
මේ දවස්වල ෆේස් බුකියේ මං දැක්කා හයිකු වගේ කෙටි කවි පෝලිමේ ලියවෙනවා ටොන් ගණනේ, මාත් ලයික් කරල ඉන්න මොකක්ද කයියට බර ගෘප් එකක.
හයිකු කියන්නේ නම් එක්තරා මාත්‍රා රටාවකට අනුව බොහෝ විට පරිසරය ගැන ලියවෙන ජපන් කවි විශේෂයක්.
දැන් වගේම කාලෙකට ඉස්සර සිංහල කවියන් අතරත් මේ ආකාරයේ කෙටි කවි විශේෂයක් ඉතා හොඳින් ජනප්‍රිය වෙලා තිබුණා.
මේ ඒ කාලයේ මංතුමා ලියපු කවි දෙකක්.
මේ කවිවලත් තේරුම වගේම පොඩි පහේ ආකෘතියකුත්, තාලයකුත් තියෙනවා!
ඒ එක්කම කියන්න ඕනෑ, පුංචියට, කොටට, තිබුණයි කියල මේ කෙටි කවි ලියනවාය කියන්නේත් ලේසි වැඩක් හෙම නං නෙමේය කියන එක.
1. ප්‍රහේලිකාව
ලොවෙහි සියළු දුක් දොම්නස්
මැද සැනසුම
ආදරයයි
ලොවෙහි සියළු සැනසුම් මැද
දුක දොම්නස
ආදරයයි෴
2. ආදරය සහ ජීවිතය
ආදරය සුන්දරය
ආදරය නොහඳුනන්නන්හට නොව
ආදරය හඳුනන්නන්හට
ජීවිතය කටුකය
ආදරය නොකරන්නන්හට නොව
ආදරය කරන්නන්හට෴
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.
-කතන්දරකාරයා
ප/ලි:
මගේ මිතුරෙක් මට ඊයක් එවලා තිබුණා මං කතන්දර මාතෘකාවේ සිංහල පදය ඉංගිරිසියට පරිවර්තනය කරන විදිය හරි නෑ කියලා.
මං පොරට කියලා යැව්වා, ඒ සේරම (මාතෘකාවේ දෙකොටසමයි, කතන්දරයයි, ප/ලියයි) කතන්දරයේම කොටස් බව!
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://www.themattefinish.com/blog/tag/too-many-electronics/)
හයිකු මාත්‍රා යෙදෙන්නේ 5 ,7 ,5 ලෙසයි . මාත් ඕක ඉගෙන ගත්තේ අපේ දුගෙන් . අරියවංශ රණවීර මහතා පරිවර්තනය කල පොතක් තිබුන මන් ළඟ . දැන් ළඟ නැහැ . මමත් බොහොම කැමති කලාවක් . මොකක්දෝ ලස්සනක් තියෙනවා ඒ වචන කීපය තුල . දැන් මුණු පොත නිසා කෙටි කවි හරි ජනප්‍රියයි නේද .
ReplyDeleteකවි කෙසේ වෙතත්, ආදරය නම් කෙටියි...ඒක සම්පූර්න ඇත්ත...:(
ReplyDeleteමහා ලොකු කතන්දරයක් වචන කිහිපයක ඔබ්බවන එක නම් ලේසි පාසු නැහැ. ඒ නිසා මන් හයිකු කියවන්න විතරයි කැමති. කශු ගේ හයිකු කවි දෙකත් අපූරුයි !
ReplyDeleteහයිකු කවි ගැන අහල තිබුනට ලොකු දැනුමක් නම් නෑ! ඒ මොනව වුනත් කකාගෙ මේ කවි දෙක නම් ෆට්ට (ඕවා හයිකුද නැද්ද කියන එක වැදගත් නෑ ඕං...)
ReplyDeleteහරිම ලස්සන අර්ථවත් කවි. සැබවින්ම සත්‍ය මේක නේද.
ReplyDeleteදිග කවි වලට වඩා මාත් ප්‍රිය කරන්නේ මේ වගේ කෙටි කවි වලට.. සරළයි. පැහැදිලියි....
කොහොම වෙතත් මරු!~
ReplyDeleteඅගේ ඇති කෙටි පද ඇමුණුම් යාලූ..
ReplyDeleteමාළු මිරිස් එච්චර සැර නැහැ..අමු මිරිස් තරමක් සැරයි..ඒ ත් කොච්චි !!!!
ReplyDeleteහයිකු කවිත් ඒ වගේද මන්දා?
අයියා මේ කවි ටික තව මාසෙකට විතර කලින් දැම්මා නම් කළා කවියේ ලිපි මල්ල අවුස්සලා බලන්න තිබ්බා. ඔය පොත හොයාගන්න තිබ්බා.
ReplyDeleteදැන් නම් ඔය වගේ පොත් ගහන්නේ නෑ. කාලෙකින් කවි පොතක් කළා කවයෙන් එලියට ආවේ නෑ.
මිනි කවි.. මාත් ආසම වැඩක්.. මෙන්න මම කාලෙකට කලින් බුකියෙ ගෲපියකට ලියපු මිනි කවියක් ආදරේ ගැනම තමා..
ReplyDeleteමාගේ ජුලියට්
මම
නමට විතරක්
උඹේ
රෝමියෝ... !!!
මේ කෙටිම කවිය තරගෙකට මගේ යාලුවෙක් ඉදිරිපත් කරපු කවියක්...
ReplyDelete?
!
පොඩි මෑන්ගෙ හා බීට්ල්ගෙ කවිත් මරු...
ReplyDeleteආදරයයි වෛරයයි ළඟින් යන දෙකක් නෙ..
ReplyDeleteමේක දැක්කෙ "නලිනි" ගේ පෝස්ට් එකකට කවුරු "හිත මිතුරු" කියල කෙනෙක් දාපු කොමෙන්ට් එකක...
"ඔබ පිපි මාවතේ
මම එන්නම්
හරකෙක් වී..
ඔබව කන්නම්
වමාර වමාරා.."
@සපතේරු උන්නැහේ,
ReplyDeleteමාර ලස්සන කවි සංකල්පනාවක්නේ. රාමු කරලා තියාගන්ට වටිනවා...:)))
මටත් හොරෙන්
ReplyDeleteමසිත සොරාගත්
වරදට...
මහද සිරගෙයි
දිවි ඇතිතෙක්
බරපතළ සෙනෙහසින්
සිටිය යුතුමය
ඔබ..
කෙටිමදත් මන්ද. මගේ කවියක් නෙමෙයි. අවුරුදු ගානකට ඉස්සෙල්ල ලක්බිමේ තිබ්බෙ.
"ඔබ පිපි මාවතේ
ReplyDeleteමම එන්නම්
හරකෙක් වී..
ඔබව කන්නම්
වමාර වමාරා.."
දවසෙ...අව්රුද්දෙ...දශකයෙ එහෙමත් නැත්තන්....අනේ මන්ද ....හොඳම කවිය.....හෙහ්..හෙහ්..හෙහ්...
තණකොල පෙත්තා
ReplyDeleteපහන් සිළට බැදි පෙමින්
දීප්තියෙන් දැල්වී
මියදුනේය
කලුවර කපාගෙන
ReplyDeleteඑන පාලුව
මා වෙලා ගෙන
ගියා
මෝඩ තණකොල පෙත්තා
ReplyDeleteපහන් සිලට පෙම් බැඳ,
දීප්තියෙන් දැල්වී
මියැදුනේ ඇයි?
කතන්දර කයියට පනදෙන්න වගේ උත්සාහය මේ සාහිත්ය මාසෙ . . . . .කයි පද බඳිද්දි පහ පහ තමයි බඳින්න ඕනෙ . . . . . .
ReplyDeleteහයිකු කවි වල දකින්න ඇති පිටින් පේන්න තියෙන සරල බවෙන් වැහුණු සංකීර්ණ බව කතන්දරගේ කවි දෙකේත් තියෙනවා කියල මට හිතුන. සාහිත්‍ය මාසේ කවි මතක් කලාට බොහොම පින්. ක.සූ. ට මොනවා නැතත් කරන්න තව රස්සාවක් තියනවා වගේ නේද ?
ReplyDeleteහයිකු ම නොවුනත් කෙටියෙන් ලියවුනු අදහසක්.
ReplyDeleteනිල්
මේක කොහොම කවියක්ද කියන්න මන් දංනෙනෑ
ReplyDeleteනිකමට ලියවුනු පද වැලක්
'ආදරය
හිස් කොලයක්
දඩුවමට
කුණුහරුප ලියවුනු "
-වසිලිස්සා-