
සන්දේශ කවිවල ගෑණුන් ගේ රූපය විස්තර කරල තියෙන විදිය දකින කොට තමයි තේරෙන්නේ කවි ලියන අය කොච්චරක් අතිශයෝක්තිය පාවිච්චි කරනවද කියන එක. දන්නවනේ අර තොටගමුවේ ශ්‍රී රාහුල ගේ නිසි පුළුලුකුල රිය සක’යුරු තිසර තන සීන් එක?
ඒ වගේ ජොලි කතා ලියනකොට කරනවාට වඩා වැඩේ කේස් කරල කවි ලියවෙන්නේ කවියෙන් දුක්බර තත්වයක් මවන්න ඕනෑ වුණාමයි.
මං පේරාදෙනියේ ගිහින් දෙවෙනි මාසේ විතර ලියපු මේ කවිය ඒකට හොඳ උදාහරණයක්.
පොඩි ඉච්ඡාභංගත්වයක්, ගෘහකාරක ව්‍යාධිය(*) නිසා ඇතිවෙන හැඟීමක් ඩබල්, ට්‍රිබල් කරල ලියපු ලිවිල්ලක් තමයි මේක.
හෙටානිද්ද පේරා යන්න ඉන්න චතුවත්, පිසාචයාවත්, අනිත් අයවත් බයවෙන්න හේතුවක් නෑ.
එළිමහන් සිරකඳවුරක සිරකරුවන් ගේ ප්‍රකාශය
උදේ පාන්දර සීතල සුළඟින් කුසීත කම දුරලා
ෆයිල් කවර සුරතට හිර කරගෙන
කඳු බැස යන්නෙමු
කම්මල වෙතටා
දෙසුම් හලේ හිරවෙමු පැය හතරක්
නොම තේරෙන බස් සවනෙහි ලා
ලැබෙන ඉසුඹුවේ
ගිලගත යුතුවේ
අමුර්තයෙන් පිරි බත් පත සොබනා
යකඩ තලන්නෙමු
අවට මනින්නෙමු
රූප අඳින්නෙමු
හිරු අවරෙහි ගිලෙනා යාමය තෙක්
දෙපය නගන්නෙමු
වෙහෙස දරාගෙන
කඳු මුදුනෙහි ඇති සිරගෙය වෙතටා
පෝලිමේ ඉඳන් ලබාගත් හෙයින්
උගුරෙන් පහලට යැවේය බත් පිඬ
දිනක් ගෙවී යයි
අඳුර වැලඳ ගමු
කුමක් කරන්නද වෙන ඉතිනා?෴
අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.
-කතන්දරකාරයා
ප/ලි:
(*)ගෘහකාරක ව්‍යාධිය = හෝම් සික්නස්
කොහොමද මගේ බ්‍රැන්ඩ් නිව් වචනේ?
ෂෝයි නේද?
(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)
(image: http://www.abc.net.au/)
සිරාවටම කියනව නම් ,ඔය කවියට උඩින් දාල තිබුන කතාව නැත්තම් "අනේ අපොයි" කියල හිතෙනව..හී
ReplyDelete(පේරා ගිහින් අවුරුද්දක් විතර ඉදල ලියපු කවියකුත් දාන්නකෝ බලන්න...)
කවි ටික ඔක්කොම කියෙව්වා. ලස්සනයි..
ReplyDelete'ගෘහකාරක ව්‍යාධිය'
ReplyDeleteඑළ එළ..........
කවි කියව්වා.....හොදාය්....
ReplyDelete"ගෘහකාරක ව්‍යාධිය" ලොහ් ලොහ් ලොහ්....කසු ඕකට පේටන්ට් හරි මොකක් හරි ගත්තොත් නරකද සේරටම කලින්?
ReplyDeleteකවිය නම් හොඳට හිතට දැනෙනවා. මට මතකයි classical mechanics උගන්නපු දවස. සිරාවටම මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
ReplyDeleteකසු ඕකට lecture theatre එකේ නින්ද යන එකත් include කරා නම් තවත් පට්ට.
ගෘහකාරක ව්‍යාධිය ඇති කරන්නෙ ගෙවල යකාලු
ReplyDeleteමෙව්වා ලියන කාලෙ බෙහෙතකටවත් චීත්ත තිබ්බෙ නැද්ද අප්පා පේරා වල???
ReplyDeleteඅතිශයෝක්තිය නැත්නම් කවි වල කිසි ගතියක් නෑ වගේ ..අප්පා.
ReplyDeleteBrand New වචනේ..නම් සිරා.....
ගෘහ කාරක ව්‍යාධිය ..නම් නියම වචනයක් . උඩ තියෙන පින්තුරේ නාසි කඳවුරක් වගේ. අප්පේ පේරා යන්න ඉන්න ය බය වෙන්නත් පුළුවන් අර කිව්වා වගේ . පිරිමි ළමයින්ට ඔහොම ගෘහකාරක ව්‍යාධිය නම් ගැහැණු ළමයින්ට කොහොම වෙන්න ඇද්ද
ReplyDeleteපොඩි අපිට මේව සැර වැඩිද මන්ද......
ReplyDeleteකෝ ඉතින් දැන් දාන්නකො අවුරුද්දක් විතර ගිහිල්ල ලියපු එකක්.
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
සෙනසුරාදා දවසේ කාලයෙන් වැඩි හරියක් , ඒකියන්නේ පැය දාසයක් ම, නිදා ගත්තා.
ඇඟට තියෙන්නේ මාර සනීපයක්.
හෙට සන්ඩේ ස්පැෂල් එකෙන් හමුවෙමු.
@ චතූ
ReplyDelete@ පිසාචයා
පේරාදෙනියේ යන්න අමුඩේ ගහන් බලන් ඉන්න චතූ ට සහ පිසාචයාට කියන්න තියෙන්නේ පේරාදෙනියේ ගිහින් අවුරුද්දක් ගිහින් ලියපු ඒවා බලන්න තව මාසයක් විතර යයි කියලායි.
ඉගන ගන්නවාට වඩා කැම්පස් එකේදී කවි ලියලා නම් තියනව බව පේනවා .
ReplyDeleteලියන්ඩමද ඔබ උපන්නේ ?
සමාවෙන්න, ගෘහකාරක ව්‍යාධිය කියන වචනෙ හෝම් සික්නස් වලට ගැලපෙන්නෙ නැහැ. ගෘහ කාරක කියන්නේ ගේ හදන එකා හෙවත් වඩුවායි.
ReplyDelete"අනේක ජාති සංසාරං .......
ගහකාරක දිට්ඨෝසි
ගාථාව බලන්න.
-ට්‍රැෆික් ඇනෝ
@ ට්‍රැෆික් ඇනෝ
ReplyDeleteබලාගෙන යන කොට මේ ට්‍රැෆික් ඇනෝ නොදන්න දෙයක් නෑ, එළකිරි පොරක් නේ?
මං ගෘහකාරක කිව්වේ ගෘහය කරණ කොට ගෙන කියන එකටයි. නමුත් මට දැන් පේන විදියට ගෘහකාරක කියන්නේ ගෘහය ඇතිකරවන කියන එකයි. හරියට රෝගකාරක වගේ.
ඇනෝ ගේ උදාහරණයේ වැරද්දක් සහ නිවරදි දැයි නොදන්නා උපකල්පනයක් තියෙනවා. උපකල්ඵනය තමයි පාලි ව්‍යාකරණ සහ සිංහල ව්‍යාකරණ සමානය කියන එක. වැරුද්ද තමයි ගෘහය හදන්නේ වඩුවාය කීම, ඒක සබ්ජෙක්ටිව්, ලී ගෙයක් නම් විතරයි හරි.
ගෘහය පිළිබඳ ඇතිවන රෝගය හෝ ගෘහය කරණකොට ගෙන ඇතිවන රෝගය යන්නට ඛෙටි වචනයක් තමයි ඕනෑ.
ගෙදරට බැඳීම නිසා යන තේරුම දෙන්න ගෘහ බන්ධක ව්‍යාධිය කියලාවත් දාමුද?
මේ වෙන ඇනෝ කෙනෙක් ඈ...
ReplyDeleteකොහොමද ගෘහාබාධිත ව්‍යාධිය කිව්වොත්...
ඉංජොන්ට ඔහොම නම්
ReplyDeleteමෙඩ්ඩොන්ට
#මිනී කපන්නෙමු
කෑලි බලන්නෙමු
ඒව අදින්නෙමු
හිරු අවරෙහි ගිලෙනා යාමය තෙක්#