Friday, 9 September 2011

අඩුව ගැසීම (පේරාදෙනියේ කතන්දරයක් ) : Poverty-stricken students of Peradeniya


පේරාදෙනිය විශ්ව විද්යාලය තමයි මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම නේවාසිකාගාර පහසුකම් තියෙන විශ්ව විද්යාලය.

මේවා නේවාසිකාගාර, හෝල්ස් ඔෆ් රෙසිඩන්සස්. හොස්ටල්ස් නෙමේ.

හොස්ටල් තියෙන්නේ ඉස්කෝලවලයි. මං අවුරුදු හතරක් විතර කල් මරපු මරියකඩේ පැත්තේ ඉස්කෝලෙ නම් අන්න හොස්ටල් එකක් තිබුණා.

අනාදිමත් කාලෙකට ඉස්සර නම්, මේ පේරාදෙනියේ නේවාසිකාගාරවල නතරවෙලා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට විශ්ව විද්යාaලෙන් ම කෑම බීම දීලා තියෙනවා. නමුත් අපි යන කාලේ වෙන කොට මේ භෝජනාගාර පවත්වාගෙන ගියේ කොන්ත්රාත්තු ක්රමයට මුදළාලි ලා විසින්. එදා වේල සල්ලි ගෙවලා ගන්නයි අපිට තිබුනේ.

නැවතත් මේවා භෝජනාගාර (කැෆටේරියා) මිස කැන්ටින් නෙමේ. අන්න මං ඒ ලෙවල්ස් කරපු මරිකඩේ ඉස්කෝලේ නං කැන්ටිමක් තිබුණා.

කැන්ටින් නැතුව කැෆටේරියා තියෙන, හොස්ටල් නැතුව හෝල්ස් ඔෆ් රෙසිඩන්සස් තියෙන මේ වැදගත් වෙනස ගැන මං පස්සේ දවසක වෙනම ම කතාවක් ලියන්නම්.

ගෙදර ඉන්න කාලේ ඉස්සෙල්ලා උදේ කිරි තේ බොනවා. ඊට පස්සේ කනවා. ආයේ කිරි තේකක් හරි ප්ලේන් ටී එකක් හරි බොනවා.

පේරාදෙනියේ ගියාම පුරුදු වුණා, කෙලින්ම උදේට කාලා ඊට පස්සේ කිරි තේ එක බොන්න. උදේට හැමදාම මං කෑවේ පාන් භාගයයි, පරිප්පු දීසියයි. මේක නිකං ඒ දවස්වල මට අමෘත්යය වගේ. තාමත් ලැබුනොත් කනවා.

ඉඳිආප්ප වගේ ජාති තිබුණට, ඒව කන්න හිතුවේ නැත්තේ මූලිකවම වියදම වැඩි නිසයි. අනික කොහොමටත් මං ඉඳිආප්ප වලට කැමති නෑ.

දවල් ට සහ රෑ ට ඉතිං බත් ම තමා.

මුලින් නං මට මේ බත් සහ මාළුපිනි උගුරෙන් පහලට යවා ගන්න බෑ. ඇඬෙන තරමට නීරස ජරාවක්. මං හිතන්නේ මේක කාටත් පොදු දෙයක් ගිය අළුත.

මේ කාරණය හොඳින් දන්න අපේ ජ්යෙෂ්ඨ උත්තමයෝ කලේ අපිට බත් එක එක ඇටයක්, කරපිංච කෑල්ලක් පිඟානේ ඉතුරු නොකර කන්න අණ කිරීමයි. ඒ උත්තමයින් ට පින් සිද්ධ වෙන්න රැග් සීසන් එක ඉවර වෙන කොට අපි හොඳට මේ බත් එකට සීසන් වෙලයි හිටියේ.

බත් කනවා නම් චොයිසස් දෙකක් තිබුණා. එළවළු. නැත්තං මස්. මස් කියන්නේ ඉතිං "ජහ් කොටියා" තමා. චිකන් කියන්නේ ඒ දවස්වල සුඛෝපභෝගී කෑමක්. මං නං ඉතිං කොහොමටත් එළවළු ජීවිතයක් නෙමේ නේ. ඉතිං දිවා, රෑ මෂ් ම තමා.

බිත්තරත් ගන්න තිබුණා මගේ හිතේ. වෙනම සල්ලි දෙන්න ඕනෑ. මං කවදත් ඔය කොලොස්ටරෝලි ගුලි වලට කැමති නෑ.

බත් පිඟානේ ප්‍රමිතිය රැක ගන්න, කැන්ටිමේ ටෙන්ඩරය ගන්න මුදළාලි ලා ට නීති කීපයක් දාලා තිබුණා යුනිවසිටි එකෙන්.

1. එළවළු ජාති තුනක් තියෙන්න ඕනෑ.
2. ඉන් එකක් පරිප්පු හරි බෝන්චි හරි අල හරි වෙන්න ඕනෑ.
3. තව එකක් මැල්ලුමක් වෙන්න ඕනෑ.

ඕනෑ නීතියක හිලක් තියෙනවා නේ. ඉතිං, අපිට කවදාවත් බත්වලට බෝන්චි හෝ අල තිබුනේ නෑ. ඉඳලා හිටලා හරි තිබුනේ පරිප්පු ඇට වැටුණු හොද්දක් විතරයි. අනිත් හැම දවසටම තිබුනේ මුං ඇට. මුං ඇටත් පියලි වෙන්කලාම මුං ඇට පරිප්පු වෙනවානේ අර දැන් වැඩිය දකින්න නැති කඩල පරිප්පු, තෝර පරිප්පු වගේ.

මැල්ලුමටත් ගොටුකොල, මුකුණුවැන්න, සාරණ, කංකුං, තිබුණාය කියල හෙම හිතන්න එපා. හැමදාම තිබුනේ කොළ ගෝවා මැල්ලුම තමයි.

එළවළු බත් එකක් ගත්තත්, මස් එකක් ගත්තත් පිඟානේ තිබුනේ නං බත් පීරීසියක් විතර ප්රාමාණයක් තමයි.

අපේ සමහර උන්ට ඕක මදි. ඒකට ප්‍රතිකර්මයක් විදියට තිබුනේ අඩුවක් ගන්න එකයි.

අඩුවක් කියන්නේ බත් පිඟානෙන් බාගයක් විතර එළවළු ඩිංග, ඩිංග එක්ක බෙදලා දෙන එකටයි. මේකට ගෙවන්න ඕනෑ වුනේ සාමාන්ය එළවළු බත් එකේ මිලෙන් සියයට විසිපහක් විතරයි.

බඩගිණිකාරයින් ට කේටර් කරන්න හදලා තිබුණු මේ අඩුව ගැනීමේ ක්රමය වැඩිපුරම පාවිච්චි කලේ වැඩිපුර කන්න ඕනෑ වුණු උන් නෙමේ. අතේ වියදමට මුදල් ප්‍රශ්න තිබුණු කොල්ලෝ.

මේකට කියන්නේ අඩුවක් ගහනවා කියලයි.

මෙහෙමයි ඕක කරන්නේ. ඔන්න එක කොල්ලෙක් කාල ඉවර වෙන කොට, අනිකා කරන්නේ ඌට සල්ලි දීලා අඩුවක් ගෙන්න ගන්නවා. ඒක කාලා, පස්සේ මූ ම ගිහින් තව අඩුවක් අරං කනවා.

මුල් අඩුව මුලින් පිඟානේ කන එකාට කියලා ගෙන්න ගන්නේ ඉඳුල් ගෑවිලා තියෙන්නේ උගේ අතේ නිසයි. එහෙම රහසින් වගේ මේක කළාට, කොහොමටත් එළවළු ජීවිත නොවෙන උන් මුල් අඩුවට වැඩිපුර ගාණක් ගෙවලා මස්, බිත්තර දාගන්න නිසා, මං හිතන්නේ මේක ප්‍රසිද්ධ රහසක්.

දැන් විශ්ව විද්යාවලවල කොල්ලන් ඉස්සර තරං දුප්පත් නැති වුනත්, සමහර විට මේ අඩුවක් ගහන එක තාමත් භාවිතයේ ඇති.

මේ අඩුව ගැසීමේ කතාව නිවරදිව විස්තර කරන්න නම් රුපියල් සත එක්ක කතා කරන්න වෙනවා. මේ මිළ ඇත්ත ඒවා නොව උදාහරණ පමණකි.
(ඇත්තටම පසුව ලියමි).

කෑම පිඟානක් එළවළු එක්ක රුපියක් 25
කෑම පිඟානක් මස් එක්ක රුපියක් 32.50
කෑම අඩුවක් (සාමාන්‍ය ප්‍රමාණයෙන් බාගයයි, බත් සහ එළවළු විතරයි) රුපියල් 7.50
මස් කරි පිඟානට දාන්න රුපියල් 7.50

අඩුව ගහන අයට මේ අනුව රුපියල් 22.50 ක මුදලට මස් කෑම එකක් කන්න පුළුවන් (මුලින් ගන්න අඩුව, මස් කරි, පස්සේ
ගන්න අඩුව).

එය එක වේලකට රුපියල් 10 ක ඉතුරුවක් හෙවත්, මසකට රුපියක් 600 ක ඉතුරුවකි.


-කතන්දරකාරයා

ප/ලි:
අපේ සමහරු අඩු දෙකක් කාලා ගානක් ඉතුරු කර ගත්තේ, ඒ සල්ලි වලින් කෑමෙන් පසු සිගරට් එකක් බොන්නයි.

මතකනේ අර කුකුල්ලු දෙන්නා ගේ කතාවට පදනම් වුණු විශ්ව විද්යානලයේ කොල්ලන් ගේ බීම සම්බන්ධයෙන් මං ලියපු අරක්කු ඕනා, කෝක් වානා කතාව?

ඒ කතන්දරේ ඉකොනොමික්ස් තියරිය වැඩිදුර විස්තර කරන්න මට දෙවෙනි පෝස්ට් එකකුත් ලියන්න වුනා!

ප/ප/ලි:
මේ අද කතන්දරේ නැගලා ගියොත්, පේරාදෙනිය ෆුල් සීරීස් එකක් ලියන්නත් හිතේ තියෙනවා. දැනට මං ලියල තියෙන්නේ මට ලියන්න පුළුවන් පේරාදෙනිය කතන්දරවලින් සීයට පහක් විතරයි.

පේරාදෙනිය ජීවිතේ ගැන කයි-කතන්දර සීරීස් එක නංතාම පටන් ගත්තා විතරයි නේ.

http://www.panoramio.com/user/2946631/tags/Kandy%20-%20Peradeniya?photo_page=2)

23 comments:

  1. පසු කතාවක් ලියන්ටම වෙනවා. මේ අඩුවක් ගහන එක හරියට තේරුනේ නෑ....:)

    ReplyDelete
  2. අම්මෝ !!! අක්බාර් ජීව්තේ මතක් වෙනව මේක කියෙව්වම.පොඩි පොඩි අඩු පාඩු තිබ්බත්, හරිම සුන්දර කාලයක්.

    ReplyDelete
  3. අපේ කැන්ටින් වලත් කෑම නම් අජූථයි අර කිව්වත් වගේ රැග් එක නැත්තං කැන්ටිමට පැවැත්මක් නැතිව යනව තව පොඩ්ඩෙන් අපි අවසානෙ හොස්ටල් එකේම උයාගන්න සෙට් උනා...අපේ හොස්ටල් වල නම් උයන්න තැනකුත් දීල තිබුන...

    ReplyDelete
  4. මෙහෙ ඉතිං හෝටල්වලත් ඔය අඩුව ගහන්න පුළුවන්නේ..මේ ළගක තැනක් තියෙනවා මස් මාළු බිත්තර ඕන කෑම එකක් 70යි..ඇති වෙන්න දෙනවා.. අඩුව ගැහිල්ලත් නොමිලේ... අනේ ඉතිං බත් කඩේ මුදලාලි දිවිය ලොකේම යන්ට ඕන...

    ReplyDelete
  5. අපේ කාලෙ ගොඩක් එවුන් හිටියා; බොන්න ඕන වෙලාවක සල්ලි තියෙනවා කන්න සල්ලි නැති.
    අපි කියන්නේ සුද්දො වගේ බීල බල්ලො වගේ කනවා කියලා

    ReplyDelete
  6. අඩු ගැසිල්ලනම් තවම තිබේ. හැබැයි දැන් කැන්ටීන් වල සිගරට්නම් නෑ. මම ගියපු අලුතනම් සිගරට් විකුණන්න තිබ්බා. පස්සෙ සිගරට් නැති වෙලා ගියා. සමහර විට සිගරට් නැති වෙන්න මේකත් හේතුවක් වෙන්න ඇති.

    සිගරට් නැති වෙච්ච එකනම් මට පාඩුවක් වුණේ නෑ. හැබැයි අර කිරි පිටි ගණං ගියපු කාලයක කැන්ටින් වල කිරි තේනම් නැති වුණා මාස 6ක් විතර. ඒ කාලෙනම් මාර දුකක් වින්දෙ.

    රුපියල් 4කට කිරි තේකක් දෙන එක පාඩුයි කියා මුදලාලි කිරි තේ දෙන එක නැවැත්තුවා. කිරි තේක රුපියල් 5 කරන්න ශිෂ්‍ය සංගම් ඉඩ දුන්නෙත් නෑ. හැබැයි ඒ කට්ටියම බස් එකටත් කීයක්දො මන්දා දීලා පේරාදෙණිය හන්දියට ඇවිත් හෝටල් වලින් කන බොන හැටි දුට්ටමනම් මාර තරහයි.

    ReplyDelete
  7. තවම අඩු ඇති. වසර දහයකට කලින් හයිකර් ගැන්සියකට සෙට් වී අක්බාර් එකේ වීක්‌ එන්ඩ් ගජේ ගහපු කාලේ නම් තිබ්බා.

    දැන් පස් තාච්චි අදින්න ගිහින් ශෝටීට්ස් කනකොට අනේ මේ ගානට එලියේත් ඇත්නම් කියලා හිතෙනවා.

    පොඩ්ඩිට මේ පොස්ට් එක කාල මදි ලු. එයා අඩුවක් ඉල්ලනවා [පෝස්ට් අඩුවක්]. ඕකනේ කියන්නේ පොඩ්ඩි. අපිත් ඔය හතර දිබ්බාගේ ගියාට නිවාඩුවට ඇවිත් ඉන්නේ කැම්පස් හොස්ටල් වල නේ වැඩිපුර. අනික සෙනසුරු මහා දසාව ලබලා ඉබාගාතේ ඇවිද්දවපු කාලේ නේ ඔය. ඉතින් ඔය කොයි කොයි ජීවිතෙත් කොහෙන් හරි ටච් උනා.

    ReplyDelete
  8. @ All
    මේ අඩුව ගැසීමේ කතාව නිවරදිව විස්තර කරන්න නම් රුපියල් සත එක්ක කතා කරන්න වෙනවා.

    කෑම පිඟානක් එළවළු එක්ක රුපියක් 25
    කෑම පිඟානක් මස් එක්ක රුපියක් 32.50
    කෑම අඩුවක් (සාමාන්‍ය ප්‍රමාණයෙන් බාගයයි, බත් සහ එළවළු විතරයි) රුපියල් 7.50
    මස් කරි පිඟානට දාන්න රුපියල් 7.50

    අඩුව ගහන අයට මේ අනුව රුපියල් 22.50 ක මුදලට මස් කෑම එකක් කන්න පුළුවන් (මුලින් ගන්න අඩුව, මස් කරි, පස්සේ ගන්න අඩුව).

    එය එක වේලකට රුපියල් 10 ක ඉතුරුවක් හෙවත්, මසකට රුපියක් 600 ක ඉතුරුවකි.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. කසූ මේ කොයි අවුරුදු වල මිල ගණන් ද දාන්නේ ? 1993-97 කාලේ එළවලු කෑම එකක් 4.50 යි, මාළු කෑල්ලක් 1.50 යි, මස් කෑල්ලක් 3.00 යි.
    අර අඩුවක් ගන්නකොට අතේ ඉඳුල් තියෙනවද කියන එක අපේ කාලේ ප්‍රශ්නයක් උනේ නැහැ. කොල්ලෝ කෙලින්ම අඩු පෝලිමට සෙට් වෙනවා යාලුවෙක් කාල ඉවර වෙනකම් බලා ඉඳල උගේ පිඟාන අරගෙන.
    හැබැයි පිඟාන ටැප් එකට අල්ලලා හෝදගෙන නම් කවුරුත් අඩු පෝලිමට ගියේ නැහැ. එහෙම experiment එකක් කවුරුවත් නොකරේ මොකද මන්ද.

    ReplyDelete
  11. අඩුව ගැන වෙනමම එකොනොමික් තියරි එකක් ඩිවලොප් කරන්න පුළුවන් වගේ. මම නම් හිටියේ ගල්ඔය පලාතේ තාක්ෂණයට ප්‍රසිද්ධ තැනක. එහෙනම් අපරාදේ කියන්න බෑ කෑම නම් දුන්නා බොහොම සුළු ගානක් අරගෙන. මසුයි, වට්ටක්කායි, පරිප්පු හොද්දයි. වට්ටක්කාව වෙනස් වෙන්නේ පළාතේ එළවළු සැපයුම අනුව. අනික්වානම් මෙනු එකේ permanent.

    ReplyDelete
  12. ග්‍රීස් යකා10 September 2011 at 00:27

    මමය් මගේ හාමිනෙය් දෙන්නත් අඩුව ගහලා තමය් ජීවත් උනේ .ටික දවසක් යන කොට මේක කැන්ටිමා ට මීටර් වුනා .man ට දුක හිතිලා දවසක් මම කෑම ගන්න ගියාම කිව්වා "සර් ආපහු පෝලිමේ එන්න ඕන නැහැ ' කියලා මගෙන් රුපියල් 2 කක් වැඩිපුර අරගෙන ( ඒ දවස්වල අඩුවක් රු 2 ය් ) එළවලු කෑම එකක් දුන්නා. එයින් පස්සේ අපි අඩුව ගහන්න ගියේ නැහැ ..

    ReplyDelete
  13. 1970 ගණන් වල මුල හරියෙත් මට මතකය්, වේරහැර කෑන්ටිමේත් "අඩුව" තිබුන. ඒ කාලේ කෑම එක නම් රුපියල් 1.20 ය් මතක විදියට, අඩුව සත 25 ක් විතර.

    ReplyDelete
  14. එල....අනේ පේරා ගැන සීරියස් එකක් ලියන්නකෝ කකා අයියේ...

    ReplyDelete
  15. බ්ලොග් එක නැගල යනවා නේද?පේරෙ ගිය අයයි.දැන් ඉන්න අයයි සෙට් වුණත් ඇති නේද?ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  16. මටත් අපේ ජිම් කැන්ටින් එකේ ගණන් හිලව් මතක් වෙනවා. ප්ලෙන්ටියක් රු.3, බත් එකක් මාලුත් එක්ක රුපියල් 30,

    Staff කැන්ටින් එකේ ප්ලෙන්ටියක් රු.5, ටී එකක් රු.10, බත් එකක් මාලුත් එක්ක රු.40.

    මම කන බොන ජාතිවල විතරයි ගාන දන්නේ.

    කැන්ටිම්වලින් බත් කන්නෙත් කලාතුරකින්. මොකද ගෙදර හෝටලෙන් හැමදාම උදේට නොමිලේ බත් එක දෙනවානේ

    ReplyDelete
  17. ෆුල් එකයි අඩු පහකුයි කාපු එකෙක්නම් හිටියා අපිත් එක්ක...........

    ReplyDelete
  18. මළ කෙළියයි! කකා පේරා සීරීස් එකක් ලියන්ටයි යන්නේ... අපේ බ්ලොග් පඩංගු වහලා දාන්ට වෙයි වගේ... බි.පෙ.සි.

    අපේ කාලේ (2001 - 2006) වෙනකොට මාලුපිණි 3 ක් එක්ක බත් එක රු. 7/- යි, අඩුවක් රු. 2/- යි... මරුමූස් කියලා තිබ්බා වගේ අතේ ඉඳුල් නැති එක නම් ප්‍රශ්නයක් වුනේ නෑ... ඒ වගේම පිඟාන හෝදලා අඩුව ගන්න යන අය ඕනෙතරම් හිටියා අපේ කාලේ වෙනකොට! මං නම් වාත වෙන කාලෙ ජ්‍යෙෂ්ඨතුමාලගෙ අණකට මිසක් අඩුවක් කාලම නෑ, මොකද මට සාමාන්‍ය බත් එක හොඳටම ඇති නිසා :)

    අපි පේරා ගිය මුල්ම කාලේ අක්බාර් කැන්ටිමේ ටෙන්ඩර් එක නුවර ටොපෑස් හෝටලෙන් ගත්තා! රස කතා ගොඩක් වුනා ඒ දවස්වල, අන්තිමට මාස 3 න් උං යන්න ගියා... ඊට පස්සේ ආපු එකා අපි අවුට්වෙලා යනකන්ම අපිව කෑවා!!!

    මොනව වුනත් කකා කියලා තිබ්බා වගේම උදේ 6.00 වෙනකොට අපි කැන්ටිමට දුවගෙන එන්නෙ පාන් බාගෙයි පරිප්පුයි කන්න...

    ReplyDelete
  19. ඇඬෙනව... ඒත් මුං ඇට කියන්නේ නං අද කාලෙ හැටියට බොහොම වියදම් අධික ආහාරයක්නෙ... ගෝව කොළත් කොච්චර රසද අප්පා...

    මගේ පියතුමා සහ මව්තුමිය ඔය තිප්පලේ ඉන්න කාලෙ නං ඒ ගොල්ලන්ට විස්ස විජ්ජාලෙන්ම කෑම දුන්නළු... ඒ ගොල්ලන්ට නං සෑහෙන්න පොශ් ආහාර වේලක් දුන්න කියල තමයි ආරංචිය...

    පේරා සීරීස් එකක් ලියන්න කියල තමයි මගෙත් නං ඉල්ලීම...

    ReplyDelete
  20. හික් හික් . . . . මට්ටක්කුලියෙ කාක දූපතට ඇතුල් වෙන තැනම තියන ග්‍රීන් ලීෆ් හෝටලේ එක දවසයි අන්ලිමිටඩ් අඩු දුන්නෙ. . . . . පලවෙනි දවසෙම අපේ සෙට් එකක් ගියා . . . . පහුවදා ඉඳල එක අඩුවයි දුන්නෙ . . . ඒකත් සල්ලි වලට(හාෆ් රේට්)

    ReplyDelete
  21. අපි හිටියෙ දොල අයිනෙ. එහෙත් වෙනසක් නෑ. හබෑයි අපි ඉන්න කලේ නිතියෙන්ම අඩුව දෙන්න ඕනෙ හෑමෝටම. මොකද, කෙල්ලො කොහොමත් කන්නෙ අඩුවක ප්‍රමානයක් තමයි. ඒ හෑටියට කෙල්ලොන්ට මාරම ලබයිනෙ බොලෙ.... කිරිතේ ගෑන නම් කියල වෑඩක් නෑ. අපෙ එකෙක් කියනව පිටි දන්නෙ හන්දෙ අනිත් පෑත්තෙන් ලු, එ කිව්වෙ මිට පත්තෙන් නෙමේයි. තලෙම අනිත් පෑත්තෙන්. කතන්දර ටික ඩිගටම දාන්න. බොක්කට වදිනව මේව.

    ReplyDelete
  22. පේරාදෙණිය උගන්ඩාවටත් පහලින්
    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා පහලින්

    | සුපුන් පෙරේරා


    ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව හෙළිවේ. ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා විසින්ම පිළිගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය වෛද්‍ය වජිර වීරසිංහ, ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය එස්‌.බී. වීරකෝන්, ශාස්‌ත්‍ර පීඨාධිපති මහාචාර්ය අනෝමා අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උපකුලපතිවරයා මේ බව අනාවරණය කරනු ලැබිය.

    අධ්‍යාපනික ගුණාත්මක භාවය , විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම්, සිදු කරන ලද පර්යේෂණ සහ විද්‍යාත්මක ලිපි හා ග්‍රන්ථ පළකිරීම වැනි කරුණු සමාලෝචනයෙන් සෑම වසරකම ලෝකයේ විශ්ව විද්‍යාල පිළිබඳව ශාස්ත්‍රඥ ඇගයීමක් සිදු කරන කරන අතර සෑම විශ්ව විද්‍යාලයකටම නිශ්චිත ඇගයුම් අංකයක් ලැබේ. එය World University Ranking නමින් හැඳින්වෙන අතර පසුගිය වසර 30 ඇතුලත ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඉතා අඩු ලකුණු ලබාගනිමින් ක්‍රම ක්‍රමයෙන් පහතට ම වැටී තිබේ. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලෝකයේ සාක්ෂරතාවයෙන් අඩු රටවල් වලටත් වඩා පහල මට්ටමක තිබෙන අතර අප්‍රිකාවේ උගන්ඩා රාජ්‍යයේ සහ සිම්බාබ්වේ රාජ්‍යයේ විශ්වවිද්‍යාල ලංකාවේ විශ්වවිද්‍යාලද අභිබවා ගොස් තිබේ. 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය 1062 ස්ථානය දරන අතර කොළඹ විශ්ව විද්‍යාලය 2690 ස්ථානයද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානයද නියෝජනය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ඉතාමත් පහළ 4189 ස්ථානයට පත් වී තිබේ.

    අන්තරය වැනි අන්තවාදී සිසු සංවිධාන විසින් දිගින් දිගටම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල කිරීමද අඩු සුදුසුකම් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීම වැනි ක්‍රියා නිසාද ලංකාවේ විශ්ව විද්‍යාල මෙසේ පහත් මට්ටමකට වැටී තිබේ. දැනට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආසියාවේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව දරන්නේ අන්තිම ස්ථානයයි. මෙම තත්වය තව වසර කිහිපයක් පැවතුනහොත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උපාධි වල වටිනාකම අන්තර් ජාතික වශයෙන් ක්ෂයවී යනු ඇති බව ඇතැම් විශ්වවිද්‍යාල මහාචාර්යවරු පෙන්වා දෙති.

    ReplyDelete
  23. මගෙ අම්මේ....අඩුවට සෑහෙන දිග ඉතිහසයක් තියනව වගේ....එල එල. අඩුව ගැහිල්ල තවමත් නැගල යමින් තියන දෙයක්...අපිත් අතේ මිටේ සල්ලි නැති දවසට කොරන්නෙ ඕක තමයි.

    @ඇනෝ- "අන්තරය වැනි අන්තවාදී සිසු සංවිධාන විසින් දිගින් දිගටම ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අඩාල කිරීමද අඩු සුදුසුකම් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගැනීම වැනි ක්‍රියා".....දන්න දෙයක් ගැන ලියපන් යකෝ ලියනවනම්.. අන්තරෙන් හැමදාම කියන්නෙ විශ්ව විද්‍යාල වල ගුනාත්මක බව වැඩි දියුනු කරපල්ල කියලයි. මොකද්ද ඒකෙ තියන වරද? ඒ කියපු ක්‍රමේට කරානම් අද මෙහෙම තත්වයක් ඇති වෙන්නෙ නැහැ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.