑවද? දැන් එයා ගැන විස්තර මුකුත් දන්නවද?

    එයාගේ රඟපෑම් නම් සම්මානනීයයි තමා.

    ReplyDelete
  16. @පො.කු

    ඔව් සාරවිට චිත්‍රපටියේ ඔහු රඟපෑවා. තවත් විශිශ්ඨ රංගනයක් තමා ජෝගේ විල්සන් අය්යාගේ චරිතය එක්ටැම්ගේ චිට්‍රපටියේ. මම ආසම චරිතයක් මාලිනිය සමග. ඔයා බැලුවේ නැත්නම් බලන්න හරි ලස්සන චිත්‍රපටියක්..

    ReplyDelete
  17. @ ඉඳුනිල්
    ජෝ ගේ ගම ලේල්ලුපිටිය වගේ තමයි මට මතක. මහ බඹාට මූණු දෙකයි පොතේ විස්තර තියෙනවා.

    ReplyDelete
  18. @ ජය ශ්‍රී
    මං හිතන්නේ අල්ලපු ගෙදර දෙමල එකක කොපියක් - අකුරෙන් අකුර.

    ReplyDelete
  19. @ මාධව - மாதவ - Madhawa
    අන්න බලන්න ඔයා මගේ ජොලිය කෑවානේ.
    කමක් නෑ!

    ReplyDelete
  20. @ Podi Kumarihami
    ජෝ මං හිතන්නේ 1933 ඉපදිලා තියෙන්නේ, විකිපීඩියා බලන්න.

    දැන් ඇස් පෙනීම දුර්වලයි.

    ලඟදී දැත ශක්තිමත් කරන ෆොටෝ එකක් දැක්කා!

    ReplyDelete
  21. @ ගිම්හානී
    එක්ටැම් ගේ ත් මං දැක නැති එකක්
    සිකුරු ලියාත් ඒ වගේ චරිතයක් ද මන්දා?

    ReplyDelete
  22. ජෝ මහත්තයගේ ගම් ලෙල්ලුපිටිය තමයි , මාරපන (කලුවා ගිය ගම ) කියන්නෙ අල්ලපු ගමම නොවෙනවා නම් ඉතාම ආසන්නයි

    ජෝ මහත්තය තිර රචනය කරපු සකිසඳ එලියස් සහ සබඳ පබිලිස් නාට්‍ය දෙකටත් මම සැහෙන්න කැමතියි . සකිසඳ එලියස් එකේ ආරච්චිල විදිහටත් (ප්‍රධාන චරිතයක් ) අනිකේ කෝරාල විදිහටත් ජෝ මහත්තයගෙ රඟපැම සුපිරියි (කථාව වගේම )

    මේ කථා දෙකටම පාදක කරගෙන තියෙන්නෙ රත්නපුරය ආශ්‍රිත ප්‍රදේශ

    ReplyDelete
  23. ජෝ ලෙල්ලෝපිටිය ගමේ තමයි. එයාගෙ ඥාති පුතෙක් අපිත් එක්ක ඉගෙන ගත්තා. මෑන්ස්ටත් ජෝගේ ටැලන්ට්ස් එහෙමම තිබුනා

    ReplyDelete
  24. @ buwa,

    Thanks. සකිසඳ එලියස් මාත් බැලුවා. මනෝරත්න ත් නියමෙට රඟපෑවා!

    ReplyDelete
  25. මම ආසම කරන නලුවෙක් තමයි මේ. හරිම ආසයි ජෝගේ පරණ ෆිල්ම්ස් බලන්න. පුදුම දක්ශ නලුවෙක්.

    කොට ජීවිතේ

    ReplyDelete
  26. මම ජෝ අබේ වික්‍රමගේ හොඳම විකට රංගනය දැකලා තියෙන්නේ කොළඹ සන්නියේ.....! හැබැයි ඒකදි ජෝ ඇඳගෙන ඉන්නෙ කලිසමක් නෙමෙයි....! සමහර වෙලාවට සරමත් නෙමෙයි.....! ඒකෙ සීන් දෙක තුනක්ම තියෙනවා ජෝ තනිකරම අමුඩේ විතරක් ගහගෙන ඉන්න ඒවා....! අර කක්ක ස්ටෝන් එක හම්ඹවෙච්ච වෙලාවෙයි, තිරික්කල ඩාන්ස් එක දාපු වෙලාවෙයි....!

    ReplyDelete
  27. සිකුරුලියා එකේ ජෝ ඉන්නෙ ඩ්‍රයිවර්ටනෙ.. පස්සෙ නෝනවත් අරන් පැනලා යන්නෙ.. :)

    අල්ලපු ගෙදර චිත්‍රපටය හැදුවෙ 'අදටු වීට්ටු පෙන්' කියන දෙමළ එක කොපි කරලා.. ඒත් ඒකෙ හිටිය නළුවට වඩා බොහොම ඉහළ මට්ටමේ රංගනයක් ජෝ පෙන්නුවා අල්ලපු ගෙදර එකේ..

    ReplyDelete
  28. @ කින්නරාවී
    වෙල්කම් බැක් කිව්වා! නම වෙනස් කොලේ උස ගියාද?

    සිරිබෝ අයියා තමයි මං කැමතිම ජෝ අබේ ෆිල්ම් එක!

    ReplyDelete
  29. ජෝගේ ගම ලෙල්ලුපිටිය තමා. අය්යෝ කකා අය්යා එක්ටැම්ගේ බලල නැත්නම් වහාම බලන්න. ජෝ ඉන්නේ ලොරි ඩ්‍රයිවර් කෙනෙක් හැටියට සරම ඇඳලා තමයි ඒකෙත් ඉන්නේ. බත් අම්මගේ හැඩකාර දියනිය මාලනී..සෙලක්කර රවින්ද්‍ර මාලනියට ආදරේ කලාට මාලනී එක විහිලුවකට භාර ගන්නවා. පසුව විල්සොන්(ජෝ) වයසින් ලොකු පරතරයක් තිබ්බත් මාලනී බදිනවා. එතැන් සිට කථාව ගලාගන යන්නේ වෙනත් ආකාරයකට.. ඒ චිත්‍රපටියේ තමයි ගුණදාස කපුගේ
    ගයන උන්මාද සිතුවම් ගීතය තියෙන්නේ..රවීන්ද්‍ර මාලනී නිසා සදාකාලිකව තනිකඩ ජීවිතයක් ගෙවනවා .

    ReplyDelete
  30. @ දුමී
    කක්ක හෝදන්න ගිහින් නේද මැණික හම්බ වෙන්නේ?

    අමුඩේ ගහන් කොහොමද දුමී පුක හෝදන්නේ?

    කොළඹ සන්නිය බෙවර්ලි හිලිබිලීස් එකේ ඡායානුවාදයක් වගේ නේද?

    ReplyDelete
  31. @ Buratheno
    සිකුරු ලියා මට හොඳට මතක ඒකේ සින්දුත් හොඳ නිසයි.

    1. කොමල ලියා සිකුරු ලියා
    2. වසන්තයේ නල රැල්ලයි
    3. කළුගල් අතරට මැණිකක්

    ReplyDelete
  32. @ ගිම්හානී
    ස්තුතියි මතක් කළාට. යූ ටියුබ් එකේ බලන්න ඕනෑ තියේද කියා.
    කපුගේ ගේ සින්දුව නම් අමරණීයයි!

    ReplyDelete
  33. ජෝ අබේවික්‍රම උන්නැහේ පහුගිය කාලෙක රාජ්‍ය දැව සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක තනතුරක්ද කොහෙද කරපු නිසා පමණක්ම වෘක්ෂනාශක කියන නම දාන්න හිතුවනම් ඒක හරි නෑ. ජෝ අබේවික්‍රම ඒ තනතුර කරපු කාලෙ සමහර ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු කරන විදිහට සල්ලි හම්බ කරපු බවක් පේන්න නම් නැහැ.
    දැනට අවුරුදු අටකට නමයකට කළින් මට අවස්ථාවක් හම්බවුනා ජෝ අබේවික්‍රම උපහාර උත්සවයකට සහභාගි වෙන්න. එතනදි ජෝ කරපු කතාව, කෘතහස්ත දේශපාලකයකුට වඩා චතුර යි. ඒ වගේම සාරගර්භයි. එයා නළුවෙක් වුන හැටි වගේම ඒකට වින්ද දුක්, සපත්තු ගෙවීම අඩු කරගන්න සහ බස් ගාස්තුව ඉතුරු කරගන්න කොළඹ ඉඳල හෝමගමට සපත්තු ගලවලා පයින් ගිය හැටි, බොහොම ආකර්ශනීය විදිහකට කිව්වා.
    එදා උත්සවය දවසේ සරම ඇඳල නොහිටියත් සරම ඇඳපු චරිත හොඳින් නිරූපනය කරපු බව ඇත්තක් මං හිතන්නෙ. (ජෝගෙ රඟපෑම් බහුතරයක් මං දැකල තියෙනවද කියල මටම සැක නිසා ස්ථිර නිගමනයකට එන්න මට අමාරුයි.) ඒ වගේම සරම අඳින චරිතයක් දක්ෂ ලෙස රඟපාන්න වෙන නළුවන්ට අමාරු නිසා ජෝ ඒ ‍චරිත වලට ‍සිලෙක්ට් කරගත්තා වෙන්නත් පුළුවන්.
    ඔය පින්තූරෙ ඉන්න වන්නිහාමිගෙ චරිතය වෙන කෙනෙක් කළානං කොහොම වෙයිද කියල හිතාගන්නත් අමාරුයි.
    -ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  34. @කතන්දර,බුවා : මම අහල තියෙන හැටියට ලෙල්ලෝපිටිය, පැල්වාඩිය තමයි ජෝගේ ගම. පැල්වාඩිය තියෙන්නේ කොළඹ-බදුල්ල මාර්ගයේ. මාරපන තියෙන්නේ රත්නපුර කලවාන මාර්ගයේ. ඒත් ගම් දෙක යාබද ඒවා(මාර්ග වලට ප්‍රතිවිරුද්ධ පසින්).මාරපන ගල්ලින්න මාර්ගයෙන් පයින් එන දුර.

    ReplyDelete
    Replies
    1. පැල්වාඩියයි ගල්ලින්යි වෙන් වෙන්නේ දොඩම්ගහඇලෙන්

      Delete
  35. ඉඳුනිල් හරි මාරපනට යන්න රත්නපුරෙන් හැරෙන්න ඕන . ලෙල්ලෝපිටිය හම්බ වෙන්නේ පැල්මඩුල්ලට ටිකක් කලින් . ජෝ කියන්නේ ඉතින් බොහොම දක්ෂ නළුවෙක් තමයි. එක්ටැම් ගේ කීපවතාවක් රුපවාහිනියේ පෙන්නුවා . විකට චරිත වගේම සිරිබෝ අය්යා වැනි චිත්‍රපට වල කල අනගි රංගනයන් විශිෂ්ටයි .තිස්ස නාගොඩ විතාන මහතාට පින්සිද්ධවෙන්න ජෝ රඟපාපු චිත්‍රපට 90 % ක් විතර මන් නම් බලල තියනවා .

    ReplyDelete
  36. ජෝ අපේ වික්‍රම මහත්තයා රඟපාපු චිත්‍රපටියක් මම බැලුවේ මෑතකදී .අපේ පලාතේ ෆිල්ම් හෝල් එකක් නැති විමත් මම ටීවී නොබැලීමත් ඒකට හේතුව වෙන්නැති ..

    මගේ නඟා පහ වසරේ ඉන්න දවසක එයාලාව ජෝ මහත්තයා රඟන ෆිල්ම් එකක් බලන්න ඉස්කෝලෙන් එක්ක ගිහිං තිබුනා ..

    නඟා ගෙදර ඇවිදින් අපිට කීවා .. "අපි අද ජොබේවික්‍රම ඉන්න ෆිල්ම් එකක් බැලුවා නේ අයියේ කියලා" .

    මම කියාපි "නෑ නෑ ඒ ජෝ-අබේ වික්‍රම" කියාල .. ඒකි පිලිගත්තෙම නෑ නේ කොච්චර කීවත් කියනවා "නෑ එයාගේ නම ජොබේවික්‍රම" කියලා..අද නම් මතක් කරද්දී ඒකි හිනහා වෙනවා

    අන්තිමේට මේ ලඟදී මම පුර හඳ කලුවර බැලුවා එතනින් පස්සේ මට හිතුණා "අපරාදේ මම මේ මනුස්සයාගේ ෆිල්ම් බලන්න පමා වුණා නේද" කියලා ..

    ReplyDelete
  37. ජෝ අර ඩිලානි ඇඳුම් මාරු කරනව දොර ආස්සෙන් බලන් ඉඳල පස්සෙ ඒකිව කමල්ටත් හොරෙන් උස්සන් ගිය ෆිල්ම් එකේ උන්නෙ කළිසම ඇඳල නේද?

    "අමුඩේ ගහන් කොහොමද දුමී පුක හෝදන්නේ?"
    අමුඩ දැකලම නැද්ද? අමුඩ ලේන්සුව දිය ලනුවෙ පිටිපස්සෙන් පැන්නපුවම ඉස්සරහින් කවර්, පස්ස එලියෙ.

    ReplyDelete
  38. ජෝ ලෙල්ලුපිටියෙ තමයි.. අසූ ගනන්වල මැද භාගයෙ වගේ ජෝ අපෙ ගමේ - පැල්මඩුල්ලෙ - මැණික් පතලෙකට සම්බන්ධවෙලාත් හිටිය..ඒ දවස්වලට අපි ඒ හරියෙම තමයි ගැවසෙන්නෙ ජෝව බලන්න

    ReplyDelete
  39. @ kathandara

    අපරාදේ කියන්න බැහැ මට නම් දෙන්නවම අතේ දුරින් ඉද්දී හම්බවෙලා තියෙනවා. පළමු වැන්නා සමහර වෙලාවට කවුරුවත්ම නැතිව තනියෙන් කැම්පස් එකේ ඇවිදිද්දී මට මූණටම හම්බවෙලා තියෙනවා.

    දෙවැන්නා නම් කීප පාරක්ම හම්බවෙලා තියෙනවා. මේ ළඟදී හරියටම කිව්වොත් අගෝස්තු මාසේ මුල කැලණි පන්සලේදී හම්බුණා

    ReplyDelete
  40. අති විශිෂ්ඨ නළුවෙක්...
    මම වඩා කැති විකට රංගනයන්ට.. මිනිස්සු සාර්ථකව හිනස්සන එක ලේසි වැඩක් නෙවෙයි.. ඔහුගේ සෑම තාත්වික චරිතයකම ඔහුට සමීප චරිත ජීවත් වන බව ඔහුම පවසා තියෙනවා. මම හිතනව ඊට පස්සේ ඒක පුරවන්නේ හේමසිරි ලියනගේ.. එ යකා අඬනවනේ අපිටත් ඇඬෙනකම්..

    ReplyDelete
  41. ජෝ , හොඳ චරිතාංග නළුවෙක්. ගාමිණීලත් විහිළු කරනවා. ඒත් එයාල ජෝකර්ල වුනේ නෑ. අර වෘක්ෂනාශක කතාව නම් මාත් අහල තියෙනවා. ජෝ තාම ඉන්නවද ? ආචාර්ය උපාධියක් හෙම ගැන සලකළ බලමුද ?
    සරම නම් නියම පුදුමාකාර ඇඳුමක්. වඩාත් හොඳ යටට මුකුත් නෑඳ සරම අඳින විටයි.

    ReplyDelete
  42. මට නම් ඊට වඩා වැදගත් ජෝ මහත්තයා සරමට යටින් ඇඳන් ඉන්නේ අමුඩේද, ජොක්සි ද කියන එක...

    ReplyDelete
  43. ජෝ, "පාලම යට චිත්‍ර පටයෙත් පොඩි ඒ වුනාට හිතට වදින චරිතයක් රඟ පානව

    ReplyDelete
  44. නළුවෙක් වෙන්න ලස්සන ඕනි ම නැහැ , දක්ෂකමයි වැදගත් කියන එකට හොඳ උදාහරණයක්....

    මේ වගේම මම තව කැමැති පැරණි නළුවෙක් තමයි අමරසිරි කලංසූරිය. නැද්ද එතුමා ගැන මුකුත් ලියන්න දෙයක්.

    ReplyDelete
  45. කතන්දර, ජෝ ගේ ට්‍රිබියුට් එක නම් නැගලා යනවා. මරු.

    "අමුඩ දැකලම නැද්ද? අමුඩ ලේන්සුව දිය ලනුවෙ පිටිපස්සෙන් පැන්නපුවම ඉස්සරහින් කවර්, පස්ස එලියෙ."

    අමුඩේ තමයි පස්සේ කාලේ thong එක විදිහට විකාශය වෙලා තියෙන්නේ.

    ReplyDelete
  46. කතන්දර,

    පොඩි එකතුකිරීමක්... ජෝ තුමා විතරක නෙමෙයි දැන්කාලේ විශිශ්ට රඟපෑම් පෙන්වන ගොඩක් අය සරම ඇඳි අය තමයි... නිකම් සරොම් නෙමෙයි.. සුදු සරොම් ඇඳි අය...

    - සනාථ

    ReplyDelete
  47. මේ කතාව කතන්දරගෙ පෝස්ට් එකට අදාලද නැද්ද කියන්න දන්නෙ නෑ . . . . ජෝ රඟපාපු පුරහඳ කරුවල කියන්නෙ මට නොමැකෙන මතක සටහනක් ලබා දුන්න චිත්‍රපටයක්. රීගල් එකේපුරහඳ කලුවර බලද්දි තමයි මගෙ අවුරුදු හතරක කැම්පස් ලවු එකට මුලපිරුවෙ . . . . . .

    ReplyDelete
  48. ජෝ නැති වෙන්න ටික දවසකට කලින් මෙහෙම ලිපියක් ලිය වුනේ අහම්ඹෙන් ද ? මොනා උනත් ඔහු නම් මළේ නැහැ... අනාගතයටත් ඔහුව දකින්න විඳින්න පුලුවන්......

    තරු පොකුරක්ම මේ පෝස්ටුවත්........

    ReplyDelete
  49. කලං ට දුන්නලු ඩයලොග් එකක් පලවෙනි ස්ක්‍රීන් ටෙස්ට් එකේදි. ඒකෙ තිබුනේ අල්ලපු ගෙදර ගෑණු කෙනාට බනින එකක්ලු.
    කලං ස්ක්‍රප්ට් එක බලලා මෙ​හෙම කිව්වලු..

    "අර අල්ලපු ගෙදර පර... .. . . තමයි මේ සේරටම මුල කියලා"
    :)

    පිටපතේ තිබුනෙ නැති දෙබසක් උනත් කලං හංතානේ කථාවට තෝරගත්තලු.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.