ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 15 September 2011
අභිනිෂ්ක්‍රමණය කියන්නේ ප්‍රශ්ණ වලින් පලා යාමක් ද? Renunciation or running away from problems?
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මං හිටපු කාලේ ගැන කියවෙන කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සති දෙකකටත් වැඩියෙන් ගතවුණා.
එහේ ගිය ගමන් ඇතිවුණු ඉච්ඡාභංගත්වයක් හරි ගෘහදායක ව්‍යාධිය හරි නිසා මුලින් මුලින් ලියවුනේ දුක්බර කවි තමයි. කවිය කියන්නේ කොහෙමටත් භාවාත්මක ප්‍රකාශනයක් නේ. ඒ එක්කම අතිශයෝක්තියත් නැතුවම බෑ, හරියට අර තිසර තන කේස් එකේ දී වගේ.
ඒ එක්කම ඉතිං කියන්නෝනැ, වැලිකතරේ, පතොක් ගස් අතරේ, කහමල්, රෝසමල් නොතිබුණේමත් නැතිය කියන වග!
ඔය කාලේ වෙනකොට පළමු වසරේ මුල් වාරය ගෙවෙන්නත් ආවා. ඒ කියන්නේ මුලු දෙසැම්බරයම අපිට නිවාඩු.
ඒ ගැන හිතද්දී හිතේ ජොලියට වගේ ලියවුණු කවියක් තමයි මේ.
අභිනිෂ්ක්‍රමණය
හාෆ් ෂීට් ෆයිල් කවර
කෝස්වර්ක් මැද හිරවුණු
ජීවිතයට සිසිලක් සැණසුම් සුවයක් ඕනෑ
මේ සීතල කඳු අතරේ
තවත් බැරිය හිරවෙන්නට
හැකි තරමින් ඉක්මන් කර ගෙදර යන්න ඕනෑ
අම්මා ගේ අත් ගුණයෙන්
රසවත් වුණු බත් කන්නට
උදේ අටට ඇහැරෙන්නට
රෑ නමයට නිදියන්නට
හැන්දෑවට සයිකලයෙන් පොඩි රවුමක් කැරකෙන්නට
සන්තෝසෙන් හිනැහෙන්නට
ගෙදර යන්න ඕනෑ
කාලසටහනින් තොර වූ
ඒ සුන්දර ලෝකය වෙත
අපාය අත්හැර දාලා නික්ම යන්න ඕනෑ
කම්මල් ගොරහැඩි බව නැති
සොබා දහම් රූ අතරට
හදවත තුටියෙන් පුරවා නික්ම යන්න ඕනෑ෴
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.
-කතන්දරකාරයා
ප/ලි:
මරුමුස්කාරයා නං ඔය මං උඩින් කියපු වැලිකතරේ මල් කතාව එක්ක එකඟ නෑ වගේ.
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://wetravelworld.com/2009/05/23/letting-the-train-take-the-strain-p5484/)
Labels:
කයි-කතන්දර,
පේරාදෙනිය,
විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,
විශ්ව විද්‍යාලය
Subscribe to:
Post Comments (Atom)
ගමේ හිටපු කෙල්ල බලන්න නෙමේ නේද?
ReplyDeleteඅපෝ තියෙන තදියමක්.ඔබා මාමා කිව්ව වගේ ඒ වගේ සීන් එකක් තමයි.
ReplyDeleteමම නම් කතා කරන්නේ මාතෘකාව ගැන. එක අතකින් නම් පලා යෑමක් තමා. හැබැයි ඉතින් ඉස්සල්ලම බලන්ට ඕනි ප්‍රශ්නය මොකක්ද කියලා. ඒ මත තමා සිද්ධවෙන්නේ අභිනිෂ්ක්‍රමනයක්ද නැද්ද කියලා තීරනය කරන්ට.
ReplyDeleteසිද්ධාර්ථ කුමාරයාගේ 'අභිනිෂ්ක්‍රමනය' පොදුවේ ලෝක සත්වයාගේ යහපත සඳහා ගත් එකක් හන්දා ප්‍රශ්නයෙන් පැන දිවීමක් විදියට සලකන්ට බෑනේ. එය ප්‍රශ්නයකට පිලිතුරක් සොයා යෑමක්.
නියමයි නියමයි..
ReplyDeleteමොකද අයියා ඔච්චර තකහනියේ ගමේ දුවන්න හදන්නේ ?
ReplyDeleteමම නම් කැම්පස් එකේ ඉන්න තරමටම ආසයි.
සිතට ආපු අවංක හැඟීමක් කෙලින්ම ලිව්ව, ඒත් හෙඩින් එක ටිකක් බර වැඩියි වගේ!
ReplyDeleteහරියට කැපුචිනෝ එකේ සයික්ලෝන් කැත්‍රීනා දකිනව වගේ!
අභිනිෂ්ක්‍රමණය කියල කියන්න බැහැනේ . ගෙදර ගිහින් අම්මගෙන් බත් කාලා ඔබා මාමා කිව්වා වගේ ගෑනු ළමයත් බලල ආපහු එන්න ඇති
ReplyDelete""හැන්දැවෙ බයිසිකලෙන් පොඩි රවුමක් කැරකෙන්නට""
ReplyDeleteමෙන්න මෙතන තමයි හොරේ ඇත්තෙ...
"සන්තෝසෙන් හිනැහෙන්නට"
ReplyDeleteකාත් එක්කද අප්පේ මේ?
කකා මාත් එක්ක කොක්කට වගේ LOLzzzz .....
ReplyDeleteඅර ඔය කකා ම කලින් වතාවක් කිව්වා වගේ, සියලු දේ සාපේක්ෂයි නේ. මම කිව්වේ මම හිටපු කාලේ අපේ බැච් එකේ හැටි. කකා ල මල් වත්තක ඉන්න ඇති. අපි නම් හිටියේ ඉතියෝපියාවේ.
වීක් එන්ඩ් එකේ ගෙදර යන උණ අපි හැමෝටම තිබුණා. ඇත්තටම ෆස්ට් ඉයර් එකේ ගඟෙන් එහාපැත්තෙ වැඩ තිබුනෙත් නැති හන්ද (ඒ කාලේ එහෙ කළුද සුදුද කියල වත් දන්නේ නැහැ) වීක් එන්ඩ් වැකේෂන් අනිවා ගෙදර තමයි. හැබැයි ඉතින් කකා ට වගේ බයිසිකලයෙන් රවුම් ගහන්න හේතු මට තිබුනේ නැහැ. මම හරි හොඳ ළමයෙක් (ගෙදරට). LOLzzzzz .
කකා එතකොට simultaniously ප්‍රොජෙක්ට්ස් කියක් handle කරා ද ?
ReplyDeleteගමේ එකයි batch එකේ එකයි ජුනියර් batch එකෙන් එකයි ලැම්බට් එකයි (ලැම්බට් කියන්නේ මොකද්ද කියල නම් අහන්න එපා. ඕනෙම නම් කකා ගෙන් ම අහගන්න) ගඟෙන් එහාපැත්තෙන් එකයි.
පූහ්.... කකා ත් නියම වැඩ කරු නේ...
@ Observer
ReplyDeleteගමේ කෙල්ලෝ මාව අඳුණන්නේ වත් නෑ!
@ පිසාචයා
ReplyDeleteඔහොම තමයි කවි ලියන්න ගියාම!
@ Podi Kumarihami
ReplyDeleteඔව් අනේ, එයා ප්‍රශ්ණ ඇති කළේ යශෝ ටයි රාහුල් ටයි, ශුද්දොදනටයි විතරනේ.
@ prasanna86k
ReplyDeleteThanks.
@ Dhayal Bathee
ReplyDeleteකැපුචිනෝ එකේ කැත්‍රිනා ඉන්නව නං කිඹුල්ලු නැතුව ඇති නේද?
@ Bindi
ReplyDeleteමෙතන කවියේ නං කියලා නෑ ආපහු එන කතාවක්. ඒ කෑල්ල තියෙන්නේ පස්සේ ලියපු කතන්දර කොටසේ විතරයි.
@ Gimhani
ReplyDeleteමං ලයිබ්‍රි යන්නේ, අල්ලපු ගෙදරට චිත්‍රකතා බලන්න යන්නේ සයිකලෙන්!
@ ඉන්දික උපශාන්ත
ReplyDeleteඒ දවස්වල වැඩියෙන්ම හිනා වෙන්නේ කණ්නාඩිය ඉස්සරහ පිට!
@ මරුමුස්
ReplyDeleteඅපේ බැචෙකුත් හිටියා මරුමුස් වගේ නමක් තියෙන. ඌත් එකඟ වෙන්නේ නෑ ඔය කතාවට.
@ මරුමුස්
ReplyDeleteමාත් හරි හොඳ ළමයෙක් තමයි කවදත්!
කකා, පින්තුරේ තියෙන්නේ "සරසවි උයන" දුම්රියපොළ නේද ?? සුන්දර මතක ගණනාවක් එක්කල තැනක්..
ReplyDeleteඅම්මා ගේ අත් ගුණයෙන්
ReplyDeleteරසවත් වුණු බත් කන්නට
උදේ අටට ඇහැරෙන්නට
රෑ නමයට නිදියන්නට
බලාගෙන ඉන්නව ටික දවසකට හරි මේ ටික කරන්න කොල්ලත්. නිකමට වගේ කියවුනාට මරු කවි පෙළ.
ක.කා පොඩි අවසරයක් දෙන්න.. මෙතනට අදාල නැති කතාවක් ඇදගන්න..
ReplyDelete@ පොඩ්ඩි...
කාන්තා විමුක්තියේ දෝංකාරය වගේ හඬ නගන ඔයා.. සිද්ධාර්ථ කුමාරය එදා ඉපදුනු දරුවත් එක්ක අර කාන්තාව තනි කරල දාල තමන්ගෙ හිතේ තිබුණු ගැටලුවකට පිලිතුරු හොයන්න ගිය එක මෙච්චර ලේසියට ගත්ත හැටි හරි පුදුමයි... ලෝක සත්වයාගේ යහපත පස්සෙ ඇතිවෙච්ච කතාවක්නෙ... ගෙදරින් ගියෙ ලෝකසත්වය ගැන හිතල නෙමෙයිනෙ...
( පොඩ්ඩි හෝ වෙන කෙනෙක් අනේ out of context හෙම නම් ගන්න එපා..)
@ මරුමුස්
ReplyDeleteඔය පේරාදෙනිය හන්දිය දුම්රිය ස්ථානය. ගම්පොල පැත්තට යන් වේදිකාව.
@ අළුත්
ReplyDelete(කිව්වට දැන් පරණයි නේද?) ස්තුතියි කිව්වා!
@ සපතේරු
ReplyDeleteපොඩ්ඩිත් සසර කලකිරිලා ද දන්නේ නෑ!
හී හී ...
ReplyDeleteකවි සාගරයයි ආ..!!!
අභිනිෂ්ක්‍රමණය කියන්නේ ප්‍රශ්ණ වලට උත්තර සොයා යාමක්...
ReplyDeleteඅම්මා ගේ අත් ගුණයෙන්
ReplyDeleteරසවත් වුණු බත් කන්නට
මමත් මේ විභාගේ ඉවර වෙනකල් බලන් ඉන්නේ ගෙදර ගිහින් අම්මගේ බත් ටිකක් කන්න...
//කතන්දර Kathandara said...
ReplyDelete@ Observer
ගමේ කෙල්ලෝ මාව අඳුණන්නේ වත් නෑ!//
ග්‍රීස් යකාව අඳුනගන්න අමාරුයි තමයි . . . . .
@සපතේරු උන්නැහේ,
ReplyDeleteඑදා හිටියා නම් මම කියන දේවල් ඔයිට වඩා වෙනස් වෙන්ට තිබුනා. දැන් ඉතින් අපි වර්තමානේ ඉඳන් අතීතය දිහා බලන එකනේ.
මුලින්ම කාන්තාවන්ට සම තැන දුන්නේ කවුද කියලා දැන් මතක නැද්ද හැබෑට?
පේරාදෙණිය හන්දිය
ReplyDelete