ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday 12 September 2011
හාමිනේගෙන් කතන්දරකාරයා ට ගුටි හෙවත් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයේ සරදම් ස්වභාවය - The irony of domestic violence (but not funny)
මේ සිද්ධිය වුනේ ගිය ඉරිදා.
ඔන්න මං "සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි" වගේ උදේම නැගිටලා, ටොයිලට් වන්දනාවෙන් පස්සේ, හොඳ ළමයා වගේ කුස්සියට ගිහින් තේ වත්කළා.
හාමිනේ ගේ ප්‍රියතම දම් පාට මග් එකට තේ එකක් හොඳ රහට හදලා ඔන්න ඇඳ ලඟට අරං ගියා.
මේ මග් එක මායි එයාට ගෙනත් දුන්නේ සේල් එකකින්, ඒ නිසා තමයි මං හොඳටම දන්නේ මේක හාමිනේ ගේ ප්‍රියතම මග් එක බව.
අනේ......!
හාමිනේ තවමත් ලස්සන සිහිනයක් බලමින් සුව නින්දේ!
එයා මේ වෙලාවේ හීනෙන් දැක දැක හිටියේ, ශනිදා වාසනාව ලොතරැයියක් ඇදිලා අපි දෙන්නා ලෝකෙ වටා සංචාරයක් යන හැටියි.
හාමිනේ දකිමින් හිටි හීනේ මොකක්ද කියන එක ටක්කෙටම කියන්න මං දන්නේ මගේ පරචිත්ත විජාණනයෙන් නං හෙම නෙමෙයි. මාත් ඊට පැය බාගෙකට කලින් ඇහැරෙන කොට දැක දැක හිටියේ ඔය කියපු ඒ සුන්දර හීනෙමයි, අන්න ඒකයි හේතුව!
අපි දෙන්නා කොහොමටත් දකින්නේ එකම ජාතියේ හීන නේ!
ඉතිං "ගුඩ් මෝනිං!" කියලා සිංහල ක්‍රමයට සුභ පතලා, "අවදිවන්න, අවදිවන්න දීප්තිමත් දිනයකි උදා වෙලා තියෙන්නේ!" යනාදී වශයෙන් ගීතයකුත් ගායනා කරලා, "බොන්න ඩාලිං හාමිනේ තේ එක!" කියල මං එතුමිය ලඟට තේ එක ලං කළා.
අනේ හාමිනේ ඇහැරුනේ නෑ. දිහටම ඒ සුන්දර සිහිනය බලමින් සුව නින්දේ!
ඉතිං මං කෙරුවේ තේ කෝප්පය කනප්පුව උඩින් තියලා හිමින්ම හාමිනේ ට උම්මා එකක් දෙන්න පාත් වුණු එකයි.
එතකොටම හාමිනේට තිගැස්සිලා ඇහැරුණා. මාත් ගැස්සුණු පාරට ගිහින් මගේ නළල වැදුණා ඇඳ විට්ටමේ. ඌයියා!
වැඩියමත් ලේ ආවේ නෑ. තත්පර ගානකින් නතර වුණා. සෙන්ටිමීටර් බාගයක් විතරනේ තුවාලේ. ඒ නිසා මැහුම් දාන්න ඕනෑ වුනෙත් නෑ. හාමිනේ පොඩි ප්ලාස්ටර් කෑල්ලක් දාලා වැඩේ ෂේප් කරලා දැම්මා.
මං පහුවදා වැඩට යනකොටත් ප්ලාස්ටර් එක නළලේ.
වැඩ පොලේ රසිකා සහ අමා විතරක් නෙමේ පොරවල් පවා හැමෝම මගෙන් අහන්න පටන් ගත්තා "අනේ කතා මේ මොකද නළලට වුනේ?" කියලා.
මට දෙන්න තිබුනේ එක පිළිතුරයි.
"ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක්. හාමිනේ මට පිඟානකින් ගැහැව්වා!"
පුදුම වැඩේ කියන්නේ, ඒ කතාව අහපු හැමෝම හිනා වුනා මිසක් එකෙක්වත් විශ්වාස කලේ නෑ මං කියන එක!
මං පස්සේ සීරියස්ලි ඇහැව්වා ඇයි මං කියන්නේ බොරු කියලාද හිතන්නේ කියලා. එතකොට ඒ හැමෝම කිව්ව විදියට මට තේරුණේ, ඇත්තටම හාමිනේ මට ගැහැව්වා නං මං ලැජ්ජාවට ඒ බව නොකියා බොරුවක් කියාවි කියන තර්කය උඩ, ඒ අය මගේ ඇත්ත කතාව බොරුවක් කියා සලකන බවයි.
මේ සිද්ධියෙන් පිරිමි අපිට ගත හැකි පාඩම මේකයි.
ඇත්ත සිද්ධිය මොකක් වුණත්, අපි නළල තුවාල වුනේ අල්මාරියේ හැපිලා කියලා කිව්වොත් අනිත් අය හිතන්නේ මූ ගැණිගෙන් ගුටි කාලා දැන් බොරු කියනවා කියලයි.
ඉතිං, තුවාල වුනේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හින්ද වුනත්, ගෘහස්ථ අනතුරක් හින්ද වුනත්, අපිට කියන්න තියෙන්නේ හාමිනේ ගහලා තුවාල වුණාය කියලයි.
කවුරුවත් ඒක විශ්වාස කරන්නේ නෑ. ඇත්ත මොකක් වුනත් අපි ෂේප්. (තුවාලේ සනීප කරගන්න විතරයි තියෙන්නේ).
-කතන්දරකාරයා
ප/ලි:
හීන ගැන ලියන කොට මතක් වුනේ, මීට අවුරුද්දකටත් වඩා ඉස්සර කාලෙක දකින්න පටන් ගත්තු ගෙයක් හැදිමේ සිහිනය දැන් සෑබෑ වෙන්න පටන් අරගෙන තියෙනවා.
ප/ප/ලි
මෙන්න මං දාගෙන ඉන්න ප්ලාස්ටර් වර්ගයේ අළුත් එකක් සහ ඒවා තියෙන පෙට්ටිය (මොබයිල් ෆොටෝ).
Labels:
ඇක්සිඩන්ට්,
කතන්දර හාමිනේ
Subscribe to:
Post Comments (Atom)
පිරිමින්ට ගහන්ට ලේසි ගැහැනියකට බැරිබව කවුරුත් දන්නවා. ඒකයි ඔය කතාව කවුරුත් විශ්වාස නොකරන්නේ.
ReplyDeleteමගෙත් ප්‍රියතම පාටක් දම්පාට. දම්පාට රාජකීය පාටක්ලු.....:P
අද කතාව ලස්සනයි, හාමිනේ ඉන්න හන්දා....:D
දරුණු විදියට උම්ම එකක් දෙන්න ගිහින් තියෙන්නෙ. උදෙන්ම මූණ දැක්කහම තිගැස්සෙන එක අහන්න දෙයක්යැ? මගේ සගයෙක් හිටිය උදේ පාන්දර කන්නාඩිය ලඟට ගිහින් යටිගිරියෙන් කෑගහනවා.. මොකද කියල ඇහුවහම කියන්නෙ බය උනා බන් එක පාරටම යකෙක් භූතයෙක් කියලා
ReplyDeleteමේ කතාවෙන් ගන්න තියන ආදර්ශය තමා උම්මා එකක් දෙනකොටත් පස් මහ බැලුම් බලන්න ඕනේ කියන එක
ReplyDeleteහිහ්... අයියව දැක්ක හාමිනේ කෑගැහුවේ නැති එකම මදෑ...
ReplyDeleteඅර ශේප් න්‍යාය නම් එලකිරියටම වැඩ කරන බව මාත් දන්නවා...!
දම්පාට "ගේ" පාටලු. කව්ද දන්නේ....
ReplyDeleteකතන්දරයියා වැඩට ගියේ ඔය පින්තූරේ තියන විදිහේ රතු මල් වැටිච්චි නිල්පාට ප්ලාස්ටරේ අලවගෙනද? :D
ReplyDeleteහික්ස්! කකා හරියටම හරි... එහෙම කිව්වම කවුරුත් විස්වාස කොරන්නෑ තමයි.
ReplyDeleteදැං මාත් එක්ක උදේට කන්න සෙට්වෙන නැහැදිච්ච කොල්ලෝ සෙට් එකක් ඉන්නවනේ වැඩපොලේ (කොල්ලෝ කිව්වේ මාත් ඒ ගොඩට දාගන්න ඕනෙ නිසා, නැත්තං මුං කොල්ලොමත් නෙවේ දැං :)), මෙතන ඉන්න නොබැඳපු එවුන් හරී ආසයි ඉතිං අපි උදේ පාන්දර බිරින්දෑවරුන්ගෙන් බැනුම් ඇහුවාය, බිරින්දෑටත් එක්කම ඉව්වේ අපිය, තුවාලයක් වුනාම ගෑනිගෙන් ගුටි කාලාය වගේ කතා කියන්න! හැබැයි අපිම ඕක කිව්වම කවුරුත් හිතන්නේ බොරු කියලා...
නියම අවවාදයක් තමයි අද නම් ලැබුණේ. ඇත්ත කියලා චා වෙනවාට වඩා බොරු කියන එක සිරා වගේ. [මේ වගේ වැඩවලට විතරයි]
ReplyDeleteමම නම් හිතුවේ ඇත්තටම ගුටි කාල වත්ද කියල .ඊට පස්සේ කතන්දරට උම්මා ගොඩක් ලැබුනලු. ඔන්න බලන්න පොඩ්ඩි තේ එක ඇඳ ලඟට ගෙනිහින් දෙන ස්වාමි පුරුෂයෝ තවම ඉන්නවා . වාසනාවන්
ReplyDeleteඅර ප්ලාස්ටර් එක කකා මොකකින් හරි කපාගත්ත එකක්ද?
ReplyDeleteදීප්ස්ට නම් ජීවිතේට උම්මා එකක් දීගන්න බැරිවෙනවා ඕවා බැලුවොත්... :D
මොනවා වුනත් ප්ලාස්ටරේ නම් නියමයි.
ReplyDeleteමදැයි ආදරේ වැඩි කමට උම්මා දෙන්න ගියා....
Moral Of The Story -
ReplyDeleteනිදා ගෙන ඉන්න අයට උම්මා දෙන්න එපා !!!
ක.ශු. ඔය ප්ලාස්ටරෙ ක්ලෝස් අප් එකක් දෙන්න බැරිද ? නිල්පාට පසුබිමේ තියෙන ඔය ලා දුඹුරු පාට හැඩය..මට පෙනෙන්නේ ...නිකම් මොකද්ද එකක් වගෙයි.. බ්ලොග් කියවන්න ආවට පස්සෙ "වල්" වෙලා වැඩීදෝ මන්දා ?
ReplyDeleteමම් නම් අහල තියෙන්නෙ පිරිමිගෙන් ගුටි කන ගෑණු අය ගැන.මෙහෙම එකක් ඇහුවමයි. :ඩී
ReplyDeleteහැබෑට විහිලුවට වගේ එහෙම තේ එකක් හදලා දෙන්නකෝ බලන්න කොහොමද ප්‍රතිචාරේ කියල බලන්ඩ.අනිව උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙයි.
කතන්දර හාමිනේට සලකන විදියට කතන්දරට ගහල හාමිනේ වැඩේ වරද්දගන්නෙ නැති බව වැඩපලේ කට්ටිය දන්නව ඇති.
ReplyDeleteඔහෙත් තියෙනවද ශනිදා වාසනාව? හීනෙ හැබෑවෙන එකට අපේ සුභ පැතුම්!!!!!!!!
ReplyDeleteමම මේ කතාව මීට ඉස්සර කොහෙදි හරි කියවලා තියනවා..මතක නැහැ කොහෙද කියලා..
ReplyDeleteකොහොමහරි දැන් කතන්දර කියවන උනුත් හිතන් ඉන්නෙ කකාගෙ ඔළුව ඇඳ විට්ටමේ වැදිල තුවාල උනා කියල, හිකිස්
ReplyDeleteඅර ලීව ජාතියේ කතා ලිව නම් හෙම කොහොමත් කතන්දර ගුටි කනවා. දැන් නැවතත් පරණ පුරුදු කතන්දර දැකීම සතුටක්....
ReplyDeleteඉතින් ඊට පස්සෙ උම්මා ගොඩක් හම්බුනැයි.....?
කතන්දරට මේක බ්ලොග් පෝස්ට් එකක් උනාට හාමිනේට තවත් එක ලෙඩෙක් විතරයිනෙ බැළුවම!
ReplyDeleteතේ එක ඇඳ ගාවට ගෙනියන්නෙ කට හෝදන්නෙම නැතුව තේ බොනවද අර ටෙලි නිළියො වගේ...ඊර්
ස්සර ප්ලාස්ටර් දාගෙන ඉල්කෝලෙ යන එක මහ එපා කරපු වැඩේ. ඒත් දැං කාලෙ කතන්දර ගහං ඉන්නවා වගේ මල්" සමනල්ලු, වගේ වයිවාරන්න මෝස්තර වලට හදලා තියෙන ප්ලාස්ටර් හින්දා ඒ කරදර නෑ පොඩි උන්ගෙන්.
ReplyDeleteඅද කතාව ලියලා තියෙන ඉට්ටයිල් එක වෙනදට වඩා වෙනස්, අද ආදර්ශයත් උතුම් :D
ඕක වැඩි වැඩියෙන් උම්මා ලබාගැනීමට හිතා මතා කරපු ආයෝජනයක්.
ReplyDeleteකතන්දර අයියාගේ මුහුණුවර UCSC Dr. ගිහාන් වගේ ද මන්දා ??
http://www.unm.edu/~olit/images/portrait_Gihan_300x400.jpg Dr. Gihan
ReplyDeleteමං මේ කතන්දර කියවන්නෙම නිතරම වැදගත් උපදෙස් දෙන හන්දාමයි !
ReplyDeleteඅපේ ඔෆිස් එකේ කෙල්ලෙකුත් දවසක් තොල තුවාල කරගන ඇවිල්ල ඒක නොපෙන්වන්න ට්‍රයි කර කර හිටිය .... මම හිතන්නේ එත් ගෘහස්ත (ගෘහස්ත නොවනද මන්ද) හින්සනයක් නිසා වෙන්න ඇති.....
ReplyDeleteඅනේ වාසනාවන් මෙහෙම ස්වාමිපුරුෂයො. අපිත් මේ සොයන්නෙ ඔන්න ඔහොම ටී එක ලඟටම ගෙනත් දෙන එක්කෙනෙක්...
ReplyDeleteසිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදී නොවී ඉන්නම්....
@බුද්ධි
ReplyDelete"ඒත් දැං කාලෙ කතන්දර ගහං ඉන්නවා වගේ මල්" සමනල්ලු, වගේ වයිවාරන්න මෝස්තර"
මට නම් පේන්නේ කතන්දර ගහගෙන ඉන්නේ මල් සමනල්ලු නෙමෙයි, චිකාගෝ බුල්ස් හරකෙක්...?
@කතන්දර
කව්ද කතන්දර හාමිනේද ඔය බ්‍රෑන්ඩ් එක තේරුවෙ...?
මෙච්චර හොඳ වැඩක් කොරන්න ගිහිල්ලත්, අන්තිමට ලේත් හෙල්ලිලානෙ වැඩේ ක්ලෝස් වුනේ....
ReplyDelete" අහෝ කතන්දර.....නොදිටි මොක්පුර......"
@ All
ReplyDeleteමං දාගෙන ඉන්න ප්ලාස්ටර් වර්ගයේ අළුත් එකක් සහ ඒවා තියෙන පෙට්ටියේ ඡායාරූප එකතු කර ඇත. ප/ප/ලි බලන්න.
මේ කතන්දරගෙ කතාවනිසා බ්ලොග් එකේ ඇත්තියො නරක් වේගෙනයි එන්නෙ.ඇත්තම කියල දාමු ඕන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හින්ද කියල.
ReplyDeletewow nice post,,
ReplyDeleteහෑ... හොද හස්බණ්ඩා කෙනෙක් වගේ.. හාමිනේ නැගිටිනකොට උදේට තේක ඇදළඟ.. බොහෝවිට වෙන්නෙ ඕකෙ අනිත්පැත්තනෙව..
ReplyDeleteමේ ඉන්නේ ඇත්තටම කකාද.... කුජීතයි... මං මෙච්චර දවස් හිතාගෙන හිටියේ තරැණයෙක් කියලනේ... හෙන තට්ටයෙක්නේ...
ReplyDeleteමේවා වැඩිය ගෑනනුට බලන්න දෙන්න පුළුවන් පොස්ට් නෙමෙයි... ඇදපල්ලකෝ තේ.. හික්ස්..
@ All
ReplyDeleteසියළු දෙනාටම
මේ හා සම්බන්ධ මං කලින් ලියු කතාවක් මෙන්න.
http://kathandara.blogspot.com/2010/06/blog-post_262.html
@ All
ReplyDeleteමගේ තේ හැඳිම ගැන විචිකිච්චාව ඇති අයට.
මංතුමා ගෙදරින් උදේම හාමිනේට කලින් නික්ම යන නිසා මං තමා උදේ තේ හදන්නේ.
සති අන්තයේ මං පස්සට එළිය එනකං නිදාගන්න නිසා, ඒ කටයුත්ත හාමිනේයි කරන්නේ.
මේ සංසිද්ධිය වුණු ඉරිදා නං මොකක් හෝ හේතුවක් නිසා මං කලින් නැගිට්ටා!
@ බස්සා
ReplyDeleteමගේ තට්ටය ගැන පරණ කතන්දර මෙන්න.
1. http://kathandara.blogspot.com/2010/06/thattaya-gena-sathyaya-ugh-ek-ihh.html
2. http://kathandara.blogspot.com/2010/07/blog-post.html
මේකත් බලන්න.
3. http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
කයි-කතන්දරයක් සමගින් අඟහරුවාදා (13 සැප් 2011) හමුවෙමු.
හෙහ් හෙහ් මරු කතන්දරේ .........:D
ReplyDeleteමොනව කරන්නද මම කියන්න හිටිදේ ඔබ්සර්වර් කලිංම කියල . . . .
ReplyDeleteඅහෝ කතන්දර . . . . නොදිටි මොක්පුර . . . . .
බීට්ල්,
ReplyDeleteකතන්දර ගහගෙන ඉන්න ප්ලාස්ටර් එකේ තියෙන පින්තුරෙ උඔට චිකාගෝ බුල්ස් වගේ පෙනුනට මට පේන්නෙ වෙනම එකක් :D