ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 16 September 2011
මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!
පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන විවිධ අදහස් ආපහු ඇහෙන්න පටන් අරන්. මේ දවස්වල නං ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ මාලඹේ දාලා තියෙනවා ය කියන ඇම්බීබීඇස් දෙන ස්ථානයයි.
අපේ යුනිවසිටි කාලේත් ඔය වගේ කචල් තිබුණා විටින් විට. ඇම්බීබීඇස් දෙන තිප්පොලවල් ගැන විතරක් නෙමේ පොදුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන.
ඒ වෙන කොට උසස් අධ්‍යාපන පනතට කරලා තිබුණු සංශෝධන නිසා පෞද්ගලික ආයතනවලට උපාධි දෙන්න බලතල පවරන්න ආණ්ඩුවට බලය ලැබිලයි තිබුනේ.
මේ සංශෝධනවලට එරෙහිව මහා විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලය හෙවත් අපි කියපු විදියට අයියුඑස්එෆ් එකෙන්.
පේරාදෙනියේ අපි පිහිටුවලා තිබුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙවත් ඒසී එකෙන් ඒ හා සම්බන්ධ වැඩකටයුතු කරන්න පටන් ගත්තා.
විශ්ව විද්‍යාලයම පුරා විතරක් නෙමේ ඒ දවස්වල පේරාදෙනියේ ඉඳලා නුවරටමත් අපි පෝස්ටර් ගහනවා. සිගරට් බට් එක තීන්තවල ඔබලා, අලි මුඩුක්කුවෙන් ගන්න පෝස්ටර් කඩදාසිවල අකුරු අඳින එක හරිම ජොලි වැඩේ.
මේ දවස්වල අපි හිටපු නේවාසිකාගාරයේ තිබුණු කැෆටේරියා එක කලේ හොඳ ජොලි මුදලාලි කෙනෙක්. නියම කට්ට පෙනුමක් තිබුණු හින්දා කොල්ලෝ පොරට කාඩ් එකක් ගහලා තිබුණා නරියා මුදළාලි කියලා.
නරියා මුදළාලි ගැනත් කන්දරයක් දෙකක් තියෙනවා පස්සේ කියන්න. ඒත් මේ අද කතන්දරේ මුදලාලි ගේ පුතා ගැනයි.
මුදලාලි කොල්ලාත් උදේ හවා හිටියේ අක්බාර් එකේ කැෆටේරියා එකේම තමයි. මුදලාලි තාත්තා එතන නැති වෙලාවට කැෂියර් වැඩේ කලේත් පුත්‍ර රත්නයයි.
පොර අනිවාර්යෙන්ම අපිට වඩා බාල එකෙක්. ඒත් ඉස්කොලේ යන පාටක් නම් පේන්න තිබුනේ නෑ. සමහර විට ඕලෙවල් වලින්ම ඉස්කෝලෙන් අස්වෙලා තාත්තා ගේ බිස්නස් එක පුරුදු වෙන්න පටන් ගන්න ඇති. කොහොම වුනත් තාත්තා වගේ නෙමේ ටිකක් මෝඩ පාටක් තමයි කොල්ලාගේ මූණේ තිබුනේ.
සමහර විට මේ බත් තම්බන රස්සාවට තිබුණු අකමැත්ත හින්දා ඇතිවුණු දුක මූණෙන් පිළිබිඹු වුණා වෙන්න ඇති.
ඔන්න එක දවසක් අපි මහා පන්ති වර්ජනයක් කරළා, පිකටින් කරලා, විශ්ව විද්‍යාලය පුරා පෙළපාලියක් ගිහින්, ගලහ හන්දියේ රැස්වීමක් තියලා අන්තිමේදී දවල්ට කන්න අක්බාර් එකට ආවා.
මුදළාලි හිටියේ නෑ. කැෂියර් එකේ හිටියේ පුත්‍රයා.
පොර හිටියේ මාර ජොලියෙන් බව පෙණුනා. අර මූණේ මෝඩ පාට පැත්ත පලාතේවත් නෑ.
පස්සේ තමයි අපිට වැඩේ තේරුණේ!
කවුන්ටරේ දෙපැත්තේ තියෙන සින්ක් දෙක ලඟ ලොකු නෝටිස් බෝඩ් දෙකේ මහා පෝස්ටර් දෙකක් ගහලා.
දෙකේම තිබුණේ එකම සටන් පාඨය.
මුදළාලි ගෙ මෝඩ පුතුට
සල්ලිවලට උපාධියක්!
-කතන්දරකාරයා
(image: http://www.thebadgeronline.co.uk/?p=183)
Labels:
පේරාදෙනිය,
විශ්ව විද්යාල ශිෂ්‍යයෝ,
විශ්ව විද්යාලය
Subscribe to:
Post Comments (Atom)
උපාධියක් නැති එකෙක් මුදලටම නෙවෙයි, මුදල් වියදම් කරලා ඉගෙන ගෙන උපාධියක් ගත්තට අවුලක් නැහැ.
ReplyDeleteඅවුල තියෙන්නේ අඩු පහසුකම් යටතේ, අඩු ගුණාත්මක තත්වයේ (බොහෝ විට) උපාධි පාඨමාලා හදාරන දුප්පත්, එහෙත් උපතින් දක්ෂ පුළුවන් (capable) සිසුන්ගේ උපාධිය , අර මිල දී හෝ මිල දී ඉගෙන ගෙන ගන්න උපාධිය හා සැසඳීමක් රැකියා වෙළඳපොලේ අනිවාර්යයෙන් සිදු වෙන එක.
වෛද්‍ය උපාධිය ගත්තොත්, නිසි ප්‍රමිතියේ ප්‍රායෝගික පුහුණු වීම් ලබා දීමට ප්‍රථම අනුමැතිය දීම, සිසුන් බඳවා ගැනීම ගැටළු සහගතයි. මොකද නිසි පුහුණුවක් නොලැබුනොත් ඔවුන් ඊළඟට සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත සමග නිසා.
නිසි පහසුකම් ලබා දී, රාජ්‍ය විශ්වවිද්‍යාල වල තත්වය ඉහල නැංවීමෙන් පසු නිසි ප්‍රමිතියේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමේ ගැටළුවක් නැහැ.මම දන්නා හැටියට ඩයලොග් ආයතනයත්, පේරාදෙණිය විශ්වව්ද්‍යාලයත් එකාබද්ධව යම් පුහුණු ආයතනයක් ඇති කලා.රජයට සල්ලි නැතිනම් ඒ වගේ දේවල් පවා හරහා විශ්ව විද්‍යාල සංවර්ධනය කරන්න පුළුවන්.
එහෙම නැතිව ඉබාගාතේ උපාධි කඩ ඇරියොත් අපේ මුදලින් පෝසත් නොවන කොල්ලන්ට කෙල්ලන්ට උන්ගේම හා දෙයියන්ගේ පිහිටයි..
ප.ලි. : මට පුද්ගලික ප්‍රශ්න නිසා, රජයේ විශ්ව විද්‍යාලයකට තේරුනත් ඇතුලත් වුනේ නැහැ.ඒත් රජයේ විශ්ව විද්යාලායකින් බාහිර උපාධියක් ලබා ගෙන, දෙවන උපාධියත්(ඔන්ලයින්) රජයේම විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගන්නේ.අන්න ඒ අංශයත් සංවර්ධනය කල යුතුයි, මුදල් අය කලත් සාපේක්ෂව ඉතා ඉහල මුදලක් නොවන නිසා ඇතුලත් වීමේ හැකියාව වැඩියි.
හිනා වෙන්නද? දුක් වෙන්නද? මේවට
ReplyDeleteකැන්ටිමේ මුදලාලිගේ පුතාගේ කථාව කොහොම උනත් ,"මුදල් ගෙවා ලබන උසස් අධ්‍යාපනය " රටට අවශ්‍යයි කියලයි මම හිතන්නේ , මේ ගැන ලියන්න හිතාන ඉන්න නිසා කමෙන්ටුවට ඔය ඇති
ReplyDeleteඉඳුනිල් හා buwa ගේ කතාවලට එකඟ වෙනවා.
ReplyDeleteමුදල් ගෙවලා ඉගෙනගන්න එක හොඳ නැත්නම්, ඉතින් පිටරටවලට ඇරලා ලමයින්ට උගන්වන එකත් වැරදී. ඒ ලමයි ඉගෙනගන ඒ රටවලම පදිංචිවෙන එකත් වැරදී. ඒ රටවල රැකියාවල් කරන ගමන් අපේ රටට විදේශ විනිමය ගෙනියන එකත් වැරදී.
කොහෙන්ද මම පටන් ගත්තේ???...:D:D:D
මම නම් ඉතිං මේ වැඩේට කැමතියි... ඉගෙන ගන්න කැමැත්තක් තියෙන කෙනෙක් සල්ලි ගෙවල හරි ඉගෙන ගන්න එකට වල කපන එක වැරදී කියලයි මට හිතෙන්නෙ...
ReplyDeleteඒ දේවල් හරහ රස්සා දෙද්දි මතුවෙන ප්‍රශ්න වලට එතනදි උත්තර හොයනව මිසක් කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති කරල තේරුමක් නෑ...
මම මියුට්
ReplyDeleteපොඩ්ඩි සමග 100% එකඟයි...
ReplyDeleteමමත් ඉගෙනගන්නෙ ඔය මාලඹේ පැත්තෙ තියෙන semi-government තිප්පොලකින් තමයි. රජයේ විශ්වවිද්‍යාල වලට යන්න සුදුසුකම් නොලබන ගොඩදෙනෙක් මේකෙ ඉන්නව. පවතින විශ්වවිද්‍යාල වලට හානියක් නොවී, නිසි ප්‍රමිතියකට පවත්වගෙන යනවනම් ගෙවල ඉගෙනගන්න එකේ කිසි අවුලක් නැතිබවයි මම හිතන්නෙ.
ReplyDeleteඋපාධි ලබාදෙන පුද්ගලික ආයතන ඇතිකිරීමට 100%ක් එකඟයි . . . . හැබැයි රාජ්ය මැදිහත්වීම සහ අනුග්‍රහය ඔවුව "පිහිටුවන්න විතරක්" තිබිල මදි . . . . පාඨමාලා වල ගුනාත්මක බව (ඔය කියන්න හැදුවෙ Standards කියන එක) නොකඩවාම අදීක්ශනය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාවක් රාජ්ය අංශයට තියාගන්න පුලුවං වෙන්න ඕනෙ . . . . දැනට එහෙම ආයතන තියනව. එහෙම නැති ආයතනත් තියනව...... මාලඹේ වෛද්ය උපාධිය ලබාදෙන ආයතනය ගැන නං මේ විස්තර මොකුත් දන්නෙ නෑ . . . . හැබැයි මම අර කියපු රාජ්ය මැදිහත් වීම නොතිබුනොත් තව කට්ටිය ඉන්නව ඔය වගේ ආයතන පටංගන්න ඕනෑම මුදලක් වියදම් කරන්න සූදානමින් ඉන්න.
ReplyDeleteකියන්න ගොඩක් දේවල් තියනවා . කී දෙනාටද ආණ්ඩුවේ කැම්පස් එකකට යන්න පුළුවන් . ප්‍රතිශත කියන්න මන්දා . අතලොස්සක් කියමුකෝ. ඉතුරු ටික මොකද කරන්නේ ???? අර සුන්දර හීනය හැබෑ කර ගත් ටික දෙනාට ඉරිසියා කර කර මැරිලා යන්නද . අනික මෝඩයෝ කියල ජාතියක් නැහැ . කතන්දර අය්යල ඔය සිගරට් බට් එකෙන් පෝස්ටර් ලියන කොට අපි ඉස්කෝලේ . හැබැයි ''කතන්දර '' අය්යත් දැන් ලොකු ළමයෙක් . අපිත් ලොකු ළමයි...ඒ ඒ කාලෙට ඔව්ව කලාට දැන් විමසිලි ඇහින් ඒ වගේම ලෝකේ ප්‍රායෝගිකව දකින්න පුළුවන් ලොකු ළමයි.
ReplyDeleteප්‍රමිතියක් ඇතුව පුද්ගලික ආයතන ඇති වෙන්න ඕන . දැනටමත් තියනවා ''මාලඹේ පරිගණක ආයතනය '' ඇති කරද්දී ඔච්චර සද්දයක් ආවේ නැත්තේ ඇයිද මන්ද . රුසියාවේ හරි බෙලරුසියා වේ හරි බන්ගලිදෙශේ හරි ගිහින් [ සල්ලි ගොඩක් තියන අය ] උපාදි අරන් එනකොට ACT 16 කරලා ආණ්ඩුවේ ඉස්පිරිතාල වලම රස්සා ගන්නකොට කට්ටිය මුකුත් කියන්නේ නැත්තේ ඇයි.?? ඒ රටවල කොලිටිය හොඳ ද කියල දන්නේ කොහොමද ?? මන් මේ නොදන්නා කමට ඇහුවේ .
සමාජවාදී වියට්නාමයේ ජාතික විශ්ව විද්යාල වල උගන්නනේ සල්ලි අරන් . අර්ධකාලින රස්සා කරමිනුයි ළමයි ඉගෙන ගන්නේ .ගොඩක් රටවල එහෙමයි. අපේ නිදහස් විශ්ව විද්යාල ටිකත් රැකගෙන පුළුවන් නම් ඒවා තව ලොකු කරලා පිටරට ළමයි අරන් සල්ලි වලට උගන්නල ඒ මුදලින් අපේ තව ළමයි ටිකකට විශ්ව විද්යාල පහසුකම් දෙන්නත් . ..උනන්දුව ඇති එකාට රස්සාවක් කරලා හරි ඉඩ කඩන ටික විකුණලා හරි වැඩිපුර ඉගෙන ගන්නත් විදිහක් කල්පනාකරන එක ටමයි වෙන්න් ඕන .
උපාධි කියන ඒව කොහෙන්වත් නොදී හිටියනම් කවුරුවත් ගහ මරා ගන්නෙ නෑ :)
ReplyDeleteසල්ලිවලට ඉගෙන ගත්තත් උගන්වන තැන Standards තියාගන්නව නම් ප්‍රශ්නයක් නෑ..
ReplyDeleteමට B3 C1 ක් තියාගෙනත් කැම්පස් යන්න බැරි වුනේ ඒ කාලෙ cut off marks බොහොම වැඩි වුන නිසා (1993)
ඉන් පස්සෙ මම Institute of Chemistry බැඳිලා හොඳටම ඉගෙන ගත්තා... ඉන් පසුවයි MSc එකට ඇමරිකාවට ආවේ... ඒ කාලෙ I.CHem උපාධියට දැන් වගේ පිටරට පිළිගැනීමක් නෑ... කොහොම වුනත් මගේ සමහර යාළුවො කැම්පස් අතෑරලා I.Chem කරලා අපිත් එක්ක කැම්පස් ගිය උන්ට වඩා ඉක්මනින් උපාධි අරගෙන හොඳ තැන්වල ඉන්නවා..
යමක් හරියට කරනවා නම් ඒක කරන්න පුළුවන්. නමුත් සල්ලිවලට හැම දේම කෙරෙන රටක ඒ බව පවත්වාගෙන යන්න පාලනය කරන අවට කොන්දක් තියෙන්නත් ඕන.
ඇමරිකාවෙ බොහොමයක් විශ්ව විද්‍යාල පෞද්ගලිකයි.. ඒවා නිසි පරිදි පාලනය වෙන නිසා අක්‍රමිකතා අඩුයි....
ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල තත්ත්‍වයත් ඉහළ නංවන්න ඕන... එහෙම නැතුව පෞද්ගලික විශ්ව විද්‍යාල දැමීමෙන් සිසුන් අතර වෛරයක් ගොඩ නැගෙනවා. මොකද ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලින් පිටවන අයගේ දැනුම කුසලතා අනෙක් අයට වඩා අඩු වෙනකොට රැකියා තරඟයේදී ඔවුන් පරදින නිසා....
කියන්න දේ බොහොමයි... කොච්චර කියුවක් වැඩක් නෑ.....
මං මේ ගැන සවිස්තරව මගේ අදහස් පල කරලා තියනවා! කැමති කෙනෙක් ඉන්නවා නම් කියවලා බලන්න!~
ReplyDeleteපෞද්ගලික වෛද්‍ය විද්්‍යාල, නිදහස් අධ්‍යාපනයේ මලගම(ද?) හා සිසු පරපුර..දේශපාලනික නොවන සංවාදය - II කොටස
http://sabithl.blogspot.com/2011/08/11.html
හෆෝයි....
ReplyDeleteමට නම් මුදලාලිගේ පුතා ගැන දුකක් දැනෙනවා.එයාට හැමවෙලාවෙම තමන් ගැන ලැජ්ජාවක් දැනෙන්න ඇති
ReplyDeleteසමහරවිට දැන් මුදලාලිගේ මෝඩ පුතාටත් හිතෙනවා ඇති කැම්පස් ආපු උන් මෝඩයෝ කියලා මේ වගේ පෝස්ටර් තාමත් කැම්පස් ඇතුලේ ඇඳෙනාවනම්
ReplyDeleteකොන්ක්‍රීට් කුලසිංහ මහත්තයාට පිලිගත් විශ්ව විද්‍යාල උපාදියක් තිබුනේ නැත.
ReplyDeleteඅවුරුදු කීපයකට කලින් අභවප්‍රාප්තවු ලංඩනයේ Institute of Psychiatry, University of London (Consultant Clinical Psychologist for the South London and Maudsley National Health Service Trust) හි මහාචාර්ය පද්මාල් ඩි සිල්වා ගේ ප්‍රථම උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයෙන් ලැබු බෞද්ධ දර්ශනය පිලිබඳ උපාධියයි. ලංකාවේ එවුන් නම් මෙඩිකල් කොලීජියට ඇතුල් වෙන්නවත් දෙයිද? වාසනාවට එතුමා සුද්දාගේ රටෙ University of London එකට ගියා.
ලංකාවේ කුහක, මරිමෝඩ කොදෙව්-මානසික ව්‍යාදියෙන් පෙලෙන්නන් සිතා සිටින්නේ ජීවිතේ ඔක්කොම කෙලි ඒ ලෙවල් විභාගයේ ප්‍රතිපල අනුව සිදු විය යුතු බවයි. මේ රටේ දොස්තරලා බහුතරයක් සිතා සිටින්නේ උං අමුතු මේ රටේ ඉහලම වෘත්තියක් කරන, රටේ ඉන්න ඔක්කොම උන්ට වැඳගෙන ඉන්න ඕනෑ කියලයි. වෙනත් රටවල දොස්තරකමත් තවත් එක් වෘත්තියක් පමණි.
සල්ලි නොගෙවා පිනට අද්‍යාපනයක් දෙන තැන් නැත. අද ඔය පිනට දෙන අද්‍යාපනයට සල්ලි ගෙවන්නේ බදු ගෙවන බිස්නස් කාරයොයි, මැදපෙරදිග දුක් විදින කට්ටියයි කියලා මතක් කරගන්න.
අනේ මන්දා..ඕවා ඇතුවත් බෑ....නැතුවත් බෑ.....ලු නේ.
ReplyDeleteදැන් නම් අක්බාර් කැන්ටිම කරන්නේ සමන් කියලා හාදයෙක්. කොළඹ කැම්පස් එකෙත් ඔය කැන්ටිමක් කරනවා ය කියලා කියන්නේ.
ReplyDeleteඔන්න මාත් පුද්ගලික විස්ස විද්‍යාල (උපාධි කඩ) වලට මාරම විරිද්දයි !!!!
සල්ලි නැති නමුත් ඉගනගන්න පුළුවන් එකාට ඉගනගන්න අවස්තාව අනිවාර්යෙන්ම තිබිය යුතුයි .... ඒ අයිතිවාසිකමට බාදාවක් නොවෙන ආකාරයට අධ්‍යාපනය විකුනුවට කමක් නෑ.., ටියුසන් වලින් කරන්නෙත් ඔය අධ්‍යාපනය විකුණන එකම තමයි...
ReplyDeleteAno @ September 16, 2011 1:31 PM,
ReplyDelete200%ක් එකගයි..
බින්දි,
// රුසියාවේ හරි බෙලරුසියා වේ හරි බන්ගලිදෙශේ හරි ගිහින් [ සල්ලි ගොඩක් තියන අය ] උපාදි අරන් එනකොට //
ඒ කතාව හරියටම හරි නෑ මැඩම්.. මම මෙහෙ ඇවිත් ඉගෙනගත්තෙ සල්ලි ගොඩක් තිබිලාම නෙවෙයි.. යුනි එකේ ෆීස් ගෙවුවෙ සතියකට පැය 50ක් විතර වැඩකරලා හොයපු සල්ලිවලින්, ගෙදරින් අරන් ඇවිත් නෙවෙයි.. එහෙම කටු කාලා ඉගෙනගන්න අය ඕන තරං මම දන්නවා..
1.31 ඇනෝගෙ කටේ මෂුරං දාඩ ඔනේ.
ReplyDeleteලංකාවෙ අද නීතියත් බල්ලට ගිහිල්ල තියෙන එකේ කරන්න පුලුවන් එක දෙයක් තමයි ඔය GMOA එකේ එවුන්ට අම්බානක නෙලන එක. ඩොකාලගෙ අලි ඔලුවට එක හේතුවක් තමයි ඔය GMOA එක. ඒකෙන් මුලු ඉස්පිරිතාල පද්දතියම අඩපන කරන්න පුලුවන් නෙ. ඒ කියන්නෙ බලය. ඕකට මහින්දය කෙලවන්න ගියා, ඕක දෙකඩ කරල. අන්න ඒකත් හොඳ වැඩක්.
නිදහස් අධ්‍යාපනයට සල්ලි ගෙවන්නෙ ලංකාවෙ බිස්නස් කාරයොංගෙ බදු වලිං කිව්වහම, හවුස්මේඩ්ලගේ සල්ලි කිව්වම ඕකුන් ඔලුවට වැඩුනොත් හොඳයි. ඊලඟ පාර දුප්පත් ලෙඩෙක්ට හරියට කතා කරන්නවත් ඉගෙනගනී නේ!
නැහැ මං එහෙම ළමයින්ට අපහාසයක් කලා නෙමේ බුරා .එහෙම දිරිමත් ..ණය වෙලා පාර්ට් ටයිම් ජොබ් කරලා ඉගෙන ගන්න ළමයි නට මම ගරු කරනවා බොහොම .මමත් වැඩ කරන ගමන් විවුර්ත විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තේ .සල්ලි තිබිල නෙමේ . මම උපයල .මං ඒ ඩිග්‍රිය පටන් ගත්තේ රුපියල් 2000 ගුරු පඩිය ගත්තු කාලෙ . නිවාඩු ටික මදි ප්‍රැක්ටිකල් වලට යන්න . සල්ලි තියන අයගෙ ළමයි වුනත් ඉගෙන ගන්න එකට මගෙ විරුද්ධත්වයකුත් නැහැ . මෝඩයෝ කියල ජාතියක් නුතන අධ්‍යාපනයේදී නැහැ . හැමෝටම මොකක් හරි පාරක යන්න පුළුවන් වෙන්නයි අධ්‍යාපනය සකස් වෙන්න ඕන .
ReplyDeleteමං අහන්නේ මේ ආකල්පය හරිද කියලයි. ලංකාවේ කෙරෙන කොට විතරක් ඇයි සැක කරන්නේ . අනික් උපාධි ගැනත් නෙමේ මං කිව්වේ . ,මේ වෙද උපාධිය ගැන විතරයි. අනික් අයට මේ රජයේ රස්සා දෙන්නේ නැහැනේ කොහොමත් . පුද්ගලික විශ්ව විද්යාලය ඇති කරන කොට ඒකෙ ප්‍රමිතිය ගැන නම් මේ අවුල සාධාරණයි . ඒත් වෙන අරමුණු වලට නම් මං අකමැතියි.
බුරා,
ReplyDeleteඑංගලන්තෙ ඇමරිකාවෙ හරි ඔස්ට්‍රේලියාවෙ නිව්සීලන්ඩ් හරි යන්නෙ සල්ලි නැති මැද සහ ඉහල මැද පංතියෙ උංගෙ දරුවො, කාට හරි කීයක් හරි දීල තමයි සමහරවිට ස්පොන්සර් කර ගන්නෙත්. ඒත් රුසියාවට යන්නෙ හොඳම සල්ලි තීන උංගෙ ළමයි. බංගලිදේශෙට, ඉන්දියාවට එහෙමත් නැත්ත පිලිපීනෙ යන්නෙ ඊට ටිකක් පහළ පන්තියෙ උන්.
අපි උඹල ඒ ලෙව්ල් කරපු කාලෙ අද තීන ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් තිබ්බනං ලංකාවෙදි ඔයිතරං දුක් නොවිඳ උපාදියක් ගන්න තිබ්බෙ නැද්ද (දුකෙන් තොර සැපතක් නෑ කියනවනෙ අනික් අතට )
මට හිතාගන්න බැරි බංග්ලිදේශෙ උපාදිය කොහොම එකක්ද කියල. මේ අරාබියෙ ලෝකෙ හැම රටකම වෘත්තිකයො ඉන්නව. ඒත් බංගලි ඉන්නෙ කම්කරුවො හැටියට විතරයි. ඒකෙන් යමක් කියැවෙන්නෙ නැද්ද?
බංගලිදේශේ එකේ කොලිටි චැක් කොරන්න කලිං කොලඹ එකේ කොලිටි චැක් කොරන්ඩ පුලුවන්නේ. ගිය එවුන් දන්නවනේ කොලඹ එකේ කොලිටිය. උගන්නන්න ඉන්න එවුංගෙන් බාගයක් බඩුකාරයෝ, උංගෙ පවුල් නමට විතරයි, පවුල් අවුල් වල කේන්තිය යන්නේත් ලමයින්ගේ ඔලුව උඩිං. ලමයෙක්ට ප්‍රස්නයක් අහන්න බැහැ. ලෙක්චර් එක පටන් ගන්නෙ ලමයින්ගෙ ආත්ම ගරුත්වය බිංදුවට බස්සල. සික් එවුවෝ තමයි ලෙඩ්ඩුන්ට වෙදකං කරන්න උගන්නන්නේ.
ReplyDelete-ඇනෝ පැනෝ
මට නම් ඔය හැමෝම කියල තියන දේවල් වල පිළිගන්න පුළුවන් දේවලුත් තියනවා බැරි දේවලුත් තියනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට මගේ අකමැත්තක් නැහැ ඒවගෙන් නිසි ප්‍රමිතියෙන් යුතු උපාධි ධාරීන් බිහි කරනවා නම්. වෛද්‍ය විද්‍යාල වල තියන ලොකුම ප්‍රශ්නයක් තමයි එලියට ඇවිත් වැඩ කරද්දී එයාලට ලැබුණු පුහුණුවේ වත් ඒ දොස්තරලගේවත් ප්‍රමිතිය ගැන කාටවත් ඇගයීමක් කරන්න අමාරු එක. ඒත් අනිත් අංශ වල හුඟක් වෙලාවට ඇගයීමක් කරන්න පුළුවන්. දොස්තර කෙනෙක් කොච්චර පිස්සු කෙලියත් සමහර වෙලාවට ලෙඩාගේ වාසනාවට ගොඩ යන වෙලාවලුත් දොස්තර කොච්චර හොඳ උනත් ලෙඩාගේ කරුමෙට ගොඩ නොයන වෙලාවලුත් ඕනේ තරම්. ඒ උනාට පිට රටවල වගේ නෙවෙයි ලංකාව ඇතුලේ තියෙන අඩු පහසුකම් එක්ක ඇති වෙන තීරණාත්මක සාධකයක් තමයි දොස්තර කොයි තරම් දක්ෂද කියන එක. මොකද අපේ රටේ වෛද්‍ය ශිෂ්‍යයෝ ඉගෙන ගන්නේ පිට රටවල ලියපු පොත් වලින් සහ පිට රටවල සංකල්ප එක්ක උනත් එලියට ආපු දවසට වැඩ කරන්න වෙන්නේ ලංකාවේ තියන පහසුකම් එක්ක ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප සහ එයාලටම සමහර විට විශේෂිත වෙන ලෙඩ රෝගත් එක්ක. ඒ වෙලාවට අර ඉගෙන ගත්තු දේවල් අවස්ථාවට ගැලපෙන විදිහට යොදාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට නම් මම නම් හිතන්නේ විශේෂ දක්ෂතාවයක් සහ බුද්ධියක් ඕනේ වෙනවා. මේ දක්ෂතාවය ගොඩ නගා ගන්න බුද්ධියට අමතරව ගොඩක් කට්ටිය නොහිතන තරම් සංකීර්ණ, අපහසු සහ ඉතා ම හොඳ මට්ටමේ සායනික පුහුණුවකුත් අත්‍යවශ්‍ය වෙනවා. රටේ තියෙන හැම ජාතියකම රෝග සහ හැම සමාජ මට්ටමකම මිනිස්සු එක්ක ගැටිලා පුරුද්ද ඇති කරගන්න ඕනේ. ඔය වැඩේ පෞද්ගලික රෝහලකින්වත් ලෙඩ්ඩු අඩුවෙන් යන රෝහලකින් හරියට කරගන්න බැහැ. මේ නිසා තමයි ගොඩක් වෙලාවට විදේශ වල පුහුණුව ලබපු වෛද්‍ය වරුන්ට උනත් ලංකාව ඇතුලේ වැඩ කරන්න අමාරු වෙන්නේ. හැබැයි මේ ඔක්කොම අපහසුකම් තියෙද්දිත් ලංකාවේ ළදරු මරණ සහ මාතෘ මරණ ඇමෙරිකාවට වගේම අනිත් ගොඩක් සංවර්ධිත රටවලට වඩා අඩු අපේ රටේ දැනට තියෙන ක්‍රමයේ අනිත් රටවලට වැඩි විශේෂත්වයක් තියෙන නිසා කියල තමයි මට හිතෙන්නේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට කට්ටිය විරුද්ධ වෙන්නත් අනෙකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව ඒ තරම් සද්දයක් නොදාන්නත් හේතුව මේක වෙන්න පුළුවන්. මගේ මේ අම්බානකට දිග කොමෙන්ටුව මට අපේ අසල්වැසි රජයේ රෝහලක වැඩ කරන විදේශ වෛද්‍ය උපාධි ධාරියෙක් කියපු කතාවකින් ඉවර කරන්නම්. " මල්ලි මගේ තාත්ත මට මේ උපාධිය ගන්න ලක්ෂ ගානක් වියදම් කළා. මම මොන විදිහකට හරි ඒ වියදම් කරපු මුදල ආපහු හොයා ගත්තේ නැත්නම් කරපු ආයෝජනයෙන් වැඩක් නැහැ. මෙහේ වෛද්‍ය විද්‍යාල වලට ගියපු උන්ට ආණ්ඩුව වියදම් කරපු නිසා උන් බැඳිලා ඉන්නවා මිනිස්සුන්ට සේවයක් කරන්න. ඒ උනාට අපි එහෙම නැහැ. මම නරක මනුස්සයෙක් කියල හිතන්න එපා. ඒ උනාට මට බල්ලෝ මරල හරි ගියපු ගාන හොයා ගන්න ඕනේ." ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලිනුත් මේ වගේ දෙතුන් ගුණයක් බිහි කලොත් රටේ මිනිස්සුන්ට මොනවා වෙයිද?
ReplyDeleteබල්ලෝ මරල සල්ලි හම්බ් කරන්නේ සල්ලි වියදම් කරල දොස්තර වුන එකා? අනිත් එවුන් හරී හොඳයි, පිනට තමයි බේත් හේත් දෙන්නෙත්, උං ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්නෙත් නැහැ, අනෙ පලයං චීටෝ, ගිහින් කියපන් ඔය සුරංගනා කතා මසාජ් පාලර් එකේ ඉන්න චීන කෙල්ලට.
ReplyDeleteමොකක්ද ඔය මහ ලොකු ප්‍රමිතිය? අමුතු බුද්ධියක් ඕනෙලු ලංකාවෙ වෙදකමට! අනේ යකෝ හෙම්බිරිස්සාවට ලැජ්ජා නැතුව ඇමොක්සිලින් ලියන රටක් මේක!
ලෙඩ්ඩු ගොනාට අන්දල ගාන හොයගන්නේ. කරාපිටියේද කොහෙද අර අවුරුදු 70ක් වයස ආච්චි කෙනෙක්ගේ වම් කකුල වෙනුවට කැපුව දකුණු කකුල! ඊට පස්සේ බොරු කියල දොස්තරය බේරුනා. පුකේ ප්‍රමිතිය!
@ ඇනෝ :- දැන් උඹ කියන්නෙ එහම කැපුවෙ ඔය පවුද්ගලික ඒවයි ආව දොසතරල කියලද.. අනේ පලයන් බං යන්න... ඕක සල්ලි දුන්න ගමන් උපාදිය දෙනව කියල උඹ හිතනවද... ?? විස්ස විද්‍යාලවල උන් කියන්නෙ අපි දුක් විදිනවනම් අනිත් උනුත් දුක් විදපං කියල... එච්චර වෙන මොකවත් නෑ... ඒක කොච්චර සාදාරනද කියල හ්ටිහල බලපං.. චීට ඕනය කියන විදියෙ ප්‍රමිතිය තියාගෙන වැඩේ වෙනවනම් ඒකෙ කිසි දෙයක් ඇත්තෙ නෑ... උන්ගෙ තියෙන්නෙ පුකේ ප්‍රමිති.. උඹලගෙ තියෙන්නෙ පුකේ ප්‍රතිපත්ති..
ReplyDeleteඅනේ ඇනෝ සහෝදරී රජයේ වෛද්‍ය විද්‍යාල වලින් බිහි වෙන දොස්තරලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් නොකරනවාය කියල චීටා වන මම නම් කොතනක වත් කිව්වේ නැහැ. අනිත් එක මොන වෛද්‍ය විද්‍යාලෙකින් බිහි උනත් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන එක වැරද්දක් කියල මම කියන්නෙත් නැහැ. මොකද රජයේ බෙහෙත් ශාලා 4 න් පස්සේ වැහුවම ක්ලාස් වලට හරි රස්සාවලට ගිහිල්ල එන උදවියට හරි හදිසි අමාරුවක් උන කෙනෙකුට හරි සේවයක් සපයන නිසා. ඔතන තියෙන්නේ සපයන පෞද්ගලික වෛද්‍ය සේවයේ ප්‍රමිතියට වෛද්‍ය වරයා හෝ වරියගේ ආකල්ප සෑහෙන්න බලපාන එකනේ. අනිත් එක අර Amoxicillin දෙන කතාව...... මම දන්නා විදිහට නම් ඕව හෙම්බිරිස්සවකදී දෙන්නේ වෛරස් එකක් නිසා හැදෙන හෙම්බිරිස්සවෙන් ශරීරයේ ප්‍රතිශක්තිය අඩු උනාම බැක්ටීරියා නිසා එන්න පුළුවන් වඩා භයානක රෝග වලට විරුද්ධව ගන්න පූර්ව පියවරක් හැටියට.
ReplyDeleteලංකාවේ තියෙන අඩු පහසුකම් වලින් ඉතා හොඳ සේවාවක් සපයන්න නම් තමන් දන්නා දේ අවස්ථාවට ගැලපෙන විදිහට යොදාගන්න පුළුවන් බුද්ධියක් තියෙන්න ඕනේ කියන එක බොරුවක් නෙවෙයි නේද? ඒකට ලංකාව ඇතුලේ ඉතා හොඳ පුහුණුවක් අවශ්‍යයි කියන එකත් බොරුවක් නෙවෙයි නේද? අනිත් එක ඔය සහෝදරී ලෙඩක් හැදුනම පිට රට ගිහිල්ල බෙහෙත් ගන්නේ නැහැනේ. ඒක නිසා අපට විස්වාසවන්තව බෙහෙතක් ගන්න මේ රට ඇතුලේ කෙනෙක් ඉන්න ඕනේ නේද? අපි බෙහෙත් ගන්නේ මේ දොස්තර කොයි විදිහට උපාධිය ගත්ත කෙනෙක්ද කියල නොදැන නිසා ඉන්න හැමෝගෙම හැකියාව ගැන විස්වාසයක් තියන්න පුළුවන් නම් හොඳයි. අර කකුල් වරද්දල කපපු කතාවට නම් මට ලොකු දෙයක් කියන්න තේරෙන්නේ නැහැ. ඒ උනාට දොස්තර කෙනෙක් අතින් එහෙම නෙවෙයි මොන විදිහකවත් වැරද්දක් වෙන්න බැහැ.මොකද වැඩ කරන්නේ මිනිස් ජීවිත එක්ක හින්ද. ඔය තරම් ලොකු පුහුණුවක් එක්කත් ඔය වගේ වැරදීම් වෙන්න පුළුවන් නම් අඩු පුහුණුවක් ලබපු කෙනෙක් අතින් ඔයිට වඩා කොයි තරම් වැරදි වෙන්න පුලුවන්ද?
ඇනෝ සහෝදරී එක්ක මසාජ් පාලර් එකේ වැඩ කරන චීන කෙල්ල මම අඳුනන්නේ නැත.
මේ ගැන නම් වැඩි යමක් මම දන්නේ නෑ...
ReplyDeleteඒත් පිට රට ඉගෙන ගන්න යන ඔක්කොම බොහෝම ලේසියෙන් ජීවත් වෙනවා කියලා මම හිතන්නේ නෑ...
බුරා කියපු කතාව එක්ක මාත් සම්පූර්ණයෙන් එකතුයි.
(මමත් සුමානෙට පැය හැටක් විතර වැඩ කලා වගේ... සමහර දවස් වලට ඊටත් වඩා. පාන්දර තුනට විතර ගෙදර ආව මම ආයේ උදේ කැම්පස් ගිහින් හවස 4 වෙද්දි වැඩටත් ගියා සතිය පුරාම.)
පෞද්ගලික විශ්ව විද්‍යල රටකට උවමනායි. කීයෙන් කීදෙනාටද ලංකාවෙ විශ්වවිද්‍යලයකට ඇතිල්වෙන්න ලැබෙන්නෙ. ප්‍රශ්ණය තියෙන්නෙ ප්‍රමිතිය සම්බන්ධවයි. මට වෙලාවකට හිතෙනව ලංකාවෙ අපි හරිම ආත්මාර්ථකාමීන් නේද කියල.අපි කැම්පස් ගියාම ඇති අනික ගෙඩර හිටපුදෙන් කියන මානසිකත්වය නැතිවිය යුතුයි. හොද ප්‍රමිතියකින් යුතු උපාධි පාඨමාලාවන් ආරම්භකරන්න දිරි දිය යුතුයි. පිට රටවල්වල සියයට අනූවක්ම ළමයි උපාධියක් හදාරනව. මෙහෙට උපාදිය හදාරන්න ආසියානු රටවලින් එන පුංචි ළමයි හරිම දුකක් විදිනව. පාසලින් අවසන් වූ ගමන් නොදන්න රටකට ඇවිත් තනියම ජිවත් වෙලා සමහර වෙලාවට රස්සාවල් දෙක තුන කරගන..... ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භකිරීම මීට බොහෝකලකට කළින් කලයුතුව තිබූ කටයුත්තක්.
ReplyDelete@ 1.31 Ano
ReplyDelete//ලංකාවේ කුහක, මරිමෝඩ කොදෙව්-මානසික ව්‍යාදියෙන් පෙලෙන්නන් සිතා සිටින්නේ ජීවිතේ ඔක්කොම කෙලි ඒ ලෙවල් විභාගයේ ප්‍රතිපල අනුව සිදු විය යුතු බවයි.//
දාන්ඩ උඩින් පහක්- high 5 dude!
ඔය චීටා නමින් ලියන අය වගේ "genius" ලා හින්දා තමයි අපේ රටෙ ජනතාව ගොනාට ඇන්දෙන්නේ.
ReplyDeleteලෝකේ බටහිර රටක වෛද්‍ය සේවයේදි antibiotic නිර්දේශ කරන්නෙ බැක්ටීරීය ආසාදනයක් හඳුනාගත් පසුවයි. උන හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න යන genius ලා ඉන්න රටත් ඒව ගන්න එන genius ලට antibiotic prescribe කරල මඩිය තරකරගන්න ඩොකාලා ඉන්නෙත් ලංකාවේ විතරයි. ඔන්න පුකේ ප්‍රමිතිය!
ඉන්දියාවේ ඔය කියන නිදහස් අධ්‍යාපනේ නෑ, හැබැයි අඩු ප්‍රමිතියක් තියෙනව කියල අපි හිතන් ඉන්න ඉන්දියන් Uni වලින් ලෝකෙ පුරා ලමයි යවනව. ඒකයි තිත්ත ඇත්ත. උන් ලෝකෙ පුරා ඇරල අලුත් දැනුම අරන් එද්දි අපි අපේ පුංචි රට ඇතුලේ තව uni එකක් දෙකක්වත් දාන්න යන එකාව මරං කන්න හදල ඉන්න වල ඇතුලටම හාරගන්නව.
මේ කතාවේ සෛද්ධාන්තික, ප්‍රායෝගික, දේශපාලන, සටකපට යන සියලු කරුණු මගේ පහත සබැඳියෙන් බලා ගත හැක.
ReplyDeleteසිසු පැණය
අතුරු කතා.
- වෛද්‍ය විදුහල් හැරුණු විට අනික් සියල්ලම දැනටත් නිසි ප්‍රමිතියකුත් නැතිව පුද්ගලිකරනය වී ඇත. වෛද්‍ය සිසුන් පමණක් එසේ නොවිය යුතු යයි සිතන්නේ වෛද්‍යවරුන් පමණක් අර්ථවත් රස්සා කරන බවට ඒ ගොල්ලන් හිතන නිසාද?
- ගසා කන්න උපන් ඇමැත්තාට ගසා කන්න අමාරුම අමාත්‍යාංශයක් දුන්නේ සමහර විට බුවාගේ තරම දන්නා නිසා වෙන්න ඇති [දෙගොල්ලකට මේ වැයික්කියේ කන්න බැරි නිසා] ඒත් එතනිනුත් මැජික් උල්පතක් තනන්නට මේ අසාමාන්‍ය මැජික් ගසා කන්නා සමත් වී ඇති සෙයකි.
- එහෙත් ඇමැත්තා ගසා කනවට වඩා විනාසයක් ජෙප්පන්, විකෝසයින්, නසසපයින්, ජාතික චින්තනයින් ඇතුළු කැම්පස් තුල රින්ගන් ඉන්න ඉහඳ පනුවෝ කරති. මේ මැටි මෝල් පද්ධතිය අභියෝගයට ලක් කරන දෙවන සිස්ටම් එකක් හැදෙන එක යහපත්ය. එතකොට ඕකලාට තෙල් බෙදන්න බැරිය. කතන්දරල වගේ අන්තරේ පෝස්ටර් ගහන්න බැරිය. ඉගෙනීම හැර රටේ අනික් හැම මලදානේටම සංවේදී වෙමින් "පාරට බහින්න" බැරිය. අමානුෂික වද දෙමින් රැග දෙන්න බැරිය. එහා පැත්තේ එවුන් එක්ක ඉගෙනීමේ තරඟයක් තිබේ. නිකම් කුප්පියක් දාගෙන ඩිග්රි ගොඩ දාන්න බැරිය. [සෙමෙස්ටර් ක්‍රමය නිසා මේක බාගෙට ගොඩ ගියා]
- අපි කැමති උනත් අකමැති උනත් ඉන්නේ ධනවාදයකය. ධනවාදයක තරඟය යහපත් පල ගෙන්වයි. ඒකාධිකාරය පද්දති වල තත්වය පහල දමයි.
- වසරකට 20000 ක් පමණ දේශීය උපාධි ගන්නා විට 65000 ක් පමණ විවිධ විදේශ උපාධි ගන්නට රට යන බවක් කොහේදෝ කියැවුණි. මේ 65000 රටේ නවත්ත ගත්තොත් නරකද? ඒ හැම එකාගෙන් ම ඇමතියට 10% ගානේ ගියා කියමු. ඒත් වෙන්නේ වැඩි යහපතක්.
- ඔය මිනිස්සු මේ රටෙන් අරගෙන යන ධනය - අපරාදේ නේද?
- අධ්‍යාපනය විකිණීමෙන් අපට ලැබෙන ධනය - ආයිමත් අමත්තාට 10% ගියත් ඉතිරිය රටට නේද? [රටේ සල්ලිකාර අධ්‍යාපන මුදලාලිලාත් රටේම කොටසකි]
- මිනිසුන් එක විහාගයක් අසමත් වීම නිසා සෙකන්ඩ් චාන්ස් නොදීම බොහොම වැඩවසම් මෝඩ ක්‍රමයකි. මේ හරියටම අර නිදහස් අධ්‍යාපනය ගෙන එන වෙලේ කිව්වා කතාවමයි. ඕකුන් [විභාග අසමත් උන්] ඉගෙන ගත්තොත් අපේ පොල් ටික කඩන්නේ කවුද? මේ විරෝධයේ පසු අදහස එය නොවේද?
- ශ්‍රමයෙහි අගය වැඩි කිරීම හොඳ දෙයක්. රටක් දියුණු වන්නට නම් මුදලාලිගේ මෝඩ පුතා ගෙන් ද යහපත් දායකත්වයක් ලැබිය යුතුය.
- හිට්ස් වැඩිම බ්ලොග් අතරින් එකක් වීත් තව හිට් වැඩි කරන්න මේ වගේ ගින්දර පෝස්ට් දාන්නේ ඔළුවට නෝනාගෙන් හිට් එක වැදුණු වෙලේ මොලේ හෙල්ලිලාද?
හා තව කතාවක්.
ReplyDeleteධනවාදී පළමු ලෝකේ සැපෙන් පිරි රටවල ඉගෙන ගන්න එවුන් [අපේ රටවලින් යන උන් පැත්තක තියමු - උන්ගේම එවුනුත්] රෑට පෙට්‍රල් ෂෙඩ් එකේ හෝ නයිට් ක්ලබ් එකේ වැඩ කර උදේට පත්තර බෙදා, දවල්ට කැම්පස් එකේ කුණු ඉවත් කර ඉගෙන ගනිති. අල්ලට සින්ගාවත් රසනැති කැවිලි කකා, වල් කොළ මත නිදා, කල්ගිය වැරලි ඇඳ ඉගෙන ගන්න කියා කියූ රටේ උන් මහපොළ රෑට ඇහැල පහළ තියෙන බාර් එකක සෙට් වී අපේ රටේ හරමානිස්ලා සෝමපාලලා නොදැන රටට මහා උගතුන් හදන්නට කිරි පැකට එකෙන්, හාල් කිලෝ එකෙන් දන් දුන් "ශිෂ්යාධාරෙන්" බාගයක් බාර් එකට පුද දෙති.
පසුදා නැවත පරමාදර්ශි සමාජයක් පිරිසිඳු දේශපාලනයක් සාධාරණ නිලධාරි පිරිසක් තනන්නට වීදි බසිති. රටට කෙල වන්නේ මේකලා ඩිග්රි ගත්තට පස්සෙයි. දූෂිත පාලකයින්, අසාධාරණ වැඩ බැරි නිලධාරින් වන්නේ මොවුන් ම තමා. පරමාදර්ශ ගැටුම කියන්නේ එකම එකා උගේ අනාගතයට එරෙහිව වීදි බහින සටනට.
ඔන්න අපේ කැම්පස් උගතුන්.
@ All
ReplyDeleteමගේත් කරුමේ කියන්නේ හරියටම මේ වැදගත් සංවාදය යන දවසේම අම්බානකට බිසි වුනා!
ඒ මදිවට සෙනසුරාදාටත් වැඩ ගොඩ ගැහිලා.
හැකි විදියට සංවාදයට එක්වෙන්න අදහස් කරනවා.
අදට නියමිත කයි කතන්දරේ පලවෙයි. එහෙමනම්, ඉරිදාට ස්පෙෂල් ලිපියක්වත් ලියල දාන්න වෙනවා.
සියළු දෙනාටම ස්තුතියි.
කොලඹ මැඩිකල් කොලිජියේ නිල නේවාසිකාගාර වලින් එකක් වන බ්ලොම්ෆොන්ටේන් හි සමහරක් කාමර වල කවුරුත් නැත. කාමරයේ ඉන්න එවුන් සති අන්තයේ යහලුවන් සමඟ ඇවිත් විස්කි ෂොට් දෙකක්,තුනක් දාගෙන හොඳ බයිට් එකකිනුත් සප්පායම් වී , එහි ඇති කම්පීතරේ වැලක් බලා තම තම වාහන වල නැගී ගෙවල් වලට යති. කාමරය පොලිස් කර ලස්සනට තිබේ. එන උන් කාමරයට එලියේ සපත්තු සෙරෙප්පු ගලවා ඇතුල්විය යුතුය. අල්ලට සිඟා ඉගෙනගන්න එවුන් ඉන්නෙ එංගලන්තයේ මිස ලංකාවේ නොවෙ.
ReplyDelete@ All
ReplyDeleteඉතාම කෙටියෙන් කියනව නම් බලයේ හිටිය / ඉන්න හැමෝම පිළිතුරු හෙව්වේ/ හොයන්නේ මතුපිටින් පේන ප්‍රශ්ණයට මිස හේතුකාරකයට නෙමේ!
මං ලියන්නම්, මගේ අත්දැකීම් අනුව, ඕනෑ හැමෝටම උපාධි ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ඉරිදාට.
මේ තාක් පලවෙච්ච ප්‍රතිචාර වල මතුනොවුනු කාරණා දෙකක් ගැන මතක් කරන්න කැමතියි-
ReplyDelete1) වෛද්‍යවරයෙක්වීම කියන ස්ථාවර ජීවන මාර්ගයට සහ සමාජ පිළිගැනීමට තියෙන මාවත උසස් පෙළ විභාගය හරහා වැටී තිබීම ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගාමක බලවේගයක් බව. ලබාගැනීම සඳහා සාදාරන අවස්තාවක් තියෙන කිරුළක් සඳහා සටන් වැදීමේ අවකාශය ළමා සිත් උනන්දු කරන්නක්. හැමෝටම ඉලක්කයටම යන්න බැරිඋනත්, ඒ පාරේ යම් තාක් දුරවල් යාම සහ යාමට උත්සාහ කිරීම මත අපේ අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වය රැදී පවතිනවා. තාත්තට සල්ලි තියෙනවනම් ඒ තරම් මහන්සිවෙලා පාඩම් නොකරත් දොස්තරකෙනෙක් වෙන්න පුළුවන් කියන ආකල්පය පන්ති කාමරයට ආපු දවසට අපේ අධ්‍යාපන ක්‍රමේ අනිත් පැත්තට හැරෙන්න හොඳටම ඉඩ තියෙනවා කියල මට හිතෙනවා.
2) ලංකාවේ අපේ හැටියට, එකම තනතුරට, එකම සුදුසුකම් තියෙන දෙන්නෙක් ඉල්ලුවොත්, දැන හැදුනුම්කම් වැඩියෙන් තියෙන, 'පොලිෂ්' ගතිය වැඩි කෙනාට ඒක ලැබීමේ සම්භාවිතාව වැඩියි. ඉතින් බෙහෙත් දීම නොවෙන අනිකුත් 'දොස්තර තනතුරු' ලබා දීමේදී (බෙහෙත් දීම වගකිවයුතු කටයුත්තක් නිසා) සල්ලිකාර පසුබිමක් තියෙන 'දොස්තරලට' වැඩි ප්‍රමුක තාවයක් ලැබෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒකත් ඒ තරම් හොඳ දෙයක් හැටියට නෙවෙයි මට නම් පෙන්නේ.
ගාල්ල පැත්තේ ඉන්නවා මම දන්න 'දොස්තර' කෙනෙක් උක්රෙනයේ න් වෛද්‍ය උපාධියක් ගෙනාපු. කාරෙකේ හැම වීදුරුවෙමත්, බෑග් වලත් , දිනපොතේ කවරෙත් 'Doctor ' ස්ටිකර් අලවගෙනයි ඉන්නේ. ඒත් එයාගේ තාත්තවත්, බිරිඳවත් කවදාවත් එයාගෙන් ලෙඩකට බෙහෙත් ගන්නේ නම් නෑ. තාත්ත නම් කියන්නේ අවුරුදු ගණනාවක් ගියපු දොස්තර ළඟටම යනවා 'මොකද එයා මගේ ලෙඩ ඔක්කොම දන්න නිසා' කියල.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නීත්‍යානුකූල කලොත් නීතියක් ගේන්න කියන්න ඕන උපාධිය ගත්ත තැන ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරලා. (eg . MBBS (mal )) එතකොට හැම ලෙඩා ටම ඒ තෝරාගැනීමේ අවස්තාව හිමිවෙන නිසා.
ඔන්න නියම දෙබරෙට ගලක් ගහලා. ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇරිල්ලේ නෙවෙයි.. මොකෙන්හරි එලියට එන එකාට තියෙන සැලකිල්ලෙයි.. බුරුවො රජවෙලා ඉන්නකොට මොකේ මොක ඉගෙනගත්තත් ඇති වැඩේ මොකක්ද ? පුද්ගලික අංශෙ තනතුරු යන්නේ ලොකු ඉස්කෝලවල ක්‍රිකට් ගහපු මෝඩයින්ටයි..ආණ්ඩුවේ තනතුරු යන්නේ පන්දම් ගහන් ගිය බුරුවන්ටයි. දෙපැත්තම දුවවන්නේ මොලේ අඩු උන් හින්දා.රට යන්නේ වලපල්ලටයි . දුෂණය රජවෙලා පවුල් වාදයයි පන්දම් වාදයයි අපේ රටේ රජකම දරන තාක් කල් මොකේ ඉගෙනගත්තත් එකයි යකුනේ.. ඔන්න කොකා රජ උනත් ඔච්චරයි .. දැන් ඔය වැඩ කරන්නේ ඒ කාලේ ඔවුවට විරුද්දව සටන් කරපු සිස්ය නායකයෝ නේද ? ඔය දැන් රතු පක්ෂේ උඩම ඉඳල ආණ්ඩුවට පැනපු ගොබිලන්ගේ ළමයි අන්තර්ජාතික පාසල් යන්නේ ? ඉතින් මොනවද ආයිත් කියන්න තියෙන්නේ ?
ReplyDelete@Mundeer,
ReplyDeleteගොනා වුනාට තප්පුලන්න එපා කියල කියන කතාව Mundeer අහල නෑ වගේ. එක විභාගයක් මත රටක අධ්‍යාපනය ලබන තරුණයන් සියලු දෙනාගේ අනාගතය තීන්දු කිරීම , අධ්‍යාපනේ ගාමක බලවේගෙද එහෙම නැත්තං රටක් විදියට (විවිද ඔප්ශන්, මාර්ග නැතුව ) අපි වැටිලාඅ ඉන්න වලේ තරමද කියල හිතල බලන්න.
එන්ගලන්තෙ, ලැට්වියාවේ, පෝලන්තෙ, රුසියාවේ ඉඳල එන එවුන් ඔක්කොම පාඩම් කරලම එන උංද? උන්ගේ තාත්තලට සල්ලි නැතුව වෙන්ඩ ඇති එහේ ගියේ නේද?
එංගලන්තෙන් ආපු අයට මොන එක්සෑම් එකක්වත් නැහැ. උන්ගෙ පුක කොලඹින් පාස් අවුට් වෙච්ච MBBS එවුන් ලෙවකන හැටි දැකල නැද්ද?
මීට පස්සෙ තප්පුලන එක ප්‍රසිද්ධියේ කරන්න එපා.
ඇනෝ පැනෝ
@Mundeer,
ReplyDeleteලංකාවේ ඇම්බීබීඑස් ඩොක්කු අතින් ක්ලිනික් එකේ කෙල්ලන් දූෂණය වුනා. බෙහෙත් ගන්න ආ කෙල්ලන්ගේ අද නිරුවත් පින්තුර අරගෙන මාට්ටු වුනා. තව අටෝ රාශියක් දේවල් උනා. මේ මිනිස්සු එකෙක් දෙන්නෙක් දිහා බලලා මනිමු ද ඔක්කොම ලංකාවේ උපාධි ධාරීන්?
මන හිතන්නේ උසස් පෙළ ලොකු තරඟයක ඇතිවෙයි තවත් වැඩිපුර අයට යන්න පුළුවන් නම මෙඩිසින් කරන්න. පුද්ගලික විශ්ව විද්‍යාල වලටත් කටෝෆ් එකක් අවශ්‍ය වෙයි නේද? ඔවුන් ෆේල් උන අයව ගන්නේ නැහැනේ. ඔක්කොම ගන්නේ සුදුසකම් ඇති උසස් පෙළ සමත් අය.
1.31 Ano
ReplyDeletePsychologist ලා මෙඩිකල් ෆැකල්ටි එන්නෙ නෑ. ඒක ආර්ට්ස් ඩිග්‍රී එකක්. ඒකවත් දන්නෙ නැති උන් Medical education ගැන කතා කරනවා. Ministry of higher education job එකක් ඉල්ලපන්. උඹ වගේ උන් තමා ඒකේ ඉන්නෙ.
කවුරුත් කියල නෑ නේPsychology මෙඩිකල් ඩිග්‍රියක් කියල. ඔන්න වගේ ගොන් කතා තමයි ලංකවෙන් බිහිකරපු, එන්ගලන්තේ සුද්දන්ගේ පුක ලෙවකන ඩොකාලා කියන්නෙ. ඒ වුනාට Psychiatry නං මෙඩිකල් නේද්?Institute of Psychiatry, London මෙඩිකල් Institute එකක් නේද? නොදැනුවත්කම හූරංකන එක තමයි මුං හැමදාම කලේ! කොලේ වහල ගහන්න එපා, ලංකාවේ සික් ඩොකාලා ලෙඩ්ඩු දූශණය කරල නැවතුනේ නැහැ, දූෂනය කරල මැරුවා.
ReplyDeleteවයිරස් හෙම්බිරිස්සාවට ඇමොක්සිලින් ලියන රටේ වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය ගැන් කතාකල යුතුද?? එහෙම නැත්නම් "මේක් වයිරස් වලින් හැදෙන්නෙ මේකට බේත් නැහැ" කියල ඇත්ත කියන්න උගන්නන් රටකින් දොස්තරල ගෙන්නගෙන ලංකාවෙ වෛද්‍ය උපාදි වලින් පුක පිහිදාගමුද?
ReplyDeleteනාථ දෙයියෝ අපිට ආසනික් ගැන කිව්වා. නලින් සර් ගේ පපුවෙ අමාරුවත් හොඳ කලේ තවත් දෙවියෙක්. සිංහල අපට තිස්තුන්කෝටියක් දෙයියෝ ඉන්නවා. ඕන ලෙඩක් එතුමන්ලා සනීප කරයි. අපිට බටහිර වෛද්‍ය විද්‍යා ෆැකල්ටි වලින් වැඩක් නැහැ. ඔක්කොම හෙට ඉඳලා වහන්න කියලා අපි මහින්දට කියනවා.
ReplyDeleteජාතික චින්තන පර්ෂදය
September 17, 2011 2:50 AM ඇනෝ නෝනා Prophylaxis කියන වචනේ අහල නැහැ මගේ හිතේ.
ReplyDeleteරෝස කුමාරි කියන කතාව හරි. පෞද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ පටන් ගන්න තිබුනේ කලින්. මොකද එන්න එන්න ඕව පටන් ගන්න හදන මිනිස්සු සල්ලි ගැන හිතනවා මිසක් ප්‍රමිතිය ගැන අමතක කරනවා. නිසි ප්‍රමිතියක් ඇතුව එලියට ඇවිල්ල වැඩ කරනකොට උපාධි ධාරියෝ අමාරුවේ නොවැටෙන සේවා ලාභීනුත් අමාරුවේ නොවැටෙන විදිහේ පුහුණුවක් ලබා දෙනවනම් පෞද්ගලික විශ්ව විද්‍යාල නරක නැහැ. හැබැයි දෙන ඕනෙම පුහුණුවක් ලංකාව ඇතුලේ වැඩ කරන්න පුළුවන් විදිහට දෙනවනම් හොඳයි. මොකද පිටරටවල වගේ ලංකාවේ වැඩ කරන්න අමාරුයි. ඒක වැඩ කරලම තේරුම් ගන්න ඕනේ දෙයක්. ඔය කාරණාවත් ලංකාව ඇතුලේ පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැනීම හොඳයි කියන්න මට තියෙන එක හේතුවක්. හැබැයි සල්ලි ගැනම හිතන්නේ නැතුව ඒ තරම් වියදම් කරන්න අමාරු දක්ෂ ළමයි නොමිලේ හරි අඩු මුදලකට හරි තෝරා ගන්නත් සල්ලි වැඩියෙන් දුන්නු පලියට හෝ වෙනත් හේතු නිසා අවශ්‍ය මට්ටමට සුදුසුකම් නැති කට්ටිය තෝරා නොගන්නත් වග බලා ගන්න ඕනේ. අනිත් එක අඩු සුදුසුකම් තියෙන කට්ටියට වෙනම පාඨමාලා තියෙනවනම් හොඳයි. මොනම පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පටන් ගත්තත් අවශ්‍ය සියලුම පහසුකම් සපුරාලම පටන් ගන්න ඕනේ. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලේ වගේ නැතුව. ලංකාවේ කෙරෙන අනිත් වැඩ වගේ උපාධි ධාරීන් බිහිකරන්න ගියොත් නම් වෙන්නේ විනාසයක්.
Sujeewa කොකාවල දැනට නම් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලේ ඇතුලේ "S" තුනක් විතරක් ගත්ත අයත් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ කඩඉම් ලකුණක් හරි ප්‍රතිඵලයක් හරි දුන්නත් ඔය කියන ගණන ගෙවල එන්න පුළුවන් කීදෙනෙක් ඔය ලකුණ ගනීවිද කියන එක. අවශ්‍ය ප්‍රමානෙට ළමයි නැති උනොත් කට්ටිය සල්ලි ගැන හිතල අවශ්‍ය අවම සුදුසුකම අඩු කරාවි නේද? මොකද පෞද්ගලික විශ්ව විද්‍යාලයක් කියන්නෙත් තවත් එක ලාභ බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් නිසා. ඔය මම කියපු දේ අනිවාර්යයෙන්ම වෙනවා. මොකද හොයල බැලුවොත් හැමෝටම පෙනේවි පහු ගිය අවුරුදු කීපයේදී උසස් පෙලට කොළඹින් ජීව විද්‍යා අංශය තෝරාගන්න ළමයි ගණන සැලකියයුතු විදිහට අඩු වෙලා කියලා. මේක ඉස්සරහට රටටම බලපාන්න පුළුවන්.
//මොනම පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පටන් ගත්තත් අවශ්‍ය සියලුම පහසුකම් සපුරාලම පටන් ගන්න ඕනේ.//
ReplyDeleteහෙහ් හෙහ් ..අර මහාචාර්ය තනතුරු පුරවන්න බැරුව තියෙන රජරට මෙඩිකල් පැකල්ටිය තියෙන්නෙ ලංඩන් වල වෙන්න ඇති! හික්ස්.
රජරට මෙඩිකල් ෆැකල්ටියට නම් මමත් පෞද්ගලිකව කැමති නැහැ. ඒක පටන් ගත්තේ ආණ්ඩුවට වෙච්ච වැරද්දක් වහගන්න කිසිම සැලසුමක් නැතුව. ඒ උනත් ඒක පටන් ගන්න කලින් පුහුණුව ලබා දෙන්න අවශ්‍ය පහසුකම් සහිත ලංකාවේ තුන්වෙනියට විශාලම රෝහල වෙන අනුරාධපුර රෝහල තිබුන. මොනවා උනත් අවුරුද්දකට මෙඩිකල් ෆැකල්ටි වලට ගන්න සිසුන් ගණන 1000 කට වැඩි කරන්න පුළුවන් උනේ රජරට ෆැකල්ටිය නිසා. නමුත් ඒ තරම් සෙනගක් අවුරුද්දකට ගන්න එකෙන් උපාධියේ ප්‍රමිතිය අඩු වෙනවා විතරක් නෙවෙයි රටට දරා ගන්නත් බැහැ. රස්සාවල් දෙනකොටත් ඕක බලපානවා. මොකද අලුතෙන් සේවක සංඛ්‍යාව (Cadre) වැඩි කරන එක රටට දරා ගන්න අමාරු වියදමක්. ඒක නිසා තියන Cadre එකෙන් තමයි රස්සාවල් දෙන්න පුළුවන්. එහෙම උනාම පුරප්පාඩු මවන්න බැහැ. හරි නම් අවුරුද්දකට විශ්‍රාම ගන්න වෛද්‍යවරුන් ප්‍රමාණයට වඩා 10% ක් විතර වැඩි ප්‍රමාණයක් තමයි වෛද්‍ය විද්‍යාල වලට තෝරා ගන්න ඕනේ. පිටරටවල තියෙන විදිහට වෛද්‍ය වරයෙකුට අඩු රෝගීන් ප්‍රමාණයක් ඇති කරන්න හිතන එක ලංකාවට ප්‍රයෝගික කරන්න අමාරුයි. අනිත් එක ඒ ගණනය කිරීම ගොඩක් පරණ එකක්. දැන් කරන්නේ රටේ දල ගෘහස්ත නිෂ්පාදනයට අනුව ගණනය කිරීම. අපේ රටේ දැනට බිහි කරන දොස්තරලා ප්‍රමාණයට රස්සාවල් දෙන්න නම් රටේ දල ගෘහස්ත නිෂ්පාදන වර්ධන වේගය 12% වත් වෙන්න ඕනේ. මම හිතන්නේ ඒ ඉලක්කේ අපට සෑහෙන ඈතයි.
ReplyDeleteමගෙ තාත්තා කරන්නෙ මැණික් බිස්නස්. හැබැයි එහෙමයි කියලා මම නිකං හිටියේ නැහැ. කොහොම හරි තාත්තාගෙ කන්ටැක් පාවිච්චි කරල ලංකාවෙ හොඳම ඉස්කෝලෙකට ආවා. කොළඹ ටියුෂන් ගියා. මං දෙවෙනි පාර ඒ ලෙවල් ඩෙන්ටල් සිලෙක්ට් වුනා. තාත්තා මැදිහත් වෙලා මාව එංගලන්තෙ පලමු පෙල විශ්වවිදයාලයක වෛද්‍ය විද්‍යා පාඨමාලවට ඇතුලත් කලා. මට ගේමකට තිබුනේ ටෝෆල් එක්සෑම් එකේ උන් ඉල්ලන ගාන පෙන්නන එකයි. ඒක නම් මම තුන් පාරක් කලා. අද මම පශ්චාත් උපාදියක් කරනවා උතුරු යුරෝපයේම විශේෂඥ ෆීල්ඩ් එකක. මෙහේ රිසර්ච් අනිවාර්යයි. පබ්ලිකේශන් තියෙන්ඩ ඕනෙ.
ReplyDeleteඔය මහලොකුවට උඩ දාන ලංකාවේ වෛද්‍ය උපාධිය ගැන ලංකාවෙ අය ඉන්නෙ ලොකු අධි තක්සේරුවක. මම මොට්ටයෙක් නෙවෙයි. තාත්තගේ සල්ලි නිසා විතරක් මේ උපාධිය ගන්ඩ බැහැ කැපවීම නැත්තම්. හැබැයි ඇත්ත පිලිගන්ඩ! ලංකාවෙ එක විශ්ව විද්‍යාලයක් වත් අඩු ගානේ ආසියාවෙ පලමු විශ්ව විද්‍යාල දහය ඇතුලෙවත් නැහැ. එහෙම අය නැගෙනහිර යුරෝපේයි රුසියාවෙයි ඩිග්‍රී වල ප්‍රමිතිය ගැන කතා කරන කොට මට හිනා යනවා. ඔය කියන ලංකාවෙ මෙඩිකල් ෆැකල්ටි එකකින් හරි ප්‍රසිද්ද ජර්නල් එකක පර්යේශණයක් පලකරල තියෙනෙවද? මේක මට ලංකාවේ කරන්ඩ පුලුවන් වුනා නම් මට ගිය වියදමෙන් 1/5කින් කරන්ඩ තිබ්බ. බය වෙන්ඩ එපා මම ආයි ලංකාවේ "ඉහල ප්‍රමිතියක් තියෙන දොස්තරලගේ" රැකියා නැති කරන්ඩ ලංකාවට එන්නේ නැහැ. මට එන්ගලන්තේ හරි ඇමෙරිකාවේ හරි දොස්තර රස්සාවක් හොයාගන්ඩ අමාරුවකුත් නැහැ. හැබැයි ප්‍රමිතිය ගැන බොරු සෝබන කතා කියන්ඩ එපා. ප්‍රමිතිය මනිනව නං ඒ ඒ නිර්ණායක තියෙනවනේ? මනිමු. පර්යේෂන පත්‍රිකා කීයද, ඒකෙන් කීයක් NEJM, ලාන්සෙට් වල දැම්මද කියල බලමු. නැතුව බොරුවට වචන දාලා කොලේ වහන්ඩ එපා!
Copenhagen- Neurologist
ඔය නියුරෝලොජිස්ට් තුමා කතා කරන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන පොඩ්ඩක්වත් නොදැන. රටක මිනිස්සුන්ගේ සෞඛ්‍යය දියුණු කරන්න මුලින්ම කරන්න ඕනේ ජර්නල් වල පබ්ලිකෂන් කරන එක නෙවෙයි. ලංකාව සංවර්ධනය වෙමින් පවතින බොහොම අඩු පහසුකම් වලින් යුතු රටක්. ඒ උනාට ඔය මහත්තය වැඩ කරන ඔය මහා ලොකුවට කියන රටට වඩා අපේ රටේ සෞඛ්‍ය නිර්ණායක හොඳයි. ලංකාවේ එක මෙඩිකල් ෆැකල්ටි එකක් වත් ලෝකේ පලවෙනි 10 අතරේ නොතිබුනාට ඒවගෙන් එලියට ඇවිල්ල මේ තියන අඩු පහසුකම් යටතේ රටට ලඟා කරලා දීල තියෙන ඉලක්ක ඔබ තුමා දන්නේ නැහැ වගේ. Millanium Development Goals ගැන සලකනකොට අපි ගව්ගානක් ඉස්සරිහින් ඉන්නේ සෞඛ්‍ය අංශයෙන් විතරයි. අනිත් අංශ වලින් අපි ගව් ගානක් පහල. මම ඔබ තුමාට අභියෝග කරනවා ලංකාවට ඇවිල්ල මේ තියෙන පහසුකම් යටතේ පුළුවන් නම් සේවය කරලා පෙන්නන්න කියල. ඔය වගේ කට්ටිය මොන තරම් පර්යේෂණ කරලා තිබුනත් පබ්ලිකෂන් කරලතිබුනත් ලංකාවට වටින්නේ නැහැ. අවශ්‍ය පහසුකම් නැහැ කිය කිය ඉඳීවි. ඒක නිසා ඔයාල වගේ කට්ටිය මේ රටට නොඑන එක රටේ මිනිස්සුන්ගේ වාසනාව. රටක් ඇතුලේ උගතුන් බිහි කිරීමේ මූලික පරමාර්ථය වෙන්න ඕනේ රටේ මිනිස්සුන්ට සේවය කිරීම මිසක් ඇඩ් දැමීම නෙවෙයි. වෙන රටවල් එක්ක උගත් කම සංසන්දනය වෙන්න ඕනේ ඊට පස්සේ. ඉගෙන ගත්තට වැඩක් නැහැ බොස් තමන් ඉපදුනු රටට සේවය කරන්න වාසනාව නැත්නම්.
ReplyDeleteමුදලාලිගෙ මෝඩ පුතුට සල්ලිවලට උපාදියක්
ReplyDelete-මේ කතාව හරි.
මේක ඈතුලෙ කමෙන්ට්කරලා තියන ගොඩක්දෙනා මුදලාලිලාගේ මෝඩ පුතාලා දුවලා බව පේනවා.
අද්‍යාපනය විකුනපුහාම ල0ගමට උන දේ කෑම්පස්වලට උනාම අපේ ගොන්නුන්ට තේරෙයි තිබිච්ච නිදහස් අද්‍යාපනයේ වටිනාකම.
ඵතකොට පරක්කු වෑඩිවෙයි.
මේපාර අපේ පලාතේ ගොඩක් මහන්සිවෙලා වෑඩකරපු කොල්ලො කෙල්ලො ගොඩදෙනෙක්ට මෙඩිකල් යන්න මදිවෙලා තියනවා.හෑබෑයි ඵයාලට ලක්ශ 65 කියන්නේ හීනයක්.
අන්න ඵ් සල්ලිනෑති දක්ශයන් වෙනුවෙන් ගන්න පුලුවන් පියවරක් ලග තියනවාද????
ඉස්සල්ලා නියම දක්ශයන්ට තෑන දෙන්න ඊටපස්සෙ අසාව උනන්දුව තියන අනික් ළමයි ගෑනත් බලන්න.
මෙතන ඵ් මොකවත් නෑ.දුප්පත් දක්ශයා වීසිකරලා සල්ලි තියන ඵකාව කෙලින්ම නග්ගලා ගන්නවා.මේකද සදාරනය කියන්නේ?????
කාලෙකට පස්සේ බ්ලොග් එකක යන සුපිරිම සංවාදයක්...
ReplyDeleteඕවා ගැන කතා කරන්න තරං මංනං දැනුමැත්තෙක් නෙවෙයි.. ඒත් මං ඉන්නේ යට මට්ටමේ..ඒ කියන්නේ ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය ප්‍රයෝජන ලබන මට්ටමේ කෙනෙක්...
මට තියෙන ගැටළුව ඇයි වෛද්‍ය වෘතිකයෝ මේ තරම්ම ඒකාධිකාරයක් ගොඩ නගා ගන්න හදන්නේ..?
ඇත්තටම මේ අයට තියෙන්නේ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්ද..? උත්තරය ඔව් නම් කරන්න ඕන දේ හැටියට මං දකින්නේ විරුද්ධ වීමටත් වඩා එම කාර්යය විය යුතු නියමිත ප්‍රමිතිය පිළීබඳ සංවාදයක් ගොඩ නැගීමයි...
වෘතිකයින් හා අත්දැකීම් ඇත් අය විදියට ඒ අය කල යුත්තේ ඒ සඳහා ප්‍රායෝගිකව කල හැකි වැඩ පිළීවෙලක් ගැන අවධානය යොමු කරවීමට රජයට බල කිරීමයි. එම ප්‍රමිතීන් මොනවාද යන්න ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ඉදිරිපත් කර ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමයි විය යුත්තේ එහෙම නැතිව ප්‍රමිතිය ප්‍රමිතිය කිය කියා කෑ ගැහැවුවට විතරක්නං සාමාන්‍ය මිනිස්සු ඔය ගැන ඒ හැටිම අවධානය යොමු කරන්නේ නැහැ..
මොකද අපට ප්‍රමිතියට වඩා ගැටළු තියෙනවා... පොඩි ලෙඩකට බෙහෙතක් ගන්න ගියත් දවසක් නාස්ති කරන්න වීම ඔය කියන වෛද්‍ය ප්‍රමිතියට වඩා වැදගත් හින්දා තමයි කෙලින්ම ගිහින් ෆාමසියේ ඉන්න කෙනෙක්ගෙන් ලෙඩේ කියලා බෙහෙත් පෙති ටික අරං ගිහින් බොන්නේ... එතනදී ප්‍රමිතිය බල්ලට යන හැටි අහන්න ඕන නැහැනේ..?
ඔය කාරනේ ඔහොම නැත්තං ඒ කියන්නේ මේක ප්‍රමිතියක් ගැන අවුලක් නෙවේ කෙලින්ම තමන්ගේ වෘත්තීයට ඇති තර්ජනයක් කියලා හිතලා අපි හැර අනිත් උන්ට මේකෙන් හම්බ කරන්න දෙන්න හොද නැහැ කියලා හිතලා කුහකකමට විතරක් කරන සටනක් පමණක් නම් ආයේ ඉතිං මොනවා කියන්නද..?
ඔතන තව පැත්තක් ගැන කියන්න ඕන... මං ජීවත් වෙන්නෙත් ලංකාවේ තියෙන හොඳ මට්ටමේ රජයේ රෝහලක් අහල පහල... දැන් දවස් දෙක තුනකට කලින් මං රෝහල ඉස්සරහා ෆාමසියක් ගාව නැවතිලා මගේ හිතවතකු සමඟ කතා කරන වෙලාවේ එතන හිටිය තුන් හතර දෙනෙක් රෝහල දෙස බලාගෙන කතා බහක නිරත වෙලා හිටියා.. මං හිතන්නේ නේවාසික ඥාතීන් බලන්න ආව කිහිප දෙනෙක් වෙන්න ඕන...
එතන සිද්ධ උන කතාව ගියේ තනිකරම හෙට අනිද්දා වෙනකොට පාරට බහින බහින වෛද්‍යවරයාට ගහන්න ඕන කියන ආකාරයටයි...
හිතන්න ටිකක් මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා.. නීතිය අතට ගැනීම හෝ කැලෑ නීතිය රජ කිරීම වරදක් උනත් එක පැයකට එහෙම තත්වයක් ඇති උන දවසට මොකද වෙන්නේ..?
වෛද්‍යවරු..හෙදියන් කොයි වෙලෙත් ඇපේට ගන්නේ අසරණ රෝගීන්ව.. තමන්ට උගන්වන්න ජීවිත කාලය පුරාවටම බදු ගෙව්ව මිනිහව ඇපේට තියලා තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න උත්සහ කරන මිනිස්සුන්ට දෙවිවරු වගේ තව දුරටත් සලකන්න මිනිස්සු ලෑස්ති නැහැ කියන පණිවිඩේ හෙට අනිද්දා වෙනකොට වෛද්‍යවරුන්ට ලැබෙයි.. හැබැයි එතකොට පරක්කු වැඩි වෙයි... ඒ හින්දා තමන්ගේ ගරුත්වයත් ආරක්ෂාවත් පිළිබඳවත් තව ටිකක් හිතනවනං හොදයි... මොකද රජයකට.. නීතියකට කරන්න බැරි හුගක් දේවල් පැය ගානක මහජන කැළඹීමකින් සිද්ධ වෙනවා මං ඇස් දෙකට දැකලා තියෙනවා ඕන තරම්...
මඟුල තමයි. ජාතික ප්‍රමිති ආයතනය හොර ප්‍රමිති සහතික නිකුත් කරන රටක, ප්‍රමිතියෙන් තොර බෙහෙත්, සිමෙන්ති, ආහාරපාන විකුණන රටක දොස්තර කෙනෙක් වෙන්න විතරක් ප්‍රමිතියක් මොකටද?
ReplyDeleteගූගල් එකෙන් මෙඩිසින් ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් අවුරුදු 3 කින්. සිරාවටම. හැබැයි ප්‍රැක්ටිකල් කරන්න නම් ඔය බොග් වල කොමෙන්ට් දාන එව්වෝ දෙතුන් දෙනෙක් අල්ලගෙන කපන්න වෙනවා.
//ඉගෙන ගත්තට වැඩක් නැහැ බොස් තමන් ඉපදුනු රටට සේවය කරන්න වාසනාව නැත්නම්.//
ReplyDelete//ඒක නිසා ඔයාල වගේ කට්ටිය මේ රටට නොඑන එක රටේ මිනිස්සුන්ගේ වාසනාව.//
අන්තිමට මේකෙත් තර්ක නවතින්නේ දේශප්‍රේමය කියන තුන්වන පන්තියේ "කෝකටත් තෛලයේ" කරවටක් ගිල්ලලා නේද? හික්ස්!. ලංගම වගේම ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයටත් කෙලවෙන්නෙ පෞද්ගලික එව්වල තරගය නිසා නෙවෙයි, ඒවලම ඇතුලෙ තියෙන ප්‍රස්නයි, තරඟයක් නැතිකමයි හින්ද කියල කවද හරි තේරෙයි.
බැලුවම ලංකාවේ අඩු පහසුකම් එක්ක වෙදකං කොරන එක මාර අමාරු වැඩක්. ඉතියෝපියාවෙ , සොමාලියාවෙ තමයි මේ කියන විදියට ඉහලම ප්‍රමිතියක් තියෙන, දක්ෂම වෛද්‍යවරු ඉන්නේ. හිහ් හිහ්..
පර්යේෂනත්, පබ්ලිකේශනුත් වටින්නේ නත්තම් අලුත් දැනුම හදන්න විශ්ව විද්‍යාල ඕනේ නැහනේ . අනේ මන්ද මේකද ඉහල ප්‍රමිතියක් තියෙන ලාංකේය වෛද්‍ය විද්‍යාල වල මතය ? හික්ස්..
-Copenhagen Neurologist
//Millanium Development Goals ගැන සලකනකොට අපි ගව්ගානක් ඉස්සරිහින් ඉන්නේ සෞඛ්‍ය අංශයෙන් විතරයි.//
ReplyDeleteයකෝ මූ කටින්ද කතා කරනේ?
ඉස්පිරිතාල එකක වත් වැසිකිලියකට යන්ඩ බැහැ නහය සීල් කරගන්නෙ නැතුව, ඒ වගේ බේසික් පිරිසිදුකමවත් නැති ඉස්පිරිතාල තියාගෙන මූ මේ දොඩවන්නේ ගංජා ගහලද?
Millanium Development තියෙන්නේ උඹේ පුකේද කියල බලපං.
Sep 17 3.18 ලංකාවේ medical faculty වලත් psychologist ලා lectures ලා විදිහට සේවය කරනවා.(Department of psychiatry). හරියට බලපන් ඌ මොකක්ද කියල තියෙන්නෙ කියලා. උඹට තේරුම් ගන්න මොලයක් නෑ කියල මොනව කරන්නද? නොදැනුවත්කම ගැන අනුකම්පා කරමි.
ReplyDelete@ Copenhagen Neurologist - ඔයා දන්නේ Hospital Protocol වලට වැඩ කරන වෛද්‍යවරයාගේ විශේෂ දක්ෂතාවයක් අවශ්‍ය නැති බටහිර රටවල් වල සෞඛ්‍ය සේවය ගැන විතරයි. මමත් ඔය රටවල වෛද්‍යවරු එක්ක වැඩ කරලා තියනවා. evidence based medicine සංකල්පය හැර වෙන දෙයක් ඒගොල්ලෝ විස්වාස කරන්නේ නැහැ. නමුත් ලංකාවේ සමහර ලෙඩ්ඩු manage කරන්න evidence ලැබෙනකම් හිටියොත් ලෙඩා මැරෙනවා. තමන් දන්නා දේ පාවිච්චි කරලා අලුත් විදිහට ප්‍රතිකාර කරන්න වෙන අවස්ථා ගොඩක් තියනවා. ශල්‍යකර්මයකට අවශ්‍ය උපකරණ හොයා ගන්න බැරි උනාම තියන උපකරණ ඉතාම දක්ෂ විදිහට යොදාගෙන රෝගී ජීවිත බේරාගත්තු දොස්තරලා මේ රටේ ගොඩක් ඉන්නවා. නමුත් කවුරුවත් ඒ හොඳ වැඩ ගැන කතා කරන්නේ නැහැ. සුළුතරයක් විසින් කරන වැරදි ගැන විතරයි කතා කරන්නේ. ඒ වැරදි කරලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාලයේ වැරද්දක් නිසා නෙවෙයි. එයාලගේ මොනවා හරි මානසික රෝගයක් නිසා. දොස්තරලා කියන්නෙත් මිනිස්සු. ඒ ගොල්ලොත් ලෙඩ වෙනවා. එහෙම ටික දෙනෙක් කරන වැරදි වලට ඉතාම අපහසුවෙන් රටට සේවයක් සපයන මුළු වෛද්‍ය සංහතියටම ගරහන එක සිංහල කමද මන්දා. මෙහේ තියන විශ්ව විද්‍යාල වලත් පර්යේෂණ සිද්ධ වෙනවා. නමුත් විශ්ව විද්‍යාල වලට පර්යේෂණ සඳහා ලැබෙන්නේ ඉතාම අඩු මුදලක්. ඒ ලැබෙන ගානෙන් කරන්න පුළුවන් දේවල් හරිම අඩුයි. සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති පර්යේෂණ මධ්‍යස්තානයටත් ලැබෙන්නේ රටේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන ඉතාම අඩු මුදලෙනුත් (GDP වලින් 2%) ඉතාම අඩු මුදලක්. කරන පර්යේෂණත් ඔය රටවල සුද්දොත් එක්ක කරන තරම් ලේසියෙන් පබ්ලිෂ් කරන්න බැහැ. Publication bias කියන එක දන්නවනේ. මොකද ඔය හැම ජර්නල් එකක්ම වගේ කරන්නේ සුද්දෝ නිසා. කළු හම තියන එවුන්ගෙන් උන් සලකන්නේ උන්ට කඩේ යන උන්ට විතරයි. මොකද එහෙම උන් සුද්ද කරන හැම දේම හරි කියල පිළිගන්න නිසා. අපට අපි හොයා ගත්ත දැනුම නැති උනත් සුද්දාගෙන් ගත්ත දැනුම පාවිච්චි කරලා අලුත් දේවල් ඕනේ තරම් රට ඇතුලේ කරනවා. කඩේ යන්නේ නැහැ. එතකොට සුද්දයි සුද්දට කඩේ යන කළු සුද්දොයි දකින්නේ ඒවා වැරදි දේවල් විදියට.
ReplyDelete@ September 18, 2011 1:26 PM ඇනෝ Millanium Development Goals කියන්නේ මොකක්ද කියල දන්නේ නැත්නම් නෙට් එකේ හොයල බලන්න. එකේ වැසිකිලි වල ගඳ නැති කිරිල්ලක් ගැන නැහැ. අනිත් එක ඔයා හැමතිස්සෙම කතා කරන ඔයාගේ ජීවන මාර්ගය වෙච්ච පුක ගැන කියලත් නැහැ.
@ මාරයා සහ යහපත් ඇනෝ රටේ ප්‍රමිතියක් නැති දේවල් සිද්ධ වෙන එක හරි කියලද ඔයගොල්ලෝ කියන්නේ? අනිත් එක ප්‍රමිතියක් නැති නීති විරෝධී වැඩ දැනට සිද්ධ වෙන නිසා ප්‍රමිතියක් නැති විශ්ව විද්‍යාල බිහි කරන්න ඉඩ දුන්නොත් ඒක දිගටම සිද්ධවෙනවා නේද ? එතකොට කවදාවත් අපේ රටේ ප්‍රමිතියක් ඇති දේවල් වෙන එකක් නැහැ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියාගෙන අනිත් දේවල් වලට වෙච්ච දේ මේකටත් වෙන්න දෙන එකද හොඳ ?
අන්තිම ඇනෝ...
ReplyDeleteඇත්ත ප්‍රමිතියක් නැති වෙන්න දෙන්න ඕන නැහැ.. ඒත් මේ ප්‍රමිතිය සඳහාම කරන සටනක්ද..? කියන එකයි පහල මට්ටමේ සමාජයට තියෙන ගැටළුව.. (මාත් ඇතුළුව..)
අද ලෙඩෙකුට රජයේ රෝහලක ඇඳක් ගන්නත් වාට්ටුව බාර දොස්තරව ප්‍රයිවට් චැනල් කරලා එන්න ඕන මට්ටමක් තියෙන්නේ...එහෙම නැත්තං ඒ ලෙඩාට කුඩම්මාගේ සැලකිලි.
හවස 4 වෙනකොට කට්ටිය හති දාගෙන දුවනවා චැනල් සර්විස් එකට...ඒත් උදේට ඔපීඩි එකේ ලෙඩ්ඩු බලන්නේ මලානික වෙලා..හතරට කිට්ටු වෙනකොට අස්පයෝ වගේ...
කියන්න කාරනා බොහෝමයි.. ඒත් ඉතිං ඒවා කිව්වා කියලා මෙතනට අදාල වෙයිද මංදා.. පෞද්ගලිකව මම මීට මාස දෙකකට කලින් කාපු කට්ට ගැන මමයි දන්නේ... ප්‍රමිතිය ගැනනං කතා කරලා වැඩක් නැහැ... ඒ තරං සුපිරි.
මුන් දැන් සෞඛ්‍ය සේවයත් මේකට අමුනගෙන තමයි මේ ඇස් වලට වැලි ගහන්නෙ.
ReplyDeleteමේකට දැන් කලු සුද්දොයි , දේශ්ප්‍රේමෙයි හොඳට කලවම් කරනව වගේ තර්ක වලින් පැනල යන්න.
පර්යේෂන කියන්නේ ඔනෑම විශ්ව විද්‍යාලයක් හා අත්‍යන්තයෙන් බැඳුනු අනිවාර්ය එකක්. පර්යේෂණ වල වටිනාකමක් නැහැ කියන අය වගේ අයත් එක්ක මේ සංවාදය කිරීමෙන් වෙන්නෙ මේකෙ සංවාදයේ තියෙන වටිනාකමත් නැති වීම. ප්‍රමිතිය ප්‍රමිතිය කිය කිය ගහ නොදන්න මිනිස්සුන්ට කොල කඩාපාලා, කෝපන්ගේගන් නියුරොලොජිස්ට් ගේම දුන්නම දැන් ඒකට වැල් බයිල කියනව.
@ All those who are still hanging on:
ReplyDeleteමේ සාකච්ඡාවේ එක් කරුණක් ගැණ පමණක් මං අදහසක් දක්වන්නම්.
අද ලංකාවේ දොස්තරලාට ලෙඩ්ඩුන්ගේ අයිතිවාසිකම් ප්‍රාණ ඇපයට ගන්නට හැකි වී ඇත්තේ අපේම වරදිනි. වෙදකම ගැන අපේ සමාජයේ තිබෙන අනවශ්‍ය ගරු බුහුමන් කිරීම මෙයට මූලික හේතුවයි. මෙඩ්ඩෝ පොරවල් වී ඇත්තේ මේ නිසාය.
දොස්තරලාත් කරන්නේ තවත් එක ජොබක් පමණි. බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ මෙඩිකල් ෆැකල්ටියට යන්නේ ගණිතය බැරි නිසා හෝ පාඩම් කිරීමට හැකි නිසා හෝ මිස මූලිකවම මේ රෝගීන්ට බේත් කර සනීප කරන්නට හිතාගෙන නොවේ.
ඒ වගේම නර්සිං යන බහුතරයද, ඒ ජොබට යන්නේ යුනිවසිටි, ටීචිං, ක්ලැරිකල් වැනි අනිත් මාර්ග වැසුණු පසුවය.
මේනිසා පොදු සමාජයේ හොරු, වංචාකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, බේබද්දෝ, සිගරැට් බොන්නෝ, හෘද රෝගවලින් මිය යන්නෝ, කවි ලියන්නෝ, සින්දු අහන්නෝ යනාදීන් සිටින අනුපාතයටම දොස්තරලා යන උපකුලකය තුලත් හොරු, වංචාකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, බේබද්දෝ, සිගරැට් බොන්නෝ, හෘද රෝගවලින් මිය යන්නෝ, කවි ලියන්නො, සින්දු අහන්නෝ සිටිති.
ඉංගිරිසියෙන් Dr Perera සිංහලෙන් පෙරේරා දොස්තර මහත්තයා වෙන්නේ කොහොමද? මහත්තයා යන්න කෙහෙන්ද එන්නේ? හැමෝම සමානයි කියා මා සිතූ මේ බ්ලොග් අවකාශටද මේ ලෙඩේ බෝවෙන්නට ඉඩ තිබේ.
ලංකාවේ දොස්තර මාෆියාව බිඳ දැමිය යුතු නම් ඒ දොස්තර කඩ දමා නම් නොවේ. මුළු සමාජයටම ආකල්ප වෙනසක් අවශ්‍යය. එය වසර දහයක පමණ ව්‍යාපෘතියකි.
@ කතන්දරකාරයා,
ReplyDelete100%
අනිවා. ලංකාවේ දොස්තර කිව්වොත් වඳින්නේ නැති එක විතරයි. ඊට හපන් දොස්තරලා බහුතරයක් (ඉස්පිරිතාලේ) ඉන්නේ පුදුමාකාර මහන්තත්ත කමකින්. මාර ගෙම්බර්. හැබැයි pp කරන තැන්වලදි නම් එහෙම නෑ. පුදුමාකාර සත්ව කරුණාව.
දොස්තර කෙනෙකුට දුවව දීගන්න දෙමව්පියන්ට තියෙන ** අමාරුව දැක්කම **නුත් හිනා යනවා. කතන්දර කිව්වා වගේ දොස්තරකම කියන්නෙත් හැකියාව තියෙන ඕන කෙනෙකුට ඉගෙන ගෙන කරන්න පුළුවන් රස්සාවක් කියලා මේ නොදියුණු ජන කොට්ඨාශය ඉගෙන ගන්නකම් දොස්තරලා ලෝඩ් පකීර්ලා වෙන එක වළක්වන්න බෑ. ප්‍රයිවෙට් කැම්පස් එක මේකට හොඳ උත්තරයක්. මේ මෝඩ වහන්සේලා දැන් හිතන් ඉන්නේ සල්ලි තියෙන ඕන මී හරකෙකුට මේකට ගිහින් දොස්තරලා වෙන්න පුළුවන් කියලා. නොදෝමකින් බත් කරන හරක්.
මෙතන අදහස් දක්වපු ඔක්කොම පූර්ව නිගමනයක ඉන්නවා මේ ඒ ලෙවල් විභාගය යනු අති පාරිශුද්ධ විභාගයක් කියලා. ඒත් ඒක එහෙමද?? තොරා ගත් 40-50කට මේවා පිවන්නේ නම් මොනවද කියන්නේ? හැම අංශයක්ම ජරා ජීර්ණ වෙල කුණු වෙලා නන්නත්තාර වෙලා තියෙන ලංකාවේ ඒ ලෙවල් විභගය පමණක් පාරිශුද්ධ යයි සිතීමම අපි අපිව රවටා ගැනීමක් විතර්යි
ReplyDeleteමමත් ලංකාවේ ඉගෙනගත්ත දොස්තර කෙනෙක් මේක කිව්වා කියල අපේ උන් මට අම්බානකට නෙලයිද දන්නේ නැහැ. ඒක නිසා ඇනෝ ම දානවා. කතන්දර දාල තියෙන කොමෙන්ටුවටත් සම්බන්ධයක් ඇතුවයි මම මේ ලියන්නේ. ඒ කතන්දර කියපු මම 100% ක්ම එකඟ වෙන හේතු වලට අමතරව තව හේතු තියනවා අපේ උන්දැලා හෙන ගේමක් දීල මෙඩිසින් යන්න ට්‍රයි කරන. එකක් තමයි පොඩිකාලේ ඉඳල ගුරුවරුන්ගෙයි දෙමවුපියන්ගෙයි බලපෑම නිසා දොස්තර කම කියන්නේ සක්විති රජකම වගේ එකක් කියල හිතාගෙන ඒ වෙනුවෙන් හීන දැකීම. (රෝගීන් ගැන හිතල නෙවෙයි ) අනිත් එක තමයි දෙමවුපියන්ගේ හීන හැබෑ කරන්න තියෙන ඕනේ කම නිසා මිසක් තමන්ගේ ඕනේ කමක් නැතුව ඕකට යන එක. තවත් එකක් තමයි අපේ චිත්තරපටි වලයි ටෙලිනාට්‍ය වලයි පෙන්නන විදිහට දුප්පත් පවුලක ළමයෙකුට ඉගෙනගන්න පුළුවන් නම් දොස්තර කෙනෙක් වෙලා සල්ලි හොයාගෙන හටර වරිගෙම එතෙර කරන්න පුළුවන් කියල හිතන එක.(මේකට මාධ්‍යයත් සෑහෙන්න වගකියන්න ඕනේ ). තව ටික දෙනෙක් ඉන්නවා ඇත්තටම සේවයක් කරන්න කැමත්තෙනුත් ඔය අන්ශේ තෝරාගන්න. ඔය මුලින්ම කියපු හේතුවයි තුන්වෙනියට කියපු හේතුවයි නිසා දොස්තර වෙන්න ආපු උන් තමයි PP පස්සේ දුවල රෝගීන්ගේ කටයුතු අතපසු කරන්නෙයි ගෙම්බර් පෙන්නන්නෙයි.
ReplyDeleteකතන්දර කියපු අනිත් කතාව ඒ කියන්නේ දොස්තරලා පොරවල් කරලා තියෙන්නේ දොස්තරලගෙන් සේවය ලබා ගන්න කට්ටියමයි කියපු එකට තව ටිකක් එකතු කරන්න කැමතියි. ඔය දොස්තර වෙන කට්ටිය උපතින්ම පොරවල් නෙවෙයි නේ. දොස්තර කියන්නේ පොරක් කියන එක උන් ගේ ඔලුවට වැටෙන්නේ දෙමවුපියන්ගේනුයි ගුරුවරුන්ගෙනුයි ටෙලිනාට්‍ය ඇතුළු මාධ්‍ය වලිනුයි. අනිත් මිනිස්සුන්ගේ ඔලුවට ඔය ටික වැටෙන්නෙත් ඔය විදියටමයි. මුලින්ම ඔය දේවල් වනස් කරලා ඉන්න ඕනේ. නැත්නම් පොරවල් වෙන්න හිතාගෙන දොස්තරලා වෙච්ච උන්ට ගේම හම්බ උනාම උන් පිස්සු කෙලින්න පටන් ගන්නවා. ඒකත් රටට හොඳ නැහැ. අනිත් එක රටේ මිනිස්සු දොස්තරලා පොරවල් වගේ ජීවත් විය යුතුයි කියල හිතනවා. එහෙම නැති දොස්තරලට කයි කතන්දර කියනවා.මේ සංස්කෘතිය වෙනස් කරනකම් දොස්තරලා පොරවල් වෙන්න හදන එක නවත්තන්න අමාරුයි.
සමහරවිට මේ දේවල් වෙනස් කලොත් දොස්තර කඩ වලට තියෙන ඩිමාන්ඩ් එකත් සෑහෙන්න අඩු වෙන්නත් පුළුවන්.
හරි හමං පර්යේෂනයක් වත් කෙරෙන්නෙ නැත්තං, දැන් ලංකාවේ තියෙන්නෙ "දොස්තර අම්බලං".
ReplyDeleteඒ වෙනුවට දොස්තර "මෝල්-Mall" ඇරියම ඇති වැරැද්ද මොකද්ද?
දොස්තරලා ගෑන හීනමානයෙන්,ඔවුන්ගේ ලොකුකම බිදින්නට ගොඩක් අය කතාකරන බව පේනව.
ReplyDeleteමේකට අවශ්‍ය රටේ ආකල්පමය වෙනසක් මිස හෝල්සේල් දොස්තර කොම්පෑනියක් නොවෙයි.
අද ඉස්පිරිතාලවල දොස්තරලා විතරක් නෙවෙයි සිකුරුටිලා,ඈටෙන්ඩන්ලාගේ රෙස්පට් දොස්තරලටත් වඩා වෑඩීයි.
මේ යන මො0ගල් සිස්ටම්ඵක වෙනස්කිරීම මිස පෑලෑස්තර දෑමීමෙන් පලක් නෑ.
------------------------------------------------
අනික ඉගනුම ඈතිහෑකිඅයට විතරක් නෙවෙයි සෑමට ලෑබියයුතුයි.මේ ප්‍රය්වට් කෙරුවව හරිගියොත් දුප්පත් ඵකාලාට් දෙයියන්ගෙම පිහිටයි.
දෑනටත් ආන්ඩුවේ රෝහල්වල පෑයගනන් පෝලිමේ ඉදලා ලෑබෙන්නේ බෙහෙත් තුන්ඩුව විතරයි.
ඉස්සරහට මොනවායින් මොනවවෙයිද දන්නෑ.ල0ගමට ගිය කලම මේකටත් යාවී.
Sujeewa Kokawala@ ඔයාට වෙලාවක් ලැබුනම ඉස්සර තිබුන උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඒකට අතුලුකරගත් aයට තිබුන සුදුසුකමුත්, ඒ සුදුසුකම් හෙළිවෙන එක වලක්වගන්න එදා පාලකයන් සහ බලදාරීන් දාපු සෙල්ලනුත් කියවල බැලුවම, මිනිස්සු මේ PMC ගැන සැක කරන එක සාධාරණයි කියල ඕන කෙනෙකුට හිතෙයි. මේවාට ඇතුලත් කරගන්නා අයගේ සුදුසුකම් පරීක්ෂා කෙරෙන යාන්ත්‍රණයක් ඇති කරන්න මේවායේ අයිතිකාරයෝ කැමතිද? නාමල් නීති විද්‍යාලයට ගිය විධියත් ගිහින් විභාග කරන විදියත් බලන්න. PMC එකට ලොකු කෙලි කාරයෙක්ගේ ළමයෙක් ගියදාට ඒ වගේ දේවල් වෙන එකක් නැත්ද?
ReplyDeleteඅද ඉන්දියාවේ PMC කෙරෙන්නේ කොහොමද? මේ ගැන උනන්දු කවුරුත් හොයල බලන්න වටින දෙයක්. ඔය වැඩකරන තැන ඉන්න යමක්-කමක් තේරෙන ඉන්දියන් කාරයෙක්ගෙන් අහලබලන්න.
Abusive-Ano@ මම කතාකරලා තියෙන්නේ ලංකාවේ පාසල් අධ්‍යාපනයට මෙයින් වියහැකි බලපෑම ගැනයි. PMC නිසා අපේ පාසල් ක්‍රමයට ලැබෙන විකල්පය හරි ළමයින්ගේ ඉගෙනීම ගැන තියෙන උනන්දුව වැඩිවෙන හැටි පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ඔයා කියල තියෙන අනිත් කතා නම් මගේ ප්‍රතිචාරය අනුමත කිරීම්. ඇයි මම කියපු දේම ඔයත් කියල, තරහ ගිහින් වගේ ඉන්නේ?
ඊට අමතරව දොස්තරලට, මන්ත්රීලට, පොලිසියේ අයට වඳින එක PMC ගෙනල්ල නැතිකරන්නේ කොහොමද. මේ දෙක එකිනෙකට සම්බන්ද නැති කාරණා දෙකක් කියලයි මට නම් පේන්නෙ. අපේ හීනමානේ තියෙනකම් අපි PMC දොස්තරලටත් මේ වගේම වැදගෙනම ඉඳියි. හරියට ලංගම බස් ධ්‍රයිවර්ලගේ ගෙම්බර් නැති කරන්න ප්‍රයිවෙට් බස් ගෙනාව වගේ. දැන් අපි දෙගොල්ලන්ගේම ගෙම්බර් බලනව.
http://www.cherry366.com/other-talk/top-10-world-famous-ceo-without-college-degree-steve-jobs-is-one-of-them.html
ReplyDeletekathaawa hodayi, a kolla pawu !
ReplyDeleteChaaaaaaaaaaaaaaaaaaaaaaaater
ReplyDeleteගොඩක් අය ඉදිරිපත් කරන තර්කයක් තමයි."සල්ලි තියෙන මිනිස්සුන්ගේ ළමයි රට ගිහිල්ලා ඉගෙන ගන්නවා උසස් පෙල හරියට කරගන්න බැරි උන මධ්‍යම පාන්තික ලමයින්ට යන්න තැනක් නැහැ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුවොත් ඒ අයට සහනයක් වෙයිලු..'.පෞද්ගලික විශ්ව විද්‍යාල " ඕන කියල පුක ඉරාගන කැගහ උන්ටයි මම කියන්නේ...උඹලගෙ දෙමවුපියන්ට ලක්ෂ 40ක්,50ක් උපාදි කඩවලට දෙන්න හැකියාව තිබුනට (SLIIT,SAITHM,වගේ)..අපේ අහිංසක දෙමවුපියට එහෙම දෙන්න සල්ලි නැහැ..සල්ලි තියෙන මුදලාලිලගේ ලමයි පවු කියල අනුකම්පා කරන උඹල ඇයි දුප්පත් අහිංසක දෙමවුපියන්ගේ ලමයි ගැන හිතන්නෙ නැත්තේ උන් පවු නැත්ද?... උඹල ඔය උපාදි කඩ දැම්මත් මට වැඩක් නැහැ මොකද මට ඕවට යන්න බැහැ..මම දන්නව ම්ගේ දෙමවුපියො කොච්චර අමාරුවෙන්ද අපිව ජීවත් කරවන්නේ කියල....ඒ නිසා මහන්සියෙන් ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයකට යන්න ලැබුන එක ගැන මට සතුටුයි...උපාදි කඩ භංග වේවා
ReplyDeleteගොඩක් අය ඉදිරිපත් කරන තර්කයක් තමයි."සල්ලි තියෙන මිනිස්සුන්ගේ ළමයි රට ගිහිල්ලා ඉගෙන ගන්නවා උසස් පෙල හරියට කරගන්න බැරි උන මධ්‍යම පාන්තික ලමයින්ට යන්න තැනක් නැහැ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹුවොත් ඒ අයට සහනයක් වෙයිලු..'.පෞද්ගලික විශ්ව විද්‍යාල " ඕන කියල පුක ඉරාගන කැගහ උන්ටයි මම කියන්නේ...උඹලගෙ දෙමවුපියන්ට ලක්ෂ 40ක්,50ක් උපාදි කඩවලට දෙන්න හැකියාව තිබුනට (SLIIT,SAITHM,වගේ)..අපේ අහිංසක දෙමවුපියට එහෙම දෙන්න සල්ලි නැහැ..සල්ලි තියෙන මුදලාලිලගේ ලමයි පවු කියල අනුකම්පා කරන උඹල ඇයි දුප්පත් අහිංසක දෙමවුපියන්ගේ ලමයි ගැන හිතන්නෙ නැත්තේ උන් පවු නැත්ද?... උඹල ඔය උපාදි කඩ දැම්මත් මට වැඩක් නැහැ මොකද මට ඕවට යන්න බැහැ..මම දන්නව ම්ගේ දෙමවුපියො කොච්චර අමාරුවෙන්ද අපිව ජීවත් කරවන්නේ කියල....ඒ නිසා මහන්සියෙන් ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයකට යන්න ලැබුන එක ගැන මට සතුටුයි...උපාදි කඩ භංග වේවා
ReplyDelete