Wednesday, 14 September 2011

රෂ්මි ලියන "ඊසි-පීසි" නවල් එක - Rashmi Kurukulasooriya's easy way to write a novel


රෂ්මි කුරුකුලසූරිය කියන්නේ මගේ හිතවතෙක්. පොර ඉතිං ඔය කයියට, කලාවට හිතැති, හිත හොඳ පොරක් කියලා හඳුන්වන්න පුළුවන්.

ඔන්න දවසක් රෂ්මි ගෙන් මට කෝල් එකක් ආවා.

"හලෝ! කතන්දර මං මේ කතා කරන්නේ පොඩි උදව්වක් ඉල්ලන්නයි."

"මොකක්ද රෂ්මි?"

"මං නවල් එකක් ලියන්න පටන් ගත්තා. දැන් තරමක් ලියල ඉවරයි. ඒකට කතන්දරගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනෑ වෙලා තියෙනවා."

"නවල් එකක් ලියනවා! මරුනේ රෂ්මි. ඒත් ඉතිං මගෙන් මොනවද ගන්න තියෙන උපදෙස්? මං නවල්ස් ලියලා නෑනේ."

ඇත්තම කියනව නං මං මේ කියන කාලේ කතන්දර බ්ලොග් එකවත් පටන් අරන් තිබුනේ නෑ. කවියක් දෙකක් නං ලියල තිබුණා.

"එහෙම කියන්න එපා කතන්දර. ඔයාට ලිවීම ගැන හොඳ හැකියාවක් තියෙන බව මට තේරිලා තියෙනවා. මේ උදව්ව මට කරන්න, බෑයි නොකියා."

"රෂ්මිට පුළුවන් උදව්වක් නොකර ඉන්න හේතුවක් නෑනේ. මං නවල්ස් ලියලා නැති වුණාට පොඩි කාලේ ඉඳලා නවල්ස් කියෝලා තියෙනවා. රසිකයෙක් විදියට මගේ අදහස් දෙන්නංකෝ."

"හොඳයි එහෙනං අපි හමුවෙලා කතාකරමු."

"හොඳයි, එහෙනං මේ ඉරිදා හවස වගේ අපේ ගෙදර එන්න."

"තැන්කියු, චෙරියෝ, ටටා, බායි."

"චෙරියෝ, ටටා, බායි."

මට මාර ජොලි මේ වැඩේට. මා වැනි බිළින්දා කිව්වලු!

ඔන්න ඉරිදා හවස හතරට විතර රෂ්මි කරුකුලසූරිය අපේ ගෙදර ආවා. අපි දෙන්නා සාලෙට වෙලා තේ බිබී කතාකරන්න පටන් ගත්තා.

මෙහෙමයි කතන්දර මේ මං ලියාගෙන යන නවල් එකේ කතාව යන්නේ. රෂ්මි කියන් පටන් ගත්තා.

     "ඔන්න එක ජෝඩුවකට, ලොකු මහත් වෙච්ච පුතාලා දෙන්නෙකුයි, දුවෙකුයි ඉන්නවා. දරුවෝ හොඳට ඉගෙන ගෙන රැකියාකරන අය. තුන් දෙනාම ඉන්නේ ගෙදරින් පිට. පුතෙකුයි, දුවෙකුයි බැඳලා, ළමයිනුත් ඉන්නවා. බාල පුතා විතරක් තනිකඩයා.

දරුවන්ට හොඳට උගන්වන්න සල්ලි වියදම් කළ හින්දා මේ ජෝඩුව ඉන්නේ කුලී ගෙයකයි.

මේ දවස්වල මේ තාත්තා පැන්ෂන් යනවා. ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක අරගෙන දරුවන්ට බෙදලා දෙනවා. ඉන් පස්සේ නාකි ජෝඩුව ප්ලෑන් කරන්නේ කාලෙන් කාලෙට දරුවන් ගේ ගෙවල්වල ඉන්නයි.

නමුත් දරුවෝ එක්ට මුළුමණින්ම කැමති වෙන්නේ නෑ. ගෙවල්වල ඉඩකඩ ප්‍රශ්ණ, වයිෆ් ලා ගේ, හබී ලා ගේ ප්‍රශ්ණ නිසා. අන්තිමේ දී ජෝඩුවට කැමති වෙන්න වෙනවා, වෙන් වෙලා අම්මා බැඳපු පුතාගේ ගෙදරයි, තාත්තා දුවගේ ගෙදරයි ජීවත්වෙන්නේ.

වෙන්වෙලා ඉන්න එක විතරක් නෙමේ, ඉන්න ගෙවල්වලදීත් දෙන්නටම හරියට ප්‍රශ්ණවලට මුහුණ දෙන්න වෙනවා.

දුවගේ ගෙදර ඉන්න තාත්තට එතන මුල් තැන නෑ, බෑනා ඉන්න නිසා.

පුතාගේ ගෙදර ඉන්න අම්මා තමන් ගේ තරුණ වයසේ ඉන්න මිණිබිරී ගේ හැසිරීම ගැන ප්‍රශ්ණ කරනවා. ඒ ළමයා යුනිවසිටි ඉඳලා මහ රෑ වෙලයි ගෙදර එන්නේ. ඒ ගැන කතා කෙරුවයි කියලා පුතායි දූයි අම්මාට බණිනවා.

ඔන්න එක දවසක් මේ මිනිපිරී යනවා පාටියකට. මෙතන පොඩි මත්කුඩු සීන් එකක් තියෙනවා. ඒ අතරේ, මිණිපිරීව එතන හිටපු මදාවියෙක් දූෂණය කරන්න යනවා. මිණිපිරී ගැන තියෙන ආදරේ නිසා, එයා ගැන සෝදිසි කරන්න ආපු ආච්චි අම්මා නිසයි එයා බේරෙන්නේ.

මෙතන ඉඳන් මිණිපිරී, ආච්චීට හරි ආදරෙයි...
"

රෂ්මි කුරුකුලසූරිය තමන් ලියාගෙ යන නවකතාවේ ස්ටෝරි ලයින් එක මට කියාගෙන, කියාගෙන යනවා. මගෙන් උපදෙස් ගන්න නේ ආවේ. ඊට කලින් ඉතිං ප්‍රශ්ණය විස්තර කරන්න ඕනි නේ!

"ඉතිං රෂ්මි, මගෙන් ඕනෑ, මොන වගේ උපදේශයක්ද?"

"මේකයි කතන්දර, මට දැන් ඕනෑ, මේ ආච්චියි මිණිපිරියි, පවුලේ ප්‍රශ්ණය විසඳන හැටි ගැන චැප්ටර් එකක් ලියන්නයි. ඒක තමයි මට ටිකක් පැටලෙන්නේ. නිකං රයිටර්ස් බ්ලොක් එකක් වගේ."

"රෂ්මි, ඔයා බලලා තියෙනවද, භාග්-බාන් කියන හින්දි චිත්‍රපටිය?"

"ම්හ්, මං හින්දි චිත්‍රපටි නිතරම බලනවා. දැන් සිය ගාණක් බලල ඇති පහුගිය අවුරුදු තුන හතරේ විතරක්. නම කිව්වට මතක් වෙන්නේ නෑ."

"අර අමිතාභ් බච්චනුයි, ජයා බහදූරියි ඉන්නේ වයසක කපල් එකකට, අන්න ඒක?"

"ඔව් මං හිතන්නේ ඒක බලලා තියෙනවා."

"ඉතිං, දැන් ඔයා මට කිව්ව කතාව භාග්-බාන් එකේ කතාවනේ. ඉතුරු හරියත් ඒකේම ඇති!"

අපි දෙන්නගේ ඒ කතාබහ එදා එතනින් අවසාන වුණා.

ටිකක් රෑ බෝ වෙලා තිබුණු නිසා රෂ්මි කුරුකුලසූරිය මාත් එක්ක මුලින් පොඩ්ඩක් මුද්‍රික පානයකින් සළු වෙලා, පස්සේ හාමිනේ හදපු සියයක් රස නහර පිනා යන, චිකන් විත් සෝයි සෝස්, ටෙම්පර්ඩ් බ්‍රොකොලී, බීන්ස් විත් පීනට්ස් රසමසවුළු සහ මං හදලා තිබුණු "පරිප්පු තෙල් දාලා" එක්ක බත් කාලා හෙම තමයි ගෙදර ගියේ.

-කතන්දරකාරයා

ප/ලි:
එදා රෂ්මි කුරුකුලසූරිය ගේ ඒ විදියට හැසිරුණේ ඇයි මට මුලින් නම් හිතාගන්නම බැරුවයි හිටියේ.

ඒත් එක දවසක් ඉංගිරිසි චිත්‍රපටියක් බලන වෙලේ වැඩේ ටක් ගාලා ක්ලික් වුණා!

ඒ චිත්‍රපටියේ තිබුණා එක පොරක් තව කෙනෙකුගේ හොඳ හිත දිනාගන්න, මේ දෙවෙනි පොරගෙන් නිකං බොරු දේවල් ගැන උපදෙස් අරගෙන මෑන්ස්ව නග්ගලා තියනවා මුරුංගා අත්තේ.

මං හිතන්නේ රශ්මි කුරුකුලසූරිය භාග්-බාන් හින්දි චිත්‍රපටිය විතරක් නෙමෙයි මේ කියන ඉංගිරිසි චිත්‍රපටියත් බලලා තියෙනවා වගේ!

(image: http://www.planetbollywood.com/Film/Baghban/)

25 comments:

  1. පොඩ්ඩක් අනුමත වෙලත් හිටිය නං ගෙදර යන්න පිටත් වුනාට පස්සේ පොලිසියට කෝල් එකක් දීල, කාර් එකේ නොම්මරේ දුන්න නං හරි.....ඒත් ඒ වෙනකොට පොර ඇට් කොරපු පාර්ට් එක ක්ලික් වෙලා තීබුන් නැහැ කිව්වනෙ.
    කුරුකුලසූරිය, ඇත්ත නම නෙමේ වෙන්නැති නේද? නැත්තන් අර ප්‍රසිද්ධ නිලියන්ගෙ නෑදෑයෙක්ද?

    ReplyDelete
  2. ඔයාගේ ඔය යාලුවා බ්ලොග් කියවන කෙනෙක් නෙමේ වෙන්ට ඇතිනේද?:D

    ReplyDelete
  3. කොහොමද මුරුංගා අත්ත උඩදි දැනෙන සනීපෙ! :D

    ReplyDelete
  4. මුරුංග ඇත්තේ නග්ගල නොමිලේ රාත්‍රී බෝජනයකින් සප්පායම් වෙලා යද්දී රශ්මි මහත්තය (?) ට හිතිච්ච දේවල් කොහොම ඇද්ද . ඔන්න මේ සිද්ධිය ම මදැයි කෙටිකතාවකට

    ReplyDelete
  5. දැං ඉතිං ​පොර නවකතාව පල කලාද?

    ReplyDelete
  6. හික් හික්... මටත් නවකතාවෙ මුල හරියෙ විස්තරේ අහනකොටම මතකෙට ආවෙ හින්දි චිත්‍රපටියක් තමා!

    ඇත්තටම රෂ්මි කකාගෙ හිතවතෙක් නම්, මොකටද ආයෙ මුරුංගා අත්තෙ තියලා හිතවත් වෙන්න ට්‍රයි කරන්නෙ කියන එක මට තේරුනේ නෑ...

    ReplyDelete
  7. සමහර වෙලාවට මිනිස්සු කරන කියන ඒව අපිට තේරුම් ගන්න අමාරුයි. ඔයා හිතන එක නෙමේ වෙන්නැති ඇත්ත සමහරවිට...

    ReplyDelete
  8. ඔය හම්බ වෙලා තියෙන්නෙ පළවෙනියටම උපදෙසක් , ඉතිං කුරුකුලසූරියට මොකටද කතන්දර අයියගෙ හොඳ හිත, නොහොඳ වෙලාද තිබුණෙ?

    ReplyDelete
  9. මට තියෙන ප්‍රශ්නෙ මේ පෝස්ට් එක ලිව්වෙ කතන්දරද කියන එක?

    ReplyDelete
  10. පොරගෙ වැඩේ යම්තාක් දුරකට වෙලානෙ... නොමිලේම අනුමත වෙලා රෑට කෑම කාලත්නෙ ගියෙ...

    ReplyDelete
  11. කතන්දර මාම රිටන් එක ගානට දුන්නට ටිකක් ටැපලිලා වගේ... ඒකෙ හිටියෙ අමිතාබ් බච්චනුයි , හේමාමාලිනීයි..

    ඕව නම් මොනවද කතන්දර මාමෙ... මම අහගෙනයි උදයකාන්ත වර්ණසූරිය මහත්තය ආසයි මන් පියාඹන්න ෆිල්ම් එක හැදුවෙ එයාගෙ හිතේ පහලවුන කතාවක් දාල කියල... අපරාදෙ මනුස්සයගෙ මහන්සිය... කාලෙකට කලින් තිබ්බ තාල් හින්දි ෆිල්ම් එක ගෙන්නල පෙන්නුව නම් මනුස්සයට ඔච්චර මහන්සි නොවී තමන්ගෙ හිතේ පහලවුන කතාව පෙන්නන්න තිබුන...

    ReplyDelete
  12. කොපියක් උනත් නිර්මාණාත්මකව කලා නම් ටිකක් හරි හිත හරියාවි. ඒත් මේ අපෙ කට්ටිය ඒකවත් නොකරන එකනෙ දුක !

    ReplyDelete
  13. ඔය විදිහට මුරුංගා අත්තේ තියන්න දක්ශ ඩයල් එකක් අපේ කැම්පස් එකෙත් ඉන්නවා...... මිනිහා පට්ට මීටරේ... ඒ වුනාට ලෙක්චර්ස් වෙලාවට ප්‍රශ්න කෝටියයි... අහනවා අහනවා ඉවරයක් නෑ.... ඉතින් ලෙක්චර්ස්ලට මාර හැපි මූ ගැන... මුගේ උනන්දුව ගැන....ඒ වුනාට ඕකම හරහට යන වෙලාවලුත් තියෙනවා...මොකද මට මතකයි දවසක් මූ හොඳට project එකක් කරපු වෙලාවක ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා

    "ලෙක්චර් එකේදී අහන ගොන් ප්‍රශ්න හැටියට මම කවදාවත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා"

    ReplyDelete
  14. මට නම් කෙල උනනවා, අර රෑට කාපු බත් පත මතක් වෙද්දි.

    ReplyDelete
  15. කතන්දර;

    මං මුලින් හිතුවේ නම මේ රශ්මි කාරයා අර ර. චන්ද්‍රසුරිය, හැරිස් පරකන්දෙනිය, රසිකා පෙරේරා යන කට්ටියගේ පවුලේ කෙනෙක් කියලයි. ඒත් ඒ ගොල්ලන් මේ වගේ වැඩ කොරන එකක් නෑ කියන විශ්වාසය නිසා ඒ අදහස මගදී අයින් වුනා.

    ඕක අනික පැත්තටත් වෙලා තියෙනවා. අර පොරක් ගැහුවේ අපෙන් උස්සපු කොපියක් ලගාන් කියලා. අනේ පස්සේ අපේ එකා ඔරිජිනල් එක සිංහාවලෝකනය කියලා ගැහුවත් කොපියට තමයි වැඩි ප්‍රසිද්ධියක් තිබ්බේ [අදහසේ කොපි රයිටය ටබුවා නොහොත් කතන්දර සතුය හිකිස්‌]

    මාත් ඔය සයි ෆයි එකක් ලියන්න ගත්තනේ. එකේ පළමු චැප්ටරේ ප්රූෆ් රීඩ් කොල අපේ බුවාලා කියාපි, මේක මං ඊට මාසෙකට කලින් කියවපු පොතක ශයිලිය අමු අමුවේ කොපි කිරීමක් බව [ශයිලිය විතරයි හොඳේ]. බැලුවම ඇත්ත. හිතලා කොර දෙයක් නොවේ. මං අනේ ඒ කතාව ලියන එක නැවැත්තුවා.

    අද වෙනකම් ඒකෙන් එකම එක චැප්ටරයක් පමණක් පල කළා ඒ මතයම මට ලියන්න ඕන කරලා තිබ්බ නිසා. ඒකත් කෙටිකතා බ්ලොග් එකේ නොවේ. එව්වා මෙව්වා හිතුනම ලියන [ramblings] බ්ලොග් එකේ.

    ReplyDelete
  16. චිකන් විත් සෝයි සෝස්, ටෙම්පර්ඩ් බ්‍රොකොලී, බීන්ස් විත් පීනට්ස් රසමසවුළු සහ මං හදලා තිබුණු "පරිප්පු තෙල් දාලා"

    ගොනයි මීමයි වගේ නෙමෙයිද?

    ReplyDelete
  17. ඇයි මට හිතෙන්නෙ මේ කතාව කතන්දරගෙ ඉස්සරහට එන වෙන කතාවක පූර්විකාවක් කියල.. බලමු සිකුරාද කතාව.. :D

    ReplyDelete
  18. මොලේ ගොඩක්ම අප්ෂට් පොරක් වෙන්න ඇති. නැත්නම් මේ වගේ එකෙක්ගෙන් උපදෙස් ගන්න ඒවියෑ...

    ReplyDelete
  19. //චිකන් විත් සෝයි සෝස්, ටෙම්පර්ඩ් බ්‍රොකොලී, බීන්ස් විත් පීනට්ස් රසමසවුළු සහ මං හදලා තිබුණු "පරිප්පු තෙල් දාලා"//

    මොනාද බොලේ මේ කෑම මම අහලා තියෙන්නේ චිකන් පරිප්පු සහ මුරුංගා ගැන විතරයි . අනික් කෑම වර්ග නම් අහලා වත් නෑ .

    අප්පා දැන් කකාගෙන් උපදෙසක් ගන්නත් බයයි ඇයි බොලේ මුරුංගා අතුවල තිබ්බා කියලා කියයි නේ ! (කකා ලඟ නැමුවා එහෙනම් ඈ)

    ReplyDelete
  20. ඕකනේ මම හින්දි ෆිල්ම් බලන්නෙ නැත්තේ.....! අර ලංකාවෙ ශාස්ත්‍රීය සංගීතයට භාරතීය ආභාෂේ බල පෑව වගේ අපි ලියන බ්ලොග් වලට ඉන්දියන් සයිස්එකක් ආවොත් එහෙම ඉඳල වැඩක් නෑ නේද ?

    අර කසුත් කසුත් එක්ක මුලින් "තේ බිබී" හිටපු රෂ්මි එක පාරටම කන්න කලියෙන් එක පාරටම "මුද්‍රිකව" සළු උනේ කොහොමද ? කසු අර හින්දි ෆිල්ම් එම ගැන කිව්වහම මට "තේ" එපා "මුද්‍රික" ටිකක් ගෙනෙන් කිව්වද ? හෆොයි..!

    ReplyDelete
  21. උඹටත් සද්දේ වහගෙන අර ෆිල්ම් එකේ වඩ ගොඩ දාගත්තු විදිහ කියන්න තිබ්බා . . . පස්සේ වෙලාවක ෆිල්ම් එකේ කොපියක් දෙන්න තිබ්බා මොකුත් නොදන්න ගානට . . .
    ඉතිං ඔය මනුස්සය තේරුම් ගත්තද උඹට වැඩේ මීටර් උනු බව?

    ReplyDelete
  22. රශ්මි පීචං වෙලා මැරෙනව. :D :D :D

    ReplyDelete
  23. රශ්මි හොඳ දත් දොස්තර කෙනෙක්නෙ...බලන් යනකොට.. ඇහ් !? දත් ගලවනවා කියන කොට මට ඇයි අර අරයව මතක් වෙන්නෙ???

    ReplyDelete
  24. If we are talking about the same film, it was Hema Malini in Baghban, not Jaya Bahaduri :D You got the picture right though :D

    ReplyDelete
  25. මට මැවිල පේනව කතන්දරගෙ යාලුවා ගෙදර යනගමන් . . . . පස්සාපැත්තෙන් හිනා වෙනව . . . .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.