Saturday 3 September 2011

පේරාදෙනියේ කයි-කතන්දරයක් : Down the memory lane


යුනිවසිටි ගිය කොයි කෙල්ලත්, කොයි කොල්ලත් ඒ ගමන යන්නේ සෑහෙන්න බලාපොරොත්තු හිතේ තියා ගෙනයි. ඒ ලෙවල් කරන කාලේ කාපු කට්ට නිසා, ඇත්තටම හිතෙන්නේ දැන් ඉතිං ජීවිතේ මල් කියල තමයි.

ගිහිල්ලම බලන්න ඕනෑ ඒකේ රඟේ!

මෙන්න මං පේරාදෙනියේ ගිහින් සතියකින් දෙකකින් ලියපු තවත් කවියක්.

සරසවි සිහිනය බිඳී
(සරසවියට පැමිණි නවකයෙකු ගේ සිතුවිල්ලක්)

අනාගතය ගැන මියුරු කල්පනා
හද තුල ගොනුකර තුටු වූ සිතැතිව
ආවෙමි දුක් කරදර සැඟ මැඩගෙන
සිතේ මැවී තිබු සිහින ලෝකයට

නැත මා සිතු ලෙස කුමර කුමරියන්
මිහිරෙන් සතුටෙන් සැපෙන් හිනැහිලා
ආමාශයෙ දුක් ගින්න නිවන්නට
සියළු දිරිය වීරිය යොදවනු මිස

සිසිල් සුළං පොද සාපයක් වෙලා
උසැති කඳු මුදුන් සාපයක් වෙලා
සොබා දමේ කිසි සොඳුරු බවක් නැත
දකින හැම දසුන් තිත්ත රස වෙලා

මේ මා සිත තුල මැවු ලොව නොවේය
මේ මා එන්නට පැතු ලොව නොවේය
කුරිරු බවක් මිස සොදුරු කමක් නැත
වටහා ගත්තෙමි මම ද යථාර්තය!෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.liriandersson.com/)

17 comments:

  1. තිත්ත යථාර්තය සුන්දරව වචන වලට ඔබ්බවලා...

    ReplyDelete
  2. සැබැ ජිවන අත්දැකිම් කවියට නගන කොට ඇත්තටම ගොඩාක් සුන්දර වෙනවා කියලා මම අහලා තිබුනට ගොඩාක් ඒවා විදින්නේ කකා ගෙන් තමයි

    ReplyDelete
  3. So the ragging was that bad at that time?

    ReplyDelete
  4. කකාගෙ කවියෙන් කියැවෙන දේ ඇත්ත! අපි හිතන් ඉන්න සුන්දර ලෝකය නෙමෙයි සරසවිය ඇතුලේ තියෙන්නේ...
    නමුත් ගිහින් සති 2 කින් මේ තරමට කළකිරෙන්න නම් යම් හේතුවක් තියෙන්නෙ ඕනෑ...

    "සිසිල් සුළං පොද සාපයක් වෙලා
    උසැති කඳු මුදුන් සාපයක් වෙලා
    සොබා දමේ කිසි සොඳුරු බවක් නැත
    දකින හැම දසුන් තිත්ත රස වෙලා "

    එහෙම කියන්නෙ ඇයි??? මට නම් හිතෙන්නේ පේරාදෙණියෙ ඔය පරිසරය තමයි, අසුන්දර දේවල්වලට මුහුණදෙන්න වෙද්දී, සිත නිවාගන්න තියෙන සුන්දර දේ... ඒ නිසා මෙහෙම වෙන්න හේතුවත් කිව්වනම්...

    ReplyDelete
  5. වෙලාවට අයියේ අපි නොගියේ...

    ReplyDelete
  6. සහතික ඇත්ත අයියා..ඔය කියන තරම් සොදුරු බවක් කොහෙත් නැහැ..එකෙක්ට වඩා අනිකා උඩට යන්න බලන කට්ටියගෙන් දැන් සරසවි පිරිලා

    ReplyDelete
  7. ගියපු එවුන්නේ ඒකේ රඟේ දන්නේ. අපි හිතන්නේ පැරඩයිස් කියල. ඉරිසියා කොරනව අම්බානට..

    ReplyDelete
  8. මම ආසම සරසවිය තමයි පේරාදෙණිය..ඒ ඉතින් සුන්දර වට පිටාව නිසා. ඒත් මේ පේන සුන්දරකම කිසිම දේක නෑ කියල තේරුම් අරන් ඉන්නේ.....

    ReplyDelete
  9. අපිට ඉතිං ඔය පැත්තෙ යන්න බැරි උනානෙ ........

    ReplyDelete
  10. ඔය හෝම් සික්... පස්සේ හරි යයි... :)

    ReplyDelete
  11. හප්පේ..පේරාදෙනිය ගැන මාත් හිතාගෙන ඉන්නේ ඔය මුලම තියන විදියටනේ..ගියාම එපා වෙයිද මන්දා...
    :O

    ReplyDelete
  12. සරවියේ පිටත පේන සුන්දරත්වය ඇතුලේ ඉන්නා අයගේ ජීවිත වල නොමැති බව කියාපාන මේ කතා පෙලම කියවන්න ලැබේන එකත් වාසනාවක් වගේ. කොහොම හරි දිනපතාම කා කා ගේ කතාවක් කියවන්න ලැබෙනවා නම් ඇති. ස්තූතියි, මල්ලි, අව්‍යාජව මේ ලියන දේවල් වලට.

    ReplyDelete
  13. කකා, with all due respect මට නම් ඔය අදහසට එච්චරම එකඟ වෙන්න බැහැ. හැබැයි ඉතින් මගෙයි ඔයාගෙයි අදහස් එකම වෙන්න ඕනේ නැහැ නේ. එකනේ අපි දෙන්නෙක් උනේ. නේද ? LOL .
    මගේ අදහසත් මෙතනම දාන්නම්.
    පේරාදෙණිය සරසවියේ බාහිර සුන්දරතාව නම් ඇති විශිෂ්ටයි. හරියට uni life එක enjoy කරන එකෙකුට කරන්න ඕනේ තරම් දේ තියෙනවා ඒකෙ.
    ලංකාවේ තියෙන ඕනේ ක්‍රීඩාවක් එහෙ කරන්න පුළුවන්. හැම ජාතියේම සංගම් තියෙනවා. බැඳිලා social වෙන්න පුළුවන්. එහෙටම අනන්‍ය සාහිත්‍යයක් තියෙනවා. ඔයවගේ දේවල් බොහොමයි.
    අධ්‍යාපන ගුණාත්මක භාවය කෙසේ වෙතත් එකිනෙකා පරයන තරගය නම් එමටයි. එකත් ඉතින් තියෙන්න ඕනේ නේද.
    මම නම් හිතන්නේ ඉගෙනගෙන, පේරා පරිසරය රසවිඳලා කරන්න තියෙන බාහිර වැඩ (වල් වැඩ නෙවේ. හරිය?) බොහොමයක් කරලා, හොඳ බාහිර සහ පුද්ගල සම්බන්ධතා හදාගෙන (PR එක) එලියට එන එකා තමයි ඇත්තටම පොර.
    මමත් අවුරුදු පහක් ඉඳල (Inta හිටිය අවුරුද්දත් එක්ක) course එක යන්තම් ගොඩ දාගෙන එලියට අවේ අර ඉතුරු දේවල් මොකුත් නොකර. ක්‍රීඩා කරේ නැහැ, union කරේ නැහැ, කඳු නැග්ගේ නැහැ, බිව්වේ නැහැ, love කරේ නැහැ. පස්සේ බැලුවම සිරාවට (class එකක් එක්ක) ඉගෙනගෙනත් නැහැ. ඒ ගැන නම් හිතට ටිකක් දුකයි.
    නමුත් මම පේරා සරසවි සුන්දරත්වයට ආදරෙයි. පින්තුරයක දැක්කත් හොඳ හැඟීමක් එන්නේ. මම සරසවි දිවියේ කටුක බව සරසවියේ සුන්දරත්වය එක්ක match කරන්න යන්නේ නැහැ. ඒ දෙක දෙකක්. පැහැදිලිවම දෙකක්.

    ReplyDelete
  14. @ මරුමුස්

    මේ එක කවියක් විතරයි නේ. මේක ලිව්වේ මං ගිහින් සති දෙකක් ඇතුලත.

    මං කවි පොත් දෙකක්ම ලීව්වා ඒ අවුරුදු හතර ඇතුලත.

    එක කවියකින් සේරම කිව්වා නං පොත් දෙකක් එන්නේ කොහොමද නේද?

    අනික ඔය ඔය කලේ නෑ කියලා තියෙන සේරම දේ මං කළා!

    ඒ දේවලුත් එක කතාවකින් ලියන්න බෑනේ.

    ඔහොම යමු!

    ReplyDelete
  15. @ක.කා, අන්න එහෙම එන්න කෝ.. :P Lolzzz

    ReplyDelete
  16. පේරා ගිහිනුත් ඔහොම හිතුණද..
    හැබැයි ඔය දසුන් මුකුත් නැතුව කැම්පස් එක තුනට බෙදාගෙන බස් යන එක ගැන මොකද හිතෙන්නේ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.