Wednesday 17 August 2011

මළ ගෙදරක ගිය ෆ්‍රෙඩී සිල්වා - Freddie Silva goes to a funeral


ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදරක ගිය කතාව අහලා තියෙනවාද?

ඒ කතාව මෙහෙමයි.

අපි කවුරුත් දන්නවා වගේ ෆ්‍රෙඩී සිල්වා කියන්නේ හිටපු විකට නළුවෙක්. පොර මුලින් විකට සින්දු කියලා, පස්සේ මං හිතන්නේ හැට ගණං වල වගේ තමයි චිත්‍රපටිවලට සම්බන්ධ වෙලා තියෙන්නේ.

ඒ දවස්වල තිබුණු වට්ටෝරු ගත චිත්‍රපටිවල, කොල්ලා, කෙල්ල දුෂ්ඨයා, කොල්ලාගේ සපෝටර්, කෙල්ලගේ සපෝටර් ට අමතරව ජෝකර් ලා එකෙක් දෙන්නෙක් විතරත් හිටියා පොඩි පොඩි සිල්ලර ජෝක්ස් දාන ජොබ් එකට. ෆ්‍රෙඩී සිල්වා ආවේ මෙන්න මේ ජෝකර් චරිත කරන්නයි.

ටිකක් කල් යන කොට "කොස් කටිං" හින්දාද කොහෙද ඒ කොල්ලාගේ සපෝටර් චරිතයයි, ජෝකර් ගේ චරිතයයි දෙකම එකක් කරලා නිෂ්පාදකවරු චිත්‍රපටිවල ඵලදායිකත්වය වැඩිකර ගත්තා.

මේ කම්බයින්ඩ් රෝල් එකත් හොඳට ම කරපු නළුවෙක් තමයි ෆ්‍රෙඩී සිල්වා කියන්නේ. මට මතකයි විජය කුමාරතුංග කොල්ලා ට හිතපු යසපාලිත නිර්මාණයක් රස සාගරයක් බ්‍රෑන්ඩ් එකේ චිත්‍රපටි කීපයක ෆ්‍රෙඩී සිල්වා මේ "සපෝටර් කුම් ජෝකර්" රෝල් එක කළා.

ඇත්තටම කියනවා නං මේ චරිතවල ලොකු දෙයක් තිබුනේ නෑ කරන්න. මට තේරුණු විදියට ස්ක්‍රිප්ට් එකක්වත් තියෙන්න නැතුව ඇති මේ රඟපෑම් වලට.

කෙල්ලගේ පැත්තෙනුත් පෙර කී කොස් කටිං මෙෂර් එක ගත්තු නිසා "ජෝකරී කුම් සපෝටරී" චරිත මතුවෙලා ආවා. මේ චරිතයකට ස්ටීරීයෝ ටයිප් කාස්ටින් කරලා හිටපු සමන්ති වගේ නමක් තියෙන නිළියෙක් එක්ක තමයි ෆ්‍රෙඩී සිල්වා අන්තිමේදී දීග කෑවේ.

අන්තිමේදී කියන්නේ තව දුරටත් චිත්‍රපටි හම්බවෙන්නේ නැති කාලේ සිල්ලර කඩයක් දාං හිටියනේ මේ දෙන්නා. අන්න ඒ කාලේ!

මං මුලින් ෆ්‍රෙඩී ගේ ජෝකර් රෝල්වලට තිර රචන පිටපත් තිබුනේ නෑ කියල කිව්වේ මේ චිත්‍රපටිවල ෆ්‍රෙඩියා එහෙට හැරුණත්, මෙහෙට හැරුණත්, ඇවිද්ත්, දිව්වත්, "අපෝ බං උඹේ මූනෙ හැටි දාපංකො ඕක ලොන්ඩරියට!" කියල කීවත්, වෙන මොනවා හරි එවෙලේ කටට එන එකක් කීවත්, අපි ප්‍රේක්‍ෂක ජනතාව කළේ ඔහේ හිනාවෙන එක තමයි.

පොරගේ මූණ, අතපය විසි කරන විදිය, කටහඬ සහ ගමන් විලාසයට තමයි මිනිස්සු හිනාවෙන්නනේ!

ඉතිං අත කතන්දර කෑල්ල මේකයි.

දැන් දශකයට විතර උඩදී සරසවිය පත්තරේට ද කොහෙද ඉන්ටර්වීව් එකක් දීලා තිබුණු ෆ්‍රෙඩී සිල්වා කියලා තිබුණා මෑන් අකමැතිම වැඩේ මළ ගෙවල්වල යන එකය කියලා.

මොකද දන්නවද, ඔන්න පොර ඉතාම කණගාටුවෙන් මළ ගෙදරට ගිහින් ගෙට ගොඩ වෙන්නත් කලියෙන්ම, පොරව අඳුණාගන්න අයට හිනා යනවාලූ.

කොටින්ම මේ මැරිච්ච එකාගේ ලඟම ඥතියන්ට පවා හිනා යනවාලු ෆ්‍රෙඩී සිල්වා ව දැක්ක හැටියෙම.

මේ දුක්බර මුහුණින් ඉන්න ඕනෑ මළ ගෙදරක් වගේ තැනක හිනා වෙවී ඉන්න එක බුදු අප්සෙට් වැඩක් නේ. ඉතිං ෆ්‍රෙඩී සිල්වා කරලා තියෙන්නේ මළ ගෙවල්වලට යන එක නතර කරන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාවේ මට තියෙන සම්බන්ධය මෙන්න මේකයි.

මාත් මේ කතන්දර බ්ලොග් එක පටන්ගත්තේ විහිළු කතන්දර ලියන්නනේ. දැනට ලියලා තියෙන කතන්දර 430+ වලින් අති බහුතරයක් පොඩි පොඩි හරි විහිළු කතා තමයි.

නමුත් පහුගිය ඉරිදා හවස මගේ හිත ඇතුලට කඩාගෙන ආපු එක්තරා සිතුවලි ධාරාවක් නිසා මට ඇත්තටම හිතුණා, මොකක්ද මේ විදියට මේ කතන්දර බ්ලොග් එක කිරීමේ ප්‍රයෝජනේ. පොඩි බ්රෙක් එකක් අරං මේ ගැන හොඳට හිතලා මතලා බැලුවොත් නරකද කියලා.

ඒකයි මං කතන්දර බ්ලොග් එක තාවකාලිකව වහලා දැම්මේ! ඒ වෙනකොට ලියලා ඔටෝ පබ්ලිෂ් වෙන්න දාලා තිබුණ කතන්දර අවුරුදු පනහකින් ඉස්සරහට දැම්මා

වැඩේ කියන්නේ මටත් වුනේ ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදර ගියා වගේ වැඩක්. සමහරු හිතුවා මං මොකක් හරි බොරුවක්, ට්‍රික් එකක් කරනවා කියලා. කමක් නෑ, ඒත් සමහරවිට විහිළුවටම වෙන්නත් ඇතිනේ.

කොහොම හරි ඉරිදා රාත්‍රියේ හිටන් මේ ගැන හිත, හිත ඉඳලා අඟහරුවාදා වෙනකොට මගේ හිතට ටිකක් පොසිටිව්-තාවයක් ආවා. මේ ෆ්‍රෙඩී සිල්වා ගැන කතන්දරය මතක පොතෙන් උපුටා අරගෙන ලිව්වේ එවෙලෙයි.

මං අද බදාදා උදේ පාන්දර හයයි හතලිස් පහට තීරණය කළා ආපහු පිටියට බහින්න.

හොඳයි! එහෙනං කොරලා බලමු!

(image: http://www.sarasaviya.lk/2010/10/28/_art.asp?fn=sa10102818&pn=18)

68 comments:

  1. මාක්ස්17 August 2011 at 07:15

    කතාන්දර මාමත් දැන් ටැබූ ආතා වගේ දෙකයි පනහේ පොර ටෝක්ස් දෙනවනේ !

    ReplyDelete
  2. උදේ පාන්දර හොඳ ලිපියක්,හොඳ තීරණයක් එක්කම.

    ReplyDelete
  3. මේක සත්‍ය කතාවක්ද ඈ...?

    ReplyDelete
  4. "හොඳට හිතලා මතලා" බලපු එක හොඳයි...
    "ආපහු පිටියට බහින්න" තීරණය කල එක හොඳාආආආආයි!!!

    ReplyDelete
  5. ෆ්‍රෙඩී සිල්වා කියන්නේ මරු මනුස්සයා.
    නියම විහිලු තමයි තියෙන්නේ. :)

    ReplyDelete
  6. ඔයා ආපු එක හොදයි අය්යේ..
    හැමදාම ගොඩ වැදෙන තැනක්නේ...

    ReplyDelete
  7. ප්‍රෙඩී සිල්ව සිල්ලර කඩයක් කළා කියල දැනගෙන හිටියෙ නෑනෙ.

    ReplyDelete
  8. අන්තිම කාලේ ගතකලේ සමන්ති එක්ක නෙමේ නේද අය්යේ මට මතක හැටියට මානෙල් චන්ද්‍රලතා එක්ක. ඇයත් විකට චරිත කරන නිලියක්..

    නමුත් ෆ්‍රෙඩීගේ අවසාන කාලේ සතුටින් ගත කලේ නෑ. ගොඩාක් ප්‍රශ්න වලට මුහුන දුන්නා. මම හිතන්නේ පලමු බිරිද ඇතුලු දරුවන්ගෙන් ඇත්වීම නිසා...

    ReplyDelete
  9. ආයෙත් ලියන්න හිතුව එක හොදායි.

    ReplyDelete
  10. මේ කථාවේ මම දකින විශේෂත්වයක් තියෙනවා කසූ... ලින්ක්ස් අඩුම කථාව මේකද කොහෙද සෑහෙන කාලෙකට පස්සේ දාපු.... (සන්ඩේ ස්පැශල් වලට අමතරව.)

    ReplyDelete
  11. අර ඔටෝ පබ්ලිෂ් වෙන්න පෝස්ට් ටික අවුරුදු පනහකින් ඉස්සරහට දැම්ම කිව්වෙ , මොනව හරි නොකියා කිව්වා වත්ද? හුලං යන දවස අහගන්න අර කලෙකට ඉස්සර නාඩි බලපු මනුස්සයා මුනගැහෙන්නවත් ගියාද?

    ReplyDelete
  12. ෆ්‍රෙඩී ද සිල්වාගේ මූන මල ගෙදරක දැක්කත් හිනායනවා වගේ මඟුල් ගෙදරකදි දැක්කාම අඬන්ට හිතෙන මූනක් එහෙම දන්නවද?

    බදාදා වෙනකොට කතන්දර ආපහු එන විත්තිය පොඩ්ඩි නම් දැනගෙන හිටියා. (හිටපු ගමන් කට්ටිය ගනන් උස්සනවනේ...)...:D

    ReplyDelete
  13. කතන්දර මනා හැකියාවක් ඇති ලේඛක ලක්ෂන හොඳින් පිහිටා ඇති අයෙක්. මාත් කැමතියි ඔබ වෙනස් වෙලා, අලුත් වෙලා, අර පාට ගාල එනවට. එහෙනම් අලුත් වෙනසට සුභ පැතුම්.

    ReplyDelete
  14. අනේද කියන්නේ..... මම මේ කල්පනා කරේ මගේ දෛවය ගැන. ඔය යසපාලිත නානයක්කාර මහත්තයා අපේ නෑදෑයො වෙනවා. යසපාලිතව බැඳලා හිටියෙ අපේ තාත්තාගේ මාමණ්ඩිගේ (අම්මගේ මල්ලි ) දුවෙක්. හැබැයි යසපාලිත (බාප්පා), දැනගෙන හිටියේ නෑනේ මම එයාගේ නෑයෙක් කියලා. එහෙම දැනගෙන හිටියනන්, මටත් දුෂ්ඨ චරිතයක් ඉල්ලගන්න තිබුනා එයාගේ රස සාගරයක. ඒක නැතිවෙලා ගියේ, විල්සන් කරුගේ වාසනාවකට.....!

    ඒ දවස්වල (80 ගණන් වල ) ඒ ගොල්ලන්ගේ ගෙදර ඔය ෆිල්ම් වල පොඩි පොඩි ෂූටින් කෑලි ගන්නවා. ෆ්‍රෙඩී සිල්වාත් ඉතින් ඒවාට සෙට් වෙනවා මට මතකයි. එක දවසක් කොහේද මන්දැන්නේ නෑ විජේ කුමාරතුංග පටන් ගත්ත ෆයිට් එකක් ඉවර උනේ අපේ ගෙදරින්. (ඒ කාලේ ගේ හදන කාලේ ).

    ReplyDelete
  15. ගිම්හානි කියපු කතාව හරි... ෆ්‍රෙඩියි මානෙලුයි තමා.. ඒ වගේම සිල්ලර කඩයක් නෙමෙයි ඒක පොඩි රෙස්ටුරන්ට් එකක්..( ආප්ප කොත්තු ජොයින්ට් එකක් ) මොරටුවෙ.. කොහෙද ක.කා ල යකඩ තැලුවෙ කන්දෙ නොවැ...

    හැබැයි ජෝක්ම නොලිය තව මොනවහරිත් ලියනවනම් හොඳා තමා...

    කොහොමද ජෝ.. උපරිම සිරා ඒව වගේම මූනෙ හිනා රැල්ලක් නැතුව කොමඩි කරන්නත් පුළුවන් පොරක්...

    ReplyDelete
  16. "බුදු අප්සෙට් වැඩක් නේ".මේ වචනය පාවිච්චිය එතරම් හොද නෑ නේද

    ReplyDelete
  17. ඔය අපහසුතාව විකට චරිත රගපාන හැමෝටම වෙනවා ඇති නේද..

    ReplyDelete
  18. ඒ කියන්නෙ කතන්දරකාරයාගේ තුන්වැනි ආත්මයත් පටන් ගත්ත ‍එහෙනං.
    මෙහෙම කරන්න පුළුවන් වෙන එක ගොඩක් හොඳයි. මොකද අපට ජීවිතේදි අපි අරගන්න වැඩි හරියක් පියවර අන්ඩූ (UNDO) කරන්න බැහැනෙ. කළොත් කළාමයි. ඉතින් හොඳම දේ තමයි, පොඩි රෙස්ට් එකක් අරගෙන හරි (නැතුව හරි කමක් නැහැ), "ජීවිතේ නැවත පටන් ගැනීම".
    මේ වගේ උකුස්සා හෝ රාජාලියා නැවත ජීවිතය පටන් ගැනීම කියවෙන ජන ප්‍රවාදයක් හෝ විශ්වාසයක් ඉන්දියාවෙ තියෙනව කියල මම අහල තියෙනවා.
    ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  19. අප්සෙට් ගහපු ඇනෝ
    බුදු අප්සෙට් ගැන අප්සෙට් වෙන්න එපා.
    බුදු කියන්නෙ ඉහළම කියන එකනෙ. ඉතින් අප්සෙට් එකේ ඉහළම එක තමයි බුදු අප්සෙට් එක.
    වචන වලට අදාළ නැති තේරුම් හිතාගත්තහම තමයි ගොයම් කොළේට මුවා වෙලා වෙඩි තියාගන්නවත් බැරි වෙන්නේ.
    ට්‍රැෆික් ඇනෝ

    ReplyDelete
  20. ෆුල් සීරියස් ගහල, තව ටිකක් සීරියස් වෙන්න වගේ හදන්නෙ.....හා..හා.. කමක් නැහැ.

    ෆ්‍රෙඩී සිල්ව ට දීල තිබ්බ ලින්ක් එක දිගේ ගිහින් බැලුව. දුක හිතුන..... අනූ දෙකේ මිය පරලොව යනකොට චිත්‍රපට සංස්ථාවෙන් ලැබුන රු/=2000 ක පෙන්ෂන් එකකින්ලු ජීවත් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  21. @ ඇනෝල දෙන්නටම..

    අලියගෙ පුංචි තැන දන්නවද..

    අලි කුඩා බඩවැල..

    @ දුමී

    ඒ කියන්නෙ වාසු මහප්ප.. බැරිද පාර්ලිමේන්තු යන්න ට්‍රයි එකක් දෙන්න..

    ReplyDelete
  22. @ මාක්ස්
    ටැබූ ගේ මුණුපුරෙකුත් ඇවිත්!
    මං හිතුවේ මං ලියන්නේ එකයි විසිපහේ කෑලි කියලයි මෙච්චර කල්.
    තැන්කියු වේවා මේ ඉහල ලංසුවට!

    ReplyDelete
  23. @ Dilanka
    තැන්කියු, තැන්කියු!

    ReplyDelete
  24. @ prasanna86k
    මේක මං කියෙව්වේ සරසවිය පත්තරේක, ඔයා පොඩි කාලේ, මං හිතන්නේ අනූ ගනංවල විය යුතුයි!

    ReplyDelete
  25. @ ගීතක
    හැබැයි නිකං සනත් ජයසූරිය වගේ නෙමේ මේපාර බැට් කරන්නේ ඊයේ උපුල් තරංග වගේ.

    ReplyDelete
  26. @ මධුරංග
    සින්දු වලට තමයි මං කැමති වැඩියෙන්. හුඟක් ලියල තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්.

    ReplyDelete
  27. @ Gimhani
    හැමදාම ගොඩ වැදුනට තාම හලෝ කියන්ත් බැරිවුණා නේද?
    ස්තුතිවේවා!

    ReplyDelete
  28. @ Praසන්ன
    සිල්ලර කඩයක් නෙමේ කඩයප්පං කඩයක් කරලා තියෙන්නේ මොරටුවේ!
    සපතේරු උන්නැහේ ට අනුව.

    ReplyDelete
  29. @ Gimhani
    ඊටත් වඩා ආදායමක් නැති එක. කියවන්න විකි ලිපිය.

    ReplyDelete
  30. @ නදී
    බොහොම ස්තුතියි, මටත් හිතෙනවා එහෙම.

    ReplyDelete
  31. @ අභීත
    මගේ අදහස මේ කතාවට ලින්ක්ස් දාන්න ඊලඟට එන කතාවලින්.
    හොඳයි නේද?

    ReplyDelete
  32. @ nawam
    අවුරුදු පනහකින් කල් දැම්මේ, එච්චර කල් ඉන්න බැරිවෙයි කියල හිතුන නිසා. යන වෙලාව කලින් දැනගන්නේ කොහොමද? කාලෙ ආවම යන්න වෙනවා!

    ReplyDelete
  33. @ Podi Kumarihami
    ඉරිදා රෑ මගේ තිබුණ මූණ හොඳයි මගුල් ගෙදරක අඬන්න යන්න.

    ReplyDelete
  34. @ මහ වෙදනා
    ස්තුතියි කිව්වා එහෙනං. දැන් ඉතිං බලාරිෂ්ටෙ, දශමූලාරිෂ්ටේ පිහිට තමයි.

    ReplyDelete
  35. @ දුමී
    හැබැයි යසපාලිත තමන්ගේ ළමයින්වයි, වාසුගේ ළමයින්වයි දාලා නම් ෆිල්ම් එකක් හැදුවා. ඒක නැගලා ගියේ නෑ මගෙ හිතේ.

    ReplyDelete
  36. @ සපතේරු උන්නැහේ
    ස්තුතියි නිවරදි කිරීම්වලට.
    හැබැයි ඉතිං ආප්ප කොත්තුත් සිල්ලරට නේද විකුණන්න ඇත්තේ, තොග වශයෙන් නෙමේ නේ!
    කෙසේ වෙතත් මං ජෝක් නැති කතාත් ලියලා තියෙනවා මේ බලන්න එකක්.
    http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html

    දෙකක්.
    http://kathandara.blogspot.com/2010/07/blog-post_13.html

    ReplyDelete
  37. @ Ano @ 1:36pm
    බුදු අප්සෙට් කියන එකේ බුදු අප්සෙට් එකක් නං මට පේන්නේ නෑ. ඔයා ටිකක් මේ ගැණ බුදු සිරා ගහලා වගේ, බුදු අම්මෝ!

    ReplyDelete
  38. @ නිල් අහස
    වෙන්න ඇති.
    බන්දු සමරසිංහලා වගේ අය නං ඔය වගේ කතාවක් කියනවා මං දහල දැකලා නෑ.

    ReplyDelete
  39. @ ට්‍රැෆික් ඇනෝ
    ටැන්කියු කිව්වා. මං දවස් දෙකක් ඇතුලත ආපහු එන්න තීරණය කලේ මේ කියන් තියෙන කතන්දර ටික ගැණ දුක හිතිලයි!

    ReplyDelete
  40. @ Observer
    ඕකට එක හේතුවක් තමයි මුදල් පරිපාලනය දන්නේ නැති එක. අනිවාර්ය පැන්ෂන් ෆන්ඩ් එකක් තිබුනනං වැඩේ ගොඩ යන්න තිබුණා.

    අනිත් නළුවෝ හුඟ දෙනෙක් අනාගතය ගැන හිතුවා වගේ.

    ශ්‍රියානි අමරසේනත් සිල්ලර කඩයක් කළා නේද?

    ReplyDelete
  41. @ matamathakahetiyata
    තැන්කියු!

    ReplyDelete
  42. කඩේ ගිය කතාවක්
    ඊට පස්සෙ කඩේ වහපු කතාවක්
    අද කඩේ ඇරපු කතාවක්

    ප්‍රෙඩී වගේම තමයි ඉතින්...
    නැත්තං මේ මොක ලිව්වත් අපට කියවන්න හිතෙන්නෙ මො‍කෝ...?

    සිල්ලර කඩයක් දාන්න කල්පනාවක් නැද්ද කවද හරි?

    -ලොකු

    ReplyDelete
  43. මා කතන්දර බ්ලොගයේ නිත්‍ය පාඨකයෙක් වී ඇත්තේ එහි කතන්දර වල context එක නිසා නොව මෙන්න මේ " style of thinking " එක නිසාය...

    ReplyDelete
  44. //හැබැයි ඉතිං ආප්ප කොත්තුත් සිල්ලරට නේද විකුණන්න ඇත්තේ, තොග වශයෙන් නෙමේ නේ!//

    මා කතන්දර බ්ලොගයේ නිත්‍ය පාඨකයෙක් වී ඇත්තේ එහි කතන්දර වල context එක නිසා නොව මෙන්න මේ " style of thinking " එක නිසාය...

    ...වැරදි කොමෙන්ටුව මකල දාමු..

    ReplyDelete
  45. ෆ්‍රෙඩී සිල්වා, ඩී ආර් නානායක්කාර ආදීන් අන්තිම කාලයේ කාගේවත් පිලිසරනක් නැතිව මිය ගිය බව පුවත් පත් වලින් කියවා ඇත. ෆ්‍රෙඩී වැනි කලාකරුවන්ගෙන් සිදු වූ සමාජ මෙහෙවර ගැන ප්‍රමානවත් අගැයීමක් වනු මා දැක නැත. එවැනි ඇගයීම් අනෙක් කලාකරුවන්ටද ලංකාවේ කලාලැදි සැමට සතුටක්ද, එවැනි කලා කරුවන්ට ප්‍රනාමයක්ද වනු ඇත.

    ෆ්‍රෙඩී ගැන කුමන කතාද, ගාමිනි ෆොන්සේකා ගැනවත් එවැනි යමක් තිබේද?

    ReplyDelete
  46. බ්ලොග් නම් ඉතින් කතන්දර නැතුව බැහැනේ . ඔන්න ඔහේ දිගටම ලියන්න . අපි කියවනවානේ

    ReplyDelete
  47. කතන්දර ආපහු ආව එක ගැන ගොඩක් සතුටුයි...

    ප්‍රෙඩී සිල්වා ගැන කියවද්දී දවස් කිහිපයකට කලින් යූ ටියුබ් එකේ බලපු ක්ලිප් එකක් මතක් වුණා... හැබැයි මේකේ ඉන්නේ ප්‍රෙඩී නෙවෙයි බන්දු සමරසිංහ... කතන්දර සීරියස් විදියට කියන්න හදපු කතාවම බන්දු ජෝක් එකක් විදියට කියනවා... අහලම බලන්නකෝ...

    http://www.youtube.com/watch?v=uu4DOgRYZTc

    ReplyDelete
  48. කතන්දරගෙ නැවතීමෙ තිත ගැන මට නං සැකයක් තිබුන මුල ඉඳලම.. මොකද කතන්දරට ඕන උනත් දැන් නවත්තන්න එක ඒ තරම් ලේසි පාසු වැඩක් නෙමෙයි.. ෂර්ලොක් හෝම්ස් ලියපු ආතර් කොනන් ඩොයිල්, අවසන් ගැටළුව ලියල හෝම්ස්ව රයිෂන්බාක් වලින් පහලට දැම්මට පස්සෙ, ඩොයිල්ට ආපු රසික ලිපියක තිබුනයි කියන්නෙ " උඹ මහා යක්ෂයෙක් " කියල... ඒ වගේ කතන්දරත් අතර මග නැවතුනොත්.. අනේ මන්ද..මම නං එහෙම කියන්න යන්නෙ නෑ.. එත් 'කාටහරි' පුළුවන්නේ ඇනෝ කොමෙන්ට් දාන්න :D :D

    ReplyDelete
  49. ඇත්තටම ප්‍රෙඩී සිල්වා කියන්නෙ අපිට හිටිය ජාතික සම්පතක්, හැබැයි මිනිහ විහින් විනාශ උනා කිව්වොත් නිවැරදියි මම හිතන්නෙ .....

    ReplyDelete
  50. බැඳගත්ත බෙරේ දැන් ඉතින් ගහමු තතන්දර මහත්තයෝ .. දැන් ඉතින් කොයිතරම් ලොකු වැඩ රාජකාරි තිබ්බත් මේ බ්ලොග් එක නවත්තන්න බැරි වෙයි . ඕක නවත්තන්න හිතන්නත් එපා ..මෙච්චර කල් ලියාගෙන ගියා වගේ අදත් හෙටත් ,අපිට බලන්න අනිද්දාටත් මොනවාහරි ලියලා දාන්න

    එහෙනම් පිටියට බැහැලා වෙනදා වගේම හතර අතට කතන්දර ටිකක් නෙලමු බලන්න ..

    ReplyDelete
  51. දැන් කසූ මොකක්ද කරන්න හදන්නෙ ?

    ReplyDelete
  52. @ Loku
    ඒ අගැයීමට තැන්කියු වේවා!

    හැබැයි ලොක්කයියේ, මං කවදත් කරන්නේ ඔය පොඩි සිල්ලර වැඩ තමයි. හෝල් සේල් වානා.

    ReplyDelete
  53. @ සපතේරු උන්නැහේ
    මගේ ලයින් ඔෆ් තින්කින් වලට ඔයා කැමතියි කියන්නේ අපේ ලයින්ස් දෙක සමාන්තරයි කියන එකද?

    එහෙම නං අපේ ලයින් ඔෆ් තින්කින් කවදාකවත් හමු වෙන එකක් නෑ, නේද?

    ReplyDelete
  54. @ Dayal Bathee
    ඇගයීම කන්නද බතී?

    අවශ්‍ය මට මහළු වයසේ බැරිය වෙණ ගායනා ඵෙර සේ කාලේ වෙනකොට ජීවත්වෙන්න වැඩ පිළිවෙලක් නේ.

    ReplyDelete
  55. @ Bindi
    දැහැමෙන් සෙමෙන් කතන්දර කියන්නට අදහස් කරමි.

    ස්තුතියි අර්වින් ළමයෝ.

    ReplyDelete
  56. @ Beetle
    ඇත්ත කතාව. ස්තුතියි. බන්දු නම් අදත් කොල්ලා වගේ තමයි නේද?

    ReplyDelete
  57. @ sudheera
    ඇත්තටම මං තාවකාලික නැවතීමක් තමයි කෙරුවේ, හිතලා බලන්න ඕනෑ හින්දා.

    මං කලින් දවසක කිව්වා වගේ මේක හොඳ කොටි වලිගයක්.

    ReplyDelete
  58. @ පන්සල් හන්දිය
    අනේ මන්දා? ජාතික වස්තු නං, ජාතියම නේද වග කිවයුතු?

    ReplyDelete
  59. @ හිස් අහස
    අවුරුද්දේ මුල තිබුනේ වෙන්ට කතන්දර සීයයි. දැන් මාස හයක් තිස්සේ සතියකට තුන හතරක් දාලත් ලයිස්තුව එකසිය හැටක් වෙලා. දිගටම ඉන්න එක හේතුවක් ඒක.

    ReplyDelete
  60. @ පොඩි මෑන්
    බිස්නස් ඈස් යූෂුවල්!

    ReplyDelete
  61. http://www.infolanka.com/org/srilanka/people/18.htm

    ReplyDelete
  62. අයි ටී එන් එකේ ගුරුතරුව පෙන්නනවා. මට කතන්දර මතක් වුනා.

    ReplyDelete
  63. @ Vipul Pathiraja
    Thanks a lot for the link. හැමෝම කියවිය යුතු ලිපියක්.
    http://www.infolanka.com/org/srilanka/people/18.htm

    ReplyDelete
  64. @ Ano @ 12:15am
    වැඩේ කියන්නේ මං නං ඔය ගුරු තරුව ගැන අහලා තියෙනවා මිස දැකලා/කියවලා නෑ.

    ReplyDelete
  65. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  66. ග්‍රීස් යකා20 August 2011 at 01:24

    රස විඳීමෙන් අනතුරුව පාටකයා තුල යම් කම්පනයක් ඉතිරි කල හැකි නිර්මාණයක් සාර්ථක නිර්මාණයක් ලෙස හඳුන්වය් .කතාවේ නම මතක නැත .කළු ජුලිය කාලයේ trip එකක් ගොස් එන අතර මග වාහනය breakdown වීම නිසා ඝාතනය වූ දෙමළ ජාතික මහතා ගැන ලියවූ කතාන්දරය මා තුල ඇතිකළ කම්පනය අදටත් පවතී .ඒ අනුව කතන්දර සාර්ථක නිර්මාණ කරුවෙකි!දිගටම ලියන්න !!පසුගිය ජුලි මාසයේ දීවත් එම කතාවට link එකක් ලැබේවි යැය් බලා සිටියෙමි !!!

    ReplyDelete
  67. @ දුමී
    යසපාලිතව බැඳලා හිටියෙ අපේ තාත්තාගේ මාමණ්ඩිගේ (අම්මගේ මල්ලි ) දුවෙක්. හැබැයි යසපාලිත (බාප්පා)....

    අපොයි මට නම් මේ නෑකම මොකක්ද කියල තේරෙන්නේ නැහැ...
    තාත්තාගේ මාමණ්ඩි කියන්නේ අම්මගේ තාත්තාට මිසක් මල්ලිට නෙමෙයි නේද?

    ReplyDelete
  68. ඇත්තටම මම පොඩි කාලේ ඉඳලා කැමති විකට නළුවෙක් තමයි ෆ්‍රෙඩි සිල්වා කියන්නේ. රටක් හිනස්සවපු ඔහුගේ අවසාන කාලයනම් ගොඩක් දුක්බර එකක් කියලා මම පත්තරේක දැක්කා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.