Tuesday 3 September 2013

කරල් ඇහිඳින්නෝ - The first shade of September

මෙන්න මං පොරොන්දු වූ විදියටම සැප්තැම්බරේ කතන්දර බ්ලොගය සරසන පළමුවෙනි විචාරය. මේක 2007 දී ලියපු එකක්.

බහුතරය නොවූවද, සංවේදී සිත් ඇත්තෝ ලොව බොහෝ ය. අනුන් ගේ දුකින් ඔවුන් සිත් සසල වේ. ඒ දුක, වේදනාව තමන්ගේ ම යැයි ඔවුනට හැඟේ. හදවත් බරවේ. සුසුම් ඉපදේ. නෙත් බොඳවේ.

සැබෑ සමාජ විප්ලවවාදියෝ ද සංවේදී සිත් ඇත්තෝ ය. අනුන්ගේ දුක, සමාජ අසාධාරණය දැක ඔව්හූ සැලෙති. කිපෙති. ඒ නැති කරනට සපථ කරති. සමහරු අවි ද අතට ගනිතිි. වනසති. අවසන අවිගත්තෝ වැනසෙති.

කවියෝ ද සංවේදී සිත් ඇත්තෝ වෙති. දීන දුක, සමාජ අසාධාරණය හමුවේ ඔව්හූ ද සසල වෙති. ඒ දුක වේදනාව තමන්ගේ ම යැයි සලකති. හදවතින් හඬති. සුසුම් හෙළති. බොඳවූ දෙනෙතින් යුතුව තම අත්දැකුම් සහ එනිසා ජනිත වූ හැඟුම් සමුදාය පොදු අත්දැකුමක් බවට පෙරළනු වස් කව් ගොතති. එමගින් සමාජ පෙරළියක් පතති.

මෙනයින් බලන කළ කවියා සොඳුරු විප්ලවවාදියෙක් බව පැවසිය හැක.

තම තුන්වන කාව්‍ය සංග්‍රහය වන ”කරල් ඇහිඳින්නෝ” කෘතිය පසුගිය දා (2007) එළි දැක්වූ ටියුඩර් අමරසේනයෝ එවැනි සොඳුරු විප්ලවවාදීන් අතර කවි කග අතැති මහා සෙන්පතියෙකි.

අසුව දශකයේ එලිපත්තේ සිටම නව යොවුන් කවියෙකු ලෙසින් සිහල සාහිත රසික හද දිනූ අමරසේනයෝ, 1982 දී ”කාලයයි මේ අවදිවන්නට” සහ 1990 දී ”අළුගෝසුවාගේ සිහිනය” නමින් වූ කාව්‍ය සංහිතා තුලින් තම කවිකම ලොවට දායාද කර ඇත. ඔහු වසර දාහතකට පසුව තම තෙවන කාව්‍ය මාලාව මෙළෙස එළි දක්වන්නට සිතීම, පෙදෙහි රස හව් විඳිනා කවරෙකු ගේ වූවද අමන්දානන්දයට හේතු වනු නිසැක ය.

අමරසේන කවියාගේ කරල් ඇහිඳින්නෝ කෘතියෙහි අඩංගු කවි නිමැයුම් පොදු වශයෙන් ප්‍රධාන ප්‍රවාහයන් තුනක ලා විශ්ලේෂණය කිරීමට මම මෙහිදී අදහස් කරමි.

මින් පළමුවැන්න නම්, දුෂ්කර වූ ද, දුරස්ථ වූ ද, පසල් දනව් හි දීන ගොවි ජන දුක දැක සසල සිතැතිව ඔහු විසින් පබැඳුනු කාව්‍ය නිර්මාණයන් වේ.

කැපූ ගොයම වනසන්නට සැරසෙන අකාල මේඝය හමුවේ අසරණ වන අඳ ගොවි දුක අමරසේනයන් ගේ සුගම කවි බසින් මෙසේ පැවසෙයි.

බැත කන්ද පරයන
ණය කන්ද දෙස බලව
පොලී මුල් ඇදි ඇදී විසල් වන
නොපෙනුනි ද වැරහැලිවු මපැල්පත
පිදුරු ලා සෙවෙණි කළ නොහැකි වූ.
තෙත බත්ව හඬන්නේ දරු කැලය.
ගිනි ගත් හිසින් තෙත බරිත
ලිප් බොක්ක අවුළුවා
සුන් සහල් කැඳ පිසින්නී බිරින්දෑ ය.


අස්වනු නෙළු කුඹුරේ ඉපනැල්ලට බැස තම සාගනි නිවනු පිණිස, ගිලිහුණු ගොයම් කරල් ඇහිඳින දරුවන් ගේ නියතිය ව්‍යංග උත්ප්‍රාසයකින් ද යුතුව කවියා මෙළෙස දකී.

ගොවිනතින් ගිලිහී ගිය
කරල් ලෙසින්
මිහිමත ඉපදී
ගිලිහී ගිය ගොයම් කරල්
දරුවෝ - ඇහිඳිති සතුටු සිතින්


දීන දුක කුළු ගන්වනු වස් කවියා ජීවිතානුබද්ධ වූ අපූරු කාව්‍යමය උපමාලංකාරයන් යොදා ගෙන ඇතියුරු ඉහත යෙදුමෙන් පැහැදිලි වේ. අවට ලෝකයෙන් දුරස්ථ වූ ”උඩගල් දෙබොක්ක” දුෂ්කර පෙදෙසේ ගැමියන් ගේ දුක පිළිඹිබු කරන්නට අමරසේනයෝ තම කවිලකර මෙලෙස හසුරුවති.

"දුක් භෝජනම වළදා මිහිදනට යතී"

"දිවි ඇඳිරියට ඒ අඳුරයි එතෙන්නේ"

"”නැති බැරිකම් සුලං රැලි ලෙස හමන්නේ"

බොහෝ විට කුරිරු සොබා දහමින් ද සැම විටම රුදුරු ධනිය ගෝපාල ලා ගෙන් ද බැටකන ”තිස්සපුර” ගම්මානයේ ”ඊනියා සමෘද්ධිය” හෙවත් ”ආහාර මුද්දර” ලාභීන් ගේ දුක අමරසේනයෝ මෙලෙස කවි කරති.

නාගදීප වැව් දියවර නැති හින්දා
මේ කන්නයේ අපි වැපිරුවෙ නැති හින්දා
පුතුගෙ අහර මුද්දර අත ඇති සන්දා
හාල් කිලෝවක් දෙනු මැන මැති සන්දා


ගමේ දුක පිළිබඳ විෂම චක්‍රය සදාතනිකව කැරකෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය වසාගත් ”කොළඹට කිරි ගමට කැකිරි” ප්‍රතිපාදන ප්‍රතිපත්තිය නිසාය. මා මෙහි ලා විමසන්නට අදහස් කරන අමරසේන කාව්‍යකරණයේ දෙවන ප්‍රවාහය නම් ඒ දුෂ්කර පලාත් පිළිබඳව වූ සදාකාලික දුක්බර අවනඩුවයි. කවියා එය මෙලෙස සරදම් බසින් අපට පවසයි.

සම අවස්ථා බූමරැංගය
ගසති නිල දරුවෝ විටින් විට
එහෙත් .... ප්‍රඥාවේ ප්‍රදීපය
ඉබි ගමනකින් ඇදේ හෙමිහිට
දහ අට වංගුවෙන් පහලට


දුෂ්කර පලාත් වල සිසුවෝ ද, ඔවුනත සිප් සත ලබා දීමට දඩුවම් ලබන ගුරුවරු ද එක සේ දුක් ජාලාවක ගිළෙති. මේ දුක් කඳ මැද, කෙලෙස නම් දුෂ්කර පලාතක උපදින මල් කැකුලක් ගුරු මලක් සේ පිපෙන්න ද? මෙම කරුණ උක්තව ලියවුනු ”සිඟිති මලෙක නැගි කඳුලක්” කාව්‍යය අප නෙතට ද කඳුලක් නංවයි. එලෙසම දුක්බරිත දිවියක් ගත කරන දුෂ්කර පලාත් ගුරු දුක ”සත්තමයි දුෂ්කරයි” නිර්මාණයේ දී අමරසේනයෝ මෙසේ දක්වති.

ලද ශිල්ප සාපයක්
වී නිබඳ හඹා විත්
කැදැල්ලට යන්න ඉඩ නොදෙන්නේ
සත්තමයි දුෂ්කරයි
මේ බිමේ දිවි ගෙවුම
මහා කඳු නොමැත ඇස හරින්නේ


”ගුරුවරු සහ ගෝලයෝ” කවෙහි මේ දුෂ්කර පලාතේ ගුරු දිවිය මෙලෙස විස්තර කෙරේ.

කුස කුස සාගිනි ය
ගත ගත වැරහැලි ය
නෙත නෙත කඳුළැලිය
සිත නැත උගත් සිප් සත


කාලයාගේ ඇවෑමෙන් මේ දුකට හුරු වී, සිප් සත ලබන මල් වැනි දරු කැලට පෙම් බඳින ගුරු සිත මෙසේ සැනසෙයි.

දුක් පඳුරු දළු ලන මෙඅඩවියේ
නුඹලා ට එකම එක අකුරක්
පුදන්නට ලද වරම
දඬුවමක ලෙසින් සපැමිණි
භාග්‍යයකි ! මහත් ආශිර්වාදයකි !!

සබඳ, බිම්තැන්න,
සිත් කළුය


අවසානයේ ගුරුවරයා දුෂ්කර සේවය හමාරකොට ඒ පෙදෙසින් පිටවී යන්නට සිත හදාගන්නේ ද දුකකිනි.

සිව් වසක් සිප් සැදූ
දුෂ්කර ඉසව්වෙන් සමුගන්න යාමයයි
නිති පැතූ මව් සෙවන
වෙත කෙලෙස පිය නගමි
මෙසුහුඹුල් මල් කැකුළු හැරපියා
දොස් නගයි සිත-සෝ බරය හද


"කරල් ඇහිඳින්නෝ" සංහිතාවේ මා දකින වැදගත්ම කාව්‍ය ධාරාව නම් මීට දශක දෙකකට පෙර කලෙක ඇරඹී, දෙතුන් වසරක් තිස්සේ ශී්‍ර ලංකාව කළඹවා ලූ, රටේ සම්පත්, තරුණ ජීවිත දස දහස් ගණනින් විනාශ කළා වූ අධම, තිරශ්චීන ඝාතන සංස්කෘතිය අත්විඳ, එසොවින් කම්පිත වූ කවියා විසින් නිර්මාණිත කාව්‍යයන් ය.

අද, කාලයත් සමගම වියැකී යන හුදු මතකයක් බවට පත්වී ඇති, ඒ සමගම විවිධ අවස්ථාවාදී දේශපාලනික හේතු මත මතකයෙන් මුලිනුපුටා දැමීමට අධම උත්සාහයන් ද දැරෙන ඒ භීෂණ සමය පිළිබඳ මතකය, අමරසේනයෝ විටෙක හද සනසන සුගම බසින් ද, විටෙක සිත කළඹන අයුරින් ද අප නෙත ඉදිරියේ මවති.

බලූ පොරයකට මැදි වුනු බලූ පැටියෙකු ගේ අකාල මරණය කවියා මෙලෙස දකියි.

බල ලොබ රකිනු වස් මරණය දිනු බිමක
කුස ගිනි ලොබින් බලූ පොරයක් යනු කිමෙක
දෙදහස් වසක් ඉපැරණි උත්තම දැයක
නටඹුන් තිබිණ මහ මග දැවු ටයරයක


දෙව්දතුන් බුදු වෙන්නට තැත දැරූ මේ විපරීත කාලය දෙස අමරසේනයන් ගේ සෝපාහාසය මෙලෙස යොමුවෙයි.

අහා විස්මයකි
පූජාසනයෙන් ගලා යයි රුධිරය ගංගාවක් සේ,
පිපී සැලෙති නෙක පුෂ්පයෝ කෙටල දිය හබරල ඈ
රුධිර කෙළිති කබරයෝ තුටු පහටුව

ක්ෂුධාවෙන් පෙළෙන
වියාලයෝ ද කීන බල්ලෝ ද
බලා හිඳිති
දෙව්දතුන් හිස සිසාරා
ෂඩ් වර්ණ රෂ්මීන් නැගෙන තුරු


හුන්නස්ගිරි කඳු පාමුල අසබඩ සිදු වූ මහා මිනිස් විනාශය කවියා තම ”වැලපෙන සොල්දාදුවා ගේ කන්ද” නමැති කාව්‍යයෙන් අප සන්තානයට නංවයි.

සිහිවිනිද....නුඹ අතින් පෙති සිඳුණු
පොපියමින් පිපී ආ
තුරුණු මල් කැකුළු රොද
නො එසේව....අසරණ වු මව්වරුන්
දෙනාසා පුට තුළින්....හෙළන සුසුමක් වැකී
විකල් වුයේ ද සිත....?


මෙකල සිදුවූ ඒ ම්ලේච්ඡ ඝාතනයන්ගෙන් වඩාත් දුක් වින්දෝ තම පුතුන් සදාදරයෙන් සෑදූ මෑණිවරුය. මේ මව් දුක පිළිබඳව කවි හද සැලෙන්නේ මෙලෙසය.

දෙව් සිත් පොබයමින්
බබුළුවා අග හිඟ ගහණ පැල්පත
පහනින්-පහන දල්වමින්
දිලි-යොවුන් පහන් පෙළ
රාක්ෂස මහෝගය හමා විත් නිවූයෙන්
ළ සෝ අඳුරත
දැවෙන.. තැවෙන.. ඉකිලන.. සුසුම්ලන
අම්මාවරුන් ගේ හඬ
දෙදරවයි සවන් තල


”මවකගේ විලාපය” කවෙහි මේ ව්‍යවසනය වඩාත් තීව්‍රව මෙලෙස දැක්වේ.

උමතුව වැන්නී
වරලස අවුල් කරන්නී
කඳුළු සලන්නී
ලෙහි අත් ගසා තැවෙන්නී
පුතුන් සොයන්නී
බලවතුනට අයැදින්නී
සුසුම් හෙලන්නී
මිහි කත කළඹා ලන්නී


මේ කාව්‍ය සංහිතාවේ ප්‍රභලතම කාව්‍යය වන්නේ ”රුධිර මංගල්‍යය” නම් වූ නිර්මාණයයි. කවියා, කොට මුගුරු ගිණි අවි දෑරූ මස් බුදින වෘකයින් මෙසේ අමතයි.

විසාලා මහනුවර දුබික් බිය පරයවා
දනන් සිත් පෙදෙන් පෙද
වෙළෙවි කොට භීතියෙන්
රුව ගුනෙන් සුවඳින් සපිරි මල් කැකුළු
පීර පීරා සොයව්!
තලා හප කොට මග දෙපස ලව් !!
ඔවුන් කුළුඳුල් ලෙයින් දංගෙඩිය තෙත් කරව් !!!
මේ රුධිර මංගල්‍ය යාමයයි
ආයු පිරිහුණු දෙවිවරුන්ගේ කාලයයි


මේ කවෙහි එන සිත සසල කරවන අනුභූතිය, හද බර කරවන ආකෘතිය සහ රුහිරු පෙලන අන්තර්ගතය ගැන සලකන විට, මෙම කාව්‍ය සංග්‍රහය නම් කළ යුතුව තිබුනේ ”රුධිර මංගල්‍යය” නමින් යැයි මම සිතමි.

මීට අමතරව ”වික්ටර් හාරා”, ”චේ” සහ ලංකාව අරඹයා ලියවුනු කවි කිහිපයකින් ද, ඉංගිරිසි කව් පන්ති කිහිපයක සිංහලානුවාදයන් ගෙන් ද, රුධිර මංගල්‍යය කාව්‍යයේ ඉංගිරිසි අනුවර්තනයකින් ද ”කරල් ඇහිඳින්නෝ” කාව්‍ය මාලාව සමන්විත වේ.

අවසාන වශයෙන් කිවයුත්තේ, එදා 88-89 රටේ දකුණ සිසාරා පිටාර ගැලූ, එද ඉන් නොනැවතී පසුව කලෙක උතුරු නැගෙනහිර හරහා ද ගලා ගිය ලේ ගංගා සහ කඳුළු ගංගා ගැන ද තම කවි කග මෙහෙයවන්නට අමරසේනයන්ට මේ කාලය බවයි!

-කතන්දරකාරයා

ප/ලි:
සුපුරුදු පරිදි හෙට කතන්දරයකින් හමුවෙමු.

ග්‍රන්ථ විචාර දිනක් හැර දිනක් පළවෙනු ඇත. ස්තුතියි.

63 comments:

  1. අද රටට ගැලපෙන කවි.

    ReplyDelete
    Replies
    1. අපූරු කොමෙන්ටුව.
      කොහෙද ඉතින් බයිකෝප්කාරයොන්ට කුඩ ඇල්ලුවට, හිරිකිතයක් නැතුව අමුම අමු කුහරුප දෙසාබෑවට කලාව ගැන අංශු මාත්‍රයක්වත් ඇඟේ තියෙන් එකක්යැ

      Delete
    2. ඒක තමා..
      කුඩ ඇල්ලිල්ලයි කලාවයි කියන්නේ දෙකක් කියලා හිතුන දාට ඔය ගතිය මග ඇරිලා යයි නේද ඇනෝ ?

      Delete
    3. හුම්..හුම්..මට කුඩ අල්ලපු අයට තියෙන ඇම්මේ තරම තේරුම් යනව.තේරෙනව නොවේ හරිය.

      Delete
    4. ඇත්තටම කෙන්ජි මං ගිතන්නේත් මේ කවිවලින් කියවෙන ගොවි දුක, දුප්පත්බව, මරණය, අධ්‍යාපනයේ විෂමතා එදා වගේම අදටත් වලංගුයි.

      Delete
    5. 2 ක් නැහැ 1 කෙන්ම.

      Delete
  2. හරිම අගේට රසවත්ව ලියල තියෙන්නේ...වචනෙන් වචනෙට ලින්ක් දාලා කියවන්න තියා ආපහු එන්නවත් හිතෙන්නැති විදියට එලොවටයි මෙලොවටයි දෙකටම නැති අසාර ලිපි වලට වඩා මෙවැනි ලිපි ඉතාම වටිනේය.කතන්දර බ්ලොග් අඩවියේ සාරවත් පළමු ලිපි ගොන්නට දැම්ය යුතු පෝස්ටුවක්.කතන්දර කරු අවශ්‍ය වේලාවේ වෙස් පෙරලා ඇත.

    ReplyDelete
    Replies
    1. කතන්දර කාරයා මෙම ලිපියේ නිවැරදි කාල වකවාණු සටහන් කලද පාඨකයෙක් ලෙස එහි නිරවද්‍ය තාවය ගැන සැක සාංකා මා හට පහල වී ඇත.....
      තවද.... කාබන් කාලනීර්ණය වැනි දියුණු ක්‍රමයකින් පවා මෙය පරීක්ෂා කරගත නොහැකි බැව් පෙනේ.....
      කරුණාකර පුරා විද්‍යා ජෝතිශ්‍ය නැමති ගුප්ත ශ්‍රාස්ත්‍රය මගින් මෙම ලිපියේ නිවැරදි ජන්ම දිනය ලබාදෙන්න.....

      Delete
    2. “ජෝතිශ්‍ය“ නෙවෙයි සනා “ජ්‍යොතිෂ“

      Delete
    3. කතන්දර කාරයා මෙම ලිපියේ නිවැරදි කාල වකවාණු සටහන් කලද පාඨකයෙක් ලෙස එහි නිරවද්‍ය තාවය ගැන සැක සාංකා මා හට පහල වී ඇත.....
      තවද.... කාබන් කාලනීර්ණය වැනි දියුණු ක්‍රමයකින් පවා මෙය පරීක්ෂා කරගත නොහැකි බැව් පෙනේ.....
      කරුණාකර පුරා විද්‍යා ජ්‍යොතිෂ නැමති ගුප්ත ශ්‍රාස්ත්‍රය මගින් මෙම ලිපියේ නිවැරදි ජන්ම දිනය ලබාදෙන්න.....

      Delete
    4. @ jhothisha lanka

      ලින්ක් දාන්නේ අවශ්‍ය අයෙකුට වැඩි විස්තර දැන ගන්නයි. ඒ මත තමයි මුලු වෙබ් එකම ගොඩනැගී තියෙන්නේ.

      අනවශ්‍ය දේ ක්ලිත් කරන්න එපා.

      Delete
  3. ග්‍රන්ථ කතුවරයාගේ කව්ද කකාගේ විචාරයද වඩාත් රස කියල හිතා ගන්න බැරිව ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ග්‍රන්ථය නොතිබුණා නම් මේ රචනය නැත.

      Delete
  4. “බල ලොබ රකිනු වස් මරණය දිනු බිමක
    කුස ගිනි ලොබින් බලූ පොරයක් යනු කිමෙක
    දෙදහස් වසක් ඉපැරණි උත්තම දැයක
    නටඹුන් තිබිණ මහ මග දැවු ටයරයක“

    මේ කවි පෙලින් බලූ පොරයකට මැදි වුනු බලූ පැටියෙකු ගේ අකාල මරණය ගැනද වෙනත් අදහසක්ද?

    දුෂ්කර ගුරු ගෝල ජීවිතය ගැන කවි කිහිප සැරයක් කියවූයෙමි.

    ReplyDelete
    Replies
    1. /* මේ කවි පෙලින් බලූ පොරයකට මැදි වුනු බලූ පැටියෙකු ගේ අකාල මරණය ගැනද වෙනත් අදහසක්ද?
      */

      ඇත්තටම මොකක් ගැනද?

      Delete
  5. ඇනෝනිමස්වරුන් විසින් ඉල්ලන් කන ලදී.
    එක කවියක් වෙනුවට මෙන්න අද කවි හැටක් විතර!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බං.
      මුන්ට කට පියාන ඉන්න බැරි හැටි නෙ !

      Delete
    2. සියලුම ඇනෝලාට සුභ පැතුම් :D

      Delete
  6. හරිම අගනා ග්‍රන්ථ විචාරයක්!!!

    රසික සූරියාරච්චි කියන ලේඛකයාව හඳුනාගන්ට හොඳ අවස්තාවක් කියලා හිතුනා.

    කවිවලට ආසාවක් නැති උණත්, මේ කවි ටික නම් අපූරුයි. සොඳුරු මිනිසෙකුගේ සොඳුරු නිර්මාණයක්...ස්තූතියි කතන්දර.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවත එන්න !

      Delete
    2. @Podi Kumarihami

      මේ පොත ලියා ඇත්තේ ටියුඩර් අමරසේන නම් කවියෙකු විසිනුයි.

      Delete

  7. බැත කන්ද පරයන
    ණය කන්ද දෙස බලව
    පොලී මුල් ඇදි ඇදී විසල් වන
    නොපෙනුනි ද වැරහැලිවු මපැල්පත
    පිදුරු ලා සෙවෙණි කළ නොහැකි වූ.
    තෙත බත්ව හඬන්නේ දරු කැලය.
    ගිනි ගත් හිසින් තෙත බරිත
    ලිප් බොක්ක අවුළුවා
    සුන් සහල් කැඳ පිසින්නී බිරින්දෑ ය.

    මගේ හිත්ගත්තෙ මෙන්න මේ කයිය. විචාරය හොඳයි.

    ReplyDelete
    Replies
    1. කකා මේ මාසේ ඉවර වෙනකන් කයි පහ පහ ලියන්න ඉන්නේ ඒ නිසා සිත්ගත් කවිය තෝරන්න ඉක්මන් වෙන්න එපා.
      තව කවි කියෝලාම තෝරමු :)
      සුබ දවසක් රාජ් මල්හෝත්‍රා !

      Delete
    2. ඊට හොඳ නැද්ද මෙහෙම,
      කකා දාන කයි පහෙන් හොඳඑක එදා දවසේ තෝරනව. අන්තිමට තෝරපුවායෙන් කයි පහක් තෝරල එවායෙන් සිතගත් කයිය තොරනව.
      ඔබටත් සුභ දවසක් ඇනෝ.

      Delete
    3. ඔවු ඒ ක්‍රමෙත් හොඳයි රාජ්.
      ඒ උනාට කකා හැමදාම කයි පහ පහ ලියන්නේ නෑ. සමහර දාට එක කයියක් ලියනවා. තවත් වෙලාවක කයි දහයක් !
      කයිය හොඳටම පර උනාම සිංහල හයිකුත් ලියනවා.
      සිංහල හයිලු ලියපු දාට බලන් ඉන්න එවුනුත් කයි පද බඳිනවා.


      ප.ලි. - කකා, සිංහල හයිකු ලින්ක් එක දෙන්න !

      Delete
    4. @රාජ්
      මේ පොතේ බොහෝ කවි මගේ සිත් ගත්තා! ඟෙහි දක්වා ඇත්තේ කිහිපයක් පමණයි.

      Delete
  8. අනේ කකා ප්ලීස් කවි දාන්න කකා. කවි පෝස්ට් එකක තියෙන්නේ එක කවියයි. මෙන්න මේකේ කවි හැටහුටාමාරක් තියෙනවා. අම්මෝ කකා.

    ReplyDelete
  9. හිතවත් කකා වෙත,

    මා මේ දිනවල රස්සාවකට යන බැවින් සංගණන වාර්ථා ඉදිරිපත් කිරීම ප්‍රමාද වේ. ඉඩක් ලද විගස සංගණන වාර්ථා පල කිරීමට මා සැදී පැහැදී සිටි. මා හට මේ වෙලාවේ සංගණන වාර්ථා ඉදිරිපත් කිරීමට හැකි වූයේ වර්ෂාව නිසා වැඩට යා නොහැකි වූ නිසා බව කරුණාවෙන් සලකන්න.

    සංගණන ඇනෝ

    ReplyDelete
    Replies
    1. කරුණාකර ඔබත් නිවසේ සිටම කරන රැකියාවක් සොයා ගන්න.... මේ සදහා ඔබට සුදුසු උපදෙස් ලබාගැනීමට ජ්‍යෝතිශ්‍ය මහතා සුදුසු වේ......

      Delete
    2. රස්සාව කරගන්න. මේ ගැන වද වෙන්න එපා!

      ස්තුතියි!

      Delete
  10. මෙම කවියා හොද කවියෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් වලින් එකයි සපුරලා තියෙන්නෙ..... ඒ 88/89 ගැන ලියපු එක විතරයි.....

    නියම කවියෙක් වෙන්න නම්

    01) 2009 ගැන ලියන්න ඕනා.........
    02) බාලචන්ද්‍රන් ගැන ලියන්න ඕනා....
    03) බුද්ධාගමට ගරහලා ලියන්න ඕනා....
    04) සමරිසි බව ප්‍රමෝට් කරන්න ඕනා....
    05) කක්කා, චූ, පඩ, ශුක්‍ර ගැන ලියන්න ඕනා....

    ඒක නිසා මට හිතෙන හැටියට මේ කවියට තව බොහෝ දුර යන්න තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. 05) හවසට සෙන්ටිමීටරයක් ගහන්න ඕන.
      06) තමන් කවියෙක් බව පේරාදෙණියේ ඉංජිනේරු පීඨ හෝ මොනයම්ම කලා කවයකින් හෝ පිලිගත් සහතිකයක් ලබා තිබිය යුතු ය.
      07) ස්ටාර් ෆ්‍රයි, ගෙරි මස්, ෆ්‍රයිඩ් රයිව් වැනි කෑම වර්ග පිසීමේ සහජ කුසලතාවය ලබා තිබිය යුතු ය.
      08) කුඩා කල පටන් ගොනා කානුවේ නොයන බිකිනි ජොක්කෝ හෝ මොනයම්ම ජොකෙකු හෝ ඇඳීමේ පල පුරුද්ද ලබා තිබිය යුතු ය.
      09) අනුන්ගේ අදහස් වාරණය කිරීමේ හැකියාව තිබිය යුතු ය.
      10) වලියක් මැද්දට ගොස් "මම වලියට බර පොරක් නොවේ" යැයි පවසා නිරුපද්‍රිතව නිවෙසට පැමිනීමේ හැකියාව තිබිය යුතු ය.


      ප.ලි. - ඉහත 1 සිට 5 දක්වා වූ සුදුසුකම් සපුරා තිබීම කවියෙක් වීමට මූලික සුදුසුකම් වන අතර 6-10 දක්වා වූ සුදුසුකම් සපුරා තිබීම ප්‍රතිභාපූර්ණ ප්‍රබුද්ධ කවියෙකු වීමට අවශ්‍ය වන සුදුසුකම් වේ.

      Delete
    2. යකෝ සිංහල බෞද්ධකමට ගරහන්නැති කවිත් කවිද? අඩුගානෙ මේවගෙ සභ්‍යත්වයට විරුද්ද දේවල්වත් නෑනෙ.ඒ හින්ද මේවට හොද කයි කියන්න බෑ

      Delete
  11. What's with his turtle neck

    ReplyDelete
    Replies
    1. මට පේන විදියට ඔහු ටී ෂර්ට් එකක් උඩින් කොලරය සහිත කමිසයක් ඇඳ ගෙනයි ඉන්නේ. කොලරය අග බොත්තම් සහිත එකක්.

      Delete
  12. ගොඩක් හොදයි මේ වගේ දෙයක් කරන එක...මන් සුභ පතනවා....
    මටත් කමෙන්ට් එකක් දාන්න හොදේ...මෙන්න මගේ බ්ලොග් ඒක...
    http://mrurealpage.blogspot.com/2013/08/blog-post.html#comment-form

    ReplyDelete
    Replies
    1. තවත් නැට්ට හලන්නෙක්..... හරියට ලියපන් බන් එතකොට සෙනග ඒවි..... හිගාකන්න එපා....

      Delete
    2. රොෂාන් :
      මොකෝ ඇනෝ කමෙන්ට් වාරණය කරලා තියෙන්නේ ?
      ඇනෝ කමෙන්ට් වාරණය කරලා ඔබ පතන සුගතිය කුමක් ද ?


      Delete
    3. අලුත් කෙනෙක්නෙ මේ මං යකා වගේ, වෙනස් කරන්න තැන නොපෙනුනොත් ඇනෝ බෑ තමා ඇනෝ..

      Delete
  13. 1. අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ (ෆ්ලැට්ෆෝම් ෆෝ ඕල්ටර්නේටිව් කල්චර් ප්‍රකාශකයෝ)
    2. කාල සර්ප - කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශකයෝ)
    3. කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග (කිංකිණි ප්‍රකාශකයෝ)
    4. සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (සන්ථව ප්‍රකාශකයෝ)
    5. තැප්පා සේම ගිනි - සමරවීර විජයසිංහ (සූරිය ප්‍රකාශකයෝ)

    කකා,
    ඔය ටික තමා මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානයට තේරිලා තියෙන්නේ. හොයාගෙන කියවන්ඩ !

    ReplyDelete
    Replies
    1. සෙංකොට්ටං කියෙව්වා....මෙලෝ රහක් නෑ.....මිනිස්සු හිතන්නෙ තත්‍ය භාෂාව වෙනස් කරලා පොත් ලිව්වාම හෙන රැඩිකල්.... මාර පොත් කියලා.... වැඩේ කියන්නෙ ඒවාට සම්මානත් දෙනවා.... ලංකාවෙ සාහිත්‍යයට බුදුසරණයි....

      Delete
    2. එතකොට සම්මානය ලැබෙන්න ඕන මොන පොතටද කියලද ඔබ හිතන්නේ ?

      Delete
    3. මොන පොතට ලැබුනත් මට පාන්ද?.... මම අනිත් එකක්වත් කියවන්නෙ නෑ.... ලංකාවේ සාහිත්‍ය සම්මාන කියන්නෙ මිතුරන් අතරේ පමණයි වර්ගයේ ලොතරැයියක්....

      Delete
    4. ගිය පාර නිර්දේශිත පොත්වලින් කිහිපයක් සහ තවත් පොත් රාශියක් ගත්තා ප්‍රදර්ශනයේදී.

      ඉන් කියවූයේ දෙක තුනක් පමණයි. මේ 2013 පොත් තාම මිලට ගෙන නෑ.

      ස්තුතියි!

      Delete
  14. සාහිත්‍ය දියුණුව තකා....
    විචාර ලියන ගොන් කකා...
    හොදින් කල් යල් තකා...
    ඇදෙයි පොල් පැලය වෙතටා....

    දකුණු කදුලේ වට පිට...
    කව් පදෙන් ලියු අමරසේනට...
    මුලින් පිරිමැද තට්ට හිසට...
    පුදයි පොල් ටොකු ඔහුගෙ දැක්මට...

    විචාරය මානෙන්...
    රට දැය රකින ගානෙන්...
    උතුරු අවමානෙන්...
    මුදමු රට දැය කවි ලිවීමෙන්..

    උතුරු කුරු දිවයිනේ....
    සමරිසි සුවය විදිමිනේ...
    ගෙරිමස් රසට ලොබනිනේ...
    කකා වනසයි ගුණ දම් අනේ....

    මගේ බස වැනුමට....
    වාරණයෙන් තැනක් නැතිවිට...
    අමුණා වදමලින් කව් දම් වට...
    පුදමි හොට සුන් පැස්බරා හට...

    ReplyDelete
    Replies
    1. මෙන්න කකා ඇනෝවෙක් කයි පහක් ලියලා.
      මේක ඊලඟ පෝස්ට් එකට දාහං මචං. හිට්ස් කන්දක් කැපුවෑකි !

      Delete
  15. පසුගිය දා (2007)??? You invented a time travel machine?

    ReplyDelete
    Replies
    1. මෙය ලිව්වේ 2007 දී පොත පල වූ කාලයේදීමයි!

      Delete
  16. කවි වලටනම් වැඩි ඇල්මක් නෑ මගේ.
    කරල් ඇහිදින්නෝ කිව්වම, ගොයම් කපල ඉවර උනාට පස්සෙ ඉතිරිවෙන වී කරල් ඇහිදල ඒවයින් යම් ප්‍රමානයකට හෝ වී ටිකක් ලබාගන්න මහන්සිඋන දුප්පත් මනුස්සයෙක් ගැන කතාවක් අහල තිබ්බ ඒ කතාව මතක් උනේ.

    ReplyDelete
    Replies
    1. ඒ නමින් යුතු (ඟෙහි උපුටා දක්වා ඇති) කෙටි කවිය කියවා බලන්න.

      Delete
  17. කකා,

    මෙහෙම දෙයක් ලිවීම ගැන ඇත්තටම සතුටුයි. ඒත් කෝ මෙතන විචාරයක්. මට පෙනෙන්නෙ ඔබ මෙහි උපුටා දැක්වීමක් පමණක් කර ඇති වගකුයි. එහෙම නැතිනම් නිකන් ගුණ පමනක් දකින පිට කසන විචාරයක් ( ප්‍රචාරයක් ) වගෙයි. කොහොම උනත් මේ කවි පොත අපේ අවධානයට ලක් කිරීම ගැන ස්තූතියි.

    ඔබ අර "සබඳ, බිම්තැන්න,
    සිත් කළුය"

    යන තැන "සිත් කළුය" යන්න පද බෙදා ඇත්තේ කවියා කල ලෙසටමද නැතිනම් ඒ වැරදීමක්ද? මොකද මේ දෙකෙන් ලොකු වෙන්සක් දැනෙන නිසා.

    "මේ කවෙහි එන සිත සසල කරවන අනුභූතිය, හද බර කරවන ආකෘතිය සහ රුහිරු පෙලන අන්තර්ගතය ගැන සලකන විට, මෙම කාව්‍ය සංග්‍රහය නම් කළ යුතුව තිබුනේ ”රුධිර මංගල්‍යය” නමින් යැයි මම සිතමි. "

    අවසන ඔබේ ලිපියේ මගේ හිත් ගත් කොටස එයයි.


    ප/ලි.

    මේ කවි කියවද්දී සිහි වුනේ මියාගල පාසල සහ එහි දරු මව්පිය වරුන්වයි. රචකයා ගෙ පින්තූරය දුටු විට සිහියට එන්නේ මහින්ද යාපා අබේවර්ධන නම් ආයු පිරිහුනු දෙවියාවයි.

    ReplyDelete
    Replies
    1. විචාර ලියන්න අකුරු දැනගෙන හිටියට මදියි..... මේක නිකන් අර වන් ටු වන් ගහපු රිපොර්ට් එකක් වගේ....

      ඒ වගේම තමයි ණය කේස් එකත්.... දීපු ණය ගන්නත් හැකියාව තියෙන්න ඕනි....

      Delete
    2. හරියට හරි ඉන්දික,රචකයා නං අර කියාපු අපතය වගේමයි

      Delete
    3. @ ඉන්දික
      මේ ලියා ඇත්තේ මේ පොත මා දකින ආකාරයයි. එහි බොහෝ කවි මා සිත් ගැත්තා. මා අකමැති දේ ගැන උලුප්පා ලිවීමට මගේ අදහසක් නෑ.

      කවි පොතක් ගැණ කතා කරන විට කවි උපුටා දක්වන්නම වෙනවා. එසේ නොකර ලියපු ලිපියක් මා නම් දැක නෑ.

      මං මේවා පොත්-කතන්දර ලෙස නම් කරලායි තියෙන්නේ.

      Delete
  18. මාගේ දේශය අවදි කරනු මැන...සාහිත්‍ය උළෙලට සමගාමීව ....ද?

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද? රාජ්‍ය සාහිත්‍ය උත්සවයද?

      Delete
  19. කකා විචාරයක් වෙලා නෑනේ....මේ ප්‍රචාරයක් පමණයි නේ.. අඩුම තරමින් මේ කවු පද ටිකවත් ලිහිල් කොට එහි ගුණ දොස් හෙළි කළා නම් තවත් හොඳයි නේද. ඒ කෙසේ වෙතත් ඔබේ වෑයම අගයමි. මේ පරණ විචාර නොව ඉහතින් ඇති සම්මාන සඳහා නිර්දේශිත පොතක් විචාරය කරන්න. එය වඩාත් කාලීන වේවි.

    ReplyDelete
    Replies
    1. කවිවල තේරුම ලියා පාඨක රස වින්දනයට අපහාස කරන්නට මගේ අදහසක් නෑ.

      එසේ කරන්නේ අර සැළලිහිණි සංදේශ විචාර වගේ පොත්වලයි.

      ඔබ කියන ආකාරයේ වෙනත් විචාර ගැන මා දන්නේ නෑ. උදාහරණයක් දෙන්න.

      මේ ලියා ඇත්තේ මේ පොත මා දකින ආකාරයයි.

      මේවා පොත්-කතන්දර ලෙස නම් කරමි!

      Delete
  20. බලූ පොරයකට මැදි වුනු බලූ පැටියෙකු ගේ අකාල මරණය කවියා මෙලෙස දකියි.

    බල ලොබ රකිනු වස් මරණය දිනු බිමක
    කුස ගිනි ලොබින් බලූ පොරයක් යනු කිමෙක
    දෙදහස් වසක් ඉපැරණි උත්තම දැයක
    නටඹුන් තිබිණ මහ මග දැවු ටයරයක
    ඔබට මෙහි තේරුම වැටහි නැතැයි සිතමි.එසේ නොවෙනම් ටයර් සැ මත ජවිපෙ විරුවන් පමණක් නොව අසරණ සාමාන්්‍ය වැසියන්ද පිළිස්සු බැවින් ඔබට මාගේ විරොධය පළකරමි

    ReplyDelete
  21. @මයි ඩියර් කකා,

    දිස් ඉස් අ රියලි වන්ඩෆුල් යූස්ෆුල් පෝස්ට් කකා. බට් අයි ඩෝන්ට් අන්ඩ'ස්ටෑන්ඩ් එනිතින්ග්. තෑන්ක් යූ වෙරි මච් කකා.

    - රනිල් වික්‍රමසිංහ, ඔපොසිෂන් ලීඩ'

    ReplyDelete
  22. විචාරය වගේම ප්‍රචාරයත් වැදගත් :)

    ReplyDelete
  23. කකාට ස්තුතියි රස පොත් ඔත්තුව ගැන..
    මේ කවි හැම එකක්ම ගත්තාම පොදු කරුණක් විදිහට ශබ්ද රසය තුලින් පාඨකයා තුල දැනවීමට හැකි සිතුවිල්ල තිව්ර කරලා තියනවා කියලා හිතෙනවා..ඒ අතරින් අන්තිම කවි පද විශේෂයි..නිදහස් වෙලාවක කනට ඇහෙන්න කියවලා රසවිඳින්න ඕන..

    ReplyDelete
  24. බලාගෙන ගියහම පොත් විචාර ලියන එකත් කජු කනවා වගේ වැඩක්. ඉස්සෙල්ලම දන්නා පමණින් පඬි වාක්‍ය දෙක තුනක් ලියනවා. ඊළඟට පොතෙන් කෑලි කීපයක් උපුටා දක්වනවා. එතකොට විචාරය දික් කරගන්න පුළුවන්. අන්තිමට ලියනවා පොතේ වෙන මොනවද තියෙන්නෙ කියල. මරු වැඩේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.