Tuesday 2 November 2010

ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක්!


මං හිතන්නේ සිංහල බ්ලොග් කියවන හැම කෙනෙක් ම දන්න බ්ලොග් එකක් තමයි "ටැබූ හෙවත් ටැබූ සර්" ලියන ටැබූ සබ්ජෙක්ට්ස්.

ටැබූ ගේ බ්ලොග් එක මුළුමනින්ම කියවල නැති අයට මේ ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ ලංකාවේ සමාජ දේශපාලන මාතෘකාය කියල ටැපලෙන්නත් පුළුවන්. නමුත්, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ සාමාන්‍යයෙන් එළිපිට කතා නොකරන, සමාජ තහංචි පැනවිලා තියෙන විෂයයන් ට නේ.

මං මේ කියන්න යන්නේත්, ඒ වගේ කාරණයක් ගැන ලියවිලා, ගායනා කරල තියෙන සින්දුවක් ගැනයි.

වැඩි විස්තර ලියන්නේ මොටද, මෙන්න සින්දුවේ පද මාලාව හෙවත් ගේය පදවැල. ඉස්සෙල්ලා කියවන්න.

රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ

රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා
වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා

ගායනය- හේමාල් ජයවික්‍රම
සංගීතය- සිසිල් ෆොන්සේකා
පදවැල- රසික සූරියආරච්චි

දැන් මෙන්න ගායක හේමාල් විසින් සාදන ලද යූ ටියුබ් ක්ලිප් එකක්. හැබැයි මේකෙ ඇති වැඩි විෂුවල් එකක් නං නෑ. ඕඩියෝ විතරයි. ඒ හින්ද මේක ඩවුන් ලොඩ් කරන්න 3 MB ද කොහෙද යන්නේ.



පදමාලාව ගැන අදහස් තියෙනව නං ඔන්න ඔහෙ ලියල දාන්න පල්ලෙහායිං.

-කතන්දරකාරයා

29 comments:

  1. Meka mage palaveni ma sinduwai, subject eka nam danne nethuwai gayuwe, e vunata mama nam kelin ma malata yana ekek.

    ReplyDelete
  2. හපුච්චේ කතන්දරට මක් වෙලැයි? ඕක ඉතින් බොහෝ වෙලාවට වෙන දෙයක්නේ. ඒකත් ටැබූදැ?
    (මම අර පින්තූරේ තියන එක දැකපු ගමන් කියවුනේ "මලාට" නොඑන බඹරු කියලා. හිකිස් lol)

    ReplyDelete
  3. මෝඩ රෝස මලුයි, මෝඩ බඹරුයි ඉන්න කල් මේ වගේ සින්දු ලියැවෙනවා කතන්දර. මෝඩකමට බෙහෙතුත් නෑ කියනවානේ නේද?

    ReplyDelete
  4. සංගීතය නම් ඉතාම දුර්වලයි. ඒකෙන් පදමාලාවෙ ඇති ප්‍රබලතාවයනුත් වැහිල යනවා හරියට කොයි තරම් ලොකු සංඛ්‍යාවක් වුණත් බින්දුවෙන් ගුණ කළාම උත්තරේ බින්දුව වෙනවා වගේ.

    පදමාලාව ගැන කියතොත් 'රෝස මල' සිංහල සාහිත්‍යයේ ඉතාම දුර්වල සංකේතයක්. වෙන මල් නැතුවාටද රෝස මල් ගැන ලියන්නෙ? රෝස මල වර්තමාන ශ්‍රී ලාංකීය ගැහැණිය නිරූපනය කරන සංකේතයක් හැටියට මට නම් දකින්න අමාරුයි. (ශ්‍රී ලාංකීය ගැහැණිය කියන්නෙ ඇන්ජෙලා සෙනෙවිරත්න නෙවෙයිනෙ.) අනෙක මී මැස්සන් මිසක වන බඹරු රෝස මල් වලට යන සිරිතක් නෑ. එතැන සංකේතයන්හි ගැටීමක් තියෙනවා. මේ ගීතයේ සංකේත මීට වඩා ප්‍රබල වීම අත්‍යාවශ්‍යයි. මොකද මේ සංකේත මඟින්ම කියන කතාවක් නිසා.

    - Taboo

    ReplyDelete
  5. mokadda ban me GAY porakata karapu love ekakda?

    ReplyDelete
  6. \\ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ සාමාන්‍යයෙන් එළිපිට කතා නොකරන, සමාජ තහංචි පැනවිලා තියෙන විෂයයන් ට නේ...\\
    ඈ.. ඒකත් එහෙමද... මම හිතුවෙම ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ ජෙප්පොන්ටයි රනිල්ටයි ෆොන්සේකටයි පලු යනකම් බනින එකට කියලනෙ... :((((( කසුත් දන්න දේවල් ඈ...

    ReplyDelete
  7. මම හිතන්නේ මලක් ලස්සන වුනාටම වැඩක් නැහැ බඹරෙක් එන්න.
    ලස්සනට රැවටිලා ආවත් ටික දිනකින් හැර යන්න පුලුවන්.
    අනික මොකටද අහක යන නයි ගෙන්න ගන්න ඔය තරම් තකහනියක්. යනවනම් යන්න කියන්න.

    මට හිතෙනවා මේ ගීය කියන කෙනා ඒ මලට ගොඩක් ආදරෙයි දාලා ගියලු බඹරටත් වඩා.
    ඒත් ඒ වග ඒ මලට තේරෙන්නෙ නැහැ.

    කොහොම වුනත් දැඩි හිත් බැඳීමක් අමතක කරලා දාන එක නම් ලේසි වැඩක් නෙමෙයි ඕං කීව ........

    ReplyDelete
  8. එතකොට අර පරණ පුංචි සින්දුව

    ඒකෙ ඉන්න රෝස මලට එන්නේ බඹරෙක් නේද?

    " රෝස මලේ -නටුවෙ කටූ"
    " වන බඹරෝ - ඔහොම හිටූ"
    "නටුව නොවේ - මල සිඹිමි"
    "මම ළමයෝ - පැණි උරමි"

    ReplyDelete
  9. හපොයි සින්දුව ඇහුවේ දැන් ටැබූගේ comment එක දැකලා. music නම් පට්ටම චාටර් නම් තමයි.

    ReplyDelete
  10. I think the idea shud be more highlighted. Only one line drives us to the idea.

    "බඹර තුඩග රස විඳින බඹරු පතලා"

    At that point hemal is running like an express train w/o punctuations [fault of the music] and do you think whether anyone will grasp that?

    In my view, the following line is the strongest of the song.

    "නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා"

    "Lyricist" shud have packed the point in that. But the current meaning of that line is simply misleading and empty.

    Taboo nam deyiyane therenna kiyanna epayi.

    Anyway this is a critic from me. There maybe better intelligent ppl than me.:)

    BTW ppl write very strongly worded "critics" about my critics. Hope nobody will do that here.

    ReplyDelete
  11. මේ සින්දුව ඈති විශේෂයක් නැති වෙන්න පුලුවන්. ඈත්ත!

    ඒත් කතන්දරට මීට වඩා විශිෂ්ඨ දෙයක් කරන්න පුලුවන් කියලා මම නං හොඳටම දන්නවා.

    සින්දු නොවුනත් මේ තියෙන්නෙ ඒකට උදාහරණ.

    වීනාවක් නිකට යට තද කර අල්ලං
    ගුත්තිලකාරයා පෙන්නුව හොඳ සෙල්ලං
    මූසිලකාරයා වී නැත තව සල්ලං
    සංගීතයට බත්වත් නොම කති බල්ලං

    මේ තියෙන්නෙ ඒක ටික තියෙන පෝස්ට් එක,

    http://kathandara.blogspot.com/2010/03/day-trip-to-heaven-last-episode.html

    ReplyDelete
  12. මෙ... අර උඩ තියෙන ෆිල්ම් එක සොයගන්න නෑත්ද??

    ReplyDelete
  13. ගී පදවැල් කියන්නේ මට නම් මහා භයානක ජාතියක්...

    මං කොල්ලා කාලේ කෙල්ලෙකුට "මා ලඟටම තව ලං වෙලා... හිඳින්න නිහඬ නුවන් පියා.... " කියන සිංදුව ඩෙඩිකේට් කළා පස්සේ කව්ද කිව්වා ඒකේ හෙන අඤ්ඤකොරොස් තේරුමක්ලු තියෙන්නේ...

    ReplyDelete
  14. මලට එන්නේ නැත්තේ වියපත් බඹරුබව තේරෙන්නේ නැද්ද ලමයිනේ.

    ReplyDelete
  15. මෙගෙත් ටිකිරි මොළේට හිතෙන්නෙම සංගීතයෙන් පද පෙළේ අරුතත් විනාශ කරලා කියලා. මම නම් කැමති රසික සූරිය අරච්චිගෙ "පෙම් ගී" වලට තමා

    ReplyDelete
  16. පද වැලට හරියන්න සංගීතය ආවනම් හොඳ නිර්මාණයක්.
    ඇත්තට මේකත් ටැබූ පොස්ට් එකක්ද?

    ReplyDelete
  17. මේ සින්දුව ලියන්න කියල මට අදහස දුන්නේ මගේ මිත්‍රයෙක් 2007 දී. ඔහු කීවේ කාන්තාවක් එක් පිරිමියෙක් ගැන බලාපොරොත්තු තියාගෙන හිටියත් ඔහු සම-රිසි බව පසුව දැනගත්තා කියා, ඒ ගැන ගීතයක් ලියන්න පුළුවනිද කියා.
    මා ලියූ පදවැල පසුව ගායනා කලේ වෙනත් කෙනෙක්.
    මේ මුළු ගීතයම ආධුනික බැක්යාඩ් ඔපරේෂන් එකක්. සංගීතය කලේ සරල කැෂියෝ එකක එකක් විදියට. වොයිස් එක ඇඩ් කලේත් එහෙමයි.
    ගායකයා හේමාල් හොඳ ටැලන්ටඩ් පොරක්.
    -Rasika
    http://pemgee.blogspot.com

    ReplyDelete
  18. Rasika,

    Sure it was in your head, but do you think reader will grasp it.

    I still think you cud have put it better in this one

    "නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා"

    You cud have hinted what you mean by "වෙනතක"

    [රසිකට] රසික ප්‍රතිචාරයක් මිස පට්ට විචාරයක් නම් නොවේ.

    ReplyDelete
  19. දෙයියෝ බුදු වෙන්න...

    එහෙම නම් මුලු සින්දුවම තිබිල තියෙන්නේ මෙතන නේද?

    බඹර තුඩග රස විඳින බඹරු පතලා

    මම ඉතින් මගේ හිතේ තියෙන දේවල් දාලා තමයි සින්දුව ඇහුවේ...

    ReplyDelete
  20. හුටා..... දැන් ආපහු සින්දුව කියෙව්වමනම් වචනයක් වචනයක් පාසා ටැබූනේ.. රචකයාම එන්න ඕන ඉතින් ඕව තේරුම් කරන්නත්.. ස්තුතියි රසික.
    පදමාලාවෙ නොගැලපෙනව වගේ දැකපුවා ඉතාහොඳින් ගැලපෙන බව දැක්කේ දැන්නේ.

    ReplyDelete
  21. this shud not happen:

    "රචකයාම එන්න ඕන ඉතින් ඕව තේරුම් කරන්නත්"

    ReplyDelete
  22. මේක කියවලා නැද්ද?

    THE PERFECT MAN

    The perfect man is gentle
    Never cruel or mean
    He has a beautiful smile
    And keeps his face so clean.

    The perfect man likes children
    And will raise them by your side
    He will be a good father
    As well as a good husband to his bride.

    The perfect man loves cooking
    Cleaning and vacuuming too
    He'll do anything in his power
    To convey his feelings of love to you.

    The perfect man is sweet
    Writing poetry from your name
    He's a best friend to your mother
    And kisses away your pain.

    He never has made you cry
    Or hurt you in any way
    Oh, forget this stupid poem
    The perfect man is gay!

    ReplyDelete
  23. සියළු දෙනාටම ස්තුතියි. මං හිතන්නේ මාතෟකාව හින්දද කොහොඳ හුඟ දෙනෙක් ඇවිත් තියෙනවා.
    නමුත් සාමාන්‍ය ටියුබ් ලයිට් නිසා ගොඩ දෙනෙක් මේකෙන් කියවෙන දේ තේරුම් අරං නෑ වගේ. පද මාලාවත් එච්චරම වැඩේ ලේසි කරන්න නෙමේ ලියවිලා තියෙන්නේ.
    කවිය කියවපු අයගෙන් 1/5 තමයි ක්ලිප් එක බලලා තියෙන්නේ!
    සින්දු ගොඩක නියම අදහස සමහරු දන්නේ නෑ. මේ ගැනත් කතන්දරයක් ලියන්න ඕනෑ ලඟඳීම.

    ReplyDelete
  24. Taboo songs:

    Siri yahane lanu ihiri

    re thaarakaavan baluva ebi-kimado nuwan obage kandulen themi

    ganga addara

    BTW these are not as taboo as Rasika's song.

    Api nodanna Live once showed a famous love song where visuals included a man going after a boy. Pls post it anyone who can find.

    Talking about the meaning of songs this is also from A.La.:
    http://www.youtube.com/watch?v=U136wQKxNRM&feature=related

    ReplyDelete
  25. කතන්දර;

    [[පද මාලාවත් එච්චරම වැඩේ ලේසි කරන්න නෙමේ ලියවිලා තියෙන්නේ.]]

    ඔව් ඔව්. ඔය පදමාලාව ලිව්ව එකාට අම්මපා...

    :)

    ReplyDelete
  26. .
    නටුව නොවේ මල කඩමි
    මම ළමයෝ පැණි හලමි

    ReplyDelete
  27. Taboo "සර් ?
    හා හා හා.....

    ඔයාල දන්නව ඇති ටැබූ භෞතීය විද්‍යාව ඉගෙනගත්ත කෙනෙක් කියල එයා ම කියනව කියල... එයා හෙන ටෝක නෙ දෙන්නෙ තමන් මහ විද්‍යාර්ථිය කියල...

    මුලින්ම කියන්නම්.. ඔයාල දැකල ඇතිනෙ තනියෙන් දුඹ්රිය අදින මිනිස්සු? ලංකාවෙත් ඉන්නෙ... මං හිතන්නෙ කෙනෙක් ගිනස් වාර්තාවකුත් තිබ්බ...

    ඉතින් ඕන මෝඩයෙකුට තේරෙනව නේද බැරිවෙලා‍වත් කෝච්චිය්ක තල්ලු කරන්න උණොත් ඒකට මිනිස්සු දහස් ගාණක් ඕන නෑ කියල?

    මෙන්න අපේ භෞතීය විද්‍යා අචාර්ය තුම... අර නලින් ට විද්‍යාව බෑ කියල අපහාස කරන් ටැබූ... මේ ගණන් හදන හැටි... නලින් අඩු ගාණෙ ජාතික චින්තනය හරි උගන්වනව ඇති... ඒත් මේ ආචාර්යතුමා උගන්වන්නෙ මොනවද දන්නෙ නෑ????

    [IMG]http://img709.imageshack.us/img709/5121/53754757.jpg[/IMG]

    Here is the link to actual thing
    http://taboosubjects.wordpress.com/2009/10/02/02-18/#comment-1638

    අයියෝ කතන්දර... උඹත් උගත් මිනිහෙක් නේද? මම පුදුම උණා මේ වගේ මේ හොරාට සර් කියල බටර් පාර ගාල තියෙනව දැක්කම

    ReplyDelete
  28. @මම වමේ සර්

    අර අල්ලපු පන්සලේ හාමුදුරුවෝ නම් අහයි, මං මොකාට මොනවා කිව්වත් උඹට මොකද කියලා.

    හැබැයි මං නං එහෙම කියන්නේ නෑ.

    ළමයෝ, මං ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග්කරුවාට ටැබූ සර් කියලා විතරක් නෙමේ, ටැබූ, ටැබූකාරයා, Taboo, TS, යනාදී විවිධ නම් වලින් ලියනවා.

    මේ ඇමතුම් සහ ටැබූ ගේ බ්ලොග්වල තියෙන භෞතික විද්‍යා සමීකරණ අතර සම්බන්ධයක් නෑ. මට ඒවා විෂය ගෝචර නෑ.

    කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාර ට බොහොම ස්තුතියි.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.