Monday 15 August 2011

නැවත දැනුම් දෙන තුරු කඩේ වසා ඇත - Shop closed until further notice!


කතන්දර බ්ලොග් එක නැවත දැනුම් දෙනතුරු වසා දමමි.

පසුගිය අවුරුදු දෙකයි මාසය තුල මට අනුග්‍රහය දැක්වූ ඔබ සැමට ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය කිසිසේත්ම කළබලවීමට හේතුවක් නොවේ. පුද්ගලික කරුණකි.

මේක මෙව්වා එකක් හෝ එහෙම නැත්තම් මෙව්වා එකක් නොවේ.

ඇත්තටම කියනවා නං මෙන්න මෙව්වා එකකි.

සමහර විට ආපසු බදදා කඩේ විවෘත කරන්නට ඉඩ තිබේ. සමහර විට ඊට වඩා කල් යන්නටද ඉඩ තිබේ. සියල්ල කාලය විසින් විසඳනු ඇතැයි සිතමි.

එතෙක් මා මෙතෙක් ලියා ඇති කතන්දර 400+ කියවන්න.

ඊයේ, ඉරිදා, කතන්දර බ්ලොග් එක නොබැලූ අයට සෝමරත්න දිසානායක සාකච්ඡාවේ දෙවෙනි කොටස නොහොත් "කඩේ යාම=xx දීම" මෙතනින් කියවිය හැක:
http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

(image: http://www.shoutingatco.ws/blog/2011/05/10/ten-worst-shop-chains/)

39 comments:

  1. හා එහෙනං, ආපහු එනකන් අපි බලා ඉන්නව.....

    ReplyDelete
  2. නොගොස් එන්නට බැරිය
    නෑවිත් යන්නට බැරිය
    යාමද දුකකි
    ඒමද දුකකි
    මෙලොව ඇත්තේ යාම් සහ ඒම්ය

    -මළගිය ඇත්තෝ-

    ReplyDelete
  3. අසනීපයක් වත්ද ?

    ReplyDelete
  4. මේක නම් ලොකු බොරුවක්. සඳුදා කතාව ලියාගන්ට බැරිවෙලා අපිව කලබල කරන්ට තමා මේක දාන්ට ඇත්තේ...:)

    ReplyDelete
  5. එහෙනම් කතන්දර අයියා ඉක්මනටම එන්නකෝ !!!

    ReplyDelete
  6. මොකක් හරි හොරයක්....!

    ReplyDelete
  7. අන්තර්ජාතික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් මේ සිද්ධිය..කට්ටිය එකතු වෙලා උපවාසයක් කරමු.

    කොහොම වුනත් කතන්දර අයිය ඉතා ඉක්මනින් මේ කුමන්ත්‍රණය පරදවා නැවත වැඩ පටන් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  8. මේක මේ අගේ කරන්න කරන වැඩකි....
    අපිට මේවා හොදට හුරුය.....

    ReplyDelete
  9. වැඩේ අහුවෙලානෙ කතන්දර ටග් ගාලම... මේක මේ කතන්දරගෙ මොකක් හරි සෙප්පඩ විජාවක් එහෙම නේද ??

    ReplyDelete
  10. හා හා . . .. හිමීට කඩේ අරින්නකො . . . . නිවාඩු පාඩුවෙ . . .

    ReplyDelete
  11. කඩය නැවත විවෘත වන තෙක් අපි පෝළිමේ සිටිමු.

    ReplyDelete
  12. අනේ දැන් අපි කඩේ යන්නෙ කොහොමෙයි. කඩේ වහලානෙ...

    ReplyDelete
  13. හිටපු ගමන් කඩේ වැහුවෙ කාටහරි කඩේ යන්නද දන්නේ නෑ....

    ReplyDelete
  14. හා හා ඔබතුමාගේ කැමැත්තක්.....:D

    ReplyDelete
  15. මේක මෙව්වා එකක් හෝ මෙව්වා එකක් නොව මෙව්වා එකක් හෙවත් පල්ලං පොල්ලක් යැයි කියල තියෙද්දිත්,
    මෙම කඩය වැසීමට සිදුවීම සමග වල් පාත්තිය නැති කිරීම, මල් පාත්තියට කෙළවීම හා සරුංගලයක් පා වීම හෝ සෝමාගේ කඩේ යාම යන කතන්දර වල සම්බන්ධයක් තියෙනවාද, නැත්නං අරකද, මේකද, කිය කියා ඉන්න එක තේරුමක් නැත.
    කඩය වැසීම නිසා, කතන්දරකාරයාගේ වේලාව සහ කියවන අපේ වේලාව ඉතිරි වේ.
    ප්‍රශ්නය නම්, ඉතිරි වෙන මුදලකට පොලියක් ලබාගැනීමට හැකි වුනත් ඉතිරි වෙන වේලාවට පොලියක් ලබාගැනීමට නොහැකි වීමයි.
    -ට්‍රැෆික්

    ReplyDelete
  16. අර මහන උනා කිව්ව වගේ කුපාඩි සීන් එකක් තමා සුවර් එකට :පී ය

    ReplyDelete
  17. කතන්දරයක්ද ඒ කීවෙ ?

    ReplyDelete
  18. කතන්දර අයියා, ඉක්මනට ගිහින් එන්නකෝ එහෙනම්.. හැබැයි කතන්දර කඩේ වහනවා කිව්වම නම් ඒක හරි අඩුවක් වගේ..

    ReplyDelete
  19. මොකෝ බන් උනේ ?

    ReplyDelete
  20. කඩේ වහල කියල ඉස්සරහ පැත්තෙ බෝඩ් ලෑල්ලක් එල්ලල පිටිපස්සෙ දොරෙන් බිස්නස් කරයිද දන්නෙ නෑ. සත පහකට සුවර් නැති මනුස්සයා නෙ.

    ReplyDelete
  21. අර කමිං සූන් ලිස්ට් එකේ මෙහෙම කතන්දරයක් අපි දැක්කෙ නෑනෙ. හා හා අද සඳුදනෙ, බදාදා නැතනං සිකුරාදා එන්නකො වෙනදා වගේ. හැව් අ නයිස් ටයිම් !!!!

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. බලා සිටිමු එනතුරා කකා. සිතට මොකක්ද අඩුවක් දැනේ.
    නැවත එන්න. සියළු වැඩ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!!

    ReplyDelete
  24. මදෑ කතා බලන්ට හිටියා... :( පල්ලං කෙසේ වෙතත් පොල්ලක් තියන්ට වගේ..

    ReplyDelete
  25. මෙදා පාර....මෙගා සිරිස් එකක්..දෙන්න වගෙයි හදන්නේ..

    ReplyDelete
  26. කතන්දර
    මේ කඩේ වහනවා කියන එකට ඩබල් මීනින්ග් තියනවා. බලාගෙන ඒ අනිත් තේරුම ඇඩල්ට්ස් ඔන්ලි

    ReplyDelete
  27. ඒ පාර කසුත් සත්‍යවාදී™, අතිමානූෂීය™, පෝස්ට් මොඩර්න්™, රැඩිකල්™, මධ්‍යස්ථ™, කරුණා භරිත™, සංවේදී™ බ්ලොග් ලියන්නෙක් වෙන්ඩ යනවද?

    ReplyDelete
  28. මෙයත් හෙට අනිද්දට කියයිද දන්නේ නැහැ අනේ මාව "හැක්" කරලා කියලා.මොකද පහුගිය දවස්වල මහ ලොකු මල් පාත්තියක් ගැන මෝඩ කතාවක් කිව්වනේ. කොහොම උනත් මෝඩ ජෝක් නොදා ඉස්සර වගේ ලියන්න පුළුවන්නං විතරක් ලියන එක හොදයි.නැත්තං රතුපාට ටයි දාගෙන රතුපාට කොරොල්ලා එකේ තමන්ගේ සිහින ලෝකේ සැරිසරන එක හොඳයි.
    -තිරිසනා-

    ReplyDelete
  29. 1. තිරිසනා තිරිසනාටම තිරිසනා කියන්නෙ කුමක් නිසාද?
    2. රතුපාට ටයි දාගෙන රතුපාට කොරොල්ලා එකේ යාම සහ මල් පාත්තිය අතර සම්බන්ධය කුමක්ද?

    ReplyDelete
  30. සිරාවටම මේක කතන්දර අගේ කරවා ගන්න කරන වැඩක්ද?

    ReplyDelete
  31. දැන් කීප සැරයක්ම ආවා මේ පැත්තෙ ..මොනව හරි ලියනව කියල.. උදේ ඉඳන්ම මේ බෝඩ් එක දැක්ක ගමන් මට දුකයි.. කේන්තියි..කේන්ති ගියහම මන් මුකුත් කියන්නෙ නැහැ..

    ReplyDelete
  32. ආසාවෙන් ගොඩ වැදිලා පොඩි ආදල් එකක් අරගෙන සතිය ගෙවාදාපු කඩයක් එකපාර වහලා දැම්මම හිතට දුකක් දැනෙනවා තමයි ..ඒත් ඉතින් අපිට බෑනේ කඩේ මුදලාලිට බල කරන්න ..කඩෙත් එයාගේ බඩුත් එයාගේ ..ඉක්මනින් කඩේ ඇරේවි කියලා බලාපොරොත්තු වෙනවා ..

    එක කඩයක් දැම්මාම ලඟපාත තියන අනෙක් කඩ වල මුදලාලිලා හරි අකමැතියි ..ඒත් සමහර ලොකු කඩ වලට එන සෙනග වටේ කඩවලටත් කැපිලා එනවා ..ඒවගේ ලොකු කඩයක් වැහුනාම අනෙක් කඩවල මුදලාලිලාටත් දුකයි ..

    ReplyDelete
  33. පුද්ගලික මෙව්ව එකක් හින්ද ඉතින් අපි එව්ව මෙව්ව කිව්වට වැඩක් වෙන්නෙ නෑනෙ...

    පුද්ගලික මෙව්ව එක දුකක් කරදරයක් නොවේය කියල හිතනව... සිංහල බ්ලොග් බ්ලොගර්ස්ලගෙන් එලියට ගෙනියන්න උත්සාහ කරපු ඔබ වගේ කෙනෙක් මේකෙන් ඈත් වුනොත් ලොකු පාඩුවක්...

    හැකි ඉක්මනින් කඩේ අරිමු..

    ReplyDelete
  34. @ All
    ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තුතියි.

    ඉරිදා රාත්‍රියේ සිට කල්පනාකරමින් හිටියේ බ්ලොග් එක තව දුරටත් කරනවාද කියලයි.

    අඟහරුවාදා වෙන කොට ටිකක් පොසිටිව්තාවයක් ආවා.

    අද, බදදා ආපහු කඩේ අරිනවා!

    ReplyDelete
  35. නිකං නෝන්ඩි උනාද මංදා????

    ReplyDelete
  36. මේකත් අර වෙන්ඩ කතන්හ්ඩර 100න් එකක් නේද ?

    ReplyDelete
  37. Marayage repeat eka!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.