Monday 24 May 2010

ඡායාරූපයක කතන්දරයක්



සිංහල බ්ලොග් අතර කතන්දර බ්ලොග් වගේම කවි බ්ලොග්, ඡායාරූප බ්ලොග් වගේ දේවලුත් තියෙනවානේ.

අද මෙන්න මගෙන් ඡායාරූපයක් මත පදනම් වූ කතන්දරයක්. වෙන වචනවලින් කියනව නං පහුගිය දවස්වල ඊ-මේල් වලින් ආපු ඔය උඩ තියෙන ෆොටෝ එක දැක්කහම මට මෙන්න මේ කතන්දරේ මතක් වුනා.

ඔන්න කාලෙකට ඉහත දවසක අපේ කෝට්ටේ නිවස හොරු බින්දා. අපි ගමණක් ගිහින් එන කොට හොර අංකල් ලා ඇවිල්ලා සේරම වටිණ දේවල් අත පත ගාගෙන ගිහිල්ලා ඉවරයි.

මං ඉතිං වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කළා.

වෙන වෙන වැරදි දේවල්වලට අහුවෙන මිනිස්සු පාපෝච්ඡාරණයක් කළොත් අපේ හොරකම් කරපු බඩු හම්බ වෙන්ණ ඉඩ තියෙනව කියල කිව්ව, මගේ පැමිණිල්ල ලියාගත්තු සාජන් කාරයා.

සතියකට විතර පස්සෙ මං වාහනේ යනකොට වැලිකඩ හන්දයෙ දැකල පුරූදු මූණක්. බැලින්නං කවුද මේ පාරෙ මැද්දෙ ඉඳන් වාහන හසුරුවන්නෙ.

පොලිසියෙ ක්‍රයිම් බ්‍රාන්ච් එකේ සාජන් කාරයා.

මං හිතන්නෙ රෑට වෙන්න ඇති උන්නැහෙලා ක්‍රයිම් ඉන්වෙස්ටිගේට් කරන්නෙ!

කාට කියන්නද ආයිබෝං ඔව්වා.

කතන්දරකාරයා

16 comments:

  1. ඔන්න කිවුවා කතාවක්..

    ReplyDelete
  2. ඉතින් කතන්දර... multitask ද මොකක්ද කියනව නේද? අපිත් දැන් අපේ රාජකාරියට අමතරව අනිත් හැමදේම කරන්න ඕනි කියල උගන්නනව නෙව... ටයිපින් , ප්‍රින්ටින් .. වගේ දේවල්...

    අතුගාගන්න වැසිකිලි කැසිකිලි සුද්ධ කරගන්නත් වෙයිලු ඉදිරියට....

    එකම රාජකාරිය කරන්න හොද නැහැ කියන්නේ....

    අනේ මන්ද ඕව....

    ඉතින් නැතිවුන දේවල් හුමුවුනැයි....

    ReplyDelete
  3. ''නිස්සෝ සුදුස්සෝ යටකොට පුස්සො වැඩදෙනවා යමරෙට සෙතක් ​වේද එහෙව් රටකට ඕයි!''- දීපාල් සිල්වා මහත්තත් කිව්වෙ ඕක හින්දා වෙන්නැති

    ReplyDelete
  4. මම නම් දන්නේ නැ...ඔං..මෙතන පොලියේ මහතුරු දෙන්නෙක් ඉන්නවා.....

    zoom කරලා බලන්කො......තොප්පි දෙකක් පෙනෙයි......හිකිzzz

    ReplyDelete
  5. මම හිතන්නේ එදා Traffic Branch එකේ duty තියෙන රාළහමි කෙනෙක් නිවාඩු ගිහින් හරි මොකක් හරි එකක් වෙලා Crime branch එකේ හිටිය සාජන්ට් ට කියන්න ඇති "මචං පොඩ්ඩක් බලපන්" කියලා.

    මම අහලා තියෙන විදිහට හුඟක් තැන්වල ඔහොම ජාති වෙනවානේ යාළුවන්ට පොඩ්ඩක් වැඩ බලාගන්න කියලා :) :) :)

    @ Buddhi Ayya :කෙහෙල් කොටුවේ චූටි මහත්තයත් ඇවිත් ඉන්නේ. දැන් ආයි වැඩ පටන් ගන්නේ කවද්ද චූටි මහත්තයා ?

    ReplyDelete
  6. මේ කතාව කියවනකොට මටත් අවුරුදු පහකට විතර කලින් වෙච්චි සිද්ධියක් මතක් වුනා. කතන්දර කියන්න කැමැත්තක් නැති වුනත් මේක නම් නොකියාම බැහැ.

    අපේ ගෙදර කට්ටියට ඕනැ වුනා ඒකාලෙ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් බලන්න. කරුමෙට මේ කැමැත්ත ඇති වෙනකොට මේ චිත්‍රපටිය නගරෙ පෙන්නලා අවසාන වෙලා ගම් දනව් වලට ගිහිං. හුඟාක් අමාරුවෙන් හොයා ගත්ත කොළඹ දිස්ත්‍රික්කෙ මායිමේ විතර තියෙන හෝල් එකක් ඒක පෙන්නන. ගියා ඉරිදා දවසක.

    කාර්-පාක් එකට සෑහෙන කාලෙකින් වාහනයක් දාල නැති පාටයි. (කාර්-පාක් කිව්වට ගේට්ටුවක් තිබුණු මුඩු ඉඩමක්.) ඔන්න මනුස්සයෙක් ඇවිත් ගේට්ටුව ඇරල දුන්න. මාත් ඒ මනුස්සයට කිව්ව කාර් එක බලා ගන්න කියල. පොරත් හා කිව්ව.

    දැන් ඔන්න පෝලිමේ ඉන්නව. බැල්කනි, ODC, ෆස්ට් ක්ලාස්,ගැලරි ඔක්කෝටම එක පෝලිමයි. ඔන්න අර කාර් පාක් එකේ හිටපු මනුස්සය ඇවිත් ටිකට් දෙන්න පටන් ගත්ත. ටිකට් ගත්තට ඇතුළට යන්න බෑ දොරවල් වහල. ටික වෙලාවකට පස්සෙ ඒ මනුස්සයම ඇවිත් දොරවල් ඇරල, තමන්ම ටික වෙලාවකට කලින් නිකුත් කරපු ටිකට් කඩල ප්‍රේක්ෂකයන්ට ඇතුළට යන්න දුන්න. හොඳ වෙලාවට වැඩි සෙනඟක් නෑ. අපියි තව ජෝඩු දුසිමකුයි විතර. හැමදාම ඔහොම වෙන්න ඇති සමහර විට.

    ඉන්ටවල් මෙන්න පොර ආයෙත් එනව රටකජු, කඩල, ටොෆී ලෑල්ලක් උස්සගෙන.

    කොහොමද මල්ටි ටාස්කිං? ඔය පොලීසියෙ රාළහාමි කරපු දේ මොකද්ද? නියම වන් මෑන් ෂෝ එකක් දුන්නේ. අන්තිමට රුපියල් දහයක්ද කොහෙදත් ගත්ත 'කාර් එක බලා ගත්තට'. කළේ නැත්තෙ මගෙ හිතේ ප්‍රොජෙක්ටර් එක රන් කරපු එක විතරයි. ඒකත් කළාද දන්නෙ නෑ, දැක්කෙ නැතුවට.

    මම දන්න තව මනුස්සයෙක් ඉන්නව බාබර් සාප්පුවයි කඩේකුයි තනියම රන් කරන. කඩේට මිනිස්සු ආවොත් කොන්ඩේ රැවුල් කැපිල්ල මඟදි නතර කරල යනවා බඩු දෙන්න. අන්න ඒ වගේ මල්ටි ටාස්කිං පොරවල් ඉන්න ඕනැ රටක් ගොඩ ගන්න නම්. :-)

    ReplyDelete
  7. මම නිතරම දකින දෙයක් තමයි උදේ සහ හවස rush hours වලදි traffic police නොවන සාමාන්යන පොලිස් කාරයින් වාහන හසූරුවන එක. සමහර විට මේක Human resource problem එකක් නිසා වූන දෙයක් වෙන්නැති. එහෙමත් නැත්නම් කසූ ගෙ ගෙදර කඩපූ හොරා පාරේයනවද බලන්න වෙස් මාරු කරගෙන ආවද දන්නැ.

    ReplyDelete
  8. "එහෙමත් නැත්නම් කසූ ගෙ ගෙදර කඩපූ හොරා පාරේයනවද බලන්න වෙස් මාරු කරගෙන ආවද දන්නැ." ආන්න හරි ගාමිණී අයියට තමා එක හරියටම තේරුණේ :)

    ReplyDelete
  9. @වත්
    "අතුගාගන්න වැසිකිලි කැසිකිලි සුද්ධ කරගන්නත් වෙයිලු ඉදිරියට...."

    ඇයි දැං ඒවා කරන්නේ රොබෝලා ද?

    ReplyDelete
  10. @ බුද්ධි
    පැණි හඳ ඉවරවෙලා වගේ?

    @ ඉලංදාරියා, හසිත, ගාමිණී
    තෑන්ක්ස්. ඇත්තටම ක්‍රයිම් බ්‍රාන්ච් සාජන්තුමා එවෙලේ රහස් පොලිස් සේවයක් ද දන්නෙ නෑ කලේ, නේද?

    ReplyDelete
  11. @ටැබූ
    ටැබූ සර් මගේ බ්ලොග් එකේ මේ වගේ සම්පුර්ණ කතන්දර ලියලා තියෙනවා අනිත් හැමෝටම වැඩිය.

    මොකක්ද ඔය කියන ෆිල්ම් එක? අර ටෙනිසොං කුරේ චරිත හතක් කරපු එකද?

    ReplyDelete
  12. On the subject of multi tasking:

    Most probably the concept of multi tasking was invented by the mudalali in the story i am going to relate now;

    This incident occured around 35 years ago in anuradhapura.

    A group of us needing a cup of plain tea entered a small way side boutique.

    After some time mudalali came out asking "what do you need?" someone answered " only plain teas".

    After turning to the rear of the shop & shouting " Plain tea pahaaai" he went back to tea making counter, prepared what we asked for & brought it to us.

    When we finished,mudalali turning towards front of the shop and shouting "plain tea pahaaaai" once again, calmly got behind the cashier's table and collected the money.

    When we gaped at him speechless, he asked " is there any problem?"

    We got out hurriedly saying "no,no,nothing,no problem at all "

    ReplyDelete
  13. @ Ravi : ඕක සිරාවටම වෙච්ච කතාවක්ද ?

    ReplyDelete
  14. @ Hasitha,

    Absolutely Sira,

    But there was a certain tragic "nidhana kathawa" behind mudalali's multitasking.

    When we came out after our somewhat bizarre experience, an elderly man sitting in front of the adjoining house called us and said,

    "Oya mage malli, mallige paula lamai dennath daala kade wedata hitapu kolla ekka penala giya, ita passe me manussaya ganiyek genaveth nehe, kade wedata kauruth gaththeth nehe, dan tikak nuhugune vage, handa morana kaleta vediy, dan man hitanne palosvaka kittu ethi"

    ReplyDelete
  15. ඒකත් නියම කතාව. කතන්දර ලියනවා වගේ ප.ලි තමා ඒ ටික :)

    ReplyDelete
  16. ඕක ලංකාවේ උන දෙයක් නිසා ඒ තරම් හිතන්න එප. මේ ක ශ්‍රි ලංකාව නේ බං

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.