
අර බ්‍රහ්මදත්තලා (ඔව්, එක්කෙනෙක් නෙමේ කප්පරක් හිටියා එකම නම තියෙන රජ පොරවල්) බරණැස් නුවර රජ කොරන කාලේ රජ්ජුරූස් ලා ගේ පුත්‍ර රත්නර්ස් ලා ට, තව තව සිටු කෂ්ටියගේ කොල්ලන් ට යන්න දාල තිබුණ ප්‍රයිවේට් යුනිවසිටියක් තක්සලා කියන නගරේ.
ඔය බණ කතාව හින්දා ලංකාවේ යුනිවසිටිවලටත් සාමාන්‍යයෙන් මේ තක්සලාව කියන නික් නේම් එක පාචිච්චි කෙරෙනව තවමත්, විශේෂයෙන්ම ඔය සාහිත්‍යමය වැඩ කටයුතුවලදී.
අපේ පොරවලුත් ඉතිං කැම්පස් සිලෙක්ට් වුණාම, "දෙඤ්ඤං ජම්බු!" කියල හිතල ශිල්ප දක්වල කුමාරියවත් සැට් කරගන්න තමයි එහේ යන්නේ.
මේ කවිපෙල මං ලිව්වේ ෆර්ස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ටර්ම් එකේ විතර.
තක්සලා වේ ගීතය
"(පරණ කෑල්ල)
අල්ලට සිඟාවත් රස නැති අහර කකා
වල් කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉඳිරි වැඩ තකා"
(රැප්)
ජීවිතේ කිසි කලෙක දැක නොමැති බත(*) සමග
ගෙඩි ගෝව මුං ඇට ද තක්කලි ද අනමිනා
බඩේ ගින්දර නිවා ගනු පිණිස ගිල දමමු
කැන්ටිමේ ශුද්ධ වූ බත් තැටිය සසොබනා
මැසි මදුරු උවදුරෙන් කෙසේ හෝ බේරිලා
මකුණන් ට ලේ පිනට දිදී කල් යවමිනා
කැඩී ගිය සයනයේ කොහු නොමැති මෙට්ට මත
නිදා ගමු වැතිරිලා රෑ පුරා සතොසිනා
දිවි ගෙවන්ණට පවා හිමවූ කල මිළ මුදල්
අළුත් ඇඟලුම් ඇඳුම් ගන්න නොම සිතමිනා
මෙහේ එන්ණට කලින් ගත් ඇඳුම් කල් ගියද
තව තවත් අළුත් සේ සෝදමින් අඳිමිනා
හිස මතට පැටවි ඇති සියළු බර දරාගෙන
කෝස් එකෙ සිරත්වය ගැන තවත් හිතමිනා
ඇල්මකින් නොවූවද, කළ යුතුව ඇති හෙයින්
ශිල්ප උගනිමු ඉතින් දුක් ගීත ගයමිනා
(අළුත් කෑල්ල)
දිව රවටවා හෝ නීරස අහර කකා
රන් බග් ගසා නිදමින් පින් පව් නොතකා
ගජයක් ගසා වැරහැලිවල අඩුව මකා
ඇල්මක් නැතත් උගනිව් ඉදිරි වැඩ තකා෴
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.
-කතන්දරකාරයා
ප/ලි:
(*)මෙතන දී, අර බත ගැන කියල තියෙන කතාව මේකයි.
මං පේරාදෙනියේ දී බත් කාපු මාකස් ප්‍රනාන්දු, අක්බාර්, වූස්, ගෙම්බා වගේ හැම කැන්ටිමකමත්, බත් අම්මලා විකුණපු බත් පාර්සල් වලත් තිබුනේ එක හා සමාන නීරස, ඇට ලොකු හාල් ජාතියකින් උයපු බත්. ගෙදරදී, මිල්චාට්, රතු කැකුළු සහ සම්බ කාල පුරුදුවෙලා තිබුණු මට මේ බත් නං දිරෙව්වෙම නෑ.
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://artofthaimassage.com/page/2/)
අර උඩ බ්‍රහ්මදත්තගේ පින්තූරෙට දාලා තියෙන්නේ කතන්දරගේ පින්තූරයක්ද?......:D:D:D
ReplyDeleteපින්තුරේ නම් පංකාදු පහයි කතන්දර..
ReplyDeleteසටන් පාඨයක් කියන්නෙ නැතුව හරිම අමාරුවෙන් හිටියෙ, ඔන්න චාන්ස් එකක් ලැබුනා
ReplyDelete1. දියව් දියව් අපිට දියව්
පොසිටිව් කවි
2. අචාර්ය මහචාර්යවරුනි
මේ අහන්න අපිට ඉක්මනට ඩිග්‍රිය දෙන්න
අම්ම තාත්ත වෙච්ච ණය ගෙවන්න
අපිට විගහින් යන්න දෙන්න
3. එස් බී මැතිතුමනි
මේ අහන්න
ඇයි රත්තරන්
ඔච්චර ගනන්
හරකුන්ටත් නිදහස ලැබිලා
අපිව තාමත් කරත්තෙ බැඳලා
ඒ කාලේ බ්ලොග් කියල ජාතියක් තිබ්බනම් මෙව්වා අහල කෙලි පොඩ්ඩි යෝ බත් මුල් බැඳගෙන එයි කකා බලන්න .
ReplyDeleteහිර බත් වගේද කැම්පස් බතුත්
ReplyDeleteඇට ලොකු බත්...
ReplyDeleteඅනේ අර බ්‍රහ්මදත්ත පව් අප්පා. හරියට මන්දපෝශනේ වගේ. බෙල්ලේ ඇටත් පේනවා...
ReplyDeleteදැන් ඔහොම බැලුවම, පුද්ගලික තක්ෂලාවල් ඇරඹිමේ වරදක් නැහැ නෙව. අනික ගුරුතුමාගේ හොඳට ගොලයගේ කරේ තමන්ගෙ දුවව එල්ලන්නේ හරියට ඒක නීති ගත කරල වගේ නේද?
ReplyDeleteමනමේ කුමරියව ඇත්තටම කැලේ දාලා යන්න ඇත්තෙ ඒකයි මං හිතන්නේ.
අනික කතන්දර අද කාලේ නම් කැම්පස් යන ගොඩක් කොල්ලො කෙල්ලො රස්සාවක් කරනවා. මං දන්නව මගේ යාළුවෙක් හිටිය ,එයා රේස් බුකියක වැඩ කරා.ඒ වගේ ගොඩක් දෙනා මොකක් හරි රස්සාවක් කරනවා.තවත් බොහෝ දෙනා කැම්පස් යන්නෙ නැහැ. පුද්ගලික ඉන්ස්ටිටියුට් එකක හොඳ පාථාමාලාවක් ෆලෝ කරල අර කැම්පස් ගිය යාළුවට වඩා හොඳ රස්සාවක් කරනවා.
ඒත් ඉතින් දොස්තරල , ඉංජිනේරුවෙ වෙන්න තේරුන අය නම් අනිවාර්යෙන් කැම්ප්ස් යනවා....
අනිත් අය නම් අනේ මන්දා ...
"සම්බ කාල පුරුදුවෙලා තිබුණු ...."
ReplyDeleteපීඩිත කවි ලිව්වට මේ යකා අලයෙක්නෙ..
@ Kunchaa,
ReplyDeleteඇය් බොලේ අර මිල්චාර්ට්, රතු හාල් එහෙමත් කෑව කියල තියෙන්නේ? හෙහ්..හෙහ්..හෙහ්...
අපෝ කකා, මොකද මේ බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ගේ හැටි? මං හිතන්නේ සොළොස් දහසක් අන්තඃපුර ස්ත්‍රීන් නඩත්තු කරලා වෙන්නැති. LOLzzzz.
ReplyDeleteපේරාදෙණියේ තිබුණු එක luxury එකක් (මම කියන්නේ අනෙක් uni වලට සාපේක්ෂව) තමයි කැන්ටින් ගණනාවක් තිබීම. Halls වල තියෙන ඒවාට 7 - 8 ට අමතරව ගෙම්බා, වුස්, සයන්ස් ෆැකල්ටි, ඇග්රි ෆැකල්ටි, ඔයවගේ කොච්චර තිබුනද? ඊට අමතරව පේරාදෙණිය පැණිදෙනිය, හිඳගල, ඕනෙනම් නුවර ගියත් කන්න තැන ඕනේ තරම්. මම ඔය හැම කෑම සපෝට් එකක් ම වගේ වන්දනා කරගත්ත හිටපු අවුරුදු පහට. දෙයියන්ගේ පිහිටයි, මටනම් එච්චර කෑම ගැන අප්සට් හැඟීමක් නැහැ. මං හිතන්නේ ඔය මම කියපු වෙරයිටි එක හින්ද වෙන්න ඇති.
ReplyDeleteපේරාදෙණිය පැණිදෙනිය සපෝට් වල ගණනුත් ගොඩක් අඩුයි මම හිතන්නේ කැම්පස් බුවාලා අල්ල ගන්නම වෙන්න ඇති.
@ All
ReplyDeleteඔය උඩින් තියෙන ෆොටෝ එකේ ඉන්නේ බ්‍රහ්මදත්ත නොව දිසාපාමොක් ය. http://artofthaimassage.com/page/2/
මේකට අදාල නැ. හැබැයි කාලෙකට කලින් කතාවක් ගියානේ සිංහල ලෙස්බියන් සින්දුවක් ගැන.මේක දැක්කම මතක් උනා. මේකේ හැටියට මිගාර දිනුම් වගේ.
ReplyDeletehttp://wickrame.blogspot.com/2011/01/blog-post_22.html
"අපේ පොරවලුත් ඉතිං කැම්පස් සිලෙක්ට් වුණාම, "දෙඤ්ඤං ජම්බු!" කියල හිතල ශිල්ප දක්වල කුමාරියවත් සැට් කරගන්න තමයි එහේ යන්නේ"
ReplyDeletey itn mehema hithagena yanna hoda nadda ????
hee :D
මටත් කතාවක් මතක් උන.
ReplyDeleteඅපේ ඉස්කෝලේ chemistry කරා දිසානායක කියල සර් කෙනෙක් (අපේ පන්ති වලට නෙවෙයි bio classes වලට) සර් ට හිටිය ලස්සන දුවෙක්. අපේ බුවාලා දන්නේ නැද්ද, හැදුව සින්දුවක්.
(මතකනේ ටි එම ජයරත්න කියන දිසාපාමොක් අදුරු තුමනි සින්දුව)
"දිසානායක ඇදුරුතුමනී
දුටුව දා සිට ඔබගේ දුවනී
ඇගේ රුව මා වමනෙ කරවයි
.................න් ඉවත යන්නෙමි" (හිස්තැනට අපේ ඉස්කෝලේ නම. දැනට මම ඒක නොකිය ඉන්නම්)
චතු මල්ලියා දෙන්නම් ජම්බු කියල දත කට මැදගෙන පේරා යන්නයි ලෑස්තිය එහෙනම්. හොඳයි හොඳයි......
ReplyDeleteබලාගෙන කොල්ලෝ, ඔය කන්ද උඩරට ඉන්නේ මහා අමාරුකාර ගනු ළමයි. උඹේ කෙස් වත් ඉතුරු උනොත් ඇති..
මට පේන හැටියට කාකා කෙසේවෙතත් මරුමුස්නම් ඉල්ලන්කාලවගේ
ReplyDeleteකන්ද උඩරට ගෑනු ළමයෙක් හරිගියොත් වැරදිලා හිටිය්
:) :)
-සුරංගනා-
අනේ අනේ සුරංගනා,
ReplyDeleteඉල්ලන් කෑවා නෙවෙයි, එයා ඇවිත් මට කවල ගියා. මම උගුඩුවා වගේ බලන් හිටියා... LOLzzzz
එක දිග කතාවක් සහෝ.මේකේ ලියන්න බැහැ.
BTW , ඔයත් කන්ද උඩරට ද ඔහොම defend කරන්නේ ?? :P
කැම්පස් ගිහින් බැරි වී එය පෙන්නන්න
ReplyDeleteසොයමින් මුලක් පම්පෝරිය දොඩවන්න
කැමින් පටන් ගෙන පොර ටෝකක් දෙන්න
කැම්පස් ඈයෝ radical බව පුප්පන්න