Monday 5 September 2011

පොඩි කුමාරිහාමිට ලොකු ප්‍රශ්ණයක් : A big question for a little princes to answer - please help her out


සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න පොඩි කුමාරිහාමි කියන්නේ නමින් පොඩි වුණාට ලොකු වැඩ කරන්න පුළුවන් කෙනෙක්.

එයාට පුළුවන් වුනා බ්ලොග් ලියන කියවන සෑහෙන පිරිසක් තමන් ගේ වලව්වේ සහායට ගන්න. කවිකාර, ගජනායක, අතපත්තු, බස්නායක, සළුවඩන, දණ්ඩනායක. බුදු අම්මෝ ඉන්න නිළමේලා, මැණිකේලා!

අන්දරේ විතරයි ද මන්දා අඩු?

කොටින්ම පොඩි කුමාරිහාමි වලව්වේ නැති වුනත් බ්ලොග් එකේ සාකච්ඡාව යනවා දවස් ගාණක් වුනත් අනිත් අය අතරේ.

මං කලින් දවසක මහදැනමුත්තාට හිටියාය කියන ගෝලිච්චිට නමක් හොයන වෙලේත් මුලින්ම සිහියට ආපු නමක් තමයි පොඩ්ඩී කියන එක.

පොඩි කුමාරිහාමි හෙවත් පොඩ්ඩී හෙවත් පොකූ මගෙන් දවසක් අහපු පොඩි ප්‍රශ්ණෙකට උත්තර දෙන්න මට සිද්ධ වුණා වෙනම ම කතන්දරයක් ලියන්න පොඩි කුමාරිහාමිට ලොකු උත්තරයක් කියලා!

ඒ වාඩුව ගන්නත් එක්ක අද මට හිතුණා පොඩි කුමාරිහාමිගෙන් ලොකු ප්‍රශ්ණයක් අහන්න.

මේකට මූලිකම හේතුව පොඩි කුමාරිහාමි ගේ අළුත්ම කතන්දරේ. ඒකේ තියෙන්නේ එක ගෙයි කෑම කියන, ගෙදරක අයිය මළෝ දෙන්නටම එකම මනමාලියෙක් කැන්දාගෙන එන පරණ සිරිත ගැනයි.

මේ මාතෘකාව හරි ජොලි එකක්. සිංහල බ්ලොග් අවකාශයේ දෙතුන් සැරයක්ම කතා වුණා. මුලින්ම මේ ගැන කතාවක් ලිව්වේ අක්කණ්ඩී.

මාත් මේ ගැන කතන්දරයක් ලියලා දැන් මාස ගාණක් වෙනවා. නමුත් ඒ කතන්දරේට අත්‍යවශ්‍යම වීඩියෝ ක්ලිප් එකක් (පරණ සිංහල චිත්‍රපටියක) හොයාගන්න බැරි වුණු නිසා, බ්ලොග් එකේ පලකරන්න වුණේ නෑ මේ වෙනතුරුත්. මට ඉතිං කතන්දර සිය ගාණක් තියෙන නිසා ලොකු අවශ්‍යතාවයක් ආවෙත් නෑ.

ඒ කොහෙම වෙතත්, මෙන්න මේකයි පොඩි කුමාරිහාමිගෙන් අහන්න තියෙනවාය කියපු ලොකු ප්‍රශ්ණය.

එහෙම මාතෘකාව දැම්මට මේක කාටත් පොදුවේ ඉදිරිපත් කරන ප්‍රශ්ණයක්.

1. ඇත්තටම ප්‍රායෝගිකව ගත්තොත් එක ගෑණියෙකුට මිනිස්සු දෙන්නෙක් එක්ක දීග කන්න පුළුවන්ද? මං කියන්නේ, එක වහලක් යට මිනිස්සු දෙන්නෙකුටයි, එක ගෑණියෙකුටයි එකට ජීවත් වෙන්න පුළුවන්ද?

2. ඊට වැඩිය ලේසි නැත්ද, ප්‍රායෝගික නැද්ද එක මිනිහෙකුයි, ගෑණු දෙන්නෙකුයි එක වහලක්යට පවුල් කන වැඩේ?

කෙමිස්ට්‍රිවලින් අහනවා නම් H2Oද, CO2ද වඩා ස්ථායී?

-කතන්දරකාරයා

ප/ලි:
කීප දෙනෙක්වත් ඉල්ලා හිටියොත් අර මං ලියලා තියෙන එකගෙයි කෑම ගැන කතන්දරේ දාන්නම්, ඔය කියපු වීඩියෝ එක නැතුව වුණත්.


(image: http://www.cbazaar.com/kids-wear-girls/sarees-for-kids/kbhtml)

48 comments:

  1. කොමස් වලින් අහපු එකට නම් දැන් ටිකක් විතර උත්තර මතක නැතුවා.... එත් ජලයේ හයිඩ්‍රජන් බන්දන තියන නිසා එක වෙන්න ඇති

    ඔය දෙකම ප්‍රායෝගික මදි ලංකාව කියන රටේ නම් මම හිතන්නේ

    ReplyDelete
  2. දෙකම ස්ථායී වෙන්න බැහැ, දෙකටම O තියෙන නිසා ..

    ReplyDelete
  3. dewani eka sthai wenna nam, pirimiyata jeevitha kalayama konda walu wala gata leha leha thamai inna wenne.
    gahanunta beda ganna bee... badagannawa arenna..
    lada deyi sathutu wennath bee..
    eka harima swabawikaiiii...

    ReplyDelete
  4. අයියා වහෙන් ඔරෝ කරල තියෙන යෝජනාවනම් පට්ටයි...

    ReplyDelete
  5. අපි ඔහොම හිතුවට ඉතිං එක්තරා කාලෙකදි මේ ලංකාවෙම එක ගෙයි කෑම සාර්ථකව කෙරිලා තියෙනවනේ...

    කකා... කතන්දරේ ඉක්මනට දාන්න, අපි බලන් ඉන්නේ!

    ReplyDelete
  6. ලිංගික නිදහස අත්‍යාවශ්‍යයි. ඒකට ලිංග බේදයක් තියෙන්න බෑ. ඒ වගේම ලේඩ රෝග වලින් පරිස්සම් වෙලා කොරන්න ඕන දෙයක්. ඇයි දෙකක්. මම නම් ඊට වඩා කැමතියි. යටත් විජිතයක් වෙන්න කළින් සහ මෑතක් වෙන තුරු නිදහස් ලිංගික රටාවකට හුරු උන මිනිස්සූ හිටපු හා තවමත් ඉන්න රටක් මේක. ඔය ගම් බද පළාත් වල අදටත් තියෙනව. ඒ පැති සඳහන් කරන්න බය. කෂ්ටියම ඒ පැති වල යයි. බැචුලර්ස් ට්‍රිප්. මට ගෑනුන්ගෙන් විසුමක් වෙන්නේ නෑ.

    ReplyDelete
  7. ගණිතය පැත්තෙන් මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන් නේද කකා....

    001
    010
    100
    101
    110
    011

    වැඩි අගයක් බොහෝ විට පවතින්නේ පිරිමි දෙන්නෙකුයි ගෑණු එක්කෙනෙකුයි හිටියොත්.. දෙවෙනි යෝජනාවට මගෙත් වැඩි අකමැත්තක් නෑ... ;)

    ReplyDelete
  8. ඔය දෙකම හරියන වැඩක් නෙමේ .....
    අද සමාජෙට අසාර්ථකයි ......

    ReplyDelete
  9. බොරුවට ලෝකෙට පේන්න සදාචාර සම්පන්න උපාසක සිල් රෙදි පෙරව ගත්ත අයට නොපෙනුනාට මාතලන් කියන්න වගේ ලංකාවේ දැනටත් ඔය සිස්ටම් එක සාර්ථකව ක්‍රියාත්මක වන ප්‍රදේශ තියනවා. දේවා ලංකාවට මේක ප්‍රායෝගික නැ කිව්වට ඔයා ඉන්න කුරුණෑගල දිස්ත්රික්කෙත් එක පැත්තක ඔහොම සිද්දි මම දැකලා තියනවා හි හි හි

    ReplyDelete
  10. මටත් හිතෙන්නෙ අද කාලෙට ඔය දෙකෙන් එකක්වත් හරියන එකක් නෑ කියලා. ඉතින් ක.කා ගෙ කතාවත් කියමු බලන්න,

    ReplyDelete
  11. ඕක වැඩිය හිතන්ඩ දෙයක් නෑ.....
    ඇත්තටම ඕකට උත්තරේ තමයි මිනිස්සු දෙන්නෙක්ට එක වහලක් යට සමගියෙන් ඉන්ට පුළුවන් උනත් ගෑණු දෙන්නෙක්ට නම් කවදාවත් එක වහලක් යට සමගියෙන් ඉන්ට බැරිකම....

    ඔන්න ඕකයි කොට කථාව...

    නැතිනම් ඉතින් දෙවෙනි ක්‍රමේට කවුද අකමැති...

    ReplyDelete
  12. කපීකේකි5 September 2011 at 10:05

    ගෑණු අයට එකගෙදර එන්න බෑ රන්ඩු වෙනව.පිරිමි නම් ඉදී.

    ReplyDelete
  13. ඇයි එහෙම බෑ කියන්නෙ මුස්ලිම් අය ඉන්නෙ ගෑණු ගොඩක් තියාගන

    ReplyDelete
  14. මේක හාමිනේ දැක්කම මේ පාරනම් කකාගෙ පවුල රැකේද ? කියා ෂුවර් නෑ ?

    ඉස්සර රජවරු රජ සැපට හිටියයි කියන්නෙ අන්තඃපුර තියාගෙන.
    අනුලාවතී රැජිනටත් පිරිමි අන්තඃපුරයක් තිබ්බලුනෙ.
    ඇයි මී මැසි රැජින , ඒකිත් එහෙමයි.

    ඔය ඔක්කොටම වඩා හොඳයි අපි ඔක්කොම රජවරු වෙන එක :)

    ReplyDelete
  15. 1)පිරිමි දෙන්නයි , එක ගෑනීයි ස්ථාවරය් කියලා මට හිතෙන්නෙ.
    2)ගෑනු දෙන්නයි , එක පිරිමියය් වලිම තමයි, අන්තිමේදි ක.කා ගෙ වගේ කෙස් නැති තට්ටෙ තමයි ඉතිරි වෙන්නෙ.

    3) H2O ස්ථාවරය් CO2 වලට වඩා, Chemistry පැත්තෙන් බැලුවොත්.
    අර කථාවත් ඉක්මනට දාන්න USA වල Video Clip එකක් දෙන්නද, නික0 එක ගෙයි කනවා වගේ පේන්නෙ හැබැයි.

    ReplyDelete
  16. සමාජ සම්මතයක් ලෙස පිළිගන්නා ඕනෑම බහු විවාහයක් සාර්ථක වනු ඇත. බහු විවාහ වල ඒක විවාහයක නොවන විදිහේ අමුතු අසාධාරනකම් සිදු වනවා කියන ඒකට එකඟ විය නොහැක. හැබැයි පොදුවේ විවාහය හා සංස්කෘතිය තුල නම් ඕන තරම් අසාධාරණ සිදු වේ.

    එක ගෙයි කනවා කියන්නේ කෙල්ල උදේ ඉඳං රෑ වෙනකම් සෙක්ස් කරන වහල් සේවයක් ලෙස හංවඩු ගැහැව්වේ, දෙවියන් විසින් එක මිනිහෙකුට එක ගැහැනියක් ලබා දේ, දෙවියන් එක් කල දෙය මිනිසාට ගැලවිය නොහැක යන වඩා ප්‍රාථමික විදිහට හිතු ආක්‍රමණිකයන් විසිනි. මෙහිදී වික්ටෝරියානු චින්තනය නම් තලිබාන් වැනි බොහොම පසුගාමී චින්තනය අපේ හිත් වලට බෝ කල අදහසක අපි තවම හිඳිමු. මට හිතෙන විදිහට නම් එකගෙයි කෑමෙන් සිදු වන්නේ පිරිමින් දෙදෙනාටම සෙක්ස් අඩු වීම හා ගැහැණිය සපුරා සතුටු වීමයි [සතුටු වීම කියා කීවේ කැමැත්තෙන් ඉන්නවා කියන පෙර කොන්දේසිය මතයි. අකමැති නම් දිවය භෝජනයෙන් ද සතුටක් නොලැබේ]

    එහෙත් දේපොළ හා වස්තුව මත පදනම් වූ එකගෙයි කෑම ඉතා බාල ගනයේ විවාහ ක්‍රමයකි. මිනිසුන් යන්ත්‍ර වල කොටස් මෙන් සිතන මේ චින්තනය අදට නොගැලපේ. එහෙත් එපමණින් අද දවසේ බහු පුද්ගල සබඳතා නැතැයි කියා නිකියාවේ. මාතලන් කිව්වා වගේ සදාචාර මෙට්‍රපොලිටන් එකෙන් පිටදී මෙව්වා බොහොම සුළු සංසිද්ධිය.

    පොඩ්ඩි ගේ වලව්වේ ද ඔය ගැන ලියුවා.

    ReplyDelete
  17. මේ පෝස්ට් එකට පාන්දර දිග කොමෙන්ට් එකක් ලිව්ව, ඒ වෙලාවෙ චූටි අස්පෙට් එකක් තිබ්බ කොමෙන්ට් දාන්න නොදී සයිට් එකේ. කොහොමත් දැන් ඒ ලියපුව වැඩක් නැහැ, අනිත් කතාවත් දාන්න කියල ආරාධනාවක් කරමින් නවතින්නං

    ReplyDelete
  18. මමනම් ඔය අසාදාරන වලට කැමති නෑනේ, මම කියන්නේ H2O2 තමා හරියන්නේ ....

    ඔන්න Video එකක් Tharu දෙන්නම් කියනවනේ, කතාව ඉක්මනට දාන්න අපිට Video ඒක බලන්න ඕනේ...

    ReplyDelete
  19. [[H2O2]]

    H2O2 කිව්වම තේරෙන්නේ නම් ඉංගිරිසියෙන් swapping කියන සංසිද්ධියයි.

    සමාජ සම්මතය නම් NaCl වැනිය. ඉතින් කට්ටියම ජීවිතේ ලුණු රහයි, කියමින් හූල්ලති.

    ඇත්තටම කිව්වොත් සෙක්ස් පාට්නර්ස් ලා ගණන ට වඩා වැදගත් එ අය [ඉන්න එකා හෝ] හොඳින් තේරුම ගෙන ආදරයෙන් හිඳීමයි. ඒ නිසා ජීවිතේ සතුට ඇත්තේ මේ අනුක බන්ධන අස්සේ නොවේ.

    ReplyDelete
  20. සමාජ සම්මතය නම් CO වැනිය.

    CO = Carbon monoxide - a colorless, odorless,
    and tasteless gas which is slightly lighter than air. It is highly toxic to humans. (Ref Wikipedia)

    ReplyDelete
  21. @සුජීව,

    ඔයාගෙ අවසාන වාක්‍යය නම් (-වඩා වැදගත් එ අය [ඉන්න එකා හෝ] හොඳින් තේරුම ගෙන ආදරයෙන් හිඳීම-) නිකම්ම නිකම් බන පදයක් විතරයි..අර ධනාත්මක කාරයො දවස පුරාම පට්ට ගහන ජාතියෙ කතාවක්..
    --ඒ නිසා ජීවිතේ සතුට ඇත්තේ මේ අනුක බන්ධන අස්සේ නොවේ.-- සතුට ඇත්තේ ලුනු රහ දැනෙන්නෑ වගේ ඉන්න පුලුවන් අයට තමයි!

    - සනාථ

    ReplyDelete
  22. මේක අහල තීන්නෙ කුමාරිහාමිගෙන් උනත් උන්දැ කොයි වල ගිහින්ද මන්ද මීක් නෑ!

    එක ගෑණියෙකුයි මිනිස්සු දෙන්නෙකුයි එක වහලක් යට "පවුල්" කයි.

    ඒත් එක මිනිහෙකුයි ගෑණු දෙන්නෙකුයි උනොත් වෙන්නෙ "පවුල" කන එකයි!

    ගෑණු දෙදෙනෙක් සමඟ පවුල රැකෙන්නේ නැත. මෙය නියතයකි.

    ReplyDelete
  23. [[ඔයාගෙ අවසාන වාක්‍යය නම් (-වඩා වැදගත් එ අය [ඉන්න එකා හෝ] හොඳින් තේරුම ගෙන ආදරයෙන් හිඳීම-) නිකම්ම නිකම් බන පදයක් විතරයි..අර ධනාත්මක කාරයො දවස පුරාම පට්ට ගහන ජාතියෙ කතාවක්..
    --ඒ නිසා ජීවිතේ සතුට ඇත්තේ මේ අනුක බන්ධන අස්සේ නොවේ.-- සතුට ඇත්තේ ලුනු රහ දැනෙන්නෑ වගේ ඉන්න පුලුවන් අයට තමයි! ]]

    සනාථ, නැහැ බන පදයක් ම නොවේ. තේරුම් ගෙන ආදරෙන් ඉන්නවා කියන්නේ මානව විද්‍යාව ගැන පී එච් ඩී කොරලා මල් පත්තර වල වගේ තුරුළු වෙලා හීන ලෝකේ පාවී පාවී ඉන්න කියලා නොවෙයි. අනිකා දිහා ආදරෙන් ලෙන්ගතු කමින් මානුෂීයව බලන්න කියන එක. ඕක මහා අමාරු වැඩක් නොවේ.

    ඒත් එහෙම බැරි උන දාට ඔන්න "සතුට ඇත්තේ ලුනු රහ දැනෙන්නෑ වගේ ඉන්න පුලුවන් නම් තමයි"

    [[සමාජ සම්මතය නම් CO වැනිය]]

    ඒ ඉතින් එක පුද්ගල පාට්නර් සංගුණකය 13 වෙච්ච [1999 ස්ටටිස්ටික්. දැන් ගොඩක් වැඩි ඇති] ඕස්ට්‍රේලියාවේ නේ. CO අස්ථායි අනුවක්. ඒකනේ තව O එක්ක හොරෙන් හොරෙන් ප්‍රතික්‍රියා කරන්නේ.

    ලංකාවේ නම් මේක අස්ථායි ම නැහැ. ගොඩක් අය හිතෙන අස්ථායි වෙන්න හීන මැව්වට සත්‍ය වශයෙන් ස්ථායි. හැබැයි සනාථ කිව්වා වගේ සමහරුන්ට නම් NaCl රහ වගේ තමයි මෙහෙ.

    ReplyDelete
  24. එකගෙයි කෑම අංක එක නම් ඉතින් ලංකාවෙ කාලයක් තිස්සෙ ප්‍රැක්ටිස් කරපු දෙයක්නෙ...

    අංක දෙක නම් ඉතින් අනේ මන්ද... ජයන්ත චන්ද්‍රසිරි ඔය ගැන පොඩ්ඩක් ටච් කලා අග්නිදාහයෙ... ඒ ඇරෙන්න මම නම් ඕක ගැන අහලා නෑ... ලංකාවෙ...

    මුස්ලිම් බහු විවාහ ගැන ලියූ ඇනෝට... මම ඉන්නෙ අරාබියෙ.. මම දන්න තරමටනම් ඒ අය එක ගෙදරක ඉන්න සිරිතක් නැහැ... ඔවුන් වෙන වෙනම පවුල් හැටියටයි ජීවත් වෙන්නෙ...

    [ඇනෝලාට උත්තර ලියන්න්නෙම නැතුව හිටපු මම ඇනෝලාට ආදරය කරන්න ඉගෙන ගත්තෙ ක.කා ගෙනුයි... :D ]

    ReplyDelete
  25. We Are Family කියන හින්දි ෆිල්ම් එකෙත් මෙහෙම කතාවක් තියෙන්නෙ. අන්තිම නම් මට බලන්න බැරිවුණා මොකද අන්තිමට ගෑණු දෙන්නා කෙහෙවලු පටලවා ගන්න මට්ටමට ආපු නිසා මට බැලිල්ල එපා වුණා. ඒ කියන්නෙ කොහොමත් ගෑණු දෙන්නෙකුට නම් එකට ඉන්න බෑ කියන එක තමා. අපේ ගෙවල් පැත්තෙත් එහෙම එකගෙයි කාපු අයියලා මල්ලිලා ඉස්සර ඉඳලා තියෙනවලු. දැනුත් ඉන්නවලු ඒත් අපේ අම්මා මට කවුද කියලා කියන්නෙ නැතුව හිනා වෙවී මාරු වෙනවා.

    ReplyDelete
  26. අපේ ජනප්‍රිය නළුවෙක් ඉන්නව නේද එක නෝන කෙනෙක් උඩ තට්ටුවෙ..
    අනිත් නෝන යට තට්ටුවෙ..නළුවත් දැන් ගොඩාක් වයසයි.. ඔන්න අහන්න එපා කව්ද කියලා...

    ReplyDelete
  27. @ sujeewa
    ඔය යස අගේට තේරිලා තියෙනේ.. කාටත් සාදාරනයි කොටු ඕනෑම නෑ...

    ReplyDelete
  28. එක ගෙයි නැතත් කන කෙනා / කෙනී කොහොමහරි කනවා මොනදේ උනත්.

    ReplyDelete
  29. මේක කියෙව්වම මට මතක් වෙන්නෙ මම පොඩි කාලෙ බලපු ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපාපු ටෙලියක්. ඒකෙත් ඔය සීන් එකමයි තිබ්බෙ. එකෙදි ශ්‍රියන්තයි එයගේ අයියයි දෙන්නම ගැහැනියක් ගේනව . අයියා කාමරෙන් එලියට ඇවිත් කියනව අන්න අක්ක උඹට කතා කරනව පලයන් කියල.

    ReplyDelete
  30. කතාවත් කියෙව්වා. comments ත් කියෙව්වා. ඔය ප්‍රශ්නය ඔය තරමටම බරපතලද? ම්... ප්‍රශ්නය තියෙන්නේ පොඩි කුමාරිහාමිටද කතන්දරටද? මට මතක් වුනේ දානෙකදි "අර තැනට බෙදන්න " කියන කතාව. "ජීවිතේ සතුට ඇත්තේ මේ අනුක බන්ධන අස්සේ නොවේ. " හැබෑ නේන්නන්.
    මැණික්

    ReplyDelete
  31. දෙවෙනියට සඳහන් කරල තියෙන අදහස නම් පංකාදු 5යි :D

    ReplyDelete
  32. This comment has been removed by the author.

    ReplyDelete
  33. මම අහලා තියෙනවා කට්ටිය එකතු වෙලා හදාගත්ත ගෲප් තියෙනවා කියලා සතියකට සැරයක් කතාකරගත්ත තැනකට එනවා තමන්ගෙ වයිෆ් එක්ක වාහනෙන්... ඊට පස්සේ වයිෆ් වාහනෙ ඉදිද්දි හස්බන්ඩ්ලා ටික එකතු වෙලා වාහන වල යතුරු ටික උඩ දානවා... එතකොට තමන්ට අහුවෙන යතුර අයිති වාහනෙන් ඒකේ ඉන්න ගෑනු කෙනත් එක්කම ගිහිල්ලා ඒ දෙන්නා මෙව්වා කරලා ආපහු පරණ තැනටම ඇවිල්ලා වාහන වල මාරු ඇරගෙන ගෙදර යනවා...

    කකා ගේ කෙමිස්ට්‍රි වලින් ඒකට කියන්නේ මොකද්ද මන්දා..?

    ReplyDelete
  34. [[කකා ගේ කෙමිස්ට්‍රි වලින් ඒකට කියන්නේ මොකද්ද මන්දා..? ]]

    car pool කියන්නේ සහ සංයුජ බන්ධන ද? කෙමිස්ට්‍රියට ආයුබෝවන් කියා වසර 18 ක් ගෙවිලා. සහ සංයුජ බන්ධන කියන්නේ ඕගනික් කෙමිස්ට්‍රි වල තියෙන එව්වා නේද? එතරම් තද නැති මේ බන්ධන වල අනු වලට දිගට දිගට ඔහේ බැඳෙමින් ඉන්න පුළුවන් නේද?

    කෙමිස්ට්‍රි කතා වැරදි නම් හරි ගස්සන්න. අනේ ඇල්කෙමියාවත් ආවොත් ලොකු දෙයක්.

    ReplyDelete
  35. එකගෙයි කන වීඩියෝ නම් හොයල දෙන්නම් ඕනි තරම්..ඒත් කොටු කොටු වලින් වහල තමයි දමන්න වෙන්නෙ..

    ReplyDelete
  36. Weni කියන්නේ අමුඩ ලේන්සුව පාවිච්චි නොකරන එව්වා. මෙහෙ අපිට වාරණය කොරන ලද [ලින්ක් ඇනෝ ගෙන් අවසරයි]

    සාමාන්‍යයෙන් එහෙම දේවල් ගැන ලියන කතන්දරත් අමුඩ ලේන්සුව මිස් කරලා. හත්තිලව්වේ එක ගෙයි කෑම ගැන කොහොම ලියන්නද සේමෆෝර් සංකල්පය නැතුව.

    ReplyDelete
  37. @සුජීව; /ලංකාවෙ නම් මේක අස්ථායීම නැහැ/.

    බලාගෙන ගියාම මේ ස්ථායීතාව අපේ හිතෙන් තමයි අස්ථායි කරගන්න හදන්නේ! සුජීව, ඔහේව දොරමඩලාවට ගෙන්නන්න වටින අදහස් ගොන්නක්නේ! මේ දවස්වල සූරියප්පෙරුම විද්වතාත් නැතිහින්දා එතුමගෙ අඩුව පුරවන්නත් ඇහැකි..මම සීරියස්ලි අහන්නෙ.. ලංකාවෙ මේක අස්ථායීම නැහැ කියල ඔබ ගේන තර්කයේ පදනම මොකක්ද? අර "ඊනියා" බටහිරට වඩා ස්ථායී වගේ එකක්ද කියන්න යන්නෙ?

    සහ සංයුජ බන්ධන කියන්නෙ අන්තර්-අනුක බන්ධන වල බලවත්ම එකක්. ඒවා කඩන්න ලේසි නෑ. මට මතක විදියට දුර්වලම බන්ධන වර්ගය තමයි වැන්ඩවාල්ස් බල. වැන්ඩස්ට්‍රාටන් එහෙම නෙමෙයි..එයා හැදුවෙ බල නෙමෙයි වැල නේ...

    - සනාථ

    ReplyDelete
  38. [[ලංකාවෙ මේක අස්ථායීම නැහැ කියල ඔබ ගේන තර්කයේ පදනම මොකක්ද?]]

    හොර බඩු/පොරවල් ගැන පෙරුම් පුරමින්, සිහින මවමින් උන්නට එහෙම එකක් කරන්නේ බොහොම සුළු ප්‍රතිශතයක් නිසාවෙනි.

    CO කියන්නේ O එක්ක ප්‍රතික්‍රියා කල හැකි අනුවක්. එය නැවත දහනය කල හැකියි. ලංකාවේ වඩාත් ස්ථායි අනු හෙවත් දෙවන සම්බන්ද කර නොගන්නා විවාහයන් වැඩි පිර තියෙන නිසා. සමාජ බල කිරීම හෝ කැමැත්ත මත මෙය වෙනවා ඇති. එක අදාළ නැහැනේ. ප්‍රතිපලය එකයි.

    ලංකාවේ බහු සම්බන්ධ අඩු උනාට [5-10 කින් එකෙක් ඕනනං වැඩිපුර එකක් කරයි] ඕස්ට්‍රේලියාවේ සාමාන්‍යයක් ලෙස එකෙක් 13 දෙනෙන්කු සමග සම්බන්ධ පවත්වන බව මොකද්දෝ එකක කිව්වා.

    [[අර "ඊනියා" බටහිරට වඩා ස්ථායී වගේ එකක්ද කියන්න යන්නෙ?]]

    සූරී ගේ දෙශියවාදය හෝ ඔබ පෙන්නුම් කරන ප්‍රති දේශීය වාදය වැනි රෝගාබාධ මට වැළඳී නැති නිසා එවන් විද්වත් සබාවකට යන්න තරම් මා උගත් නැති බව මට හිතේ.

    මට නම් ඔය එක කෙහෙම්මල් වාදයකවත් පදනමක් නොපෙනේ. දැන් කොහෙද මං කියලා තියෙන්නේ ලංකාවේ විදිහ සිරා බටහිර අවුල් කියලා. ඔබතුමා දැවැන්ත ප්‍රී ජජ්මන්ට් එකකින් ස්ටේරියෝ ටයිපින් කරමින් සිටියි.

    [[සහ සංයුජ]]

    මා කිව්වේ දුර්වල කම ගැන නොවේ. පරමාණු ගොඩක් එක එක විදිහට යා වුනු අනු [කාර් පූල්] හැදෙන්නේ මොන විදිහටද? එතකොට ප්‍රෝටීන වගේ තව තව කාබනිකව බැඳෙමින් යන අනු හැදෙන්නේ කොහොමද? මේ සහ සංයුජ නොවේද?

    ReplyDelete
  39. එකගෙයි කන වෙලාවට අමුඩෙ ගලෝල දානවලු නේද දොරට උඩින්.
    පොඩි සිග්නල් එකක් විදියට.

    ReplyDelete
  40. අප්පා කථාව යන්නේ රසායන විද්‍යාවෙන් නේ , නොදන්න නිසා පැත්තකට වෙලා ඉන්න එකා හොඳා (ඉස්කොලෙ යන කාලෙත් බැරිම විශය )

    එක ගෙදරදි නම් ඔය දෙකම අසාර්ථකයි , සමාජ සම්මතයන්ගෙන් බැඳල තිබ්බාම කැමතියි වගේ සිටීම මිසක් මම හිතන්නේ නැ අතීතයේ තිබුන එක ගෙයි කැමත් සාර්ථක එකක් කියල . හැබැයි ඉතින් එක ගෙයක් නොවෙන තැනකදි ඔය දෙපැත්තම ගානට ශේප් වෙලා යන වෙලාවලුත් තියනව

    ReplyDelete
  41. එක ගෙයි කන සිස්ටම් එක පවතින කාලේදී ඕක හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට

    "සැමියන් ගොඩක් දෙනෙක්කේ බිරිඳ වීමට ලැබීම කාන්තාවක් ලබන භාග්‍යක්" කියලයි

    මම අහලා තියනවා ඉස්සර අපේ පැත්තේ ඔහෝම එක ගෙයි කෑම තිබුනලු . මෙන්න මේ ක්‍රමේට පවුලේ පිරිමි 5 - 10 හිටියත් ඒ හැමෝටම ගේන්නේ එකම බිරිඳයි .. මගේ සීයාගේ පියා තමන්ගේ මල්ලී සමග එක ගෙයි කාපු කෙනෙක් ..

    @පැණි දොඩම් - ඔවු එහෙම දානවලු නේද සමහර වෙලාවට අමුඩ ලේන්සුව කඩුල්ලේ වනලා තියනවා ලු එතකොට අනික් සැමියා රාත්‍රිය පැලේ ගත කරනවා ලු .

    ඉස්සර නම් ඔවුවා සුම්මා ! ඒත් දැන් ඔවුවා බැරුවා ..

    ReplyDelete
  42. සඳරු;

    [[සමහර වෙලාවට අමුඩ ලේන්සුව කඩුල්ලේ වනලා තියනවා ලු එතකොට අනික් සැමියා රාත්‍රිය පැලේ ගත කරනවා ලු]]

    ඒ කියන්නේ අර හැමදාම කවියට සින්දුවට කතාවට නැගෙන, පෙම්බර සැමියා රෑ පැල් රකිද්දී පෙම්බර බිරිය දුකේ හඬමින් රැය පහන් කරන දුක්බර කතාවට එක ගෙයි කෑම පිලියමක්. අඩේ මට මේ සිද්ධියේ තියෙන ළඟ සම්බන්ධය පෙනුනේ දැන්. දෙන්නට පුළුවන් මාරුවෙන් මාරුවට ඉන්න. කුඹුරත් කෙල්ලත් දෙන්නම තනි නොකර.

    ඒ කියන්නේ අපේ රටේ රෑ පැල් රකින ගොවි සමාජ වල මේ වගේ සම්බන්ධකම් වඩාත ප්‍රායෝගික වූ බවයි.

    ඇයි ඔය නිරෝෂා හඬන්නේ "පුන් සඳ රෑට ඇවිදින හේනේ කළුව බිඳ" කියලා.

    මේ මාත් එකක් ලිව්වේ: නුඹ... [ඉරමල වැටිලා]

    ReplyDelete
  43. @ All
    කෙමිස්ට්‍රි පාඩම:

    බීට්ල් කියලා තියෙන සංසිද්ධිය (ස්වින්ගින්) ගැන දෙන්න පුළුවන් හොඳම කෙමිස්ට්‍රි උදාහරණය තමයි මොනො සෝඩියම් ග්ලුකෝමේට් (MSG). කන කොට රහයි, හැබැයි පිළිකා හැදෙන්න ඉඩ තියෙනවා.

    සමහර විට මේ එකගෙයි කෑම් මීතයිල් සැලිසිලේට්වලින් අහවර වෙන්නත් ඉඩ තියෙනවා. හීක්ස්.

    ReplyDelete
  44. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    මේ ප්‍රශ්ණය ගැන ගෝලු ගන්නේ නැතුව හිටි පොඩි කුමාරිහාමිටත්, වලව්වේ කෂ්ටියටත් මගේ විශේෂ ස්තුතිය. තරහ අවසර!

    සැප්තැම්බර් සාහිත්‍ය මාසේ හැමදාම කතන්දර වගේම කයි-කතන්දරත් පලකෙරෙන බව මතකයි නේද?

    ReplyDelete
  45. එක ගෙයි කෑම ගැන විස්තරාත්මකව සාකච්චා කෙරෙන නවකතාවක් තමයි "සුදු සෙවනැලි". චිත්රපටියකුත් හැදුනා පස්සේ කාලෙක මං හිතන්නේ. බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ සමාජය මද්යස්තව විස්තර කරන හොඳ පොතක් හැටියට හඳුන්වන්න පුළුවන්.

    ReplyDelete
  46. සිත නැති බඹලොව - මඩවල එස් රත්නායක.

    වර්තමාන යුගයේ එක ගෙයි කන්නට සකස් කල විවාහයක් සහ පලා යන බාල සහෝදරයෙක් ගැනයි.

    පොඩ්ඩි ගේ සයිට් එකේ තව කලා නිර්මාණ දාලා තිබ්බා.

    ReplyDelete
  47. @Sujeewa

    මගේ කොමෙන්ටුව, ඔහේ කිව්ව /ලංකාවෙ නම් මේක අස්ථායීම නැහැ/ කියන එක පැහැදිලි කරගන්න දරපු අහිංසක උත්සාහයක් විතරයි. දේශීයවාදයක්වත් ප්‍රතිදේශියවාදයක්වත් ගැන නෙමෙයි. සහ මම කොහේවත් කියල තියෙනවද ඔහේ කිව්ව කියල /ලංකාවේ විදිහ සිරා බටහිර අවුල් කියලා/. "ඊනියා" බටහිරට වඩා ස්ථායී වගේ එකක්ද කියල ඇහුවේ ඔහේගෙ කොමෙන්ටුව පැහැදිලි නැති නිසා සහ ඒක පොදු ජනප්‍රිය කියමනක් නිසයි. ඕස්ට්‍රෙලියානු උදාහරනයන්ම පේනවා ඔහේගෙ ප්‍රකාශයේ පදනම කොම්පෙයාර් කිරීම බව. මට පේන්නේ ප්‍රීජජ්මන්ට් එක වැට පැනලා වගේ !

    කවුරුවත් කියන්නේ නැ මගේ වාදය මේකයි කියල. කියන්න ඕනෙත් නැහැ. සිදුවන දේ, ඊට හේතු වන දේ ඔප්පු කල හැකි හැකි සහ දත්ත මත මත දැකීම (අඩු වශයෙන් ඊට උත්සාහ කිරීම ) තමයි මගේ "වාදය" විදියට මම තෝරගෙන තියෙන්නෙ.

    අනික් අතට /සමාජ බල කිරීම හෝ කැමැත්ත මත මෙය වෙනවා ඇති. එක අදාළ නැහැනේ. ප්‍රතිපලය එකයි./ කියනකොට ඒකෙ තියෙනවා ඔහේගෙ "වාදය". අලුතෙන් නාමකරනය කරන්න දෙයක් නැහැ.

    සමාවෙන්න.. සූරි සහ දොරමඩලාව ගැන කිව්වෙ හාස්‍යය සඳහාම පමනයි.

    -සනාථ

    ReplyDelete
  48. ඔය එක ගෙයි කෑම පවුලෙ දේපොල පිට යන එක වළක්වගන්න දාපු උපක්‍රමයක් කියල මම කි‍ව්වොත් ආයෙත් පාරක් මට පොලිටිකල් ඇනිමල් කියල කියයි.
    කොහොම වුනත් තරුණ කාලෙ නම් එක පිරිමියෙක් ගෑනු දෙන්නෙක් තියාගෙන ඉඳියි. ඒත් වයසට යනකොට වැඩේ අමාරු වෙයි නේද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.