ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 26 September 2011
ඇස්ටෝම් ගෙදර හුරුල්ලෝ - Classes of fish
ඉස්සර මං පොඩි කාලේ ගම්වල තිබුණු මගුල් ගෙවල්වල සාමාන්‍යයෙන් කොටස් හතරක් තිබුණා.
1. මුලින්ම එන්නේ "නම් ප්‍රසිද්ධිය සහ නැකත් ගෙන ඒම". මේ උත්සවය තියෙන්නේ මනමාලිගේ ගෙදරයි. සහභාගීවෙන්නේ දෙපැත්තේම ඉතාම ලඟ ඥාතීන් විතරයි.
2. ඊලඟට තමයි "වෙඩිම", ඒ කියන්නේ අර පෝරුවේ සංසිද්ධිය හෙම තියෙන දවස, එන්නේ මේකත් තිබුනේ මනමාලි ගේ ගෙදරයි. එදාට තමයි මනමාලි ගේ පාර්ශවයේ සියළුම නෑදෑයෝ සහ හිතවතුන් එන්නේ. හැබැයි මනමාලයා ගේ පාර්ශවයෙන් එන්නේ ළඟම නෑයෝ සහ හොඳම හිතවතුන් විතරයි.
3. ඊලඟ උත්සවය තමයි "හෝම් කමිං" එක. බැඳපු ජෝඩුව හනිමූන් ගිහිල්ලා ආපහු එන අතරේ, මනමාලි ගේ පාර්ශවයේ අයව අතර මගදී හමුවෙලා කෂ්ටිය සේරම යනවා මනමාලයාගේ ගෙදර. මේකට මනමාලි ගේ පාර්ශවයේ ලඟම නෑයෝ සහ හොඳම හිතවතුන් විතරයි යන්නේ. හැබැයි මනමාලයා ගේ පාර්ශවයේ සියළුම දෙනා වගේ සහභාගී වෙනවා.
4. එදාම හවස, මනමාලයා ගේ ගෙදර තමයි තියෙන්නේ "ඇස්ටෝම්" එක. මේ නමේ අදහස අළුත් ජෝඩුව "ඇට් හෝම්" කියන එකයි.
ඇස්ටෝම් පාටියට තමයි සාමාන්‍යයෙන් මනමාලයාගේ යාළුවෝ, ගමේ නෑදෑයෝ නොවෙන පිරිස් වගේ ජනතාව ට ආරාධනා ලැබෙන්නේ.
දැන් නං, ඔය පාටි තුනම එකට එකතු කරලා, කොහේ හරි හෝල් එකක තමයි තියන්නේ බොහෝ විට.
මං පොඩි කාලේ දවසක් මට අපේ ආච්චි එක්ක යන්න ලැබුණා ඇස්ටෝම් එකකට.
මේ කියන්නේ අපේ මව් පාර්ශවයේ ආච්චී, ඒ කියන්නේ අර පෙට්ටගමක් පුරෝලා පොත් එකතු කරලා තිබුණු ආච්චී, හෙම නෙමෙයි.
මේ කියන ආච්චී, අපේ තාත්තා ගේ අම්මා.
ඇස්ටෝම් එක තිබුනේ අපේ අල්ලපු ගමේ. සීයා ගේ නෑදෑ ගෙදරක්. හැබැයි මේ දවස්වල සීයා බණ බාවනා මිසක ඔය මගුල්, මළගෙවල්, ඥාති ඇසුර වගේ කේස්වලට සෙට් වුනේ නෑ. කොහොමටත් ඉතිං මං මුලින් කිව්වා වගේ ඇස්ටෝම් කියන්නේ අඩුම ලංසුවේ මගුල් උත්සවයනේ! ඉතිං ආච්චීත්, සීයා ගේ සහ තාත්තා ගේ නියෝජිතයා ලෙස අවුරුදු එකොලහක විතර කතන්දරකුමාර පුත්‍රයාත් තමයි මේ ඇස්ටෝම් එකට ගියේ.
ගෙදරින් බස් පාරට ඇවිල්ලා, ඒකේ මීටර් සීයක් විතර දුරක් ගිහින් තිබුණු ගුරු පාරක් දිගේ ගිහින් කුඹුරු යායට ගොඩවෙලා, ඇල අයිනේ මහ නියර දිගේ අපි අල්ලපු ගමට ගිය හැටි මට තාමත් මතකයි!
නිකං "තුම්මං හන්දියේ" සීන් එකක් වගේ! එකම වෙනස තමයි අපි ගියේ මහ කළුවරේ.
වෙලෙන් ගොඩවෙලා බඩවැටිය දිගේ ගිහින් අපි ඇස්ටෝම් ගෙදර පිළිකන්නෙන් මතුවුණා. අපිව දැකලා සීයා ගේ පාර්ශවයේ නෑයෙක් ඉස්සරහට ඇවිත් අපිව ආචාර කරළා පිළිගත්තා.
"වාඩිවෙන්න මහම්මේ! මේ ඔය දෙන්නෙකුට මේසයක් අරින්න".
වාඩි වෙන්නත් කලින් අපිට වතුර ඇල්ලුවා බත් කන්න. මගුල් මඩුව ඇතුලේ වෙනම වෙනම මේසයි දාලා තිබුනේ. හරියට රෙස්ටෝරන්ට් එකක් වගේ.
ආච්චිටයි මටයි සෙට් කරලා තිබුණා පොඩි මේසයක්. ඒකේ මැද්දේ බේසමක බත්. අනිත් ජාති ලොකු දිසිවල දාලා වටේට. මගුල් මඩුව ඇතුලේ තව මේසෙක හතර දෙනෙක් කෑම කනවා. තවත් මේසෙක හය හත් දෙනෙක්.
හැම මේසෙටම සර්ව් කරන්න වෙනම පොරක් දාලා හිටියා. අපි වාඩි වුණාම, අපේ පිඟානට අර බත් බේසමේන් පිරිසියකින් බත් බෙදුවා. ඊ ලඟට හොඳි මාළු පිණි බෙදුවා. අපි කන්න පටන් ගත්තා.
බාගයක් කාලා ඉවරවෙන්නත් කලින් මේ පොර පිටි පස්සේ ඉඳන් ආපහු බෙදන්න යනවා. ආච්චිය මායි දෙන්නම එපා කිව්වා. ඒත් ආපහු පීරිසි බාගයක් ගානේ අපිට බෙදුවා.
කොහෙම හරි මං බැදපු හුරුල්ලෙකුයි, අල හොදි, පරිප්පු, බෝංචි වගේ ජාතියි එක්ක වෙනදටත් වැඩිය බත් කෑවා. ඉන් පස්සේ වතුර බීලා ආච්චි කෝලිකුට්ටු ගෙඩියක් කෑවා. මං නං කෑවේ කිරි පැණි!
මනමාල ජෝඩුවට ආචාර කරළා, කවරෙක දාපු සල්ලි ටිකත් අත මිට මොලෝලා, අපි වැඩි වෙලා නොගිහින් ආපහු එන්න ආවා අර පිළිකන්න, බඩවැටිය, මහ නියර, වෙල්යාය, ගුරු පාර, තාර පාර දිගේ අපේ ගමට.
ගෙදරට එනකං ආච්චී වැඩි කතා බහක් තිබුනේ නෑ.
අම්මේ කොහොමද මගුල් ගෙදර තාත්තා ඇහැව්වා.
"මහ කාලකණ්ණි පෙරේතයෝ වගයක්! ඔන්න උඹලාගේ තාත්තලාගේ නෑයෝ. මුං මටයි කොලුවටයි දුන්නේ හුරුල්ලෝ නේ. මං දැක්කා අල්ලපු මේසේ හිටිය උන්ට නං, එපා එපා කියද්දීත් කෙලවල්ලෝ මාළු බෙදනවා."
"මං නං කට හරියේ තිබ්බේ නෑ ඒ හුරුල්ලෝ!"
එතකොට තමයි මට තේරුනේ ගමේ වෙඩිමක හතරවැනි මට්ටමේ උත්සවය වුණු ඇස්ටෝම් එකෙත් ඉහල සහ පහල කැලෑසි දෙකක් තියෙන බව.
4.1 ඉහල කැලෑසියට කෙලවල්ලෝ කෑලි මාළු මිරිසට උයලා
4.2 පහල කැලෑසියට හුරුල්ලෝ, සාලයෝ කුරි මාලු තෙලෙන් බැදලා!
-කතන්දරකාරයා
ප/ලි:
අනේ පිඬු සිටාණෝ, අනේ පිඬු සිටාණෝ, අනේ, අනේ, අනේ, අනේ...
(image: http://www.fao.org/WAIRDOCS/FNS/FN015E/ch12.htm)
Subscribe to:
Post Comments (Atom)
ලංකාවේ ඉතින් මහත්තයෝ කාටත් ඒක විදියට සලකනවා කියල දෙයක් නැහැ නේ. ටැබූ ඉන්න කාලේ කිව්වා වගේ වැඩවසම් ක්‍රමයක් නේ තියෙන්නේ.
ReplyDeleteඇත්තටම මේක ලංකාවනේ.... ඉතින් අපිට ගොඩාක් තැන් වලදි මේක බලාපොරොත්තු වෙන්නම වෙනවා.....
ReplyDeleteඕවා ගැන හිතලා කාලේ නාස්ති කරගන්නේමොකටද??
මං කුරුණෑගල වැඩ කරන කාලෙ ගිය මගුල් ගෙදරකදි දැක්ක, ගෙදරට ඇතුල් වෙන තැනම පොඩි කැෂියර් මේසය වගේ එකක් තියා ගෙන, එන අමුත්තන්ගෙන් දෙන තෑගි මුදල අරගෙන, පොතක නම සහ මුදල ලියා ගන්නව. පස්සෙ ඒ ගැන හොයල බැලුවම, ආරංචි වුනා කෑම මේසෙදි සැලකීම, බොන්න දෙන්නෙ සීල් අරක්කුද, වල් ෆැන්ටද, එහෙම තීරණය වෙන්නෙ දෙන තෑගි මුදලෙ හැටියට කියල.
ReplyDeleteඔතන තිබුනේ පන්ති බේදේට වඩා කුළ බේදේ. පින් සිද්ද වෙනව කතෝ. ලස්සන් ඒකාංගිය ටෙලියක් වගේ මැවිල පෙනුනා. ගම කන්නිමහර පැත්තෙයි...?
ReplyDeleteඇයි බන් කටලස්... වී.අයි.පී. ඔන්ලී....
සමාවෙන්න. ආච්ච්ට පිස්සුද මන්දා. හුරුල්ලා මගේ ප්‍රියතම මාළුවා. ඇඹුල් තියාල් ක්‍රමේට හැදුවම. පිච්චූ පීකුදූ...
ReplyDeleteමම හිතන්නෙ මම මේ Blog එකේ Post ඔක්කොම වගේ කියෙව්වා අව්‍යාජ අදහස් නිසා ආසසි කියවන්න..... තව තවත් ලියන්න......ජය වේවා !!!!!
ReplyDeleteකැත වැඩ ඔවානම් . ඒ අතින් දැන් කාලේ කොච්චර හොඳද . මේ බුෆේ ක්‍රමේ හින්ද ඔය වගේ වැඩ නැහැ . හැමෝටම එකයි.
ReplyDelete@ ඔබ්සර්වර් ..
ඔහොම තෑග්ග කලින්ම ගන්න එක මෙහෙ නම් සාමාන්‍යයි. ලස්සන කෙල්ලෝ දෙන්නෙක් විතර මේසයක් තියාගෙන තෑගී එකතු කරනවා. මෙහෙත් මුදල් තමයි පොදු තෑග්ග . ගණන් කරනවද නම් මන්දා . හැබැයි අපේ ඔය මුදල් දීම නිකන් හොර වැඩක් වගේ අන්තිම මොහොතෙනේ දෙන්නේ . මනමාල ජෝඩුවත් ලජ්ජාවෙන් අනේ එපා කියලනේ ගන්නේ . අපි දවසක් ගිහින් ඔය කෙල්ලෝ ගණන් ගන්නේ නැතුව අපේ පුරුද්දට මගුල් ගේ ඉවර වෙලාම දෙන්නම් කියල හිටිය .අන්තිමට තෑගි කවුන්ටරේ අකුලලා . හොයල හොයල මනමාලිගේ අම්මටද කොහෙද දුන්න .
මමත් සාලුයෝ හුරුල්ලෝ කාලා තියෙනවා මගුල් ගෙවල් වලදී.
ReplyDeleteහැබැයි කෑමට පෙර...
බැදපු හූරුල්ලෝ ප්‍රධාන කෑම වේලට කලිං ඔය මොනවහරි බීමක් එක්ක කෑව නං . . . . . බත් කන වෙලාවට තිබ්බෙ කෙලවල්ලොද, හුරුල්ලොද කියල මතක නැතිවෙනව
ReplyDeleteවැරදිලා බයිට් එකට දෙන්න තිබිච්ච ඒවද කොහොද කකාට බෙදල තියෙන්නෙ.
ReplyDeleteඅප්පේ එහෙමත් කරනවද නෑදෑයන්ට .....
ReplyDeleteකකා අයිය ඒ කාලේ පොඩි කොලුවෙක් නිසා ගානක් නැති වෙන්නැති. මේ කාලේ කලානම් කකා අයියටත් ඒක හිතට අමාරු වේවි .
ReplyDeleteමාත් ගිරි උල්ල පැත්තේ මඟුල් ගේක හුරුල්ලෝ මාලු කාලා තියෙනවා. එදා ගෝවා මලෝලත් තිබ්බා.
ReplyDeleteදෙවිදිහකට සළකන එක නම් හරි නෑ,,, මටත් මතකයි ඉස්සර අපේ ආච්චි අම්මා එයාගෙ තනිවට මාව නෑ ගෙවල්වල එක්කන් යනවා, කාපු බීපුව නං මතක නෑ ක.කා ට වගේ :)
ReplyDeleteඅපි පොඩිම කාලේ ඔය වගේ තමා හැම මඟුල් ගෙයක්ම, දැන් නං බුෆේ හින්දා අවුලක් නෑ....
ReplyDeleteකුම්බලා මාලු කෑව නම් නේ දුක, බැදපු හුරුල්ලො ෂෝක්
ReplyDeleteකාටත් සමානව සලකන්න ඕනි නිසාත්, තමන් කැමැති මාළුවා ,තමන්ගේ පිඟානට බෙදා ගන්න ඕනි නිසාත් වෙන්න ඇති දැන් ඔය හතරවර්ගෙම (1 ,2,3,4 ) එකම හෝටෛලෙකට ගෙන්නල කන්න බොන්න දෙන්නේ ...
ReplyDeleteසමහර මගුල් ගෙවල්වල බොන්න ගියත් ඕක තියෙනවා.
ReplyDeleteසමහරෙකුට ගල්, සමහරෙකුට ඕල්ඩ්.
හරි කැතයි නේද වැඩේ............!
දැන් ඔය බත් කඩ තියෙන්න. එව්වයෙ බැදපු හුරුල්ලෙක් දෙන්නෙ ස්පෙෂල් අයිටම් එකක් හැටියට. මොකද කිව්වොත් හුරුල්ලා වුනත් "බැදල" තියෙන්නෙ ආච්චි වරදවා වටහා ගත්තට.
ReplyDeleteකතන්දරේ ෂෝක්, ගම මතක් වෙනව.
බ්ලොග් එකේ හැඳින්වීම තහවුරු කරවන කතාවක්.
" කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං. හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි. මානුෂිකයි. ජාතිවාද නෑ. රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර"
නෑදෑ ගෙවල් වලට යද්දි පිළිකන්නෙන් ගොඩ වීම, පුතා විසින් තාත්තා නියෝජනය කිරීම, නෑදෑ පාර්ශ්වයන් අතර ගැටුම් (ඒ උනාට මහ ජාතිය රැක ගැනීම ගැන කතාව)
දැන් ඉතින් මහ නියරටත් කොන්ක්‍රීට් දාල නිසා මේ වගේ කතන්දර වලින් තමයි අතීතය ස්මරණය කරන්න පුළුවන් වෙන්නෙ.
-ට්‍රැෆික්
//කාපු බීපුව නං මතක නෑ ක.කා ට වගේ :)//
ReplyDeleteඔන්න ඔහොමත් කිව්වනෙ අප්පේ...
@ බින්ඩි,
ReplyDeleteබින්ඩි ඉන්නේ වියට්නාමේ, මම හරිද?
@ මාතලං කුල බේදෙද පංති බේදෙද ?? ඔය කුල බේදෙන්ම බිදිල ආව එක් තමයි පන්ති බේදෙ කියන්නෙ... ...
ReplyDeleteඔය පන්ති බේදෙට ප්‍රදාන හේතුවක් කියල මම දකින්නෙ ඔය පහල කැලේසියේ ඉන උන්මයි.. උන් යනවනෙලොකු ලොකු අතුවල පුක ලෙවකන්න...
ෆේස් බුක් එකේ ප්‍රථම කවියා ඉන්දිකගෙ " හිතේ කෙටූ ටැටූ " පොතේ කවියක් මතක් වෙනවා මට මේ වෙලාවෙ
තිබුන නම්
නැටි අපට
වනල වනල
කැඩිල
මෙලහකට
අපේ ආච්චිත් එක්ක මාත් දවසක් ඔහොම ගමනක් ගියා, තවත් කතාවකුත් මතක් වුනා , දෙකම ලියන්න ඕන .
ReplyDeleteකසූගේ පහු ගිය කතාවයි, මේ කතාවයි ගොඩක් රසවත්. අතීතයේ ආගිය මුලගිය රසවත් තැන් ගෙන හැර දැක් වූ නිසාමත් ඒවගේ අතීත සිදුවීම්වල තියෙන රසයත් නිසා වෙන්නැති....!
ReplyDeleteමම නම් බැදපු මාළු වලට කැමතියි ගොඩක්,
ReplyDeleteකන්නිමහර පැත්තටටත් කැමතියි,
කකා අයියාගේ ගමන් විස්තරය සහ "මහම්මා" යන වදනට අනුව මෙය ඒ ප්‍රදේශයේම විය හැකියි.
මම කන්නිමහරට කැමති එහෙ තවම ගම්මාන නිසා,
වැඩේ කියන්නෙ මම එහෙ ගිහින් තමා ගොඩාක් කාලෙකින් බැදපු හුරුල්ලො කෑවෙ ඒ අවුරුදු දෙකකට විතර කලින් ඒ මගේ කිරිඳිවැල යාලුවෙක්ගෙ ගෙදර ගිහින්.
ගෙදර ආවට පස්සෙ අපෙ අම්මට කරදර කරා හදන්න කියලා,
අම්ම හදන් නෑනෙ අප්ප,
අන්තිමට මං ටොරින්ටොන් එකේ ප්‍රසිද්ධ බත් කඩෙන් එළි පිට බත් කෑවා ඊයෙ පෙරේදා.
හරි රසයි,
රුපියල් 80 වයි.
ටොරින්ටොන් කීවෙ නුවර එක :)
ගමේ සුන්දරත්වය මෙහි මනාවට කියා පානවා.මේ විදියට ගමේ මගුල් ගෙදරකට ගිහින් කන්න තියනවනම් මම මොන තම වාසනාවන්තයෙක් ද ?
ReplyDeleteහි හි හි......අවුලක් නෑ කකා....ඔය ලොකු මාළුන්ට වඩා පොඩි මාළු රසයි ගුණයි මයෙ හිතේ.....
ReplyDeleteමම මාතෘකාව දැක්ක ගමන් හිතුවේ මේ ජම්බු ගහෙන් වැටිච්ච ගෙදරකට ගිය කතාවක් කියලා . අපිනම් ඇස්ටොං ගෙවල් කියන්නේ ඒවට ..
ReplyDeleteකතන්දර කාරයා නම් කෑමටත් උපන් හපනෙක් බව මට පහුගිය කෑම කතා කීපයකදීම ඒත්තු ගියා .
මගේ යාලුවෙකුගේ මාමා මගුල් ගෙවල් වල යනකොට රුපියල් දෙකකුයි රුපියල් පහකුයි වෙනම ලියුම් කවර දෙකක දාගන්නවලු.ඊට පස්සේ කියනවලු මෙහෙම . බොන්න තිබුනොත් පහයි නැතිනම් දෙකයි.ගානෙන් හිතා ගන්න කාලෙ ගැන.
ReplyDeleteමම බැලුවෙ කකා අලි පෙර ගැන කතා කරද්දි පෙයාර්ස් ගෙඩියක පින්තූරයක් දැම්ම වගෙ හුරුල්ල ගැන කියද්දි දැමමෙ සාලයෙක්වත්ද කියල
ReplyDelete-ට්රැෆික්
ක.කා. පොඩි කාලේ සමහර විට වැඩවසම් යුගයේ අඳුරු කාලේ වෙන්න ඇති නේද? හැබැයි දැන් කාලේ නම් ඔය ජාතියේ වැඩ මෙහෙ නැහැ මං හිතන්නේ. ආච්චිට තරහ ගියාට ක.කා. නම් හුරුල්ලන්ට වගකියන්න ඇති තලු මර මර. කියල තියෙන විදිහෙන් එහෙමයි හිතෙන්නේ.
ReplyDeleteපලිය තේරුන් ගන්න බැරිවෙලා මේ තාම ඉන්නෙ! අනේ අර සුජීවවත් ආවනං මේ ගැට ලිහන්න.
ReplyDelete@ All
ReplyDeleteප/ලි ය ගැනයි.
තුංමන්හන්දියේ චිත්‍රපටියේ තියෙන සීන් එකක් නේ පොඩි ළමයෙක් මගුල් ගෙදරක යන එක.
ඒ මගුල් ගෙදර ග්‍රැමෆෝන් එකකින් සින්දු දානවා.
වාදනය වෙන්නේ අනේ පිඩු සිටානෝ කියන ගිතයයි. හැබැයි දෙවෙනි වර අනේපිඩු කියන තැන ඉඳිකට්ට එකතැන යනවා. ඇහෙන්නේ අනේ, අනේ, අනේ කියලයි.
තුංමන්හන්දිය බලපු කෙනෙකුට මේක අමතක වෙන්න හේතුවක් නෑ.
හුරුල්ලෝ... එපා වෙනවා...
ReplyDeleteබුදු තාත්තේ බොන්න.. බොන්න.. බොන්න.. බොන්න.......
ReplyDeleteඒ ගීතය වාදනේයේදී වූ ප්‍රමාද දෝෂය ගැන් අපගේ බලවත් කනගාටුව....
දැන් තමයි කතන්දරගේ ඊයේ item එක කියවන්න හම්බ උනේ. දැන් කාලේ all-in-one මගුල් වලට වඩා ගම්වල් තියෙන mega series මගුල් ගෙවල් මාර ආතල්.
ReplyDeleteඅවුරුදු බර ගානකට ඉස්සර හේවාහැට පලාතේ මගේ අතීසාර බුවෙකුගේ home coming එකට තව බුවලා කස්ටියක් සමග ගියා. ආපහු ආවේ ඇස්ටෝම් එකේ episode 4 කට ඉඳලා. එච්චරකට invitees ලා. ඒ කියන්නේ දවස් තුනක් එක දිගට දවල්, රෑ, දවල්, රෑ, දවල් රෑ එම..එම..එමම කාලා.
මොනවා උනත් බැදපු හුරුල්ලා කෙලවල්ලාට වැඩිය හොඳා!