Sunday, 18 September 2011

ප්‍රීති සහ සැලසුම් කිරීම - Proper planning Vs Premature ejaculation


"ප්‍රීති" කියන කොණ්ඩම් වර්ගය ගැන දැන්වීමක තිබිලා තමයි මං ජීවිතේ මුලින්ම සැලසුම් කිරීම කියන අමාරු වචනේ දැක්කේ.

ඒ දැන්වීම් පවුල් සංවිධාන සංගමයේ වැඩක්.

ඉතිං අපිට හිතුනේ සැලසුම් කරනවාය කියන්නේ ප්‍රමාණය කුඩා කරනවා (අපි දෙන්නයි, දරු දෙන්නයි) සහ දරුවන් දෙන්නා අතර පරතරය දික්කර ගන්නවා වගේ දෙයක් කියලයි.

මං හිතන්නේ ඒ දවස්වල ඉඳලාම තිබුණු ආණ්ඩුවලටත් හිතිලා නෑ, ලොකු ලොකු දේවල් පවා සැලසුම් කරන්න පුළුවන්ය කියන එක.

මං සිකුරාදා පල කරපු මුදළාලි ගේ මෝඩ පුතා කතන්දරේ දේශපාලන විවාදයකට පොඩ්ඩක් පෙරළුනා. මට ඒකට සහභාගීවෙන්න ඉඩ ලැබුනේ නැති නිසා ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් විදියට මගේ මතය ලියලා දාන්නයි හිතුවේ. ඒත් ඒ ලිපිය බාගෙට ලියාගෙන යන කොට ඊට කලින් ලියන්න ඕනෑ මේ අතුරු මාතෘකාව හිතට ආවා.

මට හිතෙන විදියට, සැලසුම් කිරීම, ක්‍රම සම්පාදනය, සැලසුම් ක්‍රියාත්මක කිරීම වගේ බර නම් තියෙන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු තිබුණත් තාමත් රටේ හරි හැටි ජාතික මට්ටමේ සැලසුම් කිරීමක් සිදුවෙන්නේ නෑ. විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර සහ නිවාස සම්බන්ධයෙන්. මං මේ කියන්නේ එදිනෙදා වේල කාලා, ඉස්කෝලේ ගිහින්, සිස්සස්සේ පාස් වෙලා, තුවාලෙට බේත් ටිකක් දාගන්න සැලසුම් ගැන නෙමේ.

ඊට වඩා බරපතල ලොකු සයිස් ඒවා ගැන.

මෙන්න උදාහරණයක්: "විශ්ව විද්‍යාලයට හිහින් ඉගෙන ගෙන උපාධියක් ගන්න අවශ්‍ය හැමෝටම ඒ සඳහා ඉඩ කඩ ලබා දීම"

දැන් ඕක මේ හෙට හවසට කරන්න පුළුවන් එකක් නෙමෙයි කාලයක් යන එකක්. ක්‍රියාත්මක කරන්න නෙමේ, සැලසුම් කරන්නම අවුරුදු ගාණක් යන්න ඉඩ තියෙනවා.

නමුත් අපේ අයියලාට ඕනෑ, අද දළු හිටවලා, හෙට බතල කන්නයි. නමුත් බතල බහින්න මාස තුනක් යනවා, මයියොක්කා නම් මාස හයයි.

අද ඉඳලා හැමදාම දවසට එක ගානේ වලවල් හාරලා මයියොක්කා දඬු දෙක ගානේ ඒ එක වලක හිටෙව්වොත් තව මාස හයක ඉඳලා හැමදාම මයියොක්කා කන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ අද ඉඳලා එහෙම මයියොක්කා හිටවනවාය කියලා නිකං කයිය දුන්නට වැඩක් නෑ. මයියොක්කා දඬු සප්ලයි චේන් එකක් හදන්න ඕනෑ.

ඊලඟට මාස හයකට පස්සේ අපිට පුළුවන් අපේම දඬු හිටවන්න.

අපේ අතිරික්ත දඩු සහ අස්වැන්න ගබඩා කරන්න, ප්‍රවාහනය කරන්න, කල් තියාගන්න යනාදී ඉදිරි සැලසුම් කරන්නත් ඕනෑ.

එහෙම නැතුව "කඤ්ඤං මඤ්ඤොක්කා!" කියල නිකං කෙල ගිල ගිල හිටියට වැඩේ කෙරෙන්නේ නෑ.

මගේ මේ පොලිටිකල් ලිපියේ කතන්දරේ මේකයි.

මතකද මීට අවුරුදු තුන හතරකට කලින් වගේ එකපාරටම ආණ්ඩුවේ ඉස්කෝලවල ඉංගිරිසියෙන් උගන්නන්න ඕනෑය කියලා තීරණය කරලා, ඒක ක්‍රියාත්මක කළා?

මට නං හිතෙන විදියට අපිට ඕනෑ ඉංගිරිසි හොඳින් ඉගෙන ගන්න මිස ඉංගිරිසියෙන් ඉගෙන ගන්න නෙමෙයි. නමුත් ඒක වෙනම මාතෘකාවක්.

මේ තීරණය ගත්තු අය නොහිතපු එකක් තමයි කෝ මේ සඳහා අවශ්‍ය සම්පත් කියලා? ඉංගිරිසියෙන් උගන්නන්න, ඒ සඳහා පුහුණු ගුරුවරු ඕනෑ. අවශ්‍ය පරිදි ගුරුවරු පුහුණු කරන්න ඕනෑ. ඒකට මඤ්ඤොක්කා බහින්න යනවාට වඩා වැඩි කාලයක් යනවා.

ඉස්සෙල්ලාම කරන්න තිබුණේ, ඒ ඒ විෂයන් උගන්වන ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලාවක් පටන් ගන්න. ඒ විදියට අවශ්‍ය පිරිස් සම්පත් හදාගත්තට පස්සේ ඉංගිරිසියෙන් උගන්වන්න පටන් ගන්න.

නමුත් සිද්ධ වුනේ ඒක නෙමෙයි. අද හිතුවා, හෙට පටන් ගත්තා.

ඔන්න අපි දන්න දරුවෙක් පහේ සිස්සස්සෙන් යන්තං වගේ පාස් වුනත්, නගරයේ හොඳම ඉස්කෝලේ ලැබුනේ නෑ. පස්සේ ඉස්කෝලෙන් දැන්නුවා, ඉංගිරිසි මාධ්‍ය පන්තියේ නම් ඉඩ තියෙනවා කියලා. ඉතිං මේ ළමයා ඒ පන්තියට ගියා.

පටන් ගන්න කාලෙත් ඉංගිරිසියෙන් ඉගැන්වුනේ විෂයන් හතරයි ලු. පස්සේ ගුරුවරු නැතුව ඒකත් දෙකට බැස්සා කියලයි මට ආරංචි වුනේ.

ඔන්න අපේ වැඩ!

ප්‍රීති මගින් සැලසුම කෙසේ වෙතත් ක්‍ෂණික මෝචනය!

-කතන්දරකාරයා

ප/ලි
මං මේ බ්ලොග් එක පටන් ගන්න මුල්ම පෝස්ට් එක දැම්මේ මුලින් කතන්දර දහතුනක් ම ලියලා, තව විස්සක් විතර සැලසුම් කරලා ඉවරවෙලායි. මං හිතුවා කතන්දර දහතුනක් තියෙන නිසා සතියකට එක ගානේ දාලා මට මාස තුනක් සුරැකෙන්න පුළුවන් නේද කියලා.

ඔය උඩ පින්තූරේ බැලුවොත් පෙනෙයි, මගේ ඉදිරි සැලසුමෙන් කොටසක්.

ඔන්නං මේකත් බලන්න:
වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුවට මාස හයක් පිරෙයි

12 comments:

  1. ක්ෂණික මෝචනය වගේම, අප්‍රාණිකත්වය (සැලසුමම පමණයි, ක්‍රියාත්මක වීමක් නැත), හෙට දක්වා ප්‍රමාද කිරීම (බාලගිරි දෝෂය) ආදී බොහෝ දේවල් ලංකාවේ ව්‍යාපෘති සැලසුම් වල තියෙනවා.

    උදාහරණයක් වල් අලි ප්‍රශ්නය. කවදාවත් ස්ථීර විසඳුමක් නැහැ උග්‍ර කර ගන්නවා මිසක්.අලි ඇතුන් මිනිසුනුත්, මිනිසුන් අලි ඇතුනුත් එකිනෙකා මරා ගන්නවා. කැලෑ වල අලි පැටවුන් පැහැර ගන්නවා වගක නැහැ. ඒත් ඇමතිට ලොකු ප්‍රශ්නයක් වුනා, කැලේ ඉන්න අලි "වල් අලි" ලෙස හැඳින්වීම, එහෙම කියන්න එපාලු. "වන අලි" කියන්නලු.

    ReplyDelete
  2. "ක්ෂණික මෝචනය වගේම, අප්‍රාණිකත්වය (සැලසුමම පමණයි, ක්‍රියාත්මක වීමක් නැත), හෙට දක්වා ප්‍රමාද කිරීම (බාලගිරි දෝෂය) ආදී බොහෝ දේවල් ලංකාවේ ව්‍යාපෘති සැලසුම් වල තියෙනවා".... +++

    ReplyDelete
  3. කතාව නම් සහතික ඇත්ත කකා... අපි දන්න කාලේ කිසිම ආණ්ඩුවකින් සැලසුමකට අනුව වැඩක් කලේම නෑ! අදටත් එහෙමයි....

    ඔය නිසාමනේ 'වරායක් හැදුවා' කියන ඉතාම හොඳ වැඩේ කරලා, ඊට පස්සේ ඒක පතුලේ තියෙන ගල අයින් කරගන්න බැරුව වැඩේ නා ගන්නේ! සැලසුමකට කලා නම්, ශක්‍යතා වාර්තාවේ අනිවා තියෙන්න ඕන ඔය ගල කලින් අයින් කරන්න එපැයි...

    තව මරු වැඩක් තියෙනවා... දැන් මේ දවස්වල හැමතැනම පාරවල් කාපට් කරනවනේ... අනේ ඉතිං RDA එකෙන් ලස්සනට කාපට් එක දාල ගිහින් සතියක් යනකොට Water Board එකෙන් ඇවිත් හාරගෙන හාරගෙන යනවා!!! ආයෙ කවදාවත් ඒ පාර තිබුන තත්වයට හදන්න බෑ...

    අධ්‍යාපනේ ගැනත් ඕකම තමා... මම කලින් සටහනක
    , රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරලා පුද්ගලික අංශයෙන් එන තරඟකාරීත්වයට මුහුණදෙන්න සුදානම් කරන්නෙ නැතුව පුද්ගලික විශ්වවිද්‍යාලවලට දොර ඇරියම වෙන වින්නැහිය ගැන ලිව්ව නිසා ආයෙ කියන්න යන්නෙ නෑ!

    ReplyDelete
  4. අපේ රටේ ඔය කියන සැලසුම් කිරීම්වල ප්‍රතිඵල ප්‍රීතිය කෙලවරින් හිල්කලා වගේ තමයි . . . .

    ReplyDelete
  5. සැලසුම් කිරීමට ලස්සන උදාහරණයක් අද පින්තූරෙන්ම පෙන්නල දීල තියෙනවා.හැබැයි සමහර සැලසුම් වේලාසන ප්‍රකාශයට පත් කරන්නත් හොඳ නැහැ.
    සැලසුම් කිරීම, සංවිධානය,මෙහෙයවීම සහ පාලනය කියන්නේ කළමණාකරණයේ කොටස් උනාට දේශපාලඥයෝ කළමණාකරණය ගැන මුකුත්ම දන්නෙ නැතිව ඇති.

    සිංහරාජය මැද්දෑවෙන් පාරක් හාරන් ගිහින් , හදිසියේම ඒක නවත්තල , තහනම් නියෝග දාලා තියෙන්නේ හරියට ඒ සිංහරාජය කියල නොදැන පාර කපන්න පටන් ගත්ත වගේ නෙව.

    ඉතින් තවත් මොන සැලසුම් ද ?

    ReplyDelete
  6. ඔය සැලසුම් වල තියෙන තවත් වැරදි තියෙනව කියල මට හිතෙනවා... සැලසුමට ප්‍රීති විතරක් නෙවෙයිනෙ තව තව ක්‍රම පාවිච්චි කරනව වගේ හැම ක්‍රමමේම අත්හදා බලන්න ඕනෙ... හරි ක්‍රමේ තෝරගන්න ඕනෙ...

    දැං මඤ්ඤොක්කා බුරුල් පසෙයි කාස්ටක පොලවෙයි හිටෙවුවාම බුරුල් පසේ පට ගාල අල බහිනවා... ප්‍රීතියෙන් නැතුව ඔය ඔය වෙන පවුල් සැලසුම් ක්‍රම වලට ගියාම ඒගැන හොද දැනුවත් වීමක් හා අවබෝදයකුත් ඕනෙ.. චක්කරෙන් පිට පැනල තිබුනොත් බඩුම තමයි...

    අන්න ඒවගේ ඔය සැලසුම් ක්‍රියාත්මක කරනකොට ඒ ඒ ක්‍රම ගැන හරියට දැනුවත් වෙන්නත් ඕනෙ ගොඩ වෙද්දුන්ගෙන් අහගන්නෙ නැතුව

    ReplyDelete
  7. දැන් රාජ්ය ආයතන හැම එකකම අනිවාර්යයෙන් ඉදිරි අවුරුදු පහට සැළසුමක් හදනවා. ඒ විතරක් නෙවෙයි, සාමූහික සැළැස්මක් සකස් කරලා දර්ශනය, මෙහෙවර ප්ර්කාශය අරව මේව සේරම ඉදිරිපත් කරන්න ඕනෑ. ඉතින් ඒවට මිලියන් ගානක් වියදම් කරනවා. දර්ශනේ දාලා සැලසුම පොතේ ලියාගන තැනේ හැටියට ඇනේ ගහගෙන ජීවත් වෙනවා.
    සැළසුමක් නැතුව ඉන්න එකද වඩා හොඳ, නැත්නම් සැළසුමක් හදල ඒක අමතක කරල වැඩ කරන එකද?
    මේ ගැන ප්රසිද්ධ කියමනක් තියෙනවනෙ.
    "සැළසුම් කිරීමට අසමත් වන්නා අසමත් වීමට සැළසුම් කරයි."
    තව වචන කීපයක්:
    මුදලාලිගෙ මෝඩ පුතාට උපාධියක් ගන්න පුළුවන් වුනාට කමක් නැහැ, ඒක ඇත්තටම උපාධියක් වෙනවනං. ඒත් කවුද සහතික කරන්නෙ ඒ දෙන උපාධියේ තත්වය ගැන. තත්ව සහතිකය දීම නාට්යත අනුමණ්ඩලේ වගේ එකකින් කරන්න පටන් ගත්තම වැඩේ අපූරුවට තියෙයි. නැත්තං, සොක්ර්ටීස්ලගේ කාලේ සිට ලෝකෙ තිබුනෙ පෞද්ගලික විශ්ව විද්යාල තමයි.
    පෞද්ගලික කියන වචනෙත් එක්ක මුදලට ගැති වීම හා මුදල් සඳහා ඕනෑම පාහර වැඩක් කිරීම කියන දුර්ගුණාංගයන් බද්ධ වීමයි ප්රශ්නය වෙලා තියෙන්නෙ. ආණ්ඩු කියල ජාතියක් මිනිස්සු පත් කර ගන්නෙ ඔය වගේ ප්රශ්න වලට උත්තර හොයන්නයි.
    ට්රැෆික් ඇනෝ

    ReplyDelete
  8. ප්රැහේලිකාවත් ආදරය සහ ජීවිතයත් මරේ මරු
    ට්රැෆික්

    මේ මගුලෙ දැන් සිංහල ටයිප්වෙන්නෙ නෑ

    ReplyDelete
  9. හරියට හරි කතාව.
    අපටත් ඉස්කෝලේ ඉදන් හොද ඉංග්‍රිසි අධ්‍යාපනයක් දුන්නා නම් කැම්පස් එකේ ඉගෙන ගන්න හෙනම ලේසි වෙනවා.

    ReplyDelete
  10. @ All
    මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතනදරේට ප්‍රතිචාර දැක්වූ ඔබට ස්තුතියි.

    සඳුදා, බදාදා සහ සිතුරාදා කතන්දරවලිනුත්, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කයි-කතන්දරවලිනුත් යලි හමුවෙමු.

    ඒවායේ නම් ගම් උඩ තියෙන පින්තූරේ තියෙනවානේ.

    හැබැයි මං අවශ්‍ය පරිදි වෙනස්කරන්ණත් ඉඩ තියෙනවා. සැලසුම් කිරිමේම කොටසක් තමයි, අවශ්‍ය පරිදි සැසසුම් පුනරීක්‍ෂණය කර නැවත සැකසීම.

    ReplyDelete
  11. කතන්දරෙය්, කොමෙන්ට් ටිකය් කියෝල ගහන්නං හොඳ ප්ලෑන් එකක් කියල හිතා ගත්ත....හුහ්...

    ReplyDelete
  12. planes are like condoms, before apply lovely but after ugly!!!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.